16.05.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, දීර්ඝ කාලයක් ගෙවී ගොස් ඇති බවත් තව ඉතිරි වී ඇති කාලය කෙටි බවත් සෑම
විටෙකම සිහියේ තබාගන්න. ඔබ දැන් එම අපිරිසිඳු සිරුරු සහ ලෝකය අමතක කර දමා, ආපසු
නිවසට යා යුතුයි.
ප්‍රශ්නය:
ඔබගේ මනෝ
ස්ථීතිය අංක එකේ තබා ගැනීම සඳහා, ඔබට නිරතුරුවම තිබිය යුතු කුල්මත්භාවය කුමක්ද?
පිළිතුර:
ගොදුරට මරණයත්, දඩයක්කරුට සතුට, යන කුල්මත්භාවය නිරන්තරයෙන් තබාගන්න. සුරංගනාවන් වන
අප, අපගේ ආදරවන්තයා සමඟ නිවසට යන අතර, ඉතිරි සියලු දෙනාම විනාශ වෙයි. අපි දැන් මෙම
පැරණි සම හළා දමා, අළුත් ඒවා ගන්නවා. මේ සියලුම දැනුම දවස පුරාම ඔබගේ බුද්ධිය තුළට
බිඳුවෙන් බිඳුව ඇතුළු විය යුතු අතර, එවිට අනන්ත සතුට ඇති වී, ඔබගේ මනෝ ස්ථීතිය අංක
එකට පත්වෙයි.
ගීතය:
අරුණළු යාමයේ
අද මෙහි පැමිණියේ කවුරුද?
ඕම් ශාන්ති.
මෙය පැවසුවේ
කවුද? ඔය දරුවන්. ඔබ අතීන්ද්‍රීය සතුටේ දිවියක් තුළට පැමිණ මෙසේ කියයි අසීමිත පියා
පැමිණ සිටියි. කුමක් සඳහාද? මෙම අපවිත්‍ර ලෝකය, පිවිතුරු ලෝකය බවට පරිවර්ථනය
කිරීමට. පිවිතුරු ලෝකය කෙතරම් විශාලද, එමෙන්ම අපවිත්‍ර ලෝකය කෙතරම් විශාලද කියා ඔය
දරුවන්ගේ බුද්ධිය තුළට ඇතුළු විය යුතුයි. මෙහි මනුෂ්‍යයන් බොහෝ මිලියන ගණනක්
සිටියි. මෙයට අපවිත්‍ර සහ දූෂිත ලෝකය යැයි කියයි. එබැවින් ඔබගේ නව ලෝකය කෙතරම් කුඩා
වෙයිද, එමෙන්ම ඔබ කෙසේ පාලනය කරයිද කියා, ඔය සුමිහිරි දරුවන්ගේ හදවත් තුළට ඇතුළු
විය යුතුයි. අපගේ භාරතය මෙන් වෙනත් දේශයක් තිබිය නොහැක. භාරතය දෙව්ලොව වූ බව,
කිසිවෙකුට වැටහෙන්නේ නැත එවන් තවත් දේශයක් තිබිය නොහැක. මෙම භාරතයෙන් දැන් කිසි
ප්‍රයෝජනයක් නොමැති බව, ඔබට වැටහෙයි. භාරතය, දිව්‍ය ලෝකයව පැවති නමුත් එය දැන් එසේ
නොවෙයි. ඔවුන්ගේ භාරතය, වඩාත්ම ශ්‍රේෂ්ඨ සහ පැරණිතම දේශයව පැවති බව, කිසි කෙනෙකුගේ
මතකයේ පවා නැත. මෙය ඔය දරුවන්ගේ බුද්ධියට ඇතුළු වන නමුත්, එය වන්නේද ඔබ දරණ
උත්සාහයට අනුව, අංක පිළිවෙලටයි. ඔබට මේ තරම් සතුටක් සහ ගෞරවයක් තිබේද? අසීමිත පියා
පැමිණ සිටියි. මායා, රාවන, අපගෙන් උදුරා ගත්, රාජධානියේ භාග්‍යය, ජීවාත්ම වන අපට
නැවත වරක් ලබා දීමට, බාබා සෑම චක්‍රයකදීම පැමිණෙයි. එය යුද්ධයකින් අපගෙන් උදුරා
ගත්තා නොවෙයි නැත. රාවනගේ රාජධානියේ අපට ලැබෙන උපදෙස් දූෂිතයි. උසස් බවින් අප දූෂිත
වනවා. ලෝකය කෙතරම් වැඩී ඇතිද කියා බලන්න! අපගේ භාරත දේශය බොහෝ කුඩා විය! දිව්‍ය
ලෝකයේ අපි බොහෝ සතුටින් සිටින්නෙමු. දියමන්ති සහ මැණික් එබ්බවූ මාලිගා තිබෙයි. රාවන
එහි නොසිටියි. ඔය දරුවන්ගේ බුද්ධිය තුළ සතුට තිබිය යුතුයි. ඔබ අතීන්ද්‍රීය සුඛය
අත්විඳිය යුතුයි. පරමාත්ම පියා පවසන්නේ ජීවාත්ම අවධානයට පත් වන්න! ශරීරය පිළිබඳ
අවධානය බිඳ දැමීම සඳහා, ඔබ අණ්ඩ 108ක් දැමූ ඇඳුම් පැළඳිය යුතු බව, බාබා ඔබට කියා
තිබුණා! වැදගත් මිනිසුන් සහ මැණික් වෙළෙන්දන් ආදීන් සමඟ සම්බන්ධතාවයන් තිබුණු
නමුත්, එම කුල්මත්භාවය බිඳී ගියේ කෙසේද? කෙනෙක් ජීවාත්ම අවධානයට පත් විය යුතුයි මා
ජීවාත්මයක් වන අතර මෙය පැරණි සිරුරකි. මා මෙය හලා දමා, අළුත්, අංක එකේ සිරුරක් ගත
යුතුයි. සර්පයෙක් තම සම හලා දමා, තවෙකක් ගනී. ඔය දරුවන්ගේ බුද්ධිය තුළ මෙම දැනුම
තිබේ අපි මෙම පැරණි සම හළා දමා, ඉන්පසුව අළුත් එකක් ගන්නවා ඔබට අළුත් සිරුරක්
ලැබෙයි. මේ සියලුම දැනුම ඔය දරුවන්ගේ බුද්ධිය තුළට බිෙඳන් බිඳ ඇතුළු විය යුතුයි.
මෙය කිලිටි ලෝකයකි. එය දකින අතරම ඔබගේ බුද්ධියෙන් ඔබ එය ඉවත් කළ යුතුයි. අපි යන්නේ
වන්දනා ගමනක්. අපගේ බුද්ධියේ යෝගාව තිබෙන්නේ නිවස වෙතයි. ඔබ මෙය පුහුණු විය යුතුයි.
මෙම සිරුර පැරණි වන අතර ලෝකයද පැරණිය. ඔබට දර්ශන ලැබී ඇති අතර, ඔබ දැන් ඔබගේ සිරුරු
සහ සියලුම ශාරීරික නෑදෑයින් හළා දමා, ආපසු නිවසට යා යුතුයි. ආපසු නිවසට යෑමේ සතුට
ඔබගේ ඇතුලාන්තයේ දැන් තිබේ. බුද්ධියේ යෝගාව එහෙට සම්බන්ධ විය යුතුයි. මෙය පමණක්
එකිනෙකාට පවසන්න මන්මනාභව! මෙය ඉතාමත් බලගතු මන්ත්‍රයකි. බොහෝ මිනිසුන් ගීතාව හදාරන
නමුත් ඔවුන්ට එහි අරුත වැටහෙන්නේ නැත. ඔවුන් වෙනත් ග්‍රන්ථයක් හදාරන ආකාරයෙන්ම එයද
හදාරයි. ඔබ අනාගතය වෙනුවෙන් රාජයෝගාව හදාරන බව, කිසිම කෙනෙකුගේ බුද්ධියට ඇතුළු
වන්නේ නැත. බොහෝ කාලයක් ගත වී ගොස් ඇති අතර, දැන් ඉතිරිව තිබෙන්නේ ටික කාලයක්
පමණයි. තමන්ව මේ අන්දමින් දිගින් දිගටම විනෝදමත් කර සතුටින් සිටින්න. මේ සියලු දේම
අවසන් වීමටයි යන්නේ. ගොදුරට මරණය ඇති අතර, දඩයක්කාරයාට සතුට තිබෙයි. අපි සුරංගනාවන්
බවට පත් වී, අපගේ ආදරවන්තයා සමඟ ආපසු නිවස බලා යන්නෙමු. ජීවයන්ගේ පියා මෙතැන අසුන්
ගෙන ඔබට ඉගැන්වීම් ලබා දෙයි. බැලු බැල්මට ඔහු සාමාන්‍ය ලෙසින් පෙනෙන නමුත් ඔහු
උසස්ම උසස්ය. ඔබට අසීමිත උරුමය ලබා දීමට පරම පියා පැමිණ සිටියි. ඔහු සෑම චක්‍රයකදීම
පැමිණෙයි. මෙය කිලිටි ලෝකයකි. ඔබ මේ අන්දමින් තමන් සමඟ කතා කළ යුතුයි. මෙයට දැනුමේ
මහා සාගරය ආවර්ජනය කිරීම යැයි කියයි. ඔබ උපතින් උපතට ආගමික පොත පත හදාරමින් සිටියා.
භාරතයේ ජනතාව තරම් වෙනත් කිසිවෙකු යාග හෝම පවත්වා හෝ තපස් රැක නොමැති බව, ඔබට දැන්
වැටහෙයි. ආරම්භයේ පැමිණි අය වැඩිම භක්තිය සිදු කර ඇත. දැනුමේ සහ යෝගාවේ ඉදිරියට
යන්නේ ඔවුන්ය, මන්ද, එවිට ඔවුන්ට නැවත වරක් ප්‍රථම අංකයට පැමිණිය යුතුව තිබෙන
බැවින්. ඇතැමුන් ඉතා හොඳින් උත්සාහ දරණ බව ඔබට පෙනෙයි. මෙම ආධ්‍යාත්මික සේවයේ
නියැලී සැබැවින්ම මෙහි උඳුනක අසුන් ගෙන සිටින ඔය දරුවන්ට මෙය ඉතා හොඳය. මෙම
සම්බන්ධකම දැන් බිඳිය නොහැකි එකක් බවට පත්ව ඇත. නිවසේ වාසය කරමින් මෙයට සවන් දී,
අන් අය සමඟ මෙය බෙදා ගන්නා අය, පැරණි අයට වඩා වේගයෙන් ඉදිරියට යනවා. අළුත් අය
පැමිණෙන විට, ඔවුන් ඉතා වේගයෙන් ඉදිරියට යන බව, පෙනී ගොස් ඇත. ඔබ ලැයිස්තුවක්
සාදන්නේ නම්, ඔබට එය ගැන දැන ගත හැකි වෙයි. ආරම්භයේදී ඔබගේ මාලාව නිර්මාණය විය.
කෙසේවෙතත්, තුන් වැනි හෝ සතර වැනි අංකයේ සිටි ඉතා හොඳ දරුවන්, මාලාව හැර ගොස්
පුරවැසියන් ගෙන් කොටසක් වූ බව එවිට පෙනී ගියා. මෙය දැන් ඔබගේ ශිෂ්‍ය ජීවිතයයි. ඔබගේ
පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතර, ඔබ මෙම පාඨමාලාවද හදාරනවා. බොහෝ දරුවන් ද්විත්ව
පාඨමාලා හදාරති. ඔවුන්ට සෝපානයක් (ලිෆ්ට්) ලැබෙයි. ඔබගේ පාඨමාලාව වන්නේ ඔබගේ පවුලේ
අය සමඟ නිවසේ වාසය කරන අතර, මෙය හැදෑරීමය. මෙහිදීද කුමාරීන් ඉතා වේගයෙන් ඉදිරියට යා
යුතුයි. කුමාරීන් නිසා, කන්හයියා (ක්‍රිෂ්ණා) සහ ගෝපාල් යන නම් සිහි කර ඇත. මෙය
පවුල් මාවත බැවින් ගෝපීන්ද සිටියි. ඔබ ස්වර්ණමය යුගයෙදී, දේවතා ධර්මයට අයත් වූහ. එය
පවුලේ මාවත වූ කල්හි, ලකෂ්මි සහ නාරායන පාලනය කළේය. ඔබ කුමක් බවට පත්වන්නේද කියා
බිෙඳන් බිඳ ඔබගේ බුද්ධිය තුළට ඇතුළු විය යුතුයි. දේවතාවන් බොහෝ සෙයින් ප්‍රථම පෙළේ
අයයි! මිනිසුන් ඔවුන්ගේ ප්‍රතිමා ඉදිරියට ගොස් ඔවුන්ගේ ගුණ ගායනා කරයි ඔබ සියලුම
ගුණදම් වලින් පිරිපුන්ය, දිව්‍යමය කලා 16කින් පිරී සිටියි. අප පවුකාරයන් සහ
රැවටිලිකරුවන්ය. අපි සම්පූර්ණයෙන්ම ගුණදම් වලින් තොරයි. පරමාත්ම දෙවියන්ට මෙහිදි
අනුකම්පා කළ නොහැකි අතර ආශිර්වාදද ලබා දිය නොහැක. ඇත්ත වශයෙන්ම ඔබම තමා වෙනුවෙන්
අනුකම්පා කර, තමාට ආශිර්වාද ලබා දිය යුතුයි. ඔබ දේවතාවන්ව සිටි නමුත් ඔබ දැන්
කවුරුන් බවට පත්ව සිටිද කියා බලන්න! තමන් දෙස බලා, ඉන්පසුව දේවතාවන් වීමට උත්සාහ
දරන්න. අවලස්සන බවින් ලස්සන වීම සඳහා ඔබ උත්සාහ දැරිය යුතුයි. භක්ති මාර්ගයේදී
ඔවුන් පවසන්නේ කෙනෙක් මියැදෙමින් සිටි නමුත් යම් කෙනෙකුගේ ආශිර්වාද නිසා ඔහු සුවපත්
විය. ඔවුන්ගේ මහාත්මාගේ අත අල්ලා ඔවුන් මෙසේ කියයි මට ඔබගේ ආශිර්වාද අවශ්‍යයි! මෙහි
ඔබ ඉගෙන ගත යුතුයි. අනුකම්පාව හෝ ආශිර්වාද පිළිබඳ ප්‍රශ්නයක් නැත. ’මන්මනාභව’හි
අරුතක් තිබේ. බොහෝ මිනිසුන් මන්ත්‍රයක් ලබා දෙයි. ඔවුන් විවිධ මාදිලියේ හතයෝගා
උගන්වයි. සෑම කෙනෙකුගේම ඉගැන්වීම් වෙනස්ය. ඔබට හතයෝගීන්ගේ සාම්පලයක් දැක ගැනීමට
අවශ්‍ය නම්, ජායිපූර්හි කලාගාරයට යන්න. මෙහි ඔබ බොහෝ සැප පහසුවෙන් අසුන් ගෙන
සිටිනවා! බාබා නැවත වරක් ඔබට ඔබගේ රාජධානිය ලබා දෙන බව ඔබගේ බුද්ධිය තුළ තිබේ. එහි,
නොබෙදි දේවතා ධර්මය තිබුණි. එහි වෙනත් ආගම් නොතිබුණි. අත්පුඩි ගසන්නට අත් දෙකක්
අවශ්‍යයි! එක් ධර්මයක් පමණක් තිබෙන විට, හිංසනයක් නැත. දැන් එය කලි යුගයයි. කලි
යුගය අවසන් වන විට, භක්තියද අවසන් වෙයි. ජනගහණය දැන් බොහෝ සීඝ්‍රයෙන් වැඩි වනවා.
භාරත දේශය විශාල වන්නේ නැත එය එම දේශයමයි. මනුෂ්‍ය සංඛ්‍යාව විශාල මෙන්ම කුඩා වෙයි.
එය එම ලෝකයම වන නමුත්, එහිදී මනුෂ්‍යයන් බොහෝ සුළු සංඛ්‍යාවක් සිටියි. ලෝකය ඊට වඩා
කුඩා වන්නේ නැත. ඔය දරුවන් බොහෝ සතුට අත්විඳිය යුතුයි. අපි පරම පියාගේ ශ්‍රීමත්
පිළිපැදීමෙන්, යෝගා බලය තුළින්, අපගේ රාජධානිය ස්ථාපිත කරනවා. පියා පවසන්නේ
නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් පිළිස්සී යයි. ජීවාත්ම තුළට
වෙනත් ලෝහ මිශ්‍ර වෙයි. ඔවුන් සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව ගැන නිකමට පවසයි. ජීවාත්ම
තුළට වෙනත් ලෝහ මිශ්‍ර වන බව ඔවුන් පෙන්වන්නේ නැත. ආරම්භයේදී ඔබ ස්වර්ණමය යුගී විය.
ඔබ පිරිසිඳු රත්තරං වූ අතර පසුව ඔබ රිදී විය, එයට චන්ද්‍ර රාජ වංශය හෝ රිදී යුගය
යැයි කියයි. ඉංග්‍රීසි ව්‍යවහාරය ඉතා හොඳයි ස්වර්ණමය, රිදි, තඹ සහ යකඩ. ජීවාත්ම
තුළට මිශ්‍ර වී ඇති වෙනත් ලෝහ ඉවත් කළ හැකි අන්දම ගැන පරමාත්ම පියා පහදා දෙයි.
ජීවාත්ම සතෝ බවින් තමෝ බවට පත් වී ඇත. එබැවින් ඔවුන් නැවත වරක් තමෝ බවින් සතෝ විය
හැක්කේ කෙසේද? ගංඟා නදියේ ස්නානය කිරීමෙන් ඔවුන් සතෝ වන බව, ඔවුන් විශ්වාස කරන
නමුත් එය සිදු විය නොහැක්කක්. මිනිසුන් දිනපතාම ගංඟා නදියේ ස්නානය කරයි. සමහරු එම
විනය බොහෝ දැඩි ලෙස පිළිපදියි ඔවුන් ගොස් ඇලක පවා ස්නානය කරයි. පරම පියා ඔබට
පවසන්නේ පියාව සිහිපත් කිරීම විනයක් බවට පත් කරගන්න. සිහිපත් කිරීමේ සිට ස්නානය
කරන්න, එමෙන්ම සිහිපත් කිරීමේ වන්දනා ගමනේ යෙදෙන්න. ඔබට දැනුමින් ස්නානය කිරීමට
සලස්වයි. ඔබට යෝගාවේ වන්දනා ගමනද උගන්වයි. පියා ඔබට දැනුම ලබා දෙන අතර, එහි යෝගාව
සහ ලෝක චක්‍රය පිළිබඳ දැනුමද අන්තර්ගතය. වෙනත් බොහෝ දෙනෙක් ආගමික ග්‍රන්ථ පිළිබඳ
දැනුම ලබා දෙන නමුත්, ඔවුන්ට යෝගාව පිළිබඳව කිසි දෙයක් වැටහෙන්නේ නැත. ඔවුන්ට
වැටහෙන්නේ හතයෝගාව පිළිබඳව පමණයි. යෝගා ආශ්‍රම බොහෝ තිබේ. ඔවුන් විටෙක ’මන්මනභව’හි
මන්ත්‍රය ලබා දෙනවාද ඇති, නමුත් පරමාත්ම පියා හැර වෙනත් කිසිවෙකුට මෙම ඥානය නොමැත.
ඔබ දැන් උපත් 84හි චක්‍රය අවසන් කර ඇත. ඉන්පසුව නව ලෝකය තිබෙයි. වෘක‍්ෂය වැඩෙන්නේ
කෙසේද කියා, ඔබගේ බුද්ධිය තුළ තිබේ ස්ථාපිත කෙරෙන්නේ රාජධානියකි. සෑම කෙනෙක්ම එහි
එකට නොයයි. බ්‍රහ්මණ වෘක‍්ෂය ඉතා විශාල වී, ඉන්පසුව ඔවුන් ටික දෙනා බැගින් ආපසු
යයි. දිගින් දිගටම පුරවැසියන් නිර්මාණය වෙයි. දැනුමට සුළු වශයෙන් සවන් දෙන කෙනෙක්
වුවද, පුරවැසියන්ගෙන් කෙනෙක් බවට පත් වෙයි. මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි වෙයි. සෑම
තැනකම බොහෝ ප්‍රදර්ශන දිගින් දිගටම පැවැත්වෙයි. සෑම තැනකම පූජනීය ස්ථාන ගොඩනැඟෙන
ආකාරයෙන්ම, ඔබ සෑම ගමකම ප්‍රදර්ශන පවත්වයි. සෑම නිවසකම ප්‍රදර්ශනයක් තිබිය යුතුයි.
අඛණ්ඩව ව්‍යාප්තිය සිදුවෙයි, මේ නිසයි මෙම පිංතූර වුවද යතා කාලයේදී මුද්‍රණය කිරීමට
සිදුවන්නේ. පරම පියාගේ පණිවිඩය සෑම කෙනෙක් වෙතටම ලඟා විය යුතුයි. ඔය දරුවන් ඉතා
වැදගත් සේවයක් සිදුකළ යුතුයි. ප්‍රොජෙක්ටර් යන්ත්‍ර සහ ප්‍රදර්ශන යන මෝස්තරය දැන්
ඉස්මතු වී ඇති නිසා, ඒවා සෑම ගමකම පෙන්විය යුතුයි. ඔවුන් ඉතා හොඳින් දැනුම ගනී.
ශිවාගේ ජන්ම දිනය සමරන නමුත් ඔහු පැමිණෙන ආකාරය ගැන කිසිවෙකු නොදනී. ශිව පුරාණයේ
මෙම දේවල් සඳහන් කර නැත. මෙම දේවල් වලට ඔබ සවන් දෙන විට, ඔබ ඉන් විනෝදයක් ලබන නමුත්
ඉන්පසුව ඔබට ඒවා අමතක වෙයි. ඔබට හොඳින් කරුණු ධාරණය කරගැනීමට හැකි වන්නේ නම්, ඔබට
හොඳින් සේවය කිරීමටද හැකි වෙයි. කෙසේවෙතත්, සියලුම කරුණු ධාරණය කරගැනීමට කිසි
කෙනෙකුට නොහැක. ඔවුන් දේශන පවත්වන නමුත්, අහවල් කරුණු විස්තර කළා නම් වඩා හොඳ බව,
ඔවුන් පසුව සිතයි. ශරීර අවධානය නොමැති අයට විගසින් මෙම දේවල් පැවසිය හැක. ඔවුන්
දේශනයක් කර ඉන්පසුව මෙසේ සිතයි මා සියලුම කරුණු හොඳින් විස්තර කළාද? මට යම් කරුණු
අමතක විය. කරුණු ඔබත් සමඟ ආපසු නිවසට යන්නේ නැත. ඒවා, මෙම කාලයට පමණයි, ඉන්පසුව ඒවා
අවසන් වෙයි. ඔබ ඔය දෑසින් දකින කුමක් වුවත් ස්වර්ණමය යුගයේ නොපවති. ඔබට දැන් ඥානයේ
තෙවැනි ඇසක් ලැබෙමින් තිබේ. ඔබ දැන් තෙවැනි ඇසක් (ත්‍රිනේත්‍රි) ඇති අය බවට පත්
වනවා. බාබා පැමිණ, ඔය ජීවාත්මයන්ට ඥානය දෙන අතර ඔබ එය ධාරණය කරගන්නවා. ජීවාත්මයට
ඥානයේ තෙවැනි ඇස ලැබෙයි. තමන් ජීවාත්මයක් බවත්, සිරුර තුළින් ක්‍රියා කරන බවත්, යන
ඥානය, කිසිම කෙනෙකුට නොමැත. බාබා අපට උගන්වනවා. මෙය බුද්ධියේ තබාගැනීමට උත්සාහයක්
අවශ්‍යයි. ඔය දරුවන් උත්සාහ දැරිය යුතු අතර, සතුටින්ද සිටිය යුතුයි. අපගේ රාජධානිය
දැන් පැමිණීමට ආසන්නයි. ඔබගේ රාජධානියේ ඔබට තිබෙන්නේ මොනවාද කියා ඔබ දන්නවා. මෙය
ඉගෙන ගැනීමෙන්, ඔබගේ රාජධානිය හිමිකරගැනීම ගැන, ඔය දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුයි.
ඉගෙනගන්නා අයට ඔවුන්ගේ තත්ත්වය සිහි වෙයි අපි අනාගතය වෙනුවෙන් ඉගෙන ගන්නවා අපි
හොඳින් ඉගෙන ගන්නේ නම්, අපි රාජධානියේ සිහසුන මත අසුන් ගනී. ඔවුන් බොහෝ සුප්‍රසිද්ධ
වනවා. ඔබ ලැයිස්තුවක් පිළියෙල කර, මාලාවක් සාදන්නේ නම්, සෑම කෙනෙක්ම මෙසේ පවසනු ඇත
සෑම කෙනෙක්වම නැවුම් කිරීම සඳහා අපට ’අහවල්’ දරුවා එවන්න. දේශන ලබා දෙන අයට ආරාධනා
කෙරෙනවා, එබැවින් ඔවුන්ට ගෞරව ලබා දිය යුතුයි. මමද ඔවුන් මෙන්ම දක‍්ෂ විය යුතුයි.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1.
අතීන්ද්‍රීය සුඛය අත්විඳීම සඳහා, ශරීර අවධානය බිඳ දැමීමට උත්සාහ දරන්න. ඔබ දැන්
ආපසු නිවහනට යා යුතුයි. එබැවින් ඔබගේ බුද්ධිය, යෝගාවෙන් නිවහනට සම්බන්ධ කරන්න.
2. ඔබගේ පවුලේ අය සමඟ
නිවසේ වාසය කරන අතර ඉගෙන ගෙන, ද්විත්ව පාඨමාලාව කරන්න. ඥානය ස්නානය කර, සිහිපත්
කිරීමේ වන්දනා ගමනේ රැඳී සිට, අන් අයටද එසේ කිරීමට දිරිමත් කරන්න.
වරදානය:
ඔබ සියුමැලි
(කෝමල්තා) තත්ත්වයෙන් ආශ්චර්යයක් (කමාල්) බවට පරිවර්ථනය වී බලයේ ප්‍රතිමූර්තියක් සහ
මායා පරාජය කළ අයෙකු වේවා.
බලයේ ප්‍රතිමූර්තියක්
වීමට නම්, සියුමැලි බවෙන් ආශ්චර්යමත් බවට පරිවර්ථනය වන්න. ඔබේම සංස්කාර පරිවර්ථනය
කිරීමේදී සියුම් වන්න, නමුත් ක්‍රියා කරන අතරතුර කිසි විටෙකත් සියුමැලි නොවන්න. මේ
තුළ බලයේ ප්‍රතිමූර්තියක් වන්න. ශක්ති ස්වරූපයේ යුධ ආයිත්තම පැළඳ සිටින අයට මායාගේ
කිසිදු ඊතලයකින් පහර දිය නොහැක. එබැවින්, සියුම් වීම වෙනුවට, ශක්ති ස්වරූපය ඔබේ
මුහුණේ, ඔබේ ඇස් වල සහ මුහුණුවරෙහි දිස් වේවා, එවිට ඔබට මායා පරාජය කර ගෞරව සහිතව
සමත් වීමේ සහතිකයක් ලබා ගැනීමට හැකි වනු ඇත.
පාඨය:
ත්‍රිකාලදර්ශීවරයෙකුගේ ආසනයේ සිට සෑම ක්‍රියාවක්ම සිදු කරන්න, එවිට මායා දුර සිට
පලා යනු ඇත.
අව්‍යක්ත සංඥාව:
නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.
සකාර් බාබා වෙහෙස
නොබලා සේවයේ සිටීම සහ නියත අවධියක් තිබීම උදාහරණයක් ලෙස නිරූපණය කළාක් මෙන්, ඔබ
දරුවන් ද අන් අයට ආදර්ශයක් විය යුතුය. මෙය ඔබගේ සේවයයි. සේවය වචන වලින් පමණක් සිදු
නොවේ. සේවය ඔබගේ මනෝ ස්ථීතිය හරහා ද සිදු වේ. එබැවින්, කාලයට අනුව, ඔබගේ මනෝ
ස්ථීතිය නියත හා ස්ථාවර කර ගන්න.