15.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සෑම දෙනාටම මෙම පණිවිඩය ලබා දෙන්න: ඔබගේ ශරීරය හා ශාරිරික ඥාතින් සියලුම
දෙනාම අමතක කර දමා, තමන් ජීවයක් බව සලකන්න, එවිට ඔබගේ සියලු දුක් කරදර දුරු වි යනු
ඇත.
ප්‍රශ්නය:
දරුවන් වන ඔබ
පියාව අනුගමනය කළ යුත්තේ කුමන කරුණ මතද?
පිළිතුර:
බ්‍රහ්ම බාබා තමා සතු සියලු දේ පියා වෙනුවෙන් කැප කර භාරකරුවෙක් වූ ආකාරයෙන්ම
භාරකරුවෙක් වශයෙන් ජීවත් වෙන්න. කවදාවත් මුදල් වැරදි ලෙස පරිහරණය කරන්නවත්, පාපකාරි
ජීවයන්ට දෙන්නවත් එපා. ඔබ සතු සෑම දෙයක්ම පියාගේ සේවය වෙනුවෙන් යොදවන්න. සම්පූර්ණ
භාරකරුවෙක් වශයෙන් ජීවත් වන්න. අඛණ්ඩව පියාගේ ශ්‍රීමත් අනුගමනය කරන්න. ශ්‍රීමත්
අනුගමනය කරන්නේ කුමන දරුවන්ද, කොතරම් ප්‍රමාණයකටද යන්න දෙස පියා අවධානය යොමු කරගෙන
සිටිනවා.
ගීතය:
සෙනෙහසේ සාගරය
ඔබයි; අපි එක් බිඳුවකට පිපාසිතව සිටින්නෙමු!
ඕම් ශාන්ති.
දරුවන්ට ගීතය
ඇසුනා. ඔබ අසනවා බාබා අප පැමිණියේ කොහි සිටද? අප ආවේ කවදාද? ආපසු නිවස වෙත යන මාවත
අමතක වුණේ කොහොමද? මෙම නාටකයේ රහස් අපට කොඳුරා කියන්න. අප කවුද? අප ආවේ කොහි සිටන්ද
අප ගියේ කොහාටද? දැනුම් බිඳක් අපට දෙන්න, දැනුමේ මහා සාගරය ඔබයි. ජීව වන අප
සිටින්නේ කොහිද කියා දැන් දරුවන් වන ඔබ දන්නවා. අපි අපේ පියා අමතක කළේ කෙසේද, අපේ
සත් යුගය අපට අමතක වුණේ කෙසේද යන දේවල් ගැන වූ රහස් අපේ කනට කියන්න. පියා දැනුමේ
සාගරයත් පාරිශුද්ධත්වයේ සාගරයත් වේ. ඔහු සාමයේ, සතුටේ හා සෞභාග්‍යයේ සාගරය වේ. ඔබ
දැන් මේ සෑම දෙයක් ගැනම අසීමිත පියාගෙන් අවබෝධ කර ගන්නවා. මුලදි අප පැමිණියේ කොහි
සිටද පසුව මැදදි සිදු වුණේ කුමක්ද? අපට අපේ පාර අමතක වි අසතුටට පත් වීමට සිදු වූයේ
ඇයි? ඔබ නැවතත් වතාවක් පියාට කියනවා බාබා අපට පාර පෙන්වා දෙන්න! සතුටේ දේශයට හා
සාමයේ දේශයට අපි නැවතත් යන්නේ කෙසේද? මුලදි අප සිටියේ කවුරුන් ලෙසින්ද, ඉන් පසු
මැදදි සිදු වුණේ කුමක්ද යන සෑම දෙයක්ම ඔබට කියා දෙන්නේ එකම එක පියා පමණයි. භක්ති
මාර්ගය ආරම්භ වුණේ කෙසේද, අවසානයේදී කුමක් වූයේද සහ මුල, මැද, අග සියලු රහස්
පිළිබඳව වූ දැනුම දැන් ඔබගේ බුද්ධියේ තිබෙනවා. මෙය නාටකයක්, මනුෂ්‍යයන්
අනිවාර්යෙන්ම මෙය දැනගත යුතුයි. මන්ද ඔවුන් එහි නළුවන්ය. සාම දේශයේ සිට තමන් දැන්
මෙම ’කථන’ ලෝකයට පැමිණ සිටිනා බව ජීව වන ඔබ දන්නවා. අශාරීරික, සූක්ෂම හා භෞතික කියා
ලෝක තුනක් තිබෙනවා. අශාරීරික ලෝකයේ සිට ජීව මෙම කථන ලෝකයට පැමිණ තමාගේ චරිත රඟපෑම
සඳහා ශරිර ලබා ගන්නවා. ජීව වල නේවාසික ස්ථානය වන්නේ සාමයේ දේශයයි. ලෝකයේ සිටිනා වෙන
කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. දැනුමේ සාගරය වන පියා පමණයි පැමිණ මේවා පැහැදිලි
කර කියා දෙන්නේ. මෙම ලෝකයට එහා සිටිනා උත්තරිතර පියා, උත්තරිතර ජීවය, දැනුමේ සාගරය
වශයෙන් හඳුන්වනා බව ඔහු දැන් ඔබට පැහැදිලි කර කියා දෙනවා. මනුෂ්‍යයින්ව මෙම නම්
වලින් හඳුන්වන්න බැහැ. වෙන කිසිම කෙනෙක් දන්නේ නැති එකම එක පියාට පමණයි මෙම ගුණ
ගායනාව අදාලවන්නේ. දැන් මේ එලඹ තිබෙන්නේ විනාශයේ කාලයයි. විනාශය සිදුවන මොහොතේදි
යුරෝපයේ සිටිනා අය තුළ කිසිම සෙනෙහසක් නොමැති බව සඳහන් වි තිබෙනවා. නිරන්තරයෙන් මා
සිහිපත් කරන්න කියා කියමින් පියා දැන් ඔබගේ යෝගාව තමා වෙත සම්බන්ධ කරවාගෙන සිටිනවා.
’මම මුස්ලිම් කෙනෙක්! මම හින්දුවරයෙක්! මම බෞද්ධයෙක්!’ මෙම සෑම දෙයක්ම ශරීරයේ
ආගම්ය. ජීවය ජීවයක්ය. පියා කියනවා ශරීරයේ සෑම ආගමක්ම අතහැර දමා තමා ජීවයක් යැයි
සලකා ඔබගේ පියා වන මා සිහිපත් කරන්න. එවිට අපිරිසිඳුතාවයේ සිට පාරිශුද්ධත්වයට
පත්වනු ඇත. පියා කියනවා මෙම ශරීරයත් අමතක කර දමන්න. සෑම කෙනෙකුටම පියා දෙන පණිවිඩය
නම් ඔබගේ ශරිරය ඇතුළු සෑම කෙනෙක්ගේම ශරීර අමතක කර දමන්න. මම ජීවයක්මි එමෙන්ම
සහෝදරයින් වන අප සියලු දෙනාගේ පියා එකම එක කෙනෙකි. මේ බ්‍රහ්මා පවා කියනවා මම
ජීවයක්මි. අප සියලු දෙනාම සහෝදරයින්ය. දැන් මේ මොහොතේදි සියලු සහෝදරයින් අපිරිසිඳු
හා අසතුටින් සිටිනා අය බවට පත්ව සිටියි. සෑම කෙනෙක්ම රාග ගින්නට පැන තමාව
පුළුස්සාගෙන ඇත. තඹ යුගය ආරම්භයේදි රාවණ්ගේ රාජ්‍යය ආරම්භ වන විට, ඔබ පාපයේ මාවතට
ඇතුඑ වෙනවා. අනෙකුත් සියලුම ධර්මයන් ද ආරම්භ වූයේ එවිටයි. කල්ප භාගයක් පුරාම ඔබ
පාරිශද්ධව සිටි අතර පසුව කල්ප භාගයක් අපිරිසිඳු වේ. භාරතයේ උපත් 21ක් ගැන
කියැවෙනවා. කුමාරි කෙනෙක් යනු පරම්පරා 21ක් නගා සිටුවන්නෙක්ය. කුමාරින්ට ගෞරවයක්
තිබෙනවා. ඔබ භාරතය නගා සිටුවනවා පමණක් නොවෙයි, මුළු ලෝකයම ඔසවා ගන්නවා. ජීව වන ඔබ
සියලුම දෙනා ශිව බාබාගේ දරුවන් බවත් එමනිසා, ඔබ සෑම කෙනෙක්ම කුමාරයින් වන බවත් ඔබ
සෑම කෙනෙක්ම දන්නවා. ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් බවට පත්වුණු විට සහෝදර
සහෝදරියන් වෙනවා. දරුවන් වන ඔබ තුළ මෙම දැනුම තිබෙනවා. ජීව වන අප සෑම කෙනෙක්ම
සහෝදරයින් වන අතර සෑම කෙනෙක්ම පියාට කෑ ගසා කියනවා අහෝ පාරිශුද්ධකරුවාණනි,
පැමිණෙන්න! රාවණ්ගේ දුකින් පිරි මෙම රාජ්‍යයෙන් අපව නිදහස් කර ගන්න. අපගේ මග
පෙන්වන්නා වී අපව නැවතත් නිවස වෙත ගෙන යන්න! අපේ දුක නැති කර සතුට ලබා දෙන්න! ඇත්ත
වශයෙන්ම බාබා පැමිණ සිටිනා බව ඔබ දැන් තේරුම් ගෙන තිබෙනවා. ඔහු අපව මෙම කලි යුගයේ
රාවණ්ගේ රාජ්‍යයෙන් බේරාගෙන ඔහු ලඟට ගනු ඇත. සියලුම ජීව අපිරිසුදු බවත් ඔවුන්ගේ
ශරිර අපිරිසදු වි තිබෙන්නේ ඒ නිසාම බවත් පියා දන්නවා. ඔහු සියලුම ජීවයන් පාරිශුද්ධ
කරවා නිර්වාණ දේශය වෙත ගෙන යනවා. අතීතය වර්තමානය වී පසුව අනාගතය වනු ඇත. මුල, මැද
හා අග තිබෙන අතර නැවතත් මුලින් සියල්ල ඇරඹෙනු ඇත! ස්වර්ණමය යුගය ආරම්භය වන අතර, කලි
යුගය අවසානය වේ, එවිට ස්වර්ණමය යුගය අනාගතය වනු ඇත. මෙය ඉතාමත් පහසුයි, එහෙම නේද?
අච්චා, මැදදී සිදු වුණේ කුමක්ද? ඔබ ඇද වැටුණේ කෙසේද? අපි පාරිශුද්ධ දේවතාවන් වශයෙන්
සිටියා. පසුව අප පාරිශුද්ධ තත්ත්වයෙන් අපිරිසිඳු වූයේ කෙසේද? දැන් ඔබට මෙය තේරෙනවා.
රාවණ්ගේ රාජ්‍යය ආරම්භ වන විට මෙය අපිරිසිඳු වුනු බවට පියා පැහැදිලි කර කියා දෙනවා.
නැවතත් වතාවක් ඔබ අනාගතයේ දේවතාවන් බවට පත්කරවීම සඳහා මම පැමිණ සිටිමි. මෙහි කිසිම
අපහසුතාවයක් නැත. පියා කියනවා මම ඔබව මෙම වස සාගරයෙන් එතෙරට ගන්නවා. ඔබ ගයනවා මගේ
බෝට්ටුව එතෙර කරන්න! සෑම කෙනෙක්ම කෑගසා කතා කරන්නේ එකම එක පියාටයි. මගේ ගිලෙන
බෝට්ටුව කිරි සයුර වෙත ඇද ගන්න. ඔහු බෝට්ටුකරුවා වශයෙනුත්, ගෙවතු පාලකයා වශයෙනුත්
හඳුන්වා දෙනවා. ඔබ දැන් සිටින්නේ කටු කැලයකයි. අපව මල් උයන වෙත ගෙන යන්න. දේවතාවන්
මල්ය. දැන් සෑම කෙනෙකුවම කටු බවට පත්ව ඇත, ඔවුන් සෑම විටම එකිනෙකාට දුකම ගෙන දෙනවා.
කාටවත් දුකක් දෙන්න දේවතාවන්ට බැහැ. එහි සතුට මිසක් වෙන කිසිවක් නැහැ. මිනිස්සු
කිසිම තේරුමකින් තොරව මෙය ගායනා කළත්, ඔබ දැන් ප්‍රායෝගිකවම මෙයට ඇහුම් කන් දෙනවා.
බාබා අපට පාර අමතක වුණේ කොහේදිද? කියා, ඔබ අසනවා. අපට මෙම ලෝක චක්‍රය අමතක වුණේ
කෙසේද? ස්වර්ණම යුග හා රිදි යුග වලදි ඔබ සතුටින් සිටිය නිසා එහිදී ඔබ මේ දේවල් ගැන
දන්නේ නැහැ. ඉතින් ඔබ අසතුටට පත් වූයේ කුමන කලෙකද? රාවණ්ගේ රාජ්‍යය ආරම්භ වු විටයි.
රාවණ් විනාශ වන තෙක් භාරතයේ මිනිස්සු රාවණ්ගේ පඹයෙක් සාදා පුළුස්සනවා. පසුව සත්
යුගයේදි සෑම වසරකම ඔබ ඔහුගේ පඹයා පුළුස්සන එකක් නැහැ. මෙය භක්ති මාර්ගයයි. රාවණ්ගේ
රාජ්‍යය දැන් අවසානයක් කරා ගමන් කරමින් සිටියි. භක්ති මාර්ගයේදි, ඔවුන් සෑම වසරකදීම
රාවණ්ගේ පඹයෙක් පිළිස්සුවා. නමුත්, ඔහු මිය ගියේ නැහැ. දැන් නම් එය හරියට රාවණ්
තමාගේ ඇස් ඉදිරිපිටම මැරි වැටිලා වගෙයි. රාවණ්ගේ රාජ්‍යය දැන් අවසානයක් වෙත ගමන්
කරනා බව දැන් ඔබ දන්නවා. නපුරු භූත පස් දෙනාගේ හිස් පහ දැන් කුඩු පට්ටම් කරලා. ඔබ
පළමුවෙන්ම විනාශ කරන්නේ රාගය නැමැති භූතයාගේ හිසයි. ලොකුම හතුරා රාගයයි. පියා
කියනවා මෙම නපුරු භුතයන් පස් දෙනාව ජය ගැනිමෙන්, ඔබට මුළු ලෝකයෙන්ම ජය ගත හැකි වනු
ඇත. මිනිස්සු කියනවා, තමන් අපිරිසිඳුයි කියලා. අන්න ඒ නිසා තමයි ඔවුන්, පැමිණ
අපිරිසිඳු අපව පාරිශුද්ධත්වයට පත් කරවන්න! කියා කෑගසන්නේ. ජීවයන් කෑගසා කියනවා අහෝ
පාරිශුද්ධකරුවාණෙනි! බාබා, බෝට්ටුව එතෙරට ගෙන යන්නාණෙනි, කරුණාවන්ත බාබා එන්න! පියා
කියනවා මම සෑම කල්පයකදිම පැමිණෙනවා. මම එන්නේ කොහොමද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ.
දෙවියන් පැමිණ රාජයෝගා ඉගැන් වූ බව ගීතාවේ සඳහන් වී තිබෙනවා. කොහොම නමුත් දෙවියන්
කියන්නේ කවුද, ඔහු එන්නේ කවදාද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔවුන් ගීතාව වෙනස්
කරලා. ඔවුන් ක්‍රිෂ්ණාව තඹ යුගයේ පෙන්නුම් කර තිබෙනවා. තඹ යුගයට පසුව ලෝකය තව තවත්
අපිරිසිඳු වෙනවා. ඉතින් එසේ නම් තඹ යුගයේදි පැමිණි ක්‍රිෂ්ණා කළ දේවල් මොනවාද?
මිනිස්සු කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ! ඔවුන් සම්පූර්ණයෙන්ම වැරදියි. සත් යුගයේදි
ඔවුන් යුක්ති ගරුකයි. ඔබ දැන් අයුක්තියෙන් යුක්ති ගරුක තත්ත්වයට පත් වෙනවා. පියා
පැහැදිලි කර කියා දෙනවා ඔබ සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර, වන්දනාවට සුදුසු අය වශයෙන්
සිටියා. ඔබ දැන්, පාපී වන්දනාකරුවන් බවට පත් වෙලා. ඔබම වන්දනාවට සුදුසු අයව සිට
දැන්, වන්දනාකරුවන් බවට පත් වෙලා. පළමුවෙන්ම ඔබ උපත් 21 පුරාවම වන්දනාවට සුදුසු අය
වශයෙන් සිටියා, පසුව වන්දනා කරුවන් බවට පත් වුණා. ස්වර්ණම යුගයේදි ඔබ උපත් 8ක්
ගන්නවා, පසුව රිදි යුගයේදි උපත් 12ක් ගන්නවා. ඔබ අපිරිසිඳු වූයේ කෙසේද, ඇද වැටෙන්න
පටන් ගත්තේ කවදාද, මෙම ලෝක චක්‍රය දිගින් දිගටම කැරකෙන්නේ කෙසේද කියා පියා ඔබට කියා
දෙනවා. පියා දැන් මෙහි සිට දරුවන් වන ඔබට මුළු ලෝකයේම ඉතිහාසය හා භුගෝලය, ලෝකයේ
මුල, මැද හා අග ගැන වූ සියලු රහස් කියා දෙනවා. සෑම කෙනෙක්ම මේවා එකම විදියට තේරුම්
ගන්නේ නැහැ. සෑම කෙනෙක්ම තේරුම් ගන්නේ ඒ ඒ කෙනාගේ ප්‍රමාණයටයි. පියා කියනවා මම
පැමිණ රාජ්‍යයක් නිර්මාණය කරනවා. ඔබ දැන් සියලුම ගුණධර්ම වලින් සම්පූර්ණ විය
යුතුයි. එතෙක් ඔබට ස්වර්ණම යුගයට යන්න බැහැ. මෙම තත්ත්වයට ඔබ මෙහිදි පත් විය
යුතුයි. පසුව අනාගතයේ දි ඔබ එහි ගොස් රාජ්‍යය පාලනය කරනු ඇත. එයට පෙර සියල්ලම විනාශ
විය යුතුයි. ඔබ අනිවාර්යෙන්ම විනාශය දකීවි. ඔබ ඉතාමත් ප්‍රායෝගිකව ඔබගේ කොටස රඟපානු
ඇත. අනාගතයේදි කුමක් සිදු වේවිද කියා ඔබ දන්නේ නැහැ. මීට පෙර කල්පයේදි සිදු වු දේ ඒ
ආකාරයෙන්ම නැවතත් වතාවක් සිදු වේවි. ස්ථාපනය හා විනාශය සිදු වන බව ඔබට කියා දි
තිබෙනවා. විනාශය සිදු වන්නේ කෙසේද? එය සිදු වන විට දැක ගත හැකි වේවි. දිව්‍ය දර්ශන
වලින් ඔබ විනාශය දැක තිබෙනවා. ඉදිරියට යන අතර, ඔබ එය සැබෑවටම දකිවි. ස්ථාපනය
සම්බන්ධ දර්ශනත් ඔබ දැක තිබෙනවා. එයත් ඔබ හැබැහින්ම දකිනු ඇත. දර්ශන ආදියේ පැටලෙන
එක එපමණ හොඳ නැහැ. ඔබ පාරාදීසයට ගොස් එහි නටන්න පටන් ගන්නවා. පසුව ඔබ දැනුම හා යෝගා
වලින් ඉවත් වෙනවා. ධ්‍යාන ගත වීම අවශ්‍ය නැහැ. ආහාරය පිළිගැන්වීම පමණක් කරන්න.
බ්‍රහමින්වරුන් වන ඔබ එහි ගිය විට ඔබගේ දේවතාවන් අතරත් හමුවක් පැවැත්වෙනවා. මෙහිදි
ඔබ ඔබගේ දෙමාපියන්ගේ නිවසේ සිටින අතර විෂ්ණුගේ දේශය වෙතට යාමට ඔබව සුදානම් කරවනවා.
ගැහැණු දරුවෙක් විවාහපත් වුණු විට, ඇයගේ නැන්දම්මා සමඟ ජීවත් විය යුත්තේ කෙසේද,
සෙනෙහසින් සෑම කෙනාම ආශ්‍රය කරන්නේ කෙසේද, කිසිම කෙනෙක් සමඟ ගැටුම් ඇති කර ගන්නේ
නැතිව ජීවත් වන්නේ කෙසේද යන දේවල් ගැන ඇයට කියා දෙනවා. මෙතන සිදු වන්නේත් එයමයි.
පියා කියනවා ඔබ සියලුම ගුණධර්ම වලින් සම්පූර්ණ විය යුතුයි. ස්වර්ණම යුගයේදි කිසිම
ගැටුමක් සටනක් ඇති වන්නේ නැහැ. ඔබ දැන් විෂ්ණුගේ දේශය වෙත යයි. එහි සිටිනා අය මහා
වයිෂ්ණවයින්ය. දැන් මෙම පෘථිවියේ එවන් වයිෂ්ණවයින් නැහැ. වයිෂ්ණවයින්ට, දේවතාවන්ට
පාපයේ ගැලෙන්න බැහැ. පාපය ප්‍රචණ්ඩත්වයයි. දේවතාවන්ගේ උත්තරීතර ධර්මය නම්
ප්‍රචණ්ඩකාරිත්වයෙන් තොර වීමයි කියා සඳහන් වී තිබෙනවා. තමන් දැන් තමන්ගේ
දෙමාපියන්ගේ නිවසේ සිටිනා අතර, පසුව විෂ්ණුගේ දේශය වෙත යා යුතු බව ඔබ දන්නවා. එහි
අධික සතුටක් ඇති බවත් ඔබ දන්නවා. විවහායට පෙර මනාලියන් ඉරුණු ඇඳුම් ඇඳ එය චාම්ව
ජීවත්වීම කියා හඳුන්වනවා. දැන් ඔබ ලඟ ඇත්තේ මොනවාද? කිසිම දෙයක් නැහැ! මේ සියල්ල
නිකම්ම ගල් කැට පමණයි. මෙහිදී ඔබට කිසිම ආභරණයක් පැළඳීමට අවශ්‍ය නැත! කොහොම නමුත්,
ඔබෙන් ඇතැම් අය කියනවා නිවසේ අයත් සමඟ ජීවත් වන විට විවාහක උත්සව වැනි දේට සහභාගි
වෙන්න සිදු වෙනවා කියලා. එමනිසා, ඔබට ඒවා පැළඳිය හැකියි. මෙය තහනම් කර නැහැ. නැති
නම් ඔවුන් කියයි ඔබ කිසිම ආභරණයක් නොපළඳින වැන්දඹුවන් කියලා. එවිට එය අපහාසයක්.
අන්න ඒ නිසා තමයි බාබා කියන්නේ බාබාගේ නම අපහාසයට ලක් කරන්න එපා! අවශ්‍ය ඕනෑම දෙයක්
පළඳින්න ඔබට පුළුවන්, නමුත් තමා ජිවයක් බව සළකමින් පියාව සිහිපත් කරන්න. ඔබට අවශ්‍ය
ඕනැම තැනකට ඔබට යා හැකියි. නමුත් මෙම මන්ත්‍රය මතක තබා ගන්න. තමන් ස්මරණයේ නිරතව
සිටිනවා ද කියා පරීක්ෂා කර බලන්න. අපි කොහේ ගියත්, අපි යන්නේ බාබාගේ උපදෙස් වලට
අනුවයි. ඔවුන් වෙනුවෙන් කළ යුතු වගකීම් ඉෂ්ට කළ යුතුයි. නමුත් ආදරවන්තයාව සිතේ තබා
ගනිමින් ඔබගේ දෑත් වලට කාර්යය පැවරුවොත් ඔබ ශක්තිමත් කෙනෙක් බව තේරුම් ගත හැකියි.
ආභරණ පැළඳගෙන විවාහ උත්සව වැනි දේවලට යන්න, එකට ජීවත් වෙන්න, නමුත්, මහාවීර් කෙනෙක්
බවට පත්වන්න. සන්යාසීන්ව පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ ගුරූන් ගණිකාවක් හෝ නයෙක්ව
සන්යාසීන් ළඟට යැවූ අයුරු පෙන්වා තිබෙනවා. ධෛර්යෙන් යුතුව ජය ගත් අය මහාවීරයන්
වශයෙන් සළකනවා. ඔබ පියාගේ ස්මරණයේ නිරත වි සිටියහොත්, ඔබගේ කිසිම භෞතික ඉන්ද්‍රියක්
ඔබට මුරණ්ඩු වන්නේ නැත. පියාව අමතක කළ විට, භෞතික ඉන්ද්‍රියන් දඟලන්න පටන් ගන්නවා.
ඔබ ලෝකයේ පාලකයින් බවට පත්වෙනවා. මෙය පොඩි දෙයක්ද? සන්යාසීන් මේ කිසිම දෙයක් තේරුම්
ගන්නේ නැහැ! මේවායින් ඇතැම් දේ ග්‍රන්ථවල සඳහන් කර තිබුණත්, ඔවුන් ඒවා
සම්පූර්ණයෙන්ම වෙනස් කරලා. පියා කියනවා මම ඔබට රාජයෝගා උගන්වනවා. ජීවත්ව සිටිනා
තාක්කල්, දැනුමේ අමෘතය පානය කරන්න, එමෙන්ම එයට ඇහුම් කන් දෙන්න, එවිට අධිරාජ්‍යය
ස්ථාපනය වනු ඇත. දරුවන් වන ඔබට මෙම ඉගැන්වීම වාරයක් වාරයක් පාසා ලබා දී තිබෙනවා එකම
එක පියාව සිහිපත් කර දිව්‍යමය පුරුදු ඉගෙන ගන්න! කිසිම විකර්මයක් කරන්න එපා. ඒවා
යක්ෂයින්ගේ ක්‍රියායි. ඔබ දැන් දේවතාවන් බවට පත්වෙමින් සිටිනවා. එමනිසා, දිව්‍යමය
ගුණධර්ම උකහා ගන්න. විශාලම කටුව රාගයයි. එම පුරුද්ද ඔබ තුළ තදටම කාවැදී තිබෙනා නිසා
ඔබ නැවත නැවතත් ඇදවැටෙනවා. මායා ඔබට කම්මුල් පහරවල් ගසා ඔබව වට්ටවනවා. දැනුමට ඇහුම්
කන් දී ඉන් පුදුමයටත් පත් වී අන් අයටත් දැනුම දුන් අය... ගැන කියැවෙන්නේ අන්න ඒ
නිසයි. ඔබ දැන් පියාට අයිතියි. ඔබ කියනවා අප ලඟ ඇති සෑම දෙයක්ම අපට දුන්නේ බාබායි.
එමනිසා, අප භාරකරුවන් පමණයි. මේ සෑම දෙයක්ම ඔහුගේයි. අපි ඔහුගේ ශ්‍රීමත් අනුගමනය කළ
යුතුයි. ඔබ සෑම දෙයක්ම ඔහුට කැප කරන්නේ කෙසේද, ඔබ ඔහුගේ උපදෙස් අනුගමනය කරනවාද,
නැද්ද යන්න බාබා බලාගෙන සිටිනවා. වැරදි දේවලට හෝ පව්කාර ජීවයන්ට දීමට තමන් මුදල්
යොදවන්නේ නැති බවට වගබලා ගන්න. ආරම්භයේදී මේ බ්‍රහ්මාත් භාරකරුවෙක් බවට පත්වෙමින්
මෙය කර පෙන්නුවා. ඔහු තමා සතු සෑම දෙයක්ම පියා වෙනුවෙන් කැපකර භාරකරුවෙක් බවට
පත්වුණා. ඔහු කිසිම දෙයක් කිසිම කෙනෙක්ට දුන්නේ නැහැ. ඒවා දුන්නේ පියාගේ නාමයෙන්.
එමනිසා, ඒවා පරිහරණය කළ යුත්තේත් පියාගේ සේවය සඳහායි. ශරීරයේ ජීවිකාව ගැනත්,
සැළකිලිමත් විය යුතුයි. ඔහු තමා සතුව තිබූ සෑම දේම සේවය සඳහා කැප කළා. ඔහු දෙස
බලමින් අන් අයත් එයම කළා. ඒ අනුව බතිය ආරම්භ වුණා. බතිය නිර්මාණය වුණේ නැතිනම්
මෙපමණ දරුවන් ගණනක් සේවයට මෙතරම් දක්‍ෂ වෙන්නේ කොහොමද? ඔවුන් සෑම දෙයම
පාකිස්තානයේදී ඉගෙන ගෙන මෙහි පැමිණ තවත් දේවල් ඉගෙන ගත්තා. අන් අයට කියාදෙන්නේ
කෙසේද කියා දැනගත් විට සේවය සඳහා පිටට ගියා. දැන් බලන්න ඔබ ප්‍රදර්ශන ආදිය කීයක්
කරනවාද? ප්‍රසිද්ධ පුද්ගලයින්ට පවා ආරාධනා කරනවා. මෙම දැනුමේ යාගයට නොයෙකුත් බාධක
පැමිණේවි. බාධක වලට බිය වන්න එපා. අහිංසක අය රාශියක් ප්‍රහාර වලට ලක් වෙනවා! පියා
කියනවා බලවත් යෝගා වල ඉඳිමින්, ඔවුන්ට තේරුම් කර දෙන්න. ඇතැම් අය පියාගේ දරුවන් බවට
පත්වී පසුව ඔහුව අමතක කර දමා මායාට අයිති වෙනවා. මෙය ජය හා පරාජය අතර ඇති පොර
බැදීමයි. එය හරියට බොක්සිං වගේයි, මායා පහර එල්ල කළ විට ඔබ ඇද වැටෙනවා. පියා කියනවා
මායාට පැරදෙන්න එපා. ඔබ පාරිශුද්ධව සිටියොත් ලෝකයේ පාලකයින් බවට පත්විය හැකියි.
ආදායම ඉතාමත් විශාලයි. මුළු උත්සාහයම දැරුවේ නැතිනම් සේවකයින් හෝ සේවිකාවන් බවට
පත්වීමට ඔබට සිදු වෙනවා. මුළු රාජ්‍යයම මෙහි ස්ථාපනය වෙමින් පවතිනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ජීවත්ව
සිටිනා තාක්කල් දැනුමේ අමෘතය පානය කරන්න. මහාවීරයෙක් බවට පත්වි මායාගේ බොක්සිං
වලින් ජය ගන්න. සෑම කෙනෙක්ටම ඇති වගකීම් ඉටු කරනා ගමන්, එකම පියාව පමණක් ඔබේ හදවතේ
තබා ගන්න.
2. බාධක වලට බිය වන්න
එපා. තමා සතු සෑම දෙයක්ම සේවය වෙනුවෙන් ප්‍රයෝජනවත් ලෙස යොදවන්න. සෑම දෙයක්ම පියාට
කැප කර භාරකරුවෙක් වශයෙන් ජීවත් වන්න. කිසිම දෙයක් වැරදි ක්‍රියාකාරකම් සඳහා
යොදවන්න එපා.
වරදානය:
ඔබේ පරිසමාප්ත
ස්වරූපය කැඳවා ගනිමින් ඔබ වාසනාවන්ත තාරකාවක් වී, ඒම සහ යෑම චක්‍රයෙන් නිදහස් වේවා.
දැන්, ඔබේ පරිසමාප්ත
ස්ථිතිය සහ පරිසමාප්ත ස්වරූපය කැඳවන්න; එවිට එම ස්වරූපය නිරන්තරයෙන්ම ඔබේ සිහිය තුළ
පවතිනු ඇත. එවිට, සමහර විට ඉහළ ස්ථිතියක් සහ සමහර විට පහළ ස්ථිතියක් තිබීමේ (ඒම සහ
යෑම)චක්‍රයෙන් ඔබ නිදහස් වනු ඇත. සමහර විට සිහිපත් වීම සහ සමහර විට අමතක වීම යන
චක්‍රයට නැවත නැවතත් හසුවීම නිසා මෙය සිදුවේ. මිනිසුන්ට අවශ්‍ය වන්නේ උපත සහ මරණය
යන චක්‍රයෙන් නිදහස් වීමටයි; නමුත් ඔබ නිෂ්ඵල දේ වලින් නිදහස් වී බැබළෙන වාසනාවන්ත
තාරුකාවක් බවට පත්වේ.
පාඨය:
යම් බාධාවක
බලපෑමකට ලක්වීම යනු දියමන්තියක පළුද්දක් ඇති කිරීම හා සමානයි.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
ඔබේ මුල් ස්වරූපය
පාරිශුද්ධ දේව ස්වරූපයක් වන්නාක් මෙන්ම, මෙම අවසාන උපත ද පාරිශුද්ධ බ්‍රහ්මණ
ජීවිතයකි. මෙම අවබෝධය මත පදනම්ව, පාරිශුද්ධ ජීවිතයක් ගත කිරීම අතිශයින් පහසු බව
අත්විඳින්න. පිවිතුරු වන්න සහ යෝගී වන්න: මෙම මහා මන්ත්‍රය සියලු ලැබීම් වල යතුරයි.
පවිත්‍රතාවය හා යෝගී ජීවිතයක් නොමැති නම්, සියලු අයිතිවාසිකම් හිමිව තිබියදීත්, ඔබට
එම අයිතිවාසිකම් වල ප්‍රතිලාභ අත්විඳීමට නොහැකි වනු ඇත. මෙම මහා මන්ත්‍රය සියලු
දිව්‍ය සම්පත් අත්විඳීමේ යතුරයි.