16.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සිහි කිරීමේ වාර්තා සටහනක් තබා ගන්න. ඒ සිහි කිරීම පුරුද්දක් බවට වඩාත් හොඳින් ධාරණය කර ගත් තරමට ඔබගේ පාප සියල්ල කැපී ගොස් ඔබ ඔබගේ කර්මතීත් අවධියට වඩාත් සමීප වනු ඇත.

ප්‍රශ්නය:
ඔබ නිවැරදිම වාර්තාවක් සටහන් කර ඇත්දැයි කියා දැන ගත හැක්කේ කුමන කරුණු හතරෙන් ද?

පිළිතුර:
1) ඔබගේ පෞරුෂත්වය. 2) ඔබගේ හැසිරීම. 3) ඔබ කරනා සේවය. 4) ඔබගේ සතුට. මෙම කරුණු හතර දෙස බැලීමෙන් ඔබ නිවැරදි වාර්තාවක් සටහන් කර ගන්නවාදැයි කියා බාල්දාදාට කිව හැකියි. කලාගාර වල හා ප්‍රදර්ශන වල සේවය කරනා දරුවන්ගේ වාර්තා සටහනුත් රාජකීය හැසිරිමක් ඇති අසීමිත සතුටකින් සිටිනා අයගේ වාර්තා සටහනුත් අනිවාර්යෙන්ම හොඳ විය හැකියි.

ගීතය:
අහෝ මිනිසාණනි, හදවත් කැඩපතින් ඔබගේ මුහුණ දකින්න ...

ඕම් ශාන්ති.
ඔය දරුවන්ට ගීතය ඇසුණා. තවත් පාප කීයක් ඉතිරි වී තිබෙනවා ද තමන් කුසල් ක්‍රියා කීයක් කර තිබෙනවා ද. ජීවය සතෝප්‍රධාන් වීමට තවත් කෙතරම් කාලයක් ගත වේවිද යන දේවල අර්ථයත් ඔබ අවබෝධ කර ගත යුතුයි. තමන් කෙතරම් දුරට පාරිශුද්ධ වී ඇත්දැයි කියා ඔබට තේරෙනවා. පැය දෙක තුන තමන් පියාව සිහි කරමින් සිටියා යි කියා ඇතැම් අය ලියනවා. තවත් අයෙක් තමන් පැයක කාලයක් පුරා සිටියා යැයි ලියනවා. මේ ඉතාමත් කෙටි කාලයක්. සිහි කිරීම අඩු නම් පාප කැපී යන්නේත් අඩුවෙන්. තවමත් කැපී ගොස් නැති මහා පාප ගණනාවක්ම තිබෙනවා. ජීව සජීවී ජීවාත්ම සත්තාවන් කියා හඳුන්වනවා. එමනිසා, පරමාත්ම පියා කියනවා: අහෝ, ජීවයනි, දැන් තමන්ගෙන්ම අසා ගන්න: මෙය ගිණුමට ගත් විට ඔබගේ පාප කීයක් දැන් මේ වන විට කැපී ගොස් තිබෙනවා ද? තමන් කොයි තරම් දුරට පින්වත් ජීවයක් වී සිටිනවා දැයි කියා ඔබගේම වාර්තා සටහනෙන් ඔබට අවබෝධ කර ගත හැකියි. ඔබ අවසානයේ දී ඔබගේ කර්මතීත් අවධිය ලඟා කර ගනීවි කියා පියා පහදා දී තිබෙනවා. ස්මරණයේ නිරතව සිටීමෙන් එය පුරුද්දක් වී ඔබගේ පාප තව තවත් දිගටම කැපී යාවි. තමන් කොයි තරම් දුරකට පරමාත්ම පියාව සිහිකිරීමේ නිරත වෙනවාදැයි කියා ඔබ තමාවම පරික්ෂා කර බැලිය යුතුයි. මෙහිදී බොරු කීමෙන් ඵලයක් නැහැ. ඔබ ඔබවම පරික්ෂා කර ගත යුතුයි. තම වාර්තා සටහන ලියාගෙන බාබාට දුන්නා නම්, එම සටහන නිවැරදිද නැද්ද කියා බාබාට ඉක්මනින්ම කිව හැකියි. ඔබගේ පෞරුෂත්වය, ඔබගේ හැසිරීම් රටාව, කරනා සේවා ක්‍රියාකාරකම් හා ඔබගේ සතුට දැකීමෙන්ම. ඔබගේ වර්ධනය කුමක්දැයි කියා බාබාට කිව හැකියි. නිරන්තර ස්මරණයක යෙදී සිටින්නේ කවුද? කලාගාර හා ප්‍රදර්ශන ස්ථාන වල සේවයේ නිරතව සිටින්නනුයි. කලාගාර වලට මිනිස්සු නිතර නිතර ඇවිත් යනවා. දිල්ලි කලාගාරයට නිතර නිතර පිරිස පැමිණෙන නිසා නැවත නැවත විස්තර කර දීමට ඔබට සිදු වෙනවා. උදාහරණයක් ලෙස ගතහොත්, විනාශයට පෙර ඉතාමත් කෙටි කාලයක් පමණයි ඉතිරි වී තිබෙන්නේ කියලා ඔබ යමෙකුට කී විට; ඒ කොහොම ද? කියා ඔවුන් අසාවි. එවිට, එසේ කියන්නේ ඔබ නොවෙයි පරමාත්ම පියායි කියන්නේ කියා ඔබ ඔවුන්ට කිව යුතුයි. දෙවියන් කියනා දෙය අනිවාර්යෙන්ම සත්‍යයම විය යුතුයි. එමනිසා, පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: ඔවුන්ට නිතර නිතර කියන්න: මේ ශිව බාබාගේ ශ්‍රීමත් උපදේශයනුයි. මේ අපි නොවෙයි කියන්නේ; මේ ඔහුගේ ශ්‍රීමත්. ඔහු තමයි සත්‍යය. පළමුවෙන්ම ඔබ අනිවාර්යෙන්ම ඔවුන්ට පරම පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. මෙන්න මේ නිසා තමයි බාබා ඔබට සෑම පින්තුරයකම: පරමාත්ම ශිව් පිතා කියයි. කියා ලියන්න කියන්නේ. ඔහු අපට සෑම දෙයක්ම නිවැරදිවම කියනවා. අපි මේ ගැන දැනගෙන සිටියේ නැහැ. අපි ඔබට මෙය කියන්නේ පරමාත්ම පියා අපට කියා තිබෙනා නිසායි. ඇතැම් විට, කිසියම් කෙනෙක් ලඟදීම ලෝක විනාශයක් සිදුවෙනවායි කියා ඒ ගැන අනාවැකි කියා පුවත් පත් වල පළ වී තිබෙනවා. ඔබලා දැන් අසීමිත පරමාත්ම පියාගේ දරුවනුයි. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ අසීමිත බ්‍රහ්ම කුමාරයින් හා කුමාරිත් සිටිනවා. ඔබලා අසීමිත පියාගේ දරුවන් කියා ඔවුන්ට කියන්න. ඔහු තමයි පාරිශුද්ධකරු ඥානයේ සාගරය. පළමුවෙන්ම මෙම කරුණ ඉතාමත් හොඳින් ඔවුන්ට අවබෝධ වුණු පසු ඉතිරි කරුණු ඉදිරියට පැහැදිලි කරගෙන යා හැකියි. විනාශය සිදුවන මොහොතේදී යාදවයින්ගේ හා කව්රවයින්ගේ බුද්ධියේ කිසිම සෙනෙහසක් නොපවතින බව ශිව බාබා කියා තිබෙනවා. ශිව බාබාගේ නම සඳහන් කර නිරතුරුවම ඔහුව සිහිකළ විට ඔය දරුවන්ට යහපතක් සැලසේවි. පරමාත්ම පියා විසින් ඔබට පැහැදිලි කර ඇති දේවල් අනිත් අයට ද නිරතුරුව පහදා දෙන්න. සේවයේ යෙදී සිටිනා අයගේ වාර්තා සටහන් හොඳ වේවි. ඔවුන් මුළු දවස පුරාම පැය අටක් සේවයේ කාර්ය බහුලව නිරතව සිට එක පැයක පමණ විවේකයක් ගන්නවා ඇති. අවම තරමින් පැය හතක්වත් සේවයේ නිරතව සිටීවි. ඔවුන්ගේ පාප විශාල ප්‍රමාණයක් දුරු වී යන බව ඔබලාට තේරුම් ගත හැකියි. පරමාත්ම පියාගේ හැඳින්වීම නිතර නිතර බොහෝ පිරිසකට දෙන සේවයට ලැදි දරුවන්ට පරමාත්ම පියා අනිවාර්යෙන්ම ආදරය කරාවි. අන් අයට යහපත සලසන අයව පියාට පෙනෙනවා. ඔවුන් දිවා රෑ අන් අයට යහපතක්ම කිරීමට උත්සාහ දරණවා. බොහෝ දෙනෙකුට යහපත සලසනවා යනු තමාටම යහපත සලසා ගැනීමයි. ශිෂ්‍යත්වයක් දිනා ගත හැක්කේ බොහෝ දෙනෙකුට යහපත සැලසූ අයටයි. ඔය දරුවන්ගේ රාජකාරිය මෙයයි. ඔබ ගුරුවරයෙක් වී බොහෝ පිරිසකට මඟ පෙන්විය යුතුයි. පළමුවෙන්ම. ඔබ මෙම ඥානය හොඳින් ධාරණය කර ගත යුතුයි. ඔබ කාටවත් යහපතක් සැලසුවේ නැතිනම් ඉන් අදහස් වන්නේ එය ඔබගේ වාසනාවේ නොමැති බවයි. දරුවන් කියනවා: බාබා, රැකියාවක් කිරීමෙන් අපව නිදහස් කරවන්න. එවිට අපට සේවයේ නිරත විය හැකියි කියලා. එවිට බාබා ඔබ සේවය සඳහා සැබෑවටම සුදුසු කෙනෙක් ද බන්ධන වලින් නිදහස් ද කියා සොයා බලනවා. එහෙම පමණයි රුපියල් 500ක් 1000ක් උපයනවාට වඩා බොහෝ පිරිසකට යහපත සැලසීමේ සේවයේ නිරත වීම ඔබට හොඳයි කියා බාබා කියන්නේ. ඒත් ඔබ බන්ධන වලින් නිදහස් නම් පමණයි. එසේනම් බාබා මෙම උපදේශය දේවි. ඔබ සේවය කළ හැකි කෙනෙක් නම්. එසේ සේවය කළ හැකි දරුවන්ව එහාට මෙහාට සෑම තැනකටම ආරාධනා කරනවා. ශිෂ්‍යයින් පාසලක ඉගෙන ගන්නවා. මෙයත් අධ්‍යයනයක්. මේ උපදෙස් සාමාන්‍ය උපදෙස් නොවෙයි. සත්‍යය යනු සත්‍යය කතා කරන්නායි. අපි ශ්‍රීමත් වලට අනුව මෙය ඔබට පහදා දෙනවා. දෙවියන්ගේ උපදෙස් ඔබට ලද හැක්කේ දැන් පමණයි. පරමාත්ම පියා කියනවා: ඔබ දැන් නිවස බලා යා යුතුයි. දැන් ඔබගේ අසීමිත සතුටේ උරුමය දිනා ගන්න. සෑම කල්පයකදීම දිව්‍යලෝකය ස්ථාපනය වන නිසා ඔබත් ඔබගේ උරුමය සෑම කල්පයකදීම දිනා ගනිමින් සිටියා. මෙම ලෝක චක්‍රය වසර 5000ක් පුරා පවතින බව වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. මිනිසුන් සිටින්නේ ඝණ අන්ධකාරයකයි. නමුත් ඔබ සිටින්නේ දීප්තිමත් ආලෝකයේයි. දිව්‍යලෝකය ස්ථාපනය කරන්නේ පරමාත්ම පියා පමණයි. පිදුරු ගොඩට ගිණී ඇවිළුණත් මිනිස්සු මෝහ අන්ධකාර නිද්‍රාවේ නිදාගෙන සිටි බව කියැවෙනවා. අසීමිත පියා ඥාන සාගරය බව ඔය දරුවන් දන්නවා. ඉහළම ඉහළ පියාගේ කාර්යයත් ඉහළම ඉහළයි. දෙවියන් ඉතාමත් බලවත් නිසා ඔහුට ඕන ඕන දේ කළ හැකියි කියා දෙයක් නැහැ. මෙම නාටකය සදහටම තීරණය වූවක්. සියල්ල සිදුවන්නේ නාටකයට අනුවයි. මිනිසුන් රාශියක් යුද්ධයේ දී මිය යනවා. ඒක නාටකයේ නියමිත දෙයක්. ඒකට දෙවියන් මොනවා කරන්න ද? භුමි කම්පා සිදු වන විට මිනිස්සු වේදනාවේ කෑගසනවා: අහෝ දෙවියනි. කියලා. නමුත් දෙවියන් මොනවා කරන්න ද? මෙහි පැමිණ ලෝකය විනාශ කරන්නැයි කියා ඔබ දෙවියන්ට කන්නලව් කළා. මෙම අපිරිසිදු ලෝකයට පැමිණෙන්නැයි කියා ඔබ ඔහුට ආරාධනා කළා. නව ලෝකය ස්ථාපනය කර පැරණී ලෝකය විනාශ කරන්නැයි කියා ඔබ ඔහුට ආරාධනා කළා. මම මේක කරන්නේ නැහැ: එය නාටකයේ තීරණය වී ඇත්තක්. හේතුවකින් තොරව ලේ ගංගා ගලාවි. එයින් කිසිම කෙනෙක්ව ආරක්ෂා කරවීමේත් ඵලයක් නැහැ. ලෝකය අළුත් කරන්නැයි කියා ඔබ ඔහුට කිව්වා, ඉතින් අනිවාර්යෙන්ම සියලුම අපිරිසිදු ජීවයන්ට පිටව යාමට සිදු වේවි. ඇතැම් අයට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔවුන්ට ශ්‍රීමත් යන්නෙහි අරුතවත් තේරෙන්නේ නැහැ. දෙවියන් කියන්නේ කවුදැයි කියා ඔවුන් දන්නේ නැහැ: ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඇතැම් දරුවන් හොඳින් ඉගෙන නොගත් විට ඔවුන්ට ඇත්තේ ගල් බුද්ධියක් කියා ඒ දෙමාපියන් කියාවි. ස්වර්ණමය යුගයේ දී එහෙම කියන්නේ නැහැ. කලි යුගයේ ඇත්තේම ගල් බුද්ධි ඇති අයයි. දිව්‍යමය බුද්ධියක් ඇති අයෙක් මෙහි සිටින්න බැහැ. මේ දිනවල මිනිස්සු කරන්නේ මොනවාදැයි කියා මදක් බලන්න. ඔවුන් එක් අයෙකුගේ හදවතක් අරගෙන තවත් කෙනෙකුට බද්ධ කරනවා. එය කිරීමට ඔවුන් මහත් වෙහෙසක් දරණවා. නමුත් ඉන් ඇති ඵලය කුමක්ද? වැඩිම වුණොත් තවත් දින කිහිපයක් ඒ පුද්ගලයාව ජීවතුන් අතර තබා ගත හැකි විය හැකියි. බොහෝ අය ප්‍රාතිහාර්ය බලත් ඉගෙත ගන්නවා, නමුත් ඒ කිසිවක කිසිම ඵලයක් නැහැ. මිනිස්සු දෙවියන්ව සිහි කරන්නේ පැමිණ ඔවුන්ව පාරිශුද්ධ ලෝකයක හිමිකරුවන් බවට පත් කරන්නයි කියලායි. ඔවුන් කියනවා: අපි මෙම අපිරිසිදු ලෝකයේ සිටින්නේ මහත් වේදනාවකින්. ස්වර්ණමය යුගයේ ලෙඩරෝග හෝ දුක් කරදර කියා දෙයක් නැහැ. ඔබ දැන් පරම පියාගෙන් ඉතාමත් ඉහළ තැනක් දිනා ගන්නවා. මෙහි සිටිනා මිනිසුනුත් ඉගෙන ගෙන උසස් උපාධි ආදිය ගත්තවා. ඔවුන් බොහෝ සතුටට පත් වෙනවා. නමුත් ඔවුනුත් ජීවත් වන්නේ තවත් කෙටි කාලයක් පමණයි කියා ඔය දරුවන් දන්නවා. සෑම කෙනෙකුගේම හිස මත මහා විශාල පාප බරක් පැටවී තිබෙනවා. ඔවුන්ට විශාල දඬුවම් විඳීමට සිදු වේවි. තමන් අපිරිසිදුයි කියා ඔවුන් සැලකුවත් පාපයේ ගැලීම පාපයක්, එයින් ඔවුන් පාපකාරී වෙනවා කියා ඔවුන් සිතන්නේ නැහැ. ආරම්භයේ පටන්ම පවුල් ආශ්‍රම තිබුණා කියා ඔවුන් කියනවා. ස්වර්ණමය යුගයේ තිබුණේ පිරිසිදු පවුල් මාර්ගයක් බවත් එහි කිසිම පාපකාරී ජීවයක් නොසිටි බවත් ඔවුන්ට කියා දී තිබෙනවා. මෙහි සිටිනා සෑම කෙනෙක්ම පාපකාරී ජීවයනුයි; මෙත්ත මේ නිසා තමයි ඔවුන් දුක් විඳින්නේ. මෙහි ඇත්තේ තාවකාලික සතුටක් පමණයි. මිනිස්සු ලෙඩ වී මිය යනවා. මාරයා කට ඇරගෙන ඉන්නවා. මිනිස්සුන්ගේ හදවත් හදිසියේම අක්‍රිය වෙනවා. මෙහි ඇති සතුට කපුටෙකුගේ වර්චස් පිඩක් වැනියි. එහි ඔබට අසීමිත සතුටක් තිබෙනවා. ඔබ මුළු ලෝකයේම පාලකවරුන් වෙනවා. එහි කිසිම ආකාරයක දුකක් නැහැ. එහි අධික උෂ්ණයක්වත් අධික සීතලක්වත් නැහැ. දිගටම ඇත්තේ වසන්ත සමයයි. මහාභුත පවා අණසකට යටත්. දිව්‍යලෝකය කියන්නේ දිව්‍යලෝකයයි. දිවා රෑ වගේ වෙනසක් තිබෙනවා. දිව්‍යලෝකය ස්ථාපනය කරන්නැයි කියා ඔබ පරමාත්ම පියාට කතා කළා. එමනිසා, ශිව් දෙවියන් කතා කරයි යන්න සෑම පින්තුරයකම සඳහන් විය යුතුයි. එවිට අන් අයට ඥානය දෙන විට ඔබට සෑම විටම ශිව බාබාව සිහිපත් වේවි. කලාගාර වල හා ප්‍රදර්ශනාගාර වල කරනා සේවයේ යෝගාවත් ඥානයත් එකට එකතුයි. පියාව සිහි කිරීමේ දී ඔබ කුල්මත් වෙනවා. ඔබ පාරිශුද්ධත්වයට පත් වී මුළු ලෝකයම පාරිශුද්ධ කරවනවා. ඔබ පාරිශුද්ධ වුණු විට ඔබට අනිවාර්යෙන්ම නව ලෝකයක් අවශ්‍ය වේවි. අවසානයේ දී එය පියවීමේ කාලය නිසා සෑම කෙනෙකුගේම ගිණුම් පියවී යාවි. ඔබ වෙනුවෙන් මම නව ලෝකය ස්ථාපනය කළ පසු ඔබ එහි ශාඛා විවෘත කරන්න පටන් ගනීවි. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට දිව්‍යලෝකයේ නව පදනම දමන්න බැහැ. එමනිසා, එවන් පියෙක්ව ඔබ සිහි කළ යුතුයි. ප්‍රභූවරයෙක් මඟින් කලාගාරයක් විවෘත කර ගත් විට එම හඬ පැතිරේවි. ඒ පුද්ගලයාත් මෙහි ඇවිත් කියා මිනිස්සු සිතාවි. ඇතැම් අය තමන් විසින් කළ යුතු කතාව ලියා දෙන්න කියාත් ඔබට කියාවි. ඒක වැරදියි. පළමුව ඔහු සියල්ල අවබෝධ කරගෙන පසුව කතා කරනවා නම් හොඳයි. ඇතැම් අය තම කතාව පළමුව ලියාගෙන ඉදිරිපත් කරනවා වඩාත් නිරවද්‍ය කතාවක් සඳහා. ඔය දරුවන් වාචිකවම පැවසිය යුතුයි. මුළු ඥාන සම්භාරයම ඔය ජීව සත්තාව තුළ තියෙනා නිසා එය අන් අයට දිය හැකියි. මිනිසුන්ගේ ගණන එන්න එන්නම වැඩි වෙනවා; ජනගහනය ඉහළ යනවා. සෑම දෙයක්ම ඉහළ යනවා: මුළු ගසම සම්පූර්ණයෙන්ම දිරාපත් වෙලා. ඔබගේ ධර්මයට අයිති අය මතු වේවි. සෑම කෙනෙක්ටම ක්‍රමයක් තිබෙනවා. සෑම කෙනෙකුටම එකම විදියට ඉගෙන ගන්න බැහැ. ඇතැම් අය ලකුණු සියයට එකක් පමණයි ගන්නේ. ටිකකට ඇහුම් කන්දී එක් ලකුණක් ලැබුවත් දිව්‍යලෝකයට ඔබ ඒවි. මෙය අසීමිත පියා උගන්වනා අසීමිත අධ්‍යයනයයි. මෙම ධර්මයට අයිති අය ඉස්මතු වේවි. පළමුවෙන්ම ඔබ ඔබගේ මුක්ති දේශය වෙතට ආපසු යා යුතුයි. ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් පහළට පැමිණේවි. ඇතැම් අය රිදී යුගය අවසානය වනතෙක්ම පැමිණේවි. බොහෝ අය බ්‍රහමින්වරුන් වුණත් ඒ සෑම කෙනෙක්ම ස්වර්ණමය යුගයට පැමිණෙන්නේ නැහැ. ඔවුත් රිදී යුගයේ අවසානයට පැමිණේවි. මේ කරුණු සියල්ල තේරුම් ගත යුතුයි. අධිරාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතිනා බව බාබා දන්නවා. එමනිසා, සෑම කෙනෙක්ම අඛණ්ඩ විය නොහැකියි. අධිරාජ්‍යයකට විවිධත්වයක් අවශ්‍යයි. පුරවැසියන් හඳුන්වන්නේ පිට අය වශයෙනුයි. එහිදී උපදේශකවරුන් අවශ්‍ය වන්නේ නැහැයි කියා බාබා කියා තිබෙනවා. ලක්ෂ්මි හා නාරායන් ඒ තත්ත්වයට පත් වූයේ ශ්‍රීමත් අනුගමනය කරලායි. එමනිසා, ඔවුන් කාගෙන්වත් උපදෙස් ගන්නා එකක් නැහැ. එහි කිසිම උපදේශකවරයෙක් නැහැ. ඔවුන් අපිරිසිදු වීමට පටන් ගත් විට එක් රජෙකුට හා රැජිණීයකට එක් උපදේශකවරයෙක් ගණනේ සිටිනවා. දැන් උපදේශකවරුන් ගණනාවක්ම සිටිනවා. මෙහි ඇත්තේ මිනිසුන් විසින් මිනිසුන්ව පාලනය කරනා පාලන රටාවකුයි. දෙදෙනෙකුගේ අදහස් එක හා සමාන වන්නේ නැහැ. මිත්‍රත්වය නිසා යමක් කරන්නැයි කියා කෙනෙකුට කියු විට ඔහු එය කරාවි. දෙවැන්නා පැමිණ ඒ දෙය හරියට අවබෝධ කර ගත්තේ නැතිනම් ඔහු සියල්ල විනාශ කර දමාවි. දෙදෙනෙකුගේ බුද්ධීන් කිසිම විටෙක එක හා සමාන වන්නේ නැහැ. එහිදී ඔබගේ සියලුම ආශාවන් ඉටු වෙනවා. මෙහිදී ඔබ මොහොතක් සතුටින් සිට ඊලඟ මොහොතේ දුකට පත් වෙනවා. භක්ති මාර්ගයේ ඔබ බොහෝ සෙයින් ඉබාගාතේ ගියා. ඒකත් නාටකයමයි. ඔබ අසතුටට පත් වුණු විට පියා පැමිණ ඔබට ඔබගේ සතුටේ උරුමය ලබා දෙනවා. පියා ඔබගේ බුද්ධිය විවෘත කර තිබෙනවා. ධනවතුන් සඳහා මෙය දිව්‍යලෝකය බවත් දුප්පතුන්ට අපාය කියාත් මිනිස්සු කියනවා. දිව්‍යලෝකය යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි කියා ඔබ දන්නවා. දිව්‍යලෝකයේ දී කිසිම කෙනෙක් කරුණාබර පියාට කතා කරන්නේ නැහැ. ඔහුට කතා කරන්නේ මෙහිදීයි: කරුණා කරත්වා. දුකින් මුදා ගනිත්වා. කියලා. පරමාත්ම පියා සෑම කෙනෙක්වම සාමයේ දේශය හා සතුටේ දේශය වෙතට නිවහනට ගෙන යනවා. අවිද්‍යා මාර්ගයේදී ඔබත් කිසිවක් දැනගෙන සිටියේ නැහැ. අංක එකේ තමෝප්‍රධාන් අය අංක එකේ සතෝප්‍රධාත් අය වෙනවා. මොහු මොහුගේ ගුණ ගායනා කර ගන්නවා නොවෙයි. සිහි කළ යුත්තේ එකම එක කෙනාව පමණයි. ලක්ෂ්මි හා නාරායන්ව ඒ තත්ත්වයට පත් කරවන්නේ ඔහුයි. ඉහළම ඉහළ කෙනා දෙවියනුයි. ඔහු ඔබව උසස් කරවනවා. සෑම කෙනෙක්ම උසස් නොවන බව බාබා දන්නවා. ඒ වුණත්. ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ මෙහි පැමිණෙන්නේ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන් වීමටයි. ඔබ කියනවා: බාබා අපි දිව්‍යලෝක රාජ්‍යය දිනා ගත්තම්. අප පැමිණ සිටින්නේ සත්‍ය නාරායන්ගේ කතාන්දරයට ඇහුම් කන් දීමටයි. බාබා කියනවා: අච්චා. ඔබ දෙතොලේ රෝස මල් පිපේවා. දැන් උත්සාහ දරන්න. සෑම කෙනෙක්ම ලක්ෂ්මී නාරායන් වන්නේ නැහැ. රාජ්‍යයක් ගොඩනැඟෙනවා. රාජකීය පවුලටත් පුරවැසියන්ගේ පවුල් වලටත් බොහෝ දෙනා අවශ්‍ය වෙනවා. බොහෝ දෙනා මෙහි පැමිණ මෙම දැනුමට ඇහුම් කන් දී පුදුම වෙනවා. ඔවුන් මෙයට ඇහුම් කන් දී පසුව අන් අයටත් කියා දෙනවා. කෙසේවෙතත්, පසුව ඔවුන් පියාව අතහැර දමා යනවා. ඇතැම් අය ආපසුත් එනවා. හොඳ වර්ධනයක් ලත් අයට ඉහළ නැඟිය හැකියි. සියල්ල කැප කර පැමිණෙන්නේ දුප්පතුනුයි. ඔබ ඔබගේ ශරීරය හෝ වෙන ශරීරයක් හෝ සිහි නොකළ යුතුයි. ගමනාන්තය ඉහළයි. තවත් කවුරු හෝ කෙනෙක් සමඟ ඔබට සම්බන්ධතාවයක් තිබෙනවා නම් ඔබ ඒ කෙනාව සිහි කරාවි. එහෙම වුණොත් පියාව සිහි කරන්නේ කෙසේද? ඔබගේ බුද්ධිය මුළු දවස පුරාම අසීමිතත්වයේ රැඳිය යුතුයි. ඔබ විශාල උත්සාහයක් දැරිය යුතුයි. පරමාත්ම පියා කියනවා: මගේ දරුවන් අතරිනුත්, ඉහළම ඉහළ. මධ්‍යම හා පහළම අයත් සිටිනවා. අනිත් අය පැමිණී විට මේ අපිරිසිදු පැරණී ලෝකයේ අයයි කියා සිතනවා. ඒ වුණත් ඔවුන් මෙම යගියාවට සේවය කරනා අය නිසා, ඔවුන්ටත් ගරු කළ යුතුයි. පරමාත්ම පියා ක්‍රම රෑසක් ඇත්තායි. නැතිනම් මෙය නිහඬතාවයේ කුළුණයි. අතිපූජ්‍ය කුළුණයි. පූජනීය පියා මෙහි සිට මුළු ලෝකයම පූජනීය කරවනවා. කිසිම අපිරිසිදු කෙනෙකුට මෙහි පැමිණෙන්න බැහැ. කෙසේවෙතත්, පියා කියනවා: මා පැමිණ සිටින්නේ අපිරිසිදු අය සියලු දෙනාවම පාරිශුද්ධ කරවීමටයි. මටත් මේ ලෙස චරිතයක් තිබෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැත් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේම වාර්තාව දෙස බලා තමාවම පරීක්ෂා කර බලන්න: මම කුසල් කීයක් එක්රැස් කර ගෙන තිබෙනවා ද? ජීවාත්ම සත්තාව කෙතරම් දුරට සතෝප්‍රධාන් වී තිබෙනවා ද? ස්මරණයේ රැඳී සිටිමින් සියලු ගිණුම් පියවා දමන්න.

2. ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට නම් සේවයට ලැදිව බොහෝ දෙනෙකුට යහපත සලස්වා පරමාත්ම පියාගේ සෙනෙහසට ලක් වන්න. ගුරුවරයෙක් වී තවත් බොහෝ දෙනෙකුට මාර්ගය පෙන්වා දෙන්න.

වරදානය:
ඔබ ඔබේ සුරදූත ස්වරූපයෙන් ජීවාත්ම ආකර්ෂණය කර ඔවුන් සියල්ලන්ටම උරුමයේ අයිතිය ලබා දෙන මූර්තියක් වේවා.

දුර සිට ජීවාත්ම ඔබ වෙත ආකර්ෂණය කර ගැනීමට හැකි වන පරිදි ඔබේ සුරදූත ස්වරූපයේ එවැනි බැබලෙන ඇඳුමක් අඳින්න. ඉන්පසු ඔවුන් සියල්ලන්ම යාචකයන්ගෙන් නිදහස් කර ඔවුන්ට උරුමයේ අයිතිය ලබා දෙන්න. ඒ සඳහා මේ ඥානයේ ප්‍රතිමූර්තියක්, ස්මෘතියේ ප්‍රතිමූර්තියක් සහ සියලු දිව්‍යමය ගුණධර්ම වල ප්‍රතිමූර්තියක් බවට පත් වන්න. පියාසර කිරීමේ අදියරේදී ස්ථාවර වීමේ ඔබේ පුහුණුව වැඩි කළ යුතුය. ඔබේ පියාසර අවධිය ඔබේ දේවතා ස්වරූපය බවට පත්වන ඔබේ ඇවිදින සහ චලනය වන සුරදූත ස්වරූපය සෑම කෙනෙකුටම පෙන්වනවා ඇත. මෙය දානපතියෙක් වීමේ සහ ආශිර්වාද පිරිනමන්නෙක් වීමේ අවධිය වේ.

පාඨය:
අන් අයගේ සිත්වල ඇති අභිප්‍රායන් දැනගැනීම පිණිස මන්මනාභව හි නිරතුරුව ස්ථාවරව සිටින්න.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

මනසේ බලයේ කැඩපත වන්නේ ඔබේ වචන සහ ක්‍රියාවන්ය. මේ ඥානය ඇති ජීවාත්මයන් හෝ ඥානය නොමැති ජීවාත්මයන් වුවද, ඔවුන් දෙපාර්ශවය සමඟම වන නෑ සබඳතා සහ සබැදියාවන් වලදී, ඔබේ වචන සහ ක්‍රියාවන් සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් වලින් පිරී තිබිය යුතුය. බලවත් සහ පවිත්‍ර මනසකින් යුතු වූවන්ගේ වචන සහ ක්‍රියා නිරායාසයෙන්ම බලවත් සහ පවිත්‍ර වන අතර ඒවා සුබ පැතුම් වලින් පිරි ඒවා වනු ඇත. බලවත් මනසක් යනු සිහි කිරීමේ බලය උසස් සහ බලවත් වනවා යන්නයි. එවන් ජීවාත්මයන් පහසු යෝගීවරුන් වනවා ඇත.