16.11.25    Avyakt Bapdada      Sinhala Murli     15.12.2007    Om Shanti    Madhuban


මෙම කාලයේ වැදගත්කම දැන, කර්මයේ ගැඹුරු දර්ශනයට අවධානය යොමු කරන්න.
බැදීම් ජයගෙන, නිති සූදානමින් සිටින්න.


අද දින, දැනුමේ සම්පත, බලයන්ගේ සම්පත, ගුණධර්ම වල සම්පත සහ ශ්‍රේෂ්ඨ සිතිවිලි සම්පත, යන සියලු සම්පත් පිරිනමන්නා වන බාප්දාදා, සෑම තැනකම සිටින දරුවන් සහ අයිතියක් තිබෙන පාලකයන් වන ඔහුගේ සියලුම දරුවන්ව දකිනවා. අනන්ත සම්පත් වල අධිපති වන පරම පියා, ඔහුගේ සියලුම දරුවන්ව සම්පත් වලින් පිරිපුන් කරවයි. ඔහු ඔය සෑම කෙනෙකුටම සියලුම සම්පත් ලබා දෙයි. සම්පත් අනන්ත බැවින් ඔහු සමහරෙකුට අඩුවෙන් සහ අන් අයට වැඩියෙන් ලබා දෙන්නේ නැහැ. සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන් බාප්දාදාගේ දෑස් තුළ මුසුව සිටියි. සියලු සම්පත් වලින් පිරිපුන්ව සිටින ඔය සියලු දෙනා සිටින්නේ සතුටින්.

වත්මන් කාලයට අනුව, වඩාත්ම මිල කළ නොහැකි, ශ්‍රේෂ්ඨතම සම්පත වන්නේ මෙම වඩාත්ම ශුභදායක සංගම යුගයේ කාලයයි, මන්ද, මුළු කල්පයටම ඔබට ප්‍රතිලාභය හිමි කරගැනීමට හැකි වන්නේ මෙකල පමණයි. මෙම කෙටි යුගයේ ලැබීම් වල වටිනාකම සහ ප්‍රතිලාභය අතින් බලන විට, එක තත්පරයක වටිනාකම එක වසරකට සමානයි. මෙම කාලය ඒ තරමටම මිල කළ නොහැක. මෙසේ ගායනා කරන්නේ මෙකල ගැනයි: ‘දැන් නැත්නම් කිසිදා නොවෙයි’, මන්ද, දේවමය චරිත කොටස නියම වී තිබෙන්නේ මේ කාලයේ පමණයි. මෙකල, දියමන්තියක් මෙන් වටින බව කියන්නේ ඒ නිසයි. සත්යුගය හැදින්වෙන්නේ ස්වර්ණමය යුගය ලෙසයි. කෙසේවෙතත්, වර්ථමාන කාලයේ, කාලය දියමන්තියක් මෙන් වටින අතර දියමන්තියක් වැනි ජීවිත ඇති, අත්දැකීම් ඇති ජීවාත්ම, ඔය දරුවන්ය. දීර්ඝ කාලයක් වෙන්ව සිටි ජීවාත්මයන්ට පරමාත්ම දෙවියන් සමග හමුවක ලැබීමකට, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසට, පරමාත්ම දෙවියන්ගේ දැනුමට සහ පරමාත්ම දෙවියන්ගේ සම්පත් වලට අයිතියක් තිබෙන්නේ මෙකල පමණයි. මුළු කල්පය පුරාම දේවතා ජීවාත්ම, ශ්‍රේෂ්ඨ ජීවාත්ම සිටියි. කෙසේවෙතත්, මෙකල ඔබ පරමාත්ම දෙවියන්ගේ දිව්‍යමය පවුලේ අයයි. එබැවින් මෙම වර්ථමාන කාලයට වැදගත්කමක් ලබා දෙන තරමට, ඔබ මෙහි වැදගත්කම දන්නා තරමට, එයට අනුව තමන්ව, ඔබට අවශ්‍ය ප්‍රමාණයට ශ්‍රේෂ්ඨ කරගත හැක. ඔබ සියලු දෙනාම මෙම මහා යුගයේ දේවමය භාග්‍යය හිමිකර ගත් කෝටි ගුණයක් භාග්‍යවන්ත ජීවාත්මයි, එහෙම නේද? තමන්ගේ ශ්‍රේෂ්ඨ භාග්‍යය දැන ගැනීමෙන් ඔබගේ භාග්‍යයේ ආධ්‍යාත්මික කුල්මත් බව ඔබ අත්විදිනවා නේද? ඔබ සතුටින් නේද? ඔබගේ හදවතින් ඔබ ගායනා කරන ගීතය කුමක්ද? අපූරුයි මගේ භාග්‍යය! අපූරුයි! මෙයට හේතු වන්නේ මෙකල ශ්‍රේෂ්ඨ භාග්‍යය හා සසදන විට, වෙනත් කිසිම යුගයකදි ඔබට මෙවන් භාග්‍යයක් හිමි කරගත නොහැක.

එබැවින් කතා කරන්න! ඔබගේ භාග්‍යය නිරන්තරයෙන් ඔබගේ අවධානයේ තබා ගන්න විට, ඔබ සතුටින් සිටිනවා නේද? එහෙම නේද? සෑම විටම තමන් සතුටින් සිටින බව සිතන අය - ඇතැම් විට සතුටින් සිටින අය නොවෙයි, නිරතුරුව සතුටින් සිටින අය අත් ඔසවන්න! නිරන්තරයෙන්! (සදා) නිරන්තරයෙන්! ‘නිරන්තරයෙන්’ - යන වචනයට යටින් ඉරක් අදින්න. ඔබගේ ඡායාරූපය දැන් රූපවාහිනියේ පෙන්වනවා. නිරන්තරයෙන් සතුටින් සිටින අයගේ ඡායාරූපය රූපවාහිනියේ පෙන්වනවා. සුබ පැතුම්. මව්වරු අත් ඔසවන්න! ශක්තීන් අත් ඔසවන්න! ද්විත්ව විදේශිකයන් - ඔබ සිහි කරන්නේ කුමන වචනයද? නිරන්තරයෙන්. ඇතැම් විට පමණක් මෙය වන අය, පැමිණෙන්නේ පසුකාලීනවයි.

මෙම කාලයේ වේගය ඉතා සීඝ්‍රයෙන් ඉදිරියට ඇදෙන බව බාප්දාදා ඔබට මින් පෙරද පවසා තිබේ. කාලයේ වේගය ගැන දන්නා අය තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි: මාස්ටර් සර්ව බලධාරියෙක් ලෙස, මගේ වේගය, වේගවත්ද? සියලු දෙනාම උත්සාහ දරන නමුත් බාප්දාදාට දැකීමට අවශ්‍ය වන්නේ කුමක්ද?

සෑම දරුවෙක්ම සීඝ්‍ර උත්සාහ දරන්නෙක් වි සෑම විෂයයකින්ම සම්මාන ඇතිව සමත් වනවාද, නැත්නම් නිකම් සමත් වනවාද? සීඝ්‍ර උත්සාහ දරන්නන්ට විශේෂ සුදුසුකම් දෙකක් තිබෙනවා. 1. බැඳීම් ජය ගත්තෙක් වීම. 2. නිති සූදානම් වීම. පළමුව, ඔබ බැඳීම් ජය ගත් කෙනෙක් විය යුතුයි. ඔබගේ සිරුරට ඇති බැඳීමෙන් සහ ඔබගේ ශරීර අවධානයෙන් ඔබ නිදහස් නම් වෙනත් දේට ඇති බැඳීම්, ජයගැනීම අපහසු නැත. ශරීර අවධානයේ සලකුණ වන්නේ නිෂ්ඵලත්වයයි: නිෂ්ඵල සිතිවිලි සහ කාලය අපතේ හැරීම. ඔබට මෙයින් තමන්ව ඉතා හොදින් පරීක්ෂා කළ හැක. සාමාන්‍ය අන්දමකට ඔබගේ කාලය ගත කිරීම වුවද බැඳීම් ජයගත් කෙනෙක් වීමට ඔබට ඉඩ නොදෙයි. එබැවින් ඔබගේ සෑම තත්පරයක්, සෑම සිතිවිල්ලක් සහ සෑම ක්‍රියාවක්ම සාර්ථක වුනාද කියා පරීක්ෂා කර බලන්න. සංගම යුගයේ, පරම පියාගෙන් ලැබෙන විශේෂ ආශිර්වාදය වන්නේ: සාර්ථකත්වය ඔබගේ ජන්ම අයිතියයි. ඉතිං, අයිතියක් තිබීම, ඔබට එය පහසු බවේ අත්දැකීම ලබා දෙයි. ඉන්පසුව, දැන් නිති සූදානමින්! නිති සූදානමින් යනු, කාලය ඔබට හදිසියේ නියෝගයක් දෙන්නේ නම්, එවිට ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා සහ නෑ සම්බන්ධතා අතින් ඔබ නිතී සූදානම්ය. එමෙන්ම එය සිදුවන්නේ හදිසියේය. නිදසුනක් ලෙස, ඔබගේ දාදීව ඔබ දුටුවා. ඇය ‘හදිසියේ’ වෙනුවෙන් නිති සූදානමින් සිටියා. ඇය සෑම ආකාරයෙන්ම ඇගේ ස්වභාවයෙන් සහ සෑම කාර්යකදීම සිටියේ පහසුවෙන්. ඇගේ සම්බන්ධතා වලදි ඇය පහසු විය, ඇගේ ස්වභාවයෙන් ඇය පහසු විය, සේවයේදි පහසු විය, සියලු දෙනාව තෘප්තිමත් කිරීමේ පහසු විය, එමෙන්ම තමන් තෘප්තිමත්ව රැදී සිටීමේදි පහසු විය. මේ නිසයි බාප්දාදා ඔබට නැවත නැවතත් කාලයේ සමීපත්වය ගැන සංඥාව ලබා දෙන්නේ. තමන් වෙනුවෙන් උත්සාහ දැරීමට ඇති කාලය ඉතාම කෙටියි. එබැවින් ඔබගේ එක්රැස් කිරීමේ ගිණුම පරීක්ෂා කර බලන්න. ඔබගේ රැස් කිරීමේ ගිණුමේ රැස් කර ගන්න ක්‍රම තුන ගැන බාප්දාදා ඔබට දැනටමත් කියා තිබේ. බාබා ඔබට නැවත වරක් එය පවසනවා. මෙම ක්‍රම තුන තමන් වෙනුවෙන් පරීක්ෂා කරන්න. 1. ඔබගේම උත්සාහයේ ප්‍රතිලාභයේ සම්පත එක්රැස් කරගන්න; ඔබගේ ලැබීම් වල සම්පත රැස් කරගන්න. 2. තෘප්තිමත්ව රැදී සිටින්න - මෙයටද ‘නිරන්තරයෙන්’ යන වචනය එකතු කරන්න. සියලු දෙනාව තෘප්තිමත් කරන්න, මන්ද, මෙසේ කිරීමෙන් ඔබගේ පුණ්‍යකර්ම ගිණුමේ ඔබ රැස් කර ගන්න අතර බොහෝ උපත් ගණනාවකට ඔබගේ ප්‍රතිලාභයේ පදනම වන්නේ මෙම පුණ්‍යකර්ම ගිණුමයි. 3. නිරතුරුව වෙහෙස නොබලා, පරහිතකාමීව රැදී සිට, පරිත්‍යාගශීලී හදවතකින් සේවය කරන්න. මේ අන්දමට ඔබ සේවය කරන අයගෙන් ඔබට ඉබේටම ආශිර්වාද හිමි වෙයි. ක්‍රම තුන මේවාය: තමන්ගේම උත්සාහය, පුණ්‍යකර්ම සහ ආශිර්වාද. ඔබ මෙම ගිනුම් තුනේම රැස්කරගෙන තිබෙනවාද? එබැවින් මේවා පරීක්ෂා කර බලන්න, මන්ද, ඔබට හදිසියේම ප්‍රශ්න පත්‍රයක් පැමිණි විට - ඔබට සම්මාන ඇතිව සමත් වීමට හැකි වෙයිද? මන්ද මෙකල, කාලයට අනුව, සොබාදහමේ කැලඹිලි නිසා, ඕනෑම වෙලාවක සොබාදහමේ සුළු දේවල් පැමිණිය හැක. එබැවින් කර්ම න්‍යාය පිළිබද දැනුමට විශේෂයෙන් අවධානය යොමු කරන්න. කර්ම න්‍යාය ඉතාම ගැඹුරුයි. ඔබ නාටකයට අවධානය යොමු කරන සේම, ඔබ ජීව අවධානයෙන් සිටීමට අවධානය යොමු කරයි, ඔබගේ ධාරණාවට ඔබ අවධානය යොමු කරයි, ඒ අන්දමින්ම, කර්මයේ ගැඹුරු න්‍යායටත් අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යයි. සාමාන්‍ය ක්‍රියා, සාමාන්‍ය කාලය සහ සාමාන්‍ය සිතිවිලි ඔබගේ ප්‍රතිලාභයේ වෙනසක් ඇති කරයි. මෙකල, ඔය සියලුම උත්සාහ දරන්නන් ශ්‍රේෂ්ඨ, විශේෂ ජීවාත්මයි; ඔබ සාමාන්‍ය නැහැ. ලෝක පරිවර්ථනයට සහ ලොවට සෙත සැළසීමේ උපකරණ වන ජීවාත්ම ඔබයි. ඔබ තමන්ව පමණක් පරිවර්ථනය කරන අය නොවෙයි; ලෝක පරිවර්ථනයට වගකියන අය ඔබයි. එබැවින් ඔබ අනිවාර්යෙන් ඔබගේ උසස් ස්ව-අභිමානය පිළිබද අවධානයේ ප්‍රතිමූර්ති බවට පත් විය යුතුයි.

බාප්දාදා කෙරෙහි සහ සේවය කෙරෙහි ඔබ සියලු දෙනා තුළ බොහෝ සෙනෙහස තිබෙන බව බාප්දාදා දැක තිබෙනවා. එක් හෝ වෙනත් සැළසුමකට අනුව සෑම තැනකම සේවයේ වාතාවරණය තිබේ. එය සමගම වත්මන් කාලයට අනුව, අසාමයට සහ දුකට පත්වන ලෝකයේ ජීවාත්මයන්ට, ඔවුන්ගේ අසාමයෙන් සහ දුකින් ගලවා ගැනීම සදහා ඔබගේ බලයන්ගෙන් ඔවුන්ට සකාශ් (බලයේ ධාරාව) ලබා දෙන්න. භෞතික සූර්යයාට එහි සකාශ් වලින් අන්ධකාරය දුරු කර ආලෝකය ගෙන ඒමට සහ එහි කිරණ වලින් බොහෝ දේ පරිවර්ථනය කිරීමට හැක. ඒ අන්දමින්ම ඔය මාස්ටර් ඥාන සුර්යයන්, ඔබට ලැබී ඇති සාමයේ සහ සතුටේ කිරණ වලින්, ඔබගේ සකාශ් වලින් අන් අයව ඔවුන්ගේ දුකින් සහ අසාමයෙන් මුදවා ගත යුතුයි. ඔබගේ මනසින් සේවය කිරීමෙන් සහ බලවත් ආකල්පයක් තුළින් ඔබ වාතාවරණය පරිවර්ථනය කළ යුතුයි. එබැවින් දැන් ඔබගේ මනසින් සේවය කරන්න. වදන් වලින් ඔබ සේවය ව්‍යාප්ත කර ඇති සේම, ඔබගේ මනසින් සේවය කිරීමෙන්, ඔබ තෝරාගෙන ඇති ‘බලාපොරොත්තු සහ සතුට’ (බලාපොරොත්තු, සතුට සහ දිව්‍යත්වය) යන මාතෘකාව පතුරන්න. එඩිතරකම දෙන්න. උනන්දුව සහ උද්යෝගය ලබා දෙන්න. ඔවුන්ට පරම පියාගේ උරුමය දෙන්න; මේ දේවල් වලින් ඔවුන්ට විමුක්තිය ලබා දෙන්න. දැන් සකාශ් ලබා දීමට මහත් වූ අවශ්‍යතාවයක් තිබේ. මෙම සේවය කිරීමෙන් ඔබගේ මනස කාර්ය බහුලව තබා ගන්න, එවිට ඔබ ඉබේටම මායා ජයගන්න සහ ජයග්‍රාහී ජීවාත්මයක් වෙයි. සියලු සුළු දේවල් “පැති ජවනිකාය.” “අතුරු ජවනිකා” වල ඇතැම් දේවල් හොද වන අතර සමහර දේවල් නරකයි. ඉතිං ඔබගේ ගමනාන්තයට ළගා වීම සදහා ඔබ සමහර “අතුරු ජවනිකා” තරණය කළ යුතුයි. “අතුරු ජවනිකා” නැරඹීම සදහා සරළව ඔබගේ නොබැදි නිරීක්ෂකයෙකුගේ ආසනයේ අසුන්ගෙන සිටින්න; එපමණයි. එවිට “අතුරු ජවනිකා” විනෝදයක් වෙයි. ඉතිං ඔබ නිති සූදානම් නේද? හෙට යම් දෙයක් සිදු වන්නේ නම්, ඔබ නිති සූදානමින් සිටිනවාද? පළමුවන පේළිය නිති සූදානම්ද? ඔය ගුරුවරු සූදානම්ද? අච්චා. අංශ වල අය සූදානම්ද? අංශ කුමන සංඛ්‍යාවක් පැමිණ සිටියත්, නිති-සූදානමින් සිටින්න. ඒ ගැන සිතන්න. දාදීන්,බලන්න! දාදීන්, ඔබ මෙය දකිනවාද? සියලු දෙනාම අත් වනනවා. එය හොදයි. සුබ පැතුම්. ඔබ නිති-සූදානමින් නැත්නම් අද රාත්‍රිය වන විට නිති-සූදානම් වන්න, මන්ද, කාලය ඔබ එන තුරු බලා සිටිනවා. විමුක්තියට දොරටු විවර කිරීමට බාප්දාදා බලා සිටිනවා. පෙර-ගමන් ගිය අය (advance party) ඔබව කැඳවනවා. ඔබට කළ නොහැක්කේ මොනවාද? ඔබ මාස්ටර් සර්ව බලධාරීන්. මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කරගන්න: ‘මා මෙය කළ යුතුයි. මා එය නොකළ යුතුයි.’ එපමණයි. ඔබ යම් දෙයක් නොකළ යුතු නම්, එවිට ඔබගේ අධිෂ්ඨානයෙන් ඔබ නොකළ යුතු දේ, නොකර පෙන්වන්න. ඔබ පාලකයන් නේද? අච්චා.

ප්‍රථම වතාවට පැමිණියේ කවුද? ප්‍රථම වතාවට පැමිණි අය අත් ඔසවන්න! අත් ඉහළට ඔසවන්න! අත් වනන්න! බොහෝ දෙනෙක් ඇවිත්. එය හොදයි. ප්‍රථම වතාවට පැමිණි අයට කෝටි ගුණයක සුබ පැතුම්. සුබ පැතුම්. පෙර කල්පයේ දරුවන් නැවත වරක් ඔවුන්ගේ පවුලේ අය වෙතට පැමිණීම ගැන බාප්දාදා සතුටු වනවා. එබැවින් අවසානයේ පැමිණි අය දැන් විශ්මයන් පෙන්විය යුතුයි. පසුපස රැදී නොසිටින්න. ඔබ පැමිණ ඇත්තේ අවසානයේ නමුත් පසුපස නොසිටින්න. සියල්ලන්ට වඩා ඉදිරියෙන් සිටින්න. මේ සදහා ඔබට තීව්‍ර උත්සාහ දැරීමට සිදු වෙයි. ඔබට මෙම එඩිතරකම තිබෙනවා නේද? ඔබට එඩිතරකම තිබෙනවාද? එය හොදයි. එඩිතරකම ඇති දරුවන්ට බාප්දාදාගෙන් සහ පවුලේ අයගෙන් උදව් ලැබෙයි. ඉතිං පැමිණ ඇති සියලු දෙනාම මධුබන් වල සැරසිල්ලයි. අච්චා.

එය බෝපාල් වල සේවය කිරිමේ වාරයයි: බොහෝ දෙනෙක් ඇවිත්. (ඔවුන් තම ධජ වනනවා). ඔබට ස්වර්ණමය අවස්ථාවක් ලැබීම හොදයි. සේවය කිරීමට පැමිණි ඔය සියලුම උපකරණ, සේවය කිරීමේ ඵලය ලෙස ඔබ අතීන්ද්‍රීය සුඛය සහ බලය අත්දුටුවාද? එය වුනාද? ප්‍රතිචාරයක් ලෙස ‘ඔව්’ කීම වෙනුවට ඔබගේ ධජය වැනිය හැක. හොදයි ඔබ දැන් අතීන්ද්‍රීය සුඛය අත්විදිනවා, නමුත් එය සෑම විටම රැදී තිබෙයිද? නැත්නම් එය කෙටි කලකට විතරක් තිබෙයිද? තම හදවතින් පොරොන්දුවක් වන අය - එකිනෙකාව දැක ඔබගේ අත් ඔසවන්න එපා - ඔබ මෙම ලැබීම නිරන්තරයෙන් තබා ගන්න බව හදවතින් හැගෙන අය, ඔබ බාධක විනාශ කරන්නන් වන බව හැගෙන අයට අත් එසවිය හැක. හොදයි, බලන්න ඔබව රූපවාහිනියේ පෙන්වනවා. රූපවාහිනි යන්ත්‍රයේ ඇති ඡායාරූපය ඔබට එවයි. අච්චා. ඔබට ලබා දී ඇති මෙම අවස්ථාව ඉතා හොදයි. ඔබ මෙම අවස්ථාව සතුටින් භාරගන්න අතර විවෘත හදවතකින් වාරයක් පාසා මෙහි පැමිණීමට සියලු දෙනාට අවසර ලැබෙනවා. හොදයි ඔබ දැන් සිදු කරන්නේ කුමන ආශ්චර්යන්ද? (අපි 2008 වසරේ ඔබව හෙළිදරව් කරනවා) එය හොදයි. එකිනෙකාට සහයෝගය ලබා දී, මෙම පොරොන්දුව ඉටු කරන්න. ඔබ එය අනිවාර්යෙන් කරයි. මාස්ටර් සර්ව බලධාරියෙකුට පොරොන්දුවක් ඉටු කිරීම ලොකු දෙයක් නොවෙයි. ඔබගේ සහකරුවෙක් ලෙස අධිෂ්ඨානය ඔබ සමග තබාගන්න, එපමණයි. කිසිම විටෙක ඔබගේ අධිෂ්ඨානය අත් නොහරින්න, මන්ද, සාර්ථකත්වයට යතුර වන්නේ අධිෂ්ඨානයයි. අධිෂ්ඨානය ඇති තැන, අනිවාර්යෙන් සාර්ථකත්වය තිබෙයි. එය එහෙමයි නේද? ඔබ මෙය ප්‍රායෝගිකව සිදුකර පෙන්වනවාද? බාප්දාදාද සතුටු වනවා. එය හොදයි. බලන්න ඔබගෙන් කී දෙනෙකුට අවස්ථාවක් ලැබෙනවාද? පංතියෙන් භාගයක්ම සේවය කිරීමට මෙහි පැමිණි අයයි. එය හොදයි. බලන්න ඔබ සකාර් බාබාගේ කාලයේ ඉතා හොද චරිත කොටසක් රගපෑවා. මෙම කෙනා (මහේන්ද්‍ර බායි) ප්‍රථම කලාගාරය සූදානම් කළා. එබැවින් මුළු කලාපයටම සකාර් බාබාගේ ආශිර්වාද තිබෙනවා. දැන් ඔබ යම් නවතාවයක් පෙන්වයි. නව නිපැයුමක් නිර්මාණය වී, බොහෝ කාලයක් ගෙවී ගොස් ඇත. විවිධ අංශ තිබීම වුනත්, සේවයේ පැරණි ස්වරූපයක් වී ඇත. ප්‍රදර්ශන, මේලා, සම්මන්ත්‍රණ සහ ස්නේහ මිලන් (කුඩා ආදරණීය රැස්වීම්) යන සියල්ල සිදු වී ඇත. දැන් යම් අළුත් දෙයක් සොයා ගන්න. කෙටි සහ මිහිරි. අඩු වියදමකින් වැඩි සේවයක්. ඔබලා උපදෙස් ලබා දෙන අය නේද? එබැවින් ඔය උපදේශකයන් අළුත් උපදෙස් ලබා දිය යුතුයි. ආරම්භයේදි ප්‍රදර්ශන පැවතුණා, ඉන්පසුව මේලාවන්, ඉන්පසුව විවිධ අංශ මගින් සිදු කළ සේවය පැවති ආකාරයට, යම් අළුත් නිපැයුමක් සොයා ගන්න. මෙයට උපකරණයක් වන්නේ කවුද කියා අපි බලමු. එය හොදයි. ඔබට එඩිතරකම තිබෙනවා, එඩිතරකම පවත්වා ගන්න අයට බාප්දාදා කල් තියා සුබ පැතුම් ස්වරූපයෙන් උදව් ලබා දෙන්නේ මේ නිසයි. අච්චා.

දැන් එක තත්පරයකදි, ඔබ සියලු දෙනාම, ඉතා මිහිරි නිහඬ ස්ථිතියක ගිලෙන්න (බාප්දාදා අභ්‍යාසය මෙහෙයවීය.) අච්චා.

සෑම තැනකම සිටින, ඔබගේ අධිෂ්ඨානගත සිතිවිලි වලින් සාර්ථකත්වය අත්කර ගන්නා, ඔය තීව්‍ර උත්සාහ දරන්නන්ට, ඔවුන්ගේ ජයග්‍රහණයේ තිලකය සෑම විටම තිබෙන අයට, බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින අයට, ද්විත්ව කිරුළක් ඇති ලොවට සෙත සළසන්නන්ට, ඔවුන්ගේ අරමුණට අවශ්‍ය සුදුසුකම් සෑම විටම තම අරමුණට සමාන කරගන්න අයට, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසින් පෝෂණය වන අයට, ඔය සියලු වඩාත්ම ශ්‍රේෂ්ඨ දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම, හදවතින් ආශිර්වාද සහ නමස්කාරය.

දාදීන්ට: දරුවන් පැමිණ සිටින විට, පරම පියා කොහොමත් පැමිණ සිටිනවා. පියාට දරුවන්ගෙන් ඈත්ව සිටිය නොහැකි අතර දරුවන්ටත් පියාගෙන් ඈත්ව සිටිය නොහැක. ඔබ එකට සිටින බවත් එකට ආපසු යන බවටත් පොරොන්දු වී තිබේ. චක්‍රයෙන් භාගයක් ඔබ බ්‍රහ්ම පියා සමග සිටිවි (දාදි ජන්කි පැවසුවේ: ඔහුත් අප සමග සිටිනවා, අප තුළ මුසුවී සිටිනවා). ඔබගේ මෙම අත්දැකීම නිවැරදියි. ඔබට දැන් එම සහතිකය තිබෙනවා, නමුත් ඔබ රාජධානිය පාලනය කරන විට, බාබා නොසිටිවි. සරළව නැරඹීමටත් ඔබට යම් කෙනෙක්ව අවශ්‍යයි. (ඔබට එහි උඩ, තැන්පත්ව සිටීමට හැකි වන්නේ කෙසේද?) එය නාටකයේ කොටසක්. බ්‍රහ්ම පියා ඔබ සමග සිටිනවා නොවැ? නාටකයේ සිදුවන්නේ කුමක්ද කියා බලන්න.

වරදානය:
ඔබ තාත්විකව සිදු කරන සෑම ක්‍රියාවකින් සහ පවසන සෑම වදනකින්ම රාජකීයත්වය පෙන්වා, ප්‍රථම කොට්ඨාශයට යාමට අයිතියක් හිමි කරගනිත්වා.

තාත්වික බව යනු, නිරන්තරයෙන් ඔබගේ ආදිතම ස්වරූපය අවධානයේ තබා ගැනීමයි, මෙය මගින් ඔබගේ මුහුණේ රාජකීයත්වයද දිස්වෙයි. තාත්වික බව යනු ඒකායන පියාට හැර වෙනත් කිසිවෙකුට අයත් නොවීමයි. මෙම අවධානය ඔබට තිබීමෙන්, ඔබගේ සෑම ක්‍රියාවක සහ සෑම වචනයකම රාජකීයත්වය දිස්වෙයි. ඔබගේ ක්‍රියාකාරකම් පියාට සමාන බව, ඔබ සමග සම්බන්ධ වන සියලු දෙනාම අත්දකියි. ඔබගේ සෑම වචනයකින්ම ඔවුන් පියාගෙන් මෙන් ලැබීම් සහ අධිකාරිත්වය අත්විඳියි. ඔහුගේ ඇසුර තාත්වික නිසා එය විශ්මය ජනක ගලක් මෙන් ක්‍රියා කරයි. තාත්විකත්වය ඇති එවන් ජීවාත්ම පමණයි ප්‍රථම කොට්ඨාශයට අයිතියක් හිමි කරගන්නේ.

පාඨය:
ඔබගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා ගිණුම වැඩි කරගන්න, එවිට ඔබගේ පාපකාරී ක්‍රියාවන්ගේ ගිණුම අවසන් වෙයි.

අශාරීරික ස්ථිතියේ පුහුණුව වැඩි කරන්න(අශාරීරි සහ විදේහි).

සෑම තැනකම කැලඹිම් ඇත. මිනිසුන්ගේ සහ සොබාදහමේ කැලඹිලි වැඩි වීමට යයි. එවන් වෙලාවක, ආරක්ෂිත මාර්ගය වන්නේ ඔබව අශාරීරික කරගැනීමයි; තත්පරයකදී ඔබගේ සිරුරෙන් ඔබ්බට ගොස් ජීවාත්ම අවධානයට පත්වීම. එබැවින් විටින් විට මෙය අත්හදා බලන්න, එවිට ඔබට අවශ්‍ය ඕනෑම තැනක ඔබගේ මනස සහ බුද්ධිය ස්ථාවර කරගැනීමට ඔබට හැකි වෙයි. මෙය හැඳින්වෙන්නේ ආධ්‍යාත්මික උත්සාහයේ යෙදීම ලෙසයි.

දැන්වීම: අද මාසයේ තෙවන ඉරු දිනයයි, එබැවින් සියලුම රාජයෝගී තපස්වි සහෝදර සහෝදරියන් ප:ව 6.30 සිට 7.30 දක්වා විශේෂ සාමූහික යෝගාවේ සිටියි. යෝගාවේ සිටින වෙලාවේ ඔබගේ සුබ පැතුම් වල ශ්‍රේෂ්ඨ ආකල්පයෙන් ඔබගේ මනසින් මහා දානපතියෙක් වී, සියලු දෙනාට ආශිර්වාද කිරීමේ සේවය සිදු කරන්න.