17.12.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, තමන් වෙනුවෙන්ම භාග්‍යය නිර්මාණය කර ගැනීම උදෙසා ඔබ බාබා වෙත පැමිණ සිටිනවා. පරමාත්ම දෙවියන් ඔවුන්ගේ සෑම දෙයක්ම පිළිගන්නා දරුවන් හට ඉතාමත් උසස් වාසනාවක් තිබේ.

ප්‍රශ්නය:
මායා වඩාත්ම බලවත් වන්නේ දරුවන් විසින් කරනු ලබන කුමන අතපසු වීම අරභයාද ?

පිළිතුර:
දරුවනි, ආහාර අනුභව කිරිමේදි බාබාව අමතක කළහොත්, ඔබේ ආහාර බාබාට පිළිගැන්වීම නොකළ නිසා මායා එම ආහාර අනුභව කර වඩාත් බලවත් වෙනවා. පසුව ඇය දරුවන් වන ඔබව පීඩාවට ලක්කරනවා. ඔබේ මේ සුළු අතපසුවීම මායා ඔබව රැවටීමට හැකියාව ලබාදෙනවා. මේ නිසයි බාබාගේ උපදේශය : දරුවනි, මා ගැන සිහියෙන් ආහාර ගන්න. දැඩි පොරොන්දුවක් තබා ගන්න : මා ඔබ සමඟ පමණක් ආහාර ගන්නවා. ඔබ ආහාර අනුභව කරන විට බාබා සිහිපත් කිරීම පිළිබඳව ඔහු කැමැත්තක් දක්වනවා.

ගීතය:
අද නැත්නම් හෙට වළාකුළු අතුරුදන්ව යනු ඇත...

ඕම් ශාන්ති.
දරුවනි, වාසනාව අහිමිව සිටි කාලය උසස් වාසනාවක් සහිත කාල වකවානුවකට පරිවර්තනය වෙනවා. ඔබේ උත්සාහයට අනුව ක්‍රමානුකූලව වාසනාව නිරන්තරයෙන් අනුපිළිවෙලකට වෙනස් වෙනවා. පාසලක ශිෂ්‍යයින්ගේ වාසනාව නිරන්තරයෙන් වෙනසකට ලක් වෙනවා එය නිරන්තරයෙන් උසස්භාවය කරා ගමන්කරනවා. මේ රාත්‍රිය දැන් අවසානය කරා එළඹෙන බවත් එමඟින් තම වාසනාවේ පරිවර්තනයක් සිදුවන බවත් ඔබ ඉතා පැහැදිලිවම අවබෝධ කර ගන්නවා. ඔබ දැනුමෙන් ස්නානය කෙරෙනවා. සෑම සංවේදිතාවක් ඇති දරුවෙක්ම අප අනිවාර්යෙන්ම අවාසනාවන්තභාවයෙන් වාසනාවන්ත බවට පරිවර්තනය වන බව අවබෝධ කර ගන්නවා. එනම්, අපි දිව්‍යලෝකයේ පාලකයින් බවට පත්වෙනවා. අනුපිළිවෙලට අපගේ උත්සාහයට අනුව අවාසනාව වාසනාව බවට පරිවර්තනය වෙනවා. රාත්‍රිය දැන් දවස බවට පරිවර්තනය වෙනවා. වෙන කිසිවෙකු නොව දරුවන් වන ඔබයි මෙය අවබෝධ කර ගන්නේ. බාබා අදෘෂ්‍යමානයි සහ ඔහුගේ කරුණු කාරණා ද අදෘෂ්‍යමානයි. මනුෂ්‍යයින් පහසු ගියාන් සහ පහසු රාජයෝගා ගැන ලියල තියෙනවා. කෙසේවෙතත්, ඒවා ලියපු අය දැන් මරණයට පත් වෙලා, සහ ඒවා කියවන අයගේ අසංවේදීභාවය නිසා ඔවුන්ට කිසිවක්ම තේරුම් ගන්න බැහැ. එතැන ඇත්තේ විශාල වෙනසක්. ඔබත් තමන් දරණ උත්සාහයට අනුකූලව අනුපිළිවෙලින් අවබෝධකර ගන්නවා. හැමදෙනාම එකම ආකාරයක උත්සාහයක් දරන්නේ නැහැ. බ්‍රහමිණ්වරු වන ඔබ පමණයි අවාසනාව හා වාසනාව යන්නෙහි අර්ථය වටහා ගන්නේ. හැමදෙනාම ඉන්නේ අනන්ත ලෙස පැතිරුණු අන්ධකාරයක. පැහැදිලි කර දීමෙන් ඔබ ඔවුන්ව අවදි කළ යුතුයි. සුර්ය වංශයට අයත් අය ඉතාමත් වාසනාවන්තයි. ඔවුන් තමයි කලා 16කින් සම්පුර්ණ වන්නේ. අපි බාබා, දිව්‍යලෝකය නිර්මාණය කරන පියා මාර්ගයෙන් අප වෙනුවෙන්ම දිව්‍යලෝක වාසනාව උදාකර ගන්නවා. ඉංග්‍රීසි කතාකරන අයටත් පැහැදිලි කර දෙන්න පුළුවන් අපත් දෙව්ලොව දෙවියන්, පියා වෙතින් වාසනාව ලබන බව. දිව්‍යලෝකයේ සතුටත් අපායේ දුකත් තිබෙනවා. ස්වර්ණමය යුගය යනු සතුටු යුගය සහ කලි යුගය යනු දුක් ලෝකයයි. මෙය අවබෝධකර ගැනීමට ඉතාමත් පහසු කරුණක්. අප දැන් උත්සාහ දරනවා. බොහොමයක් ඉංග්‍රීසි සහ අනෙක් ක්‍රිස්තියානි මිනිසුන් මෙහාට පැමිණෙනවා. ඔවුන් පැමිණි විට ඔබ ඔවුන්ට කිව යුතුයි මරණය අපේ ඉහටත් උඩින් නැඟි සිටිනා බැවින්, අප සිහිකරන්නේ එකම එක දෙව්ලෝ දෙවියන්, පියා පමණයි. බාබා කියනවා : ඔබ මා වෙත පැමිණිය යුතුයි. මිනිස්සු වන්දනාගමන් යනවා. බෞද්ධයින්ට ඔවුන්ට නියමිත වු වන්දනා සිද්ධස්ථාන සහ ක්‍රිස්තියානීන්ට ඔවුන්ගේ වන්දනා ස්ථාන තියෙනවා. සෑම ආගමකටම නියමිත වු වත්පිළිවෙත් සමුදායක් තියෙනවා. මෙය රඳාපවතින්නේ ඔබේ බුද්ධියේ යෝගා පවතින ආකාරය අනුවයි. තම චරිත කොටස රඟපෑම උදෙසා පැමිණි ස්ථානයට නැවතත් ආපසු යා යුතුයි. පරමාත්ම දෙවියන්, දිව්‍යලෝකය නිර්මාණය කරන පියා මෙය අපට කියා දෙනවා. අප එය ඔබට කියා දෙනවා. මෙහෙ අප නියම මාර්ගය පෙන්වනවා. බාබා, පරමාත්ම දෙවියන්, පරමාත්ම පියා සිහිකිරිමෙන් ඔබේ අවසන් සිතිවිල්ල තම දෛවයට නායකත්වය සපයනවා. කවුරුහරි අසනීපයෙන් වැටුණු විට, හැමදෙනාම ඔහුට අවවාද කර කියනවා: රාමාගේ නම මතුරන්න. බෙංගාලයේ කවුරුහරි මැරුණහම ඔහුව ගංගාවක් අසලට ගෙන ගොස් කියනවා: රාමා (දෙවියන්) යැයි කියන්න එවිට ඔබ රාමා (දෙවියන්) වෙත යනවා. කෙසේවෙතත්, කිසිවෙකු ඔහු වෙත ගියේ නැහැ. ස්වර්ණමය යුගයේදී රාමාගේ නම මතුරන්න යැයි කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. භක්ති මාර්ගය ආරම්භ වන්නේ තඹ යුගයේ සිටයි. ඉන් කියැවෙන්නේ නැහැ ස්වර්ණම යුගයේදී දෙවියන් හෝ ගුරු කෙනෙක් සිහිකෙරෙනවා කියලා. එහෙදී ඔබ සිහිකරන එකම දෙය මම ජීවාත්මයක් යන්නයි. මා, මේ ජීවාත්මය මේ ශරීරය අතහැර මගේ අනෙක් එක ගන්නවා. ඔබ ඔබේ රාජ්‍යය සිහිකරනවා. රාජ්‍යයේ උපත ලබන බව ඔබ දන්නවා. තමන් අනිවාර්යෙන්ම තම රාජ්‍යය දිනා ගන්නා බවට දැඩි විශ්වාසයක් ඔබ තුළ තිබෙනවා. එහෙදී තව මොනවද සිහිකරන්න තියෙන්නේ ? එහෙදී දාන දෙන්නේ හෝ පින් කරන්නේ ඇයි ? භක්ති මාර්ගයේ වත්පිළිවෙත් ඥාන මාර්ගයේ ක්‍රම සහ විධි වලින් වෙනස්. දැන් සියල්ලම බාබාට දීමෙන් ඔබ උපත් 21 ක් සඳහා උරුමය ලබනවා. ඒ කාලයේදී දාන දෙන්න හෝ පින් කරන්න අවශ්‍ය නැහැ. දැන් තමයි ඔබ හැම දෙයක්ම බාබාට, පරමාත්ම පියාට දෙන්නේ. හැමදේම ගන්නේ පරමාත්ම දෙවියන්. ඔහු ඒවා ගත්තේ නැත්නම්, එහි ආපසු ඵල ලබාදෙන්නේ කෙසේද ? ඔහු එය නොගත්තේ නම්, එය ඔබේ අවාසනාවයි. ඔබේ බැඳීම් ඉවත් කර ලීමට ඔහු ඒවා ගත යුතුයි. මෙහි යථාර්තය දරුවන් වන ඔබ අවබෝධ කරගෙන සිටිනවා. අවශ්‍යතාවයක් නොමැති නම්, බාබා පිළිගන්නේ මොකක්ද ? මෙහිදී කිසිම දෙයක් එකතු කළ යුතු නැහැ. මෙහෙ තිබෙන සියලුම දෙයින් බැඳීම් අත්හල යුතුයි. බාබා පැහැදිලි කළා : ඔබ කොහෙ හරි ගිය විට තමන් ඉතාමත් සැහැල්ලුභාවයෙන් අත්දැකිය යුතුයි. අපි බාබාගේ දරුවන්. ජීවාත්මයන් වන අප රොකට්ටුවකටත් වඩා වේගවත්. එවන් වු ජීවාත්ම අවධානයෙන් ගමන් කරනවා නම්, වෙහෙසකට පත්වෙන්නේ නැහැ. එතැන ශරීර අවධානයක් පවතින්නේ නැහැ. එය ඔබේ පාදයන් ගමන් කරන්නාක් ලෙස නොව, පියාඹන තත්ත්වයක් ලෙස දැනේ. ජීවාත්ම අවධානයෙන් ඔබට ඕනෑම තැනකට යා හැකියි. ඉස්සර මිනිස්සු වන්දනා ගමන් ගියේ පයින්. ඒ කාලයේදී මනුෂ්‍ය බුද්ධිය තමෝප්‍රධාන් නැහැ. ඔවුන් දැඩි විශ්වාසයකින් යුතුව ගියා; වෙහෙසට පත්වුණේ නැහැ. බාබා සිහිකිරීමෙන් උදව් ලබනවා. භක්තිවන්තයෝ යම් යම් දේ අරමුණු කොට ගල් පිළිම වලින් අයැද සිටියත් බාබා ඒ කාලයේදී තාවකාලික ලෙස ඔවුන්ගේ ආශාවන් සම්පුර්ණ කළා. ඒ කාලයේදී සිහිකිරීම රජෝප්‍රධාන්. ඉතින් ඒ තුළින් ඔවුන් යම් බලයක් ලැබුවා. එවිට එතැන වෙහෙසක් නැහැ. දැන් වැදගත් මිනිසුන් ඉතා ඉක්මනින්ම වෙහෙසට පත්වෙනවා. දුප්පතුන් බොහෝ වන්දනා ගමන් යනවා. ධනවතුන් විශාල තේජසකින් සහ අභිමානවත්ව අශ්ව කරත්ත වලින් යනවා. එහෙත් දුප්පතුන් යන්නේ පයින්. දුප්පතුන් සේ උසස් ප්‍රතිලාභයක් තම ශක්තිය සහ විශ්වාසය තුළින් ධනවතුන් ලබන්නේ නැහැ. මේ කාලයේදී දුප්පතුන්ගේ නායකයා බාබා බව ඔබ දන්නවා. ඉතින් ඔබ කළබල වෙන්නේ ඇයි? බාබා අමතක කරන්නේ ඇයි? බාබා කියනවා : ඔබ තව දුරටත් කිසිම අපහසුතාවයකට ලක්විය නොයුතුයි. සියලුම දෙනා කළ යුත්තේ එකම එක මනමාලයා සිහිකිරීමයි. ඔබ සියල්ලන්ම මනාලියන්. එමනිසා, තමන්ගේ මනමාලයා සිහිකළ යුතුයි. මේ මනමාලයාට පිළිනොගන්වා ආහාර ගැනීමට ඔබ ලැජ්ජාවට පත්වෙන්නේ නැත්ද ? පියා වගේම මොහු ඔබේ මනමාලයා ද වෙනවා. ඔහු අහනවා : ඔබ මට කෑම පිළිගන්වන්නේ නැත්ද ? ඔබ මට කෑම පිළිගැන්විය යුතුයි. එහෙම නේද ? බාබා පෙන්වන දක්ෂ ක්‍රම දෙස බලන්න. ඔබ ඔහුව තම පියා සහ මනමාලයා ලෙස භාරගන්නවා. එහෙම නොවේද ? තමන්ට කවනපොවන කෙනාට ප්‍රථමයෙන්ම ඔබ ආහාර පිළිගැන්විය යුතුයි. බාබා කියනවා : මට ආහාර පිළිගැන්වීමෙන් පසුව පමණයි ඔබ මා පිළිබඳ සිහියෙන් ආහාර ගත යුත්තේ. මීට යම් උත්සාහයක් අවශ්‍ය වෙනවා. බාබා නැවත නැවතත් පවසනවා ඔබ අනිවාර්යෙන්ම බාබා සිහිකළ යුතු බව. මේ බාබාත් නැවත නැවතත් මේ උත්සාහය දරණවා. කුමාරීන් වන ඔබට මෙය ඉතාමත් පහසුයි ඔබ ඉනිමඟ නැඟල නැහැ. කුමාරීන් ඇය සමඟ විවාහ ගිවිස ගත් තැනැත්තාට කැපවෙනවා. ඉතින්, ඔබත් තම ආහාර වේල ගත යුත්තේ මනමාලයා සිහි කිරීමෙන් පසුවයි. ඔහුව සිහිකරන විට ඔහු ඔබ වෙත එනවා. ඔහුව සිහිකරන විට ඔහු ආහාරවල සුවඳ ලබාගන්නවා. එමනිසා, මේ ආකාරයට බාබාට කතාකිරීම පුරුද්දක් කර ගත යුතුයි. රාත්‍රියට ඔබ ඔහු ගැන සිහියෙන් අවදිව සිටින විට, පුහුණුව දියුණු වී දවස පුරාමත් සිහිකිරීම තබාගත හැකි වෙනවා. ආහාර ගන්නා වේලාවටත් ඔබ බාබා සිහිකළ යුතුයි. මේ මනමාලයාට ඔබ විවාහ ගිවිසගෙනයි සිටින්නේ. බලවත් පොරොන්දුවක් ඔබ තබා ගත යුතුයි: මා කෑම කන්නේ ඔබ සමඟ පමණයි. ඔහුව සිහිකළ විට පමණක් ඔහු එය ආහාරයට ගන්නවා, එහෙම නේද? ඔහුටම කියා ශරීරයක් නොමැති නිසා ඔහු කරන්නේ සුවඳ ආඝ්‍රහණය කිරීම පමණයි. කුමාරීන් වන ඔබට එය ඉතා පහසුයි; ඔබට බොහෝ සැපපහසුකම් තියෙනවා. ශිව බාබා, මගේ ලස්සන මනමාලයා, ඔබ ඉතා සුමිහිරියි! චක්‍ර භාගයක් තිස්සේ මා ඔබව සිහිකරනවා. දැන් ඔබ පැමිණ මා මුණගැසුණා. මම කන දේ ඔබත් කනවා. එක් වතාවක් සිහිකර පසුව ඔහුව අමතක කරලා දිගටම තමන්ට ඕනෑ විදියට කෑම කන එක විතරක් කරල මදි. ඔබ ඔහුව අමතක කරනවා නම්, ඔහුට කිසිවක් ගන්න බැහැ. ඔබ බත් සහ කොල්ලු, අඹ හෝ පැණි රස කෑමක් වගේ විවිධාකාර ආහාර වර්ග කනවා. ආරම්භයේදී ඔහුව සිහිකර පසුව නතර කිරීම නොකළ යුතුයි. එවිට ඔහු ඒ ඉතිරි දේවල් කන්නේ කොහොමද ? ඔබේ මනමාලයා එය කෑවේ නැත්නම්, ඔබ අතරට මායා පැමිණ එය කෑ හැකියි. ඇය ඔහුට එය කන්න ඉඩදෙන්නේ නැහැ. ඔබට දැකිය හැකියි මායා එය කන විට ඇය වඩ වඩාත් බලවත් වී ඔබව පරදවනවා. බාබා ඔබට සියලුම ක්‍රම පෙන්වනවා. ඔබ බාබා, ඔබේ පියා, ඔබේ මනමාලයා සිහිකරනවා නම්, ඔහු ඔබ සමඟ ඉතා දයාබර වෙනවා. ඔබ කියනවා : බාබා, මට ඕනේ ඔබත් සමඟ තනිවම කෑමටත් තනිවම හිඳ සිටීමටත්ය. මා ඔබ ගැන පමණක් සිහියෙන් කෑම කනවා. මේ දැනුම පදනම් කරගෙන අපි දන්නවා, ඔබ අරගන්නේ සුවඳ පමණක් බව. මේ ශරීරය ණයට ලබා ගත්තක්. ඔහුව සිහිකරන විට බාබා පැමිණෙනවා. හැමදේම රැඳී පවතින්නේ ඔබේ සිහිකිරීම මතයි. යෝගා ලෙස හැඳින්වෙනුයේ මෙයයි. යෝගා පෙන්වන්නේ උත්සාහයයි. සන්යාසීවරු මෙහෙම කියන්නේ නැහැ. ඔබට උත්සාහ දැරීමට අවශ්‍ය නම් බාබාගේ ශ්‍රීමත් සියල්ලම සටහන් කරගෙන සම්පුර්ණ උත්සාහය දරන්න. බාබා තම අත්දැකීම ඉදිරිපත් කරනවා. ඔහු කියනවා: මා ක්‍රියා කරන ලෙසින්ම ක්‍රියා කරන්න. එම ක්‍රියා මා ඔබට උගන්වනවා. බාබාට ක්‍රියා කරන්න නැහැ. ස්වර්ණම යුගයේදී ඔබේ ක්‍රියා වෙනුවෙන් වේදනා විඳින්නේ නැහැ. කරන්න ඉතාම පහසු දේවල් බාබා ඔබට කියනවා : බාබා සමඟ පමණක් කන්න සහ ඔහුට පමණක් සවන් දෙන්න. මේ ගීතය අදාල වන්නේ ඔබට. ඔබේ මනමාලයා හෝ ඔබේ පියා ලෙස ඔහුව සිහි කරන්න. ඥාන සාගරය ආවර්ජනය කිරීමෙන් දැනුමෙහි අඩංගු කරුණු ඉදිරිපත් කළ හැකියි. මෙය පුහුණු කිරීමෙන් ඔබේ පාපයන් විනාශ කර දැමිය හැකි අතර ඔබ සෞඛ්‍යමත්භාවයටත් පත්වෙනවා. උත්සාහ දරණ අය ඉන් ලාභ උපයන අතර උත්සාහ නොදරණ අය අලාභයක් විඳිනවා. ලෝකයේ සියලුම දෙනා දිව්‍යලෝකයේ පාලකයින් වෙන්නේ නැහැ. මෙයත් ගිණුමට වැටෙනවා. බාබා හැමදේම පැහැදිලි කර විස්තර කර දෙනවා. වන්දනා ගමනක් යෑමේ ගීතය ඔබ ඇසුවා. වන්දනා ගමනකදී ඔබ අනිවාර්යෙන්ම කෑම ගත යුතුයි. මනමාලියක් තම මනමාලයා සමඟත් දරුවෙක් ඔහුගේ හෝ ඇයගේ පියා සමඟත් ආහාර ගන්නවා. ඒ දේම මෙහෙත් සිදුවෙනවා. තම මනමාලයාට සෙනෙහස තිබෙන තරමට ඔබ ලබන සතුට නමැති උපාධියේ වටිනාකම ඉහළ නඟිනවා. ඔබේ බුද්ධියේ විශ්වාසය වර්ධනය කර ගන්නවා සහ ඔබ ජයග්‍රහණය ලබනවා. යෝගා තබා ගන්නවා යනු තරඟයක්. මෙය තම බුද්ධියේ යෝගා තරඟයක්. ඔබ ශිෂ්‍යයෝ සහ මේ තරඟය දුවන්නේ කොහොමද කියලා ගුරුවරයා ඔබට උගන්වනවා. බාබා කියනවා : දවස තුළ ක්‍රියා කළ යුතු බව පමණක් සිතන්න, ඔබ ක්‍රියා කිරීමෙන් පසුව ඉබ්බෙක් මෙන් වී ගොස් සිහිකිරිමේ යෙදෙන්න. බ්‍රහ්මාරී (මෙරූන්) දවස පුරා කැරකෙමින් සිට පසුව සමහරු පියඹා යනවා සහ අනෙක් අය මරණයට පත් වෙනවා. එය නිකම් උදාහරණයක්. බ්‍රහ්මීන්වරු වන ඔබ දැනුම හඬනඟමින් අන්‍යයන්ව තමාට සමාන තත්ත්වයට පත්කර ගන්නවා. සමහරු ඉතා ගැඹුරු සෙනෙහසක් වැඩි දියුණු කර ගන්නවා. අනෙක් අය විනාශ වී මරණයට පත්වෙනවා. සමහරු භාගයක් දියුණු වෙනවා, ඔවුන් දිව ගොස් නැවත කෘමින් බවට පත්වෙනවා. එමනිසා, මේ සියලුම දැනුම හඬනැඟීම ඉතාමත් පහසුයි. ’මනුෂ්‍යයින් දේවත්වයට පත්කිරීමට දෙවියන් දීර්ඝ කාලයක් ගන්නේ නැහැ‘ යන කියමනක් සිහිකෙරනවා. අපට දැන් යෝගා තියෙනවා. දේවත්වයට පත්වීමට අප උත්සාහ දරණවා. මේ දැනුම ගීතාවෙහි සඳහන් වෙනවා. ස්වර්ණමය යුගයේ හැම කෙනෙක්ම දේවතාවන්. සංගම යුගයේදී තමයි පරමාත්ම දෙවියන් පැමිණ මනුෂ්‍යයින් දේවත්වයට පත් කළ යුත්තේ. දේවත්වයට පත්වීම සඳහා ස්වර්ණමය යුගයේදී යෝගා ඉගැන්වෙන්නේ නැහැ. ස්වර්ණම යුගයේ ආරම්භයේදී තමයි දේවතා ආගම පටන්ගන්නේ. කලි යුගයේ අවසානයට ඇත්තේ යක්ෂ ආගමයි. මේ කරුණු ලියැවිලා තියෙන්නේ ගීතාවෙහි පමණයි. මනුෂ්‍යයින් දේවත්වයට පත්කරලීමට පරමාත්ම දෙවියන් දීර්ඝ කාලයක් ගත නොකරයි. මන්ද, ඔහු ඔබට ඔබේ ඉලක්කය සහ අරමුණ ලබා දෙනවා. එහිදී ලෝකේ හැම කෙනා වෙනුවෙන්ම ඇත්තේ එකම එක ආගමයි. මුළු ලෝකයම පවතිනවා; චීනය සහ යුරෝපය නොපවතින්නේ නැහැ. ඒවා තියෙනවා නමුත් ඒවායෙහි මනුෂ්‍යයින් නැහැ. එකලට සිටින්නේ දේවතා ආගමට අයත් අය පමණයි. අනෙක් ආගම්වල අය එවිට නැහැ. දැන් එය කලි යුගයයි. පරමාත්ම දෙවියන් ඔබව මනුෂ්‍යයින්ගෙන් දේවත්වයට වෙනස් කරනවා. බාබා කියනවා : උපත් 21 කට ඔබ නිරන්තර සතුට ලබනවා. මේ ගැන අපහසු කිසිවක්ම නැහැ. දෙවියන් දිනා ගැනීම උදෙසා ඔබ භක්ති මාර්ගයේදී බොහෝ උත්සාහ දැරුවා. කෙනෙක් ශබ්දය අභිබවා ගිය බවක්, නිර්වාණයට ගිය බවක් කියා තිබෙනවා. ඔවුන් කියන්නේ නැහැ ඔහු දෙවියන් ළඟට ගියා කියලා. ඔවුන් කියනවා ඔහු දිව්‍යලෝකයට ගියා කියලා. එක ජීවාත්මයකට පමණක් යන්න දිව්‍යලෝකය නිර්මාණය වෙන්නේ නැහැ; ඔබ සියලුම දෙනා එහි යා යුතුයි. ගීතාවෙහි ලියැවිලා තියෙනවා දෙවියන් ’මරණයන්ගේත් මරණය‘ ලෙස. ඔහු මදුරු රැළක් සේ සියලුම දෙනාව නිවහන කරා ගෙන යනවා. බුද්ධියත් කියනවා මේ චක්‍රය නැවත ක්‍රියාත්මක විය යුතු බව. ඉතින්, ප්‍රථමයෙන්ම දේවතා ආගම නම් වූ ස්වර්ණමය යුගය අනිවාර්යෙන්ම නැවත ක්‍රියාත්මක විය යුතුයි. පසුව අනෙක් ආගම් ක්‍රියාත්මක වෙනවා. බාබා ඔබට එවන් වු පහසු ක්‍රම කියා දෙනවා : මන්මනභව්! එපමණයි! ගීතාවේ දෙවියන් වසර 5000කට පෙරාතුවත් කියනවා : ආදරවන්ත දරුවනි! මෙය කිව්වේ ක්‍රිෂ්ණා නම් අනෙක් ආගම්වල මිනිස්සු මීට සවන් දෙන්නේ නැහැ. දෙවියන් මෙය කියන විට හැම කෙනෙකුටම හැඟෙනවා පරමාත්ම දෙවියන්, පරමාත්ම පියා, දිව්‍යලෝකය නිර්මාණය කරන්නා බව. පසුව ඔබ විශ්වයේම පාලකයෝ වෙනවා. මේ තුළ වියදමක් නැහැ. සරළ ලෙස ලෝකයේ මුල, මැද සහ අග පිළිබඳ ඔබ දැනගත යුතුයි. දරුවනි, ඔබ ඥාන සාගරය ආවර්ජනය කළ යුතුයි. දිවා රෑ, ක්‍රියා කරන අතර තුර එවන් වූ උත්සාහයක් දරන්න. ඔබ සාගරය මතගා පියා සිහිකරන්නේ නැත්ද ? ඔබ දැනුම මතගාන්නේ නැතිව හා පියා සිහිකරන්නේ නැතිව දවස පුරා නිකම්ම ක්‍රියා කරනවා නම්, රාත්‍රිය පුරා සිතෙහි තිබෙන්නේ ඒ ක්‍රියා පිළිබඳ සිතිවිලියි. ගොඩනැඟිලි හදන අය ගොඩනැඟිලි ගැන පමණයි සිතන්නේ. දැනුම ආවර්ජනය කිරීමේ වගකීම මොහුට (බ්‍රහ්මාට) දී තිබුණත් අමෘතයේ පුන්කළස ලක්ෂ්මී හට දුන් බව සඳහන් වෙනවා. ඉතින්, ඔබ සියලුම දෙනා ලක්ෂ්මී මෙන් විය යුතුව තිබෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බාබාගේ ශ්‍රීමත් සටහන් කරගෙන උත්සාහ දරන්න. බාබා තමන්ම ක්‍රියා සිදුකොට ඉගෙන ගත් එම ක්‍රියාම පමණක් ඔබ සිදුකළ යුතුයි. ඥාන සාගරය මතගා දැනුමේ කරුණු ඇතුළු කර ගන්න.

2. බාබා පිළිබඳ සිහියෙන් පමණක් ආහාර ගන්නා බවට පොරොන්දු විය යුතුයි. “මා ඔබ සමග පමණක් ඉදගෙන ඔබ සමග පමණක් කෑම කන්නම්.” ඔබ මේ පොරොන්දුව ඉටු කළ යුතුයි.

වරදානය:
ඔබගේ ක්‍රියා සහ නෑ සබඳතා යන දෙකෙහිදීම කිසිදු ආත්මාර්ථකාමී චේතනාවකින් මිදී සිට ඔබ පියා මෙන් කර්මතීට් බවට පත් වේවා.

ඔය දරුවන් කළ යුතු සේවය සියලු දෙනා නිදහස් කිරීමයි. එබැවින්, අන් අයව නිදහස් කරන අතරම, ඔබ කිසිඳු බන්ධනයක නොබැදෙන්න. "මගේ" යන ඕනෑම සීමිත අවධානයන්ගෙන් ඔබ නිදහස් වූ විට, එවිට ඔබට අව්‍යක්ත් අවධිය අත්විඳිය හැකි වනු ඇත. තම භෞතික හා ආධ්‍යාත්මික ජීවිත වල කිසිදු ආත්මාර්ථකාමී චේතනාවකින් තොර වූ දරුවන්ට ඔවුන්ගේ ක්‍රියාවන් සහ සබඳතා වල දී පියා මෙන් කර්මතීට් අවධිය අත්විඳිය හැකිය. එසේනම්, පරීක්ෂා කරන්න: මොනයම් හෝ කර්ම බන්ධනයන්ගෙන් ඔබ කොතෙක් දුරට ඈත් වී ඇත්ද? නිෂ්ඵල ස්වභාවයේ හෝ සංස්කාරයන්ගේ ඕනෑම බලපෑමකින් ඔබ නිදහස්ද?

පාඨය:
පහසුවෙන් ගමන් කරන සහ පහසු ස්වභාවයක් ඇති අය පහසු යෝගීන් වන අතර අවිහිංසක ස්වාමිගේ සෙනෙහසට ලක්වූවෝ වෙති.