16.11.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරමාත්ම පියා පැමිණ සිටින්නේ ඔබට ආධ්‍යාත්මික කලාව ඉගැන්වීමටයි. මෙම කලාව මඟින් ඔබ හිරු සඳුගෙනුත් එහා ඇති ශාන්ත දේශය වෙතට යනවා.

ප්‍රශ්නය:
විද්‍යාව ගැන ආඩම්බරයෙන් සිටිනා අයත් නිහඬතාවය ගැන ආඩම්රයෙන් සිටිනා අයත් අතර ඇති වෙනස කුමක්ද?

පිළිතුර:
විද්‍යාව ගැන ආඩම්බරයෙන් සිටිනා අය සඳ තරණය කිරීමට ග්‍රහලෝක වලට යාමට ආදිය කෙරෙහි විශාල මුදලක් වැය කරතවා. තම ශරීර පවා අනතුරේ දමමින් ඔවුන් රොකට්ටුව කඩා වැටෙයි ද යන බීයෙනුයි සිටින්නේ. නිහඬතාවය ගැන ආඩම්බරයෙන් සිටින ඔය දරුවන්. එක සතයක්වත් වියදම් නොකර හිරු සඳු පසුකර පරමාත්ම දේශයටම ගමන් කරනවා. ඔබට කිසිදු බියක් දැනෙන්නේ නැහැ. මන්ද ඔබ එහි යන්නේ තම ශරීර මෙහි දමලායි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි සිට ආධ්‍යාත්මික දරුවන්ට කතා කරයි. සඳට යාමට උත්සාහ දරණ විද්‍යාඥ්ඥයින් ගැන දරුවන් නිතර නිතර අසා තිබෙනවා. සඳට යාමට ඔවුන් මුදල් වැය කරමින් කෙතරම් උත්සාහ දැරුවන් ඒ ගැන ඔවුන් සිටින්නේ විශාල බියකින්. දැන් ඔබ ගැන සිතා බලන්න. ඔබගේ වාසස්ථානය කුමක්ද? ඔවුන් සඳට යනවා. නමුත් ඔබ හිරුටත් සඳුටත් එහායින් ඇති පරම දාමයටම යනවා. ඒ මිනිසුන් ඒවා කරන විට ඔවුන්ට විශාල මුදල් සම්භාරයක් ලැබෙනවා. ඒ ගමන ගොස් ආපසු පැමිණී විට තෑගි වශයෙන්ම ඔවුන්ට සිය දහස් ගණනින් ලැබෙනවා. එලෙස ඉහළට යන විට තම ශරීරය පවා අනතුරේ තබලායි ඔවුන් යන්නේ. ඔවුන් තම විද්‍යාව ගැන ආඩම්බරයෙනුයි සිටින්නේ; ඔබ ආඩම්බර වී සිටින්නේ ඔබගේ නිහඬතාවය ගැනයි. තමන් දැන් ශාන්ත දේශය බ්‍රහ්ම ධාතුව වෙතට ආපසු යනවා කියා ඔය ජීවාත්ම දන්නවා. සියල්ල කරන්නේ ජීවාත්මයනුයි. ඒ ජීවාත්ම එසේ ඉහළ යන්නේ ශරීරයත් රෑගෙනයි. එය හරිම අනතුරුදායකයි. ඉහළ අහසින් වැටි මරණයට පත් වේවිද යන බයත් ඔවුන්ට තිබෙනවා. ඒ සියල්ල භෞතික කලාවයි. පරමාත්ම පියා ඔබට උගන්වන්නේ ආධ්‍යාත්මික කලාවයි. මෙම කලාව ඉගෙන ගැනීමෙන්, ඔබට විශාල ත්‍යාගයක් හිමි වෙතවා. මෙය. ඔබ දරණ උත්සාහයේ තරමට අනුව උපත් 21ක් පුරාවටම පවතින ත්‍යාගයක්. මේ දිනවල රජයෙන් ලොතරැයි විකුණනවා. පරමාත්ම පියාත් ඔබට ත්‍යාගයක් දෙනවා. ඔහු ඔබට උගන්වන්නේ කුමක්ද? ඔහු ඔබව ඉහළටම. ඔබගේ නිවහනටම ගෙන යනවා. ඔබගේ නිවහන ඇත්තේ කොහිද ඔබට අහිමි වුණු අධිරාජ්‍යය ඇත්තේ කොහිද කියා දැන් ඔබට මතකයි. රාවන එය ඔබගෙන් උදුර ගත්තා. දැන් නැවතත් වතාවක්. ඔබ තම මුල්ම නිවහනට යාමටයි සිටින්නේ එතැනින් ඔබ ඔබගේ රාජ්‍යයත් දිනා ගනීවි. මුක්ති දනව්ව ඔබගේ නිවහතයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. දැන්, පරමාත්ම පියා ඔබට ඉගැන්වීම සඳහා පැමිණෙන්නේ කොහි සිටන්දැයි කියා බලන්න. ඔහු පැමිණෙන්නේ බොහෝ දුර ඈත සිටයි. ජීවාත්මයනුත් රොකට්ටු වෙනවා. ඒ අය විවිධ ග්‍රහලෝක වලට ගොස් එහි ඇත්තේ මොනවාදැයි කියා බැලීමට උත්සාහ දරනවා. හිරු සඳු කියන්නේ මෙම ලෝක වේදිකාවට ඇති ආලෝක බුබුළුයි කියා ඔය දරුවන් දැන් දන්නවා. ඒවා හරියට වේදිකාවක් ආලෝකමත් කරන විදුලි බුබුළු වගේයි. කලාගාර වල දේවතා එළි ගැනත් සඳහන් කර තිබෙනවා. හිරු. සඳු හා තාරුකා ආලෝකය සපයන අසීමිත ලෝකය මෙයයි. ඉර හඳ දේවතාවරුන් කියා පසුව මිනිස්සු විශ්වාස කළත් ඒවා දේවතාවරුන් නොවෙයි. පරමාත්ම පියා පැමිණ මිනිසුන්ව දේවතාවරුන් බවට පරිවර්ථනය කරන්නේ කෙසේද කියා දැන් ඔබට තේරෙනවා. ඥාන සූර්යයා, ඥාන චන්ද්‍රයා හා ඥාන තාරුකා කියා තිබෙනවා. මෙම ඥානය මඟින් ඔය දරුවන් විමුක්තිය ලබනවා. ඔබ බොහෝ දුර ඈත යනවා. නැවතත් ආපසු නිවස කරා යන පාර පරමාත්ම පියා පෙන්වා දෙනවා. පරමාත්ම පියා නැතිව කිසිම කෙනෙකුට නිවහන කරා යා නොහැකියි. පරමාත්ම පියාම පැමිණ ඔබට ඉගැන්වූ විට ඔබට මෙය තේරෙතවා. තමන් පාරිශුද්ධ වූවායින් පසුව පමණයි නිවස වෙත යා හැක්කේ කියා ඔය ජීවාත්මයනුත් දන්නවා. ඔබ යෝග බලයෙන් හෝ දඬුවම් මඟින් පාරිශුද්ධ විය යුතුයි. වැඩි වැඩියෙන් ඔහුව සිහි කළ තරමට ඔබ තව තවත් පාරිශුද්ධ වෙනවායි කියා පරමාත්ම පියා නිතර නිතර ඔබට කියා දෙනවා. ඔහුව සිහි නොකිරීමෙන් අපිරිසිඳුව සිටීමට සිදු වන නිසා ඉන් ඔබට බොහෝ දඬුවම් විඳීමටත් සිදු වෙනවා. ලද තත්ත්වයත් විනාශ වී යනවා. පරමාත්ම පියාම මෙහි සිට ආපසු නිවස බලා යා හැක්කේ කෙසේදැයි කියා ඔබට කියා දෙනවා. බ්‍රහ්ම ධාතුව කුමක්ද, සූක්ෂම කලාපය කුමක්ද කියා ඔබ දැන සිටියේ නැහැ. මුලදී සිසුන් කිසිවක් දන්නේ නැහැ. නමුත් ඉගෙන ගැනීමට පටන් ගත් පසු අවබෝධ වෙනවා. ඇතැම් දැනුම් කරුණු පහත් මට්ටමක ඒවා වෙන අතර ඇතැම් ඒවා ඉහළ මට්ටමේ ඒවා වෙනවා. I.C.S විභාගය ගත් විට දැනුමින් පිරි අයෙක් කියා හැඳින් වෙනවා. මීට අමතරව තවත් ඉහළ දැනුමක් නැහැ. පරමාත්ම පියා ඔබට පාරිශුද්ධ වීමේ මඟ පෙන්වා දෙනවා. දරුවනි. ඔබ මා පමණක් සිහි කළහොත්, අපිරිසිදු බවින් පාරිශුද්ධ වෙනවා. මුලදී ඔය ජීවාත්ම පාරිශුද්ධවයි සිටියේ. ඉහළ ශාන්ත දේශයේ ඔබ සිටියා. ස්වර්ණම යුගයට, මුක්ති දිවියට ඔබ පැමිණෙන විට, අන් සෑම කෙනෙක්ම සිටින්නේ මුක්ති දේශයේයි. මෙයට මුක්ති දේශය හා ජීවත මුක්ති දේශය (ශිව දේවාලය) කියා කිව හැකියි. ශිව බාබා සිටින්නේ මුක්ති දේශයේයි. ඔය දරවන්, ජීවාත්ම සිටින්නේත් එහිමයි. ඉහළම ආධ්‍යාත්මික ඥානය මෙයයි. සඳට ගිහින් පදිංචි විය යුතුයි කියා ඒ මිනිසුත් කියනවා. ඒ සඳහා බොහෝ වෙහෙස දරනවා. තම ධෛර්යය පෙන්වනවා. සැතැප්ම කෝටි ප්‍රකෝටි ගණනක් ඈතට ඔවුන් යනවා. ඒ වුණත්, ඔවුන්ගේ ආසාවත් ඉටු වන්නේ නැහැ. නමුත් ඔබගේ ආසාවන් ඉටු වෙනවා. ඔවුන්ට ඇත්තේ මිත්‍යා භෞතික අහංකාරයයි. ඔබට ආධ්‍යාත්මික ආඩම්බරකම තිබෙනවා. මායාගේ දේ වලට ඔවුන් විශාල ධෛර්යයක් පෙන්වනවා. ඔවුන්ට ඉතාමත් ඉහළින් දිරිගැන්වීම් ලැබෙනවා. විශාල මුදලකුත් ඔවුන්ට ලැබෙනවා: රුපියල් මිලියන පහක දහයක මුදලක් ඔවුනට හිමි වෙනවා. ඔවුන්ට ලැබෙන සෑම මුදලක්ම විනාශ වෙනවාය යන ඥානය ඔය දරුවන්ට තිබෙනවා. ඉතාමත් ටික දවසයි ඉතිරිව ඇත්තේ. අද සිදු වන්නේ කුමක්ද, හෙට සිදු වන්නේ කුමක්ද? අද ඔබ අපායවාසීන් වී සිටිනවා. හෙට ඔබ දෙව්ලොව වැසියන් වෙනවා. මෙයට එතරම් කාලයක් ගත වන්නේ නැහැ. ඔවුන්ට ඇත්තේ භෞතික බලය වන අතර ඔබට ඇත්තේ ආධ්‍යාත්මික බලයයි. ඒ ගැන දන්නේත් ඔබම පමණයි. භෞතික ධනයෙන් ඔවුන්ට කෙතරම් දුර යා හැකිද? ඔවුන් ග්‍රහලෝක වලට යාවි. නමුත් යුද්ධය ඇරඹී ඔවුන් සියලු දෙනාම මිය යාවි. ඔවුන්ගේ කලාව ඉන් අවසන් වෙනවා. ඒක තමයි ඉහළම භෞතික කලාව. ඔබට ඇත්තේ ඉහළම ඉහළ වූ ආධ්‍යාත්මික කලාවයි. ඔබ. මිහිරි නිවහත කියාත් හඳුන්වන සාම දේශය වෙතට යනවා. ඒ අය ඉතාමත් ඉහළට යනවා. ඔබ කෙතරම් ඉහළට යනවාදැයි කියා ගණනය කර බලන්න. ඔබලා කවුරුන් ද? ජීවාත්මයනුයි. පරමාත්ම පියා අහනවා; මා සිටින්නේ සැතපුම් කීයක් එහායින්දැයි කියා ඔබට කිව හැකිද? ඒ අයට ඈතට ගිහින් අපසු එන විට තමන් කෙතරම් දුර ඈතට ගියා දැයි කියා ගණනය කර කිව හැකියි. ඔවුන් ඉතාමත් කල්පනාකාරීයි. තමන් ඒ වෙත යන විදියත් ආපසු එන විදියත් ගැන ඔවුන් ඉතාමත් සිහි කල්පනාවෙනුයි සිටින්නේ. එමෙන්ම විශාල ශබ්දයකුත් දමනවා. ඔබ දමනා ශබ්දය කුමක්ද? ඔබ යන්නේ කොහිද කොහොමද ආපසු එන්නේ කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබ ලබනා ත්‍යාගය ගැන දන්නේ ඔබම පමණයි. ඒක හරිම පුදුමයි. ඒක බාබාගේම අරුමයයි. වෙන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. මෙය අලුත් දෙයක් නොවෙයි කියා ඔබට කියාවි: සෑම වසර 5000කට වතාවක්ම ඔබ මෙය පුහුණු කරනවා. මෙම ලෝක තාටකයේ මුල. මැද හා අගත් එහි කාල පරාසය ගැනත් ඔබ ඉතාමත් පැහැදිලිව තේරුම් ගෙන සිටිනවා. බාබා ඔබට උගන්වන්නේ කුමක්ද යන්න ගැන ඔබ ඉතාමත් ආඩම්බර විය යුතුයි. ඔබ ඉතාමත් උසස් උත්සාහයක් දරණා අතර නැවතත් වතාවක් එයම දරාවි. වෙන කිසිම කෙතෙක් මේ දේවල් ගැන දන්නේ නැහැ. පරමාත්ම පියා අදෘශ්‍යමානයි. ඔහු සෑම දිනකම ඔබට කියා දෙනවා. විශාල ඥානයකුත් දෙනවා. ඒ අය යන්නේ සීමිත තැනකටයි. නමුත් ඔබ යන්නේ අසීමිත තැනකටයි. ඔවුන් සඳට යනවා. නමුත් එය විශාල එළියක් පමණයි. වෙන කිසිවක් එහි නැහැ. එහි සිට පොළොව දෙස බලන විට එය ඉතාමත් කුඩාවටයි පෙනෙන්නේ. ඔවුන්ගේ ලෞකික ඥානයත් ඔබගේ ඥානයත් අතර විශාල වෙනසක් තිබෙනවා. ඔය ජීවාත්ම ඉතාමත් කුඩායි. නමුත් ඔබලා වේගවත් රොකට්ටුයි. ජීවාත්ම සිටින්නේ ඉහළයි. පසුව ඔවුන් තම චරිත කොටස් රඟපෑමට මෙහි පහළට පැමිණෙනවා. ඔහු පරමාත්ම ජීවාත්මයයි. නමුත් ඔහුව වන්දනා කළ හැක්කේ කෙසේද? භක්තිය අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. කල්ප බාගයක් පුරාවට ඥානය, දවස, තිබෙන බවත් ඉතිරි කල්ප බාගය භක්ති රාත්‍රිය බවත් බාබා ඔබට පහදා දී තිබෙනවා. ඔබ දැන් සංගම යුගයේ දී ඥානය ලබනවා. ස්වර්ණම යුගයේ මේ එකදු ඥානයක්වත් නැහැ. මෙන්න මේ නිසා තමයි මෙම යුගය සුබම සුබ සංගම යුගය කියා කියන්නේ. බාබා ඔබ සැවොමව ඉතාමත් උතුම් අය බවට පත් කරවනවා. ඔය ජීවාත්ම දුර ඈතට යනවා. මෙම සතුට ඔබට තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ කලාව පෙන්වන්නේ එවිට ලොකු මුදලක් ගත හැකි නිසායි. ඔවුන් කෙතරම් ලැබුවත්, ඒ කිසිවක් ඔවුන්ට ආපසු ගෙන යා නොහැකි බව ඔබ දන්නවා. සෑම කෙනෙක්ම මියෑදීමටයි සිටින්නේ මන්ද සියල්ල විනාශ වෙමිනුයි පවතින්නේ. වටිනාකම ගණනය කළ නොහැකි තරමේ අගනා මුතු මැණික් රැසක් දැන් ඔබ ලබනවා. සෑම වචනයක්ම රුපියල් සිය දහස් ගණනක් වටිනවා. ඔබ සෑහෙන කාලයක් තිස්සේ ඒවා අහගෙන සිටියා. ගීතාවේ ඉතාමත් වටිනා ඥානයක් තිබෙනවා. ඉතාමත් වටිනා ගීතාව කියා හැඳින්විය හැක්කේ මෙම ගීතාවට පමණයි. පරමාත්ම දෙවියන්ගේ උතුම් උපදෙස් ඇතුලත් ගීතාව සියලුම ග්‍රන්ථයන්හි මැණිකයි. ඒ අය නිතර නිතරම ගීතාව හැදෑරුවත් එහි අර්ථය හෝ එය හැදෑරීමෙන් කුමක් සිදු වෙයිද කියා කිසිවක් තේරුම් ගන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා: දැන් මා සිහි කරන්න. ඔබ පාරිශුද්ධ වේවි. ඔවුන් ගීතාව හැදෑරුවත්, එක් අයෙකුවත් පරමාත්ම පියා සමඟ යෝගාවේ සිටින්නේ නැහැ; ඔවුන් කියන්නේ පරමාත්ම පියා සෑම තැනකම සිටිනවා කියලයි. ඔවුන්ට පාරිශුද්ධ විය නොහැකියි. ලක්ෂ්මි හා නාරායනගේ පින්තුරය දැන් ඔබ ඉදිරිපිට තිබෙනවා. ඔවුන්ට දේවතාවරුන් කියා කියන්නේ ඔවුන් දිව්‍යමය ගුණදර්ම වලින් පිරිපුන් අය නිසායි. ඔය ජීවාත්ම පාරිශුද්ධ විය යුතුයි පසව ඔබ සෑම කෙනෙක්ම නැවතත් නිවහනට යා යුතුයි. නව ලෝකයේ මිනිසුන් රාශියක් සිටින්නේ නැහැ. අන් සෑම ජීවාත්මයක්ම ආපසු නිවසට යා යුතුයි. පරමාත්ම පියා ඔබට ඉතාමත් අපුරු ඥානයක් දෙනවා එමඟින් ඔබ ඉතාමත් උතුම් අය වී මානව බවිත් දේවතා බවට පත් වෙනවා. එමනිසා, එවන් ඉගෙනුමකට ඔබ විශාල අවධානයක් යොමු කළ යුතුයි. මීට කල්පයකට පෙර ඔබ කුමන ආකාරයේ අවධානයක් ද යොමු කළේ. දැනුත් යොදන්නේ එතරම්ම අවධානයක්ය යන්න පැහැදිලියි: මෙය අවබෝධ කර ගත හැකි දෙයකි. ඔබ කරන සේවා තොරතුරු ඇසීම පරමාත්ම පියාට සතුටක්. ඔබ පරමාත්ම පියාට ලිපි නොලිවුවොත් ඔබගේ සිහිය ගස් ගල් වලට ඇදී ගොස් ඇති බවත් ඔබ ශරීර අවධානයට ලක් වී පරමාත්ම පියාව අමතක කර දමා ඇති බවත් වැටහෙනවා. නැතිනම්. ටිකක් හිතන්න, love marriage එකක් වෙන වෙලාවක, ඔවුන් එකිනෙකා කෙරෙහි මහත් ආදරයෙනුයි සිටින්නේ. ඒත් ඇතැම් විට පසු කලෙකදී ඔවුන්ගේ හිත් වෙනස් වී ඇතැම් අය තමන්ගේ බිරිඳවම පවා මරා දමනවා. ඔබගේ love marriage එක ඒකායන කෙතා සමඟයි. පරමාත්ම පියා පැමිණ තම හැඳින්වීම ලබා දෙනවා. ඔබට නිකම්ම නිරායාසයෙන්ම ඔහුගේ හැඳින්වීම ලැබෙනවා කියා දෙයක් නැහැ. පරමාත්ම පියා පැමිණීය යුතුයි. පරමාත්ම පියා පැමිණෙන්නේ ලෝකය වියපත් වුණු විටයි. ඔහු අනිවාර්යෙන්ම පැමිණෙන්නේ සංගම යුගයටයි. ඒ පැරණී ලෝකය අලුත් කරවීමටයි. පරමාත්ම පියාගේ රාජකාරිය වන්නේ නව ලෝකය ස්ථාපනය කිරීමයි. ඔහු ඔබව දෙව්ලොව පාලකයින් කරවනවා, එමනිසා, එම පරමාත්ම පියා කෙරෙහි ඔබ තුළ මහත් සෙනෙහසක් තිබිය යුතුයි. ඇයි එහෙනම් ඔබ " බාබා මට ඔබව අමතක වෙනවා" කියා කියන්නේ? පරමාත්ම පියා මහා උතුම් කෙනෙක්. ඔහුට වඩා උසස් කෙනෙක් තවත් නැහැ. මිනිස්සු මුක්තිය ලබා ගැනීමට මහත් වෙහෙසක් දරණවා; නොයෙකුත් ක්‍රම වලින් උත්සාහ දරණවා. බොරුව හා වංචාව ඉහළිත්ම ක්‍රියාත්මක වෙනවා. මහාරිෂීන් ආදි අයව මහා ඉහළින් වර්ණනා වී තිබෙනවා. එවිට රජයෙන් පවා ඔවුන්ට අක්කර 10-20 ඉඩම් ලබා දෙනවා. ආණ්ඩුව අධර්මිෂ්ටයි කිව නොහැකියි. ඇතැම් මැති ඇමතිවරුත් ධර්මිෂ්ට වන අතර ඇතැම් මැති ඇමතිවරුත් අධර්මිෂ්ටයි. ඇතැම් අය ආගම ගැන විශ්වාස කරන්නේම නැහැ. "ආගම බලයයි" කියා කියනවා. කිතුණුවන්ට කෙතරම් බලයක් තිබෙනවාදැයි කිවහොත් ඔවුන් මුලු භාරතයම ගිල දැම්මා. දැන් භාරතයේ කිසිම බලයක් ඉතිරි වී නැහැ. නොයෙකුත් අඬදබර, රණ්ඩු සරුවල් පමණයි ඇත්තේ. මෙම භාරතයම මීට පෙර තිබුණේ කෙසේද? පරමාත්ම පියා පැමිණෙන්නේ කෙසේදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. කිසිම කෙනෙක් කිසිම දෙයක් දන්නේ නැහැ. කිඹුලන් කබරගොයින් සිටින වැඩියෙන්ම පරිහාණියට පත් වුණු අපිරිසිදුම දේශයට තමයි පරමාත්ම පියා පැමිණෙන්නේ යන්න ඔබට වැටහෙනවා. මිනිස්සු ඕනෑම දෙයක් කන අය වෙලා. භාරතය තමයි ඉහළම වෛශ්‍යාව (නිර්මාංශික)ව තිබුණු රට. මෙය තමයි වෛශ්‍යාව රාජ්‍යය, එහෙම නේද? ඒ මහා පිවිතුරු දේවතාවරුනුත් ඕනෑම දෙයක් ගිල දමමින් සිටින දැන් කාලේ මිනිසුනුත් අතර ලොකු වෙනසක් තිබෙනවා. අන් අයවත් මරාගෙන කත ජාතියේ අයත් මෙහි සිටිනවා. භාරතයට සිදු වී ඇති දේ කුමක්ද? පරමාත්ම පියා දැන් සෑම රහසක්ම ඔබට පහදා දෙනවා. ඉහළ සිට පහළ දක්වා බාබා ඔබට මුලු ඥානයම ලබා දෙනවා. මේ මහ පොළොවට පළමුවෙන්ම පැමිණෙන අය ඔබයි. පසුව මිනිස් ජනගහනය ටිකෙන් ටික වැඩි වර්ධනය වෙනවා. තව ටික දවසකින් දුක් අඳෝනා ඇසේවි: ඔවුන් නොනවත්වාම අඬාවි. බලන්න දිව්‍යලෝකයේ මහත් සතුටක් තිබෙනවා. ඔබගේ අරමුණ හා ඉලක්කයේ සලකුණ දෙස බලන්න. ඔය දරුවන් මේ සියල්ල උකහා ගත යුතුයි. මෙය එතරම් උසස් අධ්‍යයනයක්. පරමාත්ම පියා සෑම දෙයක්ම ඉතාමත් පැහැදිලිව කියා දෙනවා. ඔහු මාලාවේ අර්ථයත් පහදා දෙනවා. මුදුන් ගැටයෙන් කියැවෙන්නේ ශිව බාබාවයි. පසුව.මෙය ගෘහවාසි මඟ වන නිසා මුදුන් ගැට දෙකක් තිබෙනවා. හුදෙකලා මාවතේ අයට රෝසරියක් කරකැවීමට කිසිදු අයිතියක් නැහැ. මේ දේවතාවරුන්ගේ රෝසරියයි. ඔවුන් එම රාජ්‍යය දිනා ගන්නේ කෙසේද? අතරිනුත්, එකිනෙකා සිටින්නේ එක් එක් මට්ටම් වලයි. ඔබෙන් ඇතැම් අයට කිසිම බියකින් තොරව ඕනෑම කෙනෙකුට කියා දිය හැකියි. ඔබ කියනවා: එන්න. වෙන කිසිම කෙනෙක් ඔබට නොකියන දේවල් අපි ඔබට කියන්නම්. ශිව බාබා හැර වෙන කිසිම කෙනෙක් මේ දේවල් දන්නේවත් නැහැ. ඔවුන්ට රාජයෝගා ඉගැන්වූයේ කවුද? ඔවුන් සමඟ අසුන් ගෙන උපත් 84ක් ගන්නේ කෙසේද, ඔවුන් දේවතා, ක්ෂත්‍රිය, වෙළඳ හා ශුද්‍ර බවට ඔවුන් පත් වූයේ කෙසේද කියා හරිම මිහිරිවට කියා දිය යුතුයි. පරමාත්ම පියා ඔබට දෙන ඥානය ඉතාමත් පහසුයි. නමුත් ඔබත් පාරිශුද්ධ විය යුතුයි. ඉහළ තත්ත්වයක් දිනා ගැනීමට ඔබට හැකි වන්නේ එවිට පමණයි. මුලු ලෝකය පුරාම සාමය ස්ථාපනය කරන්නේ ඔබමයි. එම රාජ්‍යයේ වාසතාව පරමාත්ම පියා දැන් ඔබට දෙනවා. ඔහු තමයි දානපතියා; ඔහු කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. ඔබගේ ඉගෙනීමේ වර්ණතාව මෙයයි. වෙත කිසිම කෙනෙකුට බැහැ ඔබට මේ ත්‍යාගය දෙන්න. එමනිසා, එවන් පියෙක්ව ඇයි ආදරෙන් සිහි නොකරන්නේ? මුලු ජීවිත කාලය පුරාවටම ඔබ ඔබගේ ලෞකික පියවරුත් සිහි කරනවා: ඇයි පාරලෞකික පියාව සිහි නොකරන්නේ? මෙය යුධ පිටියක් බව පරමාත්ම පියා කියා තිබෙනවා. පාරිශුද්ධ වීමට කාලයක් ගත වෙනවා. යුද්ධය අවසන් වන තෙක් කාලය යාවි. මුලින් පැමිණි අය මුලුමනින්ම පාරිශුද්ධ වෙනවා කියා දෙයක් නැහැ. මායා සමඟ ඇති ඔබගේ සටන ඉතාමත් උග්‍ර වෙනවා කියා බාබා කියනවා. මායා කෙතරම් බලගතුදැයි කිවහොත් ඇය ඉතාමත් හොඳ දරුවන්ව පවා මරා දමනවා. වැටුණු අය මුරලි අසන්නේ කෙසේද? ඔවුන් මධ්‍යස්ථානයට යන්නේ නැහැ. ඉතින් කොහොමද ඔවුන් යමක් සොයා ගන්නේ? මායා ඔවුන්ව සතයක්වත් නොවටිනා අය බවට පත් කරවනවා. මුරලිය හොඳින් හැදෑරුවහොත්, ඔවුන්ට සිහියෙන් සිටිය හැකි වේවි. ඒ වුවත්. ඔවුන් නීච ක්‍රියා වලම කාර්යබහුල වී සිටිනවා. ඔවුන් මායා නිසා කෙතරම් පරාජය වී සිටිනවාදැයි කියා හොඳ ඥානාන්විත දරුවෙක් ඔවුන්ට කියා දිය යුතුයි. බාබා අපට මොනවාද කියන්නේ, ඒත් ඔවුන් යන්නේ කොහිද? මායා අන් අයව කා දමනවා කියා දුටු විට ඔබ ඔවුන්ව බේරා ගැනීමට උත්සාහ දැරිය යුතුයි. එවිට මායාට ඔවුන්ව මුලුමනින්ම ගිල දැමිය හැකි වන්නේ නැහැ. ඔවුන්ව නැවතත් සිහි කැඳවිය යුතුයි. නැතිනම්, ඔවුන් සත්ගුරු නාමයට අපහාස කරන නිසා. උසස් තත්ත්වයක් දිනා ගන්නේ නැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරමාත්ම පියාගෙත් නිහඬ වීමේ කලාව ඉගෙන ගෙන මෙම සීමිත ලෝකයෙන් එහා අසීමිත ලෝකයට යන්න. මෙම අපූරු ඥානය දීමෙන් පරමාත්ම පියා අපට මහා ත්‍යාගයක් දෙන නිසා එම කුල්මත් බව ඔබ තුළ මහා ඉහළින් තිබිය යුතුයි.

2. ඔබ නිර්භීතව ඉතාමත් මිහිරිව සේවය කළ යුතුයි. මායා සමඟ ඇති යුද්ධයේදී බලගතු වන්න. ජය ලබන්න. මුරලියට ඇහුම්කන්දී හොඳ සිහියෙන් සිටින්න, අන් අයටත් සිහියෙන් සිටීමට දිරි ගන්වන්න.

වරදානය:
ඔබ සම්පූර්ණයෙන්ම නිර්මල සහ පිරිසිදු ජීවාත්මයක් බවට පත්ව එමගින් සම්පූර්ණයෙන්ම නමස්කාරයට සුදුස්සෙකු බවට පත් වී පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස සඳහා අයිතියක් ලබා ගනීවා.

ඔබේ ජීවිතය තුළ නිරතුරුවම මෙම අවබෝධය ඇති කර ගන්න: මම මේ ශරීර මාලිගාවේ අසුන්ගතව සිටින නමස්කාරයට සුදුසු ජීවාත්මයක් වෙමි. එවැනි නමස්කාරයට සුදුසු ජීවාත්ම සියල්ලන්ටම ආදරය කරයි. ඔවුන්ගේ අජීවී රූප පවා සියල්ලන් විසින් ආදරය කරනු ලැබේ. මිනිසුන් ඔවුනොවුන් අතර දබර කළත්, ඒ පිළිම වල පවිත්‍ර බව ඇති බැවින්, ඔවුන් පිළිම කෙරෙහි ඇල්මක් දක්වනු ඇත. එබැවින්, ඔබෙන්ම මෙසේ අසන්න: මගේ මනස සහ බුද්ධිය සම්පූර්ණයෙන්ම පිරිසිදු හා පාරිශුද්ධව තිබේද? ඔවුන් තුළ අවම අපිරිසිදුකමක් හෝ මිශ්‍ර වී නැහැ නේද? මේ ආකාරයෙන් සම්පූර්ණයෙන්ම නිර්මල අයට පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස සඳහා අයිතියක් ඇත.

පාඨය:
ඥානයේ ධන නිධාන ඔබ තුළට ඇතුල් කර සෑම ක්‍රියාවක්ම සෑම මොහොතකදීම අවබෝධයෙන් කරන්න, එවිට පමණක් ඔබ ඥාණාන්විත ජීවාත්මයක් වනු ඇත.