18.03.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මේ වත්මන් කාලයේ ඔබේ ජීවිතය බොහෝ සෙයින්ම වටිනා එකකි. මක් නිසාද යත් ඔබ සීමිත බවින් අසීමිත බවට පැමිණ ඇති නිසාය. ඔබ දන්නවා ඔබ තමා මුලු ලෝකයටම යහපතක් කරන්නේ කියා.

ප්‍රශ්නය:
කුමන උත්සාහයකින් ද ඔබ පියාගේ උරුමයට හිමිකම් කියන්නේ ?

පිළිතුර:
ඔබට පියාගේ උරුමය සම්පූර්ණයෙන් අයිති වන්නේ නිරන්තරයෙන් ම ඔබ පිරිමි ගැහැණු යන අවධානය බැහැර කර සහෝදරත්ව දැක්ම පවත්වා ගත් විටයි. කොහොමනමුත්, පිරිමි ගැහැණු යන අවධානය සහ දැක්ම බැහැර කිරීම බොහෝ දුෂ්කරය. මේ සඳහා ඔබ දිගටම ජීවාත්ම අවධානය පුරුදු පුහුණු කිරීම අවශ්‍යය. එසේ ඔබ පියාගේ දරුවා බවට පත් වූ විට ඔබට උරුමය ලැබේවි. එකම පියා පිළිබඳ සිහිය තුළින් සතෝප්‍රධාන් ව පිරිසිඳු වන අයට පමණක් මුක්තිය සහ ජීවන් මුක්ති උරුමය ලැබේ.

ගීතය:
අවසානයේ දී ඔබ බලා සිටි දවස උදා වී ඇත ...

ඕම් ශාන්ති.
‘ඕම්’ යන්නෙහි තේරුම මා ජීවාත්මයකි. මෙම ශරීරය මා සතු විය. ඔබ දැන් මෙම නාටකයත් ලෝක චක්‍රයත් ලෝක චක්‍රය පිළිබඳ ඥානය ඇති පියාත් දැන සිටී. චක්‍රය පිළිබඳ ඥානය ඇත්තා නිර්මාණකරු යැයි ඔබ කියයි. වෙන කිසිවෙක් නිර්මාණකරුවාත් ඔහුගේ නිර්මාණයත් නොදනී. තමන්ගේ දැනීම ගැන අහංකාර වන උගත්තු සහ පණ්ඩිතයන් කොතෙක් සිටියත් ඒ කිසිවෙක් මෙය නොදනී. ඔවුන් කතා කරන්නේ දැනුම, වන්දනාව සහ අත් හැරීමයි. මේ තුන එසේ තිබුණද ඔවුන් එහි තේරුම නොදනී. සන්‍යාසීන් ඔවුන්ගේ පවුල් අත්හරී. ඔවුන් ඉහළ හා පහළ තත්ත්වයන් පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් පසුවේ. ඔවුන් ඉහළ මට්ටමේ අය හා මධ්‍යම මට්ටමේ අය වශයෙන් බොහෝ විට ප්‍රශ්න ඇති කරයි. කුම්භ මේලා වලදී පවා කාගේ රථය පළමුව යා යුතු දැයි වාද විවාද ඇත. ඒ ගැන ඔවුන් රණ්ඩු වූ විට පොලිසිය පැමිණ ඔවුන් වෙන් කර දමයි. මේ ශරීර අවධානයම නොවේද? ලෝකයේ සියලුම මනුෂ්‍යයින් සිටින්නේ ශරීර විඥානය ඇතිවය. ඔබ දැන් ජීවාත්ම අවධානයට පැමිණිය යුතුය. පියා මෙසේ කියයි : ශරීර අවධානය අතහැර ඔබ ජීවාත්මයක් යැයි සලකන්න. ජීවාත්මය තමයි සතෝප්‍රධාන් හා තමෝප්‍රධාන් වන්නේ. ජීවාත්මය යනු ශරීරය නොවේ. ක්‍රිෂ්ණා ජීවය සුන්දරත්වයෙන් ඇති නිසා ඔහුගේ ශරීරයද ඉතා සුන්දරය. ඔහුගේ ශරීරය ඉතා ආකර්ෂණීයයි. එම ආකර්ෂණය ඇත්තේ පිරිසිඳු ජීවාත්මයේය. ක්‍රිෂ්ණා කුඩා ළමයෙක් නිසා ඔහුට තරම් පැසසුමක් ලක‍්ෂ්මි නාරායනට නැත. මෙහිදීද ඔවුන් කියන්නේ කුඩා දරුවකුත් මහත්මා කෙනෙකුත් සමානයි කියාය. එසේ වුවද මහත්මාවරු පාපයෙන් තොර වන්නේ ජීවිත අත්දැකීම් ලැබූ පසුය. ඔවුන්ට ඒ ගැන නීරසයක් ඇති අතර දරුවන් කොහොමත් පිරිසිඳුය. ඔවුන් මහාත්මයන් ලෙස උසස්ව සැලකේ. ඒ නිසා හුදකලා මාර්ගයේ සන්‍යාසීන්ට යම් උපකාර කරනු ලබයි. ගොඩනැගිල්ලක් බාගයක් පරණ වූ විට අලුත්වැඩියා කරනවා සේ සන්‍යාසීන් ද භාරතය ඔවුන්ගේ පාරිශුද්ධිය මඟින් නඟා සිටුවයි. භාරතය තරම් වෙන කිසිම භූමියක් ධනවත් සහ පිරිසිඳු නොවේ. පරමාත්ම පියා දැන් ඔබට නිර්මාණකයා සහ නිර්මාණයේ මුල, මැද සහ අග සිහිකරවන්නේ ඔහු පියා, ගුරුවරයා සහ ගුරු ද වන නිසාය. ගීතාවේ ක්‍රිෂ්ණා දෙවියන් කතා කරයි යනුවෙන් ලියා ඇත. ඔහු ගැන ඔබ සඳහන් කරන්නේ බාබා කියාද හෝ පාරිශුද්ධකරුවා කියාද? පාරිශුද්ධකරුවා යන්න ලියන විට ඔබට සිහි වන්නේ ක්‍රිෂ්ණා නොව දෙවියන් ය. තවද ඔවුන් කියන්නේ සීතා රාමා පාරිශුද්ධකරුවා වන බවය. රාමා යනු රඝු වංශයේ රාමාය. ඒ තරම්ම පැටලිලි ඇත. පියාම මෙසේ කියයි : මා පැමිණ ඔබ දරුවන්ට වේද සහ අගමික ලේඛණ ආදියේ සාරය නිවැරදිවම කියා දෙමි. ඔහු විස්තර කරන ප්‍රධාන දෙය නම් ඔබ ජීවාත්මයක් යැයි සළකා පියා සිහි කළ විට ඔබ පිරිසිඳු වේ යන්නයි. ඔබ සැම සොයුරන් ය. තවද, ඔබ බ්‍රහ්මාගේ දරුවන් වශයෙන් පුතුන් සහ දූ වරුන් වන අතර ඒ නිසා සොයුරන් හා සොයුරියන් වේ. මෙය ඔබේ බුද්ධියේ තබා ගන්න. මුලින් ම ජීවාත්මයන් සහෝදරයින් ය. නැවත ඔබ ශරීර වලට ඇතුල් වූ විට සහෝදරයින් හා සහෝදරියන් වේ. මිනිසුන්ට මෙය තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නැත. ඔහු ජීවාත්මයන්ගේ පියා වන අතර අප සියලු දෙනා ම සහෝදරයින් වේ. ඔහු සර්ව ව්‍යාපී යැයි කියන්නේ කෙසේද? උරුමය ලබන්නේ දරුවන් පමණි. පියාට උරුමය ලැබිය නොහැකිය. දරුවන් පියාගෙන් ඔවුන්ගේ උරුමය ලබයි. බ්‍රහ්මාද ශිව බාබාගේ දරුවෙකි. ඔහුද එම පියාගෙන් උරුමය ලබයි. ඔබ ඔවුන්ගේ මුනුබුරන් වේ. ඔබටද එම අයිතිය ඇත. ජීවාත්මයන් ලෙස ගත් කළ ඔබ සේරම පුතුන් ය. ශරීර වලට ඇතුලු වූ කළ ඔබ සහෝදරයින් සහ සහෝදරියන් ලෙස හැඳින් වේ. පිරිමියා - ගැහැණිය යනුවෙන් ඇති අවධානය අතහරින්න. පිරිමියෙක් සහ ගැහැණියෙක් යන දෙදෙනාම ‘අහෝ ! දෙවියනි, පියාණනි’ කියන කළ එයින් අදහස් වන්නේ ඔබ සොයුරන් හා සොයුරියන් බවය. පියා පැමිණ නිර්මාණය සංගම් යුගයේ දී සිදුකළ විට ඔබ සොයුරන් හා සොයුරියන් වේ. එසේ වුවද පිරිමියා - ගැහැණිය යනුවෙන් දැකීම බැහැර කිරීම ඉතා අපහසුයි. පියා මෙසේ කියයි : ඔබ ජීවාත්ම අවධානයට පැමිණිය යුතුය. ඔබ පියාගේ දරුවන් වූ විටය ඒ උරුමය ලැබෙන්නේ. නිරතුරුව ම මා පමණක් සිහිකරන විට ඔබ සතෝප්‍රධාන් බවට පත්වේ. ඔබ සතෝප්‍රධාන් වනතෙක් ඔබට මුක්තිය සහ ජීවන් මුක්තිය ලැබිය නොහැක. සන්‍යාසීවරු ඔබට මේ ක්‍රමය නොපෙන්වයි. ඔවුන් කවදාවත්ම ඔබ ජීවාත්මයක් යැයි සලකන්න කියා හෝ පියා සිහිකරන්න කියා හෝ නොකියයි. පියා ගැන සඳහන් කරන්නේ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, උත්තරීතරත්වය ලෙසය. සියලු දෙනාම ජීවාත්මයන් වන අතර ඔහු උත්තරීතර ජීවාත්මයයි. එම පියා මෙසේ කියයි : දරුවනි, මම ඔබ වෙත පැමිණ සිටිමි. කොහොමනමුත්, ඔබට කතා කිරීම සඳහා මට මුඛයක් අවශ්‍යය. මෙකල, ගව මුඛයක් (එළදෙනකගේ මුඛය) සෑම තැනම සාදා ඇත. තවද ඔවුන් කියන්නේ ගව මුඛයෙන් අමෘතය මතුවෙනවා කියාය. සැබවින්ම අමෘතය යනුවෙන් හැඳින්වෙන්නේ ඥානයයි. ඥානය නැමති අමෘතය මතුවන්නේ කටින්ය. එය ජලය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙම ගවයා මව් එළදෙන වෙයි. බාබා මොහු තුළට ඇතුලු වී ඇත. පියා මව් තුළින් ඔබව ඔහුට අයිති කරගෙන ඇත. ඥානය මතුවන්නේ ඔහුගෙනි. ඔවුන් එළදෙනකගේ රූපය අඹා එම ගලෙන් සෑදූ මුඛයෙන් ජලය ගලා ඒමට සලස්වයි. එය භක්ති මාර්ගයේ ක්‍රමයයි. ඔබ නිවැරදිවම මේ දේවල් දනී. බිෂම්පතිමා හට හී විද්දේ කුමාරීන් වන ඔබය. ඔබ බ්‍රහ්ම කුමාරීන් හා කුමරුන් වේ. එනම්, කුමාරීන් කෙනෙකුට හිමිවිය යුතුව ඇත. අර්ධ කුමාරීන්ට සහ කුමාරීන් යන දෙගොල්ලන්ටම සිද්ධස්ථාන සාදා ඇත. එම සිද්ධස්ථාන ඔබ ගැන ප්‍රායෝගික සිද්ධස්ථාන නොවේද? පියා මෙහි සිට විස්තර කරන්නේ ඔබ බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් වූ විට කිසිඳු අපරාධකාරී බවක් තිබිය නොහැකි බවයි. නොඑසේ වූ විට තද දඬුවම් ලැබේ. ඔබ ශරීර විඥානයෙන් සිටින කළ සොයුරන් හා සොයුරියන් බව අමතක වේ. දෙදෙනාම බීකේ වරු වූ විට පාපී දැක්ම නොතිබිය යුතුය. කොහොමනමුත්, මනුෂ්‍යයින් යක්ෂ ප්‍රජාවට අයත් වූ කළ පාපයෙන් තොරව සිටිය නොහැකි වන අතර එයට බාධා ද පමුණුවයි. ඔබ බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් දැන් පියාගෙන් උරුමය ලබයි. ඔබ පියාගේ ශ්‍රීමත් අවවාදය පිළිපැදිය යුතුය ඔබ පාරිශුද්ධ බවට පත් විය යුතුය. මෙය පව්කාර මරණීය ලෝකයේ දී ඔබ ලබන අවසාන උපතයි. මෙයද කිසිකෙනෙක් නොදනී. අමරණීය දේශයේ පාපයන් නැත. ඔවුන් සතෝප්‍රධාන් වන අතර සම්පූර්ණයෙන් පාපයෙන් තොර වෙයි. මෙහි සිටින අය තමෝප්‍රධාන් ව සම්පූර්ණයෙන් පාපකාරී වෙයි. ඔවුන් ගයන්නේ ද දෙවිදේවතාවුන් පාපයෙන් තොර වන අතර ඔවුන් පව් කාරයින් බවය. ඔවුන් පාපයෙන් තොර අයට වන්දනා කරයි. වර්තමානයේ දී භක්තිය විශාල බලපෑමක් ඇති කරයි. භක්තිවන්තයින් දෙවියන් සිහිකර මෙසේ කියයි: අපේ භක්තියේ ඵල පැමිණ අපට ලබා දෙන්න. ඔවුන් භක්තිය සිදුකිරීමෙන් පත්ව ඇති තත්ත්වය කුමක්ද? පියා විස්තර කරන්නේ ප්‍රධාන ආගමික ලේඛණ හතරක් ඇති බවය. එකක් දෙවි දේවතා ධර්මය වන අතර ඒ තුළ බ්‍රහ්මිණ් වරුද දෙවිදේවතාවුන් ද ක්ෂත්‍රිය වරු ද යන තුන් ගොල්ලෝම ඇත. පියා බ්‍රහ්මිණ් ආගම සාදයි. ඔබ බ්‍රහ්මිණ් වරු සංගම් යුගයේ ඉහළින් ම සිටිනා අයයි. ඔබ බ්‍රහ්මිණ් වරු දැන් ඉහළම මනුෂ්‍යයන් බවට පත් වෙමින් සිටියි. ඔබ පළමුව බ්‍රහ්මිණ් වී පසුව දෙවි දේවතාවුන් බවට පත්වේ. අර බ්‍රාහ්මණ වරු පාපයේ ගැලෙන අයයි. ඔවුන් බ්‍රහ්මිණ් වන ඔබ වෙත අවුත් නමස්කාර කරයි. ඔවුන් මෙසේ ද කියයි: බ්‍රහ්මිණ් සහ දෙවි දේවතාවුන් ට නමස්කාර වේවා. මක් නිසාද ඔබ බ්‍රහ්මාගේ දරුවන් වන අතර ඔවුන් බ්‍රහ්මාගේ දරුවන් නොවන නිසාය. ඔබ දැන් බ්‍රහ්මා ගේ දරුවන් ය. කවුරුත් ඔබට නමස්කාර කරයි. එවිට ඔබ දෙවි දේවතාවුන් බවට පත් වේ. දැන් ඔබ බ්‍රහ්ම කුමරුන් සහ කුමරයින් වන අතර පසුව දෙවිදේවතා කුමරුන් සහ කුමරියන් වේ. ඔබේ මෙම වර්තමාන ජීවිතය ඉතා වටිනා එකක් වන්නේ ඔබ ලෝකයේ මාතාවන් ලෙස සිහිකරන නිසාය. ඔබ සීමිත බවින් අසීමිත බව වෙත ගොස් ඇත. ලෝකයට යහපත කරන්නේ ඔබ බව ඔබ දනී. ඒ නිසා ඔබ හැම කෙනෙක් ම ජගත් මාතාවක් හා ජගත් පිය කෙනෙක් වේ. මේ අපායේ දී මිනිසුන් සිටින්නේ ඉතා නොසතුටින් ය. අප පැමිණ ඇත්තේ ඔවුන්ට ආධ්‍යාත්මික සේවය කිරීමටය. අපි ඔබ නිසැකවම දෙව්ලොව පදිංචි කරුවන් කරවන්නෙමු. ඔබ යුධ හමුදාවක්ය. මෙය යුධ පිටියක් බව කියැවේ. යාදවා, කෞරවා සහ පාණ්ඩවා එකට සිටී. ඔවුන් සියලු දෙනා සහෝදරයන්ය. ඔබේ සටන ඔබේ සොයුරු සොයුරියන් හා නොවේ, රාවණ් සමඟය. ඔබ ඔබේ සොයුරු සොයුරියන් ට විස්තර කරන්නේ ඔවුන් මනුෂ්‍ය බවින් දෙවි දේවතාවුන් බවට හැරවීම සඳහාය. පියා මෙසේ විස්තර කරයි : ඔබ ඔබේ ශරීරයද ඇතුලුව සියලු ශාරීරික සබඳතා අත්හැරිය යුතුය. මෙය වියපත් ලෝකයකි. ජලය නැතිවු කළ ඔවුන් විශාල බැමි සහ ඇළදොල තනයි. ජනගහනය විශාල ලෙස වැඩිවී ඇත. ස්වර්ණමය යුගයේ ඇත්තේ සුලු පිරිසකි. ගංගා වල ඇති තරම් ජලය ඇත. ආහාරද ඇති තරම් ය. දැන් පොළොව මත බිලියන ගණන් මිනිසුන් ඇත. පටන් ගැනීමේ දී සිටියේ නව ලක්ෂයක සිට මිලියනයක් දක්වා මිනිසුන් පමණි. එකල වෙන භූමියක් නොවීය. ජීවත් වුණේ ඔබ සුලු පිරිසකි. ඔබ කොහේවත් යා යුතු නොවිය. නිරතුරු වසන්තය තිබුණි. මහා භූත පහද ඔබට අපහසුවක් ඇති නොකළේය. ඒවා පිළිවලකට තිබුණි. දුක ගැන සඳහනක් හෝ නොවීය. ඒ දිව්‍යලෝකයයි. දැන් එය අපායයි. එහි ආරම්භය චක්‍රය මැදදීය. දෙවි දේවතාවුන් පාපකාරී මඟට වැටුණු විට රාවණ් රාජ්‍ය ආරම්භ විය. ඔබ තේරුම් ගෙන තියෙනවා අපි ද්විත්ව ඔටුනු සහිතව වන්දනාවට සුදුසු අය බවට පත් වී ඉන්පසු තනි ඔටුන්නකින් යුත් අය බවට පත් වූ බව. ආලෝක ඔටුන්න සංඛේතයක් වන්නේ ස්වර්ණමය යුගයේ පාරිශුද්ධිය පිළිබඳවයි. සියලු දෙවි දේවතාවුන් පාරිශුද්ධය. මෙහි එක්කෙනෙක් හෝ පිරිසිඳු නැත. හැම කෙනෙක්ම දිගින් දිගටම උපත ලබන්නේ පාපය තුළින් ය. ඒ නිසයි මෙයට දූෂිත ලෝකය යැයි කියන්නේ. ස්වර්ණමය යුගය උසස් ලෝකයයි. පාපය යනු දූෂණයයි. ඔබ දරුවන් දන්නවා ස්වර්ණමය යුගයේ දී පිරිසිඳු පවුල් මාර්ගය තිබුණු බව; නමුත් දැන් එය අපිරිසිඳු බවට පත් වී ඇත. ලෝකය දැන් නැවත පිරිසිඳු හා උසස් බවට පත් වෙමින් ඇත. ලෝක චක්‍රය නොනැවතී කැරකෙනවා නොවේද? පරමාත්මය වන පරම පියා පිරිසිඳුකරුවාණන් යනුවෙන් හැඳින්වේ. මිනිසුන් කියන්නේ දෙවියන් පෙළඹවීම් කරනවා කියාය. එසේ බලපෑමක් කරනවා යනු සිතිවිලි මගිනි. මෙහිදී එවැනි බලපෑම් ප්‍රශ්නයක් නැත. දෙවියන් ඔහුම ලෙස මෙසේ කියයි : මා ශරීරයක උපකාර ගත යුතුව ඇත. මුඛයක් නොමැතිව මා ඔබට ඉගැන්වීම් ලබා දෙන්නේ කෙසේද? බලපෑම් මගින් කිසි දිනෙක ඉගැන්වීම් දිය හැකිද? දෙවියන් කුමක් හෝ කරන්නේ එසේ නොවේ. පියා ඔබ දරුවන්ට උගන්වයි; ඉගෙනීම බලපෑම් මත කළ නොහැකිය. ලෝකයේ මුල, මැද සහ අග පිළිබඳ රහස් කිව හැක්කේ අන් කවරකුට වත් නොව පියාටය. ඔවුන් පියා ගැන දන්නේ නැත. සමහරු කියනවා ඔහු වූ කලී ලිංගම් රූපය කියා. ඒ අතර අන් අය කියන්නේ ඔහු වූ කලී සදාතනික ආලෝකය කියාය. සමහරු කියන්නේ දෙවියන් යනු බ්‍රහ්ම් ධාතුව කියාය. බ්‍රහ්ම් ඥානය ඇති අය සහ තත්ව ඥානය ඇති අය (බ්‍රහ්ම් ධාතුව ගැන දැනුම ඇති අය) යැයි දෙකොටසක් ඇත. ආගමික ලේඛණ වල ඔවුන් පෙන්වා ඇත්තේ සත්ව විශේෂයන් මිලියන 8.4 ක් ලෙසය. මිලියන 8.4 ක් වත් තිබුණොත් චක්‍රයේ කාල සීමාව ඉතා දීර්ඝ වනු ඇත. එවිට නිවැරදි ගණනය කළ නොහැකි වේ. ඔවුන් කියන්නේ ස්වර්ණමය යුගයේ කාල සිමාවද සිය දහස් ගණන් කියාය. පියා මෙසේ කියයි : මුලු ලෝක චක්‍රය අවුරුදු 5000 ක් වේ. මිලියන 8.4 ක් උපත් ගැනීමට නම් දීර්ඝ කාලයක් අවශ්‍ය වේ ! එම ලියවිලි සියල්ල අයත් වන්නේ භක්ති මාර්ගයටය. පියා මෙසේ කියයි : මා පැමිණ සියලු ලේඛණ වල සාරය ඔබට විස්තර කරයි. ඒ සියල්ල භක්ති මාර්ගයේ විසිතුරු බව වේ. ඒ තුළින් කාට හෝ මා වෙත ළඟා විය නොහැක. මා පැමිණ පමණයි හැම කෙනෙක් ම නැවත ආපසු රැගෙන යන්නේ. ඔබ මට මෙසේ අඬගසයි: ඕ පාරිශුද්ධ කරුවාණනි, එන්න ! අපව පිරිසිඳු කර පිරිසිඳු ලෝකයට ගෙන යන්න. ඉතින් එසේ වූ කළ ඔබ මා සොයමින් නන්නත්තාර වන්නේ ඇයි? ඔවුන් කඳු ශිඛර වෙත ඈතට යෑම් කරයි. මෙකල බොහෝ සිද්ධස්ථාන හිස් ය. කිසිවෙක් ඒවා වෙත නොයයි. ඔබ දරුවන් දැන් දන්නවා ඉහළම පියාගේ ජීවන කතාව. බොහෝ විට පියෙකුට අවුරුදු 60 ක් වයස වූ කළ, සියල්ල ඔහුගේ දරුවන්ට දී විශ්‍රාම ලබයි. ඒ ක්‍රමයද මේ කාලයෙන් ඇරඹේ. සියලු උත්සව ද එසේය. ඔබ දන්නවා දැන් ඔබ ඉන්නේ සංගම් යුගයේ කියා. රාත්‍රියෙන් පසු එළඹෙන්නේ දහවලය. දැන් ඇත්තේ දැඩි අන්ධකාරයයි. එය මෙසේ ගැයේ ඥාන සූර්යයා නැඟෙන විට අවිදු අඳුර දුරුවෙයි. ඔබ දැන් දන්නවා පියා සහ නිර්මාණයේ මුල, මැද සහ අග. පියා ඥානයෙන් පිරී ඇති සේ ඔබ ද ඥානයෙන් පිරීමට හිමි කරුවා බවට පත් වේ. ඔබ දරුවන් පියාගෙන් අසීමිත සතුට නම් උරුමය ලබයි. ලෞකික පියාගෙන් ඔබ ලබන්නේ සීමිත උරුමයක් සහ තාවකාලික සතුට පමණි. සන්‍යාසීන් කියන්නේ සතුට කාක්කකු ගෙන් ගිලිහෙන වර්චස් වගේ කියාය. සතුට සඳහා උත්සාහ කිරීමට ඔවුන්ට මෙහි ආ නොහැකියි. ඔවුන් හඨ යෝගීන්ය. ඔබ රාජ යෝගී ය. ඔබේ යෝගය පියා සමඟ වන අතර ඔවුන්ගේ මහා භූත සමඟ වේ. මෙයද නාටකය අනුව නියමිතය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පාරිශුද්ධිය සඳහා සියලු ජීවාත්ම සොයුරන් බව දැක්ම ස්ථීර කර ගන්න. නැවත බ්‍රහ්ම පියාගේ දරුවන් වශයෙන් ඔබ සැම සොයුරන් සහ සොයුරියන් වේ. ජීවාත්මය සහ ශරීරය යන දෙකම පිරිසිඳු වී සතෝ ප්‍රධාන් විය යුතුය. ශරීර අවධානය අත් හරින්න.

2. ඥානයෙන් පිරීමට හිමිකරු වෙමින් සියලු දෙනාට නිර්මාණකයා සහ නිර්මාණය ගැන ඥානය දී ඒ සියලු දෙනා ඝණ අඳුරින් මුදවා ගන්න. අපායේ පදිංචි කරුවන් වන මිනිසුන්ට අධ්‍යාත්මික සේවය කර දෙව්ලොව පදිංචි කරුවන් බවට පත් කරන්න.

වරදානය:
මෙම ඥානයේ ගැඹුරට ගොස් ඥානයේ මාස්ටර් සාගරයක් බවට පත්වීමෙන් ඔබ අත්දැකීම් ආභරණ වලින් පිරී යත්වා.

මෙම ඥානයේ ගැඹුරට යන දරුවන් අත්දැකීම් ආභරණ වලින් පිරී යයි. දැනුමට සවන් දී, එය අන් අයට ද පැවසීම එකකි, අනෙක අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීමයි. අත්දැකීම් ඇති අය නිරන්තරයෙන් නොනැසී පවතින අතර බාධා වලින් තොරය; කිසිවකුට ඔවුන්ව සෙලවීමය නොහැකිය. මායා අත්දැකීම් ඇති අයට කිරීමට උත්සාහ කරන කිසිම දෙයකින් සාර්ථක නොවේ. අත්දැකීම් ඇති අය කිසිවිටකත් නොරැවටෙන අතර, එබැවින් ඔබ ඔබේ අත්දැකීම් වැඩි කර ගත යුතු අතර එමඟින් සෑම ගුණධර්මයේම ප්‍රතිමූර්තියක් බවට පත්විය යුතුය. පිරිසිදු සිතුවිලි තොගයක් රැස් කර ගැනීමට ඔබේ මතගෑමේ බලය භාවිතා කරන්න.

පාඨය:
දේවදූතයෙක් යනු ශරීරයේ සෑම සියුම් අහංකාරයක්ම ඉක්මවා ගිය අයෙකි.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.

සම්පූර්ණ සත්‍යය පදනම් වන්නේ පාරිශුද්ධත්වය මතයි. පාරිශුද්ධත්වය නොමැති නම්, නිරන්තර සත්‍යය තිබිය නොහැක. අපවිත්‍රතාවය යනු රාගයේ පාපය පමණක්ම නොවෙයි, මන්ද, එයට සහකරුවන්ද සිටියි. එබැවින්, ශ්‍රේෂ්ඨ ලෙස පිවිතුරු වීම යනු අපවිත්‍රතාවයේ නමක් හෝ සලකුණක් වත් නොතිබීමයි, මන්ද, ඔබට පරමාත්ම දෙවියන්ගේ හෙළිදරව්වට උපකරණයක් විය හැක්කේ එවිට පමණයි.