18.02.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සෑම නිවසක් වෙතම බාබාගේ පණිවුඩය දීම ඔබේ රාජකාරියයි. ඕනෑම අවස්ථාවක් යටතේ
දී වුවද, සෑම කෙනෙකුටම බාබාගේ හැඳින්වීම ලබා දීමට මාර්ගයක් සළසා ගත යුතුය.
ප්‍රශ්නය:
දරුවන් වන ඔබ
කැමැත්තක් දැක්විය යුත්තේ කුමකටද?
පිළිතුර:
අළුතින් මතුවන කරුණු සටහන් කිරීමට ඔබ තුළ දැඩි කැමැත්තක් තිබිය යුතුය. මන්ද, මේ
කරුණු සියල්ලක්ම සිහියේ තබා ගැනීමට අපහසුයි. අන්‍යයන්ට පැහැදිලි කර දීමට තම සටහන්
භාවිත කිරීමට ඔබට පුළුවන්. කෙසේවෙතත්, කරුණු ලියා පසුව තම සටහන් පොත පැත්තකට දමා
නොයා යුතුයි. හැම දේම පැහැදිලිව අවබෝධ කර ගන්නා දරුවන් සටහන් කර ගැනීමට දැඩි
කැමැත්තක් දක්වනවා.
ගීතය:
ලෝකයේ
මිනිසුන් දහස් ගණනක් ඔබේ හදවත අගුළු ලා ඇත !
ඕම් ශාන්ති.
සුමිහිරි
ආධ්‍යාත්මික දරුවන් වන ඔබ ගීතයට සවන් දුන්නා. එකම එක පියාට පමණයි ‘ආධ්‍යාත්මික
දරුවන්’ යන වචන කිව හැක්කේ. වෙන කිසිවෙකු නොව ඔබට තම ආධ්‍යාත්මික දරුවන් යැයි කතා
කරනුයේ ආධ්‍යාත්මික පියා පමණයි. සියලුම ජීවාත්මයන්ගේ එකම පියා සහ අප සැවොම
සහෝදරයින් යන්න දරුවන් වන ඔබ අසා තිබෙනවා. මිනිස්සු සහෝදරත්වය පිළිබඳ කතා කරනවා.
නමුත් එය පීතෘත්වය බවට පත් කරවන මායා ඔවුන්ට ඇතුළු වී පියා හැම තැනම සිටිනවා යන
අවධානය දෙනවා. රාවන්ගේ රාජ්‍යය පවතින්නේ පැරණි ලෝකයෙහියි. නව ලෝකයෙහි තිබෙන්නේ දේව
රාජ්‍යය ලෙසත් කියැවෙන රාමාගේ රාජ්‍යයයි. මේ කරුණු අවබෝධ කර ගත යුතුයි.
අනිවාර්යෙන්ම රාජ්‍යයන් දෙකක් තිබෙනවා. දේව රාජ්‍යය සහ යක්ෂයින්ගේ රාජ්‍යයයි. නව
ලෝකයත් පැරණි ලෝකයත් තිබෙනවා. නව ලෝකය නිර්මාණය කළ යුත්තේ අනිවාර්යෙන්ම පියා විය
යුතුයි. ලෝකවාසී ජනතාව නව ලෝකය සහ පැරණි ලෝකය පිළිබඳ කිසිවක්ම තේරුම් ගෙන නැහැ
ඔවුන් කිසිවක් දන්නේ නැහැ. ඉස්සර ඔබත් කිසිවක් තේරුම් ගත්තේ නැහැ; ඔබ අසංවේදී වූවා.
සතුටු නව ලෝකය නිර්මාණය කරනුයේ කවුද? පැරණි ලෝකයේ දුක තිබෙන්නේ ඇයි? අපාය
දිව්‍යලෝකය බවට පරිවර්ථනය වෙන්නේ කෙසේද? කිසිවෙක් මේවා දන්නේ නැහැ. මේවා දැනගත
හැක්කේ මනුෂ්‍යයින්ට පමණයි. දේවතාවන්ගේ ප්‍රතිරූප තිබෙනවා ඉතින්, දේවතාවන්ගේ ආදී
සනාතන දේවී දේවතා රාජ්‍යය අනිවාර්යෙන්ම පැවතියා විය යුතුයි. දැන් එය පවතින්නේ නැහැ.
දැන් තියෙන්නේ ආණ්ඩුව ජනතාවගෙන් යැපෙන කාලයක්. බාබා එන්නේ භාරතයට පමණයි. ශිව බාබා
භාරතයට පැමිණි විට ඔහු කරන්නේ කුමක්දැයි භාරතයේ ජනතාව දන්නේ නැහැ. ඔවුන් තමන්ගේම
ආගම අමතක කරලා. ඔබ දැන් ඔවුන්ට ත්‍රිමූර්ති සහ පියා වන ශිවාගේ හැඳින්වීම ලබාදිය
යුතුයි. දේවතා බ්‍රහ්මා, දේවතා විශ්ණු සහ දේවතා ශංකර් ගැන මිනිස්සු කතා කරනවා. පසුව
ඔවුන් කියනවා ‘උත්තරීතර ජීවය ශිවාට නමස්කාර’. එමනිසා, දරුවන් වන ඔබ ඔවුන්ට
ත්‍රිමූර්ති ශිවාගේ හැඳින්වීම ලබාදිය යුතුයි. මේ සේවය ඔබ කළ යුතුයි. අවස්ථාවන්
කුමනාකාර වුවත් හැමෝම බාබාගේ හැඳින්වීම ලැබූ විට ඔවුන්ට පියාගෙන් තම උරුමය දිනාගත
හැකියි. ඔබ දන්නවා තමන් දැන් උරුමය ලබනා බව. තවත් ගොඩක් අය දිනා ගැනීමට සිටිනවා.
සෑම නිවසක්ම බාබාගේ හැඳින්වීම ලැබූ බව නිශ්චය කර ගැනීම අපගේ කාර්යයක්. ඒ වුණත්
පණිවුඩකරුවා වෙන්නේ බාබා පමණයි. බාබා තමන්ගේම හැඳින්වීම ඔබට ලබා දෙනවා. පසුව ඔබ
බාබාගේ හැඳින්වීම අන්‍යයන්ට ලබාදිය යුතුයි. ඔවුන්ට බාබාගේ හැඳින්වීම ලබාදිය යුතුයි.
ප්‍රධානතම දෙය ත්‍රිමූර්ති ශිවායි. අපේ නිළ ලාංඡනය මෙයයි. ආණ්ඩුවේ මිනිස්සු මෙහි
නියම තේරුම දන්නේ නැහැ. ඔවුන් චක්‍රය පෙන්වන්නේත් කැරකෙන රෝදයක් විදියටයි. ඒ මත
‘සත්‍යය ජය ගනී’ යනුවෙන් ලියැවී තිබෙනවා. මේ සංස්කෘත වචනයන්හී අර්ථයක් නැහැ. සත්‍යය
බාබායි. බාබා ඔබට දෙන නියම පහදාදීමෙන් ඔබ මුළු ලෝකය පුරා ජය තහවුරු කරනවා. බාබා
කියනවා : මේ දැනුමෙන් ඇත්තටම ඔබට නියම නාරායන බවට පත්විය හැකි යැයි මා පැවසූ විට මම
ඔබට සත්‍යය ප්‍රකාශ කළා වෙනවා. මිනිස්සු විවිධාකාර අර්ථ නිරූපණයන් ගෙනහැර පානවා.
මෙහි අර්ථය පවා ඔබ ඔවුන්ට කිව යුතුයි. විවිධාකාරයෙන් බාබා පැහැදිලි කර දෙනවා. ගං
තෙරක යාගයක් පැවැත්වෙන විට එතැනට ගොස් ඔවුන් කියන්නා සේ ගංගාවන්ට පාරිශුද්ධත්වයට
පත්කරන්නෙකු විය නොහැකි බව ඔවුන්ට පැහැදිලි කර දිය යුතුයි. ගංගාවන් බිහිවන්නේ
සාගරයෙන්. ගංගා ජලය ඇතිවන්නේ සාගර ජලයෙන්. සාමාන්‍යයෙන් ගංගා ජලය ඇතිවෙන්නේ සාගර
ජලයෙනි. මව්වරු වන ඔබට දැන් මේ දැනුම තිබෙනවා. වතුර ගලා යන ගව මුඛය තිබෙන තැනට ඔබ
යනවා. ඔවුන් විශ්වාස කරන්නේ ඒ ගංගා ජලය කියලයි. උගත් මිනිසුන්ට පවා එයින් ගංගා ජලය
මතුවෙන්නේ කෙසේදැයි අවබෝධ කර ගත නොහැකියි. ආගමික ග්‍රන්ථයන්හී කියැවෙනවා හීය වැදුණු
ස්ථානයෙන් ගංගා ජලය මතුවෙන බව. මේවා දැනුම් කරුණු. අර්ජුණ හීය විද එය වැදුණු තැනින්
ගංගා ජලය මතුවන්නේ නැහැ. මිනිස්සු බොහෝ දුර වන්දනාවේ යනවා. එහි කියැවෙනවා ශංකර්ගේ
අගුළු වලින් ගංගාවන් මතුවෙන බව. ඒ ජලය ස්නානය කිරීමෙන් මනුෂ්‍යයින්ට සුරංගනාවන් බවට
පත්විය හැකි බවත් කියැවෙනවා. සාමාන්‍ය මනුෂ්‍ය බවින් දේවී දේවතාවන් බවට පත්වීම
සුරංගනාවන් බවට පත්වෙනවා වගෙයි. දරුවන් වන ඔබ දැන් හැමදෙනාටම බාබාගේ හැඳින්වීම
ලබාදිය යුතුයි. මේ නිසයි බාබා මේ පින්තූර හදලා තියෙන්නේ. ත්‍රිමූර්ති ශිවාගේ
පින්තූරයෙහි සියලු දැනුම අන්තර්ගත වී තිබෙනවා. ඔවුන්ගේ ත්‍රිමූර්ති පින්තූරයෙහි,
දැනුම දෙන කෙනා (ශිවා) නැහැ. එහි තිබෙන්නේ දැනුම ප්‍රකාශ කරන්නන්ගේ ප්‍රතිරූප
පමණයි. ත්‍රිමූර්ති ශිවාගේ පින්තූරය භාවිත කිරීමෙන් දැන් ඔබට පුළුවන් ඔවුන්ට
පැහැදිලි කර දෙන්න. ඉහළින් ඇත්තේ දැනුම දෙන්නාගේ ප්‍රතිරූපයයි. බ්‍රහ්මා ඔහුගෙන්
දැනුම ලබනවා, පසුව ඔහු ඒ දැනුම පතුරුවා හරිනවා. මීට කියන්නේ දේවාගම ගොඩනැංවීම උදෙසා
කාර්ය සංධානයයි. මේ දේවාගම අති විශාල සතුටක් ලබා දෙනවා. දරුවන් වන ඔබ තම සත්‍ය ආගම
හඳුනා ගත්තා. පරමාත්ම දෙවියන් තමන්ට උගන්වන බව ඔබ දන්නවා. තමන්ට උගන්වන්නා දෙවියන්
වන නිසා ඔබ වඩාත් සතුටු වෙනවා. පරම පියා කියනවා : දරුවන් වන ඔබගේ සතුටෙහි සීමාවක්
නොතිබිය යුතුයි. දෙවියන් යනු ශ්‍රී ක්‍රිෂ්ණා නොව අශරීරික ශිවායි. බාබා මෙහි හිඳ
තේරුම් කරනවා සියල්ලන්ටම විමුක්ති දායකයා ඒකායන කෙනා පමණක් බව. ස්වර්ණමය යුගය
විමුක්තිය සහ යකඩ යුගය විනාශය ලෙස කියැවෙනවා. නව ලෝකය අළුත් ලෙසත් පැරණි ලොව පරණ
ලෙසත් කියනවා. මිනිස්සු විශ්වාස කරනවා ලෝකය පැරණි වීමට තව වසර හතළිස් දහසක් පමණ
තිබෙන බව. හැම දෙනාම බොහෝ සෙයින් නොසන්සුන් බවට පත්වෙනවා. වෙන කිසිවෙකුට නොව, මේවා
පැහැදිලි කළ හැක්කේ බාබාටයි. බාබා කියනවා : මම දරුවන් වන ඔබට රාජ්‍ය වාසනාව දී
හැමෝම ආපසු නිවහනට ගෙන යනවා. මගේ උපදේශයන් අනුගමනය කරන අය දේවතාවන් වෙනවා. මේ දේවල්
ගැන දන්නේ දරුවන් වන ඔබ පමණයි. අළුත් අයට තේරුම් ගත හැක්කේ මොනවාද? උයන සකසා
සූදානම්ව තැබීම උයන්කරුවන් වන ඔබගේ රාජකාරියක්. උයන් හිමිකරු නිරන්තරවම ඔබට
උපදේශයන් දෙනවා. අළුත් කෙනෙක් බාබාට හමු වී ඔහුට දැනුම දෙනවා යැයි කියා දෙයක් නැහැ.
මේ උයන්කරුවන් වන ඔබගේ රාජකාරියයි. බාබා කල්කටා වලට ගිය විට, එහෙ ඉන්න දරුවො බාබාව
හමුවීමට තම පාලකයින් සහ මිතුරු මිතුරියන්ට ආරාධනා කරනා බව හිතනවා. බාබා කියනවා :
ඔවුන්ට කිසිවක් තේරුම් ගන්න බැහැ. ඔබ බුද්ධූන් බාබා ඉදිරියට ගෙනාවා වගේ. මේ නිසයි
බාබා කියන්නේ : බාබාගේ ඉදිරියට අළුත් අයව ගෙන නොඑන්න. පැහැදිලිකර දීම උයන්
හිමිකරුවාගේ කාර්යයක් නොව උයන් පාලකයින් වන ඔබගේ කාර්යයක්. උයන්පල්ලෙකුගේ කාර්යය
උයන සැකසීමයි. ඔබ කළ යුතු දෙය ගැන බාබා නිරන්තරයෙන්ම ඔබට උපදෙස් දෙනවා. මේ නිසයි
බාබා අළුත් දරුවන්ව මුණ නොගැසෙන්නේ. කෙසේවෙතත්, ඇතැම් විට දර්ශන අවශ්‍ය අය නිවසට
පැමිණ අහනවා : අපට බාබා මුණගැසීමට ඉඩ නොදෙන්නේ ඇයි? මිනිසුන් බොහෝ දෙනෙක්
ශන්කරාචාර්ය ළඟට යනවා. දැන් ශන්කරාචාර්ය හට උසස් තැනක් තියෙනවා. ඔහු හොඳ උගතෙක්.
නමුත් ඔහු උපත ලැබුවේ පාපයෙන්. පූජස්ථාන වල පාලකයෝ ඕනෑම කෙනෙක් තත්ත්වය නමැති අසුනේ
හිඳවනවා. සෑම කෙනෙකුටම ඔහුටම නියම වූ අදහස් තිබෙනවා. බාබා පැමිණ දරුවන් වන ඔබට තම
හැඳින්වීම ලබා දෙනවා. සෑම චක්‍රයකදීම මා මේ පැරණි ශරීරයට ඇතුළු වෙනවා. මොහු තමන්ගේ
උපත් ගැන දන්නේ නැහැ. ආගමික ග්‍රන්ථයන්හී සෑම චක්‍රයකම කාල වකවානුව වසර සිය දහස්
ගණනක් වන බව කියනවා. මනුෂ්‍යයින්ට බොහෝ උපත් ලද නොහැකියි. ඊළඟට ඔවුන් කියනවා සත්ව
ශරීර ගෙන එය මිලියන 8.4 ක් වන තෙක් ශරීර ගන්නවා කියලා. මිනිස්සුන්ට ඇහෙන ඕනෑම දෙයක්
ඔවුන් නිවැරදි යැයි කියනවා. ආගමික ග්‍රන්ථයන්හී සෑම දෙයක්ම අයත්වන්නේ භක්ති
මාර්ගයටයි. මිනිස්සුන්ට කිසිම ඥානයක් නැහැ. මේ නිසා තමයි ඔවුන් බබාල මෙන් නොදරුවන්
වෙන්නේ. බබාල සෙල්ලම් කරන්නේ බෝනික්කන් එක්කයි. කල්කටා වල ඔවුන් ඉතා ලස්සන දේව
ප්‍රතිමා හදලා ඒවා ලස්සනට සරසලා දියේ ගිල්වනවා. එමනිසා, ඔවුන් සම්පූර්ණයෙන්ම හරියට
බෝනික්කන්ට වඳින බබාල වගේ අහිංසකයි. ඔබව අසංවේදී කළේ කවුද? කිසිවෙක් දන්නේ නැහැ. ඔබ
දන්නවා මේ අපාය බවත් දිව්‍යලෝකයේ අසීමිත සතුටක් තිබෙන බවත්. දැන් පවා කවුරුහරි
මරණයට පත් වුවහොත් මිනිස්සු කියනවා මේ මේ කෙනා දිව්‍යලෝකයට ගියා කියලා. එමනිසා,
අනිවාර්යෙන්ම දිව්‍යලෝකය කවදා හෝ පැවතී තිබිය යුතුයි, නමුත් ඒ දැන් නොවේ.
දිව්‍යලෝකය අනිවාර්යෙන්ම එන්නේ අපායට පස්සේ. ඔබ මේ දේවල් දන්නවා. එහෙත් අනෙක්
මිනිස්සු ටිකක්වත් දන්නේ නැහැ. ඉතින් අළුත් අය බාබා ඉදිරිපිට ඉඳගෙන ඉන්නේ මොකටද? මේ
නිසයි ඔවුන්ව හොඳින් බලා කියා ගැනීමට උයන්පල්ලෙක් අවශ්‍ය වෙන්නේ. මෙහාට උයන්පල්ලන්
බොහොමයක් අවශ්‍ය වෙනවා. අළුත් ශිෂ්‍යයෙක් වෛද්‍ය විද්‍යාලයට ගිහින් ඉඳගෙන හිටියොත්
ඔහුට කිසිවක් තේරුම් ගන්න බැහැ. මේ දැනුමත් අළුත්. බාබා කියනවා : මා පැමිණියේ හැම
දෙනාවම පාරිශුද්ධත්වයට පත් කිරීම සඳහායි. මා සිහිපත් කරන්න එවිට ඔබ පාරිශුද්ධත්වයට
පත් වේ. වර්තමාන කාලයේ සෑම ජීවාත්මයක්ම තමෝප්‍රධාන්. මේ නිසා තමයි ඔවුන් කියන්නේ
ජීවාත්මයත් උත්තරීතර ජීවාත්මයක් කියලා. උත්තරීතර ජීවාත්මය සෑම කෙනෙක් තුළම සිටී
නම්, ඒ මිනිස්සුත් එක්ක ඔළුව ගහගන්න බාබාට බැහැ. කටු මල් බවට පත් කිරීම උයන්පල්ලන්
වන ඔබ වන් දරුවන්ගේ කාර්යයක්. භක්තිය රාත්‍රිය සහ දැනුම දිනය බව ඔබ දන්නවා.
’බ්‍රහ්මාගේ දිනය සහ බ්‍රහ්මාගේ රාත්‍රිය‘ සිහි කෙරෙනවා. ප්‍රජාපිතා බ්‍රහ්මාට
අනිවාර්යෙන්ම බොහෝ දරුවන් සිටිය හැකියි. එවන් බ්‍රහ්ම කුමර හා බ්‍රහ්ම කුමාරියන්
පිරිසකගේ බ්‍රහ්මා කවුද කියා අහන්නවත් ඔවුන්ගෙන් කිසිවෙකුට ඥානයක් නැහැ. ප්‍රජාපිතා
බ්‍රහ්මා ඉතා ප්‍රසිද්ධයි. ඔහු මඟින් තමයි බ්‍රහමිණ් ධර්මය නිර්මාණය වෙන්නේ.
මිනිස්සු කියනවා: දේවතා බ්‍රහ්මාට නමස්කාර. බාබා දරුවන් වන ඔබව බ්‍රහමිණ්
තත්ත්වයටත් පසුව දේවතා තත්ත්වයටත් පත් කරවනවා. දරුවන් වන ඔබට මතුවන අළුත් කරුණු
ලියා සටහන් පොත තමා ළඟ තබා ගැනීමට දැඩි ආශාවක් තිබිය යුතුයි. හොඳින් මේවා අවබෝධකර
ගන්නා දරුවන් සටහන් ගැනීමට ඉතා ඕනකමක් දක්වනවා. සටහන් ගැනීම ඉතා හොඳයි, මන්ද, මේ
සේරම කරුණු මතක තියා ගැනීම ඉතා අපහසුයි. සටහන් ගෙන, ඒ එන සෑම කෙනෙකුටම පැහැදිලි කර
දෙන්න. සටහන් ගෙන ඒ පොත පැත්තකට කර දැමීම හෝ අළුත් සටහන් ගත් පසු පරණ සටහන් පොත
පැත්තකට කර දැමීම හෝ නොකළ යුතුයි. පාසලක ඉගෙනගන්නා විට දියුණුවට පත්වීමේදී තමන්ගේ
පරණ සටහන්ද ළඟ තිබිය යුතුයි. මෙහෙ පළමුවෙන්ම ඔබ මේවා පැහැදිලි කරලා දෙනවා. පසුව,
අවසානයේ දී ඔබ කියනවා: මන්මනාභව ! බාබා සහ ලෝක චක්‍රය සිහි කරන්න. ප්‍රධානතම දෙය
මෙයයි. නිරන්තරයෙන්ම මා පමණක් සිහි කරන්න. මෙය තමයි යෝගා නමැති ගින්න ලෙස
හැඳින්වෙනුයේ. දෙවියන් ඥාන සාගරය සහ මනුෂ්‍යයින් පොත් සයුරු ය. බාබා කිසිම
ග්‍රන්ථයක් කියවන්නේ නැහැ. ඔහුත් ග්‍රන්ථම කියවන්න ගත්තොත් මිනිස්සු සහ දෙවියන් අතර
ඇති වෙනස කුමක්ද? බාබා කියනවා : මා ඔබට භක්ති මාර්ගයේ ග්‍රන්ථ වල සාරය කියලා දෙනවා.
නයින්ට නළා පිඹින මිනිස්සු ඉස්සෙල්ලාම ඌව අල්ලාගෙන උන්ගේ විෂ ඉවත් කරනවා. බාබාත්
ඔබව වස බීමෙන් නවත්වනවා. මේ විසෙන් මනුෂ්‍යයෝ අපිරිසිඳු වෙනවා. බාබා කියනවා : මේ
සේරම ඉවත් කරන්න. ඒත්, ඔවුන්ට ඒවා ඉවත් කරන්න අවශ්‍ය නැහැ. බාබා ඔබව ලස්සන කරවනවා,
නමුත් ඒ වෙනුවට, සමහරු පිරිහී තම මුහුණු කැතකර ගන්නවා. දරුවන් වන ඔබව දැනුම නමැති
දර සෑයෙහි හිඳුවීමට බාබා පැමිණ සිටී. දැනුම නමැති දර සෑයෙහි හිඳගැනීමෙන් ඔබ ලෝක
හිමිකරුවන්, ලොව ජයගත්තන් වෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පරමාත්ම
දෙවියන් විසින්ම තමන්ට උගන්වන සත්‍ය ධර්මය ස්ථාපිත කරවීම උදෙසා සිටින උපකාරකයින්
තමන්ය යන සතුටෙහි ඔබ නිරන්තරයෙන්ම සිටිය යුතුයි. අපේ දේවතා ධර්මය අති විශාල සතුටක්
ලබා දෙනවා.
2. උයන්පල්ලකු වී කටු
මල් බවට පත් කරවීමේ සේවයෙහි නිරත විය යුතුයි. ඔවුන් පියා ළඟට ගෙන ඒමට පෙර පළමුවෙන්ම
ඔවුන්ව හොඳින් සූදානම් කර ගත යුතුයි. මෙම උත්සාහය දැන් ඔබ විසින් දැරිය යුතුයි.
වරදානය:
ඔබගේ පැරණි
සිරුරු සහ පැරණි ලෝකය අමතක කර දමා බාප්දාදාගේ හදවත් සිහසුන මත අසුන් ගනිත්වා.
සංගම යුගී ශ්‍රේෂ්ඨ
ජීවාත්මයන්ට අසුන් ගැනීමට ඇති ස්ථානය, බාප්දාදාගේ හදවත් සිංහාසනයයි. මුළු චක්‍රය
පුරාම වෙනත් කිසිම කාලයක ඔබට එවන් සිහසුනක් තිබිය නොහැක. ලෝක රාජධානියේ හෝ ප්‍රාන්ත
රාජධානියක ඔබට නොකඩවා සිංහාසන ලැබෙයි, නමුත් ඔබට මෙම සිහසුන නොතිබෙයි. මෙය කෙතරම්
විශාල සිංහාසනයක්ද යත්, ඔබ ඇවිදින විට, වටේ සංචාරය කරන විට, ආහාර ගන්න විට සහ නිදන
විට පවා ඔබ නිරන්තරයෙන් මෙම සිංහාසනයේ අසුන් ගෙන සිටියි. බාප්දාදාගේ හදවත් සිහසුනේ
සෑම විටම අසුන්ගෙන සිටින දරුවන්ට ඔවුන්ගේ පැරණි සිරුරු සහ පැරණි ලෝකය අමතක වෙයි.
ඔවුන් ඒවා දකින නමුත් නොදකියි.
පාඨය:
යම් සීමිත
නමක්, ප්‍රසිද්ධියක් හෝ ගෞරවයක් පසුපස හඹා යාම යනු, ඔබගේ සෙවණැල්ල පසුපස හඹා යෑමය.
හුදකලාවට ප්‍රිය කර,
එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.
නව නිපැයුමක් නිම
කරන්නේ පොළව යට වන සේම, ඔබ වැඩියෙන් පොළව යට සිටින තරමට, එනම්, ඔබ වඩාත්
අභ්‍යන්තරගත වන තරමට ඔබට වැඩියෙන් නව නිපැයුම් නිර්මාණය කිරීමට හැකි වෙයි. පොළව යටට
වී සිටීමෙන් ඔබ වාතාවරණයෙන් ආරක්ෂිත වෙයි. දෙවනුව, හුදකලාවේ සිටීමෙන් ඔබගේ ආවර්ජන
බලය වැඩි වෙයි. තුන්වනුව, හුදකලාවේ සිටීම, මායාගේ බාධක වලින් ආරක්ෂිතව සිටීමේ මගක්
වෙයි.