18.01.25    Avyakt Bapdada      Sinhala Murli       Om Shanti    Madhuban


පිතාශ්‍රීජී ගේ අනුස්මරණ දින උදෑසන පංතියේ කියවීම සඳහා
බාප්දාදාගේ ශ්‍රේෂ්ඨ අමිල වදන්.


සාරය: සුමිහිරි දරුවනේ, ඔබ මෙම දැනුමේ මිණි මුතු වලින් ඔබගේ ඒප්‍රන පුරවා, තවද ඒවා දන් දිය යුතුයි. ඔබ අන් අයට මාර්ගය වැඩියෙන් පෙන්වන තරමට, ඔබට වැඩියෙන් ආශිර්වාද ලැබෙයි.

ඕම් ශාන්ති. සුමිහිරි දරුව, අපට උගන්වන්නේ ශිව බාබා කියා, ඔබ ස්ථිරව මතකයේ තබා ගත යුතුයි. ශිව බාබා පාරිශුද්ධකරු මෙන්ම විමුක්තිය පිරිනමන්නාය. විමුක්තිය යනු, ඔහු අපට දෙව්ලොව රාජධානිය ලබා දෙයි. බාබා බොහෝ සේ මිහිරියි. ඔහු අසුන්ගෙන දරුවන් වන අපට බොහෝ සෙනෙහසින් උගන්වයි. පරම පියා, දාදාගේ මාර්ගයෙන් අපට උගන්වනවා. බාබා බොහෝ මිහිරි වන අතර ඔහු තුළ අප කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ. ඔහු අපට කිසිදු අපහසුතාවයක් නොදෙයි. ඔහු සරළව පවසන්නේ : මාව සිහි කරන්න, එමෙන්ම චක්‍රය සිහි කරන්න. පියාගේ ස්මරණයෙන් ඔබගේ හදවත බොහෝ සිසිල් කරගන්න. ඔබට පියාගෙන් මහත් වූ ශ්‍රේෂ්ඨ උරුමයක් හිමි වන බැවින් ඒකායන පියාගේ ස්මරණය ඔබට කරදර කළ යුතුයි. තමන් දෙස බලා, ඔබ තුළ පියා කෙරෙහි කෙතරම් සෙනෙහස තිබේද, එමෙන්ම ඔබට කෙතරම් ප්‍රමාණයකට දිව්‍යමය ගුණදම් තිබේද කියා බලන්න, මන්ද, ඔය දරුවන් දැන් කටු වලින් මල් බවට පරිවර්ථනය වනවා. ඔබ යෝගාවේ වැඩියෙන් සිටින තරමට, එයට අනුව ඔබ වැඩියෙන් කටු බවින් මල් බවට පරිවර්ථනය වන අතර නොකඩවා සතෝප්‍රධාන්ද වෙයි. ඔබ මල් බවට පත් වූ පසුව, ඔබට මෙහි සිටීමට නොහැකි වෙයි. මල් උයන, දෙව්ලොවයි. බොහෝ කටු, මල් බවට වෙනස් කරන අය හැදින්වෙන්නේ සැබවින්ම සුවද මල් ලෙසයි. ඔවුන් කිසි විටෙක කිසිවෙකුට අනින්නේ නැත. කෝපයද විශාල කටුවකි. එය බොහෝ දෙනෙකුට දුක ඇති කරයි. ඔය දරුවන් දැන් කටු ලෝකයෙන් වෙරළට පැමිණ ඇත. ඔබ දැන් සිටින්නේ සංගමයේ. උයන්පල්ලෙක්, පැළෑටි වෙන් වූ බදුන් වල සිටවන සේම, ඔය මල්ද, සංගම-යුගී මල්බදුන් වල වෙනම තබා ඇත. ඉන්පසුව ඔය මල්, දෙව්ලොව යයි. කලි යුගී කටු, පිළිස්සී යනු ඇත.

පාරලෞකික පියාගෙන් ඔබට අවිනාශී උරුමයක් හිමි වන බව, ඔය මිහිරි දරුවන් දන්නවා. අපි ලෝකයේ පාලකයන් වන බවට බොහෝ සතුට, සැබෑ දරුවන් වන අය තුළ, බාප්දාදා කෙරෙහි සම්පූර්ණ සෙනෙහස ඇති අය තුළ තිබෙයි. ඔව්, එසේ පැවසීමෙන් පමණක් නොව, උත්සාහ දැරීමෙන් පමණයි ඔබට ලෝකයේ පාලකයන් විය හැකි වන්නේ. තමන් වෙනුවෙන් ඔවුන් නැවත වතාවක් සූර්ය වංශික සහ චන්ද්‍ර වංශික රාජධානි ස්ථාපිත කරන බව, විශේෂ ආදරණීය දරුවන් සෑම විටම මතකයේ තබා ගනී. පියා පවසන්නේ : සුමිහිරි දරුවනි, ඔබ තව බොහෝ දෙනෙකුට වැඩියෙන් යහපත සළසන තරමට, ඔබට ලැබෙන ප්‍රතිලාභය වැඩි වෙයි. ඔබ තව බොහෝ දෙනෙකුට මාර්ගය පෙන්වන විට, ඔබට බොහෝ දෙනෙකුගෙන් ආශිර්වාද ලැබෙයි. ඔබ මෙම දැනුමේ මිණි මුතු වලින් ඔබ‌ගේ ඒප්‍රන පුරවා ගෙන ඉන්පසුව ඒවා අන් අයට දන් දිය යුතුයි. ඥාන සාගරය ඔබට ඥාන මිණි මුතු බදුන් පුරා ලබා දෙනවා. මෙම මාණික්‍යයන් දන් දෙන අය, සියලු දෙනාගේ සෙනෙහස ලබයි. දරුවනේ, ඔබගේ ඇතුලාන්තයේ බොහෝ සතුට තිබිය යුතුයි. නුවණැති දරුවන් පවසන්නේ ඔවුන් බාබාගෙන් සම්පූර්ණ උරුමය හිමි කරගන්නා බවයි. ඔවුන්ට ජීවිතය ලබා දී ඇති පියාව, ඔවුන්ට හමු වී ඇති බව ඔවුන් දන්නා බැවින්, පරම පියා කෙරෙහි ඔවුන් තුළ බොහෝ සෙනෙහස තිබෙන අතර ඔවුන් පියා මත එල්ලී සිටියි. ඔහු ඔබට මෙම දැනුමේ කෙතරම් විශාල ආශිර්වාදයක් ලබා දෙන්නේද යත්, ඔබ සිටි ආකාරයෙන් ඔබ මුළුමනින්ම වෙනස් වෙයි. අපි දුගී බවින් ධනවත් වෙයි. ඔහු අපගේ සම්පත් ගබඩාව පිටාර ගැලීමට සලස්වයි. ඔබ පරම පියාව වැඩියෙන් සිහි කරන තරමට, ඔබ තුළ වැඩියෙන් සෙනෙහස ඇති වන අතර එවිට ඇද ගැනීමක් සිදු වෙයි. ඉදිකටුවක් පිරිසිදු නම්, එය කාන්දමකින් ඇදගනී. පියාගේ සිහි කිරීම තුළින් මළකඩ නොකඩවා ඉවත් වෙයි. ඒකායන පියා හැර වෙනත් කිසිවෙක් සිහි නොකරන්න.

පරම පියා විස්තර කරන්නේ : සුමිහිරි දරුව, දැන් නොසැලකිලිමත් නොවන්න. ස්ව-දර්ශන චක්‍රධාරීන් වන්න, ප්‍රදීපාගාරයක් වන්න. ඔබ ස්ව-දර්ශන චක්‍රධාරියෙක් වීමේ පුරුද්ද වර්ධනය කළ විට, ඔබ ඥාන සාගරයක් මෙන් වෙයි, එය හරියට ශිෂ්‍යයන් ඉගෙනගෙන ගුරුවරුන් වනවා වැනිය. මෙය ඔබගේ ව්‍යාපාරයයි. සියලු දෙනාව ස්ව-දර්ශන චක්‍රධාරීන් බවට පත් කරවන්න, මන්ද, ඔබ ලෝක පාලකයන් වන්නේ එවිට පමණයි. මේ නිසයි බාබා සෑම විටම ඔය දරුවන්ගෙන් මෙසේ විමසන්නේ : ඔබ මෙතැන අසුන්ගෙන සිටින්නේ ස්ව-දර්ශන චක්‍රධාරීන් ලෙසද? පියාද ස්ව-දර්ශන චක්‍රධාරියාය, එහෙම නේද? පරම පියා පැමිණ සිටින්නේ ඔය මිහිරි දරුවන්ව ආපසු නිවසට රැගෙන යාමටයි. ඔය දරුවන් නොමැතිව, මටත් අවිවේකි බවක් දැනෙනවා. කාලය පැමිණි විට, මට අවිවේකි බවක් දැනෙනවා: හොදයි, මා දැන් යා යුතුයි. දරුවන් බොහෝ සේ අඩ ගසමින් සිටිනවා; ඔවුන් බොහෝ දුකින් සිටියි. ඔවුන් කෙරෙහි අනුකම්පාවක් තිබේ. ඔය දරුවන් දැන් ආපසු නිවසට යා යුතුයි. පසුව, තම තමන්ම සතුටේ දේශයට එහි සිට යනු ඇත. එහිදි මා ඔබගේ සහකරු වන්නේ නැහැ. තමන්ගේම මනෝ ස්ථිතියට අනුව ඔය ජීවාත්ම පහළට යයි.

ඔය දරුවන් පියාගේ ස්මරණයේ වැඩියෙන් සිටින තරමට, ඔබ ඔවුන්ට විස්තර කර දෙන විට, ඔවුන් මත වැඩි බලපෑමක් ඇති වෙයි. ඔබ වැඩියෙන් කතා නොකළ යුතුයි. ඔබ ජීව අවධානයෙන් ටිකක් කතා කළත්, ඊතලය ඉලක්කයේ වැදෙයි. පරම පියා පවසන්නේ : දරුවනේ, අතීතය, අතීතයයි. දැන් ප්‍රථමයෙන් තමන්ව නිවැරදි කරගන්න. ඔබම ස්මරණයේ නොසිට, අන් අයට එසේ කිරීමට නොකඩවා කියන්නේ නම්, මෙම රැවටිල්ල ක්‍රියා නොකරනු ඇත. ඔබගේ යටි සිත ඔබට අනිවාර්යෙන් ඇතුලතින් දොස් පවරයි. පරම පියා කෙරෙහි සම්පූර්ණ සෙනෙහස නොමැති විට, ඔබ ශ්‍රීමත් අනුගමනය නොකරයි. අසීමිත පියා ලබා දෙන ඉගැන්වීම් වෙනත් කිසිවෙකුට ලබා දිය නොහැක. පරම පියා පවසන්නේ : සුමිහිරි දරුව, දැන් මෙම පැරණි ලෝකය අමතක කරන්න. අවසානයේ ඔබට සෑම දෙයක්ම අමතක කිරීමට සිදු වෙයි. එවිට ඔබගේ බුද්ධිය සාම දේශය සහ සතුටු දේශය හා සම්බන්ධ වෙයි. පරම පියාව සිහි කිරීමෙන් එවිට ඔබ පියා වෙතට යයි. අපවිත්‍ර ජීවාත්මයන්ට එහි යා නොහැක. එය පිවිතුරු ජීවාත්මයන්ගේ ලෝකයයි. මෙම සිරුර සෑදි තිබෙන්නේ පංච මහා භූතයන්ගෙනි. ජීවාත්මය මෙම දේපළ ගෙන ඇති බැවින්, පංච මහා භූතයන් ඔබව මෙහි හිදීමට ඇද ගනී. මේ නිසයි ශරීරය කෙරෙහි බැදීමක් තිබෙන්නේ. ඔබ දැන් ඔබගේ සිරුරු කෙරෙහි ඇති එම බැදීම ඉවත් කොට ඔබගේ නිවසට ආපසු යා යුතුයි. මෙම පංච මහා භූතයන් එහි නොපවති. ස්වර්ණමය යුගයේ සිරුරු නිර්මාණය කෙරෙන්නේ යෝගා බලයෙනි. පදාර්ථ සතෝප්‍රධාන්ය, එබැවින් ඇද ගැනීමක් හෝ කිසිදු දුකක් නොමැත. මේවා වටහාගත යුතු බොහෝ පිරිපහදු වූ කරුණුය. මෙහි, පංච මහා භූතයන්ගේ බලය ජීවාත්ම ඇද ගනී, මේ නිසයි ඔවුන්ට ඔවුන්ගේ සිරුරු අත්හැරීමට සිත් නොදෙන්නේ. එසේ නැත්නම් මෙයින් වැඩි සතුටක් ලැබිය යුතුයි. ඔබ පිවිතුරු වී, බටර් වලින් කෙස් ගසක් අදින්නාක් මෙන් ඔබගේ සිරුරු හැර දමා යයි. එබැවින් සිරුරට සහ අන් සෑම දේකටම ඇති බැදීම් අවසන් විය යුතුයි. අපට එයත් සමග සම්බන්ධකමක් නොමැත. අප බාබා වෙතට යනවා, එපමණයි. අපි මේ ලෝකයේදි අපගේ ගමන් මළු සූදානම් කරගෙන, ඒවා කල් තියා එහාට යැවිය යුතුයි. ඒවාට අපත් සමග යා නොහැක, නමුත් ඔව්, ජීවාත්ම ආපසු යා යුතුයි. සිරුරු මෙහි දමා යා යුතුයි. නව සිරුරු වල දර්ශන බාබා අපට ලබා දී ඇත. අපට දියමන්ති සහ මැණික් එබ්බවූ මාලිගා ලැබෙයි. එවන් සතුටු දේශයකට යාමට අප බොහෝ උත්සාහ දැරිය යුතුයි. ඔබ වෙහෙසට පත් නොවිය යුතුයි. දිවා රෑ ඔබ විශාල ආදායමක් උපයාගත යුතුයි, මේ නිසයි බාබා මෙසේ පවසන්නේ : ඕ, නින්ද ජය ගත් දරුවනේ, නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, එමෙන්ම මෙම දැනුමේ සාගරයත් කලතන්න. නාටකයේ රහස් ඔබගේ බුද්ධියේ තබා ගැනීමෙන්, ඔබගේ බුද්ධි බොහෝ සිසිල් වෙයි. මහාරති දරුවන් වන අය, කිසි විටෙක නොසැලෙයි. ඔවුන් ශිව බාබාව සිහි කරයි, එබැවින් ඔහු ඔවුන්ව රැකබලා ගනියි.

පරම පියා ඔය දරුවන්ව දුකින් නිදහස් කොට ඔබට සාම දානය ලබා දෙයි. ඔබත් සාමය දන් දිය යුතුයි. ඔබගේ අසීමිත සාමය, එනම්, ඔබගේ යෝගා බලය, අන් අයව මුළුමනින්ම සාමකාමී කරවයි. සරලව පියාගේ සිහිපත් කිරීමේ හිද, එම ජීවාත්මය ඔබගේ වංශයට අයත්ද නැද්ද කියා ඉන්පසුව බලන්න. ඔහු අයත් නම් ඔහු සම්පූර්ණයෙන් සාමකාමී වෙයි. මෙම වංශයට අයත් අය පමණයි මෙම දේවල් පිළිබදව උනන්දුවක් දක්වන්නේ. ඔය දරුවන් පියාව සිහි කරන විට, ඔහු ඔබට සෙනෙහසද පායි. සෙනෙහස දක්වන්නේ ජීවාත්මයටයි. බොහෝ භක්තිය සිදු කර ඇති අය, බොහෝ ඉගෙන ගන්නා බවත් ඔබ දන්නවා. පියා කෙරෙහි ඔවුන් තුළ කොපමණ සෙනෙහස තිබේද කියා ඔවුන්ගේ මුහුණු වලින් ඔබට කිව හැක. ජීවාත්මය, පරම පියාව දකියි. පියා උගන්වන්නේ ජීවාත්ම වන අපටයි. එමෙන්ම පරම පියාට මෙසේද වැටහෙයි: මා උගන්වන්නේ බොහෝ සේ කුඩා ලක්ෂ්‍ය, ජීවාත්මයන්ටයි. ඔබ තව දියුණු වත්ම, මෙය ඔබගේ මනෝ ස්ථිතිය වෙයි. ඔබගේ සහෝදරයන්ට ඔබ උගන්වන බව, ඔබට වැටහෙයි. එය සහෝදරියකගේ මුහුණ වුනත්, ඔබගේ ද්‍රිෂ්ඨිය යන්නේ ජීවාත්මය වෙතයි. ද්‍රිෂ්ඨිය, කිසිසේත්ම සිරුර මත පතිත නොවිය යුතුයි. මෙයට විශාල උත්සාහයක් අවශ්‍යයි. මේවා බොහෝ පිරිපහදු කාරණාය. මෙම ඉගෙනුම බොහෝ සේ ශ්‍රේෂ්ඨයි. ඔබ එහි බර කිරා බලන්නේ නම්, මෙම ඉගෙනුම පැත්තේ තරාදිය, වැඩියෙන් බරය. අච්චා.

ඔය සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැතිව සිට දැන් හමුවූ දරුවන්ට, මව, පියා, බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ සුබ උදෑසනක්. ආධ්‍යාත්මික පියා, ඔය ආධ්‍යාත්මික දරුවන්ට නමස්තේ කියයි.

18-01-2026
අව්‍යක්ත ශ්‍රේෂ්ඨ වදන්
09-12-1975
අව්‍යක්ත ශ්‍රේෂ්ඨ වදන්

1975/12/09

මහාවීර සමූහයේ විශේෂත්වය වන්නේ ඔවුන්ගේ නිරන්තර සහ ඒකාග්‍ර වූ මනෝ ස්ථිතියයි.

මහාවීරයෙක් යනු විශේෂ ජීවාත්මයක්. විශේෂ ජීවාත්ම සමූහයේ විශේෂත්වය කුමක්ද? වත්මන් කාලයේ

විශේෂ ජීවාත්මයන්ගේ විශේෂත්වය විය යුත්තේ සියලු දෙනාටම එකවර නිරන්තර සහ ඒකාග්‍රතාවයේ ස්ථිතියක් තිබීමයි, එනම්, ඔබට අවශ්‍ය වෙලාවක් ඔබ සියලු දෙනාටම එකවර යම් විශේෂිත වූ මනෝ ස්ථිතියක ස්ථාවර වීමට හැකි විය යුතුයි. සියලු දෙනාගේම සිතිවිල්ලේ අතැගිල්ල සාමූහිකව එකම විය යුතුයි. සමූහයට මෙම පුහුණුව තිබෙන තෙක්, එයට සාර්ථකත්වය ලබා ගැනීමට නොහැක.

විනාඩි 5කට සියලු නිෂ්ඵල සිතිවිලි අවසන් කර නිරන්තර සහ බලවත් ස්ථිතියක ස්ථාවර වීමට ඔබට දැන් නියෝගයක් ලැබෙන්නේ නම්, ඔබට එවන් පුහුණුවක් තිබෙනවාද? සමහරු මතගෑමේ ස්ථිතියේ ස්ථාවර වන අතර සමහරු හදවතට සමීප කතා බහක යෙදීමේ ස්ථාවර වීම සහ තවත් සමහරු අව්‍යක්ත ස්ථිතියේ සිටීම, සිදු නොවිය යුතුයි. බීජ ස්ථිතියේ ස්ථාවර වීමට ඔබට නියෝගයක් ලැබෙන අතර ඔබ ඒ වෙනුවට හදවතට සමීප කතාබහක යෙදෙන්නේ නම්, එය නියෝගයකට කීකරු වීම නොවෙයි නේද? ඔබ ප්‍රථමයෙන් සියලුම නිෂ්ඵල සිතිවිලි අවසන් කළ විට පමණයි ඔබට මෙය පුහුණු කිරීමට හැකි වන්නේ. කැලඹීම් ඇති වන්නේ නිෂ්ඵල සිතිවිලි නිසයි. එබැවින් සියලු නිෂ්ඵල සිතිවිලි අවසන් වන අන්දමට ඔබගේ සමූහය බලවත් සහ එකමුතු කිරීම සදහා, ඔබට අවශ්‍ය වන්නේ කුමන විශේෂ බලයද?

මේ සදහා, ඔබට විශ්වාසය සහ ඉඩ දීමේ බලය අවශ්‍යයි. සමූහය එකට සම්බන්ධ කිරීමේ රැහැන වන්නේ විශ්වාසයයි. යම් කෙනෙක් යම් වරදක් සිදුකළත්, ඔහුගේ සංස්කාර සහ කාලයට අනුව ඔහු කුමක් කළත්, සමූහයට අනුව එය වැදගත්ය. සාමූහික ස්වරූපයක සේවයක් සිදුකරන ඕනෑම තැනක, ඔවුන්ගේ සංස්කාර ඔබ ඉදිරියේ තබා නොගෙන, ඔබගේ සානුකම්පිත දැක්මෙන් අන් අයගේ සංස්කාර දකිමින් ඔබ ගමන් කරන විට, එහි යහපතක් තිබේ. සාර්ථකත්වය තිබිය හැකි වන්නේ, සමූහයේ සියලු දෙනා තුළ එකිනෙකා කෙරෙහි එවන් විශ්වාසයක් තිබෙන විට පමණයි. කලින්ම නිෂ්ඵල සිතිවිලි ඇති කර නොගන්න. සමහර ජීවාත්මයන්ට තමන්ගේම වැරදි අවබෝධ කරගැනීමට වුවද හැකි වෙයි, නමුත් ඔවුන් එම වැරදි වටේ පතුරන්නේ නැහැ: ඒ වෙනුවට ඔවුන් තමන් තුළ ඒවා මුසුකර ගනියි. ඔවුන්ගේ එම වැරදි පිළිබද දැනුම අන් අය පතුරන්නේ නම්, ඔවුන්ට ඒ ගැන අහිතක් දැනෙයි. මේ ආකාරයෙන් අන් අයගේ වැරදි තමන්ගේ බව සලකා, ඒවා අවට පතුරන්න එපා. නිෂ්ඵල සිතිවිලි ඇති කර නොගන්න, ඒ වෙනුවට ඔවුන්ගේ වැරදි වලට ඉඩ දෙන්න. එකිනෙකා කෙරෙහි එතරම් විශ්වාසයක් තිබිය යුතුයි. සෙනෙහසේ බලයෙන් ඔබට සෑම දෙයක්ම නිවැරදි කිරීමට හැකි විය යුතුයි. ලෞකික අන්දමකින්, මිනිසුන් තමන්ගේ නිවසේ කාරණා, පිට අය සමග කතාබස් නොකරයි, මන්ද, එවිට සිදුවන්නේ තමන්ගේම නිවසට පාඩුවක් ගෙන ඒමයි. සමූහයක් තුළ, ඔබගේ සහකරු කුමක් සිදු කළත්, එහි අනිවාර්යෙන් යම් වැදගත්කමක් ඇති. ඔහු යම් වරදක් සිදු කළත්, එවිට වුවද, ඔබ ඔහුව පරිවර්ථනය කළ යුතුයි. මේ දෙයාකාරයේම විශ්වාසය ඇතිව එකිනෙකා සමග සහ-සම්බන්ධතා පවත්වන්න; සමූහය තුළ සාර්ථකත්වය ඇති වන්නේ එවිට පමණයි. මේ සදහා, ඔබට වැඩි වශයෙන් ඉඩ දීමේ බලය අවශ්‍යයි. ඔබ නිෂ්ඵල සිතිවිලි මුසු කරගත යුතුයි. අතීතයේ සංස්කාර කිසිම විටෙක වත්මන් සංස්කාර සමග සසදන්න එපා, එනම්, අතීතය ඔබගේ වර්ථමානය බවට පත් කර නොගන්න. ඔබ නිෂ්ඵල සිතිවිලි වල දිගු පෝලිමක් නිර්මාණය කරගන්නේ, වර්ථමානය, අතීතය සමග මිශ්‍ර කරන විටයි. එවිට නිෂ්ඵල සිතිවිලි වල එම දිගු පෝලිම තිබෙන තාක් කල්, සමූහයේ ස්ථාවර, එකමුතු ස්ථිතියක් තිබිමට නොහැකි වෙයි.

වෙනත් කෙනෙකුගේ වැරදි, තමන්ගේ බව සැලකීම යනු, සමූහය ශක්තිමත් කිරීමයි. මෙය සිදු වන්නේ ඔබ තුළ එකිනෙකා කෙරෙහි විශ්වාසය තිබෙන විට පමණයි - පරිවර්ථනය ගෙන ඒමට විශ්වාසය මෙන්ම යහපතක් සිදු කිරීමට.

එබැවින්, ඔබට අනිවාර්යෙන් ඉඩ දීමේ බලය අවශ්‍යයි. ඔබට පෙනෙන හෝ ඇසෙන දේ කුමක් වුනත්, එයට මුළුමනින්ම තමන් තුළ ඉඩ දී, ඉන්පසුව එම ආධ්‍යාත්මික ද්‍රිෂ්ඨියම සහ හිතකාමී හැගීම් ඇති කරගන්න. මෙම දැනුම නොමැති අයට ඔබ පවසන්නේ ඔබට අපහාස කරන අයව ඔබ ඉහළ නැංවිය යුතු බවයි. ඒ ආකාරයෙන්ම සමූහය තුළත්, ඔබ තුළ එකිනෙකා කෙරෙහි දයාව තිබිය යුතුයි. වර්ථමානයේ ඔබට එතරම් දයාව නොමැත, එමෙන්ම ඒ නිසා ජීව අවධාන ස්ථිතියේ පුහුණුවත් අඩුයි.

සාර්ථකත්වය ඇති වන්නේ එවන් බලවත් සමූහයක් තිබෙන විට පමණයි. වර්ථමානයේ ඔබට සාර්ථකත්වය කැදවීමට සිදුවෙයි, නමුත් පසුව සාර්ථකත්වය ඔබ ඉදිරියේ හිස නමනු ඇත. සත් යුගයෙදි සොබාදහම ඔබගේ සේවකයා වන සේම සාර්ථකත්වයත් ඔබට හිස නමයි. සාර්ථකත්වය ඔබ සියලු දෙනාව කැදවයි. මෙම දැනුම බොහෝ ශ්‍රේෂ්ඨ වන බැවින් සහ ඔබට බලවත් ස්ථිතියක් තිබෙන නිසා, සාර්ථකත්වය ලොකු දෙයක් නොවෙයි. එබැවින් මෙය සෑම විටම පුහුණු කරන අය එම සාර්ථකත්වය අත්කර නොගැනීම, සිදුවිය නොහැකි දෙයකි. ඉතිං, ඔබට සමූහයයේ මෙම බලය අවශ්‍යයි. කෙනෙක් යම් දෙයක් පැවසූ විට අන් අය එය පිළිගත යුතුයි. කිසිම බ්‍රහ්මින් සමූහයක් තුළ ඔබ මුහුණ දීමේ බලය භාවිතා නොකළ යුතුයි; ඔබ මෙම මුහුණ දීමේ බලය භාවිතා කළ යුත්තේ මායාට අභියෝග කිරීමටයි. ඔබ පවුලේ අයට මුහුණ දීමේ බලය භාවිතා කරන විට, සමූහය බලවත් වන්නේ නැත. ඔබ යමකට ප්‍රිය නොකරන විටත්, ඒ තිබියදී ඔබ එකිනෙකාට ගරු කළ යුතුයි. ඒ වෙලාවෙදි ඔබ කෙනෙකුගේ අදහස් හෝ වචන කපා නොදැමිය යුතුයි. එබැවින් ඔබ දැන් ඉඩ දීමේ බලය ධාරණය කරගත යුතුයි.

බ්‍රහ්මින් දරුවන්ගේ ඕනෑම සමූහයක් තුළ ඔබ භාවිතා කරන භාෂාව අව්‍යක්ත හැගීම් සහිත එකක් විය යුතුයි - එය හරියට සුරදූතයන්, සුරදූතයන්ට, ජීවාත්ම, ජීවාත්මයන්ට කතා කරන අන්දමට. ඔබට ඇතැම් විට ඇසුණු, කෙනෙකුගේ වැරදි, ඔබගේ සිතිවිලි වලින් පිළිනොගන්න, එමෙන්ම අන් අයටද ඒවා පිළිගැනීමට ඉඩ නොදෙන්න. පරම පියාගේ පිවිතුරු ආශාවන් ඔබට ප්‍රායෝගික කිරීමට හැකි වන්නේ ඔබට එවන් මනෝ ස්ථිතියක් ඇති විට පමණයි. මේ සදහා එක් එක්කෙනාගේ උත්සාහයේ මෙන්ම එක් එක්කෙනාගේ විශේෂ අත්දැකීම්වල විශේෂ හුවමාරුවක් තිබිය යුතුයි. එවන් විශේෂ යෝගා වැඩසටහන් දිගටම පැවැත්වෙන විට, විනාශයේ ගිණිදැල් ඇවිලෙයි. විනාශයේ ගින්න, යෝගා ගින්න තුළින් ඇරඹෙයි. අච්චා.

වරදානය:
ඔබගේ භෞතික ස්වරූපය තුළ සිටින අතර, ඔබ ශ්වේත ආලෝකය තුළ ශ්වේත ඇදුමින් සිටින අව්‍යක්ත සුරදූත ස්වරූපයක් ලෙස තමන්ව හෙළිදරව් කරත්වා.

සෑම තැනකම දැන් මෙම හඬ පැතිරෙමින් පවතිනවා : සුදු ඇදුමින් සිටින මේ මිනිසුන් කවුරුන්ද, එමෙන්ම ඔවුන් පැමිණියේ කොහේ සිටද? දැන් සෑම තැනකම තමන්ව සුරදූත ස්වරූප ලෙස හෙලිදරව් කරන්න. මෙය ද්විත්ව සේවා ස්වරූපයක් ලෙස හැදින්වෙයි. සෑම තැනකම වළාකුළු තිබෙන ආකාරයට, ඔබගේ සුරදූත ස්වරූප වලින් සෑම තැනකම මතු වන්න. මිනිසුන් කොහේ බැලුවත්, ඔවුන් සුරදූතයන් පමණක් දැකිය යුතුයි. කෙසේවෙතත්, මෙය සිදුවන්නේ ඔබ, ඔබගේ සිරුරු වල බැදීමෙන් ඉවත්වී, ඔබගේ අභ්‍යන්තර සූක්ෂම ශරීර වලින් ගමන් කිරීම පුහුණු කළ විට සහ ඔබගේ මනස බලවත් වූ විට පමණයි.

පාඨය:
සියලු ගුණදම් සහ සියලු බලයන්ට අයිතියක් තිබීම සදහා කීකරු වන්න.

අව්‍යක්ත සංඥාව: මෙම අව්‍යක්ත මාසයේ, බන්ධනයෙන් නිදහස් වී ජීවන මුක්ති අවධිය අත්විඳින්න.

පියා නිරන්තරයෙන් ස්වාධීන වන සේම, ඒ ආකාරයෙන්ම පියා හා සමාන වන්න. ඔය දරුවන් යැපෙන්නන් ලෙස සිටිනවා දැකීම බාප්දාදාට තව දුරටත් දරා ගත නොහැක. ඔබට තමන්ව ස්වාධීන කිරීමට නොහැකි නම්, ඔබගේම දුර්වලතා නිසා ඔබ දිගින් දිගටම වැටෙන්නේ නම්, එවිට ඔබ ලෝක පරිවර්ථකයන් වන්නේ කෙසේද? දැන් මෙම අවධානය වැඩි කරගන්න: මා මාස්ටර් සර්ව බලධාරියෙක්. ඉන්පසුව මෙම අවධානය තිබීමෙන්, ඔබ පහසුවෙන් සියලු කූඩු වලින් නිදහස් වී, පියාඹන පක්ෂියෙක් වෙයි.