17.06.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, තමන්ට යහපතක් සිදුකිරීම සඳහා සෑම අන්දමකින්ම ප්‍රවේශම් වන්න. මලක් වීම සඳහා, ඔබ කෑමට ගන්නා ආහාර, පාරිශුද්ධත්වය රකිනා කෙනෙකු පිළියෙල කළ ඒවා විය යුතුයි.

ප්‍රශ්නය:
එහිදී ජන්ම 21 ක්ම දිගටම පැවැත්වෙන්නේ ඔය දරුවන් මෙහිදී සිදු කරන කුමන පුහුණුවද?

පිළිතුර:
නිරන්තරයෙන් ශාරීරිකව සහ මානසිකව නිරෝගීව සිටීම ඔබ පුහුණු වන්නේ මෙහිදීය. දාදිචි රිශි කළාක් මෙන් මෙම යාගහෝමයට ඔබගේ අස්ථීන් ප්‍රදානය කළ යුතු වේ. කෙසේවෙතත්, මෙහි හත යෝගාව පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. ඔබගේ ශරීරය දුර්වල වීමට ඉඩ නොදිය යුතුයි. මෙහිදී ඔබ පුහුණු වන යෝගාව මඟින් ඔබ ජන්ම 21 කට නිරෝගිමත් වෙයි.

ඕම් ශාන්ති.
කොලීජියක හෝ විශ්ව විද්‍යාලයක ගුරුවරුන් ශිෂ්‍යයින් දෙස බලයි. රෝස මල් කොහේද? ඉදිරියෙන් අසුන්ගෙන සිටින්නේ කවුරුන්ද? මෙයද උද්‍යානයකි එහෙත් එය අංක පිළිවෙලටය. මට මෙතැන රෝස මලක් පෙනෙයි, තවද මට තවත් ඉතාමත් සුවඳැති මලක් ඔහුට එහා පැත්තෙන් පෙනෙයි. මට යම් තැනක දුගඳ මලක්ද පෙනෙයි. උද්‍යානයේ අධිපති ඔවුන් දෙස බැලිය යුතුයි. පැමිණ මෙම කටු වලින් ගහණ කැලෑව විනාශ කොට මල් පැල සිටුවන්න කියා ඔබ උද්‍යානයේ අධිපතිට අඬ ගසයි. කටු වලින්, කුඩා මල්, පැල කරන අන්දම ඔය දරුවන් ප්‍රායෝගිකවම දන්නවා. කෙසේ නමුත් ඔබලාගෙන් මේ ගැන සිතන්නේ කිහිප දෙනෙක් පමණයි. ඔහු උද්‍යානයේ අධිපති මෙන්ම බෝට්ටුකරුවාද බව ඔය දරුවන් දනී. ඔහු සෑම කෙනෙක්වම ඔහුත් සමඟ ආපසු රැගෙන යයි. මල් දැකීමෙන් පියා සතුටු වෙයි. ඔබ කටුවකින් මලක් බවට පරිවර්ථනය වන බව ඔබ සෑම කෙනෙකුටම වැටහෙයි. බලන්න මෙම දැනුම කොතරම් උසස්ද කියා. මෙම දේවල් තේරුම් ගැනීමට පුළුල් බුද්ධියක් අවශ්‍ය වේ. මෙම ලොව කලියුග වැසියන් ගෙන් සෑදුනු අපායකි. ඔබ දෙව් ලොව වැසියන් බවට පත්වෙමින් සිටියි. සන්යාසීන් තම නිවෙස් අතහැර පලා යති. ඔබට කොහෙවත් පලා යාමට උවමනාවක් නැත. සමහරක් නිවෙස් වල කෙනෙක් කටුවක්ද තවත් කෙනෙක් මලක්ද වෙයි. බාබාගෙන් සමහරෙකු මෙසේ අසයි බාබා, මගේ පුතා විවාහ කර දිය යුතුද? බාබා පිළිතුරු දෙන්නේ ඔබට එය කළ හැක. ඔහුව නිවසේ තබා රැක බලාගන්න. ඔබ අසන බැවින් වැටහෙන්නේ ඔබට ඒ නිර්භීතකම නොමැති බවයි. එබැවින් බාබා පිළිතුරු දෙන්නේ ඔබට එය කළ හැක. සමහරු මෙසේ කියයි මම සෑම විටම අසනීපයෙන්ය, තවද මගේ ලේලිය එන විට ඇය පිලියෙල කරන ආහාර මට කෑමට සිදුවෙයි. බාබා පිළිතුරු දෙන්නේ ඔබට එය කෑ හැක. බාබා එපා කියයිද? එම ආහාර කෑමට සිදුවෙන අවස්ථාවන් ඇතිවේ නම් කන්න. කෙසේවෙතත්, බැඳීම්ද තිබේ, නොඑසේද? කෙනෙකුගේ ලේලියක් තම නිවෙසට ඇතුළු වුන විට, අහන්න වත් එපා! දෙවඟනාවක් පැමිණුනා වගේය! ඔවුන් එතරම් සතුටට පත්වෙයි. කෙසේවෙතත්, ඔබට මලක් වීමට උවමනා නම්, පාරිශුද්ධත්වය රකින කෙනෙකු අතින් පිළියෙල කරන ආහාර කෑමට ගත යුතු බව ඔබ වටහා ගත යුතුයි. මේ සඳහා තමන්ගේම පිලිවෙලවල් සකස් කර ගත යුතුයි. මේ පීළිබඳව ඔබ කිසි දෙයක් ඇසිය යුතු නැත. පියා විස්තර කර දෙන්නේ ඔබ දෙවි දේවතාවරුන් බවට පත්වෙමින් සිටියි. එබැවින් ඔබ මෙලෙසින් ප්‍රවේශම් විය යුතුයි. ඔබ ප්‍රවේශම් වන තරමට තමන්ට යහපතක් සිදුකරගනී. වඩාත් ප්‍රවේශම් වීමට තරමක උත්සාහයක් දැරීමට අවශ්‍ය වෙයි. ඔබ ගමනක් යන්නේ නම් බඩගිනි වූ විට කෑමට ගැනීමට ඔබත් සමඟ ආහාර ටිකක් රැගෙන යන්න. ඔබට යම් අපහසුතාවයක් තිබේ නම්, හදිසිම අවස්ථාවකදී, දුම්රියපළේ එය විකුණන කෙනෙකුගෙන් පාන් ටිකක් මිලදී ගත හැක. පියාව මෙනෙහි කරන්න. මෙය යෝගාවේ බලය ලෙස හැඳින්වෙයි. මෙහි හත යෝගාව පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබගේ ශරීරය දුර්වල වීමට ඉඩ නොතබන්න. දාදිචී රිශි කළාක් මෙන් ඔබගේ සෑම අස්ථීයක්ම ප්‍ර්‍රදානය කළ යුතුයි. කෙසේවෙතත්, මෙහි හත යෝගා පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. ඒ සෑම දෙයක්ම අයත්වන්නේ භක්ති මාර්ගයටයි. ශරීරය බොහෝ නිරෝගීව තබාගත යුතු වේ. මෙම යෝගාව තුළින් උපත් 21 කට ඔබ නිරෝගී විය යුතුයි. ඔබ මෙය, මෙහිදී පුහුණු විය යුතුයි. මෙය පීළිබඳව ඇසීමට දෙයක් නොමැත. ඔව් එය වැදගත් කරුණක් නම් සහ ඔබට අපැහැදිලි නම් ඇසීමට පුළුවන. බාබාගෙන් සුළු දේවල් පිළිබඳව ඇසීමෙන් බොහෝ කාලය අපතේ යයි. උසස් මිනිසුන් කතා කරන්නේ ඉතාමත් අඩුවෙනි. ශිව් බාබාට කියන්නේ විමුක්තිය ලබා දෙන්නා කියාය. රාවණ්ට විමුක්තිය ලබා දෙන්නා යෑයි නොකියයි. ඔහු එය නම්, ඔහුගේ පඹයෙකු පුළුස්සා දමන්නේ මන්ද? රාවණ් බොහෝ සෙයින් ප්‍රසිද්ධ බව ඔය දරුවන්ට වැටහේ. රාවණ්ට බොහෝ ශක්තිය තිබුණත් ඔහු ඔබගේ සතුරා නොවේද? රාවණ්ගේ රාජධානිය චක්‍රයෙන් භාගයක් පවති. කෙසේවෙතත්, ඔහුව ප්‍රශංසා කරනවා ඔබ අසා තිබේද? නැත. දුර්ගුණ පහ, රාවණ් ලෙස හඳුන්වන බව ඔබ දන්නවා. පූජකයන්ට සහ පැවිද්දන්ට ප්‍රශංසා කරන්නේ ඔවුන් පාරිශුද්ධව සිටින නිසායි. මෙකල සෑම මනුෂ්‍යයෙක්ම අපවිත්‍රයි. කවුරු පැමිණියත්, පැමිණි කෙනා වැදගත් කෙනෙක් වුවත්, ඔහුට බාබාව මුණ ගැසීමට උවමනා බව කී විට බාබා ඔහුගෙන් අසන්නේ කුමක්ද? බාබා ඔහුගෙන් අසන්නේ, ඔහු කවදා හෝ රාමාගේ රාජ්‍යය සහ රාවණ්ගේ රාජ්‍යය ගැන අසා තිබේද? මනුෂ්‍යයින් සහ දෙවි දේවතාවරුන් ගැන කවදා හෝ අසා තිබේද? මෙකල මෙය මනුෂ්‍යයන්ගේ රාජධානියද, දෙවි දේවතාවරුන්ගේ රාජධානියද? මනුෂ්‍යයින් කියන්නේ කවුරුන්ද, දෙවි දේවතාවරුන් කියන්නේ කවුරුන්ද? කවරෙකුගේ රාජධානියේද දෙවි දේවතාවරුන් සිටියේ? දෙවි දේවතාවරුන් සිටින්නේ ස්වර්ණමය යුගයේය. රජ සහ බිසව කෙසේද, වැසියන්ද ඒ ලෙසමය. මෙය නව ලොවද එසේත් නැතිනම් පැරණි ලොවද කියා ඔබට විමසිය හැක. ස්වර්ණමය යුගය පාලනය කළේ කවුරුන්ද? දැන් මෙය කාගේ රාජධානියද? පිංතූරය ඔබ ඉදිරියේ ඇත. පියා පමණයි මෙතැන අසුන්ගෙන භක්තිය යනු කුමක්ද, දැනුම යනු කුමක්ද කියා විස්තර කර දෙන්නේ. කිසිවක් ධාරණය කරගැනීමට නොහැකි බව කියන දරුවන්ට පියා පවසන්නේ ඕ ! නමුත් ඇල්ෆා සහ බීටා තේරුම් ගැනීම පහසුයි, එසේ නොවේද? පියා, ඇල්ෆා, පවසන්නේ පියා වන මා මෙනෙහි කරන්න එවිට ඔබගේ උරුමය ඔබට ලැබෙයි. භාරතයේ මිනිසුන් ශිවාගේ උපත සමරණ මුත්, ඔහු භාරතයට පැමිණ එය දෙව්ලොව බවට පත් කළේ කවදාද? භාරතය දෙව්ලොව වූ බව වත් ඔවුන් වටහා ගන්නේ නැත. ඔවුන් එය අමතක කර ඇත. ඔවුන්ට කියන්න, ඔබ දෙව්ලොව අධිපතියන්ව සිටි බව ඔබද නොදැන සිටි බවත්, දැන් නැවත වතාවක් පියා ඔබව දෙවි දේවතාවරුන් බවට පත්කරවන බවත්. මෙය ඔබට විස්තර කර දෙන්නේ මා පමණයි. ‘තත්පරයකදී ජීවන් මුක්තිය‘ සිහිපත් කර ඇත. කෙසේවෙතත්, එහි අරුත වටහාගෙන නොමැත. දෙව්ලොව සුරඟනාවන් බවට ඔබ තත්පරයකදී පත්වේ. මෙයට ‘ඉන්ද්‍රාගේ හමුව‘ යැයිද කියයි. ඉන්ද්‍රා වර්ෂාවට දෙවියන් බව ඔවුන් විශ්වාස කරති. දැන් වර්ෂාව ගෙන දෙන්නාගේ හමුවක් තිබිය හැකිද? ඔවුන් ඉන්ද්‍රාගේ දේශය, වැනි බොහෝ දේ ගැන කතා කරයි. අද ඔබ නැවත වතාවක් මෙම උත්සාහයේ යෙදෙමින් සිටියි. මෙය ඉගෙනුමකි, නොඑසේද? ඔබ බැරිස්ටර් කෙනෙක් වීමට ඉගෙන ගන්නේ නම්, හෙට ඔබ බැරිස්ටර් කෙනෙක් වෙන බව ඔබට වැටහෙයි. මෙහි ඔබ අද ඉගෙන ගන්නා අතර හෙට ඔබ ශරීර අතහැර එම රාජධානියේ උපත ලබයි. ඔබට ලැබෙන ත්‍යාගය ඔබගේ අනාගතයටයි. අප මෙහි ඉගෙනගෙන ඉන්පසුව ගොස් ස්වර්ණමය යුගයේ උපත ලබයි. අපගේ අරමුණ සහ ඉලක්කය රජ කුමර, කුමරියන් වීමටයි. මෙය රාජයෝගාවයි. ඔබගේ බුද්ධිය විවෘත නොවන බව ඔබ කියන්නේ නම් එය ඔබගේ භාග්‍යයයි. එය නාටකයේ ඔබගේ කොටසයි. බාබා කොහොමද එය වෙනස් කරන්නේ? දෙව්ලොව අධිපතියෙකු වීමට සෑම කෙනෙකුටම අයිතියක් ඇතිමුත් එය අංක පිළිවෙලකට අනුව සිදුවේ. නොඑසේද? සෑම කෙනෙකුම අධිරාජ්‍යයෙකු වන්නේ නැත. මෙහි දෙවියන්ගේ බලය ඇති නිසා ඔහුට සෑම කෙනෙක්වම අධිරාජ්‍යයෙකු කළ හැකි බව සමහරු කියති. එවිට වැසියන් පැමිණෙන්නේ කොහි සිටද? මෙය වටහා ගත යුතු කරුණකි. එය ලක‍්ෂ්මි සහ නාරායන්ගේ රාජධානියව පැවතුණි. දැන් අධිරාජ්‍යවරු සහ අධිරාජිනියන් සිටින්නේ නමට පමණයි. ඔවුන්ට එම නම්බු නාම දෙනු ලබනවා. රුපියල් එක් ලක‍්ෂයක් හෝ දෙලක‍්ෂයක් ගෙවීමෙන් ඔවුන්ට නම්බු නාමයක් ලබා ගත හැක. ඔවුන් එම අන්දමට හැසිරිය යුතුද වෙයි. ඔය දරුවන් ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබගේ රාජධානිය ස්ථාපනය කරමින් සිටින බව ඔබ දන්නවා. එහි සෑම කෙනෙක්ම ඉතාමත්ම ලස්සන වෙයි. එය ලක‍්ෂ්මි සහ නාරායන්ගේ රාජධානිය විය. ග්‍රන්ථ වල චක්‍රයේ කාලය දීර්ඝ කර ඇති බැවින් මනුෂ්‍යයින් හට එම රාජධානිය අමතක වී ඇත. ඔබ දැන් අවලස්සනව සිට ලස්සන වීමට උත්සාහ දරමින් සිටියි. දෙවි දේවතාවරුන් අවලස්සනද? ක්‍රිෂ්ණා නිල් පාටින්ද රාධේ සුදු පාටින්ද පිළිඹිමු කොට ඇත. ලස්සන සළකා බලන, විට දෙදෙනාම ලස්සන වෙයි. ඉන්පසු රාගයේ ගින්න මත අසුන් ගැනීමෙන් අනතුරුව දෙදෙනාම අවලස්සන වෙයි. එහි ඔවුන් ස්වර්ණමය ලෝකයේ අධිපතියන්ය. මෙහි මෙම ලොව අවලස්සනය. ඔය දරුවන් පළමුව තමන් තුළ මහත් සතුටක් අත්විඳිය යුතුයි. කෙසේනමුත්, තමන් තුළට දිව්‍යමය ගුණාංගද ධාරණය කරගත යුතුයි. ඔබගෙන් සමහරෙකු දුම් බීම අත්හළ නොහැකි බව බාබාට කියයි. බාබා එවිට කියන්නේ හොඳයි, ඔබට ඇති තරම් දුම් බොන්න! ඔබ අසන බැවින් බාබා කුමක් කියන්නද? ඔබ විනයන් අනුගමනය නොකරන නිසා ඔබ වැටෙයි. ඔබම මෙය වටහා ගත යුතුයි. ඔබ දෙවි දේවතාවරුන් වන බැවින් ඔබගේ හැසිරීම සහ ක්‍රියාකාරකම් කෙසේ විය යුතුද? ඔබගේ කෑම සහ බීම කෙසේ විය යුතුද? ඔබ සෑම කෙනෙක්ම ලක‍්ෂ්මි හෝ නාරායන් විවාහ කරගන්නා බව පවසයි. හොඳයි ඔබගේ අභ්‍යන්තරය දෙස බලන්න ඔබ තුළ එම ගුණධර්මයන් තිබේද කියා. ඔබ දුම් බොන්නේ නම් ඔබ නාරායන් වන්නේ කෙසේද? නාරද්ගේ කතා පුවතද තිබේ. එකම භක්තිකයා නාරද් පමණක් නොවේ. සෑම මනුෂ්‍යයෙක්ම භක්තිකයෙකි. පියා පවසන්නේ දෙවි දේවතාවරුන් වීමට සිටිනා ඔය දරුවන් තම ඇතුලාන්තයට ගොස් තමන්ගෙන් මෙසේ විමසිය යුතුයි මම දේවතාවක් වීමට සිටින බැවින් මගේ හැසිරීම කුමන ආකාරයෙන් විය යුතුද? අපි දෙවි දෙවතාවරුන් වෙමින් සිටිමු. එබැවින් අපි මද්‍යසාර පානය, දුම් පානය, එමෙන්ම දුර්ගුණ වල යෙදීමෙන් වැලකී සිටිය යුතු මෙන්ම, අපවිත්‍ර මනුෂ්‍යයින් පිලියෙල කරන ආහාර කෑමට නොගත යුතුයි. නැත්නම් අපගේ තත්ත්වයට බලපෑමක් ඇතිවෙයි. පියා මෙතැන අසුන් ගෙන මෙම දේවල් ඔබට විස්තර කර දෙයි. නාටකයේ රහස් වෙන කිසිවෙකු නොදනී. මෙය නාටකයක් වන අතර සියලු දෙනාම නළුවන්ය. ජීවීන් වන අප ඉහළ සිට පහළට පැමිණෙයි. මුළු ලොවෙහි සිටින සෑම නළුවෙකුටම රඟපෑමට කොටසක් ඇත. ඔබ එක් එක් කෙනාට රඟපෑමට තමන්ගේම කොටසක් ඇත. නළුවන් බොහෝමයක් ඇත. බලන්න ඔවුන්ගේ කොටස් රඟ දක්වන අන්දම! මෙය ආගම් වල විවිධත‍ව ගසයි. අඹ ගසකට විවිධත‍ව ගස යැයි නොකියයි එහි තිබෙන්නේ අඹ පමණයි. මෙය මනුෂ්‍ය ලෝක ගසයි, එහෙත් එයට ආගම් වල විවිධත‍ව ගස යැයි කියයි. බීජය එක් අයෙක් පමණයි. බලන්න මනුෂ්‍ය වර්ගයා තුළ කෙතරම් විවිධත්ත්වයක් ඇත්ද කියා! ඔවුන් සියල්ලම කෙතරම් වෙනස්ද! පියා මෙතැන අසුන්ගෙන මෙය විස්තර කර දෙයි. මනුෂ්‍යයින් කිසිම දෙයක් දන්නේ නැත. සාමාන්‍ය මනුෂ්‍යයින් දිව්‍යමය බුද්ධියක් ඇති අය බවට පරිවර්ථනය කළ හැක්කේ පියාට පමණයි. මෙම පැරණි ලොවෙහි ඉතිරිව ඇත්තේ තව දින කිහිපයක් පමණක් බව ඔබ දන්නවා. චක්‍රයකට පෙරදි කළා මෙන්, අංකුරය පැල කරමින් සිටියි. හොඳ වැසියන්ගේ සහ සාමාන්‍ය වැසියන්ගේද අංකුර පැල කරමින් සිටියි. රාජධානිය ස්ථාපනය වන්නේ මෙහිදීය. ඔය දරුවන් සෑම දෙයක් පිළිබඳවම තම බුද්ධිය භාවිත කළ යුතුයි. ඔබ මුරලියට සවන් දුන්නත් නැතත් කමක් නැත යැයි නොසිතිය යුතුයි. මෙතැන අසුන්ගෙන සිටියදී පවා ඔබ සමහරුන්ගේ බුද්ධිය පිටත සැරිසරයි. පෞද්ගලිකවම, මුහුණට මුහුණලා මුරලියට සවන් දෙන ඔබ සමහරෙකු තුළ සතුටෙහි බුබුළු නගිමින් තිබේ. ඔවුන් මුරලියට සවන් දීමට මෙහි දුවගෙන එයි. උගන්වන්නේ දෙවියන්! එබැවින් ඔබ එවැනි ඉගෙනුමක් ඉගෙනගැනීම නතර නොකළ යුතුයි. ටේප් රෙකෝඩරය සෑම දෙයක්ම නිවැරදිව පටිගත කරයි. එබැවින් එයට සවන් දෙන්න. සමහර ධනවත් අය මේවා මිල දී ගත්තේ නම් දුප්පත් අයට සවන් දිය හැක. බොහෝ දෙනෙකුට යහපතක් සැලසෙයි. දුප්පත් දරුවන්ටත් තමන්හට බොහෝ සේ උසස් භාග්‍යයක් උදාකරගත හැක. බාබා දරුවන්ට ඉන්නට ගොඩනැගිලි ගොඩනංවන්නේය. සමහර දුප්පත් දරුවන් රුපියල් 2 ක මනි ඕඩරයක් පවා එවයි! බාබා, මගේ නමින් මෙම ගොඩනැගිල්ලට එක ගඩොලක් භාවිත කර, යාගයට එක රුපියලක් දමන්න, යැයි ඔවුන් කියයි. නිදන් ගබඩාව පුරවන අයද සිටිය යුතුයි. රෝහල් ආදිය ගොඩනංවන විට බොහෝ සේ මුදල් වැය වේ. ධනවත් අය රජයට බොහෝමයක් උදව් කරයි. ඔවුන්ට ඒ වෙනුවට ලැබෙන්නේ මොනවාද? තාවකාලික සතුට. කෙසේවෙතත්, මෙහිදි ඔබ කරන ඕනෑම දේක ඵලය උපත් 21 ක් ඔබට ලැබෙයි. බාබා සෑම දෙයක්ම දී, ලොවෙහි අංක එකේ අධිපති බවට පත්වන අයුරු ඔබට දැකිය හැක. උපත් 21 කට එවන් ගනුදෙනුවක් නොකරන්නේ කවුද? මේ නිසයි ඔහුට අහිංසක ස්වාමියා යැයි කියන්නේ. එම කරුණෙන් කියැවෙන්නේ මෙම කාලය පිළිබඳවයි. ඔහු එතරම් අහිංසකයි! ඔහු පවසන්නේ ඔබට කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් කරන්න. සමහරක් දියණියන් බොහෝ දුප්පත් බැවින් ඔවුන්ගේ ජීවිකාව උපයාගන්නේ ඇඳුම් මැසීමෙනි. ඔවුන් ඉතා උසස් ස්ථානයක් හිමි කර ගැනිමට යන බව බාබා දන්නවා. හාල් මිටක් දී උපත් 21කට මාලිගාවක් ලබාගත් සුදාමගේ උදාහරණය ද ඇත. ඔබ ගන්නා උත්සාහයට අනුව අංක පිළිවෙලට මෙම දේවල් වටහාගනී. පියා පවසයි මා අහිංසක ස්වාමියායි. මෙම දාදා අහිංසක ස්වාමියා නොවේ. මොහුද පවසන්නේ අහිංසක ස්වාමියා ශිව් බාබායි. ඔහුට ව්‍යාපාරිකයා, මැණික් වෙළෙන්දා, සහ මැජික්කාරයා යැයි ද කියයි. ඔබ ලොවට අධිපතියන් බවට පත්වෙමින් සිටියි. භාරතය දැන් දුප්පත් වෙලා. මිනිසුන් ධනවත් වන අතර රජය දුප්පත්ය. භාරතය කෙතරම් උසස් තත්ත්වයක තිබුණාද කියා ඔබට දැන් වැටහේ. එය සැබවින්ම දිව්‍ය ලෝකය විය. එහි සළකුණු තවමත් ඇත. සෝම්නාථ දේවාලය, දියමන්ති සහ මිණිමුතු වලින් බොහෝ අලංකාරවත්ව සරසා තිබුණි. එම දියමන්ති සොරකම් කොට ඔටුවන් පිට පටවා, ගෙන යන ලදි. මෙම ලොව දැන් අනිවාර්යෙන්ම පරිවර්ථනය වීමට යන බව ඔය දරුවන් දන්නවා. අප දැන් ඒ වෙනුවෙන් සූදානම් වෙමින් සිටින්නෙමු. යමක් කරන අය එහි ප්‍රතිඵලය භුක්ති විඳී. මායා ගෙන් බොහෝ බාධක ඇත. ඔබ දෙවියන්ගේ අනුගාමිකයන් වන අතර අන් සෑම කෙනෙක්ම රාවණ්ගේ වහලුන්ය. ඔබ අයත් වන්නේ ශිව් බාබාටයි. ශිව් බාබා ඔබට ඔබගේ උරුමය ලබා දෙයි. එබැවින් පියා හැර අන් කිසිවකු ඔබගේ බුද්ධිය තුළ නොසිටිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අභ්‍යන්තරගත වී තමන්ටම කතාබස් කරන්න. මම දේවතාවක් වන බැවින් මගේ හැසිරීම කොයි ආකාරයෙන් විය යුතුද? මගේ කෑම හෝ බීම කිසිවක්, අපවිත්‍රද?

2. අනාගත උපත් 21 කට ඔබට උසස් භාග්‍යයක් උදාකර ගැනීමට, සුදාමා කළා මෙන්, ඔබට ඇති ඕනෑම දෙයක් අහිංසක ස්වාමියාට දෙන්න. මෙම ඉගෙනුම මගහැරීමට කිසිදු නිදහසට කරුණක් ඉදිරිපත් නොකරන්න.

වරදානය:
ඔබ ජීවාත්මයන්ගේ මුල් ධර්මය පිළිගෙන, ඔබගේ මුල් සහ සදාකාලික ස්වරූපයන් පිළිබඳ දැනුවත්භාවයෙන් පිරිසිදු හා යෝගී වේවා.

බ්‍රහ්මණයන්ගේ මුල් ධර්මය පාරිශුද්ධත්වය වන අතර, අපිරිසිදුකම බාහිර ආගමකි. ඔබේ සැබෑ ජීවාත්මයන්ගේ ස්වරූපය සැමවිටම පිරිසිදු බව ඔබ දන්නා බැවින්, මිනිසුන්ට අනුගමනය කිරීමට අපහසු වන පාරිශුද්ධත්වය ඔබ දරුවන්ට ඉතා පහසුයි. ඔබගේ සදාකාලික ස්වරූපය පාරිශුද්ධජීවාත්මයක් වන අතර ඔබගේ මුල් ස්වරූපය පිරිසිදු දේවතාවරයකුගේ ය. වර්තමාන කාලයේ අවසාන උපතේදී පවා, එය පිරිසිදු බ්‍රහ්මණ ජීවිතයකි, එබැවින් පාරිශුද්ධත්වය බ්‍රහ්මණ ජීවිතයේ පෞරුෂයයි. පාරිශුද්ධ අය යෝගී වෙති.

පාඨය:
පහසු යෝගිවරයෙකු ලෙස හඳුන්වා ගැනීමෙන් නොසැලකිලිමත් නොවන්න, නමුත් බලයේ ස්වරූපයක් වන්න.

අව්‍යක්ත සංඥාව: ජීව අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.

මෙසේ කියනු ලැබේ: අභ්‍යන්තරික වූවන් නිරන්තරයෙන් සතුටින් සිටිති. ඔවුන් කිසිදු බාහිර ආකර්ෂණයකින් ආකර්ෂණය විය නොහැක. ඔවුන්ගේම හෝ අන් අයගේ මනසෙහි නියමයන් මගින් ඔවුන් ආකර්ෂණය විය නොහැක. අභ්‍යන්තරිකව සහ නිරන්තරයෙන් සතුටින් සිටින අය, සතුටේ මාස්ටර් දානපතියන් වනු ඇත, සතුට දානපතියාගේ දරුවන් වනු ඇත. ඔවුන් බාහිරකරණයෙන් නිදහස් වනු ඇත.