17.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ වූ කලී භාරතයේ වටිනාතම සේවකයින්ය. ඔබ ශ්‍රීමත් පදනම් කර ගනිමින් ඔබේ ශරීරය, මනස සහ ධනය රාම රාජ්‍යය බවට පත් කිරීමට යොදවයි.

ප්‍රශ්නය:
ඔබ දරුවන් දැන් කරමින් සිටිනා සැබෑ ආධ්‍යාත්මික සේවය කුමක්ද?

පිළිතුර:
ශ්‍රීමත් පිළිපැදීම මඟින් ඔබ දරුවන් ඉතා අප්‍රසිද්ධියේම සතුටේ රාජ්‍යය ස්ථාපනය කරමින් සිටී. මෙය සැබෑ භාරත සේවයයි. අසීමිත පියාගේ ශ්‍රීමත් පිළිපැදීමෙන් ඔබ සියලු දෙනාවම රාවණ්ගේ සිරගෙදරින් නිදහස් කරමින් සිටී. මේ සඳහා, ඔබ පාරිශුද්ධ බවට පත් වෙමින් අන් අයද එසේ පත් කරමින් සිටී.

ගීතය:
දෙවියනි, අන්ධයන්ට මඟ පෙන්වන්න!

ඕම් ශාන්ති.
‘ඕ ප්‍රභූ, ඕ දෙවියනි, පරමාත්මයනි‘ යන වචන කියන විටත් ‘පියාණනි‘ යන වචනය කියන විටත් විශාල වෙනසක් ඇත. ‘ඕ දෙවියනි, ඕ ප්‍රභ‘ යන කියමනෙහි විශාල ගෞරවයක් තිබෙන අතර ‘පියාණනි‘ යන්න ඉතා සාමාන්‍යය. පියවරුන් බොහෝ ඇත. ‘ප්‍රභූ, දෙවියනි‘ යන්න මිනිසුන් යාඥා වලදී පවා කියයි. ඔවුන් ‘බාබා‘ යනුවෙන් නොකියන්නේ ඇයි? කොහොමත් ඔහු උත්තරීතර පියාය. එය හරියට ‘පියාණනි‘ යන්න යටපත් වී ‘පරමාත්මය‘ යන්න වඩාත් වැදගත් වූවා සේය. මිනිසුන් මෙසේ අඬගසයි දෙවියනි, අන්ධයන්ට මඟ පෙන්වන්න! ජීවාත්ම සත්තාවන් මෙසේ කියයි බාබා, අපට විමුක්තියටත් ජීවන් මුක්තියටත් මඟ පෙන්වන්න. ‘ප්‍රභ‘ යන වචනය මහත්මා වූවක් වන අතර ‘පියාණනි‘ යන්න ඉතා සාමාන්‍යය. පියා පැමිණ ඔබට විස්තර කරන බව ඔබ තේරුම් ගනී. භෞතික ලෝකය තුළ පියවරුන් බොහෝ සිටී. මිනිසුන් මෙසේ අඬගසයි මවත් පියාත් ඔබයි. මේ වචන ඉතා සාමාන්‍යය. ‘දෙවියනි, හෝ ප්‍රභූ‘ කියන විට මිනිසුන් මෙසේ සිතයි ඔහුට කළ නොහැක්කේ කුමක්ද? ඔබ දරුවන් දැන් දන්නවා පියා දැන් පැමිණ ඇති බව. පියා ඔබට ඉතා උසස් පහසු මාර්ගය කියා දෙයි. පියා මෙසේ කියයි මගේ දරුවනි, රාවණ්ගේ අණ පිළිපැදීම සහ රාග ගින්න මත සිටීම නිසා ඔබ මුළුමනින්ම දැවී ගොස් ඇත. මම දැන් පැමිණියේ ඔබව පිරිසිඳු කර ආපසු ගෙදර එක්කර ගෙන යාමටයි. මේ නිසයි ඔබ පියාට අඬගසන්නේ පැමිණ ඔබව අපිරිසිඳු බවින් පිරිසිඳු කරන්න කියා. පියා මෙසේ කියයි මම ඔබට සේවය කිරීමට පැමිණියෙමි. ඔබ දරුවන් සියලු දෙනාද භාරතයේ අධ්‍යාත්මික සේවයේ යෙදී සිටී. ඔබ මිස වෙන කිසිවෙකුට මෙම සේවය කළ නොහැකිය. ඔබ එය කරන්නේ භාරතය වෙනුවෙනි. ශ්‍රීමත් පිළිපැදීමෙන් ඔබ පාරිශුද්ධ බවට පත්වන අතර භාරතයද පිරිසිඳු බවට පත් වේ. ගාන්ධිජී පියාටත් අවශ්‍ය වූයේ රාම රාජ්‍යය ගෙන ඒමටයි. දැන්, කිසිඳු මනුෂ්‍යයෙකුට රාම රාජ්‍යය නිර්මාණය කළ නොහැකිව ඇත. එසේ නොවී නම්, දෙවියන්ට පාරිශුද්ධකරුවාණනි යනුවෙන් හඬගාන්නේ ඇයි? ඔබ දරුවන් භාරතයට බොහෝ සෙනෙහෙවන්තයි. ඔබයි විශේෂයෙන් භාරතයටත් පොදුවේ මුළු ලොවටත් සැබෑ සේවය කරන අය. ගාන්ධිජීට අවශ්‍ය වූ භාරතය නැවතත් රාම රාජ්‍යය බවට පත් කරන්නේ ඔබයි. ඔහු සීමිත ජාතියක පියා වූ අතර මෙම ඒකායන කෙනා අසීමිත බවේ පියාය. ඔහු අසීමිත සේවය කරයි. මෙය දන්නේ ඔබ දරුවන් පමණි. ඔබ අතරින් ද සමහරුන්ට ඇත්තේ රාම රජ්‍යය සෑදීමේ, අනුපිළිවලින් වූ කුල්මත් භාවයක්ය. ඔබ රාජ්‍ය සේවකයින්ය. ඔබ සාදන්නේ දිව්‍යමය ආණ්ඩුවයි. ඔබ භාරතය වෙනුවෙන් කුල්මත් වී ඇත. ස්වර්ණමය යුගයේ දී එය පිරිසිඳු භූමියක් වූ බවත් දැන් එය අපිරිසිඳු බවත් ඔබ තේරුම් ගෙන ඇත. ඔබ දන්නවා පියා මඟින්, දැන් ඔබ පිරිසිඳු සතුටේ රාජ්‍යය සාදමින් සිටින බව. එයද ඉතා අප්‍රසිද්ධවය. ඔබට ශ්‍රීමත් ලැබෙන්නේද අප්‍රසිද්ධ ආකාරයකටය. ඔබ මෙය කරන්නේ භාරත රාජ්‍යය සඳහාය. ශ්‍රීමත් පිළිපැදීමෙන් ඔබේ ශරීර, මනස් සහ ධනය මඟින් ඔබ භාරතයේ උසස්ම සේවකයින් වෙමින් සිටී. කොංග්‍රස් පක‍්ෂයේ බොහෝ අය සිරගත වුවත්, ඔබට එසේ අවශ්‍ය නැත. ඔබේ කාරණය ආධ්‍යාත්මිකය. ඔබේ සටන ඇත්තේ මුළු ලොවම රජ කරන පාප පහ නම් වූ රාවණ්ට එරෙහිවය. මේ ඔබේ හමුදාවයි. එම ලංකාව යනු කුඩා දිවයිනක් වන අතර මේ ලෝකය අසීමිත (ලංකා) දිවයිනයි. අසීමිත පියාගේ ශ්‍රීමත් පිළිපැදීමෙන් ඔබ, සැවොම රාවණ්ගේ හිර ගෙදරින් නිදහස් කරයි. කොහොමවුවත්, ඔබ දන්නවා අපිරිසිඳු ලෝකය විනාශ විය යුතු බව. ඔබ ශිව ශක්තින්ය. ඔබ ගොප් වරු (සහෝදරයින්) ශිව ශක්තීන් ද වේ. ඔබ අප්‍රසිද්ධව මහා භාරත සේවයක් කරයි. ඔබ ඉදිරියට යන විට හැම කෙනෙක්ම මෙය දැන ගනීවි. භාරතය පදනම් කරගත් ඔබේ සේවය ආධ්‍යාත්මිකය. ඔබ අප්‍රකටව සිටී. ආණ්ඩුව දන්නේ නැහැ බ්‍රහ්ම කුමාරින් වන ඔබ භාරතය ඉතා උසස් වූ සත්‍යයේ දේශය බවට පත් කිරීමට ඔබේ ශරීරය, මනස සහ ධනය යොදන බව. භාරතය සත්‍යයේ දේශය ව තිබුණා වුවත් දැන් එය අසත්‍යයේ දේශයයි. සත්‍යය වන්නේ එකම පියා පමණි. ‘දෙවියන් වූ කලී සත්‍යයයි‘ යැයි කියැවේ. ඔහු ඔබට සාමාන්‍ය මිනිසෙක් වෙතින් නාරායන් බවට පත් වීමට සැබෑ ඉගැන්වීම් ලබාදෙයි. පියා මෙසේ කියයි පසුගිය චක්‍රයේ ද මම ඔබව සාමාන්‍ය මිනිසකුගෙන් නාරායන් බවට පත් කිරීම කළෙමි. ඔවුන් රාමායනයේ කියා ඇත්තේ බොරු කතාන්දරයන්ය. එහි සඳහන් රාමා වඳුරු හමුදාවක් ගෙනාවා කියාය. කලින්, ඔබ සැමද වඳුරන් මෙන් වූහ. එය එක සීතාවකගේ ප්‍රශ්නයක් පමණක් නොවේ. මෙහි අපහසුවක් නැත. මිනිසුන් බොහෝ මුදල් වියදම් කර රාවණ් පඹයෙක් සාදා පුළුස්සයි. ඔවුන්ට කිසිවක් නොතේරෙයි. බොහෝ වැදගත් මිනිසුන් ඒ දෙස බලා සිටී. පිටරැටියන්ට ද ආරාධනා කර ඔවුන් පැමිණ බලන නමුත් ඔවුන්ට කිසිවක් තේරෙන්නේ නැත. පියා දැන් මේ සියල්ල විස්තර කරන අතර ඔබේ හදවත් ඔබ භාරතයේ සැබෑ ආධ්‍යාත්මික සේවය කිරීම නිසා සතුටින් ඉපිලී තිබේ. ලෝකයේ අනිත් සැවොම රාවණ් පස්සේ යන අතර ඔබ අනුගමනය කරන්නේ රාමාගේ ශ්‍රීමත් ය. ඔබ රාමා කිව්වත් ශිවා කිව්වත් එය එකක්මය දෙවියන්ට බොහෝ නම් දී ඇත. ඔබ දරුවන් ශ්‍රීමත් අනුගමනය කරන භාරතයේ වටිනාම සේවකයින්ය. මිනිසුන් මෙසේ හඬගායි පාරිශුද්ධකරුවාණනි, පැමිණ අපව පිරිසිඳු කරන්න. ඔබ දන්නවා ස්වර්ණමය යුගයේ දී ඔබ කොතරම් සතුටක් ලබනවාද කියා. ඔබ අසීමිත ධනයක් හිමි කර ගනී. සාමාන්‍ය ආයු කාලයද එහි ඉතා දිගය. එහිදී ඔබ යෝගීන් වන අතර, මෙහිදී ඉන්ද්‍රිය සැතපවීමේ යෙදෙන භෝගීන්ය. එහි ඔවුන් පිරිසිඳු වන අතර මෙහි අපිරිසිඳුය. දිවා රෑ සේ වෙනසකි. ක්‍රිෂ්ණා ද යෝගියෙක් යැයි කියැවේ. ඔවුන් ඔහුටද මහත්මා යැයි කියන නමුත්, සැබෑ මහත්මා ඔහුමය. ගැයෙන්නේ ඔහු සියලු ගුණාංගයන්ගෙන් සම්පූර්ණ යන ගීතයයි. ජීවාත්ම සත්තාවත් ශරීරයත් දෙකම පිරිසිඳුය. සන්‍යාසීන් උපදින්නේ පාපය තුළින් ගෘහස්ථයන්ට වන අතර ඔවුන් සන්‍යාසී බව ම ලබයි. පියා ඔබට මේ කරුණු දැන් විස්තර කර දෙයි. මෙකල මිනිසුන් අයුක්තියට යට වී අසතුටින් ගත කරයි. ඔවුන් ස්වර්ණමය යුගයේ දී කෙසේ වෙයිද? ආගමික හා යුක්ති ගරුක වූහ. 100% ක් ණය බරින් තොර වූ අතර සදා සතුටින් වූහ. රෑ දහවල මෙන් වෙනසක් නැත. මෙය නිවැරදිවම දන්නේ ඔබ පමණි. භාරතය දෙව්ලොව සිට අපාය වූ සැටි කිසිවෙකුට දැන ගත නොහැකි විය. ඔවුන් ලක‍්ෂ්මි නාරායන්ට සිද්ධස්ථාන සදා වන්දනාමාන කරන නමුත් එහි කිසිවක තේරුම නොදනී. පියා දිගටම ඔබට කියා දෙන්නේ ඉහළ තත්ත්වයෙන් සිටින අයට මේවා විස්තර කර බිර්ලාටද කියා දී ලක‍්ෂ්මි නාරායන්ට සිද්ධස්ථාන සාදා දුන්නේ ඔවුන් කුමක් කළ නිසා දැයි සහ ලක‍්ෂ්මි නාරායන් එසේ වූයේ කෙසේ දැයි ආදිය තේරුම් කර දෙමිනි. කෙනෙක්ගේ රැකියාව නොදැන වන්දනා කිරීම ගල් පිළිමයකට වන්දනා කරනවා හා සමානය. බෝනික්කන් වන්දනාවකි. අනෙක් ආගම් වල අය ක්‍රිස්තු ආදීන් ආවේ කුමන කාලයකදී ද ආපසු එන බවත් අදහයි. ඒ නිසා ඔබ දරුවන්ට බොහෝ සෙයින් ඇතුලාන්ත ආධ්‍යාත්මික කුල්මත් බවක් තිබිය යුතුයි. ඔබ ජීවයන්ට මේ සතුට තිබිය යුතුයි. ඔබට කල්ප භාගයක්ම ශරීර අවධානය තිබුණා. පියා මෙසේ කියයි දැන් අශරීරික වන්න. ඔබ ජීවාත්ම සත්තාවක් බව සැලකිල්ලට ගන්න. ජීවාත්ම සත්තාවක් වන මම පියාට ඇහුම්කන් දෙමින් සිටිමි. අනෙකුත් සත්සන් වල කිසිවෙක් කිසිදාක ආධ්‍යාත්මික පියා ඔහුට මෙහි සිට තේරුම් කරනවා යැයි නොසිතයි. ඇහුම්කන් දෙන්නේ ජීවයයි. ජීවාත්ම සත්තාව මෙසේ කියයි මා අහවලාය. අග්‍රාමාත්‍යවරයාය. ජීවාත්ම සත්තාව මෙසේ අගමැති බව කියන්නේ ශරීරය තුළිනි. ඔබ දැන් කියන්නේ ඔබ ජීවාත්ම සත්තාවන් උත්සාහ කරන්නේ දෙව් ලොව දෙව් දේවතාවන් වීමට කියාය. මා ජීවාත්ම සත්තාවක් වන අතර මේ මගේ ශරීරයයි. ජීවාත්ම සත්තා අවධානයට පත් වීමට විශාල උත්සාහයක් ගත යුතුයි. ඔබ නැවත නැවතත් ජීවාත්ම සත්තාවක් බව සලකමින් පියා සිහි කළහොත් ඔබේ පව් දුරු වී යයි. ඔබ ඉතා කීකරු සේවකයෙකි. ඔබ මේ කාර්යය අප්‍රකට ලෙස කරයි. ඒ නිසා ඔබ ආධ්‍යාත්මික රජයේ සේවකයන් බව යන අප්‍රකට කුල්මත්භාවයක් තබා ගන්න. බාපුජීට ද නව ලෝකයේ නව භාරතයක් අවශ්‍ය විය. ඔහුට අවශ්‍ය වූයේ නව දිල්ලියකි. මේ දැන් නව ලෝකයක් මැවේ. මේ පැරණි දිල්ලිය සොහොනක් බවට පත් වී ඉනික්බිතිව එය සුර දූතයන්ගේ භූමියක් බවට පත් වේ. එයට දැන් සුර දූත රටක් යැයි කිව නොහැක. ඔබ නව ලෝකය සඳහා සුර දූතයින්ගේ භූමිය වූ, නව දිල්ලිය නිර්මාණය කරයි. මේ කාරණා ඉතා පැහැදිලිව තේරුම් ගත යුතුයි. අමතක වන්නට නොදිය යුතුයි. භාරතය නැවතත් සතුටේ දේශය කිරීම එතරම්ම උසස් කාර්යයකි. නාටක සැලසුම අනූව රූපය පරණ විය යුතුය. දැන් එය දුක් ලෝකයයි. පියාට පමණයි කියන්නේ දුක දුරු කරන්නා හා සතුට දානය කරන්නා කියා. ඔබ දන්නවා අවුරුදු 5000 කින් පියා පැමිණ දුක් භාරතය සතුටින් පුරවන බව. සතුටත් සමඟම සාමයද ලබා දෙයි. චිත්ත සාමය ලබන්නේ කෙසේ දැයි මිනිසුන් අසයි. දැන් සාමය ඇත්තේ මිහිරිතම නිවහන වූ සාම දේශයේය. එයට කියන්නේ ශබ්දය හෝ දුක නැති නිහඬ දේශය කියාය. ඉරත් හඳත් එහි නොදිස් වේ. ඔබට දැන් මේ සියලු ඥානය ඇත. පියා ඔබේ කීකරු සේවකයා සේ පැමිණ ඇත. කොහොමනමුත්, කිසිවෙක් පියා ගැන කිසිවක් නොදනී. මිනිසුන් යම් අයට මහත්මා යැයි කිව්වත් දැන් මහත්මා සත්තාවන් සිටිය නොහැකිය. සිටිය හැක්කේ දෙව්ලොව පමණි. එහි ජීවාත්ම සත්තාවන් පිරිසිඳු අතර ඒ නිසාම ඔවුන්ට සාමය හා සෞභාග්‍යය ද ඇත. දැන් ඔවුන්ට පාරිශුද්ධිය නැති අතර සියල්ල අහිමි වී ඇත. පාරිශුද්ධියට විශාල සැලකීමක් ඇත. දේවී දේවතාවුන් පාරිශුද්ධ නිසා ඔවුන්ගේ ප්‍රතිමා ඉදිරියේ මිනිසුන් නමස්කාර කරයි. පිරිසිඳු අය පිරිසිඳු වන අතර අපිරිසිඳු අය අපිරිසිඳු වේ. එම කෙනා මුළු ලෝකයේ ම හැම කෙනෙකුගේම අසීමිත බාපු ජී වෙයි. නගරාධිපතිටද නගරයක පියා යැයි කියයි. එවැනි දේ එහි නැත. එහි රජදහන ක්‍රියාත්මක වන්නේ න්‍යාය ධර්මයට අනුකූලවයි. මිනිසුන් මෙසේ අඬගසය ඕ පාරිශුද්ධ කරුවාණනි, පැමිණෙන්න! පියා මෙසේ කියයි දැන් පාරිශුද්ධ වන්න! එවිට ඔවුන් මෙසේ අසයි එසේ වන්නේ කෙසේද? ළමයින් උපදින්නේ කෙසේද? ජනගහනය වැඩි වන්නේ කෙසේද? ලක‍්ෂ්මි සහ නාරායන් සම්පූර්ණයෙන් පාපයෙන් තොර බව ඔවුන් නොදනී. ඔබ දරුවන්ට බොහෝ විරෝධතා දරා ගන්න සිදු වේ. ගිය කල්පයේ නාටකයේ සිදු වූ සෑම දෙයක්ම මෙම කල්පයේ ද නැවත සිදු වේ. නාටකයේ තිබෙන නිසා එය එසේ විය යුතු යැයි ඔබට බලා සිටිය නොහැක. එසේ සිටිමින් ඔබට පාසලක සාමාන්‍ය තැන ලැබිය හැකිද? මිනිසුන්ට සෑම දෙයකටම දිගටම උත්සාහයන් කළ යුතුව ඇත. උත්සාහය නැතිව, වතුර බොන්නවත් බැරිය. ඇසිල්ලෙන් ඇසිල්ල ඔබ කරන කුමන උත්සාහයක් හෝ ඔබට නැවත ලැබේ. අසීමිත සතුට ලැබීමට නම් ඔබ අසීමිත උත්සාහයක් කළ යුතුව ඇත. දැන් මෙය බ්‍රහ්මාගේ රාත්‍රිය වන අතර බ්‍රහ්මිණ්වරුන්ගේ ද රාත්‍රියයි. පසුව එය බ්‍රහ්මිණ්වරුන්ගේ දවාල වේ. මෙය ආගමික ලේඛණ වල ඉගැන්වෙන නමුත් ඔබ කිසිවක් තේරුම් ගත්තේ නැත. මේ බාබාද රාමායනය සහ භගවත් චරිත කියෙව්වා පණ්ඩිතයෙක් වාගේ. ඔබ දැන් දන්නවා එය භක්ති මාර්ගයේ බව. භක්තිය ඥානයෙන් වෙනස්ය. පියා මෙසේ කියයි ඔබ සැවොම රාග ගින්න මත සිටීම නිසා අශෝභන වී ඇත. ක්‍රිෂ්ණාට ‘කැතයා‘ හා ‘සුන්දරයා‘ යැයි කියැවේ. වන්දනාකරුවන් වූ කලී අන්ධ විශ්වාසයන් ඇති අයය. මහා භූතයන්ට ඒ තරම් විශාල වන්දනා කිරීමක් ඇත. කෙනෙකුගේ ශරීරයට වඳිනවා යනු මහා භූත වලට වන්දනා කිරීමයි. එයට කියන්නේ දූෂිත වන්දනාව කියාය. භක්තිය මුලින් අධූෂිතය. ශිවාට පමණක් වන්දනාව තිබුණි. නිකම් බලන්න දැන් මිනිසුන් වන්දනා කරන්නේ කුමකටද කියා. පියා බොහෝ විශ්මිත දේ පෙන්වමින් ඥානය විස්තර කර දෙයි. ඔහු කටු මල් බවට පත් කරවයි. මෙය වූ කලී පුෂ්ප උද්‍යානයයි. කරව්චියේදී ධ්‍යානගත වන පාථන් යැයි මුරකරුවෙක් සිටියා. ඔහු මෙවැනි දේ කිව්වා මා දෙව්ලොව ගිය විට කුදා (දෙවියන්) මට මලක් දුන්නා. මා බොහෝ ප්‍රීති වුණා. විශ්මිතයි! මිනිසුන් ලෝකයේ පුදුම හත ගැන කතා කරයි. ඇත්තෙන්මනම්, ලෝක පුදුමය වන්නේ දෙව් ලොවයි. කිසිවෙක් මෙය නොදනී. ඔබට මෙතරම් පළමු පන්තියේ ඥානයක් ලැබී ඇති අතර විශාල සතුටකින් සිටිය යුතු වේ. බාප්දාදා ඉහළම වුවත් ඔහු ඉතා සරළ ලෙස සිටී. ඔහු අශරීරිකයි, නිරහංකාරයි කියා ඔවුන් ගැයූවත් ගැයෙන්නේ පියාගේ පැසසුමයි. පියා පැමිණියේ ඔබට සේවය කිරීමටයි. පියෙකු ඔහුගේ දරුවන්ට සේවය කරමින් ධනය හා දේපළ ලබා දී විශ්‍රාම තත්ත්වයට පත් වෙයි. ඔහුත් දරුවන් ඔහුගේ හිසමත තබාගෙන ඔබ දරුවන් ලොව හිමිකරුවන් බවට පත් කරවයි. ඔබ ඔබේ මිහිරිතම නිවහනට යමින් මෙහි පැමිණ ඔබේ රජදහන හිමි කර ගනී. පියා මෙසේ කියයි මා රජ දහනක් ලබන්නේ නැත. පරාර්ථකාමී සේවකයා වන්නේ පියා පමණි. ඒ නිසා, ඔබ දරුවන් බොහෝ සතුටු විය යුතුයි. කොහොමනමුත්, මායා ඔබට අමතක කරවයි. ඔබ මෙතරම් මහත් වූ බාප්දාදා අමතක නොකළ යුතුයි. සීයාගෙන් දේපොළ ලැබීමට බොහෝ කුල්මත් විය යුතුයි. ඔබට ශිව පියා හමු වී ඇත. මේ ඔහුගේ දේපොළයි. පියා මෙසේ කියයි මා සිහිකරමින් දිව්‍යමය ගුණාංග උකහා ගන්න. සියලු යක‍්ෂ ගුණාංග ඔබෙන් දුරු විය යුතුව ඇත. ඔවුන් මෙසේ ගයයි මා ගුණයෙන් පිරිහී ඇත. කිසිඳු ගුණයක් නැත. ‘ගුණාංගයන්ගෙන් තොර වූ ආයතනය‘ නම් වූ සංවිධානයක් ද තිබේ. දැන්, කිසිවෙක් එහි තේරුම නොදනී. ගුණයෙන් තොර වීම යන්නෙහි තේරුම කිසිම ගුණයක් නැති බව යන්න නමුත්, ඔවුන්ට එය නොතේරේ. පියා ඔබට කියන්නේ, එකම දෙයක් විස්තර කර දෙන්න පමණි. මෙසේ කියන්න අපි භාරත සේවය සඳහා කැප වෙමු. අපි සියල්ලගේම බාපු ජී වූ එකම කෙනාගේ ශ්‍රීමත් පිළිපදිමින් සිටිමු. මේ නිසයි ශ්‍රීමත් භගවත් ගීතාව සිහිකරන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බාප්දාදා ඉහළම මෙන්ම සරළ වනවා සේම ඔබද එසේම ඉතා සරළ වී අශරීරිකව නිරහංකාර විය යුතුයි. පියාගෙන් ලැබුණ මෙම පළමු පංතියේ ඥානය කලතා රසවිඳින්න.

2. එකම ලෙස නැවත සිදුවන මෙම නාටකයේ දී අසීමිත සතුට ලැබීම සඳහා අසීමිත උත්සාහයක් දරන්න. උත්සාහයන් නතර කිරීම හෝ නාටකයට සියල්ල භාර දීම නොකරන්න. ඔබ ඔබේ ලැබීම සඳහා නියතයෙන්ම උත්සාහ තැබිය යුතුයි.

වරදානය:
ඔබ සුරදූත ස්වරූපයකින් යුතුව ඔබේ ආධ්‍යාත්මික උත්සාහයෙන් වාතාවරණය බලවත් කර, එමඟින් අව්‍යක්ත සුරදේවතාවරයෙකු බවට පත් වේවා.

වාතාවරණය බලවත් කිරීමේ මග වන්නේ ඔබේ සුරදූත ස්වරූපය තුළින් ආධ්‍යාත්මික උත්සාහයක් සිදු කිරීමයි. ඔබ මෙයට නැවත නැවතත් අවධානය යොමු කළ යුතු වන්නේ, ඔබ ආධ්‍යාත්මික උත්සාහය කෙසේ සිදු කළත් එයට ඔබේ අවධානය යොමු කළ යුතු වන නිසාය. ඉතින්, අව්‍යක්ත ස්වරූපයේ ආධ්‍යාත්මික උත්සාහයක් කිරීම යනු අවධානය යොමු කරමින් ඔබ නැවත නැවතත් තපස්යාව කළ යුතු බවයි. එමනිසා, අව්‍යක්ත සුරදේවතාවරයෙකු වීමේ ආශීර්වාදය ඔබේ අවධානයේ තබාගෙන වාතාවරණය බලවත් කිරීමේ තපස්යාව සිදු කරන්න. ඔබ ඉදිරියට කවුරුන් පැමිණිය ද ඔවුන් භෞතික දේ සහ සියලු නිෂ්ඵල කාරණා අභිබවා යනවා ඇත.

පාඨය:
සර්වබලධාරී පරමාත්ම පියාව හෙළිදරව් කිරීම සඳහා, ඔබේ ඒකාග්‍රතාවයේ බලය වැඩි කර ගන්න.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

ඔබ එක් එක් දෛනික වැඩසටහනට අනුව ඔබේ භෞතික ක්‍රියාකාරකම් සඳහා කාලසටහනක් සකසන ආකාරයටම, එලෙසම, ඔබේ මනසෙහි බලවත් ස්ථිතියක් ඇතිව සිටීමට වැඩසටහනක් සාදන්න. ඔබේ මනස බලවත් සිතිවිලි වල තබා ගැනීමේ ඔබ වඩාත් කාර්යබහුල වූ විට, ඔබේ මනස කලබල වන කාලය අඩු වේ. නිරතුරුවම එක්තැන් කරගත් සිතක් යන්නෙන් අදහස් වන්නේ ඒකාග්‍ර වීමයි, එවිට ඔබේ හොඳ කම්පන තරංග නිරායාසයෙන්ම සෑම දෙසටම විහිදී යන අතර සේවය සිදුවනවා ඇත.