17.02.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරමාත්ම පියා ආගන්තුකයෙක් ලෙසින් පැමිණ සිටිනා නිසා ඔබලා ඔහුට ගරු සත්කාර කළ යුතුයි. ඔබ සෙනෙහසින් ඔහුට ආරාධනා කළා. ඒ වගේම ඔබ ඔහුට ගරු කළ යුතුයි; කිසිම ආකාරයක අගෞරවයක් නොකළ යුතුයි.

ප්‍රශ්නය:
ඔය දරුවන් තුළ නිරන්තරයෙන්ම තිබිය යුත්තේ කුමන කුල්මත් බව ද? ඔබගේ කුල්මත් බව වැඩි වුණේ නැතිනම් කිව හැක්කේ කුමක්ද?

පිළිතුර:
ඉහළම ඉහළ පෞරුෂත්වය ඇත්තා ආගන්තුකයෙක් ලෙසින් මෙම අපිරිසිඳු ලෝකයට පැමිණ සිටිනවා. මෙම කුල්මත් බව නිරන්තරයෙන් ඉහළින්ම තිබිය යුතුයි. කෙසේවෙතත්, ඔබගේ කුල්මත් බව වැඩි වන්නේ එක් එක් මට්ටම් වලිනුයි. පරමාත්ම පියාට අයිති වීමෙන් පසුවත් ඇතැම් අයට ඇත්තේ ගැටළු සහගත බුද්ධියක් වන අතර ඔවුන් ඔහුගේ අත අතහැර යනවා. එය ඔවුන්ගේ වාසනාව කියා තමයි එවිට කිව හැක්කේ.

ඕම් ශාන්ති.
ඕම් ශාන්ති. මෙය දෙවතාවක් කිව යුතුයි. ඒ කෙනා බාබා බවත් මොහු දාදා බවත් ඔය දරුවන් දන්නවා. දෙදෙනාම සිටින්නේ එකටයි. මිනිස්සු ඉහළම පරමාත්මයේ ගුණ ගායනා කළත් දෙවි පියාණන් යන වචනය හරිම සරළයි. ඔබ නිකම්ම පියා කියන්නේ නැහැ. ඔබ කියන්නේ දෙවි පියාණන් කියලයි. ඔහුගේ ගුණ වර්ණනාවන් ඉතාමත් ඉහළයි. ඔහුවත් අනිවාර්යෙන්ම අපිරිසිඳු ලෝකයට ආරාධනා කරනවා. ඔහුම පැමිණ ඔබට කියනවා මට ආරාධනා කරන්නේ අපිරිසිඳු ලෝකයට පමණයි. කෙසේ වෙතත්, ඔහු පාරිශුද්ධකරු වන්නේ කෙසේද ඔහු පැමිණියේ කවදාද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ස්වර්ණමය යුගය හා රිදී යුග කාල වලදී තිබුණේ කාගේ රාජ්‍යයන් ද එය ස්ථාපනය වූයේ කෙසේද කිය කිසිම කෙනෙක් දන්නේ නැහැ. පාරිශුද්ධකරු වන පරමාත්ම පියා අනිවාර්යෙන්ම පැමිණෙනවා. ඇතැම් අය ඔහුට පාරිශුද්ධකරු කියනා අතර තවත් පිරිසක් මුක්ති දායකයා කියාත් කියනවා. ඔවුන් දිව්‍ය ලෝකය වෙතට ගෙන යන්නැයි කියා කන්නලව් කරනවා. ඔහු තමයි ඉහළම ඉහළ කෙනා. අපිරිසිඳු ලෝකයට පැමිණෙන්නයි කියා ඔබ ඔහුට ආරාධනා කරනවා. පැමිණ මේ භාරත වාසී අපව උතුම් අය කරවන්න. ඔහුගේ තත්ත්වය ඉතාමත් ඉහළ තත්ත්වයක්. ඔහු තමයි ඉහළම බලධරයා. මෙය රාවණ්ගේ රාජ්‍යය වන නිසායි ඔබ ඔහුට ආරාධනා කරන්නේ. නැති නම්, ඔබව මෙම රාවණ රාජ්‍යයෙන් බේරා ගන්නේ කවුද? මෙම දේ වලට ඇහුම් කන් දෙන විට ඔය දරුවන්ගේ කුල්මත් බව ඉතාමත් ඉහළින් තිබිය යුතුයි. ඒ වුණත් එය එතරම් ඉහළ යන්නේ නැහැ. අනිත් සෑම කෙනෙක්ම මත්පැන් ආදිය පානය කර ඉතාමත් ඉහළින් කුල්මත් වෙනවා. නමුත් ඔබ කුල්මත් වන්නේ නැහැ. මෙය ධාරණාවට ගත යුතු කරුණක්. ඒ වගේම එය වාසනාවේ තිබෙන දෙයක්. පරමාත්ම පියා ඉතාමත් උතුම් පෞරුෂත්වයක් ඇත්තෙක්. පූර්ණ විශ්වාසය ඇති අය ඔබ අතර සිටිනවා. ඔබ සෑම කෙනෙක් තුළම විශ්වාසය තිබුණා නම් ගැටළු පැන නැඟුණු තැන් වලදී ඇයි ඇතැම් අය යන්න ගියේ? ඔවුන් පරමාත්ම පියාව අමතක කළා. වරක් පියාට අයිති වූවායින් පසුව ඒ කෙරෙහි බුද්ධියේ කිසිම ගැටළුවක් ඇති නොවිය යුතුයි. මෙම පියා අපූරු කෙනෙක්. මෙහෙමත් කියනවා ඔවුන් බාබාව හඳුනා ගත්තා. පුදුම වුණා. බාබා කියාත් කිව්වා. ඥානයට ඇහුම් කන් දී අන් අයටත් කියා දුන්නා. පසුව ... අයියෝ, මායා! ඔබ ඔවුන්ගේ බුද්ධිය ගැටළු වලින් පිරෙව්වා. භක්ති මාර්ගයේ ග්‍රන්ථ වල කිසිම සාරයක් නැති බව පරමාත්ම පියා පහදා දී තිබෙනවා. පියා කියනවා කිසිම කෙනෙක් මා ගැන දන්නේ නැහැ. ඔය දරුවන් අතරිනුත් කිහිප දෙනෙක් පමණයි සිහි කිරීමේ නිරතව සිටින්නේ. ඒත් අපහසුවෙන්. තම සිහි කිරීම ස්ථාවර නැති බවත් ඔබට දැනෙනවා. ජීව සත්තාවන් වන මම තිතක්මි. බාබාත් තිතක්. ඔහු අපගේ පියායි. ඔහුට තමාගේම කියා ශරීරයක් නැහැ. ඔහු කියනවා මම මෙම ශරීරයේ ආධාරය ගන්නවා. මගේ නම ශිවායි. මගේ නම මෙම ජීව සත්තාවේ නම කිසිම විටෙක වෙනස් වන්නේ නැහැ. ඔබලාගේ ශරීර වල නම් වෙනස් වෙනවා. ඒ නම් දී ඇත්තේ ශරීර වලටයි. විවාහයකදී මනාලියගේ නම වෙනස් වෙනවා. පසුව එම නම ස්ථාවර වෙනවා. පරමාත්ම පියා කියනවා දැන් මෙය ස්ථාවර කර ගන්න මම ජීව සත්තාවක්මි. මෙම හැඳින්වීම දුන්නේ පරමාත්ම පියායි. ධර්මිෂ්ඨත්වයේ බෙදීමක් ඇති වුණු විට අපහාස මතු වෙනවා. මා පැමිණෙන්නේ එවිටයි. ඔබ කිසිම වචනයක සිර වී නොසිටිය යුතුයි. පරමාත්ම පියාම කියනවා ඔවුන් මාව ගස් ගල් වල දමා මට නොසෑහෙන සේ අපහාස කර තිබෙනවා. මේක අළුත් දෙයක් නොවෙයි. කල්පයක් කල්පයක් පාසා ඔවුන් මුළුමණින්ම අපිරිසිඳු වී මේ ආකාරයෙන් මාව අපහාසයට ලක් කිරීමට පටන් ගත් විට පමණයි මම පැමිණෙන්නේ. මේ මගේ චරිත කොටසයි. කල්පයක් කල්පයක් පාසාම, එහි කිසිම වෙනසක් සිදු විය නොහැකියි. මෙය නාටකයේ නියමිතයි. බොහෝ දෙනෙක් ඔබගෙන් අසනවා ඔහු පැමිණෙන්නේ භාරතයටම පමණක් නම් දිව්‍ය ලෝකය වන්නේ භාරතය පමණක්ද? ඔව්, මෙය තමයි ආදී සනාතන භූමිකාව. පරමාත්ම පියා තමයි ඉහළම ඉහළ කෙනා. අපිරිසිඳු අයව පාරිශුද්ධ කරනා පරමාත්ම පියා කියනවා ඔවුන් මට කතා කරන්නේ මෙම අපිරිසිඳු ලෝකයට එන්න කියලා පමණයි. මම සදා පාරිශුද්ධයි. මට ආරාධනා කළ යුත්තේ පාරිශුද්ධ ලෝකයටයි. කෙසේ වෙතත්, පාරිශුද්ධ ලෝකයට මගේ අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් මට කතා කරන්නේ අපිරිසිඳු ලෝකයටම පමණයි පැමිණ අපව පාරිශුද්ධ කරන්න කියලා. මම එතරම් උතුම් ආගන්තුකයෙක්. කල්ප බාගයක් පුරා ඔබ මාව සිහි කරමින් පැමිණියා. මෙහිදී, ඔබ කුමන හෝ වැදගත් පුද්ගලයෙකුට ආරාධනාවක් කළා නම්, ඒත් වැඩිම වුණොත් අවුරුද්දක් දෙකක් එය තිබේවි. මේ වසරේ පැමිණියේ නැතිනම්, ඒ පුද්ගලයා ලබන වසරේ දී පැමිණේවි. ඔබ ඒ ඒකායන කෙනාව කල්ප බාගයක් පුරාවට සිහි කරමින් සිටියා. ඔහුගේ පැමිණීමේ භූමිකාවත් තීරණය වී හමාරයි. කිසිම කෙනෙක් මෙයවත් දන්නේ නැහැ. ඔහු තමයි ඉහළම ඉහළ පියා. එක් පැත්තකින් මිනිස්සු සෙනෙහසින් පියාට ආරාධනා කරනා අතර අනිත් පැත්තෙන් ඔහුගේ ගුණ වර්ණනාව කෙලසනවා. ඇත්තෙන්ම කියනවා නම්, ඉහළම ආරාධිත අමුත්තා ඔහුයි. නමුත් ඔවුන් ඔහුගේ ගෞරවය කෙලෙසා දමා තිබෙනවා. ඔහු ගස් ගල් වලත් සෑම තැනකමත් සිටිනා කෙනෙක් කියා කියනවා. ඔහු තමයි ඉහළම බලධරයා. ඔවුන් ඉතාමත් සෙනෙහසින් මට ආරාධනා කළත්, ඔවුන් හරිම අඥානයි. මා පැමිණ මගේ හැඳින්වීම ලබා දී මම ඔබගේ පරමාත්ම පියා බව ඔබට කියා දෙනවා. දෙවි පියාණන් කියන්නේ මටයි. රාවණ් විසින් සියලු දෙනාවම සිර කර ගත් විට පමණයි පරමාත්ම පියාගේ පැමිණීම අවශ්‍ය වන්නේ. මන්ද සියළුම බැතිමතුන් ඔහුගේ මනාලියනුයි, සීතාවනුයි. පරමාත්ම පියා තමයි මනාලයා, රාමා. එක සීතාවක් පමණක් නොවෙයි. ඔහු සියළුම සීතාවන්ව රාවණ්ගේ සිර කුටියෙන් නිදහස් කර ගන්නවා. මෙය අසීමිත කරුණක්. මෙය පැරණි අපිරසිඳු ලෝකයයි. පැරණි වී එය අළුත් වීම හරියටම හරි දෙයක්. ඇතැම් ශරීර ඉක්මණින් මහළු වෙනවා අනිත් අය වැඩි කල් සිටිනවා. මෙය නාටකයේ නිවැරදිවම තීරණය වී තිබෙනවා. නැවතත් වසර 5000 කට පසුව මා පැමිණිය යුතුයි. මා පැමිණි විට පමණයි මගේ හැඳින්වීම දී කල්පයේ රහස් ඔබට පැවසිය හැක්කේ. කිසිම කෙනෙක් මාව හඳුනා ගන්නේත් නැහැ. ඔවුන් බ්‍රහ්මා, විෂ්ණු, ශංකර්, ලක්ෂ්මි හා නාරායන් හෝ රාමා හා සීතා ගැනවත් දන්නේත් නැහැ. නාටකයේ උසස්ම උසස් නළුවන් මොවුනුයි. මෙය අදාළ වන්නේ මිනිසුන්ටයි. අත් අටක් දහයක් ඇති මිනිස්සු නැහැ. ඇයි විෂ්ණුව අත් හතරකින් පෙන්වන්නේ? රාවණ්ගේ ඔළු දහය මොනවාද? කිසිම කෙනෙක් මේවා දන්නේ නැහැ. ලෝකයේ මුල, මැද හා අග පිළිබඳව දැනුම කියා දෙන්නේ පරමාත්ම පියා පැමිණි විට පමණයි. ඔහු කියනවා මම තමයි ඉහළම ආගන්තුකයා. නමුත් මම අශරීරිකයි. මේ ගැන දන්නේ ඔබ පමණයි. කෙසේ වෙතත්, ඒ ගැන දැන ගෙන සිටියත්, ඔබට එය අමතක වෙනවා. ඔබ ඔහුට ඉහළින්ම ගෞරව කළ යුතුයි ඔබ ඔහුව සිහි කළ යුතුයි. ජීවාත්ම සත්තාවන් අශාරීරිකයි පරමාත්ම ජීවයත් අශාරීරිකයි. මෙයට ඡායාරූපයක් අවශ්‍ය වන්නේ නැහැ. තමන් ජීවාත්ම සත්තාවක්ය යන විශ්වාසය පමණි තිබිය යුතු වන්නේ. පරමාත්ම පියාව සිහි කර ශාරීරික අවධානය අතහැර දමන්න. ඔබ දැකිය යුත්තේ අවිනාශී දේ පමණයි. ඇයි ඔබ විනාශ වන සුලූ ශරීර දෙස බලන්නේ? ජීව අවධානයට පත් වන්න. මෙයට උත්සාහයක් අවශ්‍යයි. එම සිහි කිරීමේ ඔබ නිරතව සිටි තරමට, ඔබ කර්මතීත් වී උසස් තත්ත්වයක් හිමි කර ගනීවි. පරමාත්ම පියා උගන්වන්නේ ඉතාමත් පහසු යෝගාවයි. සිහි කිරීමයි. යෝග වර්ග ගණනාවක් තිබෙනවා. සිහිකිරීම යන වචනය වඩාත් නිවැරදියි. පරමාත්ම ජීවය වන පරමාත්ම පියාව සිහි කිරීමට උත්සාහයක් අවශ්‍ය වෙනවා. තමන් මෙතරම් වෙලාවක් යෝගාවේ නිරතව සිටියා කියා කීමේ දී ඇත්ත කියන්නේ ඉතාමත් ටික දෙනයි. කිසිම සිහි කිරීමක් නොමැති විට, එය කීමට ඔවුන් ලැජ්ජයි. ඔවුන් ලියනවා මුළු දවසටම මම එක් පැයක් සිහි කිරීමේ නිරතව සිටියා. ඉතින් ඔවුන් ලැජ්ජා විය යුතුයි. එවන් පියෙක්ව දිවා රෑ සිහි කළ යුතුයි. නමුත් ඔබ ඔහුව සිහි කරන්නේ එක් පැයක් පමණයි. මේ සඳහා විශාල අදෘෂ්‍යමාන උත්සාහයක් අවශ්‍යයි. ඔබ පරමාත්ම පියාට පැමිණෙන්න කියා ආරාධනා කරනවා. ඉතින් එතරම් දුර බැහැර සිට පැමිණෙන කෙනෙක් අමුත්තෙක් වෙනවා. පරමාත්ම පියා කියනවා නව ලෝකයට මම අමුත්තෙක් වන්නේ නැහැ. මා පැමිණෙන්නේ පැරණි ලෝකයට පමණයි. මා පැමිණ නව ලෝකය ස්ථාපනය කරනවා. මෙම ලෝකය පැරණියි. කිසිම කෙනෙක් මෙය නිවැරදිවම දන්නේ නැහැ. නව ලෝකයේ ආයු කාලයවත් ඔවුන් දන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා මෙම දැනුම දෙන්නේ මා පැමිණි විට පමණයි. පසුව නාටකයට අනූව එම ඥානය අතුරුදහන් වී යනවා. පසුව කල්පයකින් නැවතත් මෙම ජවනිකාව දිග හැරෙන්න පටන් ගන්නවා. ඔවුන් මට කන්නලව් කරනවා. වසරක් වසරක් පාසා ශිව ජයන්තිය සමරණවා. වසරක් වසරක් පාසා මිය ගිය අයගේ අනුස්මරණීය දින සමරණවා. ශිව බාබාගේ උපතත් සෑම දොළොස් මසකටම වරක් සැමරුවත් එම සැමරීම ඇරඹුනේ කවදාදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. වසර සිය දහස් ගණනක සිට කියා ඔවුන් නිකම් කියනවා. කලි යුගයේ කාල පරාසය වසර සිය දහස් ගණනක් කියා ලියැවී තිබෙනවා. පරමාත්ම පියා කියනවා මෙම කල්පය වසර 5000 ක කල්පයක්. මෙම දේවතාවරුන්ගේ අධිරාජ්‍යයක් භාරතයේ තිබුණු බවට සහතිකයි. එමනිසා, පරමාත්ම පියා කියනවා මම තමයි භාරතයේ ඉහළම ආගන්තුකයා. කල්ප භාගයක් පුරා ඔබ මට ආරාධනා ගණනාවක්ම එවමින් සිටියා. ඔබ බොහෝ සෙයින් අසතුටට පත් වුණු විට අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න කියා කන්නලව් කරනවා. මම අපිරිසිඳු ලෝකයට පැමිණිය යුතුයි. මටත් රථයක් අවශ්‍ය වෙනවා. මෙම ජීවය අමරණීයයි මේ ඔහුගේ සිහසුනයි. පරමාත්ම පියාත් අමරණීයයි. ඔහු පැමිණ මෙම සිහසුනේ අසුන් ගන්නවා. මේ කරුණු ඉතාමත් විනෝදජනකයි. වෙනත් කාට හෝ මේ දේවල් අහන්න ලැබුණහොත් ඔවුන් පුදුමයට පත් වේවි. පරමාත්ම පියා කියනවා දරුවනි, දැන් මගේ උපදෙස් පිළිපදින්න. මේ උපදෙස් දෙන්නේ ශිව බාබා බව, මුරලිය දෙන්නේ ශිව බාබා බව තේරුම් ගන්න. මොහු කියනවා මමත් ඔහුගේ මුරලිය වාදනය කර එයට ඇහුම් කන් දෙනවා. ඒ කතා කරන්නේ ඔහුයි. පළමු ගණයේ පූජනීය කෙනා පසුව ඉහළම වන්දනා කරුවා වෙනවා. ඔහු දැන් උත්සාහ දරන්නෙක්. තමන් ශිව බාබාගේ උපදෙස් ලබමින් සිටිනා බව ඔය දරුවන් සෑම විටම සැලකිය යුතුයි. කුමන හෝ වැරැද්දක් සිදු වූවත් ඔහු එය නිවැරදි කරවනවා. මෙම නොබිඳී විශ්වාසය ඇති තැන, ශිව බාබා වග කියනවා. මෙය නාටකයේ තීරණය වී ඇත්තක්. බාධක කොහොමත් පැමිණෙනවා. ඉතාමත් දරුණු බාධක පැමිණේවි. ඔබගේම දරුවන් පවා ඔබට විරුද්ධ වේවි. එමනිසා, තමාට මේ සියල්ල පහදා දෙන්නේ ශිව බාබාම බව සෑම විටම සලකන්න. එවිට ඔබ ඔහුව සිහි කරාවි. බොහෝ දරුවන් සිතන්නේ මේ උපදෙස් දෙන්නේ බ්‍රහ්ම බාබා කියලයි. ඒක එහෙම නොවෙයි. වග කියන්නේ ශිව බාබා පමණයි. ඔවුන් නිතර නිතර ශාරීරික අවධානයට පත් වුණු විට, මොහු දෙසම බලනවා. ශිව බාබා එතරම් උතුම් අමුත්තෙක්. ඒ වුණත් දුම්රිය වෘත්තිකයන් වැනි අය ඔහුව කිසි සේත්ම හඳුනා ගන්නේ නැහැ. අශාරීරික කෙනෙක්ව ඔවුන් හඳුනා ගන්නේ කෙසේද? ඔහු අසනීප වන්නේ නැහැ. ඉතින් අසනීප ආදී කුමන හෝ දෙයක් ඇති වෙනවා නම් ඒ මොහු සම්බන්ධයෙනුයි. මොහු තුළ සිටිනා කෙනා පිළිබඳව ඔවුන් මොනවා ද දන්නේ? ඔය දරුවන්ට මෙය එක් එක් මට්ටම් වලින් අවබෝධ වෙනවා. ඔහු සියලුම ජීවාත්ම සත්තාවන්ගේ පියා වන අතර මොහු මානව පැවැත්මේ පියායි. ඉතින් ඒ දෙදෙනා ඉතාමත් ඉහළ ආගන්තුකයින් වී සිටිනවා. පරමාත්ම පියා කියනවා කුමනාකාරයක දෙයක් සිදු වුණත් එය නාටකයේ තීරණය වී ඇති දෙයකි. මමත් නාටකයට යටයි. එය කල් තබාම තීරණය වී ඇති දෙයක් නිසා මට ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් කළ නොහැකියි. මායා ඉතාමත් බලවත්. රාමා හා රාවණ් දෙදෙනාටම ජවනිකා තිබෙනවා. නාටකයේ රාවණ් කියා ජීවමානවම කෙනෙක් සිටියා නම් ඔහු කියාවි මමත් පැමිණෙන්නේ නාටකයට අනූවයි. කියලා. මෙය සතුට හා දුක අතර වන නාටකයක්. සතුට ඇත්තේ නව ලෝකයේ. දුක ඇත්තේ පැරණි ලෝකයේ. නව ලෝකයේ සිටින්නේ මිනිසුන් ටික දෙනයි. නමුත් පැරණි ලෝකයේ මිනිසුන් විශාල පිරිසක් සිටිනවා. පාරිශුද්ධකරු වන පියාට පමණයි ඔවුන් පැමිණ ලෝකය පාරිශුද්ධ කරන්නැයි කියා කන්නලව් කරන්නේ. පාරිශුද්ධ ලෝකයේ විශාල සතුටක් තිබුණු නිසා. කල්පයක් කල්පයක් පාසා ඔවුන් ඔවුන් ඔහුට කන්නලව් කරනවා. පරමාත්ම පියා සෑම කෙනෙක්ටම සතුට දී යන්න යනවා. මෙම ජවනිකාව නැවතත් දිගහැරෙන්න පටන් ගන්නවා. ලෝකය කවදාවත් අවසානයකට පැමිණෙන්නේ නැහැ. එය අවසන් වීම විය නොහැක්කක්. සාගරයත් ඇත්තේ ලෝකයේයි. මෙය තෙවන මහළයි. මෙය වතුරින් පිරෙනවා. සෑම තැනකම වතුරම පමණයි කියා මිනිසුන් කියනවා. ඒ වුණත් පෘතුවියත් මහලක්. එහිත් වතුර තිබෙනවා. එම පොළෝ තලය කවදාවත් විනාශ වන්නේ නැහැ. වතුරත් ඇත්තේ මෙම මහලේය. කෙසේ වෙතත්, දෙවන හා පළමු මහල් වල සූක්ෂම ලෝකය හා අශරීරික ලෝකයේ වතුර නැහැ. මෙම අසීමිත ලෝකයට මහල් තුනක් තිබෙනවා. ඔය දරුවන් හැරෙන්න වෙන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. සතුට පිළිබඳ මෙම කරුණ මහත් වූ ප්‍රීතියකින් සෑම කෙනෙක්ටම කියන්න. අතීන්ද්‍රීය සතුටේ මෙම සිහිවටනය මුළුමණින්ම සමත් වන අය ගැනයි. දිවා රෑ සේවයේ නිරතව සිටින්නන් හා සේවයම හැරෙන්න වෙන කිසිම දෙයක් නොකරන්නන් මහාත්ම වූ සතුටක් විඳිනවා. මිනිසුන් රාත්‍රිය පුරා අවදිව සිටිනා දවස් තිබෙනවා. ඒ වුණත් ජීවයට වෙහෙස දැනුණු විට විවේක ගත යුතුයි. ජීවය නින්දට ගිය විට ශරීරයත් නිදා ගන්නවා. ජීව නිදා ගත්තේ නැතිනම් ශරීරයටත් නිදා ගන්න බැහැ. වෙහෙසට පත් වන්නේ ජීව සත්තාවයි. අද නම් මට හරිම මහන්සියි කියා කිව්වේ කවුද? ජීව සත්තාවයි. ඔය දරුවන් ජීව අවධානයෙන් සිටිය යුතුයි. උත්සාහයක් අවශ්‍ය වන්නේ මෙයට පමණි. පරමාත්ම පියාව සිහි කර ජීව අවධානයෙන් සිටියේ නැතිනම් ඔබ ශාරීරික ඥාතීන් ආදිය සිහි කිරීමට පටන් ගනීවි. පරමාත්ම පියාව සිහි කර ජීව අවධානයෙන් සිටියේ නැති නම් ඔබ ශාරීරික ඥාතීන් ආදිය සිහි කිරීමට පටන් ගනීවි. පරමාත්ම පියා කියනවා ඔබ නූල් පටක්වත් නැතිව ආවා. නූල් පටක්වත් නැතිව ආපසු යා යුතුයි. ඒ ශාරීරික ඥාතීන් අමතක කර දමන්න. ඒ ශරීර වල සිටිනා අතරම මා සිහි කරන්න. එවිට ඔබ සතෝප්‍රධාන් වේවි. පරමාත්ම පියා එතරම් උතුම් බලයක් ඇත්තෙක්. ඔය දරුවන් හැරෙන්න වෙන කිසිම කෙනෙක් ඔහුව දන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා මම දුප්පතුන්ගේ ස්වාමියායි සෑම කෙනෙක්ම සාමාන්‍යයි. පාරිශුද්ධකරු වන පරමාත්ම පියා පැමිණිය යුතුයි. ඔවුන් මෙය දැන ගත්තා නම් මෙය කෙහොම සෙනඟින් පිරේවි ද කියා කවුද දන්නේ? ප්‍රභූවරුන් පැමිණෙන විට විශාල සෙනඟක් එක් රොක් වෙනවා. එමනිසා, නාටකයට අනූව ඔහුගේ ජවනිකාව ඇත්තේ අදෘෂ්‍යමානව සිටීමටයි. තවත් ඉදිරියට යන විට ක්‍රම ක්‍රමයෙන් ඔබගේ බලපෑම වර්ධනය වී විනාශයත් වේවි. සෑම කෙනෙක්ටම බාබාව මුණ ගැසිය නොහැකියි. ඔවුන් පියාව සිහි කරනවා. එමනිසා, ඔහුගේ උරුමය ඔවුනට හිමි වේවි. අන් අයට මෙහි පැමිණිය නොහැකියි. උදාහරණයක් ලෙස කියතහොත්, බන්ධන වල සිටිනා දියණියන්ට බාබා මුණගැසිය නොහැකියි ඔවුන් විවිධ වද හිංසා ඉවසා දරාගෙන සිටිනවා. මිනිස්සුන්ට පාප අතහරින්න බැහැ. ඒ නිසා එයින් තොරව ලෝකය පැවතෙන්නේ කෙසේදැයි කියා ඔවුන් අසනවා. ආහා, ලෝකයේ බර තිබෙන්නේ පරමාත්ම පියා මත ද ඔබ මත ද? පරමාත්ම පියා ගැන දන්නවා නම් ඔවුන් එවන් ප්‍රශ්න අහන්නේ නැහැ. ඔවුන්ට කියන්න අඩුම තරමින් පළමුවෙන්ම පරමාත්ම පියාව හඳුනා ගන්න. එවිට ඔබ සියල්ල දැන ගනීවි. පැහැදිලි කිරීම සඳහා ඔබ ළඟ ඉතාමත් හොඳ දක්ෂ ක්‍රම විධි තිබිය යතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර

ධාරණය සඳහා සාරාංශය:
1. උසස්ම බලධරයා වන පරමාත්ම පියාව නිරතුරුවම සිහි කරමින් සිටින්න. කිසිම කෙනෙකුගේ විනාශ වන සුළු ශරීරය දෙස බලන්න එපා. ජීව අවධානයට පත් වීමට උත්සාහ දරන්න. ඔබගේ සිහි කිරීමේ අවංක වර්ධන සටහන පවත්වා ගන්න.

2. දිවා රෑ පුරා සේවයේ නිරතව සිටිමින් අසීමිත වූ සතුටක් අත්විඳින්න. ලෝක තුන පිළිබඳ වූ රහස් සියල්ල සෑම කෙනෙකුටම සතුටින් කියා දෙන්න. ශිව බාබා විසින් දෙනු ලබන ශ්‍රීමත් කෙරෙහි නොබිඳී ශ්‍රද්ධාවකින් ඉදිරියටම ගමන් කරන්න. බාධාවක් පැමිණි විට කලබලයට පත් නොවන්න. ශිව බාබා වග කීයාවි. එමනිසා, කිසිම දෙයක් සම්බන්ධයෙන් ගැටළුවක් ඇති කර ගන්න එපා.

වරදානය:
මෙම ශ්‍රේෂ්ඨ කාලයේදි ඔබ කෝටි ගුණයක් භාග්‍යවන්ත වී, සියලු ලැබීම් වලට අයිතියක් ලබත්වා.

මෙම ශ්‍රේෂ්ඨ කාලයේ උපත ලබන ඔය භාග්‍යවන්ත දරුවන්, පෙර කල්පයේ ස්පර්ෂ කිරීම නිසා, ඔබ උපත ලද සැනින්ම අයත් වීම අත්දකියි. ඔබ උපත ලද සැනින්ම සියලු දේපළ වලට ඔබට අයිතියක් තිබේ. බීජයක් තුළ මුළු ගසක්ම මුසු වී ඇති සේ, අංක එක කාලයේ පැමිණෙන ඔය ජීවාත්ම, ඔබ පැමිණි සැනින්ම සියලු අන්දමේ ලැබීම්වල සම්පත් අත්දකියි. ඔබ සතුට අත්දකින නමුත් සාමය අත්නොවිදින බව, හෝ සාමය අත්දකින නමුත් බලය අත්නොදකින බව, කිසි විටෙක නොකියයි. ඔබ සියලු අත්දැකීම් වලින් පිරෙයි.

පාඨය:
ඔබගේ සතුටේ සෙවණින්, සිසිලසේ අත්දැකීම ලබා දීම සදහා පිරිසිදු සහ නිහතමානී වන්න.

හුදකලාවට ප්‍රිය කර, එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.

ඒකායන කෙනා සමග සියලු සම්බන්ධතා පවත්වන සහ එම ඒකායන කෙනාගෙන් සියලු ආකාරයේ මිහිරියාවන් අත්විදින අය හුදකලාවට ප්‍රිය කරයි. ඔබට ඒකායන කෙනාගෙන් සියලු මිහිරියාවන් අත්විදිය හැකි බැවින් ඔබට වෙනත් දිශාවන් වෙතට යාමට ඇති අවශ්‍යතාවය කුමක්ද? ඒකායන වචනය පමණක් සිහි කරන්න, මන්ද, මේ සියලුම දැනුම, අවධානය, සම්බන්ධතා සහ ඔබගේ මනෝ ස්ථිතිය එහි ඇතුලත්ය. එය සමගම එම එක් වචනයෙන් පමණක්ම ඔබගේ සියලු ලැබීම් ඉතා පැහැදිලි වෙයි. ඒකායන කෙනාව සිහිකර ස්ථාවර ස්ථිතියක් ඇති කරගන්න. ඔබට ලැබෙන දැනුම, ඒකායන කෙනාගේ සිහි කිරීම සදහා පමණක් වන අතර ඔබට ලැබෙන ප්‍රාප්තියද ස්ථාවරයි.