16.07.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ වඩාත් උසස් තත්ත්වයට පත්වන සංගම යුගය මෙයයි. එමනිසා, මෙම යුගයේදි කිසිම
ආකාරයක පාපයක් නොකරන්න.
ප්‍රශ්නය:
සංගම යුගයේදි
දරුවන් වන ඔබ විසින් කරනා ශ්‍රේෂ්ඨම කුසලය කුමක්ද?
පිළිතුර:
ඔබ සම්පූර්ණයෙන්ම තමාව පරමාත්ම පියා වෙනුවෙන් කැප කරයි. ඔබ සම්පූර්ණයෙන්ම කැප
වෙනවා. ශ්‍රේෂ්ඨ කුසලය මෙයයි. ඔබ දැන් ඔබගේ බැඳිම් සියල්ල අවසන් කර දමනවා. ඔබ ඔබගේ
දරුවන්, නිවෙස් හා පවුලේ අයව අමතක කර දැමීමට උත්සාහ කරනවා. මේ ඔබගේ පොරොන්දුවයි. ඔබ
මියැදුණු විට මුළු ලෝකයම ඔබට මිය යයි. ඔබ දැන් පාපාකාරි සම්බන්ධතා වලින් නිදහස්
වෙමින් සිටියි.
ගීතය:
ගිනිදැල්ලට
තමන්ව කැප කිරීමට සලබයා නොපිළිස්සෙන්නේ මන්ද?
ඕම් ශාන්ති.
මේ සෑම දෙයක්ම
භක්ති මාර්ගයේදි පියා වෙනුවෙන් ගැයෙන ප්‍රශංසාවයි. එම ප්‍රශංසා ගීතය ගැයුවේ සලබයන්
රෑන විසින් පහන් දැල්ල වෙතයි. පියා පැමිණ තිබෙන නිසා ජීවත්ව සිටිනා අතර ඔබ ඔහුට
අයත් නොවන්නේ ඇයි? ජීව මරණයක් ලැබීම යනු නැවත ජීවයක් ලැබීමයි. මීට පෙර ඔබ අයිතිව
සිටියේ යක්ෂ පවුලට වන අතර දැන් ඔබව දේව පවුලට එකතුව සිටියි. පරමාත්ම දෙවියන් පැමිණ
ඔබව තමාට අයත් කරගෙන ඇත. සරණ ලබා ගැනිම වශයෙන් පසුව කතා කරන්නේ මේ ගැනයි. මිනිස්සු
මම පැමිණ ඔබගෙන් සරණක් ලබා ගන්නවා කියා ගීත ගායනා කරනවා. ඔහු පැමිණ ඔහුගේ බලය පෙන්
වූ විට පමණයි ඔබ ඔහුගෙන් සරණක් ලබා ගන්නේ. ඔහු සියලු බල ඇති කෙනායි. සැබවින්ම ඔහු
කෙරෙහි එම ආකර්ෂණීය බලය ඇත. ඔහු ඔබව සැම දෙයින්ම ඉවත් කරනවා. සැබෑ වශයෙන් පියාගේ
පුතනුවරුන් හා දියණිවරුන් බවට පත් වූ අය යක්ෂ සම්බන්ධතා වලින් වෙහෙසට පත් වෙනවා.
ඔවුන් අසනවා බාබා, මෙම සම්බන්ධකම් නතර වන්නේ කවදාද? ඒ සියලුම පැරණි සම්බන්ධතා සෑම
දෙයක්ම මෙහිදි අමතක කර දැමිය යුතුයි. ජීවයක් ශරීරයෙන් ඉවත් වුණු විට සෑම බන්ධනයක්ම
අවසන් වෙනවා. මේ කාලයේදි සෑම කෙනෙක්ටම මරණය පැමිණෙන බව ඔබ දන්නවා. ඒ සෑම බන්ධනයක්ම
පාපකාරීයි. දරුවන්ට දැන් පාප වලින් තොරවුණු සම්බන්ධකම් අවශ්‍ය වී තිබෙනවා. ඔබට
පාපයෙන් තොර වූ සම්බන්ධතා තිබුණා. පසුව පාපකාරි සබඳතා ඇති වී දැන් නැවතත් ඔබ
පාපයෙන් තොර සම්බන්ධතා බලාපොරොත්තු වෙනවා. මේ දේවල් වෙන කිසිම කෙනෙකුගේ සිහියේ
නැහැ. තමන් යක්ෂ සම්බන්ධතා වලින් නිදහස් වීමට උත්සාහ දරණා බව දරුවන් වන ඔබ දන්නවා.
ඔබ පරමාත්ම පියා සමඟ යෝගා වී සිටිනවා. ඒ පැත්තේ රාවණුත්, මේ පැත්තේ රාමාත් සිටිනවා.
ලෝකයේ අය මේ දේවල් ගැන දන්නේ නැහැ. රාමාගේ රාජ්‍යය අවශ්‍ය බව මිනිස්සු කියනවා.
කොහොමනමුත්, මුළු ලොවම දැන් තිබෙන්නේ රාවණ්ගේ රාජ්‍යය බව කිසිම කෙනෙක් දන්නේ නැහැ.
රාමාගේ රාජ්‍යය තුළ පාරිශුද්ධත්වය, සාමය හා සතුට තිබුණා, දැන් එය නැහැ. කොහොමනමුත්,
තමන් මේ ඉල්ලන්නේ කුමක්ද යන්නවත් ඔවුන් අවබෝධ කරගෙන නැහැ. සියලුම ජීව, සීතාවරුන් බව
සඳහන් වී තිබෙනවා. එය, එක සීතා කෙනෙක්, එක අර්ජුනා කෙනෙක් හෝ එක දෘපදි කෙනෙක් පමණක්
ගැන නොවෙයි, මෙය ඔබ බොහෝ දෙනා පිළිබඳ වූ කරුණක්. උදාහරණය සඳහා ගෙන තිබෙන්නේ එක්
අයෙක් පමණයි. ඔබ සෑම කෙනෙක්ම අර්ජුනා වගෙයි. අර්ජුනා, වාසනාවන්ත රථය බව ඔබ කියනවා.
පියා කියනවා මම මෙම සාමාන්‍ය, මහළු ශරීරයේ රථය අරගන්නවා. ඔවුන් පින්තූරවල අශ්ව
කරත්තයකුත් පෙන්වා තිබෙනවා. අවිද්‍යාව කියා කියන්නේ මෙයයි. ඒ සෑම ග්‍රන්ථයක්ම අයිති
වන්නේ භක්ති මාර්ගයට බව දරුවන් වන ඔබ දන්නවා. දින හතේ පාඨමාලාව ගන්නා තුරු කිසිම
කෙනෙක්ට මේවා තේරුම් ගන්න බැහැ. භක්තිය වෙනත් දෙයක්. ඥානය, භක්තිය හා නිරාශාව කියා
දෙයක් ගැන මිනිස්සු කතා කරනවා. ඇත්තෙන්ම කියනවා නම් සන්යාසින්ගේ නිරාශාව සැබෑ දෙයක්
නොවෙයි. මන්ද, පළමුවෙන්ම ඔවුන් වනගත වි පසුව විශාල ගොඩනැගිලි ඇති නගරවලට පැමිණෙනවා.
තමන්ගේ නිවස හා පවුලේ අයව අතහැර පැමිණියා කියන දේ පමණයි ඔවුන් කියන්නේ. ඔබ තුළ මුළු
පැරණි ලෝකය කෙරෙහිම ඇත්තේ මහත් නිරාශාවක්. මෙය සත්‍ය දෙයක් වන අතර, ඔවුන්ගේ එය
සීමිත දෙයකි. අන්න ඒ නිසා තමයි හතයෝගා සීමිත නිරාශාවක් වශයෙන් හඳුන්වන්නේ. මෙම
පැරණි ලෝකය දැන් අවසන් වෙමින් පවතිනා බවත්, එමනිසා, ඔබ අනිවාර්යෙන්ම ඒ කෙරෙහි
නිරාශාවක් ඇති කර ගත යුතු බවත් දක්වා තිබෙන්නේ ඒ නිසයි. බුද්ධිය පවා කියනවා නව
නිවසක් ඉදි කළ විට පැරණි එක කඩා බිඳ දමනවා. සියලුම සුදානම් කිරීම් දැන් කෙරීගෙන යන
බව ඔබ දන්නවා. කලි යුගයට පසුව අනිවාර්යෙන්ම සංගම යුගය පැමිණෙනු ඇත. ඉතාමත් උසස්ම වූ
යුගය වශයෙන් හඳුන්වන්නේ මෙයයි. ඉතාමත් උසස් පුණ්‍යවන්ත මාසයකුත් තිබෙනවා. වඩාත්
උසස්ම වූ යුගය වන්නේ ඔබගේ යුගයයි. පුණ්‍ය මාසයේ දි මිනිසුන් දානමාන ආදී පින්කම්
කරනවා. මෙම ඉතාමත් සුබ වූ සංගම යුගයේදී ඔබ සියල්ල කැප කරනවා. මේ මුළු ලෝකයම කැප කළ
යුතු බව ඔබ දන්නවා. එමනිසා, මුළු ලෝකයම කැප වීමට පෙර ඇයි අප කැප නොවන්නේ? එමඟින් ඔබ
ලොකු පිනක් ලබනවා. එය සීමිත පුණ්‍ය මාසයක් නමුත්, මෙය අසීමිත දෙයක්. මිනිස්සු
පුණ්‍ය කාලයේදි ආගමික කතාන්දර වලට ඇහුම් කන් දෙමින් නොකා නොබී සිටිනවා. ඔබ ඉතා
විශාල වූ කැප වීමක් කරනවා. නිවසක්, දරුවන් හා පවුලක් සිටියත් ඔබ ඔවුන් වෙත ඇති
බැඳීමෙන් ඔබගේ සිත ඉවතට ගෙන තිබෙනවා. ඔබ මළ විට මුළු ලොවම ඔබට මිය යයි. මේ සෑම
දෙයක්ම විනාශ විය යුතු බව ඔබ දන්නවා. ඉතාමත් උසස් අය වීමට අප පියාට අයත් වි
සිටිනවා. සියලුම මනුෂ්‍යයින් අතර, ඔබ ඉදිරියෙන් සිටිනා, මෙම ලක්ෂ්මි හා නාරායන
උසස්ම දෙදෙනා වේ. ලක්ෂ්මි හා නාරායනට වඩා උසස් වූ කිසිම කෙනෙක් සිටිය නොහැකියි.
ඔවුන් ලෝකයේ පාලකයින් වූවා. ඔවුන් සේ ඉතා උසස් මිනිසුන් බවට පත් වීම සඳහා ඔබ මෙහි
පැමිණ සිටියි. සියලුම මිනිසුන් ගැලවීම ලබා ගන්නවා. මනුෂ්‍ය ජීව ඉතා උසස් ජීව බවට
පත්වුණු විට ඔවුන් සිටිනා ස්ථානයත් උසස් ස්ථානයක් විය යුතුයි. ජනාධිපති කෙනෙක්
සියලු බල තල නිසා ඔහු ජනාධිපති මන්දිරයේ (රාෂ්ට්‍රපති භවන-රාජ්‍ය නිවස) වාසය කරනවා
වැනි දෙයකි මෙයත්. එය ඉතා විශාල, අලංකාර ගෙවතු වලින් යුතු ඉහළ තලයේ ගොඩනැගිල්ලක්.
මෙය අදාල වන්නේ මෙහාටයි. රාමාගේ රාජ්‍යය ගැන දන්නා අය ඔබයි. සත් යුගයේ ඉතාමත් උසස්
මානව ජීවයන් බවට ඔබ පත්වුණු විට, කලි යුගයේ ඉතා උසස් මිනිසුන් තව දුරටත් මෙහි රැඳී
සිටිනා එකක් නැහැ. සත් යුගී ඉතාමත් උසස් මානව ජීවයන් වීමට ඔබ උත්සාහ දරණවා. ඔබගේ
මාළිගා කුමන ආකාරයේ වේදැයි ඔබ දන්නවා. හෙට දවසේ රාමාගේ රාජ්‍යය බිහිවනු ඇත. රාමාගේ
රාජ්‍යයෙහි සිටිනා ඉතා උසස් මිනිසුන් ඔබ වනු ඇත. රාවනගේ රාජ්‍යය වෙනස් කර, රාමාගේ
රාජ්‍යය ස්ථාපනය කරනා බවට ඔබ අභියෝගයක් කරනවා. ඔබ දැන් මෙම අභියෝගය කර තිබෙනා අතර,
ඔබලාගේ අනාගත උපත් 21 වෙනුවෙන් සෑම කෙනෙක්ටම උසස් තත්ත්වයක් ලබා ගැනිමට ඔබ උපකාර කළ
යුතුයි. දේවතාවන් ගැන ගායනා වී ඇති ප්‍රශංසාව නම් සියලුම ගුණධර්ම වලින් පිරුණු, කලා
දහසයෙන්ම සම්පූර්ණ, උත්තරීතර ධර්මය ප්‍රචණ්ඩත්වයෙන් තොර වීම බවට පත් වුණු අය
වශයෙනි. වෙන කිසිම කෙනෙක් මෙය නොදන්නා බව ඔබ දන්නවා. ඔබගේ මීලඟ උපතේදි ඔබ ඉතාමත්
උසස් මානව ජීවයන් වන බවත්, රාවනගේ දේශයේ සිටිනා මේ කිසිම කෙනෙක් එහි නොසිටිනා බවත්
ඔබ දන්නවා. ඔබ තුළ දැන් සියලුම දැනුම තිබෙනවා. රාවනගේ රාජ්‍යය දැන් අවසානයක් වෙත
පැමිණෙමින් තිබේ. මේ දිනවල කිසිම දෙයක් සම්බන්ධයෙන් කිසිම සහතිකයක් නැහැ, කාලය
සම්බන්ධයෙන් වත් නැහැ. එක පාරටම අකල් මරණ සිදු විය හැකියි. නැති නම් කුමන හෝ
එදිරිවාදිකමක් තිබෙනවා නම් මිණි මැරුමක් සිදු විය හැකියි. සදාකාලිකවම අමරණිය වූ ජීව
වන්නේ ඔබයි. රාවනගේ රාජ්‍යයේ තිබෙනා සෑම දෙයක්ම විනාශ වන සුළු දේවල්ය. ඔබගේ දේවතා
රාජ්‍යය ගැන මිනිස්සු දන්නේ නැහැ. ශ්‍රීමත් අනුගමනය කරමින් ඔබගේ දේවතා ස්වාධිපත්‍යය
ස්ථාපනය කරනා බව ඔබ දන්නවා. වන්දනාවට ලක් වුණු අය අනිවාර්යෙන්ම යහපත් ක්‍රියාවන් කර
ආපසු පිටව යා යුතුව තිබෙනවා. ඔබ මෙය දන්නවා. බලන්න ජගදම්බාව වන්දනාවට ලක්වෙන ආකාරය!
ඥානයට අධිපති දෙවඟන ඇයයි. ජගදම්බාගේ දියණියන් වන ඔබ ඥානයේ දෙවඟනන් හා කුමාරිකාවන්
බවට පත් වෙමින් සිටිනවා. මේ දෙදෙනාගෙන් වඩාත් උසස්ම කෙනා කවුද? මිනිස්සු ඥානයේ
දෙවඟන ලඟට ගොස් නොයෙකුත් ආශාවන් ඉෂ්ඨ කරදෙන ලෙස ඉල්ලා සිටිනවා. නොයකුත් දේවල්
අසනවා. ජගදම්බා දේවාලයත් ලක්ෂ්මි හා නාරායන දේවාලයත් අතර ලොකු වෙනසක් තිබෙනවා.
ජගදම්බා දේවාලය ඉතා කුඩා එකක්. පොඩි තැනක වුණත් මහා ලොකු සෙනඟක් දකින්න මිනිස්සු
ඉතාමත් සතුටුයි. ශ්‍රී නාථ දේවාලයේ සෙනඟ රාශියක් ඉන්නවා. ඔවුන් ඇතැම් විට මිනිසුන්
ඉදිරියට තල්ලු කිරීම සඳහා රෙදි වලට ගසන පොලුවලිනුත් පහර දෙනවා. කල්කටාවේ ඇති කාලී
දේවාලය ඉතාමත් කුඩා එකක් වන අතර එහි සෑම තැනම වතුරින් හා තෙල් වලින් පිරිලා. එහි
ගමන් කළ යුත්තේ ඉතාමත් ප්‍රවේසමෙන්. එතන සෙනග පිරිලා. ලක්ෂ්මි නාරායන දේවාල ඉතාමත්
ලොකුයි. ජගදම්බා දේවාල ඉතා කුඩා ඇයි? ඇය දුප්පත්, එමනිසා, ඇය වෙනුවෙන් සාදන දේවාලත්
පෙන්වන්නේ එලෙසෙනුයි. ඔවුන්, (ලක්ෂ්මි හා නාරායන) ඉතාමත් ධනවත්, එමනිසා, ඔවුන්ගේ
දේවාල වල කිසිම මේලාවක් පවත්වන්නේ නැහැ. ජගදම්බා දේවාලයේ නම් මේලාවන් රාශියක්
තිබෙනවා. පිට රටවල මිනිස්සු රාශියක් එය නැරඹීම සඳහා යනවා. මහා ලක්ෂ්මි දේවාලයත්
තිබෙනවා. එහි ලක්ෂ්මි හා නාරායන ඇතුලත් බව දන්නේ ඔබ පමණයි. ඔවුන් ධනවත් නිසා
මිනිස්සු ඔවුන්ගෙන් ඉල්ලන්නේ ධනය පමණයි. මෙහිදි ඔබට අවිනාශි ඥානයේ මිනිමුතු රාශියක්
තිබෙනවා. මිනිස්සු ධනය සඳහා ලක්ෂ්මි ලඟට යනවා. තමන්ගේ සියලු ආශාවන් සම්පූර්ණ කර
ගැනිම සඳහා ජගදම්බා ලඟට යනවා. ඔබ ජගදම්බාගේ දරුවන්ය. ඔබ සැම කෙනෙක්ගේම ආශාවන් උපත්
21ක් පුරාවටම සපුරා දෙනවා. එකම එක උසස් මන්ත්‍රයක් තුළින් ඔබගේ ආශාවන් සැම එකක්ම
උපත් 21කටම විසඳී යනවා. මිනිස්සු දෙන අන් කිසිම මන්ත්‍රයක කිසිම අර්ථයක් නැහැ. මෙම
මන්ත්‍රය ඔබට දීමට හේතුව පියා ඔබට කියා දෙනවා. ඒ ඔබ අපිරිසිඳු නිසායි. ඔබ ඔහුව
පමණක් නිරන්තරයෙන් සිහිපත් කළ විට පමණයි ඔබට පාරිශුද්ධත්වයට පත් විය හැකි වන්නේ.
පියා හැර වෙන කිසිම කෙනෙකුට මෙය කිව නොහැකියි. පහසු රාජයෝගා උගන්වන්නේ එකම එක
පරමාත්ම පියා යන්න මින් ඔප්පු වෙනවා. ඔබට මන්ත්‍රය දෙන්නේ ඔහු පමණයි. වසර 5000කට
පෙරත් ඔහු ඔබට මන්ත්‍රය දුන්නා. ඔබට දැන් මෙය මතකයි. ඔබ දැන් පෞද්ගලිකවම ඔහු
ඉදිරියේ අසුන්ගෙන සිටිනවා. ක්‍රිස්තුස් වහන්සේ මෙහි සිට පිට වී ගිය නිසා මිනිස්සු
ඔහුගේ බයිබලය දිගටම කියවමින් සිටිනවා. ඔහු පැමිණි විට කළේ මොනවාද? ඔහු ආගමක්
ස්ථාපනය කළා. ශිව බාබා පැමිණි විට කළේ මොනවාද. ක්‍රිෂ්ණා කළේ මොනවාද කියා ඔබ
දන්නවා. ක්‍රිෂ්ණා සත් යුගයේ කුමාරයෙක්, පසුව ඔහු නාරායන වී ඉන් අනතුරුව දිගින්
දිගටම නැවත උපත් ගත්තා. ශිව බාබාව එතරම් වන්දනාවට ලක් වන්නේ ඔහු පැමිණ සිටි විට
කිසියම් දෙයක් ඔහු කළ නිසයි. ඔහු ඔබට රාජයෝගා ඉගැන්වූ බව ඔබ දන්නවා. ඔහු භාරතය
ස්වර්ගය බවට පත් කළා. නමුත් ඔහු එහි පළමු පාලකයා බවට පත් වුණේ නැහැ. ඒ තත්ත්වයට
පත්වුණේ ශ්‍රී ක්‍රිෂ්ණායි. ඔහු අනිවාර්යෙන්ම ශ්‍රී ක්‍රිෂ්ණාගේ ජීවයට ඉගැන් වූ බව
ඔබට තේරෙනවා. ක්‍රිෂ්ණාගේ වංශය වන ඔබ මෙතන සිටිනවා. රජ හා රැජින, මව හා පියා මෙන්
සෑම දෙයක්ම ලබා දෙනවා. රාජස්ථානයේත් රජ සැම දෙයක්ම ලබා දෙන්නා (ආහාර ද්‍රව්‍ය)
වශයෙන් හඳුන්වනවා. රජවරුන් සඳහා ලොකු ගෞරවයක් තිබෙනවා. ඒ දවස්වල නඩු වාර පවත්වන විට
සැම චෝදනාවක් ගැනම රජුට දන්වනවා. කවුරු හෝ කෙනෙක් වරදක් කළොත් ඔහුට පසුතැවිලි වන්න
සිදු වේවි. මේ දිනවල සිර කුරුල්ලන් රාශියක් ඉන්නවා, ඔවුන් නැවත නැවතත් සිර කූඩුවටම
යනවා. දරුවන් වන ඔබ සිර කුටියක් වන් වූ මව් කුසක් තුළට යා යුතු වන්නේ නැහැ. ඔබ යා
යුත්තේ මාළිගාවක් වන් වූ කුසකටයි. එමනිසා, ඔබ පරම පියාව සිහි කළ යුතුයි. එවිට ඔබගේ
පාප සියල්ල දුරු වී ගොස් සිර කුටියක් වන් මව් කුසක් තුළට නැවත නොයනු ඇත. එහිදී
විශාල පාපකාරී දේවල් කරනවා. සෑම කෙනෙක්ම මාළිගාවක් වන් වූ මව් කුසක සිටිනවා. ඒ
ඇතැම් අය, ලොකු උත්සාහයකුත්, ඇතැම් අය පුංචි උත්සාහයකුත් දැරූ නිසයි. උසස් ස්ථාන
ලබා ගන්නා අය ලොකු සතුටක් ලබනවා. මෙහි, ආණ්ඩුකාරවරයා හෝ ජනාධිපති පත් කරන්නේ වසර
පහකට පමණ පසුවයි. රජවරුන්ගේ දිව්‍යමය දේශය වන්නේ භාරතය පමණක් බව (රාජස්ථාන්) ඔබට
තේරුම් කර කියා දිය හැකියි. දැන් රජවරුන්ගේ දේශයකුත් නැහැ, වෙන කිසිම රජෙක් හෝ
රැජිණකුත් නැහැ. මීට පෙර ආණ්ඩුවට මුදල් දෙන ඕනෑම කෙනෙක්ට රජ හෝ රැජිණ යන නම යොදා ගත
හැකිව තිබුණා. මෙහි, මෙය ඔබගේ ඉගෙනුමයි. අධ්‍යාපනය මඟින් රජවරුන්, රැජිණියන් බිහි
කරන්නේ නැහැ. ඔබට අරමුණක් සහ ඉලක්කයක් තිබෙනවා. මෙම ඉගෙනීමෙන් ඔබ ලෝකයේ
අධිරාජ්‍යයින් හා අධිරාජිණියන් බවට පත් වෙනවා. නිකම් රජවරුන් හෝ රැජිණියන් නොවෙයි.
රජ රැජිණ යන නාම ඇරඹුණේ තඹ යුගයේ සිටයි. ඔබ දැන් දෙවි දේවතාවන් බවට පත්වී පසුව රාජ
කුමාරයින් හා කුමාරිකාවන් බවට පත් වෙනවා. ඔබව මේ තත්ත්වයට පත් කරවන්නේ කවුද? බාබා.
කොහොමද? රාජයෝගාවෙන් හා ඥානයෙන්. අධිරාජ්‍යයක් දිනාගැනීමට අවශ්‍යනම් පියාව සිහිපත්
කරන්න. පියා ඔබව ස්වර්ගයේ පාලකයින් බවට පත් කරවනවා. මෙය ඉතාමත් පහසුයි, එහෙම නේද?
ස්වර්ගය ස්ථාපනය කරන්නේ දෙවි පියාණනුයි. ඔහු ස්වර්ගයේදී ස්වර්ගයක් සාදන්නේ නැහැ.
ඔවුන් අනිවාර්යෙන්ම තම තමන්ගේ ස්ථාන ලබා ගන්නේ සංගම් යුගයේදීයි. සංගම් යුගය තවමත්
කරුණාවන්ත යුගයක් වශයෙන් හැඳින්වෙන්නේත් අන්න ඒ නිසයි. පියා දරුවන් වන ඔබට ලොකු
යහපතක් උදා කරවන අතර ඔහු ඔබව සත් යුගයේ පාලකයින් බවටත් පත් කරවනවා. උත්තරීතර ජීවය
වන උත්තරීතර පියා නව ලෝකය ස්ථාපනය කරනා බව ඔවුන් කියනවා. කොහොමනමුත්, එම ලෝකය පාලනය
කරන්නේ කවුදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. රාමාගේ රාජ්‍යය කිනම් ආකාරයේ
එකක්දැයි ඔබ දන්නවා. රාමාගේ රාජ්‍යයට ඔවුන් වසර සිය දහස් ගණනක් දී තිබෙනවා. කලි
යුගයට වසර 40,000ක් දී තිබෙනවා. පරමාත්ම පියා කියනවා මම පැමිණෙන්නේ සංගම් යුගයේදී
පමණයි. මම පැමිණ බ්‍රහ්මා මාර්ගයෙන් විශ්ණුගේ රාජ්‍යය ස්ථාපනය කරමි. මෙයත් සැබෑ
නාරායනගේ කතාවයි. මිනිස්සු ග්‍රන්ථ වලින් කතාන්දර කිය කියා සිටිනා නමුත් එයින්
ස්වාධිපත්‍යයක් ලබා ගන්නේ නැහැ. ක්‍රිස්තියානිවරුන් බයිබලය හැදෑරුවත් ඉන් ලබා ගත්
දේ කුමක්ද? මිනිසුන් එන්න එන්නම වැඩි වෙනවා. ගස අනිවාර්යෙන්ම පැරණි වෙනවා. එය
වර්ධනය වී පැරණි වෙනවා. සත් යුගයේදී ඔබ ලක්ෂ්මි හා නාරායන වෙනවා. කලා දහසයෙන්ම
සම්පූර්ණයි. පසුව එම කලාවන් ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ස්ථාපනය සිදුවුණු
විට එය නව ගසක් වශයෙන් හඳුන්වනවා. නව ගොඩනැගිල්ලක් ඉදි කළ විට, එය අළුත් එකක්
වශයෙන් හඳුන්වනවා. සත් යුගයට ගිය විට එය නව අධිරාජ්‍යයක් වශයෙන් හඳුන්වන අතර පසුව
කලා සියල්ල පිරිහීමට ලක්වෙනවා. ස්ථාපනය සිදුවන්නේ මෙහිදීයි. මෙම අරුම පුදුම දේවල්
වෙන කිසිම කෙනෙකුගේ බුද්ධිය තුළ නැහැ. සෑම ජීවයකටම උසස් කෙනෙක් බවට පත් වීමට ඇති
යුගය වශයෙන් පරම පියා මෙම යුගය පැහැදිලි කර කියා දී තිබෙනවා. ඉතාමත් උසස්ම තත්ත්වය
වශයෙන් සැලකෙන්නේ ජීවන් මුකති තත්ත්වයයි. ජීවිතයේ බැඳීම් උසස් තත්ත්වයක් වශයෙන්
හඳුන්වන්නේ නැහැ. මේ මොහොතේදී සෑම කෙනෙක්ම සිටින්නේ බැඳීම් වලින් පිරුණු ජීවිතයකයි.
පියා පැමිණ සෑම කෙනෙක්වම ජීවිතයෙන් නිදහස් කරවනවා. කල්ප බාගයක් පුරාම ඔබ ජීවිතයෙන්
මිදී සිට නැවතත් ජීවිත බැඳීම් හා බැඳෙනු ඇත. ඔබට මෙය තේරෙනවා. ඔබගේ පොරොන්දුව හා
නීතිය කුමක්ද? බාබා පැමිණ ඔබ ලවා කිසියම් පූජාවක් කෙරෙව්වා. එය ආහාර පාන වලින්
කෙරෙනා දෙයක් නොවෙයි. සෑම දෙයක්ම කරන්න, නමුත් එකම එක පියාව පමණක් සිහිපත් කර
පාරිශුද්ධත්වයට පත් වන්න. සාමාන්‍යයෙන් පුණ්‍ය මාසයේදී බොහෝ මිනිසුන් පාරිශුද්ධව
සිටිනවා. ඇත්තෙන්ම කියනවා නම්, මෙම උසස් වූ යුගයට එය ගෞරවයක්. එමනිසා, ඔබ තුළ
ඉතාමත් ලොකු සතුටක් හා කුල්මත් බවක් තිබිය යුතුයි. ඔබ ඉතාමත් උසස් අය බවට පත්වන
නිසා කිසිම ආකාරයක පාපයක් ඔබ නොකළ යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙම ඉතාමත්
සුබ වූ යුගයේදී ජීවනමුක්තියේ සිටීමට අවශ්‍ය නම්, කුසල් ක්‍රියා කරන්න. අනිවාර්යෙන්ම
පාරිශුද්ධත්වයට පත් වන්න. ඔබගේ පවුලේ අයත් සමඟ නිවසේ ජීවත්ව සිටිනා අතර, ඔවුන්
කෙරෙහි ඇති බැඳීමෙන් ඉවත් වී සිටින්න.
2. ශ්‍රීමත් අනුගමනය
කර ඔබගේ ශරීරය, මනස හා ධනය යොදා දේවතා රාජ්‍යය ස්ථාපනය කරන්න. සෑම කෙනෙක්වම උසස්
මානව ජිවයන් බවට පත් කරවීමේ සේවය කරන්න.
වරදානය:
ඔබ නිරන්තර
යෝගීවරයෙකු වී පරම පියා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් පහසු යෝගීවරයෙකු වේවා.
සංගම යුගයේ දී පරම
පියා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පහසු යෝගීවරයෙකු වීමට මාර්ගයයි. රාජ්‍යය ස්ථාපිත
කිරීමේ කාර්යය සඳහා පරමාත්ම පියා සමඟ සහයෝගයෙන් කටයුතු කරන සෑම සිතිවිල්ලක්ම,
වචනයක්ම සහ ක්‍රියාවක්ම ඥානයෙන් පිරිපුන් යැයි කියනු ලැබේ. ඔවුන් යෝගී ජීවාත්මයන්
සහ සැබෑ සේවාධාරීන් වේ. ඔබේ මනසින් නොවේ නම්, ශරීරයෙන් සහ ශරීරයෙන් නොවේ නම්, ඔබේ
ධනයෙන්, සහ ධනයෙන් නොවේ නම්, ඔබට හැකි ඕනෑම ආකාරයකින් සහයෝගයෙන් කටයුතු කරන්න, මන්ද
මෙයද යෝගාවකි. ඔබ පරම පියාට අයත් බැවින්, එය ඔබ සහ පරම පියා පමණක් වන අතර තුන්වන
පුද්ගලයෙකු නැත. මේ ආකාරයෙන්, ඔබ නිරන්තර යෝගීවරයෙකු වනු ඇත.
පාඨය:
ඉවසීම යනු
සංගම යුගයේදී ජීවත්ව සිටියදී මිය යාම වන අතර එය ස්වර්ග රාජ්‍යයට හිමිකම් කීමයි.
අව්‍යක්ත සංඥාව:
ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.
කාලයට අනුව, ඔබේ
මනසෙහි, සබඳතා වල සහ ආශ්‍රයන්හි ඉතිරිව ඇති ඕනෑම කර්ම ගිණුම්, ගිණිකන්දක් වැනි වූ
ස්මරණයෙන් පුළුස්සා දමන්න. බාප්දාදා ඔබව සෙනහසේ විෂයයෙන් සමත් කර ඇත, නමුත් දැන් එය
සෙනෙහසේ ගින්නක් මෙන් වේවා. දූෂණයේ සහ ප්‍රචණ්ඩත්වයේ ලෝකයේ දැවෙන ගින්න, ඔය
දරුවන්ගේ ගිණිකන්දක් වැනි ස්මරණයෙන් හා යෝගා ගින්නෙන් අවසන් වනු ඇත.