17.05.25 Avyakt Bapdada
Sinhala
Murli 11.02.2010 Om Shanti Madhuban
ශිවාගේ උපන් දින දා,
කෝපයේ දුගඳ හමන මල බාප්දාදාට පුද කර, කැඩපතක් වන්න.
පිවිතුරු ගෘහයක ප්‍රායෝගික සාක්ෂියෙන්, හෙළිදරව්ව සමීපයට ගෙන එන්න.
අද දින පරම පියා
ඉදිරියේ පෞද්ගලිකවම අසුන්ගෙන සිටින ඔය සියලුම දරුවන් සහ මේ දේශයේ හෝ විදේශයක සෑම
තැනකම අසුන්ගෙන සිටින අය, පියාගේ සහ ඔබගේ උපන් දිනය සැමරුමට බොහෝ සතුටින් බොහෝ සුබ
පැතුම් සහ සුභාශංසන ලබා දෙනවා. ඔබ පෞද්ගලිකවම පරම පියා ඉදිරියේ අසුන්ගෙන සිටිනවා,
එමෙන්ම දුර අසුන්ගෙන සිටින ඔය අනෙක් සියලුම දරුවන් විද්‍යාවේ පහසුකම් භාවිතා කරමින්
ඔබගේ හදවතින් බොහෝ සතුටින් සුබ පැතුම් එවනවා. මෙහි පැමිණ ඇති ඔය සියලු දෙනා, මෙහි
පැමිණියේ පරම පියාගේ උපන් දිනය සැමරීමටද, නැත්නම් ඔබගේ උපන් දිනයත් සැමරීමටද? මෙම
උපන් දිනය අද්විතීය උපන් දිනයක්. එය අද්විතීය වන්නේ ඇයි? එය එකට ඇති පියාගේ සහ
දරුවන්ගේ උපන් දිනයයි. මුළු කල්පයේම මෙවන් වෙනත් උපන් දිනයක් නොමැත. චක්‍රය වටාම
ගොස් මෙය අද්විතීය උපන් දිනයක් වන්නේ කෙසේද කියා බලන්න. බාප්දාදා ඔය සියලුම
දරුවන්ගෙන් විමසන්නේ : ඔබ සියලු දෙනා ඇවිත් සිටින්නේ පියාට සුබ පැතුම් ලබා දීමටද,
නැත්නම් පියාගෙන් සුබ පැතුම් ලබා ගැනීමටද? බාප්දාදා කිසිම දෙයක් තනිව නොකරයි, මන්ද
මෙම යාග ගින්න නිර්මාණය වුනේ ඔබ උපත ලද විටයි. මෙම යාග ගින්නට බ්‍රහ්මණයින් අවශ්‍ය
නිසා, පරම පියා සමගම ඔබගේ උපතද සිදුවිය. මෙහි සිහිවටනය සමරන්නේ ශිව රාත්‍රිය ලෙසයි,
එබැවින් සැලිග්‍රමද එකවර වන්දනාවට ලක් වෙයි. බොහෝ සැලිග්‍රම වලට වන්දනා කරයි. ඉතිං,
මෙම උපන් දිනය ආශ්චර්යමත් උපන් දිනයකි. මෙම උපන් දිනය දියමන්තියක් තරම් වටින බව
කියන්නේ මේ නිසයි. ඔහුගේ කෝටි-කෝටි ගුණයක බාහු මාලාවන්ගේ මැද සිට, බාප්දාදා ඔහුගේ
සියලුම සහකාර දරුවන්ට කෝටි - කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙනවා. මෙයත් පරම පියාගේ සහ
දරුවන්ගේ හදවත් වල ඇති ගැඹුරු සෙනෙහසේ ලක්ෂණයකි. බාප්දාදා ඔය දරුවන්ට පොරොන්දු වී
ඇත්තේ ඔහු ඔබ සමග හිද, ඔබත් සමග ආපසු යන බවයි. එබැවින් කතා කරන්න! සංගම යුගයෙදි ඔබ
එකට සිටින බවට පොරොන්දුවක් ඔය දරුවන්ද පියාට සිදුකර තිබෙනවා නේද? ඔබ එකට සිටින අතර
ඔබ එකට ලෝක සේවය සිදු කරනවා. ඔබ එකට සිටිය යුතු අතර ඔබ එකට පියාසර ද කරයි. එබැවින්
කතා කරන්න. ඔබ එකට රැඳී සිට, එකට ආපසු ගොස්, බ්‍රහ්ම පියා සමග ලෝකය පාලනය කරන බවටත්
ඔබ පොරොන්දු වුනා නේද? ඔබ මෙම පොරොන්දුව වුණාද? එය ස්ථිර පොරොන්දුවක්ද? මෙම ශිව
ජයන්තියේ විශේෂත්වය මෙයයි.
විවිධ ස්ථාන වලින්,
බොහෝ සතුටින් දරුවන් සුබ පැතුම් සහ සුභාශිංසන එවන බව, බාප්දාදා අම්රිත් වේලාවේ සිට
දුටුවා. ඔය සෑම කෙනෙක්ම පෞද්ගලිකව සුබ පැතුම් ලබා දෙන අතර ලබා ගන්නවා. දීම සහ ලැබීම
තිබෙන්නේ එකටයි. පෞද්ගලිකවම උපන් දිනය සමරන පරමාත්ම දෙවියන්ගේ ඔය දරුවන් කෙතරම්
වාසනාවන්තද! සෑම කෙනෙකුගේම මුහුණ ඉතා සතුටින්, සතුටින් පිරි ගොස් පියාසර කරන බව
පෙනෙයි. එක් අතකින් බාප්දාදා දරුවන්ගේ වාසනාව දකින අතර අනෙක් පස, ඔහු බැතිමතුන්ද
දකිනවා. දැන් පවා, ඔවුන් තවමත් කන්නලව් කරනවා: එන්න, නමුත් ඔබ ඔහු සමග සමරනවා.
බැතිමතුන්ගේ අත්දැකීම්ද අඩු නැති බව බාප්දාදා දැක තිබෙනවා. ඔබ ප්‍රායෝගිකව සිදු කරන
දේ, ඔවුන් ඉතා හොද ක්‍රමවේදයකින් සිහිවටනයක් ලෙසට සමරනවා. ඔබ භාරයක් සිදු කළා
(වෘත්) එබැවින් ඔවුන් උපවාසයේ (ව්රත්) සිහිවටනයක් නිර්මාණය කළා. ඔවුන් එක් දිනයක්
හෝ යම් කාලයකට උපවාසය රකින නමුත් ඔබ සිදු කළ භාරය කුමක්ද? ඔබ සියලු දෙනා පරම පියා
ඉදිරියේ භාරයක් වීමට පොරොන්දු වුණා නේද? ඔබ සතුටින් පියාට පොරොන්දු වුනේ: බාබා, අපි
මේ මුළු උපතෙදි, බ්‍රහ්මින් උපතෙදි, මෙම භාරය රකිනවා. ඉතිං ඔබ මෙම භාරය සිදු කළා
නේද? කුමන භාරයද? පාරිශුද්ධත්වයේ. ඔබ මෙම එක උපතට මෙම භාරය සිදු කළ නමුත්, මෙම එක
උපතේ පාරිශුද්ධත්වයේ භාරය උපත් 21ක් දිගටම පවතියි. ඔවුන් කෙටි කාලයකට ආහාර පාන වල
උපවාසයක යෙදෙන අතර ඔවුන් රාත්‍රියේ අවදිව සිටියි (ජාග්රන් - අවදිව අවධානයෙන්
සිටීම). කෙසේවෙතත්, මෙම එක උපතේ ජාග්රන් මගින් ඔබ සියලු දෙනා අන්ධකාරයෙන් ආලෝකයට
ඇවිත්, එමෙන්ම ඔබගේ මෙම ජාග්රන්, උපත් 21ක් දිගටම පවතියි. ලෝකය පුරාම ඔබ කෙබදු
ජාග්රන් ඇති කර තිබේද යත්, මුළු ලෝකය පුරාම දැල්වුණු ආලෝකය තිබෙයි. දුක හෝ අසාමයේ
කිසිදු අන්ධකාරයක් නොතිබෙයි. එබැවින් කතා කරන්න, ඔබ මුළු ලෝකයම අන්ධකාරයෙන් ආලෝකයට
ගෙනැවිත් තිබේ, එබැවින් ඔබ මෙම අසීමිත භාරයට කැමති නේද? එය අපහසු කාර්යයක් බව ඔබට
දැනෙන්නේ නැහැ නේද? එය පහසුයිද, අපහසුද? ඔබට එය පහසු බව දැනෙයි. එය පහසු බව දැනෙන
අය අත් ඔසවන්න! ඇතැම් විට ඔබට එය අපහසු බව නොදැනෙයිද? ඇතැම්විට? නැහැ, මන්ද
පාරිශුද්ධත්වය ඔබගේ ජන්ම අයිතිය බව ඔබ දන්නා නිසා. මේ නිසයි ඔබගේ පාරිශුද්ධත්වය,
බඹසර රැකීම පමණක් නොවෙයි, නමුත් එය සිතිවිලි, වචන, ක්‍රියා සහ නෑ සම්බන්ධතාවන්හි
පාරිශුද්ධත්වයයි. ඔබ පහසුවෙන් පාරිශුද්ධත්වයේ සංස්කාර ධාරණය කරගන්නා අයයි. ඉතිං ඔබට
පාරිශුද්ධත්වය සඳහා සිතිවිල්ල ඇති විය, නමුත් දැන්, කාලයට අනුව, බාප්දාදා ඔබට කාලය
පිළිබඳ අනතුරු ඇඟවීමක් කරනවා, එනම් එය ඔබගේ ආදිතම ධර්මය බව සලකා, ඔබ පාරිශුද්ධත්වය
වෙනුවෙන් එඩිතරව භාරයක් වූ සේම, දෙවන නරක භූතයා කෝපයයි. එබැවින් අද බාප්දාදා
විමසන්නේ : එක මහා නරක භූතාත්මය පිළිබඳව ඔබ භාරයක් වී, ඔබගේ ආකල්පය වෙනස් කර ඇත.
කෙසේවෙතත්, දෙවන නරක භූතාත්මය වන කෝපය සඳහා, එය ජයගැනීමටත් ඔබ සිතිවිල්ලක් ඇති
කළාද? එසේ නැත්නම් එය දෙවන නරක භූතාත්මය කියා ඔබ සිතන නිසා, ඔබ එයට අවසර දී
තිබෙනවාද? කෝපය, සියලු දෙනා සම්බන්ධව හටගනී. ඔබගේ උපන් දිනය සමරන ඕනෑම විටෙක ඔබ
එකිනෙකාට තෑගි ලබා දෙයි, එබැවින් අද දින, ඔබගෙන් බහුතරයක් එඩිතරකමින් සහ පියාගේ
උපකාරයෙන් ගමන් කරමින් ප්‍රථම අංකය ජයගෙන ඇති සේම, ඔබට ඒ අන්දමින්ම කෝපයත් පරාජය කළ
හැකිද? ඕනෑම නරක භූතාත්මයක් අසහනයක් ඇති කරන අතර කෝපය යන නරක භූතාත්මය පැමිණෙන්නේ
වෙනත් ඒවා සමග සම්බන්ධ වීමෙන්. එය පැමිණෙන්නේ ඔබ වෙන අය සමග සම්බන්ධ වන විටයි. ඔබගේ
මනසේ කෝපය තිබෙන විට, ඔබම එවිට එම කෝපයේ බලපෑමට යට වෙයි. ඔබ පැමිණ සිටින්නේ පරම
පියාගේ උපන් දිනය සැමරීමටයි, එබැවින් අද බාප්දාදාට ඔය භාරත සහ විදෙස් දරුවන්ගෙන්
කෝපයේ තෑග්ග අවශ්‍යයි. මෙය කළ හැකිද? කළ හැකිද? ඔබගේ මනසේ හෝ සිහින වල පවා එය
නොතිබෙන සේ, තෑග්ගක් ලෙස එය අද පියාට ලබා දිය හැකි බව සිතන අය: එවන් සිතිවිල්ලක්
ඇති කර, එඩිතරව ඉදිරියට ගමන් කිරීමට ඔබට බලය තිබෙනවාද? තිබෙනවාද? ඉතිං ඔබ එඩිතරව
මෙම සිතිවිල්ල පියාට ලබා දිය යුතුයි: ඔබ එය සිදුකර පියාගෙන් තෑග්ගක් හිමි කර ගන්නා
බව. එය තෑග්ගක් ලෙස ලබා දී, තෑග්ගක් හිමි කරගන්න. ඔබ කෝපය ජය ගන්නේ නම් එවිට අනෙක්
ඒවා පරාජය කිරීමට ඔබට එඩිතරකම ඇති වෙයි. ඔබ මෙම තෑග්ග ලබා දී, පියාගෙන් තෑග්ගක්
හිමි කරගන්නා බව සිතන අය කවුද? එවන් අය අත් ඔසවන්න! අච්චා. ඔබගේ ධජ වනනවා.
කුමාරීන්ද ප්‍රවේසම් වන්න.
දරුවන්ගේ එඩිතරකම දැක
බාප්දාදා බොහෝ සතුටු වනවා. ඔබ මෙම ජවනිකාව දකිනවා, නේද? ඡායාරූපයක් ගන්න! ඔබගේ අත්
නැවතත් ඔසවන්න! ඔව් සියලු දෙනාගේ ඡායාරූපයක් ගන්න! ඔබ දිනපතා අම්රිත් වේලාවේ හමුවක්
සමරන විට, ඔබගේ එඩිතරකම නිසා බාප්දාදා ඔබට ඒ වෙලාවේ පහසුවෙන් අත්දැකීම් ඇති අයෙක්
වීමට සුබ පැතුම් ලබා දෙන්නම්. ඔබ සියලු දෙනා සිටින්නේ තම තමන්ගේ ස්ථාන වලයි. ඔබගෙන්
මේ තරම් සංඛ්‍යාවක් එකට ජීවත් වෙමින් ඔබගේ පවුලේ අයවත් රැක බලා ගනිමින් සිටින අන්දම
මිනිසුන් දකින විට, ඔබගේ ගේ දොර පවුල් අත්හැර නොමැති නමුත් ඔබ පිවිතුරු ගෘහයන්
නිර්මාණය කර ඇති බව, ඔවුන් දකින විට, කුමක් සිදුවෙයිද? ජීවාත්ම පෝලිමක් සිටිය යුතු
බවට ඔබ සියලු දෙනා තුළ ඇති සුබ පැතුම්, එම පෝලිම දිස් වෙයි. කෝපය ප්‍රායෝගිකව
දිස්වෙයි. ඔබ පාරිශුද්ධත්වය ගැන කතා කරනවා පමණක් නොවෙයි, නමුත් ඔබ පිවිතුරුව රැඳී
සිට එය පෙන්වන අන්දම ඔවුන් ප්‍රායෝගිකව දකිනවා. ඔබට හෙළිදරව්ව අවශ්‍යයි, එබැවින්
මෙය ප්‍රායෝගික සාක්ෂියක් වන අතර සියලු දෙනා ඉබේටම මෙයින් ආකර්ෂණය වී, මෙහි
පැමිණෙයි, නමුත් ... බාබා ඔබට “නමුත්” ගැන කිව යුතුද? ඔහු ඔබට වැඩිදුරටත් පැවසිය
යුතුද? බහුතරයකට, කෝපයට හේතුව, කොහේ හෝ තැනක ඊර්ෂ්‍යාවයි, එමෙන්ම එයට අමතරව, ඔබ
යමක් දකින විට, ඔබට ඒ ගැන නිෂ්ඵල සිතිවිලි වල බීජය ඇති වන අතර මෙය කෝපය ගෙන එයි.
බීජය වන්නේ නිෂ්ඵල සිතිවිලිය. කෝපය හට ගන්නේ මෙම බීජයෙන් වන අතර මෙයට එක වචනයක්
උපකරණයක් වෙයි. ඔබ මෙම එක වචනය, බීජය, අවසන් කරන්නේ නම්, එවිට එය පහසු වෙයි. එම එක
වචනය වන්නේ: ඇයි? මෙය වන්නේ ඇයි? මෙය සිදු වුනේ ඇයි? ඔබ මෙය සිදු කළේ ඇයි? ඔබ මෙසේ
කරන්නේ ඇයි? මෙම ක්‍යු (ඇයි? “Q”) යන එක වචනයෙන් දිගු පෝලිමක් ඇති වෙයි. ඔබ
ඉංග්‍රීසියෙන් “Q” ලියන්නේ නම් එය ඉතා අපහසු බව දැනෙයි. නමුත් ඔබ ‘A’ ලියන්නේ නම්
එය ඉතා පහසුයි. ඉතිං අද බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔබ මෙම ප්‍රශ්න වල පෝලිම අවසන් කළ
යුතු බවයි. එවිට ඔබ සියලු දෙනා තුළ ඇති ආශාව වන, විගසින් හෙළිදරව්ව සිදුවීම, සෑම
කෙනෙකුගේම හදවතේ පරම පියාගේ සෙනෙහසේ ධජය ලෙල දීම, ධජය ඔසවා, හදවත තුළ මෙම ගීතය
ගායනා කිරීමේ ආශාව: අපේ බාබා ඇවිත්. ‘මිහිරි බාබා ඇවිත්’, ඉටු වෙයි. ඔබට අවශ්‍ය දේ
මෙය නේද? සියලු දෙනාගේ හදවත තුළ හෙළිදරව්වේ ධජය විගසින් එසවීමට? මෙය සිදු නොවීමේ
හේතුව වන්නේ ‘k’ හි භාෂාවයි: ක්‍යු - ඇයි?, ක්‍යා - මොකක්ද?, කෛසේ හෝංගා - එය කොහොම
වෙයිද? එබැවින් මෙම ‘k, k’ භාෂාව අවසන් කරන්න. ඔබට ‘k’ අකුර භාවිතා කිරීමට අවශ්‍ය
නම් කමාල් - ආශ්චර්යය ගැන කතා කරන්න. ‘k, k’ නොකියන්න. බාප්දාදා දරුවන්ගේ
නේවාසිකාගාර පහසුකම් සහිත පාසැල (boarding school) විවෘත කළ විට - එය පාකිස්ථානයේ
විය - ආරම්භයේ ජගදම්බා මාතාව දරුවන්ට ‘k, k’ භාෂාව කතා නොකිරීමට කියා පැවසුවා. බොහෝ
සේ ‘k, k’ කියන්නේ කවුද? (කපුටන්) ඔබ එයට කැමතිද? එබැවින් දැන් ඇයි? යන පෝලිමක්
ආරම්භ නොකරන්න. හා ජී! අච්චා ජී! ඉතා හොඳයි. අප එය එකට කරමු. අපි පියාසර කරමු. එවන්
වදන් කතා කරන්න. ඔබට ඔබගේ භාෂාව වෙනස් කළ හැකිද? k,k නොකියන්න. මෙම ක්‍යු? (පෝලිම,
ඇයි?) අත් හරින්න, එවිට අර පෝලිම ආරම්භ වෙයි.
දුගඳ හමන මල් පුද
කරන්නේ ශිවාට පමණයි, එමෙන්ම ඔබ අද ශිව රාත්‍රිය සමරනවා. ඔබ ශිවාගේ උපන් දිනය
සමරනවා, එබැවින් මෙම කෝපයේ දුගඳ හමන මල බාප්දාදාට පූජා (අර්පන්) කරන්න, එවිට ඔබ
කැඩපතක් (දර්පන්) වෙයි. ඔබ මෙයට කැමතිද? ඔබ එයට කැමතිද? අච්චා. ඉතිං බාප්දාදා නැවත
හෝලි කාලයේ පැමිණෙන විට ඔහුට ප්‍රතිඵලය ලැබෙයි. වෙහෙසට පත් නොවන්න: ‘එය සිදු වුනේ
නැහැ’ බුද්ධියේ විශ්වාසය ඇතිව එය සිදු කරන්න: ‘මා මෙය කළ යුතුයි’ එමෙන්ම ඔබ අත්
එසවූවා. අත් එසවීම යනු, ඔබ එය පියාට භාර දුන් බවයි. ඔබ එය ලබා දුන්නා නේද? නැවතත්
ඔබගේ අත් ඔසවන්න! දාදීන්, ඔබ මෙය දකිනවාද? ඔබට අත්පොලසන් ගැසිය හැක. කිසිම විටෙක
එඩිතරකම නැති කරගන්න එපා. එය සුළුවෙන් හෝ අඩු වන්නේ නම්, එවිට අනාගතයේ එඩිතරකම ඇති
කරගන්න, එමෙන්ම නතර නොවන්න. අඛණ්ඩව ඉදිරියට ගමන් කරන්න. බාප්දාදා ඒකාබද්ධ වී
සිටියි. ඔබ මෙහෙම කියනවා නේද? ඔහු ඔබ සමග සිටින බව නොව, ඔහු ඔබත් සමග ඒකාබද්ධ වී
සිටින බවයි ඔබ කියන්නේ. එබැවින් එවන් වෙලාවක යම් දෙයක් සිදු වුනොත්, එවිට බාප්දාදා
ඒකාබද්ධ වී සිටින්නේ. එබැවින් එය ඔහු ඉදිරියේ තබා, ඔහුට එය පුද කරන්න. කෙසේවෙතත්,
බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔය සියලුම දරුවන් අංක එක වනවා දැකීමටයි. ඔබට ලබා දෙන ඕනෑම
දෙයක් ඔබට විශ්වාසයෙන් භාර කරනවා. ඔබ අත් එසවූ බැවින් ඉන් අදහස් වන්නේ ඔබ එය දුන්
බවයි, එබැවින් එය තව දුරටත් ඔබගේ නොවෙයි. එය ඔබට විශ්වාසයෙන් භාරදුන් යම් වටිනා
දෙයක්. එබැවින් එය ඔබගේ සිතිවිලි වල වත් පැමිණෙන්නේ නම්, එවිට ඔබට විශ්වාසයෙන් භාර
දුන් දෙයක් සමග වංක නොවන්න. එය ඉතා නරක දෙයක් බව සලකයි. දුන් දෙයක් ඔබට නැවත ඉල්ලා
ගත නොහැක, මන්ද එය තව දුරටත් ඔබගේ නොවන නිසා.
ඉතිං අද බාප්දාදා සෑම
තැනකම සිටින, මෙය තිරයෙන් දකින සහ සතුටින් සෑම දෙයක් නරඹන සහ එම සිතිවිල්ල ඇති ඔය
සියලුම දරුවන්ව දකිනවා. එබැවින් මධුබන් සහ සියලු මධ්‍යස්ථාන කුමක් බවට පත් වෙයිද?
ඒවා කුමක් වෙයිද? සියලු මධ්‍යස්ථාන වලට මෙම ආශිර්වාදය ලැබෙයි: ඔබ බාධක වලින් නිදහස්
වේවා. ඔබ මෙයට කැමතිද? කැමතිද? සිදුවීම් හදිසියේම කෙබදු වෙයිද යත්, දුක සහ අසාමය
නිසා ඔබ සියලු දෙනා තුළ සියලු ජීවාත්ම කෙරෙහි දයානුකම්පාවක් ඇති වන බව බාප්දාදා
දන්නවා, මන්ද ඔබ සියලු දෙනා මුතුන්මිත්තන් බැවින්: ඔබ පිදුම් ලැබීමට සුදුසු මෙන්ම
මුතුන්මිත්තන්ය. මුතුන්මිත්තන් වන ජීවාත්මයන්ට, කිසිම ජීවාත්මයකගේ දුක හෝ කැලඹීම්
දැකීම ඉවසිය නොහැක. ඔබ සෙනෙහස සහ දයාව දක්වන කෙනෙකුගේ දුක දැකීම, ඔබට ඉවසිය නොහැක.
එබැවින් කාලය ඔබව පරිවර්ථනය කිරීමට පෙර, ඔබගේ උත්සාහයන්ගේ ලැබීම් වල ප්‍රතිලාභය ඔබට
හිමි විය යුතු බව පියාට සිතෙනවා. ඔබට උගන්වන්නේ කාලය නොවෙයි. කාලය ඔබගේ ගුරුවරයා
නොවෙයි. හෝලි දින, ඔබගෙන් කිසිවෙක් තමන් ගැන දීර්ඝ ප්‍රතිඵලයක් නොලිවිය යුතුයි. ඒවා
කියවීමට කාලය නොමැත. බාප්දාදා ඔබට මින් පෙරද පවසා තිබෙන්නේ, ඔබට ඉතා කුඩා ආශිර්වාද
පතක් ලැබෙන ආකාරයටම, එය මත OK (මා හොඳින්) කියා පමණක් ලියන්න. OK යන වචනය පමණක්
ලියන්න. ඔබ උත්සාහ දරන අතර යම් වරදක් සිදු කළා නම්, එවිට OK යන වචනය හරහා ඉරක්
අඳින්න. එය පහසුයි නේද? එතරම් කඩදාසි අපතේ නොයවන්න. එය වැඩි වාර ගණනාවක් සිදු වන්නේ
නම්, එවිට සෑම වතාවකදීම ඉරක් එකතු කරන්න: වරක්, දෙවරක්, තුන් වරක්, ඉන්පසුව හෝලි
වලට පෙර එය මධුබන් වලට එවන්න. ඔබට ඒ සියල්ල එකට එවිය හැක. ගුරුවරු ඒවා එවිය යුතුයි.
මෙහිදි අංක එක වන්නේ කවුරුන්ද යන ප්‍රතිඵලය එවිට බාප්දාදාට ලැබෙයි. එවිට බාප්දාදා
හදවතින් කෝටි-ගුණයක සෙනෙහස, යන තෑග්ග ඔබට ලබා දෙයි. අච්චා.
ද්විත්ව විදේශිකයන්
සිටිනවා නේද? අත් ඔසවන්න! ඔබ අංකයක් හිමි කරගන්නවා නේද? අංකයක් හිමි කරගන්නේ,
විදෙස් රටවල අයද, භාරතයේ අයද, කියා අපි බලමු. එය හොදයි. බාප්දාදා සියලු දෙනාව
දකින්නේ බලාපොරොත්තු තැබිය හැකි අය ලෙස පමණක් නොවෙයි, නමුත් ඔහු ඔබ සියලු දෙනාව
දැකීමට පතන්නේ, නියත වශයෙන්ම පියාගේ බලාපොරොත්තු ඉටු කරන, පියාගේ බලාපොරොත්තුවේ
පහන් ස්වරූපයෙනි. මධුබන් වල අය කරන්නේ කුමක්ද? මධුබන් වල අය අත් ඔසවන්න! පහළ, ඉහළ,
මධුබන් වල සියලු ස්ථාන. අත් වනන්න! අච්චා. මධුබන් අංකයක් හිමි කරගත යුතුයි. ඔබ එය
හිමි කරගත යුතුයි නේද? සියලු දෙනාම ඉතා විගසින් මධුබන් අනුකරණය කරයි. එබැවින් එය
හොඳයි. අච්චා.
ඒකාබද්ධ වී රැඳී
සිටින, සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන් දකිනවා, එමෙන්ම සවන් දෙමින් සිටිනවා,
එමෙන්ම දැන් සවන් නොදෙන අය, අනිවාර්යෙන් මුරලියෙන් කොහොමත් එයට සවන් දෙයි. සෑම
තැනකම සිටින, පියාට ආදරණීය සහ සහයෝගය ලබා දෙන සියලුම මිහිරිතම සහ ආදරණීයතම දරුවන්ට
බාප්දාදා කෝටි, කෝටි-ගුණයක සුබ පැතුම් සහ ශුභාශිංසන ලබා දෙනවා. මෙයට අමතරව, හැකි
තරම් විගසින් හෙළිදරව්වේ ධජය එසවීමේ සිතිවිල්ල බාබා ඔබට ලබා දෙනවා. කාලය මත යැපෙන්න
එපා. පරම පියා, ඔබගේ පියා, ගුරුවරයා සහ සත්ගුරූ බැවින්, කාලය ඔබගේ ගුරුවරයා කර
නොගන්න. ඔබගේ ජගදම්බා මාතාව මෙන් වන්න, ඈ කාරණා දෙකකින් පමණක්ම අංකය හිමි කරගත්තා.
පියා පැවසූ අතර ජගදම්බා මාතාව එය සිදු කළා. ඇය බොහෝ තීව්‍ර උත්සාහයේ යෙදී අංකය හිමි
කරගත්තා. ඔබ සියලු දෙනා එය විශ්වාස කරනවා නේද? එබැවින් ජගදම්බා මාතාව අනුගමනය
කරන්න. අච්චා. සියලු දෙනා කරුණාවෙන්, සෙනෙහස සහ ස්මරණය මෙන්ම, හදවතින් බොහෝ, බොහෝ
ආශිර්වාද පිළිගන්න. මෙයට අමතරව, දරුවන්ව පාලකයන් ලෙස දැක, බාබා ඔබට නමස්තේ කියනවා.
බාප්දාදා සියලු කලාප
වලින් ඉල්ලා සිටින්නේ, උරුමකරුවන් සහ මයික්, බලපෑමක් ඇති කළ හැකි මයික් වන අයගේ
ලැයිස්තුවක් එවන ලෙසයි, මන්ද, එවිට ඔවුන්ගේ අත්දැකීම් වලට සවන් දීමෙන් අන් අයටත්
එසේ වීමට දිරිගැන්වීමක් ලැබෙන නිසා - ඕනෑම කෙනෙක්ව තෘප්තිමත් කළ හැකි මයික්. සියලු
කලාප ඔවුන්ගේ ලැයිස්තු එවිය යුතුයි. දිල්ලි ලැයිස්තුවක් එවා ඇති බව බාප්දාදා අද
දුටුවා. බාප්දාදා ඔබට සුබ පතනවා. සියලුම කලාප මෙම ලැයිස්තුව එවන්නේ නම්, උරුමකරුවන්
කී දෙනෙක් සූදානම්ද යන ප්‍රතිඵලය ඔබට ලබා දෙනු ඇත. එය පරීක්ෂා කර බලනවා.
ලැයිස්තුවක් එවූ පමණින් එය විශ්වාස කරන්නේ නැහැ. එය රහසේ පරීක්ෂා කර බලනවා. අච්චා.
මුල් කාලයේ ඔබට සුබ පැතුම් සහ ශුභාශිංසන ලැබුණා, එමෙන්ම දැන් පවා බාප්දාදා සෑම
දරුවෙකුගේම නම ඔහුගේ හදවත තුළට ගෙන, ඔබට කෝටි, කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙනවා.
මතු වී ඇති සියලුම දරුවන්ගේ පිංතූරයක් පියාට සූක්ෂම දේශයේ තිබෙනවා. බාප්දාදා
දරුවන්ගේ උපන් දිනය සැමරූ අතර දරුවන් පියාගේ උපන් දිනය සැමරුවා. දෙපිරිසටම සුබ
පැතුම්. අච්චා.
වරදානය:
ඔබ සියලු
දෙනාටම ආදරණීය වී, සියලු දෙනාට ගෞරව දැක්වීමෙන් ඔබගේ වාර්ථාව හොදින් තබා ගනිත්වා.
ඔබ, සියලු දෙනාටම
ගෞරවය දක්වන ප්‍රමාණයට අනුව ඔබ තමන්ගේ වාර්ථාව හොඳින් තබා ගන්නවා. අන් අයට ගරු
කිරීම යනු, තමන්ගේ වාර්ථාව හොඳින් තබා ගැනීමයි. යග්යාවේ උදව්කරුවෙක් විම යනු උදව්
ලැබීමයි, ඒ අන්දමින්ම, ගරු කිරීම යනු ගෞරවය ලැබීමයි. එක් වරක් ලබා දී, බොහෝ වාර
ගණනාවක් එය ලැබීමට අයිතියක් හිමි කරගන්න. සාමාන්‍යයෙන් මෙවන් කියමනක් තිබේ: ‘තරුණ
අයට සෙනෙහස ලබා දී, වැඩිමහල් අයට ගරු කරන්න’ නමුත් සියලු දෙනා තමන්ට වඩා වැඩිමහල්
බව සලකා සියලු දෙනාටම ගරු කරන අය, සියල්ලන්ගේ සෙනෙහස ලබයි. මේ සඳහා සෑම අවස්ථාවකදීම
‘ප්‍රථමයෙන් ඔබ’ යන පාඩම ස්ථිර කරගන්න.
පාඨය:
බාප්දාදාගෙන්
ඔබට ලැබෙන පාඩම්, නිසි වෙලාවට මතක් වීම යනු තීව්‍ර උත්සාහ දැරීමය.
අව්‍යක්ත සංඥාව:
නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.
සෑම ආකාරයකම සේවය
සිදුකරන අය විශේෂයෙන් වටහා ගත යුත්තේ, ඔබට ඕනෑම අහිතකර අවස්ථාවකදි සාර්ථකත්වය
ලැබෙන්නේ, ඔබගේ මනෝ ස්ථිතිය නිරන්තර සහ ස්ථාවරව තිබෙන විට පමණක් බව. ඔබ තමන්ගේ මනසේ
අදහස්, ශරීර අවධානය හෝ ශුද්‍රයෙකුගේ මත, ශ්‍රීමත් සමග මිශ්‍ර කරන විට, එවිට ඔබගේ
මනෝ ස්ථිතිය නිරන්තර සහ ස්ථාවරව රැඳී නොතිබෙයි. ඔබගේ මනස, විවිධාකාරයේ නොයෙක් රසයන්
විඳින විට, ඔබගේ මනෝ ස්ථිතියද විවිධාකාර වෙයි. ඔබගේ මනස සෑම විටම ඒකායන මිහිරියාව
රස විඳින විට, ඔබගේ මනෝ ස්ථිතියද නිරන්තර සහ ස්ථාවරව රැඳී තිබෙයි.