16.06.24    Avyakt Bapdada      Sinhala Murli     03.03.20    Om Shanti    Madhuban


විශේෂ උපන්දින ත්‍යාගය නම්, පිවිතුරු හැඟීම් හා සෙනෙහසින් පිරි හැඟීම් මතු වීමට ඉඩ හැරිය විට, ඔබට කෝපය නම් මහා සතුරාගෙන් ජය ගත හැකි වේවි.


අද දින බාප්දාදාට තම උපන්දින සගයනුත් සේවා සගයනුත් මුණ ගැසීමට ලැබීම මහත් සතුටක්. අද ඔබ සෑම කෙනෙක්ම බාප්දාදාගේ අලෞකික උපන් දිනයේ සතුටත් තමා සමඟ ඉපදුණු සගයින්ගේ උපන්දින සතුටත් විඳිමින් සිටිනවා. ඇයි? වෙන කිසිම කෙනෙකුට එවන් අසහාය වූ එතරම් ආදරණීය වූ ලෞකික උපත් දිනයක් තිබිය නොහැකියි. මීට පෙර කිසිදා ඔබ පියාත් දරුවාත් එකම දින ඉපදීම පිළිබඳ දෙයක් අසා නැතිව ඇති. අද ඔබ සෑම කෙනෙක්ම මෙම අසහාය හා ආදරණීය අලෞකික උපන් දිනය. දියමන්තියක් සේ වටිනා උපන් දිනය සමරමින් සිටිනවා. මේත් සමඟම, මෙම අලෞකික උපත් දිනයේ අසහායත්වය හා ආදරණීයත්වය ගැනත් ඔබලා සෑම කෙනෙක්ම දන්නවා. දෙවියන් විසින්ම දරුවන්ගේ උපන් දිනය සැමරීම වැනි දෙයක් නැවතත් සිදුවන්නේ නැහැ. පරමාත්ම ජීවය උතුම් ජීවාත්මයන් වන දරුවන්ගේ උපත සමරණවා. ලෝකයේ සිටිනා බොහෝ අය තමාව නිර්මාණය කළේ දෙවියන් යැයි කීවත් ඒ පිළිබඳ හැඟීමක් ඔවුනට ඇත්තේ නැහැ. ඔබ සෑම කෙනෙක්ම අත්දැකීමෙන්ම කියන්නේ තමන් දේව කුළයට හෝ බ්‍රහ්මාගේ කුළයට අයිති අය බවයි. පරමාත්ම ජීවය ඔබගේ උපත් දිනය සමරණා අතර ඔබ පරමාත්ම දෙවියන්ගේ උපන්දිනය සමරණවා.

ඔබ සෑම කෙනෙක්ම සෑම තැනකම සිට අද මෙහි පැමිණ සිටින්නේ කුමක් සඳහා ද? සුබ පතා සුබ පැතුම් ලැබිමටයි. ඉතින් බාප්දාදා විශේෂයෙන්ම තම උපන් දින සගයින්ට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔහු තම සේවා සගයින්ටත් සුබ පතනවා. සුබ පැතීමත් සමඟම බාප්දාදා උත්තරීතර සෙනෙහසේ. දියමන්ති හා ආභරණත් ඔබට පෙන්වනවා. සෙනෙහසේ පබළු දැක තිබෙනවා නේද? සෙනෙහසේ පබළු කියන්නේ මොනවාදැයි කියා ඔබ දන්නවා ද? දන්නවා ද? අන් සෑම කෙතෙක්ම මල් ඉසිනවා. රත්රන් ඉසිනවා. නමුත් බාප්දාදා ඔබට ඉසින්නේ උත්තරීතර සෙනෙහසයි. අලෞකික සෙනෙහසේ පබළුයි. බාප්දාදා ඔබට සුබ පතන්නේ එක් වරක් පමණක් නොවෙයි. සිය දහස් කෝටි වාරයක්ම ඔහු තම හදවතින්ම ඔබට සුබ පතනවා. ඔබත් ඔබගේ හදවතින්ම සුබ පතනවා. ඒවා බාප්දාදාට දැනෙනවා. ඉතින් අද සැමරුම් දිනයක් ඒ වගේම සුබ පැතීමට ඇති දිනයක්. යමක් සමරණ විට ඔබ මොනවා ද කරන්නේ? බෑන්ඩ් එකක් වාදනය කරනවා. එමනිසා, බාප්දාදා බෑන්ඩ් හඬට ඇහුමිකන් දී ගෙනයි සිටින්නේ. ඔබගේ මනසේ වාදක භාණ්ඩ හා ගී අසා ගෙනයි සිටින්නේ. බැතිමතුන් සෑම විටෙකම කන්නලව් කළත් ඔය දරුවන් පිය සෙනෙහසෙහි තමාව මුසු කරගන්නවා. එසේ මුසුකරගන්නේ කෙසේදැයි කියා ඔබලා දන්නවා නේද? මෙම මුසු වීම තමයි ඔබව සම අයෙක් බවට පත් කරවන්නේ.

බාප්දාදාට තම දරුවන්ව තමන්ගෙන් වෙන් කරවන්න බැහැ. දරුවන්ටත් වෙන් වීමට අවශ්‍ය නැහැ. නමුත් ඇතැම් විට ඔවුන් මායාගේ සෙල්ලම් නිසා ටිකක් එහාට මෙහාට වෙනවා. බාප්දාදා කියනවා: මම ඔය දරුවන්ගේ ආධාරයයි. ඒ වුණත් දරුවන් දඟකාරයිනේ නේද? මායා ඔවුන්ව දඟ කරවනවා: ඔබලා ඇත්තටම එහෙම නොවෙයි. මායා තමයි ඔබලාව ඒ තත්ත්වයට පත් කරවන්නේ. ඇය ඔබව මෙම ආධාරයෙන් ඉවත් කර ගන්නවා. එහෙම වෙලත් බාප්දාදා ඔබගේ ආධාරකය වී ඔබව ලඟට ගෙන එනවා. බදාදා ඔය සෑම දරුවෙකුගෙන්ම අසන්නේ: ඔබගේ ජීවිතයෙන් ඔබ සෑම කෙනෙක්ම බලාපොරොත්තු වන්නේ කුමක්ද? විදේශිකයින් විශේෂ කරුණු දෙකකට කැමතියි. විදේශිකයන්ගේ කැමතිම කරුණු දෙක තමයි මේවා. (Companion & Company- සහකරු සහ ඇසුර) මේ වචන දෙකට ඔබලා කැමතියි. කැමති නම් අත ඔසවන්න බලන්න. භාරතයේ අයත් කැමති ද? මිතුරාත් අවශ්‍යයි මිත්‍රත්වයත් අවශ්‍යයි. ඔබට මිතුරෙකුගෙන් තොරව හෝ මිත්‍රත්වයෙන් තොරව වාසය කරන්න බැහැ. ඉතින් ඔබලා සොයා ගත් කෙනා කවුද? ඔබගේ මිතුරාව සොයා ගත්තා ද? කියන්න. "හා ජී" ද "නා ජී" ද? (හා ජී) මිත්‍රත්වයත් සොයා ගත්තා ද? (හා ජී) මුලු කල්පය පුරාවටම ඔබට එවන් මිතුරෙක් හෝ එවන් මිත්‍රත්වයක් හමු වී තිබෙනවා ද? මීට පෙර කල්පයේ දී වත් ලැබුණා හෝ? දී ද? ඔහු කවදාවත් ඔබගෙන් ඈත් වන්නේ නැති මිතුරෙක්. ඔබ කෙතරම් දඟකම් කළත්, ඔහු ඔබගේ උදව්වට සිටිනවා. ඔබගේ හදවත ඉල්ලන සෑම දෙයකින්ම ඔහු ඔබව පුරවාලනවා. ඔබට කිසිම දෙයක අඩුවක් තිබෙනවා ද? සෑම කෙනෙක්ම හදවතින්ම "ඔව්" කියා කියනවා ද නැතිනම් නිකම් කිව යුතු නිසා "ඔව්" කියනවා ද? "අපට අවශ්‍ය සියල්ල අප ලඟා කර ගත්තා" කියා ඔබ කියනවා. නැතිනම් ඔබට තවමත් එය ලඟා කර ගත යුතු ද? ලබා ගත්තා ද? ගත්තා ද? තවත් ලබා ගැනීමට දෙයක් ඔබට තිබෙනවා ද? නැතිනම් තවත් ආසාවන් මොනවා හෝ ඉතිරි වී තිබෙනවා ද? ඔබගේ ආසාවන් සියල්ල දැන් සපිරිලා ද නැතිනම් තවත් ඉතිරි වුණු දෙයක් තිබෙනවා ද? තවත් ආසාවන් ඉතිරි වී තිබෙනවා කියා බදාදා කියනවා. (පරමාත්ම පියාව එළිදරව් කිරීමේ ආසාව තවමත් තිබෙනවා) පරමාත්ම පියා පැමිණ සිටිනවාය කියා සෑම දරුවෙක්ම දැන ගත යුතුයි යන්න පියාගේ ආශාවයි. පරමාත්ම පියා ඇවිල්ලා. නමුත් ඇතැම් දරුවන් මඟ හැරිලා. මෙන්න මේ නිසා තමයි තම සදාකාලික පියා පැමිණ සිටිනවාය කියා අඩුම තරමින් සෑම කෙනෙක්ම දැන ගත යුතුයි යන්න බාප්දාගේ විශේෂ ආශාව වී තිබෙන්නේ. අනිකුත් සීමිත ආසාවන් සියල්ල සපිරී තිබුණත් සෙනෙහසේ ආශාවත් තවමත් ඉතිරි වී තිබෙනවා. ඔබ සෑම කෙනෙකුටම වේදිකාවට පැමිණීමට අවශ්‍යයි. මෙම ආශාව ඔබ තුළ තිබෙනවා ද? (බාබාම දැන් සෑම කෙනෙක් ලඟටම එනවා) ඒ ආශාවත් සම්පූර්ණ වුණා ද? ඔබලා තෘප්තිමත් ජීවාත්මයන්. සුබ පැතුම්. සෑම දරුවෙක්ම සිහි නුවණ ඇති අයයි. කාලයේ හැටියට තම ස්වරූපයත් ඒ වගේ කර ගත යුතුයි කියා ඔබලාට තේරෙනවා. මෙන්න මේ නිසා තමයි බාප්දාදාත් නාටක බන්ධනයට බැඳී සිටින්නේ. එහෙම නේද? එමනිසා, ඔය සෑම දරුවෙක්ම කාලයට අනුව. නිතරම තෘප්තිමත්ව හා තෘප්තියේ මාණික්‍යයන් ලෙසින් නිරන්තරයෙන් දිදුලමින් සිටිනවා. ඇයි? ඔබම කියන්නේ: අපට අවශ්‍ය සෑම දෙයක්ම අපි ලඟා කර ගත්තා. මේවා බ්‍රහ්ම පියාගේ පළමු අත්දැකීමේ වචනයි. එමනිසා, බ්‍රහ්ම පියාගේ වචන සෑම බ්‍රහමිණ්වරයෙකුගේම වචන වෙනවා. ඉතින් බාප්දාදා ඔය සෑම දරුවෙකුටම එය නැවත නැවත ආවර්ජණය කර දෙනවා: නිරන්තරයෙන් පරමාත්ම පිය ඇසුරේ සිටින්න. සෑම සබඳතාවයකම අත්දැකීම පරමාත්ම පියා ඔබලාට දී තිබෙනවා. තම සෑම ඇසුරක්ම ඇත්තේ පරමාත්ම පියා සමඟම පමණයි කියා ඔබත් කියනවා. ඔබගේ සෑම සබැඳියාවක්ම ඔහු සමඟම වෙනවා නම්, ඔබගේ සෑම ක්‍රියාවකදීම ඒ එක් එක් සබඳතාවයන් අවශ්‍ය පරිදි යොදා ගන්නේ නැත්තේ ඇයි? විටින් විට තමාට අවශ්‍ය කරනා සෑම සබඳතාවයක්ම ඔබ නිතර නිතර අත්දකිනවා නම්, ඒ මිතුරාත් මිත්‍රත්වයත් නිතරම ඔබ ලඟම රැඳේවි. එසේ වූ විට ඔබගේ මනසට හෝ බුද්ධියට වෙතත් ඇසුරක් පතා යා හැකි වත්තේ නැහැ. බාප්දාදා ඔබට මෙය පිළිගන්වනවා. ඔහු ඔබට සෑම සබඳතාවයක්ම පිළිගන්වන නිසා ඒ සෑම සබැඳියාවකම සතුට අත්දකින්න. ඔබගේ සෑම කාර්යයකදීම ඒ සෑම සබැඳියාවක්ම පරිහරණයට ගන්න.

ඇතැම් දරුවන් ඇතැම් විට තනි වී හෝ වියැළී සිටිනා විට බාප්දාදාට අනුකම්පා හිතෙනවා. මෙතරම් උතුම් ඇසුරක් පවතිත්දු ඇයි ඔබ එම ඇසුර ක්‍රියාවට නොගන්නේ? එවිට ඔබ කියන්නේ මොනවා ද? "ඇයි? ඇයි?" බාප්දාදා ඔබට කියා තිබෙනවා "ඇයි" කියන්න එපා කියලා. "ඇයි" කියන මෙම වචනය සෘණාත්මක වචනයක්, නමුත් " fly" කියන්නේ ධනාත්මක වචනයක්. ඒ නිසා කිසි විටෙක "ඇයි ඇයි" කියන්න එපා. ඒ වෙනුවට "fly" කියන වචනය මතක තබා ගන්න. පරමාත්ම පියා ඔබගේ මිතුරා කර ගත් විට ඒ මිත්‍රත්වයෙන් ඔබට පියාසර කර යා හැකි වේවි. ඔබ බොහෝ සතුටට පත් වේවි. මිතුරා හා මිත්‍රත්වය යන දෙයාකාරයෙන්ම ඔහුව ඔබගේ සෑම කාර්යයකදීම යොදා ගන්න. එවන් මිතුරෙක් ඔබට ආයිත් ලැබේවි ද? බාප්දාදා මෙහෙමත් කියනවා: කායිකව හෝ මානසිකව වේවා මොන යම් ලෙසකින් හෝ ඔබ වෙහෙසට පත් වුවහොත් - ඒ දෙයාකාරයෙන්ම ඔබව පිරිමැද සැනසීමටත් ඔබගේ මිතුරා සූදානමින් සිටිනවා. ඔබව සතුටු කරවීමටත් ඔහු සූදානම්. එවිට වෙනත් කිසිම සීමිත වින්දනයක් අවශ්‍ය වන්නේ නැහැ. මේ ආකාරයෙන් ඔහුව පාවිච්චියට ගන්නා ආකාරය ඔබ දන්නවාද? නැතිනම් ඔබ: ඔහු තමයි උතුම්ම පරම පියා, පරම ගුරුවරයා, පරම සත්ගුරු කියා නිකම් සිතනවා ද? ඔහු ඔබට සෑම සබඳතාවයකින්ම සිටිනවා. ඩබල් විදේශිකයන්ට මෙය තේරුණාද?

අච්චා. ඔය සෑම කෙනෙක්ම පැමිණ සිටින්නේ උපන්දිනය සැමරිමට නේද? සමරන්නම ඕනේ ද? හොඳයි. කාගේ හෝ උපන් දිනයක් සමරණා විට ඔබ ඒ කෙනාට තෑග්ගක් දෙනවා තේද? දෙන්නේ නැති ද? (දෙනවා) ඉතින් අද ඔබ සෑම කෙනෙක්ම මෙහි පැමිණ සිටින්නේ පරමාත්ම පියාගේ උපත් දිනය සැමරීමටයි. එය හඳුන්වන්නේ ශිව රාත්‍රිය නමිනුයි. ඉතින් ඔබ විශේෂයෙන්ම පැමිණ සිටින්නේ පරමාත්ම පියාගේ උපන් දිනය සැමරීමටයි. අද උපත් දිනයට ඔබ දුන් ත්‍යාගය කුමක්ද? නැතිනම් නිකම් ඉටිපන්දම් පත්තු කර කේක් කපන්න ද ඉන්නේ? එහෙම ද උපන් දිනයක් සමරන්නේ? ඔබ අද දෙන ත්‍යාගය කුමක් ද? නැතිනම් හෙට ද දෙන්නේ? කුඩා තෑග්ගක් වේවා ලොකු තෑග්ගක් වේවා ඔබ යමක් දෙනවා නේද? ඉතින් මොනවා ද දුන්නේ? ඔබ ඒ ගැන සිතනවා. අච්චා. දෙන්න ඕනේ ද? දෙන්න සූදානම් ද? බාප්දාදා ඉල්ලන ඕනෑම දෙයක් දීමට ඔබ සූදානම් ද නැතිනම් ඔබට ඕන කරන දේ ද දෙන්නේ? බාප්පාදා ඉල්ලන ඕනෑම දෙයක් දෙන්න පුළුවන් ද නැතිනම් ඔබ දීමට කැමති දේ පමණක් දෙනවා ද? (බාප්දාදා ඉල්ලන ඕනෑම දෙයක් අපි දෙන්නම්) පරිස්සමෙන්..... මදක් ධෛර්යවන්ත වෙන්න වේවි. ඒ ධෛර්යය තිබෙන වාද? මධුබත් වැසියන් ධෛර්යවත්ත ද? ඩබල් විදේශිකයින් ධෛර්යවන්ත ද? අත් ඔසවන්ත නම් ඔබලා හරිම දක්ෂයි. අච්චා. ශක්තීන් හා පාන්දවයින් ධෛර්යවන්ත ද? භාරතයේ අය ධෛර්යවන්ත ද? බොහොම හොඳයි. පරමාත්ම පියා මෙම සුබ පැතුම් බාර ගන්නවා. අච්චා. ඉතින් බාබා කියන්න ද? අපි ඒ ගැන හිතලා බලන්නම් කියා කියන්න යන්නේ නැහැ නේද? "ගා, ගා" කියන්නේ නැහැ නේද? (හින්දි බසින් "ගා" කියා යෙදුණු විට එය අනාගත කාල වැකියක් වේ: අපි සිතා බලන්නම්, ඉදිරියේ දී බලන්නම් වැනි) ඔබගෙන් වැඩි පිරිසක් තුළම - සුළු පිරිසක් නොවෙයි වැඩි පිරිසක් තුළම බාප්දාදා එක දෙයක් විශේෂයෙන් දැක්කා. මොකක්ද බාබා දැක්කේ? කුමන හෝ සිදුවීමක් සිදු වුණු විට ඔබගෙන් වැඩි දෙනෙක් තුන්වන ගණයේ කේන්තියට යනවා. පළමු ගණයේ. දෙවන ගණයේ හා තෙවන ගණයේ කියා තිබෙනවා. ඔවුන් අකමැති වුණත්, තෙවන ගණයේ කේන්තිය ඔවුන් තුළින් ඉස්මතු වෙනවා. ඇතැම් අය තුළ මහා විශාල කේන්තියක් තිබෙනවා. තවත් පිරිසක් තුළ බලය පැතිරවීමේ ස්වරූපයෙන් කේන්තිය තිබෙනවා. අනිත් පිරිස තුළ තෙවන ගණයේ කේන්තිය නොරිස්සීම යන ස්වරූපයයෙන් තිබෙනවා. නොරිස්සීම කියන්නේ කුමක්දැයි කියා ඔබ දන්නවා ද? එයත් කේන්තියේ එක් ස්වරූපයක්. ටිකක් අඩු ස්වරූපයක්. එය තෙවන ගණයේ නිසා තිබෙන්නේ අඩුවෙන්. පළමු ගණය ඉතාමත් ප්‍රබලයි. දෙවැන්න ඊට වඩා ටිකක් අඩුයි. එවිට ඔබ සෑම කෙනෙක්ම දැන් කතා කරන විදිය ටිකක් ඉහළින් තිබෙනවා. ඒ රාජකීය ස්වභාවයෙන් ඔබ කියන්නේ මොනවාද? "ඒ වෙලාවේ හැටියට අනිවාර්යෙන්ම යම් බලපෑමක් කරන්න වෙනවා නේ" ඉතින් අද බාප්දාදා ඔබ සෑම කෙනෙකුගෙන්ම මෙම ත්‍යාගය බලාපොරොත්තු වෙනවා. කේන්තිය නොවෙයි. කේන්තියේ සේයාවක්වත් ඉතිරි කර ගන්න එපා. ඇයි? කේන්ති ගිය විටෙක කෙනෙක් කරන්නේ අනර්ථකාරී දේයි. දෙදෙනෙක් අතර ඇති කේන්තිය කාටත් හොඳින් පෙනෙනවා. ඔබ තනිවම සිටිනා විට එය පෙනෙන්නේ නැහැ. දෙදෙනෙක් අතර එය උද්ගත වී පසුව පෙනෙන්න පටන් ගන්නවා. ඔබගේ මනස තුළ කවුරු හෝ කෙනෙක් සම්බන්ධයෙන් සුළු හෝ අමනාපයක් තිබෙනවා නම්, අනිවාර්යෙන්ම ඒ ජීවාත්මය කෙරෙහි ඔබගේ මනසේ යම් බලහත්කාරකමක් තිබේවි. මෙවන් අනර්ථකාරි ක්‍රියා වලට බාප්දාදා කැමති නැහැ. ඉතින් කෝපයේ සරළ සේයාවකටවත් ඉඩ තබන්න එපා. රාගය තමයි ලොකු සතුරා කියා කියමින් බ්‍රහ්මචාර්ය කෙරෙහි අවධානය යොමු කරනවාක් සේම - කෝපයත් දෙවන ලොකුම සතුරා වේ. එය ඔබ තුළ ඇති පිරිසිදු හැඟීම් හා සෙනෙහසින් පිරි හැඟීම් වලට ඉස්මතු වීමට ඉඩ දෙන්නේ නැහැ. පසුව එය ඔබව mood off කරවනවා. එම ජීවාත්මයෙන් ඔබ ඈත් වෙනවා. එම ජීවාත්මය ඉදිරියට යන්නේවත් කතා බහ කරන්නේවත් නැති වෙනවා. ඒ ජීවය කියනා සෑම දෙයක්ම ඔබ ප්‍රතික්ෂේප කරනවා. එම ජීවාත්මයට වර්ධනය වීමට ඔබ ඉඩ තබන්නේ නැහැ. පිටින් සිටිනා අයට පවා මේ සියල්ල දැක ගත හැකියි. ඒ නිසා ඔබ එවන් විටෙක "අද එයාට ටිකක් සනීප නැහැ. ලොකු දෙයක් නැහැ" කියා කියනවා. ඉතින් මේ උපන්දින තෑග්ග දෙන්න පුළුවන්ද? උත්සාහ කරන්නම් කියා හිතනා අය අත ඔසවන්න. මෙවන් තෑග්ගක් දිය හැකිදැයි කියා සිතා බැලීමට සිටිනා අය අත ඔසවන්න. අවංක හදවත් දෙවියන්ගේ සිත සනසයි. (සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක් නැඟිට්ටා) හෙමින් සැරේ නැඟිටිනවා. සත්‍යය පැවසුවාට සුබ පැතුම්. අච්චා. උත්සාහ කර බලන්නම් කියා කියූ අය හොඳයි. නමුත් එසේ උත්සාහ දැරීමට ඔබට කොපමණ කාලයක් අවශ්‍ය ද? මාසයක් අවශ්‍ය ද? හය මාසයක්? කොපමණ කාලයක් අවශ්‍ය ද? ඔබ මෙය අතහැර දමනවා ද, නැතිනම් එසේ අතහැර දැමීමක් ගැන සිතන්නේ වත් නැති ද? උත්සාහ කරන්නම් කියා කියූ අය නැඟිටින්න. මාස දෙකක තුනක කාලයක් පුරා උත්සාහ දරා ඉන් මිදෙන්නම් කියා සිතනා අය වාඩි වෙන්න. හය මාසයක් අවශ්‍යයි කියා සිතනා අය: හය මාසයක්ම ගියා වුවත් ඔබ ඒ කාලය අඩු කර ගත යුතුයි. මේ සම්බන්ධයෙන් අවධානය යෙදීම නතර කරන්න එපා. මන්ද එය අනිවාර්ය දෙයක්. මෙම අනර්ථකාරී ක්‍රියාව හොඳින්ම පෙනෙන දෙයක්. ඔබ යමක් නොකියා සිටියත් මුහුණීන් එය කියැවෙනවා. මෙන්න මේ නිසා තමයි බාප්දාදා ඔය ධෛර්යවත්ත ජීවාත්මයන් මත ඥානයේ සෙනෙහසේ, සතුටේ හා සාමයේ වැසි වස්සවන්නේ. අච්චා.

ඒ වෙනුවට බාප්දාදා විශේෂයෙන්ම ඔබට මෙම වරම ත්‍යාගයක් ලෙසින් පිරිනමනවා: ඔබගේ හෘද සාක්ෂියටත් විරුද්ධව වැරදීමකින් හෝ කුමන හෝ මොහොතකදී කෝපය හිස එසවූවොත්, තම ගැඹුරු හද පත්ලෙන්ම "මීතේ බාබා (මිහිරි බාබා)" කියා කියත්ත. ඉතින් ධෛර්යවන්තයින් අනිවාර්යෙන්ම පරමාත්ම පියාගෙන් අමතර උදව් ලබාවි. "මීතේ බාබා" කියාම කියන්න. නිකම්ම "බාබා" නොවෙයි "මිහිරි බාබා". එවිට ඔබට උදව් ලැබේවි. අනිවාර්යෙන්ම. මන්ද ඔබ ඉලක්කයක් ඇතිවයි සිටින්නේ. ඉලක්කයක් තබා ගත් විට ඔබ අනිවාර්යෙන්ම ඒ වෙත යා යුතු සුදුසුකම් සපුරා ගනීවි. මධුබත් වැසියන් අත ඔසවන්න. අච්චා. ඔබ මෙය කළ යුතුයි නේද? (හා පී) සුබ පැතුම්. බොහොම හොඳයි. අද බාබා විශේෂයෙන්ම මධුබත් සිට පැමිණී අයට තෝලි දෙනවා. ඔබලා වෙහෙස වී වැඩ කරනවානේ. ඔබට තෝලි ලැබෙන්නේ කේන්තියෙන් නිදහස් වීමට නොවෙයි. වෙහෙස වී වැඩ කරනා නිසායි. හැමකෙනෙක්ම සිතාවි ඔබ අත එසවූ නිසා තෝලි ලැබෙනවා කියලා. ඔබලා ඉතාමත් වෙහෙස වී වැඩ කරනවා. කරනා සේවයෙන් සෑම කෙනෙක්වම තෘප්තිමත් කරවන තැනක් ලෙස මධුබත් ආදර්ෂමත් ස්ථානයක් වෙනවා. ඉතින් අද බාබා ඔබගේදිව පිනවන්නම්. අනිත් සෑම කෙනෙකුටම මේ අයගේ දිව පිනවීම බලාගෙන ඉඳ තම දිව පිනවා ගත හැකියි. ගොඩාක් සතුටු හිතේවි නේද? ඔබ සෑම කෙනෙක්ම "The Culture of Peace" කියා වැඩසටහනක් සංවිධානය කරනවා. මෙයත් බ්‍රහමිණ් පවුලේ එක් සංස්කෘතියක්. බ්‍රහමිණ් වංශයේ ගති පැවතුම් තමයි ඉහළම සංස්කෘතිය වන්නේ. දාදීලා තෑගි දෙන විට: "අඩුවෙන් කතා කරන්න. හෙමින් කතා කරන්න. මිහිරිව කතා කරන්න" කියා සඳහන් රෙදි බෑග් දෙනවා බාප්දාදා දැක තිබෙනවා. ඉතින් එමනිසා අද බාප්දාදා මෙම ත්‍යාගය දෙනවා. ඔහු ඔබට රෙදි බෑග් එකක් දෙන්නේ නැහැ. ත්‍යාගයක් ලෙසින් වරමක ස්වරූපයෙන් ඔහු එය ඔබට දෙනවා. සෑම බ්‍රහමිණ්වරයෙකුගේම මුහුණීන් හා හැසිරිමෙන් බ්‍රාහ්මණ සංස්කෘතිය එළිදරව් වේවා. එවන් වැඩසටහන් පවත්වා ඔබ දේශත දේවි. නමුත් ඒ අදාල ගති පැවතුම් තමා තුළ තිබීම පළමුවෙන් අත්‍යවශ්‍ය වෙනවා. සෑම බ්‍රහමිණ්වරයෙක්ම සිනහවකින් සෑම කෙනෙක් සමඟම සම්බන්ධ වේවා. එක් අයෙක් සමඟ එක් විදියකටත් තවත් කෙනෙක් සමඟ තවත් විදියකටත් පවතින සම්බන්ධතාවයක් නොවේවා. කෙනෙක් දුටු පමණීන් ඔබගේ සංස්කෘතිය නැති කර ගන්න එපා. අතීතයේ දේ අමතක කර දමන්න. ඔබ දිවියේ නව සංස්කාර ගති පැවතුම් පෙන්වන්න. දැන් ඒවා පෙන්විය යුතුයි. හරි ද? (සෑම කෙනෙක්ම හා ජී කීවා)

ඩබල් විදේශිකයින් බොහෝමයක් ඉතාමත් හොඳින් "හා ජී" කියන එක ලොකු දෙයක්. ඒක හොඳයි. මන්ද භාරත වාසීන්ට "හා ජී" කියා කීම නිකම්ම සිරිතක්. මායාට "නා ජී" කියන්න. එපමණයි. ජීවාත්මයන්ට "හා ජී, හා ජී) කියා මායාට "තා ජී, තා ජී" කියන්න. අච්චා. ඔබ සෑම කෙනෙක්ම උපන්දිනය සැමරුවා ද? සමරා තෑග්ගක් දුන්නාද? තෑග්ග පිළිගත්තා ද? අච්චා.

අච්චා. ඔබ සියලු දෙනාට අමතරව, විවිධ ස්ථාන වල තව බොහෝ වෙනත් හමුවීම් පැවැත්වෙනවා. සමහර ස්ථාන වල කුඩා හමුවීම්ද, වෙනත් ස්ථාන වල විශාල හමුවීම්ද පැවැත්වෙනවා. සියලු දෙනාම සවන් දෙමින් නරඹමින් සිටිනවා. බාප්දාදා ඔවුන්ගෙන්ද විමසන්නේ: ඔබ සියලු දෙනාම තෑග්ග දුන්නේ අද වෙනුවෙන්ද? ඔවුන් සියලු දෙනාම පවසන්නේ, “හා ජී, බාබා”. ඔවුන් හොදයි! ඔවුන් දුරක අසුන් ගෙන සිටියත්, ඔවුන් බාබා ඉදිරියේ අසුන්ගෙන සිටිනවා වැනිය. විද්‍යාඥයින් බොහෝ උත්සාහ දරයි. ඔවුන් බොහෝ උත්සාහ දරනවා නේද? එබැවින් වැඩිම යහපතක් සිදුවිය යුත්තේ බ්‍රහ්මිණ්වරුන්ට නේද? මේ නිසයි, සංගම යුගය ආරම්භ වූ කාලයේ සිට, විද්‍යාවේ පහසුකම් වැඩි වීමද ආරම්භ වුනේ. ස්වර්ණමය යුගයේ, ඔබගේ දේවතා ස්වරූපයේදි, විද්‍යාව ඔබට සේවය කරයි. කෙසේවෙතත්, සංගම යුගයේ ඔය බ්‍රහ්මණයින්ට විද්‍යාවේ සියලු පහසුකම් ලැබෙයි. සේවයේදිද, විද්‍යාවේ මෙම නිපැයුම්, කීර්තිය ලබා දීම සදහා, අසීමිත ආකාරයකින් සහයෝගී වෙයි. මේ නිසයි බාප්දාදා ඔවුන්ගේ වෙහෙසකාරී කාර්යයන් වෙනුවෙන්, විද්‍යාවේ උපකරණ වන දරුවන්ටත් සුබ පැතුම් ලබා දෙන්නේ.

මේ දේශයෙන් සහ විදෙස් රට වලින් මධුබන් වෙතට පැමිණ ඇති ඉතාමත්ම ලස්සණ කාඩ්පත් බොහොමයක් බාප්දාදා දුටුවා. වෙනත් අයගේ මාර්ගයෙන් එවා ඇති ලිපි සහ සෙනෙහසේ සහ ස්මරණයේ පණිවිඩත් තිබෙනවා. බාප්දාදා ඔවුන්ට විශේෂ සෙනෙහස සහ ස්මරණය මෙන්ම ඔවුන්ට කෝටි-කෝටි- කෝටි-කෝටි- ප්‍රකෝටි ගුණයක් සුබ පැතුම් ලබා දෙනවා. සියලුම දරුවන් බාප්දාදාගේ දෑස් ඉදිරියේ පෙනී සිටිනවා. ඔබ සියලු දෙනාම දුටුවේ කාඩ්පත් පමණයි. බාප්දාදා දෙනෙතින්ද ඔවුන්ව දකිනවා. ඔවුන් බොහෝ සෙනෙහසින් මේවා එවන අතර බාප්දාදා එම සෙනෙහසින්ම ඒවා පිළිගත්තා. බොහෝ දෙනෙක් තම මනෝ ස්ථිතිය පිළිබදවත් ලියා තිබෙනවා. එබැවින් බාප්දාදා පවසන්නේ: පියාසර කර, අන් අයවත් පියාසර කරවන්න! පියාසර කිරීමෙන්, සෑම දෙයක්ම පහළ තිබෙන අතර ඔබට උසස්ම- උසස් පියා සමග බොහෝ ඉහළින් රැදී සිටිය හැක. තත්පරයකින් නතර වී, ඔබගේ බලයන් සහ ගුණධර්ම තොග වලට ඉස්මතු වීමට ඉඩ දෙන්න. අච්චා.

සෑම තැනකම සිටිනා ඉතාමත් උසස් බ්‍රහමිණ් ජීවාත්මයන්ව. නිරන්තරයෙන් පරමාත්ම පිය ඇසුරේ සිටින්නන්ව. පරමාත්ම පියා තම මිතුරා කර ගන්නා ආදරණීය ජීවාත්මයන්ව, පරමාත්ම පියාගේ ගුණ සයුරේ කිමිදෙමින් සමව සිටින්නන්ව, බාප්දාදාගේ උතුම් ජීවාත්මයන්ව, එක් තත්පරයකින් බින්දුවක් තබනා මාස්ටර් සින්ධු ජීවාත්මයන්ව. සෙනෙහසින් සිහිපත් කර බාප්දාදා ඒ සැමට සුබ. සුබ සුබම සුබ පතයි. බාප්දාදා සෑම දරුවෙකුටම සෑම විටෙකම නමස්සේ කියන්නාක් මෙන් අදත් නමස්සේ කියා නමස්කාර කරයි.

වරදානය:
ඔබට බලවත් ද්‍රිෂ්ඨියක් සහ පාරිශුද්ධත්වයේ ආකල්පයක් තිබීමෙන්, දුක නැති කරන්නෙක් සහ සතුට පිරිනමන්නෙක් වී, සියලු ලැබීම් හිමි වෙත්වා.

විද්‍යාවේ ඖෂධ වලට වේදනාව සහ විදවීම තාවකාලිකව නතර කිරීමට බලය තිබෙන නමුත්, පාරිශුද්ධත්වයේ බලයට, එනම්, නිහැඩියාවේ බලයට, ආශිර්වාද වල බලය තිබේ. පාරිශුද්ධත්වයේ මෙම බලවත් ද්‍රිෂ්ඨිය සහ ආකල්පය, ඔබට සදාකාලිකව ලැබීම් හිමි කර ගැනීමට මගපාදයි. මේ නිසයි මිනිසුන් ඔබගේ අජීවී ප්‍රතිමා ඉදිරියට ගොස් ඔබට කන්නලව් කර දයානුකම්පාව අයදින්නේ. ඔබව භක්ති මාර්ගයේ වන්දනා කරන්නේ, ඔබ ජීවමාන ස්වරූපයේදී, කාරුණික වී, මාස්ටර් දුක නැති කරන්නන් සහ සතුට පිරිනමන්නන් වූ නිසයි.

පාඨය:
කාලයේ සමීපත්වය සමග සලකා බලන විට, සැබෑ තපස්යාව සහ ආධ්‍යාත්මික උත්සාහය යනු අසීමිත නිරාශාවයි.

දැන්වීම: අද තුන්වන ඉරුදින, ජාත්‍යන්තර යෝගා දිනය වන අතර, සියලු බ්‍රහ්මිණ් දරුවන් ප:ව: 6.30 සිට 7.30 දක්වා භාවනාවේ සිටියි. මාස්ටර් දානපතියෙකුගේ ස්ථිතියේ ස්ථාවර වී, ඔබගේ මනසින් සියලු ජීවාත්මයන්ට සියලු බල සහ ආශිර්වාද දන් දී, ඔවුන්ට පිරිපුන් බව අත්විදීමට මග පාදන්න.