17.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබට ද්විත්ව කිරුලක් හිමි වන්නේ, සිහිපත් කිරීමේ සිටීමෙන් සහ ඉගෙන ගැනීමෙන් පමණයි. එබැවින් ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ තබා ගනිමින් දිව්‍යමය ගුණදම් ධාරණය කර ගන්න.

ප්‍රශ්නය:
පියා, ලෝකයේ නිර්මාණකරු, ඔය දරුවන්ට සේවය කරන්නේ කෙසේද?

පිළිතුර:
1) ඔහුගේ සේවය වන්නේ, ඔය දරුවන්ට අසීමිත උරුමය ලබා දී, ඔබව සතුටට පත් කිරීමයි. පියා මෙන් කිසිවෙකුට පරහිතකාමී සේවයක් කළ නොහැක. 2) අසීමිත පියා, සිංහාසනයක් ණයට ගෙන, ඔබව ලෝක සිහසුනේ අසුන් ගන්නා පාලකයන් බවට පත් කරවයි. ඔහු මොණර සිහසුනේ අසුන් නොගන්නා නමුත් ඔහු ඔය දරුවන්ව මොණර සිහසුනේ අසුන් ගන්වයි. මිනිසුන් පියා වෙනුවෙන් අජීවි-දේවාල තනයි. ඔහු ඉන් කුමන රසයක් ලබයිද? එම ප්‍රීතිය අත්විඳින්නේ, දෙව්ලොව රාජධානියේ භාග්‍යය හිමි කරගන්නා දරුවන්ය.

ඕම් ශාන්ති.
පියා ඔය මිහිරිතම ආධ්‍යාත්මික දරුවන්ට පවසන්නේ තමන් ජීවාත්ම බව සලකා පියා සිහි කරන්න. ’ඕම් ශාන්ති‘ හි තේරුම ඔය දරුවන්ට පහදා දී තිබේ. ජීවාත්මයේ ආදිතම ධර්මය සාමය බැවින්, පියා ’ඕම් ශාන්ති‘ පවසන අතර, දරුවන්ද ’ඕම් ශාන්ති‘ කියයි. ඔබ මෙහි පැමිණෙන්නේ සාම දේශයේ සිට බව, ඔබ දැන් දන්නවා. ප්‍රථමයෙන්ම ඔබ සතුටු දේශයට යන අතර ඉන්පසුව පුනර්භව 84ක් ගන්නා අතර, ඔබ දුක් දේශයට යයි. ඔබට මෙය මතකයි. ඔය දරුවන් ජීවමාන ජීවාත්ම (ශාරීරික ජීව) වී, උපත් 84ක් ගනී. පියා ශාරීරික ජීවයක් නොවෙයි. ඔහු පවසන්නේ මා මෙම කෙනාගේ තාවකාලික ආධාරය ගන්නවා. ඔහු ඔබට උගන්වන්නේ වෙන කෙසේද? ඔහු නැවත නැවතත් ඔය දරුවන්ට මෙසේ පවසන්නේ කෙසේද? ’මන්මනාභව! ඔබගේ රාජධානිය සිහි කරන්න.‘ මෙය තත්පරයකදි රාජධානිය ලැබීම ලෙස හැඳින්වෙයි. පියා අසීමිතයි, එබැවින් ඔහු නිසැකවම ඔබට අසීමිත සතුට සහ අසීමිත උරුමය ලබා දෙයි. පියා ඔබට ඉතා පහසු මඟක් පෙන්වයි. ඔහු පවසන්නේ දැන් ඔබගේ බුද්ධියෙන් මෙම දුක් දේශය ඉවත් කරන්න. ස්ථාපිත කෙරෙන, දෙව් ලොව නව ලෝකයේ පාලකයෙක් වීම සඳහා, මා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් කැපී යයි. එවිට ඔබ නැවත වතාවක් සතෝප්‍රධාන් වෙයි. මෙය පහසු සිහි කිරීම ලෙස හැඳින්වෙයි. දරුවන් ඉතා පහසුවෙන් ඔවුන්ගේ භෞතික පියවරුන් සිහි කරන ආකාරයෙන් ඔය දරුවන් අසීමිත පියා සිහි කළ යුතුයි. පියාම ඔබව දුක් දේශයෙන් ඉවත් කර ඔබව සතුටු දේශයට ගෙන යයි. එහි දුක පිළිබඳ සඳහනක් නැත. ඔහු ඔබට ඉතා පහසු දේවල් පවසයි ඔබගේ සාම දේශය සිහි කරන්න - පියාගේ නිවහන ඔබගේ නිවහනයි - එමෙන්ම නව ලෝකය සිහි කරන්න එය ඔබගේ රාජධානියයි. පියා ඔය දරුවන්ට බොහෝ පරහිතකාමීව සේවය කරයි. ඔහු ඔය දරුවන්ව සතුටට පත් කර ඉන්පසුව ගොස් විශ්‍රාමිකව පරම දනව්වේ අසුන් ගනී. ඔබද පරම දනව්වේ නිවැසියන්ය. එය නිර්වාණය, ශබ්දය ඉක්මවු දේශය, ලෙසද හැඳින්වෙයි. පියා පැමිණෙන්නේ ඔය දරුවන්ට සේවය කිරීමටයි, එනම් ඔබට උරුමය දීමටයි. මෙම කෙනාටද උරුමය ලැබෙන්නේ පියාගෙනි. ශිව බාබා, දෙවියන්ය, උසස්ම උසස් කෙනාය. ශිව දේවාල බොහෝ තිබේ. ඔහුට පියෙක් හෝ ගුරුවරයෙක් නැත. ඔහුට මුළු ලෝකයේම මුල, මැද සහ අවසානය පිළිබඳ ඥානය තිබේ. ඔහුට එය ලැබුණේ කෙසේද? ඔහු වේද හෝ ග්‍රන්ථ පාඩම් කළාද? නැහැ. පියා, ඥාන සාගරයයි, එමෙන්ම සතුටේ සහ සාමයේ සාගරයයි. පියාගේ වර්ණනාවේ සහ දිව්‍යමය ගුණධර්ම ඇති මනුෂ්‍යයන්ගේ වර්ණනාව අතර වෙනසක් තිබේ. ඔබ දිව්‍යමය ගුණදම් ධාරණය කරගෙන එම දේවතාවන් බවට පත්වෙයි. පෙර ඔබට තිබුණේ රකුසු ගතිය. රකුසන්, දේවතාවන් බවට පරිවර්ථනය කිරීම, පියාගේ පමණක් වගකීමයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය තිබෙන්නේ ඔබ ඉදිරියේය. ඔබත් අනිවාර්යෙන් එවන් ශ්‍රේෂ්ඨ ක්‍රියා සිදු කරන්නට ඇති. කර්ම, අකර්ම සහ පාපකර්මයේ න්‍යාය විස්තර කිරීමට, එනම් සියලු දේ විස්තර කිරීමට ගත වන්නේ තත්පරයක් පමණයි. පියා පවසන්නේ මිහිරිතම දරුවනේ, ඔබ, ඔබගේ චරිත කොටස් රඟ පෑ යුතුයි. ඔබට ඔය චරිත කොටස් සදාකල් ලැබෙයි. ඔබ බොහෝ වාර ගණනක් මෙම සතුටේ සහ දුකෙහි නාට්‍යය රඟ පා තිබේ. ඔබ බොහෝ වාර ගණනක් ලෝකයේ පාලකයන් බවට පත්ව තිබේ. පියා ඔබව බොහෝ ශ්‍රේෂ්ඨත්වයට පත්කරවයි. පරමාත්ම ජීවය වන දෙවියන්, බොහෝ සේ කුඩාය. පියා ඥාන සාගරයද වෙයි. එබැවින් ඔහු ඔය ජීවාත්මයන්වත් ඔහු හා සමාන බවට පත් කරවයි. ඔබ සෙනෙහසේ සාගර සහ සතුටේ සාගර වෙයි. දේවතාවන්ට එකිනෙකා සමග බොහෝ සෙනෙහස තිබේ ඔවුන් කිසිදා දබර නොකරයි. පියා පැමිණ ඔබව ඔහු හා සමාන බවට පත් කරවයි. වෙනත් කිසිම කෙනෙකුට ඔබව එසේ කළ නොහැක. නාටකය සිදුවන්නේ භෞතික ලෝකයේය. ප්‍රථමයෙන් ආදි සනාතන දෙවි දේවතා ධර්මය තිබෙන අතර ඉන්පසුව ඉස්ලාමිකයන් සහ බෞද්ධයන් ආදිය මෙම වේදිකාව මතට පැමිණෙයි, ඔබ පැමිණ, අංක පිළිවෙලට රඟපාන එම වේදිකාව මෙයයි. උපත් 84ක් ගන්නා අය ඔබයි. ජීවාත්ම, පරමාත්ම ජීවයෙන් බොහෝ කලක් වෙන්ව සිටි බව සිහිකර තිබේ. පියා පවසන්නේ මිහිරිතම දරුවනේ, ලෝකයට, තම චරිත කොටස් රඟපෑම සඳහා ප්‍රථමයෙන්ම පැමිණි අය ඔබලාය. මා කෙටි කලකට මෙම කෙනා තුළට ඇතුළු වනවා. මෙම කෙනා පරණ සපත්තුවකි. මිනිසෙකුගේ භාර්යාව මිය ගිය විට, ඔහු පවසන්නේ එක පරණ සපත්තුවක් ගොස් ඇති අතර මා දැන් තව අළුත් එකක් ගන්නවා. මෙයද පරණ සිරුරකි (බ්‍රහ්ම බාබාගේ). ඔහු උපත් 84හි චක්‍රය වටා ගොස් ඇත. එයම ඔබට ද බලපායි. එබැවින් මා පැමිණ මෙම රථයේ ආධාරය ගන්නවා. මා පිවිතුරු ලෝකයට කිසිදා ඇතුළු වන්නේ නැහැ. ඔබ අපවිත්‍ර අතර, පැමිණ ඔබව පිවිතුරු කිරීමට කියා, ඔබ මට අඬ ගසයි. අවසානයේ ඔබගේ සිහිපත් කිරීම ඵලවත් වෙයි. එය පැරණි ලෝකය අවසන් වීමට කාලය වන විට, මා පැමිණෙනවා. ස්ථාපනය සිදුවන්නේ බ්‍රහ්මාගේ මාර්ගයෙනි. ’බ්‍රහ්මා මාර්ගයෙන්‘ යනු බ්‍රහ්මනයන් මාර්ගයෙනි. ප්‍රථමයෙන් මුදුන් ගැටය වන බ්‍රහ්මනයන් සිටින අතර ඉන්පසුව දේවතාවන්, පසුව ක‍්ෂත්‍රියයන්... ඔබ කරණමක් ගසයි. ඔබ දැන් ශරීර අවධානය අතහැර ජීව අවධානයට පත් විය යුතුයි. ඔබ උපත් 84ක් ගනී. මා මෙම ශරීරය එක් වරක් පමණක් ණයට ගන්නවා මා එය කුලියට ගන්නවා. මෙම ගොඩනැගිල්ලේ ගෙවල් හිමියා මා නොවෙයි. මා මෙය අතහැර යනවා. ඔහුට කුලි ගෙවිය යුතුයි. පියා මෙසේද පවසයි මා මෙම ගොඩනැගිල්ලට කුලියක් ගෙවනවා. අසීමිත පියා ඔහුයි, එබැවින් ඔහු යම් කුලියක් ගෙවනවා ඇති. ඔහු මෙම සිහසුන ගන්නේ ඔබට විස්තර කිරීම සඳහාය. ඔහු ඔබට කෙබඳු ආකාරයට විස්තර කරන්නේද යත්, ඔබ ලෝක සිහසුන මත අසුන් ගනී. ඔහු පවසන්නේ මා එය වන්නේ නැත. ඔහු ඔබව සිහසුන මත ඉන්දවයි, මොණර සිහසුන එයයි. සෝම්නාථ දේවාලය නිර්මාණය කර තිබෙන්නේ ශිව බාබාගේ සිහිවටනයක් ලෙසයි. පියා පවසන්නේ මා ඉන් කුමන රසයක් ලබයිද? ඔවුන් අජීව-ප්‍රතිමාවක් පමණක් එහි තබයි. ඔය දරුවන් දිව්‍යලෝකයේ සතුට අත්විඳියි. මා දිව්‍යලෝකයටවත් යන්නේ නැහැ. පසුව භක්ති මාර්ගය ඇරඹෙන විට, ඔබ එම දේවාල ආදිය තැනීමට බොහෝ මුදල් වැය කරයි. එවිටද, සොරුන් ඒවා මංකොල්ල කති. රාවනගේ රාජධානියේ ඔබගේ ධනය සහ සමෘද්ධිය සියල්ලම අවසන් වෙයි. එම මොණර සිහසුන දැන් තිබේද? පියා පවසන්නේ මොහොමද් ගස්නවි පැමිණ, මා වෙනුවෙන් ගොඩනැගූ දේවාලය මංකොල්ල කෑහ. භාරතය තරම් ධනවත් භූමියක් නොවීය. වෙනත් කිසිදු ස්ථානයකට, මෙවන් වන්දනා ස්ථානයක් විය නොහැක. කෙසේවෙතත් හින්දු ආගමේ, වර්තමානයේ බොහෝ වන්දනා ස්ථාන තිබේ. ඇත්ත වශයෙන්ම වන්දනා ස්ථානය විය යුත්තේ, පියා සියලු දෙනාටම විමුක්තිය පිරිනමන ස්ථානයයි. මෙයද පෙර නියමිත වූ නාටකයේ තිබේ. මෙය වටහා ගැනීමට ඉතා පහසු වුවත් රාජධානියක් ස්ථාපිත වන බැවින්, ඔබට එය වැටහෙන්නේ අංක පිළිවෙලටයි. ලක‍්ෂ්මි සහ නාරායන් දෙව් ලොව පාලකයන්ය. වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් ඔවුන් වන අතර ඔවුන් දේවතාවන් ලෙස හැඳින්වෙයි. දිව්‍යමය ගුණදම් ඇති අය දේවතාවන් ලෙස හැඳින්වෙයි. උසස්ම දේවතා ධර්මයට අයත් වූ අය, ගෘහ මාවතට අයත් විය. එකල තිබුණේ ඔබගේ පවුල් මාවත පමණයි. පියා ඔබව ද්විත්ව ඔටුනු පලන් අය බවට පත් කළා. රාවන, පසුව ඔබගේ ඔටුනු දෙකම ගලවා දැමුවා. දැන් ඔටුනු නොමැත ධනයේ ඔටුන්න හෝ පිවිතුරු බවේ ඔටුන්න යන දෙකම නොමැත. රාවන ඔබගේ ඔටුනු දෙකම ඉවත් කළා. ඔබ සිහිපත් කිරීමේ සිටීමෙන් සහ ඉගෙන ගැනීම තුළින්, නැවත වරක් පියා පැමිණ ඔබට කිරුළු දෙකම ලබාදෙයි. මෙසේ සිහි කර තිබෙන්නේ මේ නිසයි අහෝ දෙවි පියාණෙනි, අපගේ මඟපෙන්වන්නා වී අපට විමුක්තිය ලබා දෙන්න! ඔබ මඟ පෙන්වන්නන් ලෙස හැඳින්වෙන්නේ මේ නිසයි. පාන්ඩවයන්, කෞරවයන් සහ යාදවයන් කරන්නේ කුමක්ද? ඔවුන් පවසන්නේ බාබා, අපව දුක් රාජධානියෙන් මුදවාගෙන ඔබත් සමග ආපසු ගෙන යන්න. දිව්‍යලෝකය ලෙස හැඳින්වෙන, සත්‍ය දේශය ස්ථාපිත කරන්නේ පියා පමණයි. පසුව රාවන එය අසත්‍ය දේශය බවට පත්කරවයි. ඔවුන් පවසන්නේ ක්‍රිෂ්ණා දෙවියන් කතා කරයි. පියා පවසන්නේ ශිව දෙවියන් කතා කරයි. භාරත ජනතාව නම වෙනස් කළ බැවින් මුළු ලෝකයම එම නාමය වෙනස් කළා. ක්‍රිෂ්ණා ශාරීරික ජීවියෙකි. අශාරීරික ඒකායන කෙනා, ශිව බාබා පමණයි. ඔය දරුවන්ට දැන් පියාගෙන් ශක්තිය ලැබෙයි. ඔබ මුළු ලෝකයේම පාලකයන් වෙයි. ඔබට මුළු අහසත්, පොළවත් හිමි වෙයි. කල්ප හතරෙන් තුනකට, ඔබගෙන් එය උදුරා ගැනීමට කිසිවෙකුට බලය නොමැත. ඔවුන්ගේ ජනගහණය වැඩි වී, මිලියන ගණන් වන විට, ඔවුන් තම සේනා ගෙනවිත් ඔබව පරාජය කරයි. පියා ඔය දරුවන්ට බොහෝ සතුට ලබා දෙයි. දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නා ලෙස ඔහුව ප්‍රශංසා කෙරෙයි. වර්තමානයේ පියා මෙහි අසුන් ගෙන ඔබට කර්මය, අකර්ම සහ පාපකර්මයේ න්‍යාය විස්තර කර දෙනවා. රාවනගේ රාජධානියේ ක්‍රියා, පාප ක්‍රියා වෙයි. සත් යුගයේ දී ක්‍රියා, අකර්ම වෙයි. ඒ සියලුම සැමියන් ද සිහි කරන්නේ එම ඒකායන කෙනාව බැවින්, සියලු සැමියන්ගේ සැමියා ලෙස හැඳින්වෙන ඒකායන සත්ගුරුව, ඔබට දැන් හමුවී තිබේ. එබැවින් පියා විස්තර කරන්නේ මෙය බොහෝ විශ්මිත නාටකයක් ! මෙතරම් කුඩා ජීවාත්මයක් තුළ අවිනාශී කොටසක් පටිගත වී ඇති අතර එය කිසිදා නොමැකෙයි. මෙය සදාතනික සහ අවිනාශී නාටකය ලෙස හැඳින්වෙයි. දෙවියන් එක්කෙනෙකි. නිර්මාණය, එනම් චක්‍රය සහ ඉනිමග යන සියල්ල එකයි. කිසිවෙකු නිර්මාණකරු හෝ නිර්මාණය නොදනී. ඍෂිවරු සහ මුනිවරුන් ද පවසන්නේ අප දන්නේ නැහැ. ඔබ දැන් සංගම යුගයේ අසුන්ගෙන සිටින අතර, ඔබගේ සටන තිබෙන්නේ මායා සමගයි ඇය ඔබව අත් නොහරියි. දරුවන් පවසන්නේ බාබා, මායා මට පහර දුන්නා. බාබා පවසන්නේ දරුවනේ, ඔබ උපයාගත් සියල්ල අහිමි කරගත්තා. දෙවියන් ඔබට උගන්වයි, එබැවින් ඔබ හොඳින් ඉගෙනගත යුතුයි. ඔබට නැවත මෙවන් ඉගෙනුමක් ලැබෙන්නේ වසර 5000කට පසුවයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම දුක් ලෝකයෙන් ඔබගේ බුද්ධිය ඉවත් කරගෙන, නව ලෝකය ස්ථාපිත කරන පියාව සිහි කරන්න. සතෝප්‍රධාන් වන්න.

2. පියා හා සමානව, සෙනෙහසේ සාගරයක් සහ සාමයේ සහ සතුටේ සාගර වන්න. කර්මය, අකර්ම සහ පාපකර්මයේ දර්ශනය වටහාගෙන, නිරතුරුවම උසස් ක්‍රියා සිදු කරන්න.

වරදානය:
ඔබ, තම මනසින් සතුටේ ගීත ගයමින් සතුටේ හා අඛණ්ඩ උනන්දුවේ හා උද්යෝගයේ වාසනාව සදාතනිකව ඇත්තෙක් වේවා.

ඔය වාසනාවන්ත දරුවන් සදාතනික ක්‍රම විධි යොදමින් අවිනාශී සාර්ථකත්වයක් දිනා ගනී. ඔබගේ මනස නිතරම ‘අපුරුයි, අපුරුයි, අපුරුයි බාබා, අපුරුයි වාසනාව, අපුරුයි මේ පිරිවර අපුරුයි මේ සංගම යුගයේ උසස් සුන්දර කාලය‘ යන ගීතය ගයමින් සිටීන අයයි. සෑම ක්‍රියාවක්ම ‘අපුරුයි අපුරුයි‘. මෙන්න මේ නිසා තමයි සතුටේ වාසනාව සදාතනිකවම ඔබට ලැබෙන්නේ. ඔබගේ මනසට කිසිදු විටෙක ‘ඇයි‘ හෝ ‘මම‘ ඇතුළු විය නොහැක. ‘ඇයි‘ කියනවා වෙනුවට ‘වාහ් අපුරුයි, අපුරුයි‘ කියාත් ‘මම‘ කියනවා වෙනුවට ‘බාබා, බාබා‘ කියාත් කියන්න.

පාඨය:
ඔබගේ සිතිවිලි මත අවිනාශී රජයේ රාජ්‍ය මුද්‍රාව තැබූ විට ඒ සෑම සිතිවිල්ලක්ම ස්ථාවර වනු ඇත.

මාතේශ්වරීගේ සුමිහිරි ශ්‍රේෂ්ඨ වදන්.

ඔබගේ ජීවිතයේ බලාපොරොත්තු ඉටු වීමේ ආශ්චර්යමත් සමය.

ජීවාත්ම වන අප සියලු දෙනාට බොහෝ කලක් තිස්සේ අපගේ ජීවිත වල නිරන්තර සාමය සහ සතුට තිබීමේ බලාපොරොත්තුව තිබී ඇත, එබැවින් බොහෝ කලක් පුරා අපට තිබුණු බලාපොරොත්තු යම් අවස්ථාවකදී නිසැකවම ඉටු වනු ඇත. මෙය දැන් අපගේ අවසන් උපත වන අතර දැන් එය එම අවසන් උපතේ අවසන් කාලයයි. කිසි කෙනෙක් මෙසේ නොසිතිය යුතුයි: මා තවමත් තරුණයි: තරුණ, මහළු - සියලු දෙනාටම සතුට අවශ්‍යයි, නමුත් දුක ඇති කරන්නේ කුමක්ද යන දැනුම අපට ප්‍රථමයෙන් තිබිය යුතුයි. ඔබ පාපයන් පහ තුළ සිර වී සිටීම නිසා නිර්මාණය වුණු කර්ම බන්දන, දෙවියන්ගේ සිහිපත් කිරීම තුළින් ඔබ පුළුස්සා දැමිය යුතු බවට දැනුම, ඔබට දැන් ලැබී තිබේ. කර්මයේ බන්දන වලින් නිදහස් වීමේ පහසු මඟ මෙයයි. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන ගමන්, සෑම හුස්මක් සමගම සර්ව බලධාරි බාබාව සිහි කරන්න. පැමිණ, අපට මෙම ක්‍රමවේදය පෙන්වා දීමෙන් අපට උපකාර කරන්නේ පරමාත්ම දෙවියන්මයි, නමුත් සෑම ජීවාත්මයක්ම තමන් වෙනුවෙන් උත්සාහ දැරිය යුතුයි. පරමාත්ම දෙවියන්, පියා, ගුරුවරයා සහ ගුරුගේ ස්වරූපයෙන් පැමිණ, අපට උරුමය ලබා දෙයි. එබැවින් අප පළමුව එම පියාට අයත් විය යුතු අතර ඉන් පසුව අප ගුරුවරයා සමග ඉගෙනගත යුතුයි, එය තුළින් උපතින් උපතට අපගේ අනාගත සතුටේ ප්‍රතිලාභය නිර්මාණය වෙයි. මින් අදහස් වන්නේ, අපි දරන උත්සාහයට අනුව, ජීවන-මුක්තියට අපට තත්ත්වයක් හිමි වෙයි. ගුරූගේ ස්වරූපයෙන් ඔහු අපව පිවිතුරු කර, අපට මුක්තිය පිරිනමයි, එබැවින් අප මෙම රහස වටහාගෙන එවන් උත්සාහයක් දැරිය යුතුයි. මෙය පැරණි ගිණුම් අවසන් කර නව ජීවිතයක් නිර්මාණය කිරීමේ කාලයයි. මෙකල, අපගේ ජීවාත්ම, පාරිශුද්ධ කර ගැනීමට අප දරන උත්සාහයට අනුව, පිවිතුරු වාර්ථාවක් එයට අනුකූලව පටිගත වන අතර එය ඉන්පසුව මුළු කල්පයටම දිගටම පැවතෙයි. එබැවින් මුළු කල්පයේම සියලු දේ රඳා පවතින්නේ මෙකල උපයන ආදායමට අනුවයි. බලන්න, ඔබට මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම ලැබෙන්නේ මෙකල්හි පමණයි අප දේවතාවන් විය යුතු අතර මෙය අපගේ ඉහළ නැඟීමේ ස්ථීතියයි, ඉන්පසුව අප එහි ගොස් අපගේ ප්‍රතිලාභය අත්විඳීවි. එහිදී පසුව සිදුවන්නේ කුමක්ද ගැන, ඔවුන් පහළට පැමිණෙන බව, දේවතාවන්ගේ අවධානයේ නොමැත. ඔවුන් සතුට අත්විඳ ඉන්පසුව ඇද වැටෙන බව දැන සිටියේ නම්, එවිට ඔවුන්ගේ ඇදවැටීම ගැන කණස්සලු වීම නිසා, ඔවුන්ගේ සතුට පවා ඔවුන් වින්දනය නොකරනු ඇත. එබැවින් මිනිසුන් නිරන්තරයෙන් ඉහළ නැඟීමට තැත් කරන, එනම්, ඔවුන් සෑම විටම තම සතුට වෙනුවෙන් උපයමින් සිටින, දේවමය නීතිය නිර්මාණය කර තිබේ. කෙසේවෙතත්, නාටකයේ කොටස වන්නේ, එක් භාගයක් සහ තව භාගයකි, එමෙන්ම අප මෙම රහස දන්නවා. කෙසේවෙතත්, සතුට වෙනුවෙන් කාලය එලඹෙන විට, අප උත්සාහ දරා එම සතුට හිමි කර ගත යුතුයි. උත්සාහ දැරීමේ විශේෂත්වය මෙයයි. නළුවන්ගේ වගකීම වන්නේ, රඟපාන අවස්ථාවේ දී, ඔවුන්ව නැරඹීමට පැමිණෙන අය, ඔවුන්ට ප්‍රශංසා කරන පරිදි, තම චරිත කොටස් මහත් වූ විශේෂත්වයකින් රඟපෑමයි. දේවතාවන්ට ප්‍රධාන නළු නිළි චරිත ලැබී ඇත්තේ මේ නිසා වන අතර ඔවුන්ගේ සිහිවටනය සිහිකර, පිදුම් ලබන්නේ මේ නිසයි. දේවතාවන්ගේ විශේෂත්වය වන්නේ පාපයෙන් තොර ගෘහයක වාසය කරමින් නෙළුම් මලක් වැනි ස්ථීතියක් තිබීමයි. භාරතය මෙම අවාසනාවන්ත තත්ත්වයට පත්ව තිබෙන්නේ මෙම විශේෂත්වය අමතක කිරීම නිසයි. දැන් දෙවියන්ම පැමිණ ඇත්තේ, අපට නැවත වරක් එවන් ජීවිතයක් නිර්මාණය කර ගැනීමට මඟ පෑදීමටයි. ඔහුගේ අත අල්ලා ගැනීමෙන්, ඔබගේ ජීවිත ඔරුව එතෙරට යයි.