17.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ශරීර දෙස නොබලා ජීවාත්ම දෙස බලන්න. තමන් ජීවාත්ම බව සලකා ජීවාත්මයන්ට කතා කරන්න. ඔබ මෙම මනෝ ස්ථිතිය ස්ථිර කරගත යුතුයි. උසස්ම ගමනාන්තය මෙය පමණක්මයි.

ප්‍රශ්නය:
ඔය දරුවන් පියා සමග උඩ ඉහළට ආපසු (නිවහනට) යන්නේ කවදාද?

පිළිතුර:
ඔබ තුළ අපවිත්‍රතාවයේ සුළු සලකුණක් පවා ඉතිරිව නොමැති විටයි. ඔය දරුවන් පියා මෙන් පිවිතුරු වූ විට පමණයි, ඔබට උඩ ඉහළට යාමට හැකි වන්නේ. ඔය දරුවන් දැන් පෞද්ගලිකවම පියා ඉදිරියේ සිටියි. ඔය දරුවන් අඛණ්ඩව දැනුමේ සාගරයට සවන් දී, මෙම දැනුමින් පිරිපුන් වී, පරම පියාව දැනුමින් හිස්කළ විට පමණයි, ඔහු නිහඩ වන්නේ, එවිට ඔය දරුවන් සාම දේශයට යයි. එහිදි දැනුම කාන්දු වීම නතර වෙයි. ඔහු ඔබට සියලු දේම දීමෙන් පසුව, ඔහුගේ චරිත කොටස නිහඩ එකක් වෙයි.

ඕම් ශාන්ති.
ශිව දෙවියන් කතා කරයි. ඔබ “ශිව දෙවියන් කතා කරයි” කියා පැවසූ විට, උත්තරීතර සහ පරමාත්ම දෙවියන් වන්නේ ශිවා පමණක් බව ඔබ වටහා ගත යුතුයි. ඔය ජීවාත්ම, ඔය දරුවන්, සිහිපත් කරන්නේ ඔහුව පමණයි. නිර්මාණකරු වන පියාගෙන් ඔබට මෙම හැදින්වීම ලැබී තිබේ. ඔබ ඔහුව සිහි කරන්නේ ඔබ දරන උත්සාහයට අනුව අංක පිළිවෙලට බව, නිසැකයි. සෑම කෙනෙක්ම ඔහුව නිරන්තරව සිහි කරන්නේ නැත. මේවා ඉතා සියුම් කාරණාය. තමන් ජීවාත්මයක් බව සලකා අන් අයත් ජීවාත්ම බව සැලකීමේ මනෝ ස්ථිතිය ස්ථිර කර ගැනීමට කාලයක් ගත වෙයි. ඒ මිනිසුන් කිසි දෙයක් නොදනී. ඔහුව නොදන්නා නිසා ඔහු සර්ව ව්‍යාප්ත බව ඔවුන් කියයි. ඔබ කරන අන්දමට, තමන් ජීවාත්ම බව සලකා ඉන්පසුව පියාව සිහිකිරීම, ඔවුන්ගෙන් කිසිවෙක් නොකරයි. එම කිසිම ජීවාත්මයකගේ යෝගාව, පියාට සම්බන්ධ වන්නේ නැත. මේවා ඉතා ගැඹුරු සහ සියුම් කාරණාය. තමන් ජීවාත්ම බව සලකා, පියාව සිහි කරන්න. ඔවුන් පවසන්නේ ඔවුන් සහෝදරයන් බවත්, එබැවින් ඔවුන් බැලිය යුත්තේ ශරීර දෙස නොව, ජීවාත්ම දෙස බවයි. ගමනාන්තය ඉතා උසස්ය. කිසිසේත්ම පියාව සිහි නොකරන බොහෝ දෙනෙක් සිටියි. සෑම ජීවාත්මයක්ම අපද්‍රව්‍ය වලින් වැසී තිබේ. ප්‍රධාන දෙය ජීවාත්මයයි. සතෝප්‍රධාන්ව තිබී දැන් තමෝප්‍රධාන් වී ඇත්තේ ජීවාත්මයයි. ජීවාත්මයට මෙම දැනුම තිබේ. ඥාන සාගරය වන්නේ පරමාත්මය පමණයි. ඔබට ඔබලාව ඥාන සාගර ලෙස හැදින්විය නොහැක. බාබාගෙන් ඔබ මෙම සම්පූර්ණ දැනුම ගත යුතු බව ඔබ දන්නවා. එය ඔහු ලගම තබාගෙන ඔහු කුමක් කරන්නද? අවිනාශී දැනුමේ මිණි මුතු වල ධනය ඔහු ඔය දරුවන්ට ලබා දිය යුතුයි. ඔය දරුවන් දරණ උත්සාහයට අනුව අංක පිළිවෙලට මෙම දැනුම අරගනී. මෙම දැනුම වැඩියෙන් ගන්න අයට හොදින් සේවය කළ හැක. බාබා, දැනුමේ සාගරය ලෙස හැදින්වෙයි. ඔහු ජීවාත්මයක් වන අතර ඔබත් ජීවාත්මයි. ඔය ජීවාත්ම ඔහුගෙන් මේ සියලුම දැනුම අරගනී. ඔහු සදා පිවිතුරු වන සේම, ඔබත් සදා පිවිතුරු වෙයි. පසුව අපවිත්‍ර බවේ සුළු සලකුණක් පවා ඉතිරි නොමැති විට ඔබ ආපසු උඩ ඉහළට යයි. පරම පියා ඔබට සිහිකිරීමේ වන්දනා ගමනට ක්‍රමවේදය උගන්වයි. ඔබට මුළු දවස පුරාම සිහි කිරීමේ සිටිය නොහැකි බව ඔබ දන්නවා. පියා පෞද්ගලිකවම මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙයි. වෙනත් දරුවන් ඔහුට පෞද්ගලිකව සවන් දෙන්නේ නැත. ඔවුන් කරන්නේ මුරලිය කියවීම පමණක් වන අතර ඔය දරුවන් මෙහි පෞද්ගලිකවම ඔහු ඉදිරියේ සිටියි. තමන් ජීවාත්ම බව සලකා පියාව සිහිපත් කරන්න, එමෙන්ම මෙම දැනුමත් ධාරණය කරගන්න. අපි පියා හා සමානව මෙම දැනුමින් පිරුණු සාගර විය යුතුයි. ඔබ මෙම සම්පූර්ණ දැනුම වටහා ගත් පසු, ඔබ පියාව මේ සියලුම දැනුමින් හිස් කළා වැනිය, එමෙන්ම එවිට ඔහු නිහඩ වෙයි. එහිදි මෙම දැනුම ඔහුගෙන් කාන්දු වන්නේ නැත. ඔහු ඔබට සෑම දෙයක්ම ලබා දීමෙන් පසුව, ඉතිරි වන්නේ ඔහුගේ නිහඩ චරිත කොටස පමණයි. නිදසුනක් ලෙස ඔබ නිහඩව සිටින විට, ඔබගෙන් මෙම දැනුම කාන්දු වන්නේ නැත. සෑම ජීවාත්මයක්ම තමන්ගේ සංස්කාර ඔහු සමග රැගෙන යන බවත්, පියා ඔබට පහදා දී තිබේ. සන්යාසී ජීවාත්මයකට ඔහුගේ ළමා කාලයේ සිටම ආගමික ශාස්ත්‍ර කටපාඩමින් ඉගෙන ගැනීමට හැකි වෙයි. එවිට ඔහුගේ නම කීර්තිමත් වෙයි. ඔබ දැන් මෙහි පැමිණ ඇත්තේ නව ලෝකයට යාමටයි. ඔබට මෙම දැනුමේ සංස්කාර නව ලෝකයට රැගෙන යාමට නොහැක. මෙම සංස්කාර මුසු වී යයි, නමුත් ඔය සෑම ජීවාත්මයක්ම දරන උත්සාහයට අනුව අංක පිළිවෙලට ඔබගේ අසුන හිමි කරගත යුතුයි. ඉන්පසුව නමක් ලබා දෙන්නේ ඔබගේ සිරුරටයි. ශිව බාබා අශාරීරිකයි. ඔහු පවසන්නේ : මා මෙම ඉන්ද්‍රියන් ලබා ගන්නේ ණයටයි. ඔහු මෙහි පැමිණෙන්නේ මෙම දැනුම පැවසීමට පමණයි. ඔහු ඥාන සාගරය නිසා ඔහු වෙනත් කිසිවෙකුගේ දැනුමට සවන් දෙන්නේ නැත. ඔහු ප්‍රධාන කාර්යය සිදු කරන්නේ මෙම කෙනාගේ මුඛය මාර්ගයෙන්ය. ඔහු පැමිණෙන්නේ සියලු දෙනාට මාර්ගය පෙන්වීමටය. එබැවින් වෙනත් අයට සවන් දීමෙන් ඔහු කුමක් කරන්නද? ඔහු නිරන්තරයෙන් ඔබට නොයෙක් දේ කිරීමට පවසයි. ඔහු ඔබට මුළු වෘක්ෂය පිළිබද රහස් පවසයි. නව ලෝකය (ජනගහණය) ඉතා කුඩා වන බව ඔය දරුවන්ගේ බුද්ධියේ තිබේ. මෙම පැරණි ලෝකය ඉතා විශාලයි. ලෝකයේ බොහෝ සේ ආලෝකය (විදුලිය) භාවිතා කරයි. ඔවුන් ආලෝකයෙන් (විදුලියෙන්) සිදු කරන්නේ කුමක්ද කියා බලන්න. එහිදි ලෝකය කුඩාව තිබෙන අතර විදුලිය තිබෙන්නේ ඉතා සුළු වශයෙන්ය; එය කුඩා ගම්මානයක් මෙන් වෙයි. දැන් බොහෝ විශාල නගර තිබේ. එහි එතරම් නොතිබෙයි. හොද ප්‍රධාන පාරවල් සුළු ප්‍රමාණයක් තිබෙයි. එහි පංච පදාර්ථයන් පවා සතෝප්‍රධාන් වෙයි; ඒවා කිසි විටෙක දගකාරකම් නොකරයි. එය හැදින්වෙන්නේ සතුටේ දේශය ලෙසයි. එහි නම දිව්‍යලෝකයයි. ඔබ තව දියුණුවත්ම සහ ඔබ වඩාත් සමීපයට පැමිණෙන විට, වැඩි ව්‍යාප්තියක් සිදුවෙයි. පියාද ඔබට නොකඩවා දර්ශන ලබා දෙයි. එවිට, එකල්හි, යුද්ධය සදහා හමුදා හෝ අහස්යානා ආදියේ අවශ්‍යතාවයක් ඇති නොවෙයි. ඔවුන්ට එහි අසුන්ගෙන සිටින අතර (එක ස්ථානයක) සියලු දෙනාව විනාශ කළ හැකි බව ඔවුන් කියයි. එම අහස්යානා ආදියෙන් ඵලක් නොවෙයි. එවිට ඔවුන් හඳ මත ඇති ඉඩම් කැබලි ආදිය බැලීමටවත් නොයයි. ඒ සියලු දේම විද්‍යාවේ නිෂ්ඵල අහංකාරකමයි. ඔවුන්ට බොහෝ ශෝභනය තිබේ. මෙම දැනුම තුළ බොහෝ නිහැඩියාව ඇත. මෙය හැදින්වෙන්නේ පරමාත්ම දෙවියන්ගේ තිලිණය ලෙසයි. විද්‍යාවේ තිබෙන්නේ වෙනත් කිසිවක් නොව කැලඹීම්ම පමණයි. ඔවුන් සාමය ගැන කිසිසේත් නොදනී. නව ලෝකයේ, සතුටු දේශයව තිබුණු කාලයේ, ලෝකයේ සාමය තිබිණු බව ඔබට වැටහෙයි. දැන් තිබෙන්නේ දුක සහ අසාමයයි. තවද ඔබ මෙයත් විස්තර කළ යුතුයි: කිසිම විටෙක අසාමයක් නොමැති අන්දමේ සාමයක් ඔබට අවශ්‍ය නම්, එය සොයා ගත හැක්කේ සාම දේශයේ සහ සතුටු දේශයේ පමණයි. සියලු දෙනාටම දිව්‍යලෝකය අවශ්‍යයි. පාරාදීසිය සහ දෙව්ලොව මතක, භාරත ජනතාවට පමණයි. වෙනත් ආගම් වල කිසිවෙක් තුළ වයිකුන්ත් (පාරාදීසිය) ගැන මතකයක් නැත. ඔවුන්ට මතක සාමය පමණයි. සතුට ඔවුන්ගේ මතකයේ නැහැ; නීතිය එයට අවසර නොදෙයි. සතුට ගැන මතකය තිබෙන්නේ ඔබට පමණයි, මේ නිසයි ඔබ මෙසේ කන්නලව් කරන්නේ: අපව දුකින් මුදවා ගන්න. ජීවාත්ම, මුලින්ම සාම දේශයේ නිවැසියන්ය. කිසිවෙක් මෙය නොදනී. පියා පහදා දෙන්නේ : ඔබ අනුවණ වීය. ඔබ අනුවණ වුනේ කවදාද? දිව්‍යමය කලා 16කින් ඔබ 14ක් විය, ඉන්පසුව කලා 12ක් විය, එනම්, ඔබ නොකඩවා අනුවණ විය. දැන් කිසිම කලාවක් ඉතිරි වී නැහැ. කාන්තාවන් දුකින් සිටින්නේ මන්ද පිළිබදව ඔවුන් නොකඩවා සම්මන්ත්‍රණ පවත්වයි. අහා! නමුත් මුළු ලෝකය පුරාම දුක තිබෙනවා; අසීමිත දුක තිබේ. දැන් ලෝකයේ සාමය තිබිය හැක්කේ කෙසේද? දැන් බොහෝ ආගම් ඇත. දැන් මුළු ලෝකයේම සාමය තිබිය නොහැක. ඔවුන් සතුට ගැන කිසිසේත්ම දන්නේ නැත. මේ ලෝකයේ විවිධ ආකාරයේ දුක සහ අසාමය තිබෙන බව, ඔය දියණියන් විස්තර කරයි. ජීවාත්ම වන අප පැමිණි සථානය වන්නේ සාම දේශය වන අතර ආදි සනාතන දේවතා ධර්මය පැවති ස්ථානය, සතුටු දේශය විය. ආදි සනාතන හින්දු ආගම ලෙස ඔබ එය හදුන්වන්නේ නැහැ. “ආදි” යනු ඉපැරණි. එය ස්වර්ණමය යුගයේදිය. එකල, සියලු දෙනා පිවිතුරු විය; එය පාපයෙන් තොර ලෝකයයි. පාපය පිළිබද සදහනක් නොතිබිණි; එහි වෙනසක් ඇත. පළමුව ඔබ පාපයෙන් තොර විය යුතුයි. පරම පියා මෙසේ පවසන්නේ මේ නිසයි: මිහිරිතම දරුවනේ, රාගය පරාජය කරන්න! තමන් ජීවාත්ම බව සලකන්න! ජීවාත්ම දැන් අපවිත්‍ර වී ඇති අතර ඔවුන් තුළට වෙනත් ලෝහ මිශ්‍ර වී තිබේ, ඒ නිසයි ආභරණත් ඒ ආකාරයට නිර්මාණය වෙන්නේ. ජීවාත්මයක් පිවිතුරු වන විට, ආභරණත් පිවිතුරුයි. එය හැදින්වෙන්නේ පාපයෙන් තොර ලෝකය ලෙසයි. ඔබට නුග ගසේ නිදසුනද ලබා දිය හැක. මුළු ගසම ඍජුව ඇති නමුත් එයට අත්තිවාරමක් නැත. ආදි සනාතන දෙවි දේවතා ධර්මය නොපවති, නමුත් අනෙක් සියලුම ආගම් තිබේ. සියල්ල අපවිත්‍රයි. ඔවුන් මනුෂ්‍යයන් ලෙස හදුන්වන අතර අර මිනිසුන් දේවතාවන්ය. මා පැමිණ සිටින්නේ මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පරිවර්ථනය කිරීමටයි. උපත් 84ක් ගන්නේ මනුෂ්‍යයන්ය. ඔබ ඔවුන්ට ඉනිමගේ පිංතූරය පෙන්විය යුතුයි, ඔබ තමෝප්‍රධාන් වූ විට ඔබ හින්දූන් ලෙස හදුන්වන බව එහි පෙන්වා තිබේ. ඔබ අපවිත්‍ර බැවින් දේවතාවන් ලෙස ඔබව හැදින්විය නොහැක. මෙය නාටකයේ රහසක් වන නමුත් හින්දු ධර්මයක් නැත. එසේ නැත්නම් ආදි සනාතන දේවතාවන්ව සිටියේ අපයි. භාරතය පිවිතුරුව තිබුණු අතර දැන් අපවිත්‍ර වී ඇත. එබැවින් ඔවුන් තමන්ව හින්දූන් ලෙස හදුන්වයි. හින්දු ආගම කිසිවෙක් ස්ථාපිත කළේ නැත. ඔය දරුවන් මෙය ඉතා හොදින් ධාරණය කරගෙන ඉන්පසුව එය විස්තර කළ යුතුයි. මෙකල, ඔවුන් ඔබට එතරම් කාලයක් ලබා දෙන්නේ නැත. ඔවුන් අඩු තරමින් පැය භාගයක කාලයක් ලබා දෙන්නේ නම් එවිට ඔවුන්ට යම් කරුණු පැවසීමට හැකි වෙයි. බොහෝ කරුණු තිබෙන නමුත් ඒවාගෙන් ප්‍රධාන ඒවා ඔවුන්ට කියනු ලබයි. ඉගෙනුමේ ඔබ ඉදිරියට යන විට, ඔබට ඇල්ෆා, බීටා වැනි පහසු විෂයන් මතක් නොවෙයි; ඔබට ඒවා අමතක වෙයි. ඔබගේ දැනුම දැන් වෙනස් වී ඇති බව, මිනිසුන්ද ඔබට කියයි. ඕ! නමුත් ඔබ ඉගෙනුමේ ඉදිරියට යත්ම, ඔබ පෙර ඉගෙනගත් දේ අමතක වෙනවා. පරම පියා ඔබට දිනපතාම අළුත් දේවල් පවසයි. ආරම්භයේ ඉගෙනුම බොහෝ පහසු වූ අතර දැන් පියා ඔබට ගැඹුරු දේවල් කියයි. ඔහු ඥාන සාගරයයි. සෑම දෙයක්ම පැවසීමෙන් පසුව ඔහු මෙසේ කියයි : ඔබට ඇල්ෆා සහ බීටා යන වචන දෙක පමණක් වැටහෙන්නේ නම් එය සෑහෙයි. ඇල්ෆා ගැන දැනගැනීමෙන් ඔබ බීටා ගැනත් දැනුවත් වෙයි. මෙය පමණක් විස්තර කර දෙන්න, එයත් හොදයි. මෙම දැනුම වැඩියෙන් ධාරණය කරගැනීමට නොහැකි අයට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට නොහැක. ඔවුන්ට සම්මාන සහිතව සමත් වීමට හෝ ඔවුන්ගේ කර්මතීට් ස්ථිතිය අත්කර ගැනීමට නොහැක. මේ සදහා බොහෝ උත්සාහයක් අවශ්‍යයි. සිහිකිරීමේ සිටීමට මෙන්ම දැනුම ධාරණය කර ගැනීමටද උත්සාහයක් අවශ්‍යයි. ඔබ සියලු දෙනාම මේ දෙකෙන්ම දක්ෂ වීම, සිදුවිය නොහැකි දෙයක්. ස්ථාපිත වන්නේ රාජධානියකි. සියලු දෙනාම සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවට පරිවර්ථනය වන්නේ කෙසේද? මෙම ගීතා පාඨශාලාවේ අරමුණ සහ ඉලක්කය මෙයයි. මෙය ගීතාවේ එම දැනුමමයි. ඔබට මෙම දැනුම ලබා දෙන්නේ කවුරුන්ද කියා, ඔබ හැර වෙනත් කිසිවෙක් නොදනී. එය දැන් සොහොන් බිමක් වන අතර පසුව එය සුරදූතයන්ගේ දේශය වෙයි. ඔබ දැන් මෙම දැනුමේ චිතකය මත අසුන්ගෙන, වන්දනා කරන්නන් ගෙන් නියත වශයෙන්ම වන්දනීයත්වයට පත් විය යුතුයි. විද්‍යාඥයන් බොහෝ දක්ෂ බවට පත් වනවා. ඔවුන් අඛණ්ඩව බොහෝ දේ නිපදවයි. භාරතයේ සමහර මිනිසුන්ද එහිදි සියලුම නිපුණතා හදාරා පසුව ආපසු පැමිණෙයි. ඔවුන් අවසානයේ මෙහි පැමිණෙන විට (විද්‍යාඥයන්) ඔවුන් මෙම දැනුම එතරම් උකහා නොගනී. ඉන්පසුව ඔවුන් එහි ගොස් (ස්වර්ණමය යුගයට) ඔවුන්ගේ ඉංජිනේරු ආදිය පිළිබද දැනුම භාවිතා කරයි. ඔවුන්ට රජවරු හෝ රැජිනියන් විය නොහැකි නමුත් ඔවුන් රජවරුන් සහ රැජිනියන්ට සේවය කරයි. ඔවුන් දිගින් දිගටම එවන් දේවල් නිර්මාණය කරයි. රජවරු සහ රැජිනියන් එහි සිටින්නේ සතුට ලබා දීමටයි. එහිදි, ඔබට සෑම අන්දමකම සතුට ලැබෙයි. එබැවින් ඔය දරුවන් සම්පූර්ණයෙන් උත්සාහ දැරිය යුතුයි. ඔබ සම්පූර්ණයෙන් සමත් වී ඔබගේ කර්මතීට් තත්ත්වයට ලගා විය යුතුයි. විගසින් නිවහනට යාම පිළිබද සිතිවිලි ඔබට නොතිබිය යුතුයි. ඔබ දැන් පරමාත්ම දෙවියන්ගේ දරුවන්. පරම පියා ඔබට උගන්වනවා. බෞද්ධයින්ට සහ ක්‍රිස්තියානුවන්ට දූත මෙහෙයක් තිබෙන සේම, මෙය මනුෂ්‍යයන්ව පරිවර්ථනය කිරීමේ දූත මෙහෙයයි. ක්‍රිෂ්ණා සහ ක්‍රිස්තියානි යන නම් දෙකේ සමාන හඩක් තිබේ. ඔවුන් අතරේ ගනු දෙනුවක ගැඹුරු සම්බන්ධතාවයක් තිබේ. ඔබට උපකාර කරන කෙනාගේ භාෂාව භාවිතා කිරීම නතර කිරීමත් අපහාසයක්. ඔවුන් එන්නේ පසුවයි. ඔවුන්ට එතරම් සතුට හෝ දුක නැත. සියලු නව නිපැයුම් නිර්මාණය කරන්නේ ඔවුන්ය. මෙහිදි ඔවුන් භාණ්ඩ නිපදවීමට තැත් කළත් කිසිවෙකුට ඒවා නිවැරදිව සෑදිය නොහැක. විදේශයන්හි භාණ්ඩ හොදයි, මන්ද, ඔවුන් එහිදි ඒවා සාදන්නේ අවංකවයි. මෙහි ඔවුන් සෑම දෙයක්ම සාදන්නේ වංක ලෙසයි. අසීමිත දුක තිබේ. සියලු දෙනාගේ දුක ඉවත් කළ හැකි කිසිම මනුෂ්‍යයෙක් සිටිය නොහැක, පියා පමණයි. ලෝකයේ සාමය වෙනුවෙන් ඔවුන් කෙතරම් සම්මන්ත්‍රණ පැවැත්වුවද, ඔවුන් කරන්නේ වැටි වැටි වටේ ගමන් කිරීම පමණයි. එය මව්වරුන් දුක් විදීම පිළිබද ප්‍රශ්නයක් පමණක් නොවෙයි, මන්ද, මෙහි බොහෝ විවිධ දුක් තිබේ. ලෝකය පුරාම සෑම තැනකම තිබෙන්නේ රණ්ඩු සහ දබර කරගැනීම් පමණය. ඔවුන් කිසිම වටිනාකමක් නැති සුළු කාරණා ගැන ගැටුම් ආරම්භ කරයි. එහිදි දුක පිළිබද ප්‍රශ්නයක් නැත. ඔබ මෙය ගණනය කළ යුතුයි. ඕනෑම වෙලාවක යුද්ධ ආරම්භ විය හැක. රාවන, භාරතයට ප්‍රථමයෙන් පැමිණෙන විට, රණ්ඩු කිරීම ප්‍රථමයෙන් ඇරඹෙන්නේ මෙහි නිවසේය (භාරතයේ). ඔවුන් එකිනෙකා සමග සටන් කර බෙදී වෙන් වන අතර පසුව විදෙස් රටවල මිනිසුන් මැදිහත් වෙයි. බ්‍රිතාන්‍යයන් ආරම්භයේ මෙහි සිටියේ නැත. පසුව ඔවුන් අතරමැදට පැමිණ අල්ලස් දීමෙන් රාජධානිය ලබා ගත්තා. දිවා රාත්‍රිය මෙන් වෙනසක් ඇත. අළුතෙන් පැමිණෙන පුද්ගලයෙකුට කිසි දෙයක් වටහා ගැනීමට නොහැකි වෙයි. මෙම දැනුම අළුත්ය, පසුව එය අතුරුදහන් වෙයි. පරමාත්ම පියා ඔබට මෙම දැනුම ලබා දෙන අතර එය ඉන්පසුව අතුරුදහන් වී යයි. ඔබට ඒකායන පියාගෙන් මෙම එක දැනුම ලැබෙන්නේ එක් වරක් පමණයි. ඔබ තව දියුණුවත්ම, ඔබ කවුරු බවටද පත්වන්නේ, පිළිබද දර්ශන ඔබ සියලු දෙනාටම ලැබෙයි. කෙසේවෙතත්, ඔබට ඒ වෙලාවේ කුමක්ද කළ හැක්කේ? ඔබට ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි වෙයි. ප්‍රතිඵල නිකුත් කර අවසන් වූ විට, එය මාරු කර හැරීම පිළිබද කාරණාවකි. කෑ ගසා හඩා වැලපීම් ඇති වන අතර අපව නව ලෝකයට මාරු කර යැවෙයි. ඔබ උත්සාහ දරන්නේ හඩ, සියලු දිශාවල විගසින් පතුරුවා හැරීමටයි. එවිට මිනිසුන්, තමන් විසින්ම මධ්‍යස්ථාන වලට දිව යයි. කෙසේවෙතත්, ඔවුන් පසුව පැමිණෙන තරමට, එය වඩාත් “ප්‍රමාද වැඩියි” වෙයි, එමෙන්ම ඔවුන්ට එවිට කිසිවක් රැස් කරගැනීමට නොහැකි වෙයි. මුදල් වලට අවශ්‍යතාවයක් නොතිබෙයි. මිනිසුන්ට විස්තර කිරීමට ඔබට මෙම බැජ් එක සෑහෙයි. මෙම බ්‍රහ්ම, විෂ්ණු වන අතර විෂ්ණු, ඉන්පසුව බ්‍රහ්ම වෙයි. මෙම බැජ් එක කෙබදු වන්නේද යත්, සියලුම ශාස්ත්‍රවල සාරය එහි ඇතුලත්ය. බාබා බොහෝ සේ බැජ් එකට ප්‍රශංසා කරයි. සියලු දෙනාම ඔවුන්ගේ දෑස් මත මෙම බැජ් එක තබන කාලයක් පැමිණෙයි. එහි “මන්මනාභව” ද තිබේ : මා සිහි කරන්න, එවිට ඔබ මෙය බවට පත් වෙයි. ඉන්පසුව මෙම කෙනා උපත් 84ක් ගනීවි. පුනරුත්පත්ති නොගන්නේ ඒකායන පියා පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සිහිපත් කිරීමේ සිටීමට සහ මෙම දැනුම ධාරණය කරගැනීමට උත්සාහ දැරීමෙන් ඔබගේ කර්මතීට් ස්ථිතියට ඔබ ලගා විය යුතුයි. දැනුමේ සාගරයේ සම්පූර්ණ දැනුමම ඔබ තුළට ධාරණය කරගන්න.

2. ජීවාත්මය වන ඔබ තුළ මිශ්‍ර වී ඇති වෙනත් ලෝහ ඉවත් කර දමා, සම්පූර්ණයෙන් පාපයෙන් තොර වන්න. අපවිත්‍ර බවේ සුළු සලකුණක් පවා නොතිබිය යුතුයි. පුහුණු කරන්න: “ජීවාත්ම වන අප, සහෝදරයන්ය.”

වරදානය:
ඔබගේ කාලය සහ සිතිවිලි යන සම්පත් වලට අවධානය යොමු කිරීමෙන්, ඔබගේ ඉතුරුම් ගිණුම වැඩි කර, කෝටිපතියෙක් වේවා.

ඔබට ඇත්ත වශයෙන්ම බොහෝ සම්පත් තිබේ, නමුත් ඔබ විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ ඔබගේ කාලය සහ සිතිවිලි යන සම්පත් වලටයි. සෑම මොහොතකදීම ඔබගේ සිතිවිලි ශ්‍රේෂ්ඨ සහ පිවිතුරු කරගන්න, එවිට ඔබගේ ඉතිරි කිරීමේ ගිණුම නොකඩවා වැඩි වෙයි. වත්මන් කාලයේ ඔබ එකක් ඉතිරි කරන විට, ඔබට කෝටි ගුණයක් හිමි වෙයි. ගණනය කිරීම මෙයයි. එකකට, කෝටි ගුණයක පුතිලාභයක් ඔබට ලබා දෙන බැංකුව මෙයයි. එබැවින් කුමක් සිදු වුනත්, ඔබට යමක් අත්හැරීමට සිදු වුනත්, ඔබට තපස්යාවේ සිටීමට සිදු වුනත්, ඔබට නිරහංකාර වීමට සිදු වුනත්, කුමක් සිදු වුනත්, මෙම කාරණා දෙකට අවධානය යොමු කරන්න, එවිට ඔබ කෝටිපතියෙක් වෙයි.

පාඨය:
ඔබගේ මනසේ බලයෙන් සේවය කරන්න, එවිට ඔබට බොහෝ ගුණයක විශාලත්වයකින් යුතු ප්‍රතිලාභයක් හිමි වෙයි.