15.12.24    Avyakt Bapdada      Sinhala Murli     28.02.2003    Om Shanti    Madhuban


සේවය කරනවාත් සමගම පරිසමාප්ත වීමට සැලසුම්ද සාදන්න.
කර්මතීට් වීමට ගැඹුරින් සැලකිලිමත් වන්න.


අද දින ශිව පියා, ඔහුගේ සැලිග්‍රම දරුවන් සමග ඔහුගේ මෙන්ම ඔය දරුවන්ගේ අවතරණයේ ජයන්තිය සැමරීමට පැමිණ සිටිනවා. අවතරණයේ ජයන්තිය බොහෝ ආශ්චර්යමත්ය. සෑම තැනකින්ම දරුවන්, පරම පියාගේ සහ ඔවුන්ගේ ජයන්තිය සැමරීමට දුවගෙන ඇවිත්. ජයන්තිය, එනම්, පරම පියාගේ සහ දරුවන්ගේ අවතරණ දිනය එකයි. විශ්මය වන්නේ පියාගේ සහ දරුවන්ගේ උපන් දිනය එකම දිනයේ තිබීමයි. එබැවින් අද ඔබ සියලුම සැලිග්‍රම දරුවන් පැමිණියේ පියාට සුබ පැතුම් ලබා දීමටද, ඒවා ලබා ගැනීමටද? ඔබ ඇවිත් සිටින්නේ ඒවා දීමටයි; එමෙන්ම ඔබ ඇවිත් සිටින්නේ ඒවා ලබා ගැනීමටත්ය. මේ දෙකම එකට තිබීමේ සලකුණ වන්නේ ඔබ සහ පියා අතර බොහෝ, බොහෝ, බොහෝ සේ සෙනෙහස තිබීමයි. මේ නිසයි ඔබගේ උපන් දිනය එකට තිබෙන්නේ එමෙන්ම ඔබගේ මුළු ජීවිත කාලය පුරාම ඔබ ඒකාබද්ධ වී සිටින්නේ, එනම්, ඔබ සිටින්නේ එකටයි. මෙවන් සෙනෙහසක් ඔබ කිසිදාක දැක තිබෙනවාද? ඔබගේ රාජකාරිය අතින් බලන විට, පරම පියාගේ සහ දරුවන්ගේ රාජකාරිය වන්නේ ලෝකය පරිවර්ථනය කිරීමයි. ඔබ සිදුකර ඇති පොරොන්දුව කුමක්ද? ඔබගේ මිහිරි නිවහනට, පරමදාමයට එකට යන බවට. එසේ නැත්නම් ඔබ යන්නේ පසුවද? ඔබට අවශ්‍ය වන්නේ එකට යාමට නේද? ඉතිං, ඔබ සහ පියා අතර සෙනෙහස තිබේ. පියාට හෝ දරුවන්ට කිසිම දෙයක් තනිව කළ නොහැක. ඔබට කිසිවක් කළ හැකිද? පරම පියා නොමැතිව ඔබට කිසිවක් කළ හැකිද? පියාටත් කිසිවක් කළ නොහැක. මේ නිසයි ඔය සියලුම බ්‍රහ්මින් දරුවන්ව නිර්මාණය කිරීමට ඔහු බ්‍රහ්මගේ ආධාරය ගෙන තිබෙන්නේ. බ්‍රහ්මින්වරුන් නොමැතිව පියාට වත් කිසිවක් කළ නොහැක. මේ නිසයි මෙම අලෞකික අවතරණයේ උපන් දිනයෙදි, පියා ඔබට සහ ඔය දරුවන් පියාට, කෝටි ගුණයක සුබ පැතුම් සහ සුභාසිංශන ලබා දෙන්නේ. ඔබ ඒවා පියාට දෙන අතර පියා ඔබට මේවා ලබා දෙයි. අම්රිත් වේලාවේ සිට, ඊටත් පෙර සිට පවා, පරම පියාට සුබ පැතුම්, සුභාසිංශන, කාඩ්පත්, ලිපි සහ හදවතින් මිහිරි ගීත ලැබුණා. දැන් පවා මේ දේශයේ සහ විදෙස් රටවලින් සෑම තැනකින්ම දරුවන් සූක්ෂම ආකාරයකින් සුබ පැතුම් ලබා දෙනවා. ඒවා මෙහි ළගා වෙනවා. මෙම හඩ (වැඩසටහන) දරුවන් වෙතට ළගා වන අතර දරුවන්ගේ හදවත්වල හඩ, පියා වෙතට ළගා වෙනවා. සෑම තැනකම දරුවන් සතුටින් නර්ථනය කරනවා. “අපූරුයි බාබා! අපූරුයි සැලිග්‍රම් දරුවන් වන අප!” ඔබ සියලු දෙනාම අපූරුයි, අපූරුයි ගීත ගායනා කරයි. බැතිමතුන්, තඹ යුගයේ සිට මේ දක්වා ඔබගේ මෙම උපන් දිනයේ සිහිවටනය සමරමින් සිට ඇත. බැතිමතුන්ගේ ආදරණීය භක්තියෙන්ද ඔවුන්ගේ අඩුවක් නැහැ. කෙසේවෙතත්, ඔවුන් බැතිමතුන් වන අතර ඔවුන් දරුවන් නොවෙයි. ඔවුන් සෑම වසරකම සමරන අතර ඔබ අවතරණයේ වැදගත්කම මුළු කල්පයටම එක්වරක් සමරයි. ඔවුන් සෑම වසරකම බාරයක් සිදු කරයි. ඔවුන් උපවාසයක යෙදෙන අතර ඔවුන් බාරයක්ද වෙයි. ඔබ බාර වන්නේ එක වරක් පමණයි. ඔවුන් ඔබව අනුකරණය කර ඇති නමුත් ඔබ ලබා දෙන වැදගත්කම සහ ඔවුන්ගේ සිහිවටනයේ වැදගත්කම අතර වෙනසක් ඇත. ඔවුන්ද පාරිශුද්ධත්වය වෙනුවෙන් බාරයක් වෙයි, නමුත් ඔවුන් එම බාරය වන්නේ සෑම වසරකම එක දවසකටයි. ඔබ සියලු දෙනාමත් මෙම උපත ලද මොහොතේ මෙම පාරිශුද්ධත්වයේ බාරය සිදු කළා නේද? ඔබ එය කළාද නැත්නම් ඔබ එය තවම සිදු කර නැද්ද? ඔබ එය කර තිබේ. ඔබ එක්වරක් එය කර ඇත; ඔවුන් සෑම වසරකම එය කරයි. ඔබ සියලු දෙනාම එය සිදුකර තිබෙනවාද? ඔබ බ්‍රහ්මචාරි වීමේ බාරය පමණක් නොවෙයි නමුත්, සම්පූර්ණ පාරිශුද්ධත්වය වෙනුවෙන් බාර වී තිබේ. පාණ්ඩවයන්, ඔබ සම්පූර්ණ පාරිශුද්ධත්වයේ බාරය සිදු කළාද? එසේ නැත්නම් බ්‍රහ්මචාරී වීම පමණක් සෑහෙයිද? අත්තිවාරම බ්‍රහ්මචාරී වීමයි. බ්‍රහ්මචාරී වීම පමණක් නොවෙයි, එයත් සමගම අනෙක් සතරද (දුර්ගුණ) තිබේ. ඔබ ඉතිරි සතරටත් බාර වුණාද, නැත්නම් එකකට පමණක්ද? මෙය පරීක්ෂා කර බලන්න. ඔබට කෝප වීමට නිදහස තිබෙනවා නේද? ඔබට එම නිදහස නැද්ද? ඔබ ටිකක් කෝප විය යුතුද? ඔබ කෝපයට පත් නොවිය යුතුද? පාණ්ඩවයන්, කතා කරන්න! ඔබ කෝප විය යුතු නැද්ද? ඔබ කෝප විය යුතුයි! හොදයි, බාප්දාදා එම කෝපය සහ එහි සහකරුවන් දැක තිබෙනවා. ඔබ ලොකුම නරක භූතයාව අත්හැර තිබෙනවා. පවුල්වල සිටින මව්වරුන්ට ඔවුන්ගේ වැඩිමහල් වයසක දරුවන් වෙනුවෙන් එතරම්ම සෙනෙහසක් හෝ බැඳීමක් නොමැති වුවද ඔවුන්ගේ මුනුපුරු-මිනිපිරියන් වෙනුවෙන් බොහෝ සෙනෙහස තිබේ; කුඩා දරුවන්ට බොහෝ ආදරය කරයි. ඒ අන්දමින්ම දුර්ගුණ පහෙන් විශාලතම නරක භූතයා වෙනුවෙන් තිබූ සෙනෙහස ඔය දරුවන් තුළ අඩු වී ඇති නමුත් එම දුර්ගුණ වල දරුවන් කෙරෙහි, එනම්, එම දුර්ගුණ වල සුළු සලකුණු සහ දරු පරම්පරා වෙනුවෙන් තවමත් සුළු සෙනෙහසක් තිබෙන බව, බාප්දාදා දැක තිබෙනවා. ඔබ තුළ ඒවා කෙරෙහි සෙනෙහස තිබෙනවාද? විටෙක ඒවා කෙරෙහි සෙනෙහස තිබෙයි. ඒවා කෙරෙහි සෙනෙහස තිබෙනවාද? මව්වරු? ද්විත්ව විදේශිකයන් ඔබ කෝප වන්නේ නැද්ද? සමහරු බොහෝ දක්ෂ වී බාබා සමග කතා කරයි. ඔවුන් කියන්නේ කුමක්ද කියා, බාබා ඔබට කිව යුතුද? බාබා ඔබට එය පවසන්නේ නම්, ඔබට එය අද අත්හැරීමට සිදුවෙයි. ඔබ සූදානම්ද? ඒවා අත්හැරීමට ඔබ සූදානම්ද? එසේ නැත්නම් ඔබ සෑම වසරකම සිදු කරන අන්දමින් ඔබගේ ලිපි ගොනුවට එම කොළයත් එකතු කරගන්නවාද? පියා ළග තිබෙන ඔබගේ පොරොන්දු වල ලිපි ගොනුව බොහෝ, බොහෝ විශාල වී ඇත. එබැවින් දැනුත් ලිපි ගොනුවට ඔබගේ පොරොන්දු වල තව කොළයක් ඔබ එකතු කරන්නේ නැහැ නේද? ඔබ එය නිම කරනවාද, නැත්නම් ඔබ එය ලිපි ගොනුවට එකතු කරගන්නවාද? ඔබ කරන්නේ කුමක්ද? ගුරුවරු කතා කරන්න, ඔබ කුමක්ද කරන්නේ? නිමා කරනවද? ඔබගේ අත් ඔසවන්න! නිකම්ම ඒ අන්දමින් පොරොන්දුවක් නොවන්න. එසේ වුනොත් බාප්දාදා සැර ස්වරූපයක් හදා ගන්නවා. මෙය හොදද? ද්විත්ව විදේශිකයන් ඔබ මෙය නිම කරනවාද? එය නිමා කරන අය අත් ඔසවන්න! මෙය රූපවාහිනියේ පටිගත කරන්න! පහළින් නොව ඔබගේ අත් ඉහළට ඔසවන්න! රිදී යුග අන්දමට නොවෙයි. අච්චා. මෙය හොදද?

හොදයි, සවන් දෙන්න! පියා සහ දරුවන් අතර සිදුවන කතාබස් මොනවාද? බාප්දාදා නොකඩවා සිනහමුසුව සිටියි. පියා විමසන්නේ : ඔබ කෝපයට පත් වුනේ ඇයි? ඔබ පිළිතුරු දෙන්නේ: “මා කෝප වුනේ නැහැ, නමුත් මාව කෝපයට පත් කළා. මා එය කළේ නැහැ, නමුත් මාව කෝප කළා.” එබැවින් පියා දැන් පැවසිය යුත්තේ කුමක්ද? ඉන්පසුව ඔබ කියන්නේ කුමක්ද? “එය වුණේ ඔබට නම්, ඔබ වුනත් කෝප වෙයි”. ඔබ බොහෝ මිහිරි දේවල් කියයි. ඉන්පසුව ඔබ කියන්නේ: අශාරීරික බවේ සිට භෞතික ශරීරයක් ගෙන තමන්ම එය දැක බලා ගන්න! එබැවින් දැන් මට කියන්න, එවන් මිහිරි දරුවන්ට පියා පැවසිය යුත්තේ කුමක්ද? කෙසේවෙතත්, පියා සානුකම්පිත විය යුතුයි. ඔහු පවසන්නේ : හොදයි, මා දැන් ඔබට සමාව දෙනවා, නමුත් මින් පසුව එය නොකරන්න. කෙසේවෙතත්, ඔබ ඉතා හොද පිළිතුරු ලබා දෙයි.

එබැවින් ඔය බ්‍රහ්මින්වරුන්ගේ ශ්‍රේෂ්ඨතම අලංකාරය පාරිශුද්ධත්වයයි. ඒ නිසයි ඔවුන් ඔබගේ ප්‍රතිමා ඒ තරම් සරසන්නේ. එම සැරසිලි ඔබගේ පාරිශුද්ධත්වයේ සිහිවටනයි: නමට පමණකත් ඇති පාරිශුද්ධත්වය නොවෙයි, සම්පූර්ණ පාරිශුද්ධත්වය. ඔබගේ සම්පූර්ණ බ්‍රහ්මින් ජීවිතයේ, ශ්‍රේෂ්ඨතම දේපළ, රාජකීයත්වය සහ පෞරුෂත්වය වන්නේ සම්පූර්ණ පාරිශුද්ධත්වයයි. මේ නිසයි බැතිමතුන් පවා එක් දිනක පාරිශුද්ධත්වයේ උපවාසයක යෙදෙන්නේ. ඔවුන් ඔබව අනුකරණය කර ඇත. ඔවුන් තම ආහාර පාන නොගෙන උපවාසයක්ද සිදු කරයි. ආහාරයේ උපවාසයක් සිදු කිරීමත් අවශ්‍යයි. ඇයි? ඔය බ්‍රහ්මින්වරු ඔබගේ ආහාර පාන පිළිබදවද දැඩි පොරොන්දුවක් වි තිබෙනවා නේද? ඔබ සියලු දෙනාට මධුබන් පෝරම පුරවන්න කියා පවසන විට, ඔබගේ ආහාර පාන පිවිතුරුද කියා අසයි. ඔබගෙන් මෙය විමසනවා නේද? එබැවින් ඔබගේ ආහාර පාන වල උපවාසය ස්ථිරද? එය ස්ථිරද, නැත්නම් එය විටෙක දුර්වල වෙනවාද? ද්විත්ව විදේශිකයන්ට එය දෙගුණයක් ශක්තිමත් විය යුතුයි. එය දෙගුණයක් ස්ථිරයිද? ද්විත්ව විදේශිකයන්ට එය ස්ථිරද? එය දෙගුණයක් ස්ථිරද? එසේ නැත්නම් ඔබ විටෙක වෙහෙසට පත් වූ විට, ඔබ මෙසේ කියනවාද: “හොදයි, කමක් නැහැ, අද මම යම් දෙයක් (පිටින්) කෑමට ගන්නම්.” ඔබ ටිකක් මන්දගාමී වන්නේ නැහැ නේද? ඔබගේ ආහාර පාන අතින් ඔබ ස්ථිරද? බැතිමතුන්ද ආහාර පාන නොගෙන උපවාසයක යෙදෙන්නේ මේ නිසයි. තුන්වන බාරය වන්නේ මුළු රාත්‍රිය පුරා අවදිව සිටීමටයි. (ජාග්රන්). ඔවුන් මුළු රාත්‍රිය පුරාම අවදිව සිටියි. ඔය බ්‍රහ්මණයන්, අවිද්‍යා නින්දෙන් අවදි වීමට බාර වෙයි. ඔබ අතරමගදි අවිද්‍යාවේ නින්දට යන්නේ නැහැ නේද? බැතිමතුන් ඔබව අනුකරණය කරනවා. ඔබ කිසිම විටෙක අවිද්‍යාවේ නින්දට නොයා යුතුයි, එනම් දුර්වලතාවයේ, නොසැලකිල්ලේ හෝ කම්මැලිකමේ නින්දට නොයා යුතුයි. එසේ නැත්නම් ඔබ ටිකක් නිදි කිරා වැටුනාට කමක් නැද්ද? ඔබ විටෙක සුළු නින්දකට වැටෙනවද? සමහරු අම්රිත් වේලාවේදි පවා නිදි කිරා වැටෙයි. කෙසේවෙතත්, බැතිමතුන් ඔබගේ සිහිවටන වලින් අනුකරණය කරන්නේ ඔබගේ කුමක්ද කියා ටිකක් සිතන්න. ඔවුන් කෙතරම් ස්ථිරව සිටින්නේද යත්, කුමක් සිදුවුණත් ඔවුන්ගේ බාරය ඔවුන් කඩන්නේ නැත. මෙදින, බැතිමතුන් ඔවුන්ගේ ආහාර පාන නොගෙන උපවාසයක යෙදෙන අතර ඔබ අද කරන්නේ කුමක්ද? ඔබ ආහාර පාන රැගෙන විනෝද චාරිකාවක යනවාද? ඔවුන් උපවාසයේ යෙදෙන අතර ඔබ විනෝද චාරිකාවක ගොස් කේක් කපයි. ඔබ උපතේදි බාරයක් වූ බැවින් ඔබ විනෝද වෙයි. මේ නිසයි ඔබ අද විනෝද වන්නේ.

බාප්දාදාට ඔය දරුවන්ගෙන් දැන් අවශ්‍ය කුමක්ද? ඔබ මෙය දන්නවා. ඔබට ඉතා හොද සිතිවිලි තිබේ. ඔබට කෙතරම් හොද සිතිවිලි තිබේද යත්, ඒවා ඇසීමෙන් බාබා බොහෝ සතුටු වෙයි. ඔබට සිතිවිල්ල ඇති වෙයි, නමුත් ඉන්පසුව සිදු වන්නේ කුමක්ද? ඔබගේ සිතිවිලි දුර්වල වන්නේ ඇයි? පියා කෙරෙහි ඔබ තුළ බොහෝ සෙනෙහස ඇති නිසා ඔබට යමක් කිරීමට අවශ්‍යයි, එමෙන්ම ඔය සියලුම දරුවන්ගේ හදවත් තුළ පියා කෙරෙහි බොහෝ සෙනෙහස ඇති බව බාප්දාදාද දන්නවා; ඔබ සියලු දෙනාම අත් ඔසවා, ඔබට තිබෙන්නේ 100% සෙනෙහස පමණක් නොවෙයි, නමුත් 100% ටත් වැඩි සෙනෙහසක් තිබෙන බවයි ඔබ පවසන්නේ, එමෙන්ම ඔබ සෙනෙහස අතින් සමත් වී ඇති බව පියාද එකග වනවා, නමුත්, නමුත් ඇයි? ඔබට සෙනෙහස තිබෙනවාද නැද්ද? 'නමුත්' තිබෙනවාද නැද්ද? පාණ්ඩවයන්, 'නමුත්' කියා දෙයක් තිබෙනවාද? විටෙක අතර මැදට 'නමුත්' යන වචනය එනවද? ඔබ නැහැ කියන්නේ නැත. එබැවින් මින් අදහස් වන්නේ ඔව් යන්නයි. බාප්දාදා එක දෙයක් දැක තිබේ, පොරොන්දුව දුර්වල වීමට, වැඩි දෙනෙකුට එක හේතුවක් තිබෙන බව. එය වචනයක් පමණයි. එම එක් වචනය කුමක්ද කියා සිතන්න. ගුරුවරු, සිතන්න! එම එක වචනය කුමක්ද? පාණ්ඩවයන් කතා කරන්න! එම එක වචනය කුමක්ද? ඔබට එය මතක් වුනා නේද? එම එක වචනය “මම”ය. “මම” යන වචනය අහංකාර ස්වරූපයෙන් භාවිතා කරන අතර ඔබව දුර්වල කරන ස්වරූපයෙන්ද එය භාවිතා කරයි. “මම පැවසූ දේ, මම කළ දේ, මා වටහා ගත් දේ, නිවැරදි වන්නේ එය පමණයි. සිදුවිය යුත්තේ මෙයයි.” අහංකාරකමේ “මම” මෙයයි. එම “මම” ඉටු නොවූ විට අධෛර්යයට පත් වීමේ “මම” ද තිබේ: මට මෙය කළ නොහැක. මට මෙහි දිගටම සිටිය නොහැක. එය ඉතා අපහසුයි.” ශරීර අවධානයේ “මම” වෙනස් විය යුතුයි. “මම” ඔබට ස්ව-අභිමානය ගැන සිහි කරවයි, එමෙන්ම “මම” ඔබව ශරීර අවධානයටද පත් කරවයි. “මම” ඔබව අධෛර්යමත් කරවන අතර “මම” ඔබගේ හදවතට සතුටද ගෙන එයි. අහංකාරකමේ ලක්ෂණය කුමක්ද කියා ඔබ දන්නවාද? කෙනෙකුට ශරීර අවධානයේ සුළු සලකුණක් හෝ තිබෙන්නේ නම්, එහි ලක්ෂණය කුමක්ද? එවන් කෙනෙකුට අගෞරවය දරාගත නොහැක. ඔබට යමෙක් අපහාස කිරීම දරා ගැනීමට, අහංකාරකම ඉඩ නොදෙයි. යම් කෙනෙක් සුළු වශයෙන් හෝ ඔබට මෙය නිවැරදි නැති බවත් ටිකක් නිරහංකාර වන්න කියා කියන්නේ නම්, ඔබට අපහාසාත්මක හැගීමක් ඇති වෙයි. මෙය අහංකාරකමේ සලකුණකි.

බාප්දාදා සූක්ෂම දේශයේ මද සිනහවක් පාමින් සිටියා. දරුවන් ශිව රාත්‍රියේදි සෑම තැනකම දේශන පවත්වයි. ඔබ දැන් ශිව රාත්‍රියේදි සෑම තැනකම බොහෝ දේශන පවත්වනවා නේද? එහිදි ඔබ භාවිතා කරන කරුණක් බාප්දාදාට සිහි විය. ඔබ පවසන්නේ: “ශිව රාත්‍රියේදි එළුවෙක් බිලි දෙයි. ඌ බොහෝ සේ “මෑ, මෑ” කියයි. එළුවා “මෑ, මෑ” කියයි, එබැවින් ශිව රාත්‍රියේදි මෙය (මම, මම) බිලි දෙන්න. මෙය ඇසූ විට පියාගේ මුවගට සිනහවක් නැගුණි. එබැවින් ඔබද මෙම “මම” (මෑ) බිලි දිය යුතුයි. ඔබට එය බිලි දිය හැකිද? ඔබට මෙය කළ හැකිද? ද්විත්ව විදේශිකයන්, ඔබට මෙය කළ හැකිද? සම්පූර්ණයෙන් බිලි දීමද, නැත්නම් නිකම් බිලි දීම පමණක්ද? සම්පූර්ණයෙන් කැප කිරීම. අද ධජය ඔසවන විට බාප්දාදා ඔබ ලවා එවන් පොරොන්දුවක් නිකමට සිදු කරවන්නේ නැහැ. ඔබගේ ලිපි ගොනුවට තව කොළයක් එකතු කරවන පොරොන්දුවක් පමණක් බාබා ඔබ ලවා සිදු කරවන්නේ නැහැ. ඔබ සිතන්නේ කුමක්ද? දාදීන්, අප අදත් ඔවුන් ලවා එවන් පොරොන්දුවක් ලබා ගත යුතුද? ඔබ එය නිමා කරනවාද, නැත්නම් ඔබගේ ලිපි ගොනුවට තව කොල කැබැල්ලක් එකතු කරනවද? කතා කරන්න! (ඔවුන් ලවා එය අවසන් කරවන්න). ඔබට එයට එඩිතරකම තිබෙනවද? ඔබට එඩිතරකම තිබේද? ඔබ මෙයට සවන් දීමේ ගැඹුරින් නියැලී සිටින නිසා අත් ඔසවන්නේ නැහැ. හෙට කිසිවක් සිදුවන්නේ නැහැ නේද? එය සිදු නොවෙයි, නේද? හෙට මායා පැමිණෙයි. ඇය වටේ සංචාරය කිරීමට පැමිණෙයි. ඔබ සියලු දෙනා බොහෝ අලංකාරව සහ ශෝභාවෙන් සේවය කිරීමට සැලසුම් සාදන නිසා මායා තුළත් ඔබ කෙරෙහි සෙනෙහස තිබේ. ඔබ බොහෝ ශෝභාවකින් සේවය කරන නිසා ඉන් අදහස් වන්නේ ඔබ පූර්ණ අංග සම්පූර්ණත්වයේ කාලය සමීපයට ගෙන එන බවයි. ඔබ දේශනයක් පමණක් ලබා දුන් බව නොසිතන්න, නමුත් ඔබ ඇත්ත වශයෙන් කරන්නේ, එම කාලය සමීපයට ගෙන ඒමයි. ඔබ හොද සේවයක් සිදු කරනවා. බාප්දාදා සතුටු වනවා, නමුත් කාලය සමීපයට පැමිණෙන බව, බාප්දාදා දකිනවා. ඔබ එය සමීපයට ගෙන එනවා. ඔබ 100,000 හෝ 150,000 එකට රැස් කළා පමණක් නොවෙයි, නමුත් ඔබ කාලය සමීපයට ගෙන ආවා. ගුජරාත් මෙය දැන් සිදු කළා. බොම්බාය එය කරයි, එමෙන්ම වෙනත් ස්ථානද මෙය කරනවා. හොදයි, 100,000 නොවේ නම් 50,000 පමණක්, නමුත් ඔබ ඔවුන් සියලු දෙනාටම පණිවිඩයක් ලබා දෙනවා, එබැවින් මෙයත් සමගම, ඔබ පරිසමාප්තියටත් සූදානම් සිදුකර තිබෙනවද? ඔබ එම සූදානම් පිළියෙල කර තිබෙනවද? ඔබ විනාශයට ආරාධනා කරනවා, එබැවින් ඔබ සූදනම් සිදු කර තිබෙනවද? හෙළිදරව්ව විගසින් සිදුවන අන්දමට ඔබ දැන් සැලසුම් සෑදිය යුතුද කියා දාදී ප්‍රශ්නයක් ඇසුවා. බාප්දාදා පවසන්නේ : හෙළිදරව්ව එක තත්පරයක කාරණාවක් පමණයි, නමුත් හෙළිදරව්ව සිදුවීමට පෙර, ස්ථාපනය සිදු කරන අය නිති-සූදානම්ද කියා බාප්දාදා විමසනවා. තිරය විවර කළ යුතුද? එසේ නැත්නම් කෙනෙක් තම දෙකන් සරසන අතර තව කෙනෙක් තම හිස සරසමින් සිටිනවාද? ඔබ සූදානම්ද? ඔබ සූදානම් වෙයි, නමුත් කවදාද? දිනයක් දෙන්න. ඔබ මේ මාසයේ පණිවිඩය ලබා දිය යුතු බවට, ඔබ දැන් දිනයක් නියම කළ ආකාරයෙන්ම, ඔබ සියලු දෙනාම නිති-සූදානමින් සිටිය යුතුයි. අඩු තරමින් 16,000 නිති-සූදානමින් සිටිය යුතුයි. 900,000 පසෙකට දමන්න, අඩුම තරමින් 16,000 සූදානම්ව සිටිය යුතුයි. ඔවුන් සූදානම්ද? බාබා අත්පොළසන් ගැසිය යුතුද? නිකම්ම “ඔව්” නොකියන්න. නිති-සූදානම් වන්න, එවිට බාප්දාදා ඔවුන්ව ස්පර්ෂ කරයි. ඔහු අත්පොළසන් ගසන අතර පදාර්ථ ඔවුන්ගේ කාර්යය ආරම්භ කරයි, එමෙන්ම විද්‍යාඥයන් ඔවුන්ගේ කාර්යය ආරම්භ කරයි. පමාව කුමක්ද? ඔවුන් සියලු දෙනාම සූදානම්. 16,000 සූදානම්ද? ඔවුන් සූදානම්ද? එය සිදු වෙයි. (ඔබ තව දන්නවා). මෙම පිළිතුර ඔබව නිදහස් කරගැනීමටයි. ඔවුන් නිති-සූදානමින් සිටින බව, ඔවුන් සම්පූර්ණ පාරිශුද්ධත්වයෙන් පරිසමාප්ත වී ඇති බව, බාප්දාදාට 16,000 ගෙන් වාර්ථාවක් ලැබිය යුතුයි. බාප්දාදාට අත්පොළසන් ගැසීමට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. දිනයක් ලබා දෙන්න. (ඔබ දිනයක් දෙන්න.) සියලු දෙනාගෙන් විමසන්න: බලන්න, එය සිදුවිය යුතුයි. කෙසේවෙතත්, ඔබට “මම” යන වචනයේ සම්පූර්ණ පරිවර්ථනයක් ගෙන එන්නට කියා පවසන ලදි. ඔබට පරම පියා සමග ආපසු යාමට හැකි වන්නේ එවිට පමණයි. එසේ නැත්නම් ඔබට යාමට සිදුවන්නේ ඔහුට පසුවයි. එබැවින් බාප්දාදා දැන් දොරටු විවර කරන්නේ නැහැ, මන්ද, ඔබ ඔහු සමග යා යුතු නිසා.

දොරටු විවෘත කිරීමට දිනයක් ලබා දෙන ලෙස බ්‍රහ්ම පියා සියලුම දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබට දොරටු විවර කිරීමට අවශ්‍යයි නේද? ඔබට ආපසු යාමට අවශ්‍යයි නේද? අද සැමරීම යනු, එය බවට පත් වීමය. අප නිකම්ම කේක් කපනවා නොවෙයි, නමුත් “මම” අවසන් කරනවා. ඔබ ඒ ගැන සිතමින් සිටිනවාද, නැත්නම් දැනටමත් සිතා තිබේද? අම්රිත් වේලාවේදි සියලු දෙනාගේ විවිධ සිතිවිලි බාප්දාදා වෙතට ළගා වෙනවා. එබැවින් ඔබ අතරේ මෙය සාකච්ඡා කර බාබාට දිනය ලබා දෙන්න. ඔබ දිනය නියම කරගන්නා තුරු ඔබට කාර්යය නිම කිරීමට නොහැකි වෙයි. පළමුව මහාරතීන් දිනය නියම කරගත යුතුයි, ඉන්පසුව ඉතිරි සියලු දෙනා එය අනුගමනය කරයි. ඔබව අනුගමනය කිරීමට යන අය සූදානම්ය, එමෙන්ම ඔබගේ එඩිතරකමින් ඔවුන්ට අතිරික්ත බලය ලැබෙයි. නිදසුනක් ලෙස, ඔබ මේ දැන් උනන්දුව සහ උද්යෝගය ලබා දුන්නා එබැවින්, ඔවුන් සූදානම් විය. එබැවින්, දැන් පරිසමාප්ත වීමට සැලසුමක් සාදන්න. ඔබ කර්මතීට් විය යුතු බවට ගැඹුරු සැලකිලිමත් බවක් ඇති කරගන්න. කුමක් සිදුවුනත්, ඔබ මෙය විය යුතුමයි. ඔබ මෙය කළ යුතුමයි. මෙය සිදුවිය යුතුමයි. විද්‍යාඥයින්ගේ හඩ සහ විනාශය ගෙන ඒමට යන අයගේ හඩ, පියාගේ දෙසවනට ළගා වනවා. ඔවුන්ද විමසන්නේ: “ඔබ තව බලා සිටින්නේ ඇයි? ඔබ ඉන්නේ ඇයි?” දිනයක් නියම කරන ලෙසට පෙර ගමන් ගිය අයත් (advance party) කියා සිටිනවා. එබැවින් දිනයක් නියම කරගන්න. බ්‍රහ්ම පියාද දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටිනවා. එබැවින් මෙම රැස්වීම පවත්වන්න.

මෙතරම් දුක් වේදනා දැකීම, බාප්දාදාට දරා ගත නොහැක. ප්‍රථමයෙන් ඔබගේ දේවතා ස්වරූප තුළින්, ඔය ශක්තීන් සහ පාණ්ඩවයන් තුළ දයානුකම්පාවක් තිබිය යුතුයි. ඔවුන් බොහෝ සේ ඔබට කන්නලව් කරමින් සිටිනවා. ඔවුන්ගේ කන්නලව්වේ හඩ දැන් ඔබගේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙමින් තිබිය යුතුයි. ඔබ “කාලයේ අයැදුම”(Call of Time) නමින් වැඩසටහන් පවත්වනවා. දැන් බැතිමතුන්ගේ හඩට සවන් දෙන්න. දුක් විදින අයගේ හඩට සවන් දෙන්න. ඔබට සේවයේ හොද අංකයක් තිබෙනවා. බාප්දාදා ඔබට ඒ සදහා සහතිකයක් පවා ලබා දෙනවා. ඉතා හොද උනන්දුවක් සහ උද්යෝගයක් තිබෙනවා. ගුජරාත් අංක එක හිමි කරගෙන තිබෙනවා. එබැවින් අංක එකට පැමිණීම වෙනුවෙන් සුබ පැතුම්. දැන් අඩු තරමින් ඔවුන්ගේ හඩට ටිකක් සවන් දෙන්න. දුප්පත් අසරණ අය බොහෝ සේ කන්නලව් කරනවා. ඔවුන්ගේ හදවත් වලින් ඔවුන් අමතනවා. ඔවුන් බොහෝ අසරණයි. විද්‍යාඥයින්ද බොහෝ සේ හඩ නගනවා: එය කළ යුත්තේ කවදාද? අප එය කළ යුත්තේ කවදාද? එය කළ යුතු වන්නේ කවදාද? ඔවුන් හඩ නගමින් සිටිනවා. ඔබට අද කේක් කැපිය හැක, නමුත් හෙට සිට ඔවුන්ගේ හඩට සවන් දෙන්න. සංගම යුගයේ ප්‍රීතිය වන්නේ උත්සවශ්‍රීයෙන් සැමරීමයි. එක් අතකින් සමරන්න එමෙන්ම අනෙක් අතට එම ජීවාත්ම නිර්මාණය කරන්න. අච්චා. ඉතිං ඔබ ඇසුවේ කුමකටද?

ඔබට මෙම ගීතය තිබේ: දුකින් සිටින අයට ටිකක් අනුකම්පා කරන්න. ඔබ හැර වෙනත් කිසිවෙකුට දයාව දැක්විය නොහැක. එබැවින් දැන් කාලයට අනුව, මාස්ටර් දයාවේ සාගර වන්න. තමාට සහ සියලුම ජීවාත්මයන්ට දයාව දක්වන්න. දැන් ඔබගේ ස්වරූපය, සියලු දෙනාට විවිධ ආලෝක කිරණ ලබා දෙන ප්‍රදීපාගාරයක් කරන්න. සියලු දේ අහිමි, ලෝකයේ සියලු ජීවාත්මයන්ට, ලැබීම් වල කිරණ බිඳිති ඉසින්න. අච්චා.

පියාගේ පිළිරූ වන සියලු ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, පරම පියාට සමීප සහ නිරන්තර උනන්දුව සහ උදයෝගය ඇති ජීවාත්මයන්ට, තබන සෑම පියවරක්ම පියාගේ පියවරට සමානව තබන දරුවන්ට, ඔවුන්ගේ බ්‍රහ්මින් උපත වෙනුවෙන් සුබ පැතුම් ලැබීමට සුදුසු, සෑම තැනකම සිටින දරුවන්ට, ඒකාග්‍රතාවයේ (ස්ථාවරත්වයේ) බලයෙන් පිරි ඇති ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ කෝටි-ගුණයක උපන් දින සුබ පැතුම්. සුබ පැතුම්, සුබ පැතුම් සහ නමස්කාරය.

ආදරණීය අව්‍යක්ත බාප්දාදා ඔහුගේ දෑතින් ශිවාගේ ධජය ඔසවා සියලු දෙනාට සුබ පැතුම් ලබා දුන්නා.

මෙදින සියලු දෙනා ඔවුන්ගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් ලබා දී, ලබා ගත් අතර ධජය ද එසවීය. කෙසේවෙතත්, ඔය සියලු ජීවාත්ම ලෝක ගෝලය මත සිටගෙන, සියලු දෙනාම ඔබගේ මුහුණු මත පරම පියාගේ ධජය දකින දිනය ඉතා ඉක්මනින් පැමිණීමට තිබේ. රෙදි වලින් සැදි ධජය තිබෙන්නේ නමට පමණක් වුවද, ඔය සෑම දරුවෙකුගේම මුහුණ, පරම පියාගේ පිළිරුව පෙන්විය යුතුයි. ඔබ එවන් ධජයක් එසවිය යුතුයි. ඔබ එම දිනය ඉතා, ඉතා ඉතාම විගසින් ගෙන ආ යුතුයි. එය පැමිණිය යුතුයි. එය පැමිණිය යුතුයි.

වරදානය:
ඔබ සියලු සීමිත රාජකීය ආශාවන්ගෙන් නිදහස්ව සිට සේවය කරන, පරහිතකාමී සේවාධාරියෙක් වේවා.

බ්‍රහ්ම පියා, සියලු කර්මික බන්දන වලින් නිදහස්ව සහ නොබැදිව සිටින අයුරු ඔප්පු කර පෙන්වීය. ඔහුට සේවය සහ සෙනෙහස හැර වෙනත් බන්දනයක් නොතිබිණි. සේවය කිරීමේදී ඇති ඕනෑම සීමිත, රාජකීය ආශාවන්, එම කර්මික බන්දනයේ ඔබව බැඳ තබන අතර සැබෑ සේවාධාරීන් එම කර්මික බන්දනයෙන් නිදහස්ව රැදී සිටියි. ශරීර සහ ශාරීරික නෑදෑයින්ගේ බන්දන තිබෙන සේම, සේවයේ යම්කිසි ආත්මාර්ථකාමී චේතනාවක් තිබීමත් බන්දනයකි. එම බන්දනයෙන් සහ සියලු රාජකීය කර්මික ගිණුම් වලින් නිදහස්ව හිදිමින් පරහිතකාමී සේවාධාරියෙක් වන්න.

පාඨය:
පොරොන්දු, ලිපි ගොනුවක තබා නොගන්න, ඒ වෙනුවට ඒවා නිම කිරීමෙන් (ඉටු කිරීමෙන්) ඒවා පෙන්වන්න.

දැන්වීම: අද මාසයේ තුන්වන ඉරු දින, ජාත්‍යන්තර යෝගා දිනය වන අතර සියලු බ්‍රහ්මින් දරුවන් සාමූහිකව ප:ව 6.30 සිට 7.30 දක්වා යෝග තපස්යාවේ අසුන්ගෙන විශේෂයෙන් අශාරීරික ලෝකයේ ගැඹුරු නිශ්ශබ්දතාවයේ අත්දැකීම් ලබා ගනී. ඔබගේ මනස සහ බුද්ධිය එක්තැන් කර, ගිණිකන්දක ස්ථිතියේ ස්ථාවර වී, පරිසමාප්තිය සහ අංග සම්පූර්ණත්වය අත්විඳින්න.