16.12.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පවිත්‍ර වීමේ මෙම ඉගෙනීම අන් සියලුම ඉගෙනීම් වලට වඩා පහසුය. තරුණ, වැඩිහිටි
හා වයෝවෘද්ධ කා හටත් එය ඉගෙන ගත හැකියි. ඔබ සරළව ඔබේ උපත් 84 දැනගත යුතුය.
ප්රශ්නය:
තරුණ, මහළු ඔබ
හැම කෙනෙක්ම පුහුණු කළ යුත්තේ කුමක්ද?
පිළිතුර:
ඔබ හැම කෙනෙක්ම ඥානය කතා කිරීම පුහුණු කළ යුතුයි, මන්ද, ඔබ මුරලිධර්ගේ දරුවන් වේ.
ඔබ ඥානය කතා නොකළොත් ඔබට උසස් තත්ත්වයක් හිමි කර ගත නොහැකිය. ඔබ යම් කෙනෙකු හට හෝ
තවත් අයෙකු හට ඥානය දීම කරන විට ඔබේ මුව විවර වේවි (ඔබට ඥානය පැවසීමේ ආත්ම විශ්වාසය
ඇති වේවි). පියා මෙන් ඔබ හැම කෙනෙක්ම ගුරුවරයෙක් විය යුතුය. ඔබ ඉගෙන ගන්නේ කුමක්ද
යන්න අන් අයට ඉගැන්විය යුතුයි. මෙය ඉගෙනගැනීමට කුඩා දරුවන්ට පවා අයිතිය තියෙනවා.
අසීමිත පියාගෙන් උරුමය ලබා ගැනීමට ඔවුන්ටත් අයිතියක් තියෙනවා.
ඕම් ශාන්ති.
ශිව බාබාගේ
උපතෙහි සංවත්සර සැමරීම ඉතා ඉක්මණින් මෙහිදී සිදුවනවා. ඔබ කොහොමද අන් අයට මේ ගැන
කියන්න යන්නේ? පියා ඔබට කෙසේ පැහැදිලි කරනවාද, එලෙස ඔබ අන් අයටත් පැහැදිලි කළ
යුතුයි. බාබා ඔබට උග්නවනවා වගේ ඔහු අන් අයට උගන්වන්න යන්නේ නැහැ. ශිව බාබා ඔබට
උගන්වනවා. ඔහු මෙම ශරීරය මඟින් ඔබට උගන්වනවා කියා ඔබ දන්නවා. ඔබ අනිවාර්යෙන්ම
ශිවාගේ උපත සමරණවා. ඔබ ශිවාගේ නමත් සඳහන් කරනවා. ඔහු අශාරීරික කෙනායි. ඔහුට ශිවා
කියා කියනවා. ඒ මිනිසුන් කියනවා: ශිවා උපත මරණය චක්‍රයට එපිටිනුයි සිටින්නේ. ඉතින්,
ඔබ ඔහුගේ උපත සමරන්නේ කෙසේද ? ඔබ තේරුම් අරන් තියෙනවා ඔබ කොහොමද නොයෙක් ආකාරයෙන්
සමරා තිබෙන්නේ සහ ඉදිරියේදී කොහොමද දිගටම එය සමරන්නේ කියා. එමනිසා, ඔබ ඔවුන්ට මෙය
පැහැදිලි කළ යුතුයි. පියා පැමිණ මේ ශරීරයේ ආධාරය ගන්නවා. ඔහුට කතා කරන්න
අනිවාර්යෙන්ම කටක් අවශ්‍යයි. ඒ නිසයි ගව මුඛය ප්‍රශංසා කරන්නේ. මෙය තරමක් පැටලිලි
සහගත රහසක්. ශිව බාබාගේ රැකියාව ඔබ තේරුම් ගත යුතුයි. අපගේ අසීමිත පියා පැමිණ ඇති
බව ඔබ තේරුම් ගන්නවා. ඔහුගෙන් පමණයි අප අපගේ අසීමිත උරුමය දිනා ගන්නේ. භාරතයේ
මිනිසුන් අනිවාර්යෙන්ම අසීමිත උරුමය ලැබුවා; වෙන කිසිවෙක් මෙය ලැබුවේ නැහැ. භාරතයට
තමයි සත්‍යයේ දේශය කියන්නේ, පියාටත් සත්‍යය කියනවා. ඔබ මේ දේවල් පැහැදිලි කළ
යුතුයි. කොහොමනමුත්, අන් අය මෙන් සමහර අය මෙය ඉක්මණින් තේරුම් ගන්නේ නැහැ. මෙහිදී,
යෝගාව සහ අධ්‍යාපනය දෙකම ඉතා ලෙහෙසියෙන් ලිස්සා ගිලිහී යා හැකියි. මෙයිනුත්, යෝගාව
වඩාත් ගිලිහී යන සුළුයි. ඥානය බුද්ධියෙහි රැඳෙනා නමුත් සිහිපත් කිරීම නැවත නැවත
අමතක වෙනවා. ඔබ උපත් 84ක් ලබන්නේ කෙසේදැයි යන දැනුම ඔබගේ බුද්ධියෙහි රැඳී තිබෙනවා.
මෙම ඥානය තිබෙන අයට ඔවුන්ගේ බුද්ධියෙන් වටහා ගත හැකියි අංක එකට පැමිණෙන අය පමණයි
උපත් 84ක් අරගන්නේ කියා. ලක්ෂ්මී සහ නාරායන තමයි පළමු හා ඉතා උසස්ම දේවී දේවතාවන්
වන්නේ. සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවට වෙනස් වීමේ කථාපුවතත් ඉතා ප්‍රසිද්ධයි.
බොහෝ තැන්වල, පුර පොහෝ දිනවල සත්‍ය නාරායන බවට පත්වීමේ කථා පුවත ඔවුන් විසින්
කියවනවා. ඔබ තේරුම් ගන්නවා මානවයෙකුගෙන් නාරායන කෙනෙකුට වෙනස් වන්නේ කෙසේද කියා
දැන් බාබාගෙන් සත්‍ය ලෙසම ඔබ ඉගෙන ගන්නා බව. මෙය පාරිශුද්ධ වීම සඳහා වන ඉගෙනුමයි.
සියලුම ඉගෙනීම් වලින් ලෙහෙසිම එකත් මෙයයි. ඔබට තියෙන්නේ උපත් 84හි චක්‍රය වටහා
ගැනීම පමණයි. බාල මහළු සෑම කෙනෙකුටම මේ ඉගෙනුම එකයි. කුඩා දරුවන්ට මේ ඉගෙනීමෙහිත්
අයිතියක් තියෙනවා. ඔවුන්ට විටින් විට නොකඩවාම ටිකක් කියා දෙන්නට ඔවුන්ගේ දෙමාපියන්ට
ඕන තරම් කාලය තියෙනවා. ශිව බාබාගේ ස්මෘතිය තබා ගන්න දරුවන්ට උගන්වා තිබිය යුතුයි.
ජීවාත්මයන්ගේ පියා ශරීර වල පියෙකුගෙන් වෙනස් වෙනවා. ජීවාත්මයන් අශාරීරික දරුවන්ය,
පියා ද අශරීරිකයි. එම අශරීරික ශිව බාබා ඔබගේ පියා බවත් ඔහු ඉතාමත් සූක්ෂම බවත් ඔය
දරුවන්ගේ බුද්ධිය දන්නවා. ඔබ මෙය ඉතා හොඳින් සිහි තබා ගත යුතුයි; ඔබ එය අමතක නොකළ
යුතුයි. අප ජීවාත්මයන් ද තිත් මෙන් සූක්ෂමයි. එය ඔබ ඉහළ යන විට ඔබ විශාල ලෙස
පෙනෙනවා හෝ ඔබ පහළ සිටින විට කුඩාවට පෙනෙනවා කියනා එක නොවෙයි. නැහැ; එය සෑම විටම
තිතකි. ඔබ උඩ ඉහළට ගිය විට ඔබව දකින්නට නොහැකිවාක් මෙනි, මන්ද, ඔබ තිතකි. ඔබ කොහොමද
තිතක් දකින්නේ ? ඔය දරුවන් මේ දේවල් ඉතා ගැඹුරින් සිතිය යුතුයි. ජීවාත්මය වන මම,
ඉහළ සිට මෙහි පැමිණියේ ශරීරයක් තුළින් මගේ චරිත කොටස රඟපෑමටයි. ජීවාත්මයන්
ප්‍රමාණයෙන් අඩු වැඩි වන්නේ නැහැ. ඔවුන්ගේ භෞතික ඉන්ද්‍රියන් ප්‍රථමයෙන් කුඩාවට
තිබී පසුව ඒවා විශාලව වැඩෙනවා. ඔබ මේවා තේරුම් ගත් ආකාරයට අන් අයට ඒවා පැහැදිලි කර
දිය යුතුයි. ඔබ ඉගෙන ගත් ආකාරයට අනුව තමයි ඔබ මෙම දැනුම උගන්වන එක රඳා පවතින්නේ, එය
අංක පිළිවෙලටයි. ඔබ සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම ගුරුවරුන් වී මේ හැම කෙනෙක්ටම
ඉගැන්විය යුතුයි. පියාට මේ සියලු දැනුම තිබෙනවා. ඔහු ඉතාමත් සූක්ෂම වූ උත්තරීතර
ජීවාත්මයයි. ඔහු සෑම විටම වාසය කරන්නේ උත්තරීතර දනව්වේයි. ඔහු එක වතාවක් පමණක් මෙම
සංගම යුගයේදී මෙහි පැමිණෙනවා. මිනිසුන් බොහෝ දුකට පත්වුණු විට ඔවුන් පියාට අඬගසා
කියනවා එන්න, අපව සතුටට පත් කරන්න! ඔය දරුවන්ට දැන් තේරෙනවා ඔබ අඬගසමින් සිටියා :
බාබා, එන්න, ඇවිත් අපව මේ අපවිත්‍ර ලෝකයෙන් පවිත්‍ර, නව, ස්වර්ණමය යුග සතුටු ලෝකය
වෙත අරගන්න. අපට එහි යෑමට මාර්ගය පෙන්වන්න. ඔහුම පැමිණි විට පමණයි ඔබට මාර්ගය
පෙන්වීමට ඔහුට හැකි වන්නේ. ලෝකය පරිවර්ථනය වීමට තිබෙන විට පමණයි ඔහු පැමිණෙන්නේ.
මෙය වටහා ගැනීමට ඉතා සරළ කරුණකි. බාබා සෑම දිනකම පැහැදිලි කරනා දේ සටහන් කර ගන්න,
එමගින් ඔබටත් පුළුවන් ඒ ආකාරයෙන්ම එය පැහැදිලි කරලා දෙන්න. මේ ආකාරයේ පුහුණුවකින්
ඔබගේ කට ඇරේවි (ඔබ හට ඥානය කතා කිරීමේ පැහැදිලි විශ්වාසය ඇති වේවි). ඔබලා
මුරලිධර්ගේ දරුවන්ය; ඉතින්, ඔබලා අනිවාර්යෙන්ම මුරලිධර්ලා විය යුතුය. මේ අකාරයෙන්
අන් අයට යහපත සළසන විට, නව ලොවේදී ඔබට උසස් තත්ත්වයක් හිමිවනවා ඇත. අනෙකුත්
ඉගැන්වීම් මේ ලොව සඳහායි. මෙම ඉගැන්වීම එම නිරන්තරව සතුට තිබෙන අනාගත නව ලොව
සඳහායි. සෑම කෙනෙකුම පීඩාවට පත් කරවන එම පංච පාපයන් එහි නොතිබේ. මෙහි, ඔබ සිටින්නේ
විදේශ රාජධානියක් වන රාවණ්ගේ රාජධානියේය. ආරම්භයේදී ඔබගේ රාජධානියේ සිටි අය ඔබලායි.
ඔබ එයට නව ලොව කිවා. පසුව භාරතයට පැරණි ලොව යැයි කීවා. එය, නව ලෝකයෙහි භාරතය
පැවතියා යැයි කියැවෙනවා. ඉස්ලාම් හෝ බෞද්ධ මිනිසුන් නව ලෝකයේ සිටිනවා යැයි ඔබ
නොකියයි; නැත. පියා පැමිණ ඔය දරුවන් අවධි කරනවා යැයි දැන් ඔබේ බුද්ධියේ තිබෙනවා.
නාටකයෙහි ඔහුගේ කොටස එවැන්නකි. භාරතය දෙව් ලොවට වෙනස් කිරීමට ඔහු පැමිණෙයි. භාරතය,
පළමු භූමිය ට කියන්නේ දෙව් ලොවයි. භාරතයේ ආයු කාලය සීමිතයි. එයට වසර සියදහස් ගණනක්
ගැන කීමෙන් එය අසීමිත කරවනවා. වසර සියදහස් ගණනකැයි කියනා දෙය කිසිවෙකුගේ බුද්ධියෙන්
සිහිපත් කළ නොහැක. භාරතය අළුත්ව තිබුණා ඔබ එයට කියාවි දැන් එය පැරණියි කියා. භාරතය
නැවත නව ලෝකය විය යුතුය. ඔබ දැන් නව ලෝකයේ පාලකයින් බවට පත් වෙනවා කියා ඔබට
වැටහෙනවා. පරම පියා දැන් ඔබට ඔහුව සිහිකරන්න කියා උපදෙස් දෙනවා, එමඟින් ඔබ අළුත්
වෙනවා, පවිත්‍ර වෙනවා, ඔබට අළුත් ශරීර පවා ලැබෙනවා. ඔය ජීවාත්මයන් සහ ඔබේ ශරීර
මුළුමණින්ම සතෝප්‍රධාන් වෙනවා. ඔබ සතුටම පමණක් වන රාජධානිය ලබනවා. මේ නාටකය
සදාතනිකව දෛවෝපගත වූවකි. නව ලෝකයෙහි සතුට සහ සාමය තිබෙනවා. එහි කුණාටු වැනි දේවල්
නැහැ. අසීමිත සාම ලෝකයෙහිදී සෑම කෙනෙක්ම සාමයෙන් යුතුයි. මෙය අසහාය වූවකි. මේ නාටකය
සදාතනිකව දෛවෝපගත වූවක්. මෙය අසීමිත කරුණකි. ඉංජිනේරු සහ ’නීතීඥ‘ ආදී, එම අනෙක්
ඉගැන්වීම් සීමිතයි. ඔබේ බුද්ධියේ දැන් තිබෙන්නේ අසීමිත ඥානයයි. පරම පියා එකම වතාවක්
පමණක් පැමිණ මෙම අසීමිත නාටකයේ රහස් පැහැදිලි කරනවා. මෙම අසීමිත නාටකය දිගින් දිගටම
සිදුවන්නේ කෙසේද කියා ඔබ මින් පෙර අසා තිබුණේ නැහැ. ස්වර්ණමය සහ රිදී යුගයන් ගතවී
යන්නේ කෙසේද කියාත් එම කාලයේ දේවී දේවතාවන්ගේ රාජධානි කෙසේ වූයේද කියාත් ඔබට දැන්
වැටහෙනවා. රිදී යුගයේදී එය රාමාගේ රාජධානිය වූවා. අනෙකුත් සියලු ආගම් පැමිණියේ ඉන්
පසුවයි. ඉස්ලාම්, බෞද්ධ හා කිතුනු ආදී එවැනි ආගම් සියල්ලම ගැන ඔබ දන්නවා. ඒ සියල්ල
පැමිණියේ අවසන් වසර 2500ක කාලය තුළයි. යකඩ යුගය වසර 1250ක් පැවතෙනවා. සෑම දේම ගණනය
කොට තිබෙනවා. ලෝකය වසර 2500ක් පැවතෙනවා නොවෙයි; නැත. අච්චා, එහෙමනම් එහි සිටියේ
කවුද? ඔබ මේ ගැන සිතා බැලිය යුතුයි. ඔවුන් (වෙනත් ආගම්) පැමිණීමට පෙර, දේවී
දේවතාවන් අනිවාර්යෙන්ම එහි සිටියා. ඔවුනුත් මනුෂ්‍යයින්, නමුත් ඔවුන්ට දිව්‍ය
ගුණධර්ම තිබුණා. සූර්ය සහ චන්ද්‍ර වංශ වසර 2500ක් පැවතියා. සෑම කෙනෙක්ම පැමිණියේ
චක්‍රයේ දෙවන භාගයේදීයි. කිසිම කෙනෙකුට තවත් වැඩිපුර වසරවල් ගණනය කරන්න බැහැ. කොටස්
හතරක් තිබෙනවා: සම්පූර්ණ, හතරෙන් තුන, භාගය සහ කාල; එය සමානව බෙදෙනවා. දේවී
දේවතාවන් සිටින්නේ චක්‍රයේ පළමු භාගයේදීයි. සූර්ය වංශ රාජධානිය ස්වර්ණමය යුගයේද,
රාමාගේ චන්ද්‍ර වංශ රාජධානිය රිදී යුගයේද තිබූ බව කියැවෙනවා. ඔබට ඔප්පු කර පෙන්විය
හැකියි ස්වර්ණම යුග ආරම්භයේදී පැමිණි අයට දීර්ඝායුෂ තිබෙනා බව. චක්‍රය වසර 5000යි,
තවම ඒ මිනිසුන් මිලියන 8.4ක කොටස් ගැන කතාකරනවා. ඔවුන් මේ චක්‍රය වසර සියදහස් ගණනක්
පවතිනවා කියාත් කියනවා. කිසිවෙක් එය පිළිගන්නේ නැහැ. ලෝක ජනගහනය එතරම් විශාල විය
නොහැකියි. එමනිසා, පරම පියා මෙහි හිඳ පැහැදිලි කරනවා ඒ සියල්ලක්ම අඥානයයි.
කෙසේවෙතත්, මෙය ඥානයයි. මෙම ඥානය පැමිණියේ කොතැනින්ද? මින් පෙර කිසිවෙකු මෙය දැන
සිටියේ නැත. ඥාන සාගරය වන්නේ එකම එක පියා පමණයි. මේ මුඛය තුළින් ඥානය දෙන කෙනා
ඔහුයි. ඔවුන් ’ගව මුඛය‘ ගැන කතා කරනවා. එයින් අදහස් වන්නේ ඔබ සියලු දෙනාම මේ මව, මේ
ගවයා මඟින් හදාගෙන තිබෙනවා. මේ සුළු කාරණාව පැහැදිලි කිරීම ඉතාම පහසුයි. ඔබ එක
දිනකට පමණක් පැහැදිලි කර එය නවතා දැමුවහොත් ඔවුන්ගේ බුද්ධිය වෙනත් කරුණු වලට
සම්බන්ධ වෙනවා. පාසැල් දරුවන් ඉගෙන ගන්නේ එක දවසකට පමණක්ද නැතිනම් ඔවුන් දිනපතා
ඉගෙන ගන්නවාද? ඥානය එක දවසකින් ඉගෙනගත නොහැකියි. අසීමිත පියායි ඔබට උගන්වන්නේ,
ඉතින් එමනිසා, ඔහු උගන්වන ඉගැන්වීමද අසීමිත විය යුතුයි. ඔහු ඔබට අසීමිත රාජධානිය
හිමිකර දෙනවා. එම අසීමිත රාජධානිය පැවතියේ භාරතය තුළයි. එම අසීමිත රාජධානිය පාලනය
කළේ ලක්ෂ්මී සහ නාරායනය. කිසිවෙකු මේ දේවල් සිහිනෙන්වත් දැක නැත, ඉතින් ඔවුන්ගේ
රාජධානි ඔවුන් ලබා ගත්තේ කෙසේද කියා ඒ අය නොවිමසයි. ඔවුන් යෝගී ජීවාත්මයන්ව සිටි
නිසා ඔවුන් හට පාරිශුද්ධත්වය ඉතා ඉහළින් තිබුණා, ඒ නිසාම ඔවුන්ගේ ආයු කාලය දීර්ඝ
වූවා. අපිත් යෝගීන්ව සිටියා නමුත් පසුව උපත් 84 ගනිද්දී අපි අනිවාර්යෙන්ම
ඉන්ද්‍රියන් පිනවන්නා වූ අය බවට පත්වුණා. තමනුත් නැවත උපත් ලබා තිබෙනා බව මිනිස්සු
දන්නේ නැහැ. ඔවුන්ට දෙවි දේවතාවන් කියන්න බැහැ. උපත් 84ක් ගන්නා අයට කලින් වෙනත්
කිසිවෙකුට එහි යා නොහැකියි. ස්වර්ණමය යුගය ආරම්භයේදී පාලනය කළ අය තමයි උපත් 84ක්
ගන්නා අය වන්නේ. පසුව අනෙක් අය අංක පිළිවෙලින් පහළට පැමිණෙනවා. ඔය ජීවාත්මයන් දේවී
දේවතාවන් බවට පත්වෙනවා පසුව ඔබේ කලාවන් දිගින් දිගටම අඩුවනවාත් සමඟ ඔබ රණශූරයින්
බවට පත්වෙනවා. වැඳුම් ලබන්නට සුදුස්සන් වූ අය පසුව වැඳුම් පිදුම් කරන්නන් බවට පත්
වු බව එසේ සිහි කර තිබෙනවා. ඔබ සතෝප්‍රධාන් වූවන්ගෙන් තමෝප්‍රධාන් වූවන් බවට වෙනස්
වෙනවා. නැවත උපත් ගන්නවාත් සමඟ ඔබ පහතට වැටෙනවා. මේවා සියල්ල සිහි කිරීම ඉතා පහසු
වන නමුත්, මායා එවැන්නියකි, ඇය ඔබට සියල්ලම අමතක කරවනවා. ඔබට මේ සියලු ඥාන කරුණු
එකතු කර ඒවායින් පොතක් හදන්න පුළුවන්. කොහොමනමුත්, මේ කිසිවක් රඳා පවතින්නේ නැහැ එය
තාවකාලිකයි. පියා කිසිම ගීතාවක් කියවා නැහැ. පියා දැන් මීට පෙර චක්‍රයේ කළ
ආකාරයෙන්ම සෑම දේම පැහැදිලි කර දෙනවා. සියලු වේදාවන් සහ ආගමික පොත්පත් ආදි සියල්ලම
නිර්මාණය වන්නේ පසු කාලයේදීයි. ඒ සියල්ලක්ම, මුළු තොගයම විනාශය සිදුවනවාත් සමඟ ගිනි
ගන්නවා ඇත. ස්වර්ණමය හා රිදී යුගයන් වලදී ආගමික පොත්පත් ඇත්තේ නැහැ. භක්ති
මාර්ගයේදී ඒවා නැවත නිර්මාණය වෙනවා. බොහෝ දේවල් භක්ති මාර්ගයේදී නිර්මාණය වෙනවා.
ඔවුන් රාවණ්ගේ පඹයෙකු සාදන නමුත්, එය සාදන්නේ ඇයිදැයි නොදන්නා නිසා කිසිවක්
පැහැදිලි කර දීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. සෑම වසරකම ඔවුන් මේ පඹයා සාදා පසුව එය
පුළුස්සන්නේ ඇයිද යන්න පියා පැහැදිලි කර දෙනවා. රාවණ් නිසැකවම මහා සතුරෙක්, නමුත්
කුමන අයුරකින් ඔහු සෑම කෙනෙකුගේම සතුරා වන්නේද කියා කිසිවෙකු දන්නේ නැහැ. ඔවුන්
සිතනවා සමහර විට ඔහු ඔවුන්ගේ සතුරා වන්නේ සීතා බලහත්කාරයෙන් පැහැර ගත් නිසාය කියා.
රාමාගේ සීතා ඔහු පැහැර ගත්තානම්, ඔහු මහා දාමරිකයෙකු විය යුතුව තිබුණා. ඔහු ඇයව
පැහැර ගත්තේ කවදාද? ඔබට කිව හැකිද, ’රිදී යුගය ආරමේභයේදී ද හෝ රිදී යුගය අවසානයේදී
ද‘? මේ දේවල් ගැන ඔබ සිතා බැලිය යුතුයි. ඇයව පැහැරගෙන යන්න පුළුවන්ද? මොන රාමාගේ
සීතාද පැහැරගත්තේ? එහි රාමා හා සීතාගේ රාජධානියක් පැවතියාද? එහි ඇත්තේ එක රාමා
කෙනෙක් හා සීතා කෙනෙක්ද? මෙය හරියට ආගමික පොතපතෙහි තියෙන කථන්දරයක් වගෙයි! ඒ මොන
සීතා වූයේද කියා ඔබ සිතා බැලිය යුතුයි. එහිදී රාමා සහ සීතාවරු දොළසක් සිටිනවා.
ඉතින්, මොන සීතාවද පැහැර ගත්තේ? එය අවසානයේ සිටි කෙනා විය යුතුයි. රාමාගේ සීතා
පැහැර ගැනීම ගැන ඔබ දේශන දෙනවා. රාමාගේ රාජධානියේදී එක්කෙනෙකුගේ රාජධානියක් පමණක්
තිබිය නොහැකියි. එහි වංශයක් තිබිය යුතුයි. ඉතින්, මොන අංකයේ සීතාවද පැහැරගත්තේ ? මේ
කරුණු සියල්ලක්ම ඉතා හොඳින් තේරුම් ගත යුතුයි. ඔය දරුවන්ට ඕනෑම කෙනෙකු හට මේ සියලු
රහස් ඉතා සැහැල්ලුවෙන් පැහැදිලි කර දිය හැකියි. පියා පැහැදිලි කරනවා, ඒ මිනිස්සු
භක්ති මාර්ගයේ බොහෝ සෙයින් එහෙ මෙහෙ යෑම නිසා ඔවුන් ඉතා අසතුටට පත්ව ඇති බව. ඔවුන්
මුළුමනින්ම අසතුටින් සිටින විට, ඔවුන් හඬාවැටෙනවා බාබා, මා මේ දුකෙන් මුදවා ගන්න!
රාවණ් භෞතික කිසිවක් නොවේ. ඔහු යම් දෙයක් වූයේනම්, ඇයි ඔබ ඔබගේ රජු සෑම වසරක් පාසාම
මරා දමන්නේ? රාවණ්ට බිරිඳක්ද සිටිය යුතුයි. ඔවුන් මදෝද්රි ඔහුගේ බිරිඳ ලෙස
පෙන්වනවා. ඔබ කවදා හෝ දැක තිබෙනවාද කවුරු හෝ මදෝද්රිගේ පඹයෙක් සාදා එය පුළුස්සනවා?
එමනිසා, පියා මෙහි හිඳ පැහැදිලි කරනවා : ඒ සෑම දෙයක්ම බොරු මායායි, බොරු ශරීරයි. ඔබ
දැන් බොරු මිනිසුන්ගෙන් සැබෑ දේවී දේවතාවන් බවට වෙනස් වීමට මෙහි හිඳගෙන සිටිනවා.
එහි එවන් වූ වෙනසක් තිබෙනවා! එහිදී, ඔබ සෑම විටම සත්‍යය කතා කරනවා. එය සත්‍යයේ
දේශයයි, කෙසේවෙතත් මෙය, මිනිසුන් කියන සෑම දේම බොරු වන අසත්‍යයේ දේශයයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පියා, ඥාන
සාගරය සෑම දිනකම ඔබට උගන්වන මෙම අසීමිත ඥානය මතගාන්න. ඔබ ඉගෙනගත් දේ අන් අයට
ඉගැන්විය යුතුය.
2. මෙම අසීමිත නාටකය
ඉදිරියට ගමන් කරන්නේ කෙසේද කියාත්, එය සදාතනිකව දෛවෝපගත වන්නේ කෙසේද සහ අසහාය නාටකය
වන්නේ කෙසේද කියා ඉතා පැහැදිලිව තේරුම් ගන්න. ඉන් පසුව මෙහි වැදගත්කම අන් අයට පහදා
දෙන්න.
වරදානය:
ඔබ එකම එක
ධර්මයක නිර්මලත්වයේ උසස් ධාරණය සහ සංස්කාර උකහා ගෙන බලවත් අධිරාජ්යවරයෙකු වේවා.
ඔබේ ස්ව-ආධිපත්‍යයේ
ධර්මය එනම්, ධාරණය පාරිශුද්ධත්වයයි. එකම එක ධර්මයක් යනු එක් ධාරණයකි. කිසිම
අපිරිසිදුකමක්, එනම්, වෙනත් කිසිම ආගමක් ඔබේ සිතිවිලි වල හෝ සිහින වල හෝ ඇති
නොවේවා, මන්ද, පාරිශුද්ධභාවය ඇති තැන කිසිදු අපිරිසිදුකමක නමක් හෝ සළකුණක් තිබිය
නොහැකිය, එනම්, නිෂ්ඵල හෝ පාපකාරී කිසිවක් තිබිය නොහැක. එබඳු පිරිසිදු
සංස්කාරයන්ගෙන් තමන්ව පුරවා ගන්නා අය බලවත් අධිරාජ්‍යයන් බවට පත් වෙති. අනාගත ලෝකය
නිර්මාණය වන්නේ ඔබ වර්තමානයෙහි උකහා ගන්නා උසස් සංස්කාර මතය. ඔබ දැන් උකහා ගන්නා
සංස්කාර අනාගත ලෝකයේ පදනමයි.
පාඨය:
එකම එක
පරමාත්ම දෙවියන් කෙරෙහි සත්‍ය සෙනෙහස ඇති අය ජයග්‍රාහී මාණික්‍යයන් බවට පත් වේ.