16.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ විසින් මෙම නාටකය පිළිබඳ දැනුම ප්‍රායෝගික ලෙස නිවැරදිවම යෙදුව හොත් ඔබට නිශ්චල නොසැලෙන තත්ත්වයකින් සිටිය හැක. මායාගේ කිසිම කුණාටුවකට ඔබගේ ඒ නිශ්චලත්වය කඩා දැමිය නොහැක.

ප්‍රශ්නය:
දේවී දේවතාවන් තුළ තිබෙන එක් ප්‍රධාන වු ගුණාංගයක් මගේ දරුවන් තුළත් තිබිය යුතුයි. එය කුමක්ද ?

පිළිතුර:
උද්යෝගිමත්භාවයයි. දේවී දේවතාවන් සෑම අවස්ථාවකදීම පෙන්නුම් කරන්නේ උද්යෝගිමත් වූ පුංචි සිනහවක්ද ගැබ් වු ආකාරයකටයි. ඉතින් ඒ වගේම මගේ දරුවනුත් ඒ ලෙසම සෑම අවස්ථාවකදීම ඉතා උද්යෝගිමත්ව සිටිය යුතුයි. සිදුවන ඕනෑම දෙයකදී ඔබගේ මුවග මඳ සිනහවක් තිබිය යුතුයි. දුකක් හෝ කෝපයක් ඇති වීමට කිසිවිටෙක ඉඩ නොදෙන්න. බාබා කිසිම විටෙක ඔබත් සමග කෝප වන්නේ හෝ අසතුටට පත්වන්නේ හෝ නැහැ. නමුත් වැරදි දෙය හා නිවැරදි දෙය පෙන්වා දෙනවා පමණයි. ඉතින්, ඔය දරුවනුත් කිසිම විටෙක අසතුටට පත් නොවිය යුතුයි.

ඕම් ශාන්ති.
ඒ අසීමිත වු පියා ඔහුගේ අසීමිත වු දරුවන් හට උගන්වනවා. ඔබගේ භෞතික පියා විසින් කිසිම විටෙක මෙසේ කියන්නේ නැහැ. වැඩිම වුවහොත් ඔහුට දරුවන් පහක් හෝ හතක් සිටීමට ඉඩ තිබෙනවා. මෙහිදී සියලුම ජීවාත්මයන් සහෝදර ජීවාත්මයන්. ඔවුන් සියලුම දෙනා හට එකම පියෙක් සිටිය යුතුයි. මිනිසුන් කියනවා ඔවුන් සියලුම දෙනා සහෝදරවරුන් කියා. මෙය සියල්ලන්ටම අදාල වන දෙයක්. මෙම ස්ථානයට එන සියලුම දෙනා සහෝදරවරුන් කියාත් කිව හැකියි. ඒ වගේම නොයෙකුත් ග්‍රන්ථයන් පරිශීලනය කරන්නන් පවා ඔවුන් සහෝදරවරුන් කියා කියනවා. සියලුම දෙනා මෙම නාටකයටම බැඳී සිටින අයයි. වෙන කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. ඔවුන් දන්නේ නැත්තේත් එය නාටකයේ නොමැති නිසයි. බාබා මෙහි පැමිණි විට පමණයි ඔහු ඔබට මේ ගැන පවසන්නේ. මිනිසුන් ග්‍රන්ථයක තිබෙන කතාවක් කියවීමට පෙර ඔවුන් කියනවා ’ඒ උත්තරීතර පියා උත්තරීතර ජීවය හට නමස්කාර‘ කියා. නමුත් ඔවුන් දන්නේ නැහැ ඒ කවුද කියා. ඔවුන් දිව්‍ය බ්‍රහ්මා ගැනත් දිව්‍ය විශ්ණු ගැනත් දිව්‍ය ශංකර් ගැනත් කියනවා. නමුත් ඔවුන් හට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කොහොමනමුත්, විශ්ණු එවැනි දෙවි කෙනෙක් ලෙස සැළකිය හැකි වුවත් බ්‍රහ්මා එසේ සැළකිය නොහැකියි. කිසිම කෙනෙක් බ්‍රහ්මා ගැන දන්නේ නැහැ. විශ්ණු දෙවි කෙනෙක් කියා කියන්නට පුළුවන් නමුත් ශංකර් හට රඟපෑම සඳහා කොටසක් නැහැ. ඔහු හට ජීවිත කතාවක් නැහැ. ශිව බාබා හට ජීවිත කතාවක් තිබෙනවා ඔහු මෙහි පැමිණ ඒ අපිරිසිඳු තත්ත්වයට පත් වී සිටින අය පාරිශුද්ධත්වයට පත්කර ඒ නව ලෝකය නිර්මාණය කරනවා. දැනට නිර්මාණය වෙමින් පවතින ඒ ආදී සනාතන දේවී දේවතා ධර්මය නිර්මාණය වී අවසන් වු කළ අන් සියලුම ආගම් විනාශ වී යනවා. ඉන් පසු ඒ සියලුම දෙනා යන්නේ කොහේද ? නිහඬ දේශය වෙත තමයි ඔවුන් සියලුම දෙනා යන්නේ. සියලුම දෙනාගේ ශරීර දැන් විනාශ වීමටයි යන්නේ. ඒ නව ලෝකයේ සිටින්නේ ඔබ පමණයි. ඒ ප්‍රධාන වු ආගම් සියල්ලම ගැන ඔබ දන්නවා මෙම වෘක්ෂයේ තිබෙන සෑම අත්තක්ම රිකිල්ලක්ම ගැන. ඒවායේ නම් ගැන සඳහන් කිරිමට ඔබට නොහැකියි. ප්‍රථමයෙන්ම දිව්‍යාගමත් පසුව මුස්ලිම් ආගමත් මෙහි ස්ථාපිත වෙනවා. මගේම දරුවන්ගේ හැර වෙන කිසිම කෙනෙකුගේ බුද්ධියක මෙම කරුණු අඩංගු වන්නේ නැහැ. මේ ආදී සනාතන දේවී දේවතා ධර්මයෙහි පදනම දැන් නුග ගසෙහි උදාහරණයෙහි මෙන් බෙහෙවින් දිරාපත් වී තිබෙනවා. ගසේ ඉතිරි කොටස තවමත් තිබෙනවා නමුත් එහි පදනම දැන් දිරාපත් වී තිබෙනවා. නුග ගසක ආයු කාලය දීර්ඝතම ආයු කාලයයි. ඒ වගේම ආදී සනාතන දේවී දේවතා ධර්මයෙහි ආයු කාලය තමයි සියලුම ආගම් අතුරින් ගත් කළ දීර්ඝතම ආයුකාලයක් තිබෙනා එක වන්නේ. ඉතින් ඒ ආගම දිරාපත් වී ගිය කළ බාබා නැවතත් මෙහි පැමිණ ඒ එකම වු ධර්මය නැවතත් මෙහි ස්ථාපිත වී අන් සියලුම ආගම් විනාශ විය යුතු බව අපට කියා දෙනවා. මේ නිසා තමයි ත්‍රිමුර්ති පින්තූරය නිර්මාණය කර තිබෙන්නේ. කොහොමනමුත්, වෙන කිසිම කෙනෙක් මෙහි තේරුම දන්නේ නැහැ. දරුවනි, ඔබ දන්නවා ඒ සත්‍යය තමයි සියලුම දෙයින් උසස්ම කෙනා, ඒ වගේම ඉන්පසු බ්‍රහ්මා, විශ්ණු හා ශංකර් විශේෂිත වනවා කියා. ඒ වගේම පසුව මෙම ලෝකයේ ඒ දිව්‍ය ආගම හැර වෙන කිසිම ආගමක් ඉතිරිවන්නේ නැහැ. භක්ති මාර්ගයත් මෙම නාටකයේ ඇති දෙයක් පමණයි. ප්‍රථමයෙන් ඔබ ශිවා හට වන්දනාමාන කරනවා පසුව නොයෙකුත් දෙවිවරුන් හට වන්දනා කරනවා. මෙය විශේෂයෙන්ම අදාල වන්නේ භාරතයටයි. සියලුම දෙනා දන්නවා ඔවුන්ගේ ආගම හෝ සංවිධානය නිර්මාණය වුයේ කවදාද කියා. ආර්ය සමාජික මිනිසුන් කියනවා වඩාත්ම පෞරාණික වන්නේ ඔවුන්ගේ ආගමයි කියා. එනමුත් වඩාත්ම පැරණි වූ ආගම වන්නේ ආදී සනාතන දේවී දේවතා ධර්මයයි. ඔබ කල්ප වෘක්ෂය ගැන ඔවුන් හට විස්තර කරන විට ඔවුන්ගේ ආගම ස්ථාපිත වී ඇත්තේ කුමන කාලයකදීද කියා ඔවුන් තේරුම් ගන්නවා. සියලුම දෙනා ඔවුන් හට ලැබී ඇති මුල්ම සදාකාලික වූ කොටස රඟපෑ යුතුයි. කිසිම කෙනෙක් හට වරදක් කළා කියා හෝ කිසිම දෙයකට දොස් පැවරිය නොහැකියි. ඔබ පාපකාරි ජීවාත්මයන් බවට පත්වී ඇත්තේ මන්ද කියා විස්තර කිරිම අවශ්‍යයි. ඒ අසීමිත වු පියාගේ දරුවන් වන අපි සියලුම දෙනා සහෝදරවරුන් වුවත් සත් යුගයේදී අප සහෝදරවරුන් නොවන්නේ ඇයි කියා ඔවුන් අසනවා. කොහොමනමුත්, නාටකය තුළ ඔවුන් එම කොටස රඟපාන්නේ නැහැ. මෙම නාටකය සදාකාලිකවම සෑදී ඇති නාටකයක්. මේ ගැන ඔබ තුළ හොඳ විශ්වාසයක් තිබෙන කළ ඔබ තුළ කිසිම ප්‍රශ්නයක් හට ගන්නේ නැහැ. මෙම පින්තූරයෙහි ඔබට පෙනෙනවා කොහොමද මෙම නාටකය කැරකැවෙන්නේ කියා. ඔවුන්ටත් මෙම කල්ප වෘක්ෂයක් පිළිබඳ දැනුම තිබෙනවා නමුත් ඔවුන් දන්නේ නැහැ එහි කෙතරම් ආයු කාලයක් තිබෙනවාද කියා. බාබා කිසිම කෙනෙක්ව අපහාසයට ලක් කරන්නේ නැහැ නමුත් විස්තර කරනවා පමණයි. ඔබ ඉතා පාරිශුද්ධ අවස්ථාවක සිටියා කියා ඔබට විස්තර කර දෙනවා. ඉතින් පසුව ඔබ අපිරිසිඳු තත්ත්වයට පත්වු කළ ඔබ කෑ ගසනවා අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! ප්‍රථමයෙන්ම ඔබ සියලුම දෙනා පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. ඉන් පසු ඔබ සියලුම දෙනා අනුපිළිවෙලක් ඇතිව ඔබගේ කොටස රඟපෑමට මෙහි පැමිණෙනවා. සියලුම ජීවාත්මයන් වෙසෙන්නේ ඒ ඈත දනව්වෙහියි. බාබා වෙසෙන්නේත් ඒ ඈත දනව්වෙහියි. ඔබ ඔහුට පැමිණෙන්න කියා කෑ ගැසුවා නමුත් ඔබ එසේ කෑ ගැසුවා කියා ඔහු මෙහි පැමිණෙන්නේ නැහැ. බාබා කියනවා මගේ කොටසත් මෙම නාටකයෙහි ඒ ලෙසම සෑදි තිබෙනවා. සාමාන්‍ය නාට්‍යයක වුවත් ප්‍රධාන නළුවන්ගේ කොටස් ඒ ආකාරයෙන්ම තිබෙනවා. නමුත් මෙය තමයි අසීමිත වු නාටකය. සැවොම මෙම නාටකයට බැඳී සිටිනවා. නූලකින් ගැට ගසා බැඳ තිබෙනවා කියා මෙයින් අදහස් නොකරයි, නැහැ. බාබා විස්තර කරන්නේ, කොහොමද මේ සියලුම දෙනා මෙම නාටකයට බැදී තිබෙන්නේ කියායි. මේ ගස් සියල්ලම ජීවයෙන් තොර වූ ඒවායි. එම බීජයන් ජීවයෙන් යුතු වුවා නම් ඒවා වැඩෙන්නේ කෙසේද, ඵල දරන්නේ කෙසේද කියා එය විසින් දනී. මෙම මනුෂ්‍ය ගසෙහි ජීවයෙන් යුතු වු ඒකායන බීජය මෙයයි. මෙම වෘක්ෂය හඳුන්වන්නේ එසේ උඩු යටිකුරු වු ගසක් ලෙසයි. බාබා ඥානයෙන් සපිරි කෙනායි. ඔහුට මේ සම්පුර්ණ වෘක්ෂය ගැනම වු ඥානය තිබෙනවා. මෙම ඥානයත් ගීතාවේ තිබෙන ඥානයම තමයි එය නව දැනුමක් නොවේ. බාබා මෙහිදි නොයෙකුත් නොයෙකුත් ආකාරයේ කියමන් කියමින් සිටින්නේ නැහැ. ඒ මිනිසුන් නොයෙකුත් ග්‍රන්ථ වලින් නොයෙකුත් ආකාරයේ කියමන් ගෙන හැර පෙන්වමින් ඒවා විස්තර කරනවා. මෙහිදි බාබා විස්තර කරනවා මෙය හැදෑරීමක් පමණක් කියා. මෙහිදී ඔබට කිසිම ආකාරයක කියමනක් අවශ්‍ය වන්නේ නැහැ. එම ග්‍රන්ථවල කිසිමාකාරයක ඉලක්කයක් හෝ අරමුණක් නැහැ. මිනිසුන් දැනුම ගැනත්, භක්තිය ගැනත්, වෛරාග් (කිසිම දේකට ආශාවක් නොමැති) ගැනත් කතා කරනවා. මෙම පැරණි ලෝකය දැන් විනාශයට ලක් වීමටයි යන්නේ. සන්යාසීන් හට ඇති නිරාශාව සීමිත වු දෙයක් පමණයි නමුත් ඔබගේ නිරාශාව අසීමිත වු නිරාශාවක්. නිවස අතහැර යාම ආරම්භ වුයේ ශංකරාචාර්යා මෙහි පැමිණි පසුවයි. භක්ති මාර්ගයේ මුල් භාගයේ දී මේ ආකාරයේ නොයෙකුත් ග්‍රන්ථ තිබුණේ නැහැ. මේ සියලුම ග්‍රන්ථයන් ඒමට පටන් ගත්තේ ආගම් දිගින් දිගටම පැතිරීමට ගත් පසුවයි. උදාහරණයක් ලෙස එක් පුද්ගලයෙක් එක් දැනුමක් සහිතව ආගමක් ඇරඹූ කළ ඒ වටා නොයෙකුත් මිනිසුන් රොක් වෙනවා. ඒ වගේම ඔබ තේරුම් ගත යුතුයි ප්‍රථමයෙන්ම නිර්මාණය වුයේ කුමන ආගමද කියා. මේ වන විට ලෝකයේ නොයෙකුත් ආකාරයේ ආගම් නිර්මාණය වී තිබෙනවා. නමුත් ඒ එකම ආදී සනාතන දේවී දේවතා ධර්මය තිබුණු එම ලෝකය හැඳින්වූයේ සත් යුගය ලෙසයි. දරුවනි, ඔබ සියලු දෙනාම දැන් මෙම නිර්මාණකරුවාත් ඔහු විසින් සිදුකර ඇති නිර්මාණය ගැන දැන ගැනීමෙනුත් දේවවාදීන් බවට පත් වී තිබෙනවා. නමුත් ඔබ අදේවාදීන්ව සිටින කළ ඔබ නොයෙකුත් ආකාරයේ දුක් වේදනා විඳිනු ලැබුවා. ඔබ සියලු දෙනා අනාතයන් බවට පත් වී එකිනෙකා අතර සටන් කර ගනිමින් සිටියා. දරුවන් දබර කර ගන්නා අවස්ථාවකදි ඔවුන්ගෙන් අසනවා, ඔබ නිතරම දබර කර ගනිමින්මයි සිටින්නේ, ඔබ අනාථයින්ද කියා. ඔබ එවන් වු අනාථයින්ද ? ඔබ වෙනුවෙන් වෙන්වීම සඳහා ඔබට අදාල ස්වාමියෙක් නැතිද ? මේ අවස්ථාවේදී සියලුම දෙනා අනාථයින් වැනිය. ඒ නව ලෝකයේ පාරිශුද්ධත්වය, සාමය හා සතුට සියල්ලම තිබුණා. එහි තිබුණු සතුට ඉතා අසීමිත වු සතුටක්. මෙහිදී අසීමිත වු දුකක් ඔබ හට තිබෙනවා. සතුට අයත් වන්නේ සත් යුගයටයි. නමුත් මේ වු කලි කලි යුගයයි. නමුත් ඔබ සියලුම දෙනාට මෙය සංගම් යුගයයි. සුබ මංගල වූ සංගම් යුග තිබෙන්නේ එකක් පමණයි. සත් යුගය හා රිදී යුගය අතර තිබෙන සංගම් යුගය මෙතරම් ප්‍රයෝජනවත් වූ සංගම යුගයක් ලෙස හැඳින්විය නොහැකියි. මෙහි යක්ෂයන් මෙන් පාපකාරී වු අයත් සිටිනවා නමුත් එහි සිටින්නේ දේවී දේවතාවන්ය. මෙය රාවන්ගේ රාජ්‍යය බව ඔබ හඳුනා ගන්නවා. රාවන්ගේ ඔළුව මුදුනෙහි ඔවුන් බූරුවකුගේ පින්තූරයක් පෙන්නුම් කරනවා. බූරුවා කෙතරම් පිරිසිඳුව තබමින් උගේ පිටෙහි රෙද්දක් එළුවා වුවත් ඌ අනිවාර්යෙන්ම මෙඩහි පෙරලෙමින් ඇඳුම් අපිරිසිඳු කරනවා. බාබා ඔබගේ ඇඳුම් පිරිසිඳු කළත් ඔබත් ඒ ලෙසම මඩ වගුරෙහි ලගිමින් රාවන්ගේ රාජ්‍යයෙහි ගැලෙමින් අපිරිසිඳු වෙනවා. ඔබගේ ජීවාත්මය මෙන්ම ඔබගේ ශරිරයත් අපිරිසිඳු වෙනවා. බාබා කියනවා දැන් ඔබ ඔබගේ සියලු ආභරණ නැති කරගෙනයි තිබෙන්නේ. බාබා හඳුන්වන්නේ පාරිශුද්ධකරුවා ලෙසයි. විශාල සමුහයක් සිටින අවස්ථාවකදී ඔබ සත් යුගයෙහි සිටින විට ඔබ සියලුම ආභරණ වලින් සමන්විත වුවා කියා ඔබට කතාවක් කළ හැකියි. ඔබ එම රාජ්‍ය තුළදී ලත් වාසනාව පළවන පන්තියේ වාසනාවක්. පසුව ඔබ මායාගේ මඩ ගොහොරුවේ ලැගීම නිසා ඔබ අපිරිසිඳු තත්ත්වයට පත් වුවා. බාබා කියනවා මෙය තමයි මිනිස්සු දෙවියන් සෑම තැනකම සිටිනවා කියා පවසන අන්ධභාවයේ නගරය. දැන් සිදුවන සියලු දේ නැවත නැවතත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. මේ ගැන කිසිසේත් කලබල විය යුතු නැහැ. එක් දරුවෙක්, මේ සෑම ආගමක කෙතරම් වර්ෂ සංඛ්‍යාවක්, කෙතරම් පැය ගණනක්, කෙතරම් මිනිත්තු ගණනක් තිබෙනවාද මෙම අවුරුදු 5000කින් යුතු වු චක්‍රයේ කියා ගණන් සාදා එය බාබා වෙත එව්වා. ඔහු මෙය ගණන් සාදා බලන්නට ගොස් ඔහුගේ බුද්ධිය අපතේ හැරියා. මෙම නාටක චක්‍රය කැරකෙන්නේ කෙසේද කියා බාබා ඔබට විස්තර කර දෙනවා. ඔබගේ පැරණිතම සීයා වන්නේ ප්‍රජාපිතා බ්‍රහ්මායි. නමුත් ඔබ හැර වෙන කිසිම කෙනෙක් ඔහු විසින් කෙරෙන රැකියාව කුමක්ද කියා දන්නේ නැහැ. ඒ විවිධ ප්‍රතිමුර්තීන් තිබෙන පින්තුරයෙන් ඔවුන් බ්‍රහ්මා ඉවත් කර තිබෙනවා. මිනිසුන් බාබා හෝ බ්‍රහ්මා හෝ කවුද කියා නිවැරදිවම දන්නේ නැහැ. ඔහු ආදී දේව් ලෙසත් හඳුන්වනවා. බාබා කියනවා මම තමයි මෙම වෘක්ෂයේ බීජය. මෙය සදාකාලික වු වෘක්ෂයක්. බාබා, මේ සත්‍යය, ජීවයෙන් පිරි ඥාන සාගරය, ඔහු තමයි ප්‍රශංසනීයත්වයට ලක්වෙන එකම තැනැත්තා. ජීවාත්මය නොමැති නම් මෙම ශරිරය කිසිසේත් වැඩකරන්නේ නැහැ. ජීවාත්මයක් මවගේ ගර්භාෂයට ඇතුළු වන්නේ නැවත ප්‍රතිසන්ධියෙන් මාස පහකට හෝ හයකට හෝ පසුවයි. මෙයත් මෙම නාටකයේ තිබෙන දෙයක්. ජීවාත්මයක් එහි ශරිරය අත් හරින විට එම ශරිරය විනාශයට ලක් වෙනවා. ජීවාත්මය සදාකාලික වන අතර ඔවුන් නිරන්තරයෙන් ඔවුන්ගේ චරිත කොටස රඟපානවා. බාබා මෙහි පැමිණි කල මෙහි අර්ථය ඔහු විසින්ම ඔබට කියා දෙනවා. ජීවාත්මය යනු ඉතා පුංචි තිතක් වුවත් ඔවුන්ගේ සදාකාලික වු කොටස ගැබ් වී ඇත්තේ එය තුළයි. ඒ උත්තරිතර ජීවයත් ජීවයක් පමණයි. ඔහු ඥාන සාගරය ලෙස හඳුන්වනවා. ඔහු තමයි ඔබට ඔබ ජීවාත්මයක්ය යන හැඟීම ගෙන එන්නේ. අනෙක් අය කියනවා ඒ උත්තරිතර ජිවය තමයි අති උත්තරිතර තැනැත්තා කියා. ඒ වගේම සුර්යයන් දහසකට වඩා ආලෝකයක් ගෙන එනවා කියාත් කියනවා. ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඔවුන් භක්ති මාර්ගයේ දී මේ සියලු දේ ගැන කියමින් නොයෙකුත් ග්‍රන්ථ වල පවා ඒවා ලියා තබනවා. අර්ජුනා හට දෙවියන් පිළිබඳ යම් දර්ශනයක් පෙන්වු කළ ඔහු කිව්වා එය වහාම නවත්වන්න කියලා. මන්ද, එම ආලෝකය ඔහුට ඉවසා සිටීමට අපහසු වු නිසයි. එවැනි දේ මිනිසුන්ගේ බුද්ධිය තුළ ගැබ් වී තිබෙනවා. එවැනි ආලෝකයක් මිනිසෙකු හට දක්නට ලැබුණ හොත් ඔහු බොහෝ අපහසුතාවයට පත් වෙනවා. ඔවුන් හට කිසිම ඥානයක් නොමැති නිසා තමයි ඔවුන් දෙවියන් කියන්නේ සුර්යයන් දහසකගෙන් එන එළියටත් වඩා දෙවියන්ගේ එළිය විශාලයි කියා සිතා ඔහුව දර්ශනය කිරීමට කැමති වන්නේ. ඔවුන්ගේ භක්තිය නිසා ඔවුන් හට එවැනි නොයෙකුත් දේ දර්ශන දක්නට ලැබෙනවා. ඔබත් සමඟ මෙහි සිටි බොහෝ දෙනා එවැනි දර්ශන දැක තිබෙනවා. ඔවුන් එසේ දර්ශන දකින විට ඔවුන්ගේ ඇස් පවා රතු වන තත්ත්වයට පත් වෙනවා. කොහොමනමුත්, ඔවුන් දැනට මෙහි නැහැ. සියලුම කරුණු අයත් වන්නේ භක්ති මාර්ගයටයි. මෙහිදි කිසිම ලෙසකින් අපහාසයට ලක් කිරීමක් සිදුවන්නේ නැහැ. බාබා මේ සියලු දේ ඔබට හොඳින් විස්තර කර දෙනවා. දරුවනි, ඔබ නිරන්තරයෙන්ම උද්යෝගිමත්ව සිටිය යුතුයි මෙම නාටකය මේ ලෙසින්ම තැනී ඇති දෙයක්. මා බොහෝ සෙයින් අපහාසයට ලක් වී තිබෙනවා. නමුත් මා විසින් කළ හැක්කේ කුමක්ද ? මා එයින් කෝප වෙනවාද ? මා තේරුම් ගන්නවා මෙම නාටකයට අනුව සියලුම දෙනා භක්ති මාර්ගයට යට වෙනවා කියා. කිසිම දෙයකට ඔබ කලබල නොවිය යුතුයි. නාටකය නිර්මාණය වී ඇත්තේ මේ ආකාරයටයි. ඔබ සියලු දේ විස්තර කර දිය යුත්තේ ඉතාමත් සෙනෙහසින්. ඒ දිළිඳු මිනිසුන් අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ගැලී සිටිනවා. ඔවුන් එය කිසිසේත් තේරුම් ගන්නේ නැති නම් ඔවුන්ට අනුකම්පා කරන්න. ඔබ නිරන්තරයෙන්ම සිනහමුසු මුහුණින් සිටිය යුතුයි. ඒ දිළිඳු මිනිසුන් ඒ සත් යුගයේ දොරටු අසලට හෝ යා නොහැකි අයයි. ඔවුන් ඒ නිහඬ ලෝකයට වී සිටිනවා. සියලුම දෙනා හට අවශ්‍ය වී ඇත්තේ සාමය පමණයි. එමනිසා, බාබා පමණයි ඔබට නියම දේ හරියාකාරව කියා දෙන්නේ. ඔබ දැන් තේරුම් ගන්නවා මෙම නාටකය සෑදී ඇත්තේ කුමන ආකාරයටද කියා. සියලුම දෙනා මෙම නාටකයේ යම් චරිත කොටසක් අනිවාර්යෙන්ම රඟපෑ යුතුයි. මේ සඳහා ඔබගේ බුද්ධිය හොඳ නිශ්චලතාවයකින් යුක්ත විය යුතුයි. ඔබ එසේ ඔබගේ බුද්ධිය නිශ්චල තත්ත්වයක තබාගෙන නොමැති නම් ඔබ උත්සාහ කරන්නේ කෙසේද ? ඕනෑම ආකාරයක කුණාටුවක් පැමිණියා වුවත් ඔබ කිසිසේත් නොසැලෙන තත්ත්වයට පත් විය යුතුයි. මායා විසින් ඔබට නොයෙකුත් ආකාරයේ කුණාටු අවසානය තෙක්ම ගෙන ඒමට ඉඩ තිබෙනවා. නමුත් ඔබගේ තත්ත්වය නිරන්තරයෙන්ම ශක්තිමත් වු තත්ත්වයක තිබිය යුතුයි. ඔබ මේ සඳහා සුක්ෂම ලෙස උත්සාහ දැරිය යුතුයි. බොහෝ දරුවන් මේ සෑම කුණාටුවක්ම නවතා දමාලිය හැකි සේ ඔවුන්ගේ උත්සාහය ක්‍රියාත්මක කරනවා. ඔබ කොතරම් හොඳින් සමත් වෙනවාද ඒ ආකාරයට ඔබට ඔබගේ තත්ත්වය ලබා ගත හැකි වෙනවා. එම රාජ්‍යයෙහි නොයෙකුත් ආකාරයේ තත්ත්වයන් තිබෙනවා. ත්‍රිමුර්ති, මෙම ලෝක නාටක චක්‍රය, ඒ වගේම කල්ප වෘක්ෂයේ පින්තූරයන් තමයි හොඳම පින්තූර වන්නේ. එම පින්තූර සියල්ලම නිර්මාණය වූයේ මුල් කාලයේදීමයි. ඔබ විසින් පිටරට වල සේවය කිරිමට යන විට මේ සෑම පින්තූරයක්ම ගෙන යා යුතුයි. මිනිසුන් ඒවා මඟින් හොඳින් තේරුම් ගන්නවා. බාබා හට අවශ්‍ය සෑම දෙයක්ම, ඒ කියන්නේ මේ පින්තූර රෙදි වල මුද්‍රණය කිරිම ආදී දේ ඒ ඒ වෙලාවට සිදු වේවි. ඔබත් අන් අයට මේ ස්ථාපිත වීම සිදුවන්නේ කෙසේද කියා විස්තර කර දිය යුතුයි. ඒ වගේම ඔබට පුළුවන් ඔවුන්ට විස්තර කර දෙන්න ඔබට මෙය තේරුම් ගැනීමට හැකි නම් ඔබට උසස් තත්ත්වයක් ලබා ගත හැකියි. ඔබට ක්‍රිස්තියානි ආගමෙහි වුවත් හොඳ ස්ථානයක් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙය හොඳින් තේරුම් ගත යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම සංගම් යුගයෙහිදී පාරිශුද්ධත්වයට පත් වී ඔබව සරසා ගන්න. කිසිම විටෙක මායාගේ මඩ ගොහොරුවෙහි ලගිමින් ඔබගේ සැරසිලි අපිරිසිඳු කර ගන්න එපා.

2. මෙම නාටකය හොඳින් තේරුම් ගෙන ඔබගේ තත්ත්වය නොසැලෙන නිශ්චල තත්ත්වයක් බවට පත් කර ගන්න. කිසිම විටෙක කලබල නොවන්න; නිරතුරු උද්යෝගිමත්ව සිටින්න.

වරදානය:
ඔබ සෑම ක්‍රියාවක්ම ප්‍රවේසමින් සලකා බැලීමෙන් පසුව සිදු කරන, දැනුමැති ජීවාත්මයක් වී, ඒ අනුව පසුතැවිලි වීමට සිදු වීමෙන් නිදහස් වේවා.

මෙවන් කියමනක් ලෝකයේ තිබේ: ප්‍රථමයෙන් සිතා, ඉන්පසුව ක්‍රියා කරන්න. ක්‍රියා කිරීමට පෙර, සිතා නොබලන අය, යමක් සිදු කර, ඊටපසුව ඒ ගැන සිතන අයට, එවිට පසුතැවිලි වීමට සිදු වෙයි. පසුව යමක් ගැන සිතීම, පසුතැවිලි වීමේ ස්වරූපයක් වන අතර, ප්‍රථමයෙන් ඒ ගැන සිතීම, දැනුමැති ජීවාත්මයකගේ ගුණයකි. තඹ සහ කලි යුගයන්හි බොහෝ විවිධ අන්දමේ පසුතැවිලි වීම් තිබුණි. කෙසේවෙතත්, දැන් සංගම යුගයේ ඔබට ප්‍රවේසමින් සලකා බැලීමේ සිතිවිලි ඇති අතර ඔබ ක්‍රියා කරන්නේ ඉන්පසුවයි. තත්පරයකටවත් ඔබගේ මනසේ කිසිම ආකාරයක පසුතැවිලි වීමක් නොමැති විට පමණයි, ඔබ දැනුමැති ජීවාත්මයක් ලෙස හැදින්වෙන්නේ.

පාඨය:
දයාවෙන් පිරිපුන් වී, සියලු ගුණධර්ම සහ බල දන් දෙන අය, මාස්ටර් දානපතියන්ය.