17.11.24    Avyakt Bapdada      Sinhala Murli     30.11.2002    Om Shanti    Madhuban


“ආපසු යෑම” යන වචනය අවධානයේ තබා ගැනීමෙන් සමාන වී, ආපසු යන ගමනේ අවධානයේ ප්‍රතිමූර්තියක් වන්න.


අද දින, හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින, නළල් සිහසුනේ අසුන්ගෙන සිටින සහ ලෝක රාජධානි සිහසුනේ අසුන් ගෙන සිටින සහ තමන්ගේ පාලකයන් වන සෑම තැනකම සිටින ඔහුගේ සියළුම දරුවන් දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. මුළු චක්‍රයෙන්ම, ඔය ආදරණීය, බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන් පරමාත්ම දෙවියන්ගේ හදවත් සිහසුන ලබා ගන්නේ දැන් පමණයි. සියළු ජීවාත්මයන්ට නළල් සිහසුන තිබේ, නමුත් ඔය බ්‍රහ්මින් ජීවාත්ම හැර වෙනත් කිසිවෙක් පරමාත්ම දෙවියන්ගේ හදවත් සිහසුන හිමි කරගෙන නැහැ. ඔබට ලෝකයේ සිහසුන ලබා ගැනීමට මග පාදන්නේ මෙම හදවත් සිහසුනයි. වර්ථමානයේ ඔබ තමන්ගේ පාලකයන් වී ඇත; සෑම බ්‍රහ්මින් ජීවාත්මයකගේම ගෙල වටා මල්දම වන්නේ ස්ව-ආධිපත්‍යයයි. ස්ව-ආධිපත්‍යය ඔබගේ ජන්ම උරුමයයි. මේ ආකාරයට ඔබ තමන්ගේ පාලකයන් බව ඔබ අත්විදිනවාද? කිසිවෙකුට ඔබගේ මෙම ජන්ම උරුමය උදුරාගත නොහැකි බවට අධිෂ්ඨානය ඔබගේ හදවත් තුල තිබේ. එය සමගම පරමාත්ම දෙවියන්ගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටීමේ ආධ්‍යාත්මික කුල්මත්බවත් ඔබට තිබෙනවා. මනුෂ්‍යයෙකුගේ සිරුරේ වඩාත්ම වැදගත් වන්නේ හදවත බව කියයි. හදවතේ ගැස්ම නවතින විට ජීවිතය අවසන් වී ඇත. ඒ අන්දමින්ම මෙම ආධ්‍යාත්මික දිවියේ, හදවත් සිහසුනට විශාල වැදගත්කමක් ලබා දී තිබේ. හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින ජීවාත්ම, ලෝකයේ විශේෂ ජීවාත්ම ලෙස සිහි කෙරෙනවා. මාලාවේ පබුඵ ලෙස බැතිමතුන් සිහි කරන්නේ මෙම ජීවාත්මයන්වයි. කෝටි ගණනකින් අතලොස්සක් සහ එම අතලොස්සෙන් ස්වල්පයක් වන්නේ මෙම ජීවාත්මයි. එසේ නම් එම ජීවාත්ම කවුරුන්ද? ඒ ඔබද? ඔය පාන්ඩවයන් මෙයද? ඔය මවුවරුන් මෙයද? (ඔවුන් අත් වනමින් සිටියා.) පරම පියා පවසන්නේ: ඔ් ආදරණීය දරුවනේ, ඔබ විටෙක හදවත් සිහසුන අතහැර ගොස් සිරුරක මඩට ඔබගේ හදවත් බැද ගන්නේ ඇයි? ශරීරයක් යනු මඩය. එබැවින් ආදරණීය දරුවනේ, කිසිම විටෙක ඔබගේ දෙපා මඩේ නොතබන්න. ඔබ නිරන්තරයෙන් හදවත් සිහසුන මත, ඇකය මත, හෝ අතීන්ද්‍රීය සුඛයේ ඔංචිල්ලාවේ පැද්දෙමින් සිටියි. බාප්දාදා ඔබට විවිධ ඔංචිල්ලා ලබා දී ඇත: විටෙක සතුටු ඔංචිල්ලාවේ පැද්දෙන්න, විටෙක ප්‍රීතියේ ඔංචිල්ලාවේ සහ විටෙක ආනන්දයේ ඔංචිල්ලාවේ පැද්දෙන්න.

එබැවින් බාප්දාදා අද එවන් ශ්‍රේෂ්ඨ දරුවන්ව දුටුවා, ඔබ එවන් කුල්මත්බවකින් ඔංචිල්ලාවල පැද්දෙන අන්දම දෙස ඔහු බලමින් සිටියා. ඔබ නිරතුරුවම පැද්දෙනවාද? ඔබ පැද්දෙනවාද? ඔබ මඩ තුලට යන්නේ නැහැ නේද? ඔබට ඇතැම් විටෙක, ඔබගේ දෙපය මඩ තුලට දැමීමට අවශ්‍යද? උපත් 63ක් ඔබගේ දෙපා මඩේ තබා ඇති අතර මඩ සමග ක්‍රීඩා කරමින් සිට ඇත. එබැවින් ඔබ දැන් මඩ සමග ක්‍රීඩා කරන්නේ නැහැ නේද? ඔබගේ දෙපය විටෙක මඩ තුලට යනවාද, නැද්ද? ඒවා ඇතැම් විට මඩ තුලට යයි. ශරීර අවධානයත් ඔබගේ දෙපා මඩේ තැබීමය. ශරීර පිලිබද අවධානය යනු, ඔබගේ දෙපය ඉතා ගැඹුරින් මඩ තුලට දැමීමයි: ශරීර අවධානයත් මඩය. සංගම යුගයෙදි ඔබ හදවත් සිහසුනේ වැඩියෙන් අසුන් ගෙන සිටින තරමට ඒ ප්‍රමාණයට, කල්ප භාගයක්, ඔබ සූර්ය වංශික රාජධානියේ සිටින අතර චන්ද්‍ර වංශික රාජධානියේදි ඔබ චන්ද්‍ර වංශික රාජකීය පවුලේ සිටිවි. ඔබ දැන් සංගම යුගයෙදි ඇතැම් විටෙක පමණක් හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින්නේ නම්, ඔබ කෙටි කාලයකට පමණක් සූර්ය වංශික රජ පවුලේ සිටියි. ඔබ වරින් වර සිහසුනේ අසුන්ගෙන සිටිනවා විය හැක, නමුත් ඔබ නිරන්තරයෙන් රාජකීය පවුලේ ජීවාත්ම සමග සබැදියවක සිටිවි. එබැවින් සංගම යුගයේ ආරම්භයේ සිට මේ දක්වා, එය වසර 10ක්, වසර 50ක් හෝ වසර 66ක් වුවද, ඔබ බ්‍රහ්මින් කෙනෙක් වූනු කාලයේ සිට, එම ආරම්භයේ සිට මේ දක්වා, ඔබ කෙතරම් කාලයක් හදවත් සිහසුනේ සහ ස්ව-අධිරාජ්‍ය අසුනේ අසුන්ගෙන සිට තිබේද කියා පරීක්ෂා කර බලන්න. එය දිගු කාලයක්ද, නිරන්තරයෙන්ද, ඇතැම් විට පමණයිද? පරමාත්ම දෙවියන්ගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින අයගේ ලක්ෂණය වන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරම් වලදි ඔවුන් සැහැල්ලු අධිරාජවරු වන අතර මෙය ඔවුන්ගේ මුහුණෙන් පෙනෙයි. භෞතික බරක් තිබෙන්නේ හිස මතයි, නමුත් සූක්ෂ්ම බරක් තිබෙන්නේ මනස තුලයි. එබැවින් ඔවුන්ගේ මනස තුල කිසිම බරක් ඔවුන්ට නොතිබෙයි. කණස්සල්ල බරක් වන අතර නිදහස් මනසක් තිබීම යනු ආලෝකමත්ව සහ සැහැල්ලුවෙන් සිටීමය. ඔනෑම අන්දමක බරක් ඇත්නම්, එය සේවය ගැන, නෑ සබදතා ගැන හෝ භෞතික සේවය ගැන වුවද: “කුමක් වෙයිද? එය කොහොම වෙයිද? සාර්ථකත්වය තිබෙයිද, නැද්ද?” එය ආධ්‍යාත්මික සේවය නොවෙයි. සිතා බලා, සැලසුම් සෑදීම, බරකින් වෙනස්ය. බරක් තිබෙන අයගේ ලක්ෂණය වන්නේ ඔවුන්ගේ මුහුණු මත සෑම විටම වෙහෙස බවේ සලකුණු අඩුවෙන් හෝ වැඩියෙන් තිබීමය. වෙහෙස වීම වෙනම කාරණාවක් නමුත් වෙහෙසේ සලකුණු තිබීම, බරක් තිබීමේ ලක්ෂණයක්. කෙසේවෙතත් සැහැල්ලු අධිරාජයෙක් වීම යනු ඔබ නොසැලකිලිමත් වීම නොවෙයි. ඔබ නොසැලකිලි වී, ඉන්පසුව ඔබ පවසන්නේ ඔබ සැහැල්ලුවෙන් සිටින බවයි. නොසැලකිලිමත්කම ඔබව බොහෝ සේ මුලා කරයි. තීව්‍ර උත්සාහයට මෙන්ම නොසැලකිලිමත්කමටත් එකම වචන භාවිතා කරයි. නිරන්තරයෙන් ස්ථිර විශ්වාසය තිබීම නිසා, තීව්‍ර උත්සාහ දරන්නෙක් සෑම විටම සිතන්නේ, “සෑම කාර්යයක්ම තමන්ගේ එඩිතරකමින් සහ පියාගේ උපකාර ඇතිව දැනටමත් සාර්ථකව නිමා වී ඇත” , එමෙන්ම නොසැලකිල්ලේ වචන වන්නේ, “එය සිදුවෙයි, එය සිදුවෙයි, එය දැනටමත් නිමා කර ඇත. කිසිම කාර්යයක් නිමා නොකර තිබි ඇද්ද? එය සිදුවෙයි.” එබැවින් වචන එක සමානයි, නමුත් එහි ස්වරූප වෙනස්.

වර්ථමානයේ මායාගේ විශේෂ ස්වරූප දෙකක් දරුවන්ට ප්‍රශ්න පත්‍රයක් ලබා දෙයි. එකක් නිෂ්ඵල සිතිවිලි, පාපකාරී සිතිවිලි නොවෙයි නමුත් නිෂ්ඵල සිතිවිලි. අනෙක, “මම විතරයි හරි. මා කළ සියළු දේ, මා පැවසූ සියළු දේවල්, මා සිතූ සියළු දේහි අඩුවක් නැහැ, මම හරි.” කාලයට අනුව බාප්දාදාට අවශ්‍ය වන්නේ, ඔබගේ අවධානය තුල නිරන්තරයෙන් එක වචනයක් තබා ගත යුතු බවයි. පරම පියාගෙන් ඔබට හිමි වී ඇති සියළු ලැබීම්, සෙනෙහස සහ සහයෝගයට ප්‍රතිඋපකාරයක් ලබා දීම. ප්‍රතිඋපකාර කිරීම යනු සමාන වීමයි. දෙවැන්න, එය දැන් අප ආපසු යන ගමනයි. නිරන්තරයෙන් “ආපසු යාම” යන එක් වචනය පමණක් සිහියේ තබා ගන්න. මේ සදහා ඉතා පහසු ක්‍රමවේදයක් වන්නේ ඔබගේ සෑම සිතිවිල්ලක්, වචනයක් සහ ක්‍රියාවක්ම බ්‍රහ්ම පියා සමග ගලපා ගැනීමයි. පියාගේ සිතිවිලි වුනේ මොනවාද? පියාගේ වදන් වුනේ මොනවාද? පියාගේ ක්‍රියා වුනේ මොනවාද? මෙය හැදින්වෙන්නේ “පියා අනුගමනය කිරීම” ලෙසයි. අනුගමනය කිරීම පහසුයි නේද? අළුතින් දෙයක් සිතීමට හෝ කිරීමට අවශ්‍ය නැහැ. පියා කලේ කුමක්ද, ඒ අනුව පියාව අනුගමනය කරන්න, එපමණයි. එය පහසුයි නේද?

ගුරුවරු ඔබගේ අත් ඔසවන්න! අනුගමනය කිරීම පහසුද, අපහසුයිද? එය පහසුයි නේද? සරලව පියාව අනුගමනය කරන්න. පලමුව තමන්ව පරීක්ෂා කරන්න. මෙම කියමන මෙන්, “ පලමුව සිතන්න, ඉන්පසුව ක්‍රියා කරන්න”, එබැවින් පලමුව ඔබගේ වචන ගැන සලකා බලා ඉන්පසුව කතා කරන්න. එසේ නම් මේ වසරේ සියළුම ගුරුවරු කරන්නේ මොනවාද? එය දැන් වසරේ අවසන් මාසයයි. පැරණි දේ පිටව ගොස් අළුත් දේ පැමිණෙයි. එසේ නම් නව වසර පැමිණීමට පෙර ඔබ කරන්නේ කුමක්ද? එයට සූදානම් වීම. පියාගේ පිය සටහන් මත ඔබගේ පියවර තබනවාට අමතරව, වෙනත් පියවරක් නොගන්නා බවට සිතිවිල්ල ඇති කරගන්න. සරලව ඔහුගේ පියසටහන් අනුගමනය කරන්න. ඔහුගේ පිය සටහන් මත ඔබගේ පියවර තැබීම පහසුයි නේද? දැන් සිට නව වසර වෙනුවෙන් සැලසුම් ගැන සිතන්න. බ්‍රහ්ම පියා නිරන්තරයෙන් උපකරණයක් සහ නිරහංකාරව රැදී සිටි ආකාරයෙන්, ඒ අන්දමින්ම, උපකරණයක් (නිමිත්) වීමේ සහ නිරහංකාර (නිර්මාන්) වීමේ අවධානය තබා ගන්න. උපකරණයක් වීමේ අවධානය පමණක් ඇති කර නොගන්න, නමුත් උපකරණයක් වීමේ අවධානය සමගම නිරහංකාර වීමේ අවධානයත් තිබිය යුතුයි. දෙකම අවශ්‍යයි මන්ද, ඔය ගුරුවරු උපකරණයි, එහෙම නේද? එබැවින් ඔබගේ සිතිවිලි වල, ඔබගේ සෑම වචනයකම, ඔනෑම කෙනෙක් සමග ඔබ නෑ සම්බන්දතා පැවැත්වීමේදි සහ ඔබගේ ක්‍රියාකාරකම් වලදි, නිරහංකාරකම තිබිය යුතුයි. උපකරණයක් වීමේ අවධානය තිබෙන්නේ නිරහංකාර අයට පමණයි. නිරහංකාර නැති අයට යම් ප්‍රමාණයකට, ඉතා සියුම් අන්දමකට - එය අහංකාරකමේ දළ ස්වරූපයක් නොවිය හැක - නමුත් මහන්තත්තකම (bossiness) තිබෙයි. මෙම මහන්තත්තකමත් අහංකාරකමේ සුළු සලකුණකි. ඔබගේ වචන සහ භාෂාව සෑම විටම පිවිතුරු, නිවුනු සහ මිහිරි විය යුතුයි. ඔබගේ නෑ සම්බන්දතා තුල ඔබට ජීව අවධාන ස්වරූපය තිබෙන විට, ඔබ නිරන්තරයෙන් අශාරීරික සහ නිරහංකාරව රැදී සිටියි. ඔබ බ්‍රහ්ම පියාගේ අවසන් වදන් තුන සෑම විටම සිහි කරනවාද? අශාරීරික සහ නිරහංකාර අය පමණයි, පාපයෙන් තොර අය වන්නේ. අච්චා. පියාව අනුගමනය කරන්න. ඔබ මෙයින් ස්ථිර වනවා නේද? පැමිණෙන වසරේ ප්‍රධාන අරමුණ වන්නේ මෙම වචන තුන පිලිබද අවධානය තිබීමයි: අශාරීරික, නිරහංකාර සහ අවගුණ වලින් තොර. සලකුණක් වත් නොතිබිය යුතුයි. දළ ස්වරූපය අවසන්ය, නමුත් සලකුණක් වත් නොතිබිය යුතුයි, මන්ද, ඔබව මුලා කරන්නේ එම සලකුණයි. “පියාව අනුගමනය කිරීම” යන්නෙහි අරුත වන්නේ, මෙම වදන් තුන ඔබගේ අවධානයේ නිරන්තරයෙන් තබා ගැනීමයි. මෙය හොදද?

ද්විත්ව විදේශිකයන් සිට ගන්න! හොද කණ්ඩායමක් ඇවිත්. ද්විත්ව විදේශිකයන්ගේ එක කාරණාවක් ගැන බාප්දාදා සතුටු වනවා. එය කුමක්ද කියා ඔබ දන්නවාද? බලන්න, ඔබ පැමිණෙන්නේ දුර සිටයි, ඈත දේශ සිටයි, නමුත් ඔබ මේ වාරයේ පැමිණිය යුතු බවට උපදෙසක් ඔබට ලබා දී තිබුණු නිසා ඔබ මෙහි පැමිණියා. කුමක් සිදුවුණත්, ඔබ සියළු දෙනාම උත්සාහ දරා විශාල කණ්ඩායමක් මෙහි පැමිණියා. ඔබ දාදීගේ උපදෙස ඉතා හොදින් පිලිගත්තා. එයට සුබ පැතුම්. බාප්දාදා ඔබ එක් එක් කෙනා දෙස බලනවා. ඔබට ද්‍රිෂ්ඨි ලැබෙන්නේ වේදිකාව මතදි පමණක් කියා නොසිතන්න. දුරක සිට ඔබව එයටත් වඩා හොදින් පෙනෙනවා. ද්විත්ව විදේශිකයන් “හා ජී” යන පාඩම ඉතා හොදින් ඉගෙනගෙන තිබෙනවා. බාප්දාදා තුල ද්විත්ව විදේශිකයන් කෙරෙහි සෙනෙහස තිබෙන අතර ඔහු ඔවුන් ගැන ආඩම්බරද වනවා, මන්ද, ලෝකයේ සෑම කොනකටම පණිවිඩය ලගා වීමට උපකරණ වී ඇත්තේ ද්විත්ව විදේශිකයන්ය. ලෝකයේ සේවය කිරීමට ඉතිරි වී ඇති විශේෂ රටවල් විදේශයන්හි තිබෙනවාද? එය නගර හෝ විශේෂ ස්ථාන පමණයිද? ඉතිරිව තිබෙන්නේ කුඩා ගම්මාන සහ නගර පමණක්ද, නැත්නම් සේවය කළ යුතු විශේෂ ස්ථාන තවමත් තිබෙනවාද? තවමත් ඉතිරිව ඇති සේවය කළ යුතු ස්ථාන මොනවාද? කෙසේවෙතත්, පැමිණ ඇති මෙම කණ්ඩායමෙන් රටවල් කීයක් නියෝජනය වෙනවාද? ඔබ ගණන් කළාද? ඔබ මේවා ගණන් කර නැහැ. කෙසේවෙතත් ඔය ජීවාත්ම ලෝකයේ බොහෝ විවිධ රටවල් වලට උපකරණ වී ඇති බව බාප්දාදා දන්නවා. පරම පියාගේ ලෝක සේවාධාරී යන නම්බු නාමය හෙලිදරව් කර ඇත්තේ ද්විත්ව විදේශිකයන් බව බාප්දාදා සෑම විටම පවසයි. එය හොදයි. ඔය සෑම කෙනෙක්ම තමන්ගේ ස්ථානවල ඔබගේම උත්සාහයෙන් සහ සේවයෙන් ඉදිරියට ගමන් කරන අතර ඔබ නොකඩවා නිරන්තරයෙන් ඉදිරියට ගමන් කරයි. ඔබ සාර්ථකත්වයේ තාරකාය. ඉතා හොදයි.

කුමාර්ලා: මධුබන්වල කුමාර්ලාද සිටිනවා. බලන්න, කුමාර්ලා කී දෙනෙක් සිටිනවාද. පංතියෙන් භාගයක් කුමාර්ලාය. ඔබ කුමාර්ලා නමුත් ඔබ සාමාන්‍ය කුමාර්ලා නොවෙයි. දැන් ඔය කුමාර්ලාගේ නම්බු නාමය කුමක්ද? ඔබ කුමන කුමාර්ලාද? ඔබ කොහොමත් බ්‍රහ්ම කුමාර්ලා, නමුත් බ්‍රහ්ම කුමාර්ලාගේ විශේෂත්වය කුමක්ද? කුමාර්ලාගේ විශේෂත්වය වන්නේ, සාමයේ පණිවිඩකරුවන් වී, අසාමය ඇති තැන් වලට සාමය බෙදා හැරීමය. මනසේ සාමය නොමැති අතර පිටතද සාමය නොමැත. කුමාර්ලාගේ වගකීම වන්නේ අපහසු දේවල් කිරීමයි. ඔබ වෙහෙස වී වැඩ කරන අය නේද? එබැවින් අද අපහසුම කාර්යය වන්නේ අසාමය අවසන් කිරීමයි, සාමයේ පණිවිඩකරුවෙක් වී, සාමය බෙදා හැරීමයි. ඔබ එවන් කුමාර්ලාද? අසාමයේ නමක් හෝ සලකුණක්වත් ඉතිරි නොවිය යුතුයි. ඔබ එවන් සාම දූතයන්ද: ලෝකයට සහ ඔබ සමග නෑ සම්බන්දතා පැවැත්වීමට පැමිණෙන අය වෙනුවෙන්? ඔබ සාම දූතයන්ය. ගින්නක් කොහේ තිබුණත් ගිණි නිවන හමුදාව එය නිවා දමන අන්දමින්, සාම දූතයන්ගේ වගකීම වන්නේ අසාමය, සාමය බවට පරිවර්ථනය කිරීමයි. එබැවින් ඔබ සාම දූතයන් නේද? ඔබට නිසැකද? මෙහි සිට දිස් වන ජවනිකාව ඉතා හොදයි. මේතරම් කුමාර්ලා දැකීමට බාප්දාදා බොහෝ සතුටු වනවා. බාප්දාදා ඔබට මින් පෙර සැලසුමක් ලබා දුන්නා. කුමාර්ලා උපරිම සංඛ්‍යාවක් සිටින්නේ දිල්ලියේ. රජය සිතන්නේ කුමාර්ලා යනු, සටන් කරන අය කියා. රජය කුමාර්ලාට බයයි. කුමාර්ලාට බය රජය, “සාම දුතයන්” යන නම්බු නාමයෙන් ඔබව පිලිගත යුතුයි. කුමාර්ලා විශ්මයන් සිදු කර ඇති බව ඔබට කිව හැකි වන්නේ එවිට පමණයි. බ්‍රහ්ම කුමාර්ලා සාම දූතයන් බව, මුළු ලොව පුරා පැතිරී යා යුතුයි. මෙය කළ හැකිද? මෙය දිල්ලියේ සිදුකරන්න. ඔබ එය කරනවා නේද? දාදීන් මෙය කරනවාද? බොහෝ කුමාර්ලා සිටිනවා. එක කණ්ඩායමක මෙතරම් කුමාර්ලා සංඛ්‍යාවක් සිටිනවා නම්, සියළුම කණ්ඩායම් වල කොපමණ සිටියිද? ලෝකයේ කී දෙනෙක් සිටියිද? (දළ වශයෙන් 100,000) එබැවින් කුමාර්ලා විශ්මයන් සිදු කරයි! කුමාර්ලා පිලිබදව රජයට තිබෙන වැරදි වැටහීම නිවැරදි කරන්න. කෙසේවෙතත්, ඔබගේ මනසේ වත් අසාමයක් නොතිබිය යුතුයි. ඔබගේ සහකරුවන් අතර අසාමයක් නොතිබිය යුතුයි. ඔබගේ ස්ථාන වල අසාමයක් නොතිබිය යුතුයි. ඔබගේ නගර වල වත් අසාමයක් නොමැති විය යුතුයි. ඔය කුමාර්ලාගේ මුහුණු වෙනුවෙන් පුවරුවක් දැමීමට අවශ්‍ය නැහැ, නමුත් ඔබ සාම දූතයන් බවට අත්දැකීම ඔබගේ නළල මත ඉබේටම ලියන්න. මෙය හොදද?

කුමාරීන්: බොහෝ කුමාරීන්ද සිටිනවා. මධ්‍යස්ථාන වල වාසය කරන කුමාරීන් නොව, මධ්‍යස්ථාන වල වාසය නොකරන කුමාරීන් පමණක් නැගිටින්න! ඉතිං ඔය සියළු කුමාරීන්ගේ අරමුණ කුමක්ද? ඔබට අවශ්‍ය, රැකියාවක් කිරීමටද, ලෝක සේවය කිරීමටද? ඔබට අවශ්‍ය ඔබගේ හිස මත මල්ලක් (බරක්) තබන්නද, ඔටුන්නක් තබන්නද? ඔබගේ හිස මත ඔබට තැබීමට අවශ්‍ය කුමක්ද? බලන්න, ඔය සියළුම කුමාරීන් සානුකම්පිත විය යුතුයි. මුළු ලෝකයේම ජීවාත්මයන්ට යහපතක් සිදු විය යුතුයි. කුමාරීන් ගැන සිහි කර තිබෙන්නේ, කුමාරීන් යනු පරම්පරා 21ක් ඉහල නංවන අය ලෙසයි. ඉතිං, චක්‍රයෙන් භාගයක්, පරම්පරා 21 වෙයි. එසේ නම් ඔබ පරම්පරා 21ක් ඉහල නංවන කුමාරීන්ද? ඔබගේ අත් ඔසවන්න. එක පවුලක් පමණක් නොවෙයි, නමුත් පරම්පරා 21ක්. ඔබ මෙය කරනවාද? බලන්න, ඔබගේ නම් සටහන් කෙරෙනවා, ඉන්පසුව ඔබ සානුකම්පිතද, නැත්නම් ඔබගේ කර්මික ගිනුම් තවමත් ඉතිරිව තිබෙනවාද කියා පරීක්ෂා කෙරෙයි. දැන්, කාලය ඔබට අනතුරු අගවන්නේ, කාලයට පෙර සූදානම් වන ලෙසට. ඔබ නොකඩවා කාලය දෙස බලා සිටින්නේ නම්, කාලය ගෙවී යයි. එබැවින් ඔබ සියළු දෙනාම, ලොවට සෙත සලසන්නා වන දයාවෙන් පිරිපුන් පියාගේ දරුවන්ය, යන අරමුණ තබා ගන්න. මෙය හොදද? ඔබ දයාවන්තයි නේද? ඊටත් වඩා දයාවන්ත වන්න! තව වැඩි වේගයකින් මෙය වන්න. කුමාරීන්ට ඉතා පහසුවෙන් පියාගේ සිහසුන හිමි වෙයි. නව වසරේ ඔබ කුමන විශ්මයන් සිදු කරන්නේද කියා අපි බලමු. අච්චා.

මෙවර මාධ්‍යය අංශයෙන් මැණික් 108ක් පැමිණ සිටිනවා: එය හොදයි. ඔවුන් අනිවාර්යෙන්ම ඔවුන්ගේ උරුමය පියාගෙන් හිමි කරගත යුතු බව, ඔවුන්ගේ බුද්ධියට ස්පර්ෂ වන අන්දමට, එවන් විශ්මයජනක දේ මාධ්‍යයේ අය සිදු කළ යුතුයි. කිසිම කෙනෙක් මෙහිදි මග නොහැරිය යුතුයි. මාධ්‍යයේ වගකීම වන්නේ වචනය පැතිරීමය. දැන් විදෙස් රටවලත් මාධ්‍ය වැඩසටහන් පවත්වනවා නේද? එය හොදයි. විවිධ ආකාර වලින් වැඩසටහන් පවත්වන විට මිනිසුන් බොහෝ උනන්දුවක් දක්වයි. ඔවුන් හොදින් සියල්ල සිදු කරන අතර එසේ නොකඩවා කරයි. සාර්ථකත්වය දැනටමත් සහතිකයි. විවිධ අංශ වලින් කුමන සේවා සිදු කළත්, බාප්දාදාට ඒ පිලිබද පුවත් අඛණ්ඩව ලැබෙයි. සෑම අංශයකටම සේවය කිරීමට තම තමන්ගේ පහසුකම් සහ සේවය කරන ඔවුන්ගේම ආකාර තිබේ. කෙසේවෙතත්, විවිධ අංශ තිබෙන නිසා සෑම අංශයක්ම අන් අය සමග තරග කරන බව දකින්නට තිබේ. එය හොදයි. තරග නොකරන්න, නමුත් ඔබට එකිනෙකා සමග තරගයේ දිව යා හැක. සෑම අංශයකම ප්‍රතිඵලය වන්නේ, විවිධ අංශ සේවය කිරීමෙන් පසුව බොහෝ ප්‍රභූවරු සහ ඉතා වැදගත් අය සම්බන්දතාවයකට පැමිණීමයි. තවමත් මෙහි “මයික්” රැගෙන ඇවිත් නැති නමුත් ඔවුන් සම්බන්දතාවයකට පැමිණ ඇත. අච්චා.

බාබා ඔබට කිරීමට දුන් ව්‍යායාමය ඔබට මතකද? එක මොහොතකදි අශාරීරික වන්න, ඊලග මොහොතේ ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන අතර සුරදූතයෙක් වන්න. බාප් සහ දාදාගේ සෙනෙහසට ලබා දෙන ප්‍රතිඋපකාරය මෙයයි. එබැවින් මෙම ආධ්‍යාත්මික ව්‍යායාමය දැන් කරන්න. තත්පරයකදි අශාරීරික වන්න. තත්පරයකදි සුරදූතයෙක් වන්න. (බාප්දාදා අභ්‍යාසය මෙහෙයවීය.) අච්චා. දවස පුරාම ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන අතර ඔබ මෙම අභ්‍යාසය කිරීමෙන් ඔබට ඉතා පහසුවෙන් බාබාව සිහි වෙයි.

සෑම තැනකම සිටින සියළුම දරුවන්ගේ ස්මරණය බාප්දාදා වෙතට ලගා වී ඇත. සෑම දරුවෙකුටම හැගෙන්නේ: “බාබාට මගේ සිහි කිරීම ලබා දෙන්න! මගේ සිහි කිරීම බාබාට දෙන්න!” සමහරු එය ලිපි මගින්ද, සමහරු කාඩ්පත් මගින්ද සමහරු වචන වලින්ද එය එවයි, නමුත් බාප්දාදා සිහි කිරීමට ප්‍රතිචාරයක් ලෙස, සෑම තැනකම සිටින සියළුම දරුවන්ට කෝටි ගුණයක සෙනෙහස සහ සිහි කිරීම ලබා දෙන්නේ, ඔවුන් සෑම කෙනෙක්වම ඔහුගේ දෑස් තුල මුසු කරගෙනයි. වෙලාව කුමක් වුනත්, මේ වෙලාවේ ඔබගෙන් වැඩි දෙනෙකුගේ මනසේ, මධුබන් සහ බාප්දාදා සිටින බව බාප්දාදා දකිනවා.

සිංහාසන තුනේම අසුන්ගෙන සිටින සෑම තැනකම සිටින සියළුම දරුවන්ට, තමන්ගේ පාලකයන් වන දරුවන්ට, බාප්දාදාට ලබා දෙන ප්‍රතිඋපකාරයක් ලෙසින් නිරන්තරයෙන් පරම පියාට සමාන වන දරුවන්ට, ආපසු ගමනේ අවධානයේ නිරන්තර ප්‍රතිමූර්ති වන දරුවන්ට, තම සිතිවිලි, වචන සහ ක්‍රියා තුලින් නිරන්තරයෙන් පියාව අනුගමනය කරන දරුවන්ට, බාප්දාදාගෙන් බොහෝ, බොහෝ, බොහෝ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබ මාස්ටර් දානපතියෙක් වී, ඔබගේ සුබ පැතුම් වල බීජ සියළු ජීවාත්ම තුල වපුරන්න.

ඵලය වෙනුවෙන් බලා නොසිට, සියළු ජීවාත්ම තුල ඔබගේ සුබ පැතුම් වල බීජ නොකඩවා වපුරන්න. සියළුම ජීවාත්ම නිසි වේලාවට අනිවාර්යෙන් අවදි විය යුතුයි. කෙනෙක් එදිරිවාදිකම් කළත්, ඔබගේ දයාවෙන් පිරි හැගීම්, ඔබ අත් නොහළ යුතුයි; එම එදිරිවාදිකම, එම අපහාස සහ එම නින්දා, පොහොර මෙන් ක්‍රියාත්මක වී, හොද ඵල දරයි. ඔවුන් ඔබට අපහාස කරන තරමට, එම ප්‍රමාණයෙන් ඔවුන් ඔබගේ ප්‍රශංසාව ගායනා කරයි, මේ නිසයි මාස්ටර් දානපතියෙක් ලෙසින්, ඔබ සෑම ජීවාත්මයක් මත ඔබගේ ආකල්පයෙන්, චිත්ත තරංග සහ වචන වලින් නොකඩවා සුබ පැතුම් දන් දිය යුත්තේ.

පාඨය:
සෙනෙහස, සතුට, සාමය සහ ආනන්ද සාගරයේ නිරන්තරයෙන් මුසු වී සිටින දරුවන්, සැබෑ තපස්වරුන්ය.

දැන්වීම: අද, සියළු බ්‍රහ්මින් දරුවන් සාමූහිකව ප:ව 6.30 සිට 7.30 දක්වා භාවනාවේ යෙදෙන තුන්වන ඉරු දිනයයි, ජාත්‍යන්තර යෝගා දිනයයි. ආශිර්වාද පිරිනමන්නා සහ භාග්‍යය පිරිනමන්නා වන බාප්දාදා සමග ඒකාබද්ධ ස්වරූපයේ ස්ථාවර වී, සියළු ජීවාත්මයන්ට සතුට සහ සාමයේ ආශිර්වාද ලබා දෙන සේවය, සූක්ෂ්ම දේශයේ සිට සිදු කරන්න.