15.07.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ජීවාත්ම සත්ථාවේ මළකඩ ඉවත්වන්නේ යෝගා බලයෙන් පමණි. එමනිසා, මේ ගැන
නොසැළකිලිමත් වන්න එපා!
ප්‍රශ්නය:
මායා සෑම
දිශාවන්ගෙන්ම බාධා එල්ල කළත් අසීමිත උරුමය දිනාගැනීමට බාබා ඔබට පෙන්වා දෙන ක්‍රමය
කුමක්ද?
පිළිතුර:
පියා ඔබට ක්‍රමයක් පෙන්නුම් කර දුන්නා දරුවනි, බ්‍රහ්ම කුමර කුමරියන් වන ඔබ එකම එක
පියාගේ දරුවන්. සහෝදරයන් සහ සහෝදරියන්. එමනිසා, ඔබ පාපකාරී ලෙස එකිනෙකාට හිංසා පීඩා
නොකළ යුතුයි. සහෝදරයන් සහ සහෝදරියන් පාපයේ නොගැලිය යුතුයි. ශිව බාබාගේ උපදෙස්
අනුගමනය කර ඔබේ අසීමිත උරුමය දිනා ගන්න. කෙසේවෙතත්, මායාත් දුර්වල නැහැ. ඇය මෙයට
සෑම දිශාවකින්ම බාධා පමුණුවනවා. ඇය ඔබට, තමන් සහෝදරයන් සහ සහෝදරියන් බවත්, තම උරුමය
පියාගෙන් දිනා ගන්නා බවත් අමතක කරවනවා.
ගීතය:
ඔබ හමුවීමෙන්
අපට මුළු ලොවම හමුවුණි. අහස, පොළව, සෑම දේම අයිති අපටයි.
ඕම් ශාන්ති.
ගීතයේ එක් පද
පේළියක් පමණක්ම ඇති. දරුවන් වන ඔබ දන්නවා තමන් අසීමිත පියාගෙන් අසීමිත උරුමය දිනා
ගන්නා බවත්, සෑම චක්‍රයකදීම එය ලබා ගන්නා බවත්. තමන් අසීමිත උරුමයක් දිනා ගන්නා බව
දරුවන් වන ඔබත් දන්නවා. ඇත්තටම එය ලැබුවේ භාරතයයි. නමුත් තවදුරටත් එය ඇත්තේ නැහැ.
එය නැවත වතාවක් එම උරුමය ලබනවා. එයට තවදුරටත් දිව්‍ය ලෝකය නැමති උරුමය නොමැති බව
ඔබට දැකිය හැකියි. රාවණ් මාර්ගයෙන් එයට අපාය නැමති ශාපය වැදිලා. ශාපයෙන්
මනුෂ්‍යයන්ට දුක් වේදනා විඳීමට සිදුවනවා. ආශීර්වාද මාර්ගයෙන් එනම්, උරුමය මඟින්
එතැන සතුට තිබෙනවා. ඔහු අසීමිත අභෞතික පියා බවත්, එම ප්‍රජාපිතා බ්‍රහ්මා අසීමිත
භෞතික පියා බවත් දරුවන් වන ඔබ දන්නවා. වෙන කිසිම කෙනෙක් නොව අසීමිත භෞතික පියා විය
හැක්කේ ප්‍රජාපිතා බ්‍රහ්මාට පමණයි. ගාන්ධිජී බාබුජී ලෙස නම් කෙරුනා. නමුත් නීතියට
අනුකූලව ඔහුට මිනිසුන්ගේ අසීමිත පියා වෙන්න බැරිවුණා. මුළු අභෞතික ලෝකයේම පියා
ශිවායි. තමන් දැන් ශිව බාබාට අයත් බව දරුවන් වන ඔබ අවබෝධ කර ගන්නවා. ඔබට උරුමය දීම
පිණිස ශිව බාබා පැමිණ ඔබව හදාවඩා ගත්තා. ඔබ මධුබන් වලට ආවේ ඇයි? ඔබ ශිව බාබා වෙත
පැමිණියා. කෙසේවෙතත්, ඔහු අභෞතිකයි. නිකම්ම ’ශිවා’ යැයි කියන විට මිනිසුන්ට කිසිම
දෙයක් තේරුම් ගන්න බැහැ. මේ නිසා තමයි ඔහුට බාප්දාදා ශිව බාබා සහ බ්‍රහ්මා දාදා
යැයි කියන්නේ. පියාගේ නමින් දාදාගේ නම වෙනස් වෙනවා. අභෞතික කෙනා සියල්ලන්ගේම
පියායි. ඔහු සියල්ලන්ගේම දාදා (සීයා)යි. සෑම දරුවෙක්ම අනිවාර්යෙන්ම බාප්දාදාගෙන්
උරුමය ලබා ගන්නවා. හැමදෙනාම අසීමිත පියාගෙන් උරුමය ලබනවා. පියා සියලු දෙනාගේම දුක
නැති කර සතුට ලබා දෙන්නායි. ස්වර්ණමය යුගයේ කිසිම මනුෂ්‍යයෙක් සතුටින් තොරව සිටිය
නොහැකියි. ගැලපෙනම නම දිව්‍ය ලෝකය යන්නයි! එම දිව්‍ය ලෝකය ස්ථාපිත කරන්නේ පරමාත්ම
දෙවියන්, පරමාත්ම පියායි. භාරතය සියල්ලන්ගේම පැරණි දේශයයි. එය නවතම දේශයව පැවති අතර
එමනිසාම, දැන් එය සැමටම වඩා පැරණි දේශය වෙලා. ස්වර්ණමය යුගය හා කකඩ යුගය ලෙස
හඳුන්වන්නේ භාරතය පමණයි. ඇත්තටම භාරතය දිව්‍ය ලෝකයව පැවති අතර ලක්ෂ්මි සහ නාරායන එය
පාලනය කළා. ඔබේ බුද්ධියේ මෙය තිබෙනවා. දැන් ඔබ ලක්ෂ්මි සහ නාරායන දේවාලවලට ගිය විට
ක්‍ෂණයකින් ඔබේ බුද්ධියට ඇතුළු වන්නේ ඔවුන් ඔවුන්ගේ උරුමය දිනා ගත්තේ කොහොමද, ඔවුන්
වන්දනාවට සුදුසු වුණේ කොහොමද, රාජ්‍යය පාලනය කළේ කවදාද සහ ඔවුන් එම රාජ්‍යය
ලබාගත්තේ කාගෙන්ද යන කරුණුයි. මේ සේරම ඔබේ බුද්ධියට ඇතුළු වෙනවා. ඉස්සර ඔබ ලක්ෂ්මි
හා නාරායනගේ දේවාලවලට යනවිට ජප මාලයේ ඇට ගණන් කළා. නමුත් එයත් අනුපිළිවෙලයි! දැන්
ඔබ ලක්ෂ්මි සහ නාරායන ඉදිරිපිට සිටගෙන සිටින විට වඩාත් සතුටට පත්වෙනවා. ඔවුන්
ඔවුන්ගේ ප්‍රතිලාභ ලබා ගන්නේ කොහොමද කියා ඔබේ බුද්ධියේ තිබෙනවා. ඔවුන් සංගම යුගයේදී
එය ලබා ගත්තා, මන්ද, පැරණි ලෝකය වෙනස්විය යුත්තේ සංගම යුගයේදීයි. සංගම යුගයේදී
පැමිණ රාජයෝගා උගන්වන්නේ පියා පමණයි. ඔහුගේ උපත් ගණනාවකින් අවසාන උපතේදී මේ
තැනැත්තා නියම බ්‍රහ්මා වන බව ඔබත් දන්නවා. විශ්ණු දේශය ස්ථාපිත වුණේ බ්‍රහ්මා
මාර්ගයෙන්. ලක්ෂ්මි සහ නාරායන ඔවුන්ගේ පෙර උපතේදී සරස්වතී සහ බ්‍රහ්මා වී සිටියා.
බ්‍රහ්මා සමඟ එහි බ්‍රහමිණ්වරුන්ද සිටිය යුතුයි. ස්වර්ණමය යුගයේදී එය ලක්ෂ්මි සහ
නාරායනගේ රාජ්‍යයයි. එහි මනුෂ්‍යයින්ගේ පියා (ප්‍රජාපිතා) ද සිටිය යුතුයි. තමන්
උත්සාහ දරණ බව ඔබ දන්නවා. මීට පෙර චක්‍රයේදී උත්සාහ දැරූ අයව අප නොබැඳි
නිරීක්‍ෂකයන් සේ නිරීක්‍ෂණය කරනවා. එකක් රාජකීය පවුල වන අතර, අනෙක යටත්වැසි පවුලයි.
ඔවුන් අතරිනුත් සමහරු බොහෝ ධනවත් වන අතර අනෙක් අය ධනවත්කමින් අඩුයි. රජවරුන්
අතරිනුත් සමහරු වඩාත් ධනවත් වන අතර අනෙක් අය එතරම් ධනවත් නැහැ. ඔවුන් එම රාජ්‍යය
දිනාගන්නේ කොහොමද යන්න ලක්ෂ්මි සහ නාරායන දේවාල වලදී පැහැදිලිකර දීමට ඔබට පුළුවන්.
ඔවුන් නැවත වතාවක් තමන්ගේ රාජ්‍යය නැමති වාසනාව දිනාගන්නවා. රාජ්‍යය ස්ථාපිත වෙනවා.
එය ඉතාමත් පහසුයි! මිනිසුන්ට අම්බා කියන්නේ කවුද කියලාවත් දැනගන්න අවශ්‍ය නැහැ. මැය
ජගදම්බා (ලෝක මාතාව) බව ඔබට කිව හැකියි. ලෝක මාතාව සහ ලෝක පියා මීට පෙර චක්‍රයේත්
සිටියා. ඔබ ඔවුන්ගේ දරුවන්ව සිටියා. බාබා සංගම යුගයේදී අපට රාජයෝගා උගන්වනවා.
ජගදම්බාගේ දරුවන් බොහොමයක් සිටිනවා. නමුත් ඒ සියල්ලන්ටම මෙහි රැඳීමට අවසර නැහැ.
දැන් ඔබට ඥානය නැමති තෙවැනි ඇස ලැබුණා. පියා ඥාන සාගරය වන අතර එමනිසා, ඔහු දරුවන්
වන ඔබට ඥානය දෙනවා. ඔහු මනුෂ්‍යයෙක් හෝ දේවතාවක් නොවෙයි. ඔහුට කියන්නේ දෙවියන් කියා
පමණයි. ඔබ කාගේ හරි දේවාලයකට ගිය විට ඔවුන්ගේ ජීවිත කතාව කියන්න ඔබට පුළුවන්. රාමා
ගැන පැහැදිලිකර දෙන්නත් පුළුවන්. දැන් චන්ද්‍ර වංශය ස්ථාපිත වෙලා. බ්‍රාහ්මණ ධර්මය
ස්ථාපිත වන්නේ බ්‍රහ්මා මාර්ගයෙනුයි. බ්‍රහ්මාගේ නම ඉතාමත් ප්‍රසිද්ධයි. පරම පියා
බ්‍රහ්මා මාර්ගයෙන් බ්‍රහමිණ්වරු නිර්මාණය කරනවා. බ්‍රහ්ම කුමර කුමරියන් වන ඔබ එකම
පියාගේ දරුවන් වන බැවින් තම තමන් සහෝදර සහෝදරියන් වන බව අවබෝධ කර ගන්නවා. එමනිසා,
ඔබ පාපකාරී ලෙස කිසිම කෙනෙක්ට හිංසා පීඩා නොකළ යුතුයි. සහෝදරයන් සහ සහෝදරියන් පාපයේ
නොගැලිය යුතුයි. නාටකයට අනුකූලව පියා මෙම ක්‍රමය නිර්මාණය කළා. ඔබ බ්‍රහ්ම කුමරුන්
වන අතර මම බ්‍රහ්ම කුමරියක්. එමෙන්ම මුළු ලෝකයාම බ්‍රහ්ම කුමර කුමරියන්. නමුත්
ඔවුන් මෙය දන්නේ නැහැ. ශිව බාබාගේ උපදේශයන් අනුගමනය කිරීමෙන් අප අපගේ අසීමිත උරුමය
දිනා ගන්නවා. මායා පවා දුර්වල නැහැ. ඇය නොකඩවාම සෑම දිශාවකින්ම බාධක නිර්මාණය
කරනවා. ඇය ඔබට තම තමන් සහෝදර සහෝදරියන් බවත් එකම එක පියාගෙන් තම උරුමය දිනාගන්නා
බවත් අමතක කරවනවා. ස්වර්ණමය යුගයේ තිබුණේ එකම එක ධර්මයක් පමණක් බව ඔබ ඉතාමත්
පැහැදිලිව අවබෝධ කර ගත්තා. අනෙක් ආගම් සියල්ලක්ම විනාශ වෙනවා. මෙහි අමුතු අළුත්
බවක් නැති බව දරුවන් වන ඔබත් දන්නවා. සෑම වසර 5000දීම මේ චක්‍රය නොකඩවා කැරකෙනවා.
කාලය සහ දිනය ලියනවා. මෙම ක්‍රමය මඟින් තමන් ශිව බාබාගෙන් උරුමය දිනාගන්නා බව ඔබේ
බුද්ධියේත් රැඳිය යුතුයි. ඔබට ඔබේ ඉලක්කය පෙන්වා දි තිබෙනවා පරමාත්ම පියාව සිහිකර
පරමාත්ම පියාගෙන් තම උරුමය දිනාගන්න! සිහිකිරීම මඟින් මළකඩ ඉවත්වෙනවා. එනම්, යෝගා
බලයෙනුයි. මේ සම්බන්ධයෙන් කිසිම අතපසුවීමක් නොකරන්න. මේ නිසා තමයි ඔබට මුරලි
ලැබෙන්නේ. දැඩි විශ්වාසයක් තිබෙන බුද්ධියක් සහිත කෙනෙක්ට ඕනෑම තැනකට යා හැකියි.
උදාහරණයක් ලෙස ඔබට මුරලි නොලැබුණත් ඔබේ බුද්ධිය දන්නවා තමන් බාබාට අයත් බව. බාබා
පැහැදිලි කර තිබෙනවා ජිව වන ඔබ තමෝප්‍රධාන් වෙලා. දැන් පියාව සිහිකර තමෝප්‍රධාන්
බවින් සතෝප්‍රධාන් වෙන්න. මේ ශ්‍රේෂ්ඨ මන්ත්‍රය ඔබට ලැබෙන්නේ එකම එක පියාගෙන්
පමණයි. වෙන කිසිම කෙනෙක්ට මෙය ඔබට දෙන්න බැහැ. පියා පමණයි පවසන්නේ සුමිහිරි දරුවනි,
ඔබට තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් විය හැක්කේ ස්මරණයේ බලය මඟින් පමණි. මෙවන්
කියමන් ඒවායේත් තිබෙනවා. නමුත් කිසිවෙක්ගේ බුද්ධියට එය ඇතුළුවන්නේ නැහැ. බාබා
ඇත්තටම මෙවන් කියමන් මීට පෙර චක්‍රයේදීත් භාවිත කළ බව දැන් ඔබ අවබෝධ කර ගන්නවා
සියලු ශාරීරික ආගම් අතහැර තමන් ජිවයක් බව අවධාරණය කර ගන්න. ඒ සියලුම ආගම් ශරීරය
පිළිබඳවයි. සියල්ලන්ගේම පියා ඒකායන කෙනායි. සියලුම ජීව ඒ එකම එක පියාට කතා කරනවා.
පෝප්තුමා පවා දෙවියන් සිහිකරනවා. ඔහු කියන්නේ අහෝ දෙවියනේ, පියාණනි, අපට අනුකම්පා
කළ මැනව! මනුෂ්‍යයන්ගේ තරහින් පිරි බුද්ධිය වෙනස් කරන්න, එවිට ඔවුන් එකිනෙකා සමඟ
යුද්ධ නොකරනු ඇත. ඔවුන් සිහිකරන්නේ එකම එක පියා පමණයි. එහෙම නේද? ඔවුන් වෙන කිසිම
කෙනෙක්ව සිහිකරන්නේ නැහැ. මිනිස්සු කතා කරන්නේ ශිව බාබාට පමණයි පැමිණ අපව
පාරිශුද්ධත්වයට පත්කරන්න! පාරිශුද්ධත්වයට පත් වූ පසු ඔබට මේ රාවණ්ගේ අපවිත්‍ර ලෝකයේ
සිටින්න බැහැ. ඉන්පසු අනිවාර්යෙන්ම අළුත් ලෝකයක් අවශ්‍ය වෙනවා. යකඩ යුගය වෙනස් වී
ස්වර්ණමය යුගය වෙනවා. කෙසේවෙතත්, ඔවුන් මෙතරම් දෙයක්වත් තේරුම් ගන්නේ නැහැ! මෙහි
පැමිණි වෛද්‍යවරයෙක් පැවසුවා, යකඩ යුගය ඉතාමත් දීර්ඝ කාලයක් පවතිනවා කියා. යකඩ යුගය
එතරම් කාලයක් පවතින්නේ කොහොමද? යකඩ යුගය ඉතා හොඳද? ඔවුන්ට කිසිම දෙයක් අවබෝධ වෙන්නේ
නැහැ. නමුත් ඔවුන් තුළ එම සෙනෙහස තිබෙන නිසා අනෙක් අයවත් මෙහි රැගෙන එනවා. ඔවුන්ට
හීය නොවැදුනත් ඔවුන් රැගෙන ආ අයට හීය වැදුනානම් ඔවුන්ට යම් කොමිස් මුදලක් ලැබෙනු
ඇත. ඔවුන් දිව්‍ය ලෝකයට යනු ඇත. පැමිණ පියාගෙන් දැනුමේ සුළු ප්‍රමාණයකට හෝ සවන්
දුන් විට ඔවුන් අනිවාර්යෙන්ම දිව්‍ය ලෝකය වෙත යනු ඇත. අඩුම වශයෙන් ඔවුන් පැමිණ
දිව්‍ය ලෝක දේව පියා ඉදිරිපිට ඉඳගන්නවා ඇත! පියා පැහැදිලි කරනවා මම සියල්ලන්ගේම
පියායි. ශිව බාබා එන්නේ කොහොමද කියා සමහරු දන්නේ නැහැ. ජීවයකට එන්න පුළුවන්නම් මට
එන්න බැරි ඇයි? ජීවයකට ශරීරයක් අතහැර වෙනත් ශරීරයකට ඇතුළු විය හැකියි. ඉතින් මට ඒ
දෙයම කරන්න බැරිද? වෙන කොහොමද මා එන්නේ? මිනිස්සු කෑගසනවා ඕ පාරිශුද්ධත්වයට පත්කරන
බාබා, පැමිණ අපව අපිරිසිඳු බවින් පිරිසිඳු කරන්න! පරම පියා කියනවා මා සෑම චක්‍රයකම
එක් වතාවක්, එනම්, සංගම යුගයේදී පමණයි එන්නේ. ඔබ ඔබේ උපත් 84 සම්පූර්ණ කළ විට මා
පැමිණෙනවා. ඔබට ඔබේ උරුමය නැවත වතාවක් දීමට බාබා පැමිණ සිටින බවට දරුවන් තුළ
විශ්වාසය තිබෙනවා. පියා කියනවා මගේ ව්‍යාපාරය පැරණි ලෝකය වෙනස් කර නව ලෝකයක්
ස්ථාපිත කිරිමයි. මේ නිසා තමයි එය මෙසේ සිහි කෙරෙන්නේ එහි නව ලෝකයේ ස්ථාපිත වීමත්,
පැරණි ලෝකයේ විනාශයත් සිදුවෙනවා. ඉන්පසු එහිදී ඔබ එය පවත්වා ගන්නවා. ඔබ බුද්ධිමත්
අවබෝධයක් ලබා තිබෙනවා. ඔබ කාලී දේවාලය දුටු විට එය බොරු පිළිරුවක් බව සිතනවා. කාලී
යනු නියම වශයෙන් ජගදම්බායි. කෙසේවෙතත්, ඇයට එවන් භයානක ස්වරූපයක් නැහැ. ඛෙංගාලයේ
මිනිස්සු කාලී දෙවඟනට බිලි පූජාවක් කරනවා. නමුත් ඒ අය කිසිම දෙයක් දන්නේ නැහැ.
මිනිස්සු සිය දහස් ගණන් ජගදම්බා දේවාලයට යනවා. එහි නිරන්තරයෙන් පිරිස රැස්වෙනවා.
ඔවුන් නිකම්ම කුඩා පිළිරුවක් තබා එය ජගදම්බා යැයි නම් කළා. එකම එක ජගදම්බා කෙනෙක්
පමණයි සිටින්න පුළුවන්. සින්ද් වල කාලී දේවාලය සාදා තිබෙන්නේ කොහොමද කියා බලන්න.
එක් වතාවක්, බලකොටුවක් තුළ බෝම්බ පිපිරීමක් සිදුවුණා. ඉතින් එක් ආගමික අයෙක්, ඒ
කාලී දෙවඟන කෝපවීම නිසා යැයි කියා සිටියා. ඉතින් එමනිසා, ඔවුන් කාලී වෙනුවෙන්
දේවාලයක් හැදුවා. නමුත් කාලී කියන්නේ කවුද? ඒ කිසිම දෙයක් ඔවුන් දන්නේ නැහැ! ඔබට
දැන් ඥානය ලැබී තිබෙනවා. ඔබ නොදන්නා කිසිවක් නැත. ශිව බාබාගෙන් තමන් උරුමය දිනා
ගන්නා බව ඔබ දන්නවා. එමනිසා, ඔබ සම්පූර්ණ උත්සාහයම දැරිය යුතුයි. ප්‍රථම වතාවට දුක
ඇරඹෙන්නේ කුමරුන් සහ කුමරියන් විවාහ වූ විටයි. විවාහ වීමක් ගැන සිතන්නවත් එපා! පියා
කියනවා මේ රාවණ්ගේ රාජධානිය විනාශ වීමටයි යන්නේ. දැන් තිබෙන්නේ පාපකාරී ගෘහ
ජීවිතයයි. පාපයෙන් තොර ගෘහ ජීවිතයකට අයත් දේවතාවන් ගැන ඔවුන් ගායනා කරනවා. එම
දේවතාවන්ව සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර කළේ කවුද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ.
ස්වර්ණමය යුගය සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර ලෝකයයි. එහි පාපයන් තිබූ බව ආගමික ග්‍රන්ථ
වල පෙන්වා දී තිබෙනවා. කෙසේවෙතත්, එය පාපයෙන් තොර ලොවයි! පාපයෙන් තොර ලොව සහ
පාපකාරී ලොව අතර විශාල වෙනසක් තිබෙනවා! මේවා වෙනත් කිසිම කෙනෙක්ගේ බුද්ධියේ නැහැ.
ලක්ෂ්මි සහ නාරායනගේ ලෝකය පැවති කල එහි සිටියේ මිනිසුන් ඉතාමත් සුළු පිරිසක් බව ඔබ
දන්නවා. එහි තිබුණේ එකම එක ධර්මයයි. ඉන්පසු වර්ධනය සිදුවීමට පටන් ගන්නවා. ඔබ මුළු
චක්‍රය පුරාම යා යුතුයි. එවිට පමණයි ඔබට කිව හැක්කේ තමන් මුළු පෘථීවිය වටාම ගියා
කියලා. ඔබට මුළු සාගරය වටාම යන්න බැහැ. ස්වර්ණමය යුගයේ සිටියේ මිනිසුන් ඉතාම සුළු
පිරිසයි. එමනිසා, ඔවුන්ට අවශ්‍ය වුණේ ඉතාමත් සුළු ඉඩ ප්‍රමාණයක් පමණයි. දැන්
මනුෂ්‍ය ලෝකයේ සීමාවේ අවසානයටම පැමිණ ඇත. තවමත් ඉහළ සිටින සුළු පිරිසකුත් නිරතුරුවම
පහළට එනවා. මනුෂ්‍ය සංඛ්‍යාව නොනැවතී වර්ධනය වෙනවා. ඉන්පසු සියලුම ජීව ඉහළ සිට පහළට
පැමිණි විට ඔබ ජිවයන් කර්මතීත් තත්ත්වයට පත්වී ශරිර අතහැර ආපසු නිවහන කරා යනවා.
ඔවුන් පහළට පැමිණෙන අතර ඔබ ඉහළට යනවා. නිරතුරුවම ටික දෙනෙක් පහළට පැමිණෙනවා. මෙය
අවබෝධය සම්බන්ධ කරුණක්. එහි ගොස් වාසය කරන මුල්ම පිරිස අපියි. අප එහි යන විට වෙනත්
කිසිම කෙනෙක් එහි ඉතිරි වෙන්න බැහැ. මේවා වැඩිපුර කරුණුයි. එහෙම වුණත් පියා දරුවන්
වන ඔබට කියනවා අච්චා, ඔබේ සදාදරණීය පියාව සිහිකරන්න. පියාව සිහිකිරීමෙන් ඔබට යහපතක්
සිදුවෙනවා. මිනිස්සු ඉතිහාසය සහ භූගෝලය බොහෝ දුරට හදාරනවා. ඔවුන් සඳට පවා යනවා. ඒ
විද්‍යාවේ අහංකාරයයි. ඔවුන් බොහෝ දුර අන්තයටම යනවා. සඳේ කිසිම දෙයක් නැහැ. ඔබ ඉර සහ
සඳ පවා අභිබවා යනවා. දැන් ඔබට මේ ඥානය ඔබේ බුද්ධියේ තිබෙනවා. නාටක සැළැස්මට අනුකූලව
බාබා තමන්ට මේ සියල්ලම කියන බව ඔබට වැටහෙනවා. පියා පමණයි කියන්නේ මා ඔබව අපිරිසිඳු
බවින් පාරිශුද්ධත්වයට පත්කරවනවා. මේ මගේ කොටසයි. එය නාටකය වුවත්, භක්ති මාර්ගයත්
මගේ කොටසයි. ඔබ නළුවන් වන්නාක් සේම, මමත් නළුවෙක්. මගේ රාජකාරිය ඔබව අපිරිසිඳු
බවින් පාරිශුද්ධත්වයට පත්කරවීමයි. කවුරු මොනවා කළත් ප්‍රශංසා කෙරෙනවා. ලක්ෂ්මි සහ
නාරායන පිළිබඳ බොහෝ ප්‍රශංසා තිබෙනවා, නමුත් ඔවුන්ව බොහෝ ධනවත් කරවූයේ කවුද? ඔවුන්
සතුටු දේශයේ හිමිකරුවන්. දැන් එහි විවිධාකාර දුක් වේදනාවන් තිබෙනවා. අද කවුරුහරි
මැරෙන්න පුළුවන්, රණ්ඩු සරුවල් ඇතිවෙන්න පුළුවන්, කාටහරි සියදහස් ගණන් මිළ මුදල්
තිබුණත් ඔහු රෝගාතුර වුවහොත්, එසේ නැත්නම් ඔහුට කුමක් හෝ සිදු වුණොත්, කාටද, මොනවද
කරන්න පුළුවන්? බිර්ලාට බොහෝ ධනය තිබුණා! එක් උපතකදී ඔවුන්ට ධනය තිබෙන්න පුළුවන්.
කිසිම දුකක් වේදනාවක් නොවිඳපු කවුරුවත් නැහැ. හැමදෙනාටම එක් ආකාරයක හෝ වෙනත් ආකාරයක
දුක් වේදනාවන් තිබෙනවා. දැන් මුදල් ආදී සෑම දෙයක්ම දුහුවිලි බවට පත්වෙලා යනවා.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ
කර්මතීත් තත්ත්වය ලබාගෙන ආපසු නිවහන කරා යන්න. කෙසේවෙතත්, ඔබට යා හැක්කේ ජීවාත්ම
සත්තාවන් පහළට පැමිණීම නැවතුණු පසුවයි. මේ විස්තරාත්මක කරුණු බුද්ධියේ තබාගෙන දැඩි
සෙනෙහසින් ආදරණීය පරම පියාව සිහිකරන්න.
2. මේ ඥානය නැමති
උසස් බුද්ධිය ඔබට ලැබුණා. එමනිසා, බුද්ධියේ විශ්වාසය තබාගෙන පියාගෙන් සම්පූර්ණ
උරුමයම දිනාගන්න. ඔබ කොතැන වාසය කළත් ස්මරණයේ බලයෙන් තමෝප්‍රධාන් ජීවාත්මයන්
සතෝප්‍රධාන් කිරීමට උත්සාහ ගන්න.
වරදානය:
ඔබ ශරීර
අවධානයෙන් නිදහස් වී ඔබේ ආත්ම ගෞරවය තුළ ස්ථාවරව සිටීමෙන් මුළු ලෝකයේම ගෞරවය
ලබත්වා.
මෙම අධ්‍යයනයේ
ප්‍රධාන අරමුණ වන්නේ ශරීර අවධානයෙන් වෙන් වී ජීවාත්ම අවධානයේ රැඳී සිටීමයි. ශරීර
අවධානයෙන් වෙන් වී නිදහස් වීමට මාර්ගය වන්නේ ඔබේ ආත්ම ගෞරවය තුළ නිරන්තරයෙන්
ස්ථාවරව සිටීමයි. විවිධ ආකාරයේ ආත්ම ගෞරවයන්හි ස්ථාවරව සිටීමෙන් සංගම් යුගයේ සහ
අනාගතයේ, ඔබේ ශරීර අවධානය දිගටම අවසන් වනු ඇත. තම ආත්ම ගෞරවය තුළ ස්ථාවරව සිටින අයට
ඉබේම සෑම කෙනෙකුගෙන්ම ගෞරවය ලැබේ. තම ආත්ම ගෞරවය තුළ නිරන්තරයෙන් ස්ථාවරව සිටින අය
ලෝක අධිරාජ්‍යයන් බවට පත්වන අතර ඔවුන්ට මුළු ලෝකයෙන්ම ගෞරවය ලැබේ.
පාඨය:
කාලයට අනුව
ඔබව හැඩගස්වා ගැනීමට හැකි වීම සැබෑ රන් බවට පත්වීමයි.
අව්‍යක්ත සංඥාව:
ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.
දැන්, නිර්භීත හා
ගිණිකන්දක් බවට පත් වී පදාර්ථයේ සහ ජීවාත්මයන්ගේ තමෝගුණී ගුණය පුළුස්සා දමන්න.
තපස්යා යනු ගිණිකන්දක් වැනි වූ ස්මරණයයි. මායාගේ සහ මූලද්‍රව්‍යයන්ගේ බියජනක
ස්වරූපය සිසිල් වන්නේ ඔබේ බලවත් ස්මරණයෙන් පමණි. ඔබේ තුන්වන ඇස, ඔබේ ගිණිකන්දක්
වැනි වූ ඇස, මායාගේ බල රහිත කරවනු ඇත.