18.01.25    Avyakt Bapdada      Sinhala Murli    Om Shanti    Madhuban


අපගේ පිතාශ්‍රීගේ ස්මෘති දිනයේ පංතියේ කියවීම සදහා
බාප්දාදාගේ මධුර අමිල ශ්‍රේෂ්ඨ වදන්.


ඕම් ශාන්ති. ආධ්‍යාත්මික පරම පියා ඔය දරුවන් සමග හදවතට සමීප කතා බහක යෙදෙමින් ඔබට ඉගැන්වීම් ලබා දෙනවා. ඔබට ඉගැන්වීම් ලබා දීම ගුරුවරයාගේ වගකීම වන අතර ගුරූගේ වගකීම වන්නේ ඔබගේ ගමනාන්තය ඔබට පෙන්වීමයි. ගමනාන්තය වන්නේ මුක්තිය සහ ජීවන-මුක්තියයි. මුක්තිය සදහා ස්මරණ වන්දනා ගමන අවශ්‍ය වන අතර ජීවන-මුක්තිය සදහා නිර්මාණයේ ආරම්භය, මැද සහ අවසානය දැන සිටීම අවශ්‍යයි. උපත් 84හි චක්‍රය දැන් අවසානයකට පැමිණෙන අතර අප දැන් ආපසු නිවහනට යා යුතුයි. මේ ආකාරයට තමන් සමගම කතා කිරීමෙන් ඔබ බොහෝ සතුටට පත් වී ඔබ අන් අයටත් සතුට ලබා දෙනු ඇත. ඔවුන් තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් කිරීමට ඔවුන්ට මාර්ගය පෙන්වීම සදහා ඔබ තුළ දයානුකම්පාවක් තිබිය යුතුයි. පුණ්‍යකර්ම සහ පාපයන් පිළිබද ගැඹුරු රහස් බාබා ඔය දරුවන්ට විස්තර කර දී තිබේ: පුණ්‍යකර්ම යනු කුමක්ද, පාපයන් යනු කුමක්ද. මහාම පුණ්‍යකර්මය වන්නේ පරම පියාව සිහිපත් කිරීම සහ අන් අයටත් සිහි කරදීමයි. මධ්‍යස්ථානයක් විවෘත කිරීම, ඔබගේ සිරුර, මනස සහ ධනය අන් අයට සේවය කිරීමට භාවිතා කිරීම පුණ්‍යකර්මයි. අන් අයගේ ඇසුරේ බලපෑමට හසුවී ඉන්පසුව නිෂ්ඵල සිතිවිලි ඇති කිරීම, අන් අය ගැන සිතමින් ඔබගේ කාලය අපතේ හැරීම පාපයකි. පුණ්‍යකර්ම සිදු කරන අතර කෙනෙක් පාපයන් සිදු කරන්නේ නම්, එවිට උපයා ගත් සියලු ආදායම අවසන් වෙයි. සිදුකර තිබූ සියලු පුණ්‍යකර්ම අවසන් වනු ඇත, එවිට බැර වනවා වෙනුවට එය කැපී යයි. දැනුමැති ජීවාත්මයන්ට පාපකාරී ක්‍රියා වෙනුවෙන් දඩුවම සිය ගුණයක් වෙයි, මන්ද, ඔවුන් සත්ගුරුට අපහාස කරන අය වෙයි. ඒ නිසයි පරම පියා ඔබට මෙම ඉගැන්වීම් ලබා දෙන්නේ : සුමිහිරි දරුවනේ, කිසිම විටෙක පාප ක්‍රියා සිදු නොකරන්න. පාපයන්ගෙන් ඔබට සිදුවන හානියෙන් තමන්ව ආරක්ෂා කරගන්න.

පියා තුළ ඔය දරුවන් කෙරෙහි සෙනෙහස තිබේ, එබැවින් ඔහුට අනුකම්පාවක් දැනෙයි. පියා ඔබට ඔහුගේ අත්දැකීම් කියයි: මා හුදකලාවේ අසුන්ගෙන සිටින විට, ඔවුන් විදේශයක සිටියත්, කොහේ සිටියත්, මට ප්‍රථමයෙන් විශේෂ ආදරණීය දරුවන්ව සිහි වෙයි. හොද, සේවයට ලැදි දරුවෙක් සිරුර හැර දමා යන විට, බාබා එම කෙනාගේ ජීවාත්මය සිහිකර, ඔහුට ආලෝක ධාරාවක් ලබා දෙයි. මෙහි ආලෝක දෙකක් ඇති බවත්, ආලෝක දෙකම එකට ඇති බවත් ඔය දරුවන් දන්නවා. දෙකම බොහෝ බලවත් ආලෝකයි. හිමිදිරි උදෑසන හෝරාවන් ඉතා හොදයි: ස්නානය කිරීමෙන් පසුව හුදකලාවේ සිටින්න. ඇතුලාන්තයේ බොහෝ සතුට තිබිය යුතුයි.

අසීමිත පියා මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට විස්තර කරයි : සුමිහිරි දරුවනේ, තමන් ජීවාත්ම බව සලකා, ඔබගේ පියා වන මාව සහ ඔබගේ නිවහන සිහි කරන්න. දරුවනේ, කිසිම විටෙක මෙම ස්මරණ වන්දනාව අමතක නොකරන්න. ඔබ පවිත්‍ර වන්නේ සිහි කිරීමේ සිටීමෙන් පමණක් වන අතර පවිත්‍ර නොවී ඔබට ආපසු නිවහනට යාමට නොහැක. ප්‍රධාන දේ මෙම දැනුම සහ යෝගාවයි. ඔය දරුවන්ට ඔහු ලබා දෙන මෙම විශාල නිධානය, පරම පියාට තිබේ. මෙහිදි යෝගාව ඉතා විශාල විෂයකි. ඔය දරුවන් හොදින් සිහි කිරීමේ සිටින විට, එවිට එම ස්මරණය නිසා පරම පියා පෙරළා ඔබව සිහි කරයි. ඔවුන්ගේ ස්මරණය තුළින් දරුවන් පියාව ඇද ගනී. පසුව පැමිණ ඒ තිබියදි උසස් තත්ත්වයක් හිමි කරගන්නා සමහරු සිටියි, එහි පදනම සිහි කිරීමයි. ඔවුන් ඔහුව ඇද ගනී. මෙවන් කියමනකි: බාබා අනුකම්පා කරන්න! දයාව දක්වන්න! නමුත් මෙහිදිද අවශ්‍ය වන ප්‍රධාන දේ වන්නේ සිහි කිරීමයි. ඔබට නොකඩවා ආලෝක ධාරාවක් ලැබෙන්නේ සිහි කිරීමේ සිටීමෙන් පමණක් වන අතර ඔය ජීවාත්ම මේ මගින් නිරෝගී සහ පිරිපුන් වෙයි. ඇතැම් විටෙක, පියාට දරුවෙකුට ධාරාවක් ලබා දීමට තිබෙන විට, ඔහුගේ නින්ද පවා ඔහු අහිමි කරගනී. අහවල් කෙනාට ඔහු ධාරාවක් ලබා දිය යුතු බවට ගැඹුරු සැලකිලිමත් බව ඔහු තුළ තිබේ. ඔබට ධාරාවක් ලැබෙන විට ඔබගේ ආයුෂ වැඩි වන බව සහ ඔබ සදා නිරෝගි වන බව ඔබ දන්නවා. ඔබ එක ස්ථානයක අසුන්ගෙන සිටිමින් සිහි කිරීමේ සිටීමට අවශ්‍ය නැහැ. පරම පියා විස්තර කරන්නේ : ඇවිදින විට, එහෙ මෙහෙ යන එන විට, ආහාර ගන්න විට සහ ඕනෑම දෙයක් කරන විට පියාව සිහි කරන්න. අන් අයට ධාරාවක් ලබා දීම සදහා රාත්‍රියේ අවදිව සිටින්න. ඔය දරුවන්ට පහදා දී තිබෙන්නේ : ඔබ හිමිදිරි උදෑසන අවදි වූ විට, පියාව වැඩියෙන් සිහි කරන තරමට ඇති වන ආකර්ෂණය වඩාත් වැඩියි. පියාද ඔබට ආලෝක ධාරාවක් ලබා දෙයි. ජීවාත්මයක් සිහි කිරීම යනු ඔහුට ආලෝක ධාරාවක් ලබා දීමය. ඔබට එය දයාව හෝ ආශිර්වාද ලෙස හැදින්විය හැක.

මෙය සදාතනිකව කල් තියා ඉරණම් වූ නාටකයක් බව ඔය දරුවන් දන්නවා. මෙය ජය සහ පරාජයේ ක්‍රීඩාවක්. කුමක් සිදුවුණත් එය හොදයි. නිර්මාණකරු නියත වශයෙන්ම නාටකයට ප්‍රිය කරයි, එහෙම නේද? එබැවින් නිර්මාණකරුගේ දරුවන්ද එයට ප්‍රිය කරයි. මෙම නාටකයේ, ඔය දරුවන් වෙතට හදවතේ සෙනෙහස ඇතිව, හදවතින් සහ ආත්මයෙන් ඔබට සේවය කිරීමට පරම පියා පැමිණෙන්නේ එක් වරක් පමණයි. පරම පියා තුළ සියලුම දරුවන් කෙරෙහි සෙනෙහස තිබේ. ස්වර්ණමය යුගයේ සියලු දෙනාම එකිනෙකාට බොහෝ සෙනෙහස දක්වන බව ඔබ දන්නවා. සතුන් අතරත් සෙනෙහස තිබේ. සෙනෙහසින් වාසය නොකරන එකදු සත්වයෙක් වත් නොමැත. එබැවින් ඔය දරුවන් මෙහිදි මාස්ටර් සෙනෙහස් සාගර විය යුතුයි. ඔබ මෙහිදි එය වන්නේ නම්, එම සංස්කාරය අවිනාශි වෙයි. පියා පවසන්නේ : මා පෙර කල්පයේදි කළ එම ආකාරයෙන්ම ඔබව ආදරණීය කිරීමට, පැමිණ සිටිනවා. දරුවෙකුගේ කෝපයේ හඩ පියාට ඇසෙන ඕනෑම වෙලාවක, ඔහු මෙම ඉගැන්වීම ලබා දෙනවා : දරුව, කෝප වීම හොද නැහැ, මන්ද, ඔබට දුකක් ඇති වන අතර ඔබ අන් අයටද දුක් දෙයි. ඔබට ස්ථිර සතුට ලබා දෙන ඒකායන කෙනා පියා වන අතර එබැවින් ඔය දරුවන් පියා මෙන් විය යුතුයි. කිසිම විටෙක එකිනෙකාට දුක් නොදෙන්න. ඔබ බොහෝ, බොහෝ සේ ආදරණීය විය යුතුයි. ඔබ බොහෝ සෙනෙහසින් ආදරණීය පියාව සිහි කරන විට, ඔබ තමන්ට මෙන්ම අන් අයටත් යහපතක් සිදු කරගනී.

ලෝකයේ ස්වාමී, ඔබගේ අමුත්තා ලෙස ඔබ වෙතට පැමිණ සිටිනවා. ලෝකයට යහපතක් සිදු වන්නේ ඔය දරුවන්ගේ උදව් ඇතිව පමණයි. පියා ඉතාම ආදරණීය බව ඔය ආධ්‍යාත්මික දරුවන්ට දැනෙන සේම පියාටද ඔය ආධ්‍යාත්මික දරුවන් ඉතා ආදරණීය බව දැනෙයි, මන්ද, ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් මුළු ලෝකයටම යහපතක් සිදු කරන්නේ ඔබ පමණයි. ඔබ දැන් මෙහි, මෙම දේවමය පවුල තුළ අසුන් ගෙන සිටිනවා. පරම පියා ඔබ ඉදිරියේ පෞද්ගලිකව අසුන්ගෙන සිටිනවා. “මා කෑම කන්නේ ඔබ සමගයි, මා අසුන්ගන්නේ ඔබ සමගයි...” ශිව බාබා මෙම කෙනා තුළට ඇතුළු වී මෙසේ පවසන බව ඔබ දන්නවා : සුමිහිරි දරුවනේ, ඔබගේ සිරුරු සහ සියලුම ශාරීරික නෑදෑයින් අමතක කර දමා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. මෙය අවසන් උපතයි, මෙය පැරණි ලෝකයකි එමෙන්ම මෙම පැරණි සිරුර අවසන් වීමටයි යන්නේ. මෙවන් කියමනක් තිබේ: “ඔබ මිය යන විට, ඔබට ලෝකය මිය යයි.” උත්සාහ දැරීමට තිබෙන්නේ මෙම සංගම යුග කෙටි කාලය පමණයි. සමහර දරුවන් විමසන්නේ: “බාබා මෙම ඉගෙනුම කවදා තෙක් නොකඩවා පවතිද? දිව්‍යමය රාජධානිය ස්ථාපිත වන තුරුම ඔහු දිගටම මෙම දැනුම පවසයි. ඉන්පසුව ඔබව නව ලෝකයකට මාරු කර හරියි. බාබා බොහෝ නිරහංකාරව හිදිමින් ඔය දරුවන්ට සේවය කරයි. එබැවින් ඔය දරුවන්ද එතරම්ම සේවයක් සිදු කළ යුතුයි. ඔබ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ඔබ තමන්ගේම අදහස් අනුගමනය කරන විට ඔබගේ භාග්‍යයට හරස් කැපෙයි. ඔය බ්‍රහ්මණයන් දේවමය දරුවන්ය. බ්‍රහ්මගේ දරුවන්, සහෝදරයන් සහ සහෝදරියන්ය, දේවමය මුනුපුරන් සහ මිනිපිරියන්ය. ඔබ ඔහුගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නවා. ඔබ උත්සාහ දරන ප්‍රමාණය කෙතරම්ද, එයට අනුව ඔබ තත්ත්වයක් හිමිකර ගනිවි. මෙයට නොබැදීව සිටීමේ පුහුණුවක් ඔබට බොහෝ සේ තිබිය යුතුයි. පරම පියාගේ ප්‍රථම නියෝගය වන්නේ : ඔබ අශාරීරික වේවා. තමන් ජීවාත්මයක් බව සලකා පියා වන මා සිහි කරන්න, මන්ද, එවිට පමණයි ඔබ තුළ ඇති මිශ්‍ර ලෝහ ඉවත් වී ඔබ සැබෑ රත්රන් වන්නේ. ඔය දරුවන්ට අයිතියක් ඇතිව මෙසේ කිව හැක: “බාබා, ඕ මිහිරි බාබා! ඔබ මාව අයත් කර‌ගෙන, උරුමයක් ලෙස මට සෑම දෙයක්ම ලබා දුන්නා. කිසිවෙකුට මෙම උරුමය උදුරා ගන්නට නොහැකිය.” ඔය දරුවන් තුළ මෙපමණ කුල්මත් බවක් තිබිය යුතුයි. ඔබ, සියලු දෙනාට මුක්තියට සහ ජීවන-මුක්තියට මාර්ගය පෙන්වන ප්‍රදීපාගාරයි. ඇවිදින විට, අසුන්ගෙන සිටින විට සහ එහෙ මෙහෙ යන එන විට ප්‍රදීපාගාරයක් වන්න, එපමණයි.

පියා පවසන්නේ : දරුවනේ, දැන් ඉතිරිව ඇති කාලය ඉතාම කෙටියි. මෙසේ සිහි කර තිබේ: එක් මොහොතක්, මොහොතකින් අඩක්... හැකි පමණින් ඒකායන පියාව සිහි කිරීමේ තමන්ව නියලවා, ඉන්පසුව ඔබගේ වාර්ථාව වැඩි කරගන්න. අච්චා.

බොහෝ කලක් නැතිව සිට දැන් හමුවූ, මිහිරිතම, භාග්‍යවන්ත සහ ආදරණීය දැනුමේ තාරකාවන්ට, සෙනෙහස, ස්මරණය, මව, පියා, බාප්දාදාගේ හදවත සහ ආත්මයෙන් ගැඹුරු, බොහෝ ගැඹුරු සෙනෙහස, සිහි කිරීම සහ සුබ උදෑසනක්. ආධ්‍යාත්මික පියා, ඔය ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර කරයි.

ශ්‍රේෂ්ඨ අව්‍යක්ත වදන්: නිරන්තරයෙන් යෝගීවරයෙක් වන්න.

ඔබ තත්පරයකදි ස්විචයක් දමා නිවන සේම, තත්පරයකදි ඔබගේ සිරුරේ ආධාරය ගන්න, ඉන්පසුව තත්පරයකදි ඔබගේ සිරුර ඉක්මවා ගොස් අශාරීරික ස්ථිතියේ ස්ථාවර වන්න. එක මොහොතකදි ඔබගේ සිරුර තුළට පැමිණෙන්න, ඉන්පසුව ඊලග මොහොතේ අශාරීරික වන්න. ඔබ මෙය පුහුණු කළ යුතුයි; එය හැදින්වෙන්නේ කර්මතීට් ස්ථිතිය ලෙසයි - යම් ඇදුමක් ඇදීම හෝ නොඇද සිටීම තිබෙන්නේ ඔබගේ අතේ මෙන්, අවශ්‍යතාවයක් ඇති විට ඔබ ඒවා අදින අතර අවශ්‍යතාවයක් නොමැති විට ඔබ එය ගලවා දමයි. ඔබගේ ශරීර ඇදුම ආරූඪ කරගැනීමේදි සහ එය ගලවා දැමීමේදි, එම අත්දැකීමම තිබිය යුතුයි. ක්‍රියා සිදුකරන අතර, ඇදුමක් පැලදගෙන ඔබගේ කාර්යය සිදු කිරීමේ අත්දැකීම විදගන්න. පසුව ඔබගේ කාර්යය අවසන් කළ සැනින්, ඇදුමෙන් වෙන් වන්න. ඔබ වෙන ඕනෑම පුහුණුවක් වර්ධනය කරගන්නා සේම, ඇවිදින විට සහ ගමන් කරන විට සිරුරේ සහ ජීවාත්මයේ නොබැදියාව අත්විදින්න. කෙසේවෙතත්, මෙය පුහුණු කිරීමට හැකි වන්නේ කාටද? ඔවුන්ගේ සිරුරු කෙරෙහි, ඔවුන්ගේ සිරුර හා සම්බන්ධ සෑම දේකින්ම, භෞතික ලෝකයෙන්, නෑදෑයින්ගෙන් සහ සෑම දේකටම සම්පූර්ණයෙන් නොබැදිව සිටින සහ බැදීම් නොමැති අයට: ඔවුන්ට පමණයි වෙන්ව සිටීමට හැකි වන්නේ. ඔබගේ සියුම් සිතිවිලි වල සැහැල්ලු බවක් නොමැති නම්, ඔබට නොබැදී සිටීමට නොහැකි නම්, ඔබට වෙන් වි සිටීම අත්විදීමට නොහැකි වෙයි. එබැවින් දැන් ඔය සෑම කෙනෙක්ම මෙය පුහුණු විය යුතුයි, සම්පූර්ණ වෙන්වීම අත්විදීමට. ඔබ මෙම ස්ථිතියේ සිටීමෙන්, වෙනත් ජීවාත්මත් නොබැදී සිටීම අත්දකිවි; ඒ අයත් ඔය ජීවාත්මයන්ගෙන් මෙම ස්ථිතිය අත්විදියි. යෝගාවේ අසුන්ගෙන සිටින විට, අභ්‍යාසය මෙහෙයවන කෙනා නොබැදි ස්ථිතියක සිටින බව, සමහර ජීවාත්ම අත්විදියි. ඒ ආකාරයෙන්ම ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, ඔබගේ සුරදූත ස්ථිතියේ දර්ශන ලැබෙයි. මෙහි අසුන්ගෙන සිටින අතර ඔබගේ ස්වර්ණමය යුගී පවුලට සමීප වීමට යන වෙනත් බොහෝ ජීවාත්මයන්ට, ඔබගේ සුරදූත ස්වරූපයේ සහ අනාගත රාජකීය ස්වරූපයේ දර්ශන ලැබෙයි. ආරම්භක කාලයේ බ්‍රහ්මගේ අංගසම්පූර්ණ ස්වරූපයේ සහ ශ්‍රී ක්‍රිෂ්ණා ස්වරූපයේ දර්ශන මිනිසුන්ට පෙණුනි. ඒ අන්දමින්ම, ඔබගේ ද්විත්ව ස්වරූපයේ දර්ශන මිනිසුන්ට ලැබෙයි. ඔබ අංක පිළිවෙලට නොකඩවා මෙම නොබැදි ස්ථිතියට පැමිණෙන විට අන් අයටත් ඔබගේ ද්විත්ව ස්වරූපයේ දර්ශන ලැබෙයි. දැන් මෙම සම්පූර්ණ පුහුණුව තිබිය යුතුයි, එවිට එහෙ මෙහෙ සිට පුවත් නොකඩවා පැමිණෙයි. ආරම්භයේ නිවසේ අසුන්ගෙන සිටි අතරම සමීපයට පැමිණීමට සිටි බොහෝ ජීවාත්මයන්ට දර්ශන ලැබුණි. ඒ අන්දමින්ම ඔවුන්ට දැන් ද දර්ශන ලැබෙයි. මෙහි අසුන්ගෙන සිටින අතර ඔබගේ සූක්ෂම ස්වරූප, අසීමිත ආකාරයකට සේවය සිදුකරයි. මෙම සේවය දැන් කිරීමට ඉතිරි වී තිබේ. භෞතික ස්වරූපයේ ඔබ සියලුම නිදසුන් දුටුවා. සෑම දෙයක්ම නාටකයට අනුව, අංක පිළිවෙලට සිදු වීමට යනවා. ඔබගේ සූක්ෂම සුරදූත ස්වරූපය තුළ ඔබ වැඩියෙන් සිටින තරමට ඔබගේ සුරදූත ස්වරූපය වැඩියෙන් සේවය සිදු කරයි. ජීවාත්මයකට චක්‍රය වටා යාමට සහ මුළු ලොව වටා යාමට කෙතරම් කාලයක් ගත වනවාද? එබැවින් දැන් ඔබගේ සූක්ෂම ස්වරූප සේවය සිදු කරයි, නමුත් මෙම නොබැදි ස්ථිතිය තිබෙන අයට පමණයි, ඔවුන්ගේ සුරදූත ස්වරූපය තුළ ස්ථාවර අයට පමණයි. ආරම්භක කාලයේ සියලුම දර්ශන පෙණුනි. සුරදූත ස්වරූපයේ පරිසමාප්ත ස්ථිතියේ සහ උත්සාහ දරන ස්ථිතියේ වෙනම දර්ශන ලැබුණි. ඔවුන්ට භෞතික බ්‍රහ්මගේ සහ අංග සම්පූර්ණ බ්‍රහ්මගේ වෙන්වූ දර්ශන ලැබුණු සේම ඔය විශේෂ ආදරණීය දරුවන්ගේ දර්ශනද ලැබෙයි. කැලඹිලි සිදුවන විට ඔබට භෞතිකව කිසි දෙයක් කිරීමට නොහැකි වෙයි, එමෙන්ම මෙහි බලපෑම මෙම සේවය තුළින් දැනෙයි. ආරම්භයේදීද දර්ශන වල බලපෑම තිබුණා නේද? දර්ශන සහ සූක්ෂම අත්දැකීම් බලපෑමක් ඇති කළා. අවසානයේදී ද, මෙම සේවය සිදු විය යුතුයි. ඔය සෑම කෙනෙකුටම ඔබගේ අංගසම්පූර්ණ ස්වරූපයේ දර්ශනයක් තිබෙනවාද? ඔවුන් දැන් ශක්තීන්ට කන්නලව් කිරීම ආරම්භ කර තිබේ. දැන් එතරම් පරමාත්ම දෙවියන්ට කන්නලව් කරන්නේ නැහැ, නමුත් ශක්තීන්ට කන්නලව් කිරීම විශාල බලයකින් ආරම්භ වී ඇත. එබැවින් ඔබ දැන් විටින් විට මෙය පුහුණු කළ යුතුයි. ඔබ මෙම පුරුද්ද වර්ධනය කරගත් විට ඔබට බොහෝ අතීන්ද්‍රීය සුවයක් දැනෙයි. ඔය ජීවාත්ම තත්පරයකදි ඔබගේ සිරුරු වලින් වෙන් වෙයි, ඔබට එම පුහුණුව තිබෙයි. දැන් සිදුකළ යුතු උත්සාහය මෙයයි.

වර්ථමානයේ ඔබගේ ආවර්ජන බලය තුළින්, සියලු බලයන්ගෙන් ඔය ජීවාත්ම පිරිපුන් වීමේ අවශ්‍යතාවයක් තිබේ; එවිට පමණයි ඔබ මුළුමනින්ම සෙනෙහසේ ගිලී සිටින ස්ථිතිය තිබී, බාධක ඉවත් වන්නේ. බාධක රළ පැමිණෙන්නේ ආධ්‍යාත්මිකත්වයේ බලය අඩුවන විටයි. එබැවින් වර්ථමානයේ ශිව රාත්‍රිය වෙනුවෙන් සේවය කිරීමට පෙර, තමන්ව බලයෙන් පුරවා ගැනීමේ ශක්තිය ඔබට තිබිය යුතුයි. යෝගාව සදහා ඔබ වැඩසටහන් පවත්වනවා ඇති නමුත් දැන්, තමන්ද එය අත්විදිමින්, අන් අයටද යෝගාව තුළින් බලය අත්විදීම සදහා පංති පැවැත්විය යුතුයි. තමන්ගේම බලයේ පදනමින්, ඔබ දැන් අන් අයට ප්‍රායෝගිකව බලය ලබා දිය යුතුයි. බාහිර සේවය සදහා සැලසුම් ගැන පමණක් නොසිතන්න, නමුත්, ඔබ සියලු දිශා දෙස බැලිය යුතුයි. ඔවුන්ගේ උද්‍යානය දුර්වල වී ඇත්තේ කුමන කාරණාවෙන්ද කියා, උපකරණ වන අය සිතා බැලිය යුතුයි. හැකි කුමන හෝ ආකාරයකින් ඔබ දැඩි ඇසකින් ඔබගේ උද්‍යානයේ දුර්වලතා දෙස බැලිය යුතුයි. සියලු දුර්වලතා අවසන් කිරීමට කාලය සොයාගන්න.

ඔබ සකාර් ස්වරූපය දුටුවා: යම් විශේෂිත වූ රැල්ලක් තිබුණු ඕනෑම විටෙක, එවිට විශේෂ සේවා සිදු කරන අතර දිවා රෑ සකාශ් ලබා දීම සදහා විශේෂ සැලසුම් සාදනු ලැබුවා. දුර්වල ජීවාත්ම බලයෙන් පිරිපුන් කිරීම සදහා විශේෂ අවධානය යොමු කළ අතර එමගින් බොහෝ ජීවාත්මයන්ට අත්දැකීමක් ලැබුණි. ජීවාත්මයන්ව සකාශ් වලින් පුරවාලීමේ සේවය කිරීම සදහා රාත්‍රි කාලයේ, කාලය වෙන් කරනු ලැබුවා. එබැවින් දැන් විශේෂයෙන් සකාශ් ලබා දීම සදහා සේවය කළ යුතුයි. ප්‍රදීපාගාරයක් සහ බලාගාරයක් වී මෙම සේවය විශේෂයෙන් සිදු කරන්න. ආලෝකයේ සහ බලයේ බලපෑම සෑම තැනකම පැතිරෙන්නේ එවිට පමණයි. මෙයට දැන් අවශ්‍යතාවයක් තිබේ. ධනවත් පුද්ගලයෙක් ඔහුගේ සමීප නෑදෑයින්ව ඉහළ නැංවීම සදහා උපකාර කරන ආකාරයෙන්ම, ඔබ සමග නෑ සබදතාවයක සිටින සියලුම දුර්වල ජීවාත්මයන්ට ඔබ දැන් විශේෂ සකාශ් ලබා දිය යුතුයි. අච්චා.

වරදානය:
ඔබ සැබවින්ම ආදරණීය වී, නිරන්තරයෙන් අත් දහසක් ඇති බ්‍රහ්ම පියාගේ ඇසුර අත්විදිත්වා.

වර්ථමානයේ අත් දහසක් ඇති බ්‍රහ්ම පියාගේ චරිත කොටස රග දැක්වෙමින් තිබේ. ඔය ජීවාත්ම නොමැතිව, ඔබගේ අත් වලට කිසි දෙයක් කිරීමට නොහැකි සේම, ඔය අත්, එනම්, ඔය දරුවන්ට, බාප්දාදා නොමැතිව කිසි දෙයක් කළ නොහැක. සෑම කාර්යයකදීම පළමුව තිබෙන්නේ පියාගේ උපකාරයයි. ස්ථාපනයේ කොටස රග දැක්වෙමින් තිබෙන අතර සෑම සිතිවිල්ලක සහ සෑම තත්පරයකදීම බාප්දාදා සිටින්නේ ඔය දරුවන් සමගයි. එබැවින් වෙන්වීමේ තිරයක් දමා යෝගාවෙන් වෙන් නොවන්න. සෙනෙහස් සාගරයේ රළ තුළ ගමන් කරන්න, ඔහුගේ ප්‍රශංසා ගයන්න, එමෙන්ම පීඩාවට පත් නොවන්න. පියා කෙරෙහි සෙනෙහස තිබීමේ ප්‍රායෝගික ස්වරූපය වන්නේ, සේවය කිරීමට ප්‍රිය කිරීමයි.

පාඨය:
ඉදිරි අංකයක් හිමි කරගැනීමේ පදනම වන්නේ අශාරීරික ස්ථිතියේ අත්දැකීම සහ පුහුණුවයි.

ඔබගේ බලවත් මනසින් සකාෂ් දීමේ සේවය සිදු කරන්න.

ඔබගේ මනස, පිවිතුරු චිත්ත තරංග, සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් වලින් සෑම මොහොතකම, සෑම ජීවාත්මයක් වෙනුවෙන්ම, ඉබේටම පිරි තිබීම, තමන් සහ අන් අය අත්විදිය යුතුයි. මෙම සේවයේ ඔබගේ මනස නිරන්තරයෙන් කාර්යබහුලව තබා ගන්න. වචන වලින් සේවය කිරීමේ අත්දැකීම් ඔබට තිබෙන සේම, වචන වලින් සේවය කිරීම සමගම ඔබගේ මනසින් සිදු කරන සේවය ද ඉබේටම නොකඩවා සිදු විය යුතුයි.