17.03.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඉගෙනුම ඔබගේ ආදායමයි. මෙම ඉගෙනුම ඔබගේ ආදායම් මාර්ගයයි. ඔබට උපත් 21කට ආදායමක් රැස් කර ගත හැක්කේ, මෙම ඉගෙනුම තුළින් පමණයි.

ප්‍රශ්නය:
ගුරුගේ දශාව අත්විඳින දරුවන් තුළ දැකිය හැකි ලක‍්ෂණ මොනවාද?

පිළිතුර:
ඔවුන් ශ්‍රීමත් කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කරයි. ඔවුන් ඉතා හොඳින් ඉගෙන ගනී. ඔවුන් කිසිම විටෙක අසමත් වන්නේ නැත. ශ්‍රීමත් වලට අකීකරු වන දරුවන්, ඔවුන්ගේ ඉගෙනුමෙහි අසමත් වෙයි. ඔවුන් මත රාහුගේ දශාව තිබේ. වෘක‍්ෂාධිපති ගේ, එනම්, බ්‍රහස්පතිගේ දශාව, දැන් ඔය දරුවන් මත තිබේ.

ගීතය:
මෙම පාපතර ලෝකයෙන් ඉවතට, විවේකය සහ සැනසීම ඇති තැනකට, අපව රැගෙන යනු මැනවි.

ඕම් ශාන්ති.
මෙය පාපතර ජීවාත්මයන්ගේ කන්නලව්වයි. ඔබ පාරිශුද්ධත්වයට පත්වන බැවින්, ඔබට තව දුරටත් කන්නලව් කිරීමට අවශ්‍ය වන්නේ නැත. මෙම කරුණු ධාරණය කරගත යුතුයි. පාසැලක, ඉගෙනුම සම්පතක් වන සේම, මෙම ඉගෙනුමද ඉතා වටිනා සම්පතකි. ඔබ ඉගෙන ගත් දෙයින් ඔබගේ ජීවනෝපාය උපයා ගැනීමට හැකි වෙයි. ඔබට පරම පියා උගන්වන බව ඔය දරුවන් දන්නවා. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියෙන් තිබෙන නිසා, මෙය ඉතා ඉහළ ආදායමකි. ඇත්තේ එක් සැබෑ සත්සංගයකි (සත්‍යයේ ආශ්‍රය). අනෙක් සෑම සත්සංගයක්ම ව්‍යාජයි. ඔබට මෙම චක්‍රයේදී, සත්‍යයේ ආශ්‍රය ලැබෙන්නේ, එක වතාවක් පමණක් බව ඔබ දන්නවා. ‘අහෝ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න!’ කියමින් ඔබ කන්නලව් කළා. ඔවුන් තවමත් කන්නලව් කරමින් සිටින නමුත්, ඔහු ඔබ ඉදිරියේ අසුන් ගෙන සිටියි. දුකෙහි නාමයක් හෝ සලකුණක් වත් නොමැති, නව ලෝකය සඳහා ඔබ උත්සාහ දරණ බව ඔය දරුවන් දන්නවා. ඔබට විවේකය සහ සැනසීම දිව්‍යලෝකයේදී ලැබෙයි. අපායේ විවේකය හෝ සැනසීම නොමැත. මෙය විෂ සාගරයයි එය කලි යුගයයි. සෑම කෙනෙක්ම දුකෙන්ය; සෑම කෙනෙක්ම උපත ලබන්නේ පාපය තුළිනි. මේ නිසයි ජීවාත්ම මෙසේ කන්නලව් කරන්නේ: ‘බාබා, අප අපවිත්‍ර වී සිටියි’. ඔවුන් පිවිතුරු වීම සඳහා ගංගනම් නදියේ ස්නානය කරති. අච්චා, ඔවුන් එක් වරක් ස්නානය කළ විට පිවිතුරු විය යුතුව තිබුණා. එසේ නම් ඔවුන් නැවත නැවතත් ස්නානය කරන්නේ ඇයි? ඔවුන්ගේ දෙපා පැටලෙමින් එහෙ මෙහෙ සැරි සරන අතර, ඔවුන් ඉනිමග දිගේ පහතට පැමිණ, පාපතරයන් වෙයි. මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට උපත් 84හි වැදගත්කම විස්තර කර දෙන්නේ පරමාත්ම පියාය. අන් ආගම් වල අය උපත් 84 ක් නොගනී. ඔබ උපත් 84හි හොඳ පිංතූරයක් නිර්මාණය කර තිබේ (ඉනිමඟ). ගීතාවේද කල්ප වෘක‍්ෂයේ පිංතූරයක් තිබේ. කෙසේවෙතත්, දෙවියන් ගීතාව පැවසුවේ කවදාද හෝ ඔහු පැමිණි විට කළේ කුමක්ද කියා කිසිවෙකු නොදනී. වෙනත් ආගම් වල මිනිසුන් ඔවුන්ගේම ආගමික ග්‍රන්ථ ගැන දන්නා නමුත්, භාරතයේ මිනිසුන් කිසිම දෙයක් නොදනී. පියා පවසන්නේ : දිව්‍යලෝකය නිර්මාණය කිරීම පිණිස මා පැමිණෙන්නේ සංගම යුගයෙදි පමණයි. නාටකයේ කිසිම වෙනසක් තිබිය නොහැක. නාටකයේ නියම වී ඇති දේ, ඒ අයුරින්ම කිසිදු වෙනසක් නොමැතිව නැවත සිදුවෙයි. එය එක් වරක් සිදු වූ පසු වෙනස් වන්නේ නැත. නාටක චක්‍රය ඔය දරුවන්ගේ බුද්ධියේ ඉතා හොඳින් සනිටුහන් වී තිබේ. උපත් 84හි චක්‍රයෙන් ඔබට කිසිම විටෙක නිදහස් විය නොහැක. එනම්, මෙම ලෝක චක්‍රයට කිසිම විටෙක අවසන් විය නොහැකි බවයි. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවත ඒ අයුරින්ම සිදුවෙයි. උපත් 84හි චක්‍රයේ මෙම පිංතූරය (ඉනිමගේ) අත්‍යාවශ්‍යයි. ත්‍රිමූර්තියේ සහ ලෝක චක්‍රයේ පිංතූරය ප්‍රධාන ඒවාය. චක්‍රයේ සෑම දෙයක්ම ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. සෑම යුගයකටම වසර 1250 ක් තිබේ. මෙය අන්ධයින්ට කැඩපතක් වැනිය. එය උපත් 84හි හඳහනේ කැඩපතකි. පියා පවසන්නේ ඔය දරුවන්ගේ පෙර නිමිති ගැනයි. පියා ඔබට අසීමිත පෙර නිමිති පෙන්වා දෙයි. ඔය දරුවන් දැන් බ්‍රහස්පතිගේ අවිනාශී නිමිති යටතේ සිටියි. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඉගෙනුම මතයි. ඇතමෙක් මත බ්‍රහස්පතිගේ දශාව ඇති අතර, තවත් සමහරෙක් මත, සිකුරු දශාවද, තවත් සමහරෙක් මත රාහුගේ දශාවද තිබේ. අසමත් වන්නේ නම්, රාහුගේ නිමිති තිබේ. මෙහි සිදුවන්නේද එයමයි. ඔබ ශ්‍රීමත් අනුගමනය නොකරන විට, රාහුගේ අවිනාශි නිමිති තිබේ. අවිනාශී යහපත් නිමිති තිබෙන අතර, රාහුගේ අවිනාශී අයහපත් නිමිතිද තිබේ. ඔය දරුවන් ඔබගේ ඉගෙනුමට බොහෝ අවධානය යොමු කළ යුතුයි. ඔබගේ මධ්‍යස්ථානය දුර වැඩියි, යනාදී වශයෙන් ඔබ ගැලවුමට කරුණු නොකිව යුතුයි. මධ්‍යස්ථානයකට ඇවිදගෙන යාමට පැය 6ක් ගත වුවත්, ඔබ යා යුතුයි. මිනිසුන් වන්දනා ගමනක යන විට, ඔවුන් බොහෝ දුක් ගැහැට විඳිති. පෙර කල බොහෝ දෙනෙක් පයින්ම ගියෝය. ඇතමෙක් බරකරත්ත වලද ගියා. එය එක් නගරයකට පමණක් යෑම පිළිබඳ ප්‍රශ්නයකි. පියාගේ මෙම විශ්ව විද්‍යාලය කෙතරම් විශිෂ්ඨද කියතොත්, ඔබ ලක‍්ෂ්මි හෝ නාරායන මෙන් වන්නේය. කෙසේවෙතත්, මෙතරම් උසස් ඉගෙනුමක් සඳහා, සමහරු පවසන්නේ එය දුර වැඩි බව හෝ ඔවුන්ට කාල වේලාව නොමැති බවයි. එවිට පියා කුමක් කියයිද? එවන් දරුවෙක් නොවටිනා බවයි. පියා ඔබව ඉහළ නැංවීමට පැමිණෙන අතර ඔබ ඉන්පසු තමන්ගේම සත්‍යය විනාශ කරගනී. ශ්‍රීමත් පවසන්නේ පාරිශුද්ධත්වයට පත් වී, දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්න. ඔබ එකට ජීවත් වුවත්, ඔබ පාපයේ නොගැලිය යුතුයි. ඔබ අතරේ දැනුමේ අසිපත සහ යෝගාව තිබිය යුතුයි. අපි පිවිතුරු ලෝකයේ පාලකයන් විය යුතුයි. වර්තමානයේ අපි අපවිත්‍ර ලෝකයේ අධිපතියන්ය. එම දේවතාවන්ට ද්විත්ව ඔටුනු තිබිණ. ඉන්පසු, චක්‍ර භාගයකට පසුව, ඔවුන්ගේ ආලෝකමත් කිරුළ ඔවුන්ට අහිමි විය. වර්තමානයේ කිසිම කෙනෙකුට ආලෝකමත් කිරුළක් නොමැත. ආගමික නායකයන්ව මෙය (රැස් වළල්ල) සමඟ පෙන්වා තිබෙන්නේ, ඔවුන් ශරීර තුළට අවතරණය වන පිවිතුරු ජීවාත්ම නිසාය. භාරතයේ, ද්විත්ව කිරුළු ඇති අය මෙන්ම එක් කිරුළක් ඇති අයද සිටියි. අද පවා, එක කිරුළක් හිමි අය, දිවිත්ව කිරුළු ඇති ප්‍රතිමා වලට තම හිස නමන්නේ, ඔවුන් පාරිශුද්ධ අධිරාජ්‍යයන් සහ අධිරාජිනියන් වූ නිසාය. අධිරාජවරුන්, රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ වන අතර, ඔවුන්ට වැඩියෙන් ඉඩ කඩම් තිබේ. රාජ සභාවේ, අධිරාජවරුන් ඉදිරියෙන් අසුන් ගන්නා අතර, රජවරුන් ඔවුන්ට පිටුපසින් අංක පිළිවෙලට අසුන් ගනිති. ඔවුන්ගේ රාජසභාව ඉතා ක්‍රමාණුකූල මෙන්ම විනයානුකූලද වෙයි. මෙයත් දෙවියන්ගේ රාජ සභාවයි. එය ඉන්ද්‍රාගේ රාජ සභාව ලෙසින්ද සිහි කර තිබේ. ඔබ දැනුම තුළින් සුරංගනාවන් බවට පත් වෙයි. සුරංගනාවක් යනු ලස්සන කෙනෙකි. රාධේ සහ ක්‍රිෂ්ණාට ස්වභාවික සුන්දරත්වය තිබේ. මේ නිසයි ඔවුන් ලස්සන බව කියැවෙන්නේ. ඔවුන් රාගය නමැති කොතෙහි අසුන් ගත් විට, ඔවුන්ගේ බොහෝ විවිධ නම් සහ ස්වරූප වලදී ඔවුන් අවලස්සන වෙයි. මෙම දේවල් පත පොතෙහි සඳහන් වන්නේ නැත. කරුණු තුනකි: දැනුම, වන්දනාව සහ නිරාශාව. උසස්ම වන්නේ දැනුමය. ඔබ දැන් දැනුම ලබනවා. ඔබට භක්තිය පිළිබඳව නිරාශාවක් තිබේ. මුළු තමෝප්‍රධාන් ලෝකයම විනාශ වීමට යන බැවින්, ඔබට ඒ පිළිබඳව නිරාශාවක් තිබේ. අළුත් ගොඩනැගිල්ලක් තනන විට, පැරණි ගොඩනැගිල්ල වෙනුවෙන් නිරාශාවක් තිබෙයි. මෙය පැරණි ලෝකය, අපායයි. ඒවා ස්ථාපිත කරන්නේ ශිව බාබා බැවින්, ස්වර්ණමය සහ රිදී යුගයට, ශිවාගේ දේශය යැයි කියයි. ඔබ දැන් මෙම ගණිකා මඩමට අකමැතිය. බොහෝ දෙනෙක් මෙයට අකමැති නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ විවාහ වී, කාණුවට ඇද වැටී, තමන්ව විනාශ කර ගැනීමටයි. සියලුම මනුෂ්‍යයින් විෂ ගංගාවේ ගිලෙමින් සිටියි. ඔවුන් සිටින්නේ එම කසළ ගොඩේය. ඔවුන් දිගටම එකිනෙකාව දුකට පත් කරමින් සිටියි. මෙවැනි කියමනක් තිබේ: අමෘතය අතහැර ඔබ විෂ පානය කරන්නේ මන්ද? ඔවුන් කියන කිසිම දෙයක අරුත ඔවුන්ට නොවැටහෙයි. ඔය දරුවන්ද අංකානුරූපිතයි. කෙනෙකුගේ බුද්ධිය වෙනත් තැනකට සැරිසරන්නේද කියා, නුවණ ඇති ගුරුවරයෙකුට සැනෙකින් කිව හැකි වෙයි. පංතිය මැදදී, කෙනෙක් ඈනුම් අරින්නේ හෝ නිදි කිරන්නේ නම්, එම කෙනාගේ බුද්ධිය, ඔහුගේ නිවස හෝ ව්‍යාපාරය වෙතට දිව යන බව වටහා ගැනීමට හැකිය. ඈනුම් ඇරීම, වෙහෙසකාරී බවේද සලකුණකි. මිනිසුන් ඔවුන්ගේ ව්‍යාපාරයේ ආදායමක් උපයන විට, ඔවුන් පාන්දර එක හෝ දෙක තෙක් අසුන් ගෙන සිටින අතර, කිසිම විටෙක ඈනුම් අරින්නේ නැත. පියා ඔබට බොහෝ නිධාන ලබා දෙයි. එබැවින් ඈනුම් ඇරීම පාඩුවක සළකුණකි. බංකොලොත් වී ඇති අය, දිගින් දිගටම නිදි කිරා වැටෙමින් බොහෝ ඈනුම් අරිති. ඔබට බොහෝ සම්පත්පිට සම්පත් ලැබෙයි. එබැවින් ඔබ බොහෝ සාවධානයෙන් සිටිය යුතුයි. ඉගෙනගන්නා වෙලාවෙදී කෙනෙක් ඈනුම් අරින්නේ නම්, එම කෙනාගේ බුද්ධියේ යෝගාව, වෙන කිසියම් තැනක සැරි සරන බව, නුවණ ඇති ගුරුවරයෙකුට වැටහෙයි. ඔබ මෙහි අසුන් ගෙන සිටින විට, ඔබ ඔබගේ නිවස හෝ දරුවන් සිහි කරයි. ඔබ මෙහි අසුන් ගෙන සිටින්නේ බත්තියකයි. අන් කිසිවෙක් සිහි නොකළ යුතුයි. දින 6ක් බත්තියක සිට, ඉන්පසුව යමෙක් සිහිකර, එම කෙනාට ලිපියක් ලියන අය ගැන කියැවෙන්නේ, එම අය අසමත් වී ඇති බවයි. ඔවුන් නැවතත් දින හත ආරම්භ කළ යුතුයි. ඔබව දින හතක බත්තියක අසුන් ගන්වන්නේ ඔබගේ සියලු රෝග ඉවත් කර ගැනීම පිණිසයි. ඔබ චක්‍ර භාගයක්ම බොහෝ සේ රෝගී වී සිටියා. යම් තැනක අසුන් ගෙන සිටින විට පවා, සමහරු අකාලයේ මිය යයි. ස්වර්ණමය යුගයෙදී මෙය කිසිම විටෙක සිදු වන්නේ නැත. මෙහිදී සෑම විටෙකම එක් හෝ තවත් රෝගයක් තිබේ. මිය යද්දි ඔවුන් එම රෝගය නිසා හඬා වැලපෙයි. දිව්‍යලෝකයේ සුළු දුකක්වත් නැත. එහිදී, නිසි කලට, එම සිරුරේ කාලය අවසාන බව ඔවුන්ට වැටහෙයි. ‘මා මෙම සිරුර අතහැර දරුවෙක් වීමටයි යන්නේ’. මෙහිදී, ඔබට එහිදී කවුරු බවට පත්වන්නේද කියා, දර්ශන ලැබෙයි. බොහෝ මිනිසුනට එවන් දර්ශන ලැබෙයි. ඔබ යාචකයන්ගෙන් රාජ කුමාරවරුන් බවට පරිවර්ථනය වන බව, ඔබට දැනුම තුළින් වැටහෙයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය වන්නේ, ලක‍්ෂ්මි හෝ නාරායන වීමට නොව, රාධේ හෝ ක්‍රිෂ්ණා වීමටයි. රාධේ සහ ක්‍රිෂ්ණා සම්පූර්ණ වසර 5000 තුළින් ගමන් කරයි. ලක‍්ෂ්මි සහ නාරායනට අඩු තරමින් වසර 20ක් හෝ 25ක් අඩුවෙන් තිබේ. මේ නිසයි ක්‍රිෂ්ණාට වැඩි ප්‍රශංසාවක් තිබෙන්නේ. රාධේ සහ ක්‍රිෂ්ණා, ලක‍්ෂ්මි සහ නාරායන වන බව, කිසි කෙනෙක් නොදනී. මෙය ඉගෙනුමක් බව ඔය දරුවන්ට වැටහෙනවා. ඔබ දිගින් දිගටම සෑම ගමකම මධ්‍යස්ථානයක් විවෘත කරයි. මෙය ඔබගේ විශ්ව විද්‍යාලය-මෙන්ම-රෝහලයි. ඔබට මේ සඳහා අවශ්‍ය වන්නේ වර්ග අඩි 3 ක ඉඩමක් පමණයි. එය විශ්මයකි! එය කෙනෙකුගේ භාග්‍යයේ තිබේ නම්, ඔහුගේ කාමරයේ වුවත් ඔහු සත්සංගමයක් පවත්වයි. මෙහි බොහෝ ධනවත් මිනිසුන් සිටිති, නමුත් ඔවුනගේ ධනය, දුහුවිලි බවට හැරෙයි. ඔබ දැන් ඔබගේ අනාගත උපත් 21ක් සඳහා ඔබගේ දායාදය පියාගෙන් හිමි කරගන්නවා. පියාම පවසන්නේ : මෙම පැරණි ලෝකය දකින අතර, ඔබගේ බුද්ධියේ යෝගාව තිබිය යුත්තේ එහිය. ක්‍රියා සිදු කරන අතර, මෙය පුහුණු වන්න. ඔබ සෑම දෙයක්ම සළකා බැලිය යුතුයි. ඔබ දැන් මෙය පුහුණු වනවා. පියා විස්තර කරන්නේ : සෑම විටෙකම පිවිතුරු ක්‍රියා සිදු කරන්න කිසිම; විටෙක අපවිත්‍ර ක්‍රියාවක් සිදු නොකරන්න. ඔබට යම් රෝගයක් තිබේ නම්, ශල්‍ය වෛද්‍යවරයා මෙතැන අසුන් ගෙන සිටිනවා, ඔහුගෙන් අවවාද ගන්න. ඔබ එක් එක් කෙනාට ඔබගේම රෝගයක් තිබේ. ඔබට ශල්‍ය වෛද්‍යවරයාගෙන් හොඳ අවවාද ලැබෙයි. ඔබ සිටින තත්ත්වය තුළ, ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට විමසිය හැක. ඔබ අතින් කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකිරීමට අවධානය යොමු කරන්න. මෙවැනි කියමනක් තිබේ ආහාර කෙසේද, මනස එවැනිය. මස් මිල දී ගන්නා අය, මස් විකුණන හෝ අන් අයට එය කවන අය, බරක් එක්රැස් කරගනී. පාරිශුද්ධකරුවා වන පියාගෙන් කිසිවක් නොසඟවන්න. ඔබ ශල්‍ය වෛද්‍යවරයාගෙන් යමක් සඟවන්නේ නම්, එම රෝගය ඉවත් කළ නොහැක. මේ අසීමිත, සදාතනික ශල්‍ය වෛද්‍යවරයායි. ලෝක ජනතාව ඔහුව නොදනි. ඔබට දැන් දැනුම ලැබෙන නමුත් ඔබට තවමත් යෝගාව ඇත්තේ ඉතාමත්ම අඩුවෙනි. ඔබ සිහිපත් කිරීමේ සිටින්නේම නැහැ. ඔබට සැනෙකින් තමන්ව සිහිපත් කිරීමේ ස්ථාවර කරගත නොහැකි බව බාබා දන්නවා; එය අංකානුරූපිතයි. ඔබ සිහිපත් කිරීමේ වන්දනාව අවසන් කළ විට, ඔබ ඔබගේ කර්මතීට් තත්ත්වයට ළඟා වී ඇති බව කියැවෙයි. එවිට යුද්ධය ඇති වෙයි. එතෙක් එක් හෝ තව දෙයක් අඛණ්ඩව සිදු වෙමින් පවති. යුද්ධය ඕනෑම වෙලාවක ආරම්භ විය හැකි අතර, එවිට සෑම දෙයක්ම අවසානයකට පත් වෙයි. කෙසේවෙතත්, යටි හිත පවසන්නේ, නව රාජධානිය ස්ථාපනය වන තුරු, මහා යුද්ධයට ආරම්භ විය නොහැකි බවයි. කුඩා යුද්ධ හට ගෙන, ඒවා අවසන් වෙයි. රාජධානියක් ස්ථාපනය වන බව, කිසිවෙකු නොදනී. සතෝප්‍රධාන්, සතෝ, රජෝ සහ තමෝ බුද්ධි ඇති මිනිසුන් සිටියි. ඔබ අතරින්, සතෝප්‍රධාන් බුද්ධි ඇති අය, ඉතා හොඳින් අඛණ්ඩව සිහිපත් කිරීමේ යෙදී සිටියි. බ්‍රහ්මණයින් සිය දහස් ගණනක් ඇති. කෙසේවෙතත්, ඔවුන්ගෙන් ඇතමෙක් සැබෑ දරුවන් වන අතර ඉතිරි අය, අනු-දරුවන්ය. සැබෑ දරුවන් හොඳින් සේවය කරයි. ඔවුන් මව සහ පියාගේ උපදෙස් පිළිපදින අතර, අනු-දරුවන් රාවනගේ උපදෙස් පිළිපදියි. ඔවුන් දිගටම කොර ගසමින්, විටෙක රාවනගේ උපදෙස්ද විටෙක රාමාගේ උපදෙස්ද පිළිපදිමින් ගමන් කරයි. ඔය දරුවන්ට මෙම ගීතය ඇසුණා: බාබා, අපව විවේකය සහ සැනසීම ඇති තැනකට රැගෙන යන්න. විවේකය සහ සැනසුම ඇත්තේ දිව්‍යලෝකයේ පමණයි; දුකෙහි නාමයක් වත් නොමැත. දිව්‍යලෝකයට, ස්වර්ණමය යුගය යැයි කියයි. එය දැන් කලි යුගය බැවින්, දැන් මෙහි දිව්‍යලෝකය තිබෙන්නේ කෙසේද? ඔබගේ බුද්ධිය දැන් පිරිසිදු වෙමින් පවති. පහත් බුද්ධි ඇති අය, පිරිසිදු බුද්ධි ඇති අය ඉදිරියේ හිස නමති. පාරිශුද්ධව රැඳී සිටින අයට ගෞරව කෙරෙයි. සන්යාසීන් පිවිතුරුව රැඳී සිටියි. ගෘහවාසීන් ඔවුන්ට හිස නමන්නේ මේ නිසයි. කෙසේවෙතත්, සන්යාසීන් පාපය තුළින් ඉපිද, ඉන්පසුව සන්යාසීන් වෙයි, එනමුදු දේවතාවන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරයි. සන්යාසීන්ට, ඔවුන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර බව නොකියැවෙයි. එබැවින් දරුවනි, ඔබගේ සතුටෙහි අංශක, ඔබ තුළ ඉහළ නැඟිය යුතුයි. මේ නිසයි මෙවන් කියමනක් තිබෙන්නේ ‘ඔබට අතීන්ද්‍රීය සුඛය ගැන දැන ගැනීමට අවශ්‍ය නම්, පියාගෙන් ඔවුන්ගේ දායාදය ලබමින් ඉගෙන ගන්නා, ගොපළු ගොපලියන් ගෙන් විමසන්න.’ ඔබ පියාට පෞද්ගලිකවම සවන් දෙන බැවින්, මෙහිදී ඔබගේ කුල්මත්භාවය ඉහළ නඟියි. ඇතමෙකුට කුල්මත්භාවය සදාතනිකවම ඉහළ මට්ටමක රැඳී පවතින අතර, ඇතමෙකුට එය විගසින් නැති වී යයි. ඔවුන් නරක ආශ්‍රයේ බලපෑමට ලක් වන බැවින්, ඔවුන්ගේ කුල්මත්භාවය ස්ථාවරව රැඳී තිබෙන්නේ නැත. එවන් බොහෝ මිනිසුන් මධ්‍යස්ථාන වලට පැමිණෙති. ඔවුන්ට සුළු කුල්මත්භාවයක් තිබේ. ඉන්පසුව ඔවුන් සාදයකට ගොස්, මත්පැන් සහ දුම් පානය කොට, තමන්ගේ සෑම දෙයක්ම අවසන් කරගනී. නරක ආශ්‍රයේ බලපෑම ඉතාමත්ම ඍණාත්මකයි. හංසයින්ට සහ කොක්කුන්ට එකට වාසය කළ නොහැක. සමහර නිදසුන් වල සැමියා හංසයෙක් වන අතර, භාර්යාව කොකෙක් වශයෙන්ම සිටින අතර, තවත් විටෙක භාර්යාව හංසයෙක් වන අතර, සැමියා කොකෙක් ලෙසින්ම රැඳී සිටියි. ඔවුන්ගෙන් එක් අයෙක්, ඇයට හෝ ඔහුට පිවිතුරු බව පවත්වා ගැනීමට අවශ්‍ය බව පවසන්නේ නම්, ඇය හෝ ඔහු පහර කෑමට ලක් වෙයි. සමහර නිවෙස් වල සැවොම හංසයින් වෙයි. ඉන්පසුව, ගමන් කරන අතර, ඔවුන් හංසයින්ගෙන් නැවතත් කොක්කු බවට වෙනස් වෙයි. පියා පවසන්නේ : ඔබ සෑම කෙනෙක්ම තමන්ව, සතුට පිරිනමන්නන් බවට පත් කර ගත යුතුයි. ඔබගේ දරුවන්වත් සතුට පිරිනමන්නන් බවට පත් කරගන්න. මෙය දුක් දේශයයි. බොහෝ ව්‍යසන ඉදිරියේදී ඇති වීමට තිබේ. ඒ වෙලාවෙදී මිනිසුන් කී දෙනෙක් ශෝකයෙන් විලාප නඟන්නේද කියා ඔබට දැක ගැනීමට හැකි වෙයි, මන්ද, පියා පැමිණි නමුත් ඔහුගෙන් ඔවුන් තම උරුමය හිමි කර නොගත් බැවින්. එවිට එය ප්‍රමාද වැඩියි! පියා පැමිණෙන්නේ ඔවුන්ට දිව්‍යලෝකයේ රාජධානිය ලබා දීමටයි, නමුත් ඔවුන් එවිට එය නැති කර ගනී. එබැවින් බාබා පහදා දෙන්නේ ශක්තිමත් සහ ස්ථීර අය, තමන්ද වටහාගෙන, ඉන්පසුව අන් අයට වටහා දීමට හැකි අයව, සෑම විටෙකම බාබා ඉදිරියට කැඳවාගෙන එන්න. බාබා යනු, නිකම්ම මිනිසුන්ට ඇවිත් ක‍්ෂණික දර්ශනයක ලබා ගත හැකි කෙනෙක් නොවෙයි. ශිව බාබාව කොහෙවත් දැක ගත නොහැක. ජීවාත්මයක් වන තමන්ව, ඔබ දැක තිබේද? ඔබ එය දන්නා දෙයක් පමණි. ඒ හා සමානව, ඔබ උත්තරීතර ජීවාත්මය දැන ගත යුතුයි. ඔබට දිව්‍යමය දර්ශනයක් ලැබුණොත් මිස, ඔබට ජීවාත්මයක් දැක ගත නොහැක. ඔබට දැන් දිව්‍යමය දර්ශනයක් ලැබෙන විට, ඔබ දිව්‍යලෝකය දකියි. ඉන්පසුව ඔබ ප්‍රායෝගිකවම එහි යනු ඇත. ඔය දරුවන් ඔබගේ කර්මතිට් තත්ත්වයට පත් වූ විට, කලි යුගය විනාශ වෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම පැරණි ලොව දකින අතර, ඔබගේ බුද්ධියේ යෝගාව යොමු කළ යුතුව ඇත්තේ, පියා සහ නව ලෝකය මතයි. ඔබගේ පංචේන්ද්‍රයන් තුළින් කිසිම පාපකාරී ක්‍රියාවක් නොකිරීමට අවධානය යොමු කරන්න. සෑම විටෙකම පිවිතුරු ක්‍රියා සිදු කරන්න. ඔබගේ අභ්‍යන්තරය තුළ, යම් රෝගයක් තිබේ නම්, ශල්‍ය වෛද්‍යවරයාගෙන් අවවාද ලබා ගන්න.

2. නරක ආශ්‍රයේ බලපෑම ඉතාමත්ම අයහපත්ය. තමන්ව කල් තියා මෙයින් ප්‍රවේශම් කරගන්න. තමන් සහ තම පවුලේ අයව, සතුට පිරිනමන්නන් බවට පත් කරගන්න. ඉගෙන නොගැනීම ගැන, කිසිම විටෙක ගැලවීමට හේතු ඉදිරිපත් නොකරන්න.

වරදානය:
ඔබ ලෝක උපකාරකයෙකු වී ඔබේ උසස් හැඟීම් සමඟ සාමයේ සහ බලයේ කිරණ සැමට ලබා දෙන්නකු වේවා.

පරමාත්ම පියාගේ සිතිවිලි සහ වදන් තුළ නිරන්තර පින්බර හැඟීම් සහ ප්‍රාර්ථනාවන් පවතිනවා සේම, දරුවන් වන ඔබේ සිතිවිලිත් ලෝකයට හිතකර හැඟීම් සහ ප්‍රාර්ථනා වලින් පිරී යයි. ඔබ මේ කාර්යය කරන අතරතුර, ලෝකයේ සියලු ජීවාත්ම ඉස්මතු කරගන්න. ඥාණයේ මාස්ටර් සූර්යයෙකු වන්න, ඔබේ නිර්මල හැඟීම් සහ උසස් ප්‍රාර්ථනා මත පදනම්ව, ඔවුන්ට සාමයේ සහ බලයේ කිරණ දිගටම ලබා දෙන්න, එවිට ඔබට ලෝක උපකාරකයෙකු යැයි කියනු ඇත. කෙසේවෙතත්, මේ සඳහා, ඔබ සියලු බන්ධනයන්ගෙන් මිදී නිදහස් විය යුතුය.

පාඨය:
“මම” සහ “මගේ” යන අවධානය ශරීර අවධානයට දොරටු වේ. දැන් ඒ දොරටු වසා දමන්න.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.

ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා සහ නෑ සබදතා තුළ දිව්‍යත්වය අත්දැකීමෙන් සත්‍යය හදුනාගත හැක. “මා සෑම විටම පවසන්නේ සත්‍යයයි” කියා කෙනෙක් කියන නමුත්, ඔහුගේ වචන හා ක්‍රියා තුළ දිව්‍යත්වය නොමැති නම්, එම සත්‍යය, සත්‍යය බව වෙන අයට නොහැගෙයි. එබැවින් සත්‍යයේ බලයෙන් දිව්‍යත්වය ධාරණය කරගන්න. ඔබට කුමක් දරා ගැනීමට සිදුවුණත්, බිය නොවන්න. කාලයට අනුව සත්‍යය ඉබේටම ඔප්පු වෙයි.