16.02.25    Avyakt Bapdada      Sinhala Murli     02.02.2004    Om Shanti    Madhuban


මුතුන්මිත්තෙක් සහ වන්දනීය ජීවාත්මයක් යන ස්ව-අභිමානයේ රැදී සිට
ලෝකයේ සියලු ජීවාත්ම පෝෂණය කරන්න. ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගන්න.


අද දින සෑම තැනකින්ම පැමිණි වඩාත්ම ශ්‍රේෂ්ඨ දරුවන් දෙස බාප්දාදා බලමින් සිටිනවා. සෑම දරුවෙක්ම මුතුන්මිත්තෙක් සහ වන්දනීයත්වයට සුදුසුයි. මේ නිසයි ඔබ සියලු දෙනාම මෙම කල්ප වෘක්ෂයේ මුල් වන්නේ. එමෙන්ම ඔබ කඳයි. කඳ ඉබේටම මුළු ගසේම අතු, රිකිලි සහ පත්‍ර සමග සම්බන්ධයි. එබැවින් ඔබ මුළු ගසේම මුතුන්මිත්තන් වන ශ්‍රේෂ්ඨ ජීවාත්ම බව, ඔබ සියලු දෙනා සලකනවාද? බ්‍රහ්ම, මීමුත්තා ලෙස හදුන්වන සේම, ඔබ සියලු දෙනාමත් මාස්ටර් මීමුත්තන් ලෙස ඔහු සමග සිටියි. ඔය මුතුන්මිත්තන් වන ජීවාත්මයන්ට බොහෝ ස්ව-අභිමානයක් ඇත. ඔබ එම කුල්මත් බවේ රැදි සිටිනවාද? ලෝකයේ සියලුම ජීවාත්ම අතරින්, ඔවුන් කුමන ආගමකට අයත් වුවද, සියලු ජීවාත්මයන්ට ක‍ෙඳහි ස්වරූපයෙන් ආධාරක ස්වරූප වන්නේ ඔය මුතුන්මිත්තන්ය. එබැවින් ඔබ මුතුන්මිත්තන් නිසා ඔබ වන්දනීයත්වයටත් සුදුසුයි. ඔය මුතුන්මිත්තන් මාර්ගයෙන් සියලුම ජීවාත්මයන්ට ඉබේටම අඛණ්ඩව සකාශ් (ආලෝක සහ ශක්ති ධාරාවක්) ලැබෙයි. ගසේ රූපය දෙස බලන්න: ගසේ අවසන් පත්‍රයට පවා සකාශ් ලැබෙන්නේ මුල් වලින්. ඔය මුතුන්මිත්තන්ගේ වගකීම කුමක්ද? ඔය මුතුන්මිත්තන්ගේ වගකීම වන්නේ සියලු දෙනාව පෝෂණය කිරීමයි. බාහිර ලෝකයෙන් ආහාර මගින් භෞතික ශක්තියේ පෝෂණය හෝ මුතුන්මිත්තන් මගින් මෙම ඉගෙනුමේ පෝෂණය වුවද ඔබට ලැබෙන්නේ, ඔබව ශක්තියෙන් පිරවීමටයි. එබැවින් පරම පියාගෙන් ඔබට ලැබී ඇති බලයන්ගෙන්, ඔය මුතුන්මිත්තන් වන ජීවාත්ම මගින් ලබා දෙන පෝෂණයෙන්, සියලුම ජීවාත්ම පෝෂණය වනවා.

වත්මන් කාලයට අනුව, සියලුම ජීවාත්මයන්ට දැන් ශක්තියේ පෝෂණය අවශ්‍යයි. ජීවාත්ම අතරේ දුක සහ අසාමයේ රැල්ලක් ඇති බව ඔබ දන්නවා. එබැවින් ඔය මුතුන්මිත්තන් ජීවාත්ම, ඔය වන්දනීය ජීවාත්මයන්ට, ඔබගේ පරපුර වෙනුවෙන් අනුකම්පාවක් දැනෙනවාද? පූර්ණ අසාමයේ (කලබල) වාතාවරණයක් තිබෙන විට, හමුදාව සහ පොලිසීය විශේෂ අවදියකින් සිටියි. ඒ අන්දමින්ම, වත්මන් වාතාවරණය තුළ, ඔබ විශේෂ සේවයක් කිරීමට උපකරණ බව, ඔය මුතුන්මිත්තන් සලකනවාද? මුළු ලෝකයටම ඔබ උපකරණ බවට අවධානය ඔබට තිබෙනවාද? වර්ථමානයේ ලෝකයේ සියලුම ජීවාත්මයන්ට ඔබගෙන් සකාශ් අවශ්‍යයි. තමන් අසීමිත මුතුන්මිත්තන් ජීවාත්ම බව ඔබ අත්විදිනවාද? ඔබ ලෝක සේවය සිහි කරනවාද, නැත්නම් ඔබට සිහි වන්නේ ඔබගේ මධ්‍යස්ථානයේ සේවය පමණක්ද? වර්ථමානයේ ජීවාත්ම, ඔය මුතුන්මිත්තන්ට, ඔය දේවතා ජීවාත්මයන්ට කන්නලව් කරමින් සිටියි. ඔවුන් සියලු දෙනාම ඔවුන්ගේම විවිධ දෙවිවරු සහ දෙවගනන්ට, ඔවුන්ගේ දේවතාවන්ට කන්නලව් කරමින් සිටියි: “පැමිණෙන්න! අපට සමාව දෙන්න, අපට අනුකම්පා කරන්න!” එබැවින් ඔබට බැතිමතුන්ගේ හඩ ඇසෙනවාද? ඔබට මෙය ඇසෙනවාද, නැද්ද? ජීවාත්ම කුමන ආගමකට අයත් වුනත්, ඔබ ඔවුන්ව මුණගැසෙණ විට, ඔබ සියලු ජීවාත්මයන්ගේ මුතුන්මිත්තන් බව සලකමින් ඔවුන්ව මුණගැසෙනවාද? ඔවුන්ද ඔය මුතුන්මිත්තන්ගේ අතු සහ රිකිලි බව ඔබ අත්දකිනවාද? ඔවුන්ටද සකාශ් ලබා දෙන්නේ ඔය මුතුන්මිත්තන්ය. ඔබගේ කල්ප වෘක්ෂයේ පිංතූරය ඔබ ඉදිරියට ගෙනැවිත්, තමන්ගේ ස්ථානය බලා ගැනීමට ඔබ දෙස බලන්න. ඔබ සිටින්නේ මුල් වලයි, කඳත් ඔබයි. එයට අමතරව පරම දනව්වේ තමන් දෙස බලන්න. ඔය මුතුන්මිත්තන් ජීවාත්මයන්ගේ ස්ථානය, පරම පියා සමගයි, ඔහුට සමීපව. ඔබ මෙය දන්නවා නේද? ඔබට මෙම කුල්මත්භාවය තිබී, ඔබ ඕනෑම ජීවාත්මයක් මුණගැසෙන විට, එවිට සියලු ආගම්වල ජීවාත්ම ඔබ දෙස මෙම ද්‍රිෂ්ඨියෙන් බලයි: “ඔබ අපගේය, ඔබ අයිති අපටයි.” ඔබ අන් අයව හමුවී, ඔවුන්ගේ මුතුන්මිත්තන් වීමේ කුල්මත් බව, අවධානය, දැක්ම සහ ආකල්පය ඔබට ඇත්නම්, ඔවුන්ටද එම අයිතිවීමේ හැගීම තිබෙයි. ඔබ සියලු දෙනාගේ මුතුන්මිත්තන් නිසා ඔබ සියලුම දෙනාට අයත්ය. ඔබ මෙම අවධානය ඇතිව සේවය කිරීමෙන් ඔවුන්ට නැවත වරක් ඔවුන්ගේ මීමුත්තන්ව සහ ඔවුන්ගේ විශේෂ ආදරණීය දේවතාවන්ව හමුවී ඇති බව, සෑම ජීවාත්මයක්ම අත්විදිවි. ඉන්පසුව වන්දනීයත්වයට සුදුසු වීම අතින්, ඔබගේ වන්දනාව බොහෝ ශ්‍රේෂ්ඨයි. ඔය දේවතා ජීවාත්මයන්ව වන්දනා කරන තරම් නිවැරදි අන්දමට කිසිම ධර්මිෂ්ඨ ආත්මයක් හෝ මහා ආත්මයක්ව වන්දනා කෙරෙන්නේ නැත. ඔවුන්ද වන්දනීය වන නමුත් ඔබව වන්දනා කරන ආකාරයට නිවැරදි අන්දමට විනානුකූලව ඔවුන්ව වන්දනා කරන්නේ නැත. ඔබගේ වර්ණනාව දෙසත් බලන්න. මිනිසුන් බොහෝ විනයානූකූලව ප්‍රශංසාවේ බැති ගීත ගායනා කර, ආර්ති (බන්දේසියක තබන ලද පහන් වලින් සිදු කරන චාරිත්‍රයක්) සිදු කරයි. මේ ආකාරයට වන්දනාවට සුදුසු වන්නේ ඔය මුතුන්මිත්තන් පමණයි. එබැවින් ඔබ එවන් ජීවාත්ම බව ඔබ සලකනවාද? ඔබට මෙම කුල්මත් බව තිබෙනවාද? ඔබට කුල්මත් බවක් තිබෙනවාද? තමන් මුතුන්මිත්තන් ජීවාත්ම බව සලකන, මෙම කුල්මත් බව සහ අවධානය තිබෙන අය අත් ඔසවන්න! ඔබට මෙම අවධානය තිබෙනවාද? අච්චා. මෙම අවධානය තිබෙන අය අත් ඔසවන්න! බොහොම හොදයි. ඉතිං දැන් ඊළග ප්‍රශ්නය කුමක්ද? ඔබට මෙම අවධානය නිරන්තරයෙන් තිබෙනවාද? ඔබට මෙය නිරතුරුව තිබෙනවාද?

බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම සියලු ලැබීම් වලින් අවිනාශී (සදාතනික) විය යුතු බවයි; ඇතැම් විට පමණක් නොවෙයි. ඇයි? ඔබ ඉතා දක්ෂ ලෙස පිළිතුරු දෙන අතර ඔබ පවසන්නේ කුමක්ද? ඔබට මෙම අවධානය තිබෙනවා. ඔබට ඉතා හොදින් මෙම අවධානය තිබෙන අතර ඉන්පසුව ඔබ පවසන්නේ: “ඇතැම් විට එය ඉතා සෙමින් අඩුවෙයි.” බලන්න, පරම පියා අවිනාශීය, ඔය ජීවාත්මත් අවිනාශීය. ලැබීම්ද අවිනාශීය. ඔබට අවිනාශී ඒකායන කෙනාගෙන් මෙම අවිනාශී දැනුම ලැබෙයි. එබැවින් ඔබගේ ධාරණාව විය යුත්තේ කුමක්ද? එය අවිනාශී විය යුතුද, ඇතැම් විට පමණක්ද?

කාලයේ සිදුවීම් වලට අනුව, බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ ඔය සියලුම දරුවන් නිරන්තරයෙන් අසීමිත සේවය සිදු කරනවා දැකීමටයි, මන්ද, ඔබ සේවයේ කාර්යබහුල වන විට, ඔබ බොහෝ අන්දමේ කැලඹීලි වලින් ආරක්ෂා වෙයි. ඔබ සේවය කරන ඕනෑම විටෙක, සැලසුම් සාදන විට හෝ එම සැලසුම් ප්‍රායෝගික ස්වරූපයකට දමන විට, ඔබට සාර්ථකත්වයත් හිමි වෙයි. කෙසේවෙතත්, බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ තුන් ආකාරයේම සේවය එකවර සිදුවීමටයි. වචන වලින් කරන සේවය පමණක් නොවෙයි, නමුත් ඔබගේ මනසින් සිදු කරන සේවය, වචන වලින් කරන සේවය මෙන්ම ක්‍රියා තුළින් සිදු කරන සේවය සිදු විය යුතුයි, එනම්, ඔබ සමග නෑ සම්බන්ධතාවයකට පැමිණෙන අය වෙනුවෙන් සේවය සිදුකළ යුතුයි. සේවය කිරීමේ චේතනාව තිබිය යුතුයි, සේවය කිරීමේ හැගීම් තිබිය යුතුයි. මෙකල, වචන වලින් සිදු කරන සේවයේ ප්‍රතිශතය වැඩියි. මනසින් සිදු කරන සේවය සිදුවන නමුත් වචන වලින් සිදු කරන සේවයේ ප්‍රතිශතය වැඩියි. ඔබ එකවර තුන් ආකාරයේම සේවය සිදු කිරීමෙන්, සේවයේ වඩා වැඩි සාර්ථකත්වයක් ඇති වෙයි.

මේ කණ්ඩායමේ විවිධ අංශ වලින් (වෘත්තීන්) ජීවාත්ම පැමිණ ඇති බව සහ සේවය කිරීමට ඉතා හොද සැලසුම් සාදන බවට පුවත බාප්දාදාට අසන්නට ලැබුණා. ඔබ හොදින් සියල්ල සිදු කරනවා, නමුත් එකවර තුන් ආකාරයේම සේවය සිදු කිරීමෙන්, සේවය වඩාත් වේගවත් වී, එය වර්ධනය වෙයි. සෑම තැනකින්ම දරුවන් පැමිණ ඇති අතර මෙය දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. අළුත් දරුවන් උනන්දුවෙන් සහ උද්යෝගයෙන් මෙහි ළගා වනවා.

දැන් බාප්දාදාට අවශ්‍ය වන්නේ සියලුම දරුවන් ඔවුන්ගේ නිරන්තරයෙන් බාධක වලින් නිදහස් ස්වරූපයේ සිටිනවා දැකීමටයි. ඇයි? උපකරණ වන ඔබ, බාධක වලින් නිදහස්ව සිටීමේ ස්ථාවර වන විට, ඔබට ලෝකයේ සියලුම ජීවාත්මයන්ව බාධක වලින් සහ සියලු ගැටළු වලින් නිදහස් කිරීමට හැකි වෙයි. මේ සදහා විශේෂයෙන් කාරණා දෙකක් වැදගත් බව සලකන්න. ඔබ මෙය කරන නමුත් එය වැදගත් බව තව වැඩියෙන් සලකන්න. ප්‍රථමයෙන්, සෑම ජීවාත්මයක් දෙස, ඔබගේ ජීවාත්ම අවධාන ද්‍රිෂ්ඨියෙන් බලන්න. ඔවුන්ගේ ආදි සංස්කාර ස්වරූපයෙන් ජීවාත්ම දෙස බලන්න. ජීවාත්මයකට කුමන ආකාරයේ සංස්කාර තිබුණත්, සියලු ජීවාත්මයන්ගේ පරිවර්ථනය සදහා ඔබගේ සුබ පැතුම්, පිවිතුරු හැගීම් සහ උසස් හැගීම් මගින් කෙටි කාලයකට එම ජීවාත්මයේ සංස්කාර පරිවර්ථනය කළ හැක. ජීවාත්ම අවධාන හැගීම් මතු කර ගන්න. ආරම්භක කාලයේ, සමූහයක් තුළ සිටින අතරත්, ඔවුන්ට ජීවාත්ම අවධාන ද්‍රිෂ්ඨියක්, ජීවාත්ම අවධාන ආකල්පයක් සහ ජීවාත්මයක් තව ජීවාත්මයක් මුණගැසෙන බව, ජීවාත්මයක් තවත් ජීවාත්මයකට කතා කරන බවට අවධානය ඔවුන්ට තිබුණි. මෙම දැක්ම තුළින් ඔවුන්ගේ අත්තිවාරම ඉතා ශක්තිමත් විය. දැන් සේවයේ ව්‍යාප්තිය සමග සහ සේවයේ වර්ධනයට අනුව සෑම දෙයක් සමග ඇති ඔබගේ සම්බන්ධතාවය නිසා, අන්තර් සම්බන්ධතා පවත්වමින්, කතා කරමින්, අන් අය සමග සබැදියාවකට පැමිණීම නිසා, ජීවාත්ම අවධාන හැගීම් ටිකක් යටපත් වී ඇත. ඒවා සම්පූර්ණයෙන් අවසන් වී නැති නමුත් ඒවා යටපත් වී ඇත. ජීවාත්ම අවධානයේ ස්ව-අභිමානය, ජීවාත්මයකට පහසුවෙන් සාර්ථකත්වය ලබා ගැනීමට මග පාදයි. මන්ද, අද මෙහි එකට එක්රැස් වී ඇති ඔබ සියලු දෙනා කවුරුන්ද? ඔබ පෙර කල්පයේ සිටි එම දේවතා ජීවාත්මමයි, මෙහි එක්රැස්වී සිටින එම බ්‍රහ්මින් ජීවාත්මමයි. බ්‍රහ්මින් ජීවාත්ම ස්වරූපයෙන් ඔබ සියලු දෙනාම ශ්‍රේෂ්ඨ ජීවාත්මයි. දේවතා ජීවාත්ම වීම අතින්ද ඔබ ශ්‍රේෂ්ඨ ජීවාත්මයි. මෙම ස්වරූපය තබාගන්න අතර අන් අය සමග නෑ සබදතා ගොඩනගා ගන්න. සෑම මොහොතකම පරීක්ෂා කරන්න: මා වන මෙම දේවතා ජීවාත්මයට, මෙම බ්‍රහ්මින් ජීවාත්මයට, මා වෙනුවෙන්ම ඇති ශ්‍රේෂ්ඨ වගකීම සහ ශ්‍රේෂ්ඨ සේවය කුමක්ද? ආශිර්වාද දීම සහ ආශිර්වාද ලබා ගැනීම. ඔබගේ අජීව ප්‍රතිමා සිදු කරන සේවය කුමක්ද? එම ජීවාත්ම කෙබදු අය වුනත්, ඔවුන් යන්නේ ආශිර්වාද ලබා ගැනීමට වන අතර ඔවුන් ආපසු පැමිණෙන්නේ ආශිර්වාද ලබා ගෙනයි. උත්සාහ දැරීම වෙහෙසකාරී ක්‍රියාවක් බව යම් කෙනෙක් සිතන්නේ නම්, එවිට පහසුම උත්සාහය වන්නේ, දවස පුරාම ඔබගේ ද්‍රිෂ්ඨියෙන්, ආකල්පයෙන්, වදන් සහ හැගීම් වලින් සියලු දෙනාට ආශිර්වාද දීම සහ ආශිර්වාද ලබා ගැනීමයි. ඔබගේ නම්බු නාමය සහ ආශිර්වාදය වන්නේ: මහා දානපති. සේවය කරන අතර සහ අන් අය සමග නෑ සම්බන්ධතා පවත්වන අතර මෙම කාර්යය සරළව සිදු කරන්න: ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගන්න. මෙය අපහසුද? නැත්නම් එය පහසුද? එය පහසු බව සිතන අය අත් ඔසවන්න! කෙසේවෙතත්, යම් කෙනෙක් විරුද්ධ වන්නේ නම්? ඒ තිබියදී ඔබ ඔවුන්ට ආශිර්වාද ලබා දෙනවාද? ඔබ ආශිර්වාද ලබා දෙනවාද? ඔබට එතරම් ආශිර්වාද තොගයක් තිබෙනවාද? ඔව් සැබවින්ම විරුද්ධතා තිබෙයි, මන්ද, ඔබට ඔබගේ තත්ත්වයට ළගා වීමට මග පාදන්නේ විරුද්ධකම්ය. බලන්න උපරිම එදිරිවාදිකම් වලට මුහුණ දුන්නේ බ්‍රහ්ම පියාය. ඔහුට විරුද්ධ වුණා නේද? කෙසේවෙතත්, අංක එකේ තත්ත්වය හිමි කරගත්තේ කවුද? එය හිමි කරගත්තේ බ්‍රහ්ම නොවේද? කුමක් සිදු වුනත් මා බ්‍රහ්ම කළ ආකාරයටම ආශිර්වාද ලබා දිය යුතුයි. බ්‍රහ්ම බාබා ඉදිරියේ නිෂ්ඵල දේවල් කතා කළ හෝ නිෂ්ඵල දේවල් සිදු කළ කිසිවෙකු සිටියේ නැද්ද? කෙසේවෙතත්, බ්‍රහ්ම පියා ඔවුන්ට ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගත්තා; ඔහු ඉඩ දීමේ බලය, ඔහු සමග තබා ගත්තා. “ඔහු දරුවෙක් පමණයි. ඔහු යම් දවසක වෙනස් වෙයි.” ඒ අන්දමින්ම ඔබ තුළත් මෙම ආකල්පය සහ මෙම දැක්ම තිබිය යුතුයි. “මෙම කෙනා පෙර කල්පයේ අයෙක්, අපගේ පවුලේ කෙනෙක්, අපගේ බ්‍රහ්මින් පවුලෙන්. මාව පරිවර්ථනය කර, ඉන්පසුව මා අන් අයව පරිවර්ථනය කළ යුතුයි.” “ඒ කෙනා වෙනස් වූ පසුව මා වෙනස් වනවා” නොවෙයි. නමුත්, “මා වෙනස් වී, අන් අයව වෙනස් කළ යුතුයි. මගේ වගකීම මෙයයි.” ආශිර්වාද මතු වී, ඔබට ආශිර්වාද ලැබෙන්නේ එවිට පමණයි.

දැන් කාලය විගසින් පරිවර්ථනය කරා ළගා වනවා. එය අන්තය කරා යන නමුත්, කාලයේ පරිවර්ථනයට පෙර, ඔය ලෝක පරිවර්ථක ජීවාත්ම, ඔබගේ පරිවර්ථනය තුළින්, අන් අයගේ පරිවර්ථනය වෙනුවෙන් ආධාරක ප්‍රතිරූ විය යුතුයි. ඔබත් ලෝකයට ආධාරක ප්‍රතිමූර්ති, ඉහළ නැංවීමේ ප්‍රතිමූර්ති. ඔය සෑම ජීවාත්මයකටම මෙම අරමුණ තිබිය යුතුයි: මා උපකරණයක් විය යුතුයි. සිතිවිලි වල වත් මෙම කාරණා තුනේ සුළු සලකුණක් පවා නොතිබිය යුතුයි; ඒවා පරිවර්ථනය කරන්න. 1. පරචින්තන් (අන් අය ගැන සිතීම). 2. පරදර්ශන් (අන් අය දෙස බැලීම). ස්වදර්ශන් (තමන් දෙස බැලීම) වෙනුවට පරදර්ශන් නොතිබිය යුතුයි. 3. පරමත් (අන් අයගේ උපදෙස්) හෝ පරසංග (අන් අයගේ ඇසුර), නරක ආශ්‍රය. උසස් අයගේ ඇසුරේ සිටින්න, මන්ද, නරක ආශ්‍රය බොහෝ හානි සිදු කරයි. බාප්දාදා ඔබට මින් පෙරද මෙසේ පවසා ඇත: එක ‘පර’ පමණක් රකින (පර-උපකාරි - අන් අයව ඉහළ නංවන) අය වී, අනෙක් “පර” තුන කපා දමන්න. පරදර්ශන්, පරචින්තන් සහ පරමත්, එනම්, නරක ඇසුර. “පර-උපකාරී” වන්න (අන් අයව ඉහළ නංවන) මන්ද, ඔබට ආශිර්වාද ලැබී, ආශිර්වාද දීමට හැකි වන්නේ එවිට පමණයි. අන් අය ඔබට කුමක් ලබා දුන්නත්, ඔබ සරළව ආශිර්වාද ලබා දිය යුතුයි. ඔබට මෙතරම් එඩිතරකමක් තිබෙනවාද? ඔබට මෙම නිර්භීතකම තිබෙනවාද? එබැවින් සියලු මධ්‍යස්ථාන වල සිටින සෑම දරුවෙකුටම බාප්දාදා පවසන්නේ : අන් අය කුමක් ලබා දුන්නත් ඔබ ඔවුන්ට ආශිර්වාද ලබා දිය යුතු බවට එඩිතරකම ඔබ සියලු දෙනාම පවත්වා ගන්නේ නම්, එවිට මේ වසරේ ඔබට තිබෙන එඩිතරකම සහ උද්යෝගයට බාප්දාදා ඔබට අතිරික්ත උපකාර ලබා දෙයි. ඔහු වැඩිපුර උදව් ලබා දෙයි. කෙසේවෙතත්, ඔබ ආශිර්වාද ලබා දුන්නොත් පමණයි; මෙය මිශ්‍ර නොකරන්න. බාප්දාදාට සියලුම වාර්ථා ලැබෙනවා. ඔබගේ සිතිවිලි වල පවා තිබිය යුත්තේ වෙන කිසිවක් නොව ආශිර්වාදම පමණයි. ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? එසේ නම් අත් ඔසවන්න! එවිට ඔබට මෙය කිරීමට සිදුවෙයි. නිකම්ම අත් ඔසවන්න එපා; ඔබ එය කළ යුතුද වනවා. ඔබ එය කරනවාද? මධුබන් වල අය එය කරනවාද? ගුරුවරු මෙය කරනවාද? අච්චා, ඔබ අතිරික්ත ලකුණු රැස් කරගන්නවාද? සුබ පැතුම්! ඇයි? පෙර ගමන් ගිය අය (advanced party) බාප්දාදා වෙතට නැවත නැවතත් පැමිණෙයි. ඔවුන් බාප්දාදාට පවසන්නේ: “අපට ඇඩ්වාන්ස් පාටි අයගේ චරිත කොටස් ලබා දුන් අතර අප ඒවා රගපානවා, නමුත් අපගේ සහකරුවන් ඔවුන්ගේ උසස් මනෝ ස්ථිතිය නිර්මාණය කර නොගන්නේ ඇයි” බාබා ඔවුන්ට ලබා දිය යුත්තේ කුමන ප්‍රතිචාරයක්ද? ඔහු ඔවුන්ට ලබා දිය යුත්තේ කුමන පිළිතුරක්ද? උසස් මනෝ ස්ථිතිය සහ ඇඩ්වාන්ස් පාටි අයගේ චරිත කොටස, යන මේ දෙකම එකතු වූ විට, පරිසමාප්තිය සිදුවිය හැක. ඔවුන් විමසනවා, එබැවින් ඔවුන්ට ලබා දිය යුත්තේ කුමන පිළිතුරක්ද? මෙම මනෝ ස්ථිතිය නිර්මාණය වන්නේ වසර කීයකින්ද? ඔබ සෑම දෙයක්ම සැමරුවා: රිදි ජුබිලිය, ස්වර්ණ ජුබිලිය, දියමන්ති ජුබිලිය. ඔබ සියල්ල සැමරුවා. දැන් උසස් මනෝ ස්ථිතියේ උත්සවය සමරන්න. මෙයට දිනයක් නියම කරගන්න. පාණ්ඩවයන් කතා කරන්න! මේ සදහා දිනයක් නියම කරනවාද? ඉදිරි පේළියේ අසුන්ගෙන සිටින අය කතා කරන්න! මෙයට දිනයක් නියම කරනවාද, නැත්නම් එය හදිසියේ සිදුවනවාද? සිදු වන්නේ කුමක්ද? එය හදිසියේ සිදු වෙයිද, නැත්නම් එය අවසානයේ සිදු වෙයිද? කතා කරන්න! යමක් කියන්න! ඔබ ඒ ගැන සිතනවාද? බාබා නිර්වායි භායිගෙන් විමසනවා : එයට උත්සවයක් තිබෙයිද, එය හදිසියේ සිදු වෙයිද? ඔබ දාදිජීගෙන් විමසනවාද? ඔහු දාදිජී දෙස බලනවා, එබැවින් යමක් කියන්න. ඔබ යමක් කියන්න. බාබා රමේශ් භායිට යමක් පැවසීමට කියයි. (එය යථා කාලයේ සිදු විය යුතුයි). යථා කාලයේ, නමුත් කවදාද? (බාබා, ඔබ අපට දිනයක් දෙන්න, එවිට අප එම දිනයට එය කරන්නම්). අච්චා. බාප්දාදා ඔබට එක අතිරික්ත වසරක දිනය ලබා දී තිබෙනවා. ඔබගේ එඩිතරකම සමග ඔබට අතිරික්ත උදව් ලැබෙයි. ඔබට මෙය කළ හැකියි නේද? මෙය ප්‍රායෝගිකව සිදුකරන්න ඉන්පසුව පියා දිනයක් නියම කරයි. (අපට ඔබගේ උපදේශය අවශ්‍යයි, ඉන්පසුව අපට මේ සදහා වර්ෂය ලෙස 2004 සැමරිය හැක). මින් අදහස් වන්නේ ඔබ තවමත් එතරම් සූදානම් වීමක් සිදුකර නොමැති බවයි. එබැවින් පෙර ගමන් ගිය අයට තව වසරක් බලා සිටීමට සිදු වෙයි, එහෙම නේද? අච්චා. ඔබ දැන් සිට මෙම අරමුණ තබා ගන්නේ නම් - මා මෙය කළ යුතු බව - එවිට එය ඒ ප්‍රමාණයට එකතු වෙයි, මන්ද, “දීර්ඝ කාලයක් පුරා” යන ගිණුම තිබේ. ඔබ මෙය අවසානයේ සිදු කරන්නේ නම්, එවිට “දීර්ඝ කාලයක් පුරා” යන ගිණුම නිවැරදි නොවෙයි. එබැවින් දැන් සිට, කාරුණිකව අවධානයෙන් සිටින්න. අච්චා.

ඔබට මෙම ආධ්‍යාත්මික අභ්‍යාසය මතකද? ඔබට තත්පරයකදි මුතුන්මිත්තෙක් වීමේ මනෝ ස්ථිතියට, ප්‍රදීපාගාරයක් වීමේ, පරම පියා සමග පරම දනව්වේ නිවැසියෙක් වී, ලෝකයට ආලෝකය ලබා දීමේ ස්ථිතියට යා හැකිද? එබැවින් තත්පරයකදි, මේ දේශයේ සහ විදෙස් රටවල සෑම තැනකම සිට සියල්ල දකිමින් සහ සවන් දෙමින් සිටින සියලු දෙනාම, ප්‍රදීපාගාරයක් වී, ලෝකයේ සෑම තැනකම සිටින සියලු ජීවාත්මයන්ට ආලෝකය, සකාශ් සහ බලය ලබා දෙන්න. අච්චා.

ලෝකයේ සෑම තැනකම සිටින ඔය සියලුම මුතුන්මිත්තන් සහ වන්දනීය ජීවාත්මයන්ට, නිරන්තර දානපතියන් ලෙසින්, සියලු දෙනාටම ආශිර්වාද ලබා දෙන සියලු ශ්‍රේෂ්ඨ දානපති ජීවාත්මයන්ට, ඔවුන්ගේ අධිෂ්ඨානයෙන් තමන්ගේම පරිවර්ථනය තුළින් සියලු දෙනාගේ පරිවර්ථනය ගෙන එන ලෝක-පරිවර්ථක ජීවාත්මයන්ට, නිරන්තර ප්‍රදීපාගාර වි, සියලු ජීවාත්මයන්ට ආලෝකය ලබා දෙන සමීප ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ හදවතේ ආශිර්වාද වලින් පිරි නමස්කාරය.

දාදිජී සහ දාදි ජන්කිජීට: එය හොදයි. දාදීන් දෙදෙනාම ඉතා හොද පෝෂණයක් ලබා දෙනවා. ඉතා හොද පෝෂණයක් සිදුවෙමින් පවතිනවා. ඉතාම හොදයි. සේවය කිරීමට ඔබ උපකරණයි. එබැවින් ඔබ සියලු දෙනාම දාදීන් දැකීමෙන් සතුටු වනවා නේද? එසේ නම් ඔබ සතුටින් නේද? වගකීම් තිබීමෙන්ද ඔබට සතුට ලැබෙයි. ඔබට සියලු දෙනාගෙන් බොහෝ ආශිර්වාද ලැබෙයි. සියලු දෙනා සතුටින්ය (දාදීන් දෙදෙනාම බාප්දාදාව වැළද ගත්තා). මෙය දැකීමෙන් ඔවුන් සියලු දෙනා සතුටු වන සේම, ඔබ ඔවුන් මෙන් වන විට බොහෝ සතුට ඇති වෙයි. බාප්දාදා ඔවුන්ව උපකරණ බවට පත් කර ඇත, එබැවින් ඔවුන්ට යම් විශේෂත්වයක් ඇති, ඔවුන්ව උපකරණ බවට පත්කර තිබෙන්නේ මේ නිසයි. කෙසේවෙතත්, එම විශේෂතා ඔබ සියලු දෙනා තුළට ඇතුළු වන්නේ නම් කුමක් සිදු වෙයිද? ඔබගේ රාජධානිය පැමිණෙයි. බාප්දාදා පවසමින් සිටි දිනය පැමිණෙනු ඇත. ඔබ දැන් දිනයක් නියම කළ යුතු බව, ඔබට මතකයි නේද? ඔය සෑම කෙනෙක්ම මෙය වටහාගත යුතුයි: “මා එය නියම කරගත යුතුයි.” සෑම කෙනෙක්ම උපකරණයක් වන්නේ නම්, එවිට ලෝකයේ පුනරුදය නිසැකවම සිදු වෙයි. උපකරණයක් වීමේ අවධානය තිබීම යනු, ගුණධර්ම වල ආකරයක් වීමය. සෑම මොහොතකම උපකරණයක් වීමේ අවධානය තබා ගන්න, එවිට අනෙක් සියලුම ගුණධර්ම පහසුවෙන් පැමිණෙයි, මන්ද, උපකරණයක් වීමේ අවධානය තුළ, “මම” යන සිහිය නොමැත. කැලඹීලි ගෙන එන්නේ මෙම “මම” යන අවධානයයි. උපකරණයක් වීමෙන් “මගේ” යන අවධානයද අවසන් වී, එය “ඔබගේ! ඔබගේ!” වෙයි. ඔබ පහසු යෝගීවරු වෙයි. එබැවින් ඔබ සියලු දෙනා තුළ දාදීන් කෙරෙහි සෙනෙහස තිබේ. ඔබ තුළ බාප්දාදා කෙරෙහි සෙනෙහස ඇත, එබැවින් සෙනෙහසේ ප්‍රතිඋපකාරය වන්නේ ඔබගේ විශේෂතා වලින් සමාන වීමයි. එබැවින් මෙම අරමුණ තබා ගන්න. ඔබ විශේෂතා සමාන කරගත යුතුයි. යම් කෙනෙක් තුළ ඔබ ඕනෑම විටෙක විශේෂතා දකින විට, එම විශේෂතා අතින් ඔබට ඔවුන්ව අනුගමනය කළ හැක. ජීවාත්මය අනුගමනය කිරීමෙන් දෙදෙනාවම දිස්වෙයි. විශේෂතා දැක ඒවාගෙන් සමාන වන්න. අච්චා.

වරදානය:
ඔබගේ නොබිදි විශ්වාසයේ රේඛාවෙන්, ඔබගේ අංක එකේ භාග්‍යය නිර්මාණය කර, ඔබ ජයග්‍රාහී තිලකයකින් සැරසේවා.

බුද්ධියේ විශ්වාසය ඇති දරුවන් කිසිම විටෙක “කෙසේද?” (කෛසේ?) හෝ “මෙසේය” (එයිසේ) යන ව්‍යාප්තියට නොයයි. ඔවුන්ගේ විශ්වාසයේ නොබිදි රේඛා, සියලු ජීවාත්ම විසින් පැහැදිලිව දකියි. ඔවුන්ගේ විශ්වාසයේ රේඛා කිසිම විටෙක අතර මගදි බිදෙන්නේ නැත. එවන් රේඛා ඇති අයගේ නළලේ ඔබ නිරන්තරයෙන් ජයග්‍රහණයේ තිලකයක් දකියි, එනම්, එය ඔවුන්ගේ අවධානයේ තිබෙයි. ඔවුන් උපත ලද සැනින්, ඔවුන් සේවය කිරීමේ වගකීමේ තිලකයක් පැලදිය යුතුයි. ඔවුන් නිරන්තරයෙන් දැනුමේ මිණි මුතු සමග ක්‍රීඩා කරන අය වෙයි. ඔවුන් නිරතුරුව ස්මරණයේ සහ සතුටේ ඔංචිල්ලාවේ පැද්දෙමින් තම ජීවිත ගත කරන අය වෙයි. මෙම රේඛා අංක එකේ භාග්‍යයේ රේඛාය.

පාඨය:
ඔබගේ බුද්ධිය නම් පරිගණකය තුළ නැවතීමේ තිතේ විරාම ලකුණ තිබීම යනු, සතුටින් රැදී සිටීමය.

හුදකලාවට ප්‍රිය කර, එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.

බොහෝ දිශා වලින් තම බුද්ධියේ යෝගාව බිද දමා, ඒකායන කෙනාට පමණක් සෙනෙහස පාන දරුවන්, හුදකලාවට ප්‍රිය කරනු ඇත. ඒකායන කෙනා කෙරෙහි සෙනෙහස ඇති බැවින් ඔබ සිහි කරන්නේ ඒකායන කෙනාව පමණයි. බොහෝ දෙනෙකුට ඔබ සෙනෙහස දක්වන්නේ නම් ඔබට ඒකායන කෙනාගේ සිහි කිරීමේ සිටීමට නොහැකි වෙයි. බුද්ධියේ යෝගාව, එම වෙනත් බොහෝ දෙනාගෙන් ඉවත් කර ඒකායන කෙනාට සම්බන්ධ කළ යුතුයි, එනම්, ඔබ අයත් විය යුත්තේ, වෙනත් කිසිවෙකුට නොව, ඒකායන කෙනාටයි. එවන් මනෝ ස්ථිතියක් තිබෙන අය හුදකලාවට ප්‍රිය කරයි.

දැන්වීම: අද තුන්වන ඉරු දින, ප:ව 6.30 සිට 7.30 දක්වා ලෝක භාවනා හෝරාවයි. මෙහිදි සියලුම සහෝදර සහෝදරියන් සාමූහිකව ‌මෙම එක් පිවිතුරු සිතිවිල්ලෙන් අසුන් ගනි: ජීවාත්මය වන මා වෙතින් පවිත්‍රතාවයේ කිරණ නිකුත් වී, මුළු ලෝකයම පිවිතුරු කරයි. මම මාස්ටර් පාරිශුද්ධකරු ජීවාත්මයක්මි.