17.07.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අශාරීරික පියාගේ උපන් ස්ථානය වන්නේ මෙම භාරතයයි. පියා ඔබට රාජයෝගා ඉගැන්වීමටත්, ඔබගේ අධිරාජ්‍යය ලබා දී ඔබට සේවය කිරිමටත් එන්නේ මෙතැනටයි.

ප්‍රශ්නය:
ශිව බාබා ළඟ තිබෙන, දරුවන් විසින් ඉටු කිරීමට පොරොන්දු වන පොරොන්දුව කුමක්ද?

පිළිතුර:
සුමිහිරි දරුවනි, ඔබ කිසිම පාපකාරී ක්‍රියාවක් නොකරනවා යැයි පියාට පොරොන්දු වන්න. ඔබ පාපයන් පහ දානය කරනවා. ඔබ යම් දෙයක් දානය කර නැවතත් එය ආපසු ගතහොත් විශාල ලෙසින් පාපය එක්කර ගන්නා අතර දඬුවම තවත් උග්‍ර වීම ගැන ඔබ තුළ බියක් ඇති විය යුතුයි. හරිස්චන්ද්‍ර රජුගේ කතාව පදනම් වන්නේ මේ මතයි.

ඕම් ශාන්ති.
මේ තමයි දරුවන් වන ඔබගේ දේව ශිෂ්‍ය ජීවිතය. දරුවන් දන්නවා ඔබ ඔහු ළඟට පැමිණ සිටින බව. ඔහු මෙහි පැමිණ දරුවන්ගේ වාසනාව නම් වූ භාරත රාජ්‍යය සෑම චක්‍රයකදීම ඔබට ලබා දෙනවා. ඔහු එන්නේ භාරතයට පමණයි. මෙය තමයි භාරත දේශය. කෙනෙක් තමාගේ දේශයට බොහෝ ආදරය කරනවා. ගෞරව කරනවා. වැදගත් පුද්ගලයෙක් මෙහිදී මිය ගියහොත් ඔහුව ගෙදර ගෙන යනවා. මෙහි ජීවත් වන පුද්ගලයෙක් විදේශයකදී මිය ගියහොත් ඔහුගේ සිරුර නැවතත් මෙහෙට ගෙනෙනවා. කෙනෙකුගේ දේශයට එවන් වූ ගෞරවයක් තිබෙනවා. භාරතය හඳුන්වන්නේ දෙවියන් උපන් ස්ථානය ලෙසයි. ඔබ දන්නවා, දැන් ඔබ අසුන්ගෙන සිටින්නේ ඔබ මෙතෙක් කල්, දෙවියනි, අල්ලා දෙවියනි, උත්තරීතර පියාණනි යනුවෙන් කතා කළ තැනැත්තා ඉදිරිපිට බව. අනිවාර්යෙන්ම නමක් තිබිය යුතුමයි. ඔවුන් අල්ලා ගැන කතා කළා වුවත් ඔවුන් වන්දනා කරන්නේ අණ්ඩාකාර දෙයකටයි. ඔවුන් අල්ලා සහ කුදා ගැන කතා කරන තාක්කල් ඔහුගේ සංකේත තිබිය යුතු වනවා. සෑම තැනකම මිනිසුන් අණ්ඩාකාර පිළිම වලට වන්දනා කරනවා. දේවතාවන්ගේ පිංතූරවලට ඉදිරියෙන් ඔවුන් උත්තරීතර පියා, උත්තරීතර ජීවයේ අණ්ඩාකාර පිළිමයක්ද තනවනවා. ඔහු තමයි උසස්තම වූ තැනැත්තා. ඔහුට ඔහුටම කියා ශරීරයක් නැහැ. ඒ නිසා තමයි ඔහු අශාරීරික ලෙස හඳුන්වන්නේ. ඔහු භෞතීක නැහැ. දැන් දරුවන් දන්නවා ඔබ සෑම චක්‍රයකදීම ඔහුගෙන් ඉගෙන ගැනීම සඳහා ඔහු ඉදිරියේ මෙසේ ඉඳ ගන්නා බව. දෙවියන් කියූ දේවල් තිබේනම් ඔහු අනිවාර්යෙන්ම රාජයෝගා ඉගැන්වූවා විය යුතුයි. ශිෂ්‍යයන්ට රාජයෝගා ඉගැන් වූ අතර පසුව ඔවුන් රජවරුන් හා රැජිනියන් බවට පත්වනවා. මෙහිදි යුද්ධ ආදිය පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. ලක්ෂ්මි සහ නාරායන ඔවුන්ගේ තත්ත්වය ලබා ගත්තේ සටන් කිරීමෙන් නොවේ කොහෙත්ම නැහැ! ලෝකයේ මිනිසුන්, ඔවුන් ඒ රන් යුගයේ රාජ්‍යය ලබා ගත්තේ කෙසේද කියාවත් දන්නේ නැහැ. දරුවන්ට දැන් තේරෙනවා ඔබ පියාගේ ඒ රාජ්‍යය හිමි කර ගන්නා බවත්, ඔබ පෞද්ගලිකවම ඔහු ඉදිරියේම අසුන්ගෙන සිටින බවත්. මේ එකම එක බාබායි. මේ ක්‍රිෂ්ණා නොවේ. ක්‍රිෂ්ණා කියන්නේ පුංචි දරුවෙක්. ඔහු තමයි නිර්මාණය. ක්‍රිෂ්ණා අනිවාර්යෙන්ම ඔහුගේ තත්ත්වය හිමි කර ගන්නවා. මන්ද, එවිට අනාගතයේදී ඔහුට ක්‍රිෂ්ණා කියා කිව හැකි නිසයි. මේ සෑම දෙයක්ම ඉගෙන ගැනීම පිළිබඳ වූ දේවල්. මනුෂ්‍යයන් තවත් මනුෂ්‍යයන්ට උගන්වා ඔවුන්ව නීතීඥයන්, ඉංජිනේරුවන් බවට පත් කරන්නා සේ බාබාත් අපට රාජයෝගා උගන්වන බව ඔබ දන්නවා. ඔවුන් මනුෂ්‍යයන්. ඔබත් මනුෂ්‍යයන් වන බවත්, නමුත් ඔබ අපිරිසිඳු බවත් දැන් ඔබ දන්නවා. පියා දැන් ඔබව පාරිශුද්ධත්වයට පත්කරවනු ලබන අතර ඔබට ඔබගේ උරුමය ද ලබා දෙනවා. නව ලෝකය පිරිසිඳු ලෝකය වෙයි. නව ලෝකයේ රාජ්‍යය තිබෙනවා. ඔබ දැන් පියා ඉදිරියෙහි පෞද්ගලිකවම අසුන්ගෙන සිටිනවා. භෞතික පියෙක් තම දරුවන් සමඟ හිඳගෙන ඔවුන්ට ඉතා ආදරයෙන් විස්තර කර දෙන්නාක් සේ මෙහිදීත් මේ, ලෝකයෙන් ඔබ්බෙහි සිටින්නා වූ ඒ අසහාය පියාට තමයි ඔබ ගායනා කළේ මවද ඔබමය, පියාද ඔබමය ආදී වශයෙන්. භක්ති මාර්ගයේදී අප සිහිපත් කරන්නා වූ මොහු මේ කාලයේදී ඔහුගේ කොටස රඟ දක්වනවා. ඔබ කියනවා, ඔබ ශිව බාබා ළඟට පැමිණ සිටිනවා කියා. ඔබ ලියුම් පවා ලියනවා බ්‍රහ්මා බාරේ, ශිව බාබාට. ඔබ මේ තැපෑල අනෙක් අයට පෙන්වුවහොත් ඔවුන් පුදුම වෙයි. ඔවුන් කිසිම දිනෙක ’බ්‍රහ්මා බාරේ ශිව බාබා’ වැනි දේ අසා නැතිව ඇති. ශිව බාබා බ්‍රහ්මා තුළට ඇතුළු වී විශ්ණුගේ දේශය ස්ථාපිත කරනවා. ඔහු ඉදිරියෙන් අසුන්ගෙන සිටින අතර ශිව බාබා ඉන්නේ ඉහළිනි. ශිව බාබා බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය සිදු කළ අතර දැන් නැවතත් එය එලෙසම කරවනවා. මෙය ගෘහ ජීවිත මාර්ගයයි. මිනිසුන් උසස් අධ්‍යාපනයක් ලද කල ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයටම එය ඉගැන්වෙනවා. කාන්තාවන් පවා ආණ්ඩුකාරවරුන්, නීතිඥයන් හා දොස්තරවරුන් වනවා. මෙය ගෘහ ජීවිත මාර්ගයයි. සන්යාසීන්ගේ මාර්ගය අත්හැරීමේ මාර්ගය වන අතර එය වෙනස් එකක් වනවා. ශංකරාචාර්ය නොසිටින්නට භාරතයේ පුංචි ලෙසකින් හෝ පාරිශුද්ධත්වයක් නැති වනවා. භාරතය සම්පූර්ණයෙන්ම පිළිස්සී ගියා විය හැකියි. එමනිසා, එය භාරතයට උදව්වක් හැටියට ඒ ආකාරයෙන්ම නැවත නැවතත් සිදුවනවා. භාරතය බොහෝ සෙයින් පාරිශුද්ධත්වයෙන් තිබුණු අතර පසුව අපිරිසිඳු වූවා. භාරතය දැන් සම්පූර්ණයෙන්ම දිළිඳු තත්ත්වයට පත්වෙලා! රන් ලංකාව මුහුද යට ගිලුණා කියා මිනිසුන් කියනවා. කොහොමනමුත්, රන්වලින් සැදි ලංකාවක් තිබිය නොහැකියි. ඔවුන් නිකම්ම කිසිම ප්‍රයෝජනයක් නැති කතන්දර ලිව්වා. බාබා මේ සම්පූර්ණයෙන්ම පහසුම වූ ස්මරණයේ බලයෙන් ඔබව බොහෝ උසස් තත්ත්වයට පත්කරවන බව දරුවන් වන ඔබ දන්නවා. ඔබ නිරන්තර ස්මරණයෙහි යෙදීමට උත්සාහ දරණවා නම් පාපයන් සියල්ල නැති වී යන බවට බාබා පොරොන්දු වනවා. භක්ති මාර්ගයේදීත් ඔබ ස්මරණයෙහි යෙදීමට උත්සාහ දැරුවා. ඔවුන් දෙවියන් සිහිකරන්නේ ඇයි? එවිට ඔවුන්ට දර්ශන දැකිය හැකිවන නිසයි. දෙවියන් සිහිපත් කිරීමෙන් තමන්ට ක්‍රිෂ්ණාගේ රාජ්‍යය හිමි වීම හෝ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට නාරායන බවට පත්වෙනවා කියා දෙයක් සිදුවන බව හෝ ඔවුන් සිතන්නේ නැහැ, නැහැ. අඩුම තරමින් ඔබට, සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතා තත්ත්වයට පත්වනවා කියා බලාපොරොත්තුවක් හෝ තිබුණේ නැහැ. මනුෂ්‍යයන් දේවත්වයට පත් කිරීමට දෙවියන්ට එතරම් කාලයක් ගියේ නැතැයි කතාවක් තිබෙනවා. කලි යුගයෙන් පසු අනිවාර්යෙන්ම සත් යුගය තිබෙන බව සත්‍ය වශයෙන්ම ඔබට දැක ගත හැකියි. කලි යුගයේ බොහෝ මිනිසුන් සිටිනවා. සත් යුගයේ තිබෙන්නේ එකම එක ආගමක් පමණයි. ඔබ දැන් ජිවාත්මයේත්, උත්තරීතර ජීවාත්මයේත් ඥානය ලබා තිබෙනවා. ජීවාත්මය පිළිබඳ ඥානය තිබෙන එකම එක මනුෂ්‍යයෙක්වත් මේ ලෝකයේ නැහැ. උපත් 84හි කොටස ජීවාත්මය තුළ පටිගත වී තිබෙන්නේ කෙසේද යන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබ කිසිම විටෙක කිසිම කෙනෙකුගෙන් මෙවන් වූ වචන අසා නැහැ. පරමාත්ම පියා තමයි ඥාන සාගරය, පාරිශුද්ධකරු සහ අශාරීරික තැනැත්තා වන්නේ. ජීවාත්මයන් වන ඔබ දැන් දන්නවා ඔබ අපිරිසිඳු ජිවාත්මයන් ලෙස සිට දැන් පුණ්‍යවත් ජීවාත්මයන් බවට පත්වන බව. සත් යුගයේදී සෑම කෙනෙක්ම පුණ්‍ය ජීවයන්. මෙහිදී සෑම කෙනෙක්ම පාපකාරී ජීවයන්. බොහෝ දානමානාදිය කරන, සමාජ සේවය බොහෝ සෙයින් කරන අය පුණ්‍යවත් ජීවයන් ලෙස හැඳින්විය නොහැකියි, නැහැ! පුණ්‍යවන්ත ජිවයන් සිටින්නේ ස්වර්ණමය යුගයේදී පමණයි. මෙහි සිටින මිනිසුන් සිතනවා, බොහෝ දානමානාදිය කරන අය පුණ්‍යවත් ජීවයන් කියා. එහිදි ඔබ කිසිම දෙයක් දානය කළ යුතු වන්නේත් නැහැ, සමාජ සේවය කළ යුතු වන්නේත් නැහැ. එහි කිසිම කෙනෙක් දුප්පත් නැහැ. එහිදි ඔබ නිරන්තරවම පුණ්‍යවත් ජීවයන්. ඔබ ඔබගේ ශරීරය, මනස හා ධනය ඒ අසීමිත පියාට දෙනවා. එය බාබා වෙනුවෙන් ඔබව කැප කිරීම ලෙස හඳුන්වනවා. පියා අහනවා ප්‍රථමයෙන් මා ඔබට කැප වනවාද, ඔබ මට කැප වනවාද? බාබා කියනවා ප්‍රථමයෙන්ම කැපවන්නේ ඔබයි. උපත් 21ක ඵලය ඔබට ලබන්නට හැකි වන්නේ අන්න එවිටයි. ඔබ දැන් මේවාට කෙළින්ම සවන් දෙන නිසා මේවා ඉතා හොඳින් පැහැදිලි කර ගන්නවා. ඔබ ගෙදර සිටින විට මුරලි ලැබෙනා අතර ඔබ සවන් දෙන්නේ දුර සිටයි. ඔබ දැන් පෞද්ගලිකවම පියා ඉදිරියෙහි අසුන්ගෙන සිටිනවා. පරමාත්ම පියා කියනවා දරුවනි, මා ඔබගේ පියායි. මෙහිදී අන්ධ විශ්වාසයක් අවශ්‍ය වන්නේ නැහැ. ඔහු පියා වන අතර ගුරුවරයා ද වනවා. ඔබ පියා හට වෙන් වුණු විට ඔහු ඔබට උගන්වනවා. ඔබගේ බුද්ධිය තුළ දැන් මේ සම්පූර්ණ දැනුම තිබෙනවා. උපත් 84හි චක්‍රය ගැන ඔබට උගන්වා තිබෙනවා. උපත් 84ක් නොගන්නා අය මෙය තේරුම් ගන්නේ නැහැ. ඔබ මේ උපත් 84හි චක්‍රය පුරා නිසැකයෙන්ම සිටි බවත්, දැන් ගෙදර යන බවත් දන්නවා. පරමාත්ම පියා කියනවා ජීවාත්මයන් වන ඔබ ශරීරයක් නොමැතිව පැමිණියේ නම් ගෙදර යා යුත්තේත් ශරීරයෙන් තොරවයි. ඔබ පිරිසිඳු ජිවාත්ම බවට පත්වී, පසුව යනවා. ඔබ පාරිශුද්ධත්වයට පත්වීමට උත්සාහ දරණවා. ඔබ යෝගා බලයෙන්, එනම්, ස්මරණයේ බලයෙන් පාරිශුද්ධත්වයට පත්වනවා. ’යෝගා’ යන වචනය ආගමික ග්‍රන්ථයන්ගෙන් පැමිණි දෙයක්. නිවැරදි නම තමයි ස්මරණය. භාර්යාවක් තම ස්වාමිපුරුෂයා සිහිපත් කරන අතර, ස්වාමිපුරුෂයා තම භාර්යාව සිහිපත් කරනවා. යෝගා යන්නෙහි අර්ථය ස්මරණය යන්නයි. පියා කියනවා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කර අන් සැමගෙන්ම බුද්ධිය ඉවතට ගෙන මා සමඟ පමණක්, ඔබගේ පියා සමඟ පමණක් සම්බන්ධ වන්න, මා සිහිපත් කරන්න! ඔබ කෙතරම් දුරට මා සිහිපත් කරයිද, එතරම්ම දුරකට ඔබගේ පාපයන්ද නැති වි යනු ඇත. ඇත්තෙන්ම භාරතය සෑම චක්‍රයකදීම උරුමය ලබනවා. ශිවාගේ උපන් දිනය ඉතා ප්‍රසිද්ධයි. ජේසු තුමා, බුදුහිමි ආදීන්ගේ උපන් දින තිබෙන්නාක් සේම, ඒ අශාරීරික ශිවාටත් උපන් දිනයක් තිබෙනවා. එමනිසා, ඔහු තමයි සියල්ලන්ටම වඩා උසස්ම වූ තැනැත්තා වන්නේ. ක්‍රිෂ්ණාගේ උපන් දිනයත් ඉතා ප්‍රසිද්ධයි. කොහොමනමුත්, ඔහු මොනවද කරන්නේ, ඔහු මෙහි එන්නේ කවදාද ආදී කිසිම දෙයක්, කිසිම කෙනෙක් දන්නේ නැහැ. සත් යුගයේ කුමරෙක් බවට පත්වීමට එවන් වූ ක්‍රියා කිරීමට අනිවාර්යෙන්ම කෙනෙක් ඉගැන්වූවා විය යුතුයි. කෙසේවෙතත්, කුඩා දරුවෙක් පිරිසිඳුයි. එහිදී පාපය ගැන කිසිම ප්‍රශ්නයක් නැඟෙන්නේ නැහැ. දරුවන් කොහොමත් පිරිසිඳුයි. අශාරීරික වූ එකම එක තැනැත්තා පරමාත්ම දෙවියන්ය. දෙවියන් ඉන්නේ එක්කෙනයි! අනෙක් සෑම දෙයක්ම නිර්මාණයයි. නිර්මාණයට නිර්මාණයෙන්ම කිසිම විටෙක උරුමයක් ලද නොහැකියි. උරුමය ලබා ගත හැක්කේ පියාගෙන් පමණයි. සහෝදරයෙකුට තවත් සහෝදරයෙකුගෙන් උරුමයක් ලද නොහැකියි. ඔබ සියලුම දෙනා සහෝදරයන්. ඔවුන් සහෝදරත්වය ගැන කතා කරනවා. මෙහි ඉන්නේ එකම එක පියෙක් පමණක් වන අතර උරුමය ලැබෙන්නේ ඔහුගෙනි. සැමටම විමුක්තිය ලබා දෙන්නේ ඒ එකම එක පියායි. සෑම ජිවයක්ම පියාගෙන් උරුමයක් ලබනවා. පියා කියනවා මා පැමිණ ජිව වන ඔබට උගන්වා ජීවයට විමුක්තිය ලබා දෙනවා. පියා මෙහි අසුන්ගෙන ඔබට රාජයෝගා උගන්වනවා. මෙම උගැන්මෙහි තත්ත්වය ඔබ මෙහිදි ලබන්නේ නැහැ. මිනිස්සු මේ උපතේදී නීතීඥවරුන් ආදී තත්ත්වයන් ලබනවා. පසුව ඊළඟ උපතේදී ඔවුන් නැවතත් ඉගෙන ගත යුතු වනවා. මෙම අධ්‍යාපනයෙන් ඔබ උපත් 21ක් සඳහා වු තිළිණයක් ලබන බව ඔබ දන්නවා. සත් යුගයේ වෛද්‍යවරු නැහැ. එහි කිසිම අසනීපයක් නැහැ. එහිදී ඔබ ඉන්නේ මාළිගාවක් වැනි වූ ගර්භාෂයේයි. මෙහිදී ඔබ ඉන්නේ බොහෝ සෙයින් දඬුවම් ලබන්නා වූ සිරකුටියක් වන් වූ ගර්භාෂයකයි. මේ නිසා තමයි ජීවයන් කෑගසන්නේ මේ සිර කුටියෙන් මා ඉවතට ගන්න, මම නැවතත් වැරදි කරන්නේ නැහැ! ඔවුන් ධර්මරාජ්ට මේ අයුරින් පොරොන්දු වනවා. මෙහිදී ඔබ පොරොන්දු විය යුත්තේ ශිව බාබාටයි බාබා, මම නැවතත් කිසිම විටෙක පාපයේ යෙදෙන්නේ නැහැ. මා ඔබට පාපයන් පහම භාර දෙනවා. පියා දන්නවා ඒ තරම් ලෙහෙසියෙන් පාප පහ නැති කළ නොහැකි බව. පාපයන් පහ දානය කිරීමෙන් පසුවත් නැවතත් ඒවා ලබා ගැනීමෙන් පාපය එකතු වීම පිළිබඳව ඔබ ඇතුලාන්තයෙන් බිය විය යුතුයි. හරිශ්චන්ද්‍ර නම් රජතුමෙකුගේ උදාහරණයක් තිබෙනවා. පාප පහ එතරම් ලෙහෙසියෙන් ඉවත් කළ හැකි දෙයක් නොවන බව පියා දන්නවා. නැහැ. ඒ සඳහා ටිකක් කල් ගත වනවා. ඔබ ඔබගේ කර්මාක්ෂය තත්ත්වයට ළඟා වූ කල යුද්ධය ඇරඹෙනවා. මේ පාපයන් පහ ඔබගේ හතුරායි. එයිනුත් ප්‍රධානම එක ශරීර අවධානයයි. එය දානය කිරීම ඉතා අපහසුයි. පියා නැවත නැවතත් ඔබට කියනවා ඔබ ජීවාත්මයක් ලෙස සළකා ඔබගේ පරමාත්ම පියා වන මා සිහිපත් කරන්න. කොහොමනමුත්, මෙය එසේ සිදුවන්නේ නැහැ. ඔබ ශරීර අවධානයට පත් වූ විට රාගය නම් වූ පාපයෙහි ඇලී සිටිනවා. සැමටම වඩා බලවත් වන්නේ ශරීර අවධානයයි. ජීවාත්ම අවධානයට පත්වීමට උත්සාහය අවශ්‍යයි. ශරීර අවධානයට පත්වීම නිසා පාපය වැඩි වී තිබෙනවා. පාපයන් පහ අනිවාර්යෙන්ම දානය කළ යුතුයි. මේ සඳහා තමයි කාලය ගත වන්නේ. මනමාලියන්ට, මනමාලයා ඉදිරියෙන් යන්න බැහැ. පළමුව මනමාලයා යා යුතු අතර මනමාලිය ඔහු පසුපසින් යනවා. මනමාලයා අනිවාර්යෙන්ම මෙහි පැමිණ සෑම ජීවයක්ම ගෙදර රැගෙන යා යුතුයි. ඔබ ඔබගේ කර්මාක්ෂය තත්ත්වයට පත්වන තුරුම උත්සාහය දැරිය යුතු වනවා. වැරදි සිදුවන්නේ ඔබ ශරීර අවධානයට පත් වූ විටයි. සමහරු කියනවා බාබා, මම ශරීර අවධානයට පත් වී පාපයට වැටුණා කියා. බොහෝ කුණාටු එයි. පාපයෙන් පිරි සිතිවිලි එයි. නමුත් භෞතික ඉන්ද්‍රියන්ගෙන් ඔබ කිසිම පාපයක් නොකළ යුතුයි. මායා පරාජය කිරීමට විශාල උත්සාහයක් දැරීමට සිදුවනවා. පියා කියනවා ඔබ දැනටමත් විවාහ වී සිටීනම්, තවමත් පාරිශුද්ධත්වය රකින්නට හැකි බව සන්යාසීන්ට පෙන්වන්න. ඔබ ලබනා ආදායම කෙතරම් උසස්ද බලන්න. ඔබ පාරිශුද්ධත්වයෙන් සිටින බව පෙන්වුවහොත්, ඔබට ඉතාමත් උසස් තත්ත්වයක් ලැබෙනු ඇත. සෑම කෙනෙක්ම ඔබ වෙනුවෙන් කැප වෙයි. බාබා පවා ඔබට ප්‍රශංසා කරයි. සමහර විට ඔබ පාරිශුද්ධත්වයෙන් සිටිනවා විය හැකියි. නමුත් යෝගා ද අවශ්‍ය වනවා. යෝගාවලදී තමයි නිරන්තරයෙන්ම බාධක පැමිණෙන්නේ. එහිදී ශරීර අවධානය ඇති වනවා. ඔබ පාරිශුද්ධත්වයෙන් ඉන්නවා නම් හොඳයි, පිරිසිඳු ලෝකයේ උරුමය ඔබට ලැබිය හැක්කේ පාරිශුද්ධත්වය රැකීමෙන් පමණයි. කොහොමනමුත්, මායාත් ඇයගේ බලය පෙන්වාවි. මායා බොහෝ සෙයින් ඔබට පහර දෙනවා. පියා විස්තර කරනවා මේ සියලු දේ සිදුවනවා. ඔබ ධෛර්යයක් පෙන්නුම් කරනවා. නමුත් ඒත් සමඟම නිරන්තර ස්මරණයත් තිබිය යුතුයි. පාපයන් ඉවත් කරලිය හැක්කේ එවිට පමණයි. බොහෝ සෙයින් බලවත් වන අයට මායා බොහෝ හිරිහැර කරනවා. සමහරුන්ට ස්මරණයේ යෙදිය හැක්කේ ඉතා කලාතුරකිනි. ස්මරණයෙහි යෙදිය හැකි අයගෙන් ඔබ ඔවුන්ගේ අත්දැකීම් ඇසිය යුතුයි. ඔබ මොකද හිතන්නේ? ඔබට මෙය කළ හැක්කේ කෙසේද? ස්මරණයෙහි යෙදීමෙන් ඔබගේ පාපයන් ඉවත්ව යනු ඇත. මෙය අළුත්, අසහාය වූ කරුණක්. මෙහි අසුන්ගෙන සිටින විට ඔබ බොහෝ කුල්මත් වනවා. අශාරීරික වූ එකම තැනැත්තා වන්නේ පරමාත්ම දෙවියන් පමණක් බවත්, ක්‍රිෂ්ණා නොවන බවත් ඔබ දන්නවා. ආගමික ග්‍රන්ථවල ඔවුන් ක්‍රිෂ්ණා ගැන කතා ලියා තිබෙනවා. ඔහුව ගහක බැඳ තැබුවේ කෙසේද, ඔහු කළ නොයෙකුත් දේ, ආදී නොයෙක් දේ ලියා තිබෙනවා. කෙසේවෙතත්, ඒ කිසිම දෙයක් සත්‍ය දේවල් නොවේ. ඔවුන් කරන්නේ ඔහුට නිග්‍රහ කිරීමත්, අපහාස කිරීමත් පමණයි. ක්‍රිෂ්ණා ළඟ කිසිම වැරැද්දක් තිබුණේ නැහැ. ඒ අයුරින් දඟකාර වීමත් වැරැද්දක් තමයි. උසස්ම උසස් වූ උපදෙස් මාලාව පිළිපදින ලද එකම උසස්ම උසස් වූ මනුෂ්‍යයා ක්‍රිෂ්ණායි. ඔහුගේ ප්‍රශංසනීයත්වය ගැයෙනවා සියලු ගුණාංගයන්ගෙන් පිරි... ඔවුන් ගායනා කරනවා ’ගුරු බ්‍රහ්මා, ගුරු විශ්ණු’, නමුත් ඔබට එවැනි ගුරු කෙනෙක් නැති බව ඔබ ඔවුන්ට පැවසිය යුතුයි. මොහු අපගේ ගුරු හෝ දෙවියන් හෝ කියා අප විශ්වාස කරන්නේ නැහැ. ඒ අශාරීරික වූ ඒකායන කෙනා පමණයි පාරිශුද්ධකරු වන්නේ. භෞතික වු කිසිම ගුරු කෙනෙක් පාරිශුද්ධකරු වන්නේ නැහැ. ඔබ දැන් උත්තරීතර පියා, උත්තරීතර ජීවයේ සම්පූර්ණ ජීවිත කතාව දන්නවා. අවුරුදු 5000ක් තුළ ශිව බාබා විසින් කරන කොටස කුමක්ද යන දැනුම දැන් ඔබ ළඟ තිබෙනවා. පියා දැනුමෙන් පිරි තැනැත්තායි. ඔහු සතුටේ, සාමයේ හා ආනන්දයේ සාගරයයි. මේ තමයි ඔහුගේ ප්‍රශංසනීයත්වය. පියාට ධනය තිබෙනවා. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම ඒවා දරුවන්ටත් දෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කර්මාතීත් තත්ත්වය ලබා ගැනීම උදෙසා, භෞතික ඉන්ද්‍රියන් මඟින් කිසිම පාපකාරී ක්‍රියාවක් කරන්න එපා. ඒ වාගේම හොඳින් ස්මරණය කරන්නෙක් බවට පත්වන්න.

2. නිරන්තරයෙන් පුණ්‍යවත් ජිවයක් බවට පත්වීමට නම්, ඔබගේ ශරීරය, මනස හා ධනය පියාට කැප කරන්න. එක් වතාවකට ඔබ පියාට කැප වූ කල, උපත් 21ක් පුරාවට ඔබ පුණ්‍යවත් ජීවයක් බවට පත්වනු ඇත.

වරදානය:
ඔබ සෑම විෂයකින්ම පරිපූර්ණ වී ඔබේ යෝගාව, ස්වභාවික සහ ඔබේ ස්වභාවය කරගනිත්වා.

පරම පියාගේ දරුවන් වීම තුළ කිසිදු ප්‍රතිශතයක් නොමැති සේම, ඔබේ නිරන්තර සහ පහසු යෝගි අවධියේ දී යෝගාවේ ප්‍රතිශතයක් නොතිබේවා. එය ස්වාභාවික සහ ඔබේ ස්වභාවය බවට පත් වේවා. සමහර පුද්ගලයින්ට විශේෂ ස්වභාවයක් ඇති අතර ඔවුන් ඔවුන්ගේ සවිඥානික කැමැත්තට පටහැනිව පවා එම ස්වභාවයට අනුව ගමන් කරයි. එලෙසම, මෙයද ඔබේ ස්වභාවය බවට පත් වේවා. “මට කුමක් කළ හැකිද? මට යෝග කළ හැක්කේ කෙසේද?” යන සියලු දේ අවසන් කරන්න, එවිට ඔබ සෑම විෂයයකින්ම පරිපූර්ණ වනු ඇත. පරිපූර්ණ යන්නෙන් අදහස් කරන්නේ ඕනෑම බලපෑමකින් හෝ අඩුපාඩුවකින් නිදහස් වීමයි.

පාඨය:
ඔබට යමක් ඉවසා සිටීමට අවශ්‍ය නම්, බලහත්කාරයෙන් නොව සතුටින් එය ඉවසා සිටින්න.

අව්‍යක්ත සංඥාව: ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.

බලවත් යෝගාව, එනම්, සෙනහසේ ගින්න, ගින්නක් වැනි වූ ස්මරණය, දූෂණයේ සහ ප්‍රචණ්ඩත්වයේ ගින්න විනාශ කර සියලු ජීවාත්මයන්ට සහයෝගය ලබා දෙනු ඇත. මේ හරහා ඔබේ අසීමිත නිරාශාවේ ආකල්පය දැල්වෙනු ඇත. එක් අතකින්, ස්මරණයේ ගින්න සියලුම ගිනි විනාශ කරන අතර, අනෙක් අතට, එය ජීවාත්මයන්ට දෙවියන්ගේ පණිවිඩය ලබා දී ඔවුන්ව සිසිල් කරනු ඇත. මේ හරහා, ජීවාත්මයන් ඔවුන්ගේ පාපයේ ගින්නෙන් නිදහස් වනු ඇත.