18.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ දුර්වලතාවයන් ඉවත් කර ගැනීම සඳහා සම්පූර්ණ උත්සාහයක් දරන්න. ඔබ ළඟ නොමැති ගුණධර්ම වල ලැයිස්තුවක් ලියා ගන්න. ගුණධර්ම දානය කරන්න. එවිට ඔබ ගුණවත් කෙනෙක් බවට පත්වනු ඇත.

ප්‍රශ්නය:
ගුණවත් කෙනෙක් බවට පත් වීම සඳහා ඔබට ලැබෙන පළවෙනිම උසස් උපදේශය කුමක්ද?

පිළිතුර:
සුමිහිරි දරුවනි, ගුණවත් කෙනෙක් බවට පත් වීම සඳහා 1) කිසිම කෙනෙකුගේ ශරීරයක් දෙස බලන්න එපා. තමා ජීවාත්මයක් වශයෙන් සලකා එකම එක පියාට පමණක් ඇහුම් කන් දෙන්න. එකම එක පියා දෙස පමණක් බලන්න. මිනිසුන්ගේ අණ පිළිපදින්න එපා. 2) පියාගේ නමට හෝ බ්‍රහමින් පවුලේ නමට කැලලක් වන ආකාරයේ කිසිම ක්‍රියාවක් ශාරීරික අවධානයට යටත්ව කරන්න එපා. වැරදි ක්‍රියා කරන්නවුන්ට ගුණවත් අයෙක් බවට පත් විය නොහැක. ඔවුන්ව හඳුන්වන්නේ පියාගේ නම නිග්‍රහයට ලක් කරනා අය වශයෙනි.

ඕම් ශාන්ති.
(බාප්දාදා සමන් පිච්ච මල් මිටක් අතේ තියන් සිටියා). බාබා මේ සුවඳ විහිදුවන මල් ඔබට පෙන්වන්නේ එවිට ඔබටත් ඒ වගේ විය හැකි නිසයි. දරුවනි, තමන් අනිවාර්යෙන්ම මල් බවට පත්වුණු බව ඔබලා දන්නවා. ඔබලා රෝස මල් බවට පත් වුණා. ඔබ සමන් පිච්ච මල් බවටත් පත් වුණා. එනම්, ඔබලා දියමන්ති බවට පත් වුණා. ඒ වගේම දැන් නැවතත් ඔබලා එවන් වූ තත්ත්වයන් වලට පත් වෙනවා. දැන් ඔබලා සැබෑ මිනිසුනුයි මීට පෙර බොරු අයයි. මිත්‍යාව හැරෙන්න වෙන කිසිවක් තිබුණේ නැහැ. සත්‍යයේ එක් ධාන්‍ය ඇටයක්වත් නැහැ. දැන් ඔබ සත්‍ය වෙමින් සිටිනවා. අවංක අයටත් සෑම ගුණධර්මයක්ම අවශ්‍යයි. ඔබ ළඟ ගුණධර්ම කොපමණ තිබෙනවාද, ඒ තරම්ම ප්‍රමාණයක් අන් අයට දානය කළ යුතුයි. ඒ තරම් දුරට ඔවුන්ව ඔබ හා සම තත්ත්වයට පත් කළ යුතුයි. මෙන්න මේ නිසා තමයි පියා නැවත නැවතත් දරුවන් වන ඔබට කියන්නේ දරුවනි, ඔබගේ ගුණධර්ම වල වාර්තාවක් තබා ගන්න. තමා තුළ කුමන හෝ ආකාරයක දුර්වලතාවයක් තිබෙනවාද, කුමන හෝ ආකාරයක ගුණධර්මයකින් හිඟ ද කියා පරීක්ෂා කර බලන්න. සෑම රාත්‍රියකම ඔබගේ වාර්තාව පරීක්ෂා කර බලන්න. පිට සිටිනා මිනිසුන් වෙනස් අයයි. ඔබලා දැන් මිනිසුන් නොවෙයි. ඔබලා බ්‍රහමින්වරුන්ය. සෑම කෙනෙක්ම මනුෂ්‍ය ජීවියෙක් වුණත්, එකිනෙකාගේ ගුණධර්ම හා හැසිරීම් වල වෙනස්කම් තිබෙනවා. මායාගේ රාජ්‍යයේ සිටිනා ඇතැම් මිනිසුන් ඉතාමත් හොඳයි, ගුණධර්ම වලින් යුක්තයි, නමුත් ඔවුන් පියා ගැන දන්නේ නැහැ. ඔවුන් ආගමට ලැදියි. හදවතින්ම ඉතාමත් නිහතමානියි. ලෝකයේ සිටිනා මිනිසුන් ළඟ නොයෙකුත් ආකාරයේ ගුණධර්ම තිබෙනවා. නමුත් ඔබලා දේවතාවරුන් බවට පත්වුණු විට, සෑම කෙනෙක් ළඟම දිව්‍යමය ගුණධර්ම තිබෙනවා. කොහොමනමුත්, මෙය අධ්‍යාපනයක් නිසා ඔබ ලබනා තත්ත්වයේ වෙනස්කම් තිබෙනවා. පළමුවෙන්ම, ඔබ ඉගෙන ගත යුතුයි. දෙවනුව, සෑම දුර්වලතාවයක්ම ඉවත් කර ගත යුතුයි. ලෝකයේ අන් සෑම කෙනෙක්ටම වඩා තමන් අසහාය වූ කෙනෙක් බව දරුවන් වන ඔබලා දන්නවා. එකම එක බ්‍රහමින් වංශය පමණයි මෙහි සිටින්නේ. ශුද්‍ර වංශයේ ඇත්තේ මිනිසුන්ගේ අණයි. බ්‍රහමින් වංශය තුළ ඇත්තේ දෙවියන්ගේ අණයි. පළමුවෙන්ම, පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. අහවල් අහවල් කෙනා හරියට වාදයට පැටලෙනවා කියා ඔබ කියනවා. ඔහුට මෙසේ ලියන්න කියා බාබා පැහැදිලි කර කියා දෙනවා අපි බ්‍රහමින්වරුනුයි. එනම්, අපි බ්‍රහ්ම කුමාරයින් හා බ්‍රහ්ම කුමාරියනුයි. අපි අනුගමනය කරන්නේ බාබාගේ අණයි. එවිට ඔවුන් තේරුම් ගනීවි ඔබට වඩා උසස් කෙනෙක් තවත් නැහැ කියලා. දෙවියන් තමයි ඉහළම ඉහළ කෙනා. අපි ඔහුගේ දරුවනුයි. අපි අනුගමනය කරන්නේ ඔහුගේ අණයි. අපි මිනිසුන්ගේ අණ පිළිපදින්නේ නැහැ. දෙවියන්ගේ අණ පිළිපැදීමෙන් අපි දේවතාවරුන් බවට පත් වෙනවා. මිනිසුන්ගේ අණ පිළිපැදීම අපි දැන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලයි තියෙන්නේ. එමනිසා, කිසිම කෙනෙක්ට ඔබ සමඟ වාද කරන්න බැහැ. කවුරු හෝ, ඔබ මේවා දැන ගත්තේ කොහෙන්ද ? කවුද ඔබට මේවා කියා දුන්නේ ? කියා ඇසුවොත් ඔහුට කියන්න අපි අනුගමනය කරන්නේ සත්‍යයේ පිළිවෙතයි කියලා. දිව්‍ය ඥානයක් ගැන කතාවක් නැහැ. අපි සෑම දෙයක්ම අසීමිත පියා වන බාබාගෙන් තේරුම් ගෙන තිබෙනවා. ඔවුන්ට කියන්න අපි බොහෝ කාලයක් තිස්සේ භක්ති මාර්ගයේ ග්‍රන්ථ වල එන දේවල් අනුගමනය කරමින් සිටියා. දැන් අපිට සත්‍යයේ අණ ලැබිලයි තිබෙන්නේ. දරුවන් වන ඔබලා පියාවම පමණක් වර්ණනා කළ යුතුයි. පළමුවෙන්ම, තමන් පිළිපදින්නේ සත්‍යයේ අණම පමණක් යන්න ඔබගේ සිහියේ හොඳින් ධාරණය කර ගන්න. මිනිසුන්ගේ අණ පිළිපදින්නේත් නැහැ, ඔවුන්ට ඇහුම් කන් දෙන්නේත් නැහැ. පියා කියන්නේ නරක දේ අහන්න එපා, නරක දේ දකින්න එපා කියලයි. කිසිම මිනිසෙකුගේ අණට ඇහුම් කන් දෙන්න එපා. ජීවය දෙස බලන්න. ශරීරය දෙස බලන්න එපා. මෙම ශරීරය අපිරිසිඳුයි. මෙහි බලන්න ඇත්තේ මොනවාද? ඔබගේ ඇස් වලින් ඒවා දිහා බලන්න එපා. මෙම ශරීරය අපිරිසිඳුයි. මෙම ශරීරය තවත් හොඳ වෙන්න යනවා නොවෙයි එය තව තවත් වයසටම යනවා පමණයි. දවසින් දවස තොරතුරු අළුත් වන්නේ ජීවයේයි. ජීවය අමරණීයයි. මෙන්න මේ නිසා තමයි පියා කියන්නේ නරක දේ දකින්න එපා. ශරීරය දෙස බලන්න එපා. තමාගේ ශරීරයත් ඇතුළු සෑම ශාරීරික ඥාතියෙක්ම අමතක කර දමන්න. ජීවය දෙස බලා එකම එක උත්තරීතර ජිවයට පමණක් ඇහුම් කන් දෙන්න. උත්සාහයක් දැරිය යුත්තේ ඒ සඳහායි. මෙය විශාල විෂයක් බව ඔබටත් තේරෙනවා. දක්ෂ අයට හොඳ උසස් තත්ත්වයකුත් හිමි කර ගත හැකි වේවි. එක තත්පරයකින් ජීවන මුක්තිය ලබා ගත හැකියි. කොහොමනමුත්, නිවැරදි උත්සාහයක් දැරුවේ නැතිනම්, ඔබටත් විශාල දඬුවම් වලට මුහුණ පෑමට සිදුවනු ඇත. පියාගේ හැඳින්වීම ලබා දීම සඳහා දරුවන් වන ඔබලා අන්ධයින්ට සැරයටියක් බවට පත් වෙනවා. ජීව දකින්න බැහැ. ඒවා අවබෝධ කර ගත යුතුයි. ජීව ඉතාමත් කුඩායි. අහසට යටින් සිටිනා මිනිසුන් කොපමණ ඉඩ ප්‍රමාණයක් අරගෙන තිබේ දැයි කියා බලන්න! මිනිසුන් දිගටම එනවා යනවා. ජීවාත්ම යෑම ඒම කරනවාද? ජීවාත්ම ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකයි රැඳී සිටින්නේ. මෙය සිතා බැලිය යුතු කාරණයක්. ජීවාත්ම රංචුවක් එහි සිටීවි. ශරීරය හා සංසන්දනය කරනා විට ජීවයක් ඉතාමත් කුඩායි, එයට යන්නේ ඉතාමත් කුඩා ඉඩ ප්‍රමාණයක්. ජීවත් වීම සඳහා ඔබට විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. දරුවන් වන ඔබලා දැන් ඉතාමත් ගැඹුරු සියුම් බුද්ධියක් ඇති අය බවට පත් වෙලා. නව ලෝකය සඳහා පියා ඔබට සෑම අළුත් දෙයක්ම කියා දෙනවා. ඔබට මේවා පැහැදිලි කර කියා දෙන කෙනාත් අළුත් කෙනෙක්. මිනිස්සු දිගින් දිගටම මිනිසුන්ගෙන් අනුකම්පාව අයදිනවා. තමන් වෙනුවෙන් අනුකම්පා කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඔබට දැන් බලය ලැබෙනවා. ඔබ දැන් පියාගෙන් උරුමය දිනාගෙනයි සිටින්නේ. වෙන කිසිම කෙනෙක්ව අනුකම්පා සහගත කෙනෙක් වශයෙන් හැඳින්විය නොහැකියි. මිනිසුන්ව කිසිම විටෙක දේවතාවරුන් වශයෙන් හැඳින් විය නොහැකියි. එකම එක පියා පමණයි අනුකම්පාව ඇති කෙනා. මිනිසුන්ව දේවතාවරුන් බවට පත් කරවන්නේ ඔහුයි. මෙන්න මේ නිසා තමයි උත්තරීතර පියා වන උත්තරීතර ජීවයේ ගුණ වර්ණනාව අසීමිත එකක් බව කියන්නේ. ඔහුගේ වර්ණනාවට කිසිම සීමාවක් නැහැ. ඔහුගේ අනුකම්පාවටත් කිසිම සීමාවක් නැහැයි කියා ඔබ දන්නවා. පියා විසින් නිර්මාණය කරනා නව ලෝකයේ ඇති සෑම දෙයක්මත් අළුත්ය. මිනිස්සු, කුරුල්ලන්, සිව්පාවුන් ආදී එහි ඇති සෑම දෙයක්ම සතෝප්‍රධාන්ය. තමන් උසස් වන විට තමාගේ ගෘහ භාණ්ඩත් උසස් වන බව පියා ඔබට පැහැදිලි කර කියා දී තිබෙනවා. ඉහළම ඉහළ කෙනා වශයෙනුත් පියාව හඳුන්වනවා. ලෝකයේ අධිරාජ්‍යය ඔබට ලැබෙන්නේ ඔහුගෙනුයි. පියා ඉතාමත් පැහැදිලිව ඔබට කියා දෙනවා මම මගේ අත්ල මත තබාගෙන පාරාදීසය ඔබ වෙත ගෙන එනවා. සමහර මිනිසුන් තමාගේ අතින් අළු මවනවා වගේ දේවල් කරනවා. මෙහි ඇත්තේ අධ්‍යාපනය හා සම්බන්ධ කාරණයකි. මෙය සැබෑ ඉගෙනීමයි. තමන් මෙම පාසලට පැමිණ සිටින්නේ ඉගෙන ගැනීමට බව ඔබලා දන්නවා. මෙවන් පාසල් රාශියක් විවෘත කළ විට මිනිස්සු ඔබලාගේ ක්‍රියාකාරකම් දෙස බලාගෙන ඉඳීවි. කොහොමනමුත්, ඔබෙන් ඇතැම් අය ඉන්නේ වැරදි තැනකයි. ඔබලා මෙම නම අපහාසයට ලක් කරනවා. ශාරීරික අවධානයෙන් සිටිනා කෙනෙකුගේ ක්‍රියාවන් වෙනස්. මිනිස්සු එවන් හැසිරීමක් දුටු විට, ඉන් සෑම කෙනෙක්වම අපහාසයට ලක්වුණා වගෙයි. තමන් කරන කියන දේත් ඔහු කළ දේත් අතර වෙනසක් නැහැයි වගේ ඔවුන්ට පෙනෙනවා. එවිට එය පියාව අපහාසයට ලක් කිරීමක් වගේයි. කිසියම් කාලයක් ගත වෙනවා. නමුත් මුළු අපහාසයම වැටෙන්නේ ඔහු මතටයි. හොඳ හැසිරීමක් තබා ගත යුතුයි. තමාගේ චරිතය ගොඩ නංවා ගැනීම සඳහා කෙතරම් කාලයක් ගත වෙනවාද? ඇතැම් අයගේ චරිතය ඉතාමත් හොඳ ඉහළම ගණයේ එකක් බව ඔබට වැටහෙනවා. ඒකත් හොඳින් පෙනෙන්න තිබෙනවා. බාබා මෙහි ඉඳගෙන සෑම දරුවෙක් දෙසම බලමින් ඔබගෙන් ඉවත් කළ යුත්තේ කුමන දුර්වලතාවය දැයි කියා බලනවා. ඔහු සෑම කෙනෙක්වම පරීක්ෂාවට ලක් කරවනවා. සෑම කෙනෙක් තුළම දුර්වලතාවයන් තිබෙනවා. එමනිසා, පියා දිගටම සෑම කෙනෙක් දෙසම බලමින් ඔවුන්ගේ ප්‍රතිඵල නිරීක්ෂණය කරනවා. පියා දරුවන්ට ආදරෙයි. ඔබ ළඟ ඇත්තේ කුමන දුර්වලතාවයද, ඒ හේතුව නිසා ඔබට උසස් තත්ත්වයක් හිමි කර ගත නොහැකි වෙනවා ආදී සෑම දෙයක්ම ඔහු දන්නවා. ඔබගේ දුර්වලතාවන් ඉවත් කර ගත්තේ නැති නම්, එය ඉතාමත් අපහසු දෙයක් බවට පත් වේවි. ඔබ දෙස බැලීමෙන් බාබාට මෙය අවබෝධ වෙනවා. තවමත් කාලය ඉතිරිව තිබෙන බව ඔබට තේරෙනවා. ඔහු සෑම කෙනෙක්වම පරීක්ෂා කර බලනවා. පියාගේ බැල්ම යොමු වන්නේ සෑම කෙනෙකුගේම ගුණධර්ම වෙතටයි. ඔහු අසනවා ඔබ ළඟ කුමන හෝ ආකාරයක දුර්වලතාවයක් තිබෙනවාද? බාබා ඉදිරියට පැමිණි විට ඔබ සත්‍යයම පවසනවා. ඇතැම් අය ශාරීරික අවධානයෙන් සිටිනා නිසා ඒ දේවල් ගැන කතා කරන්නේ නැහැ. පියා කියනවා කියන්න පෙර යමක් කරනා කෙනෙක් දේවතාවරයෙක් වනවා. කීමෙන් පසුව කරනා අය සාමාන්‍ය මනුෂ්‍යයින් වනවා. කියලත් නොකරනා අයව හඳුන්වන්නේ... බාබා ඉදිරියට පැමිණි විට මෙම උපතේ දී තමා ළඟ ඇතිව තිබෙනා සෑම දුර්වලතාවයක් ගැනම ඔහුට කියන්න කියා ඔහු නිතරම කියනවා. බාබා සෑම කෙනෙක්ටම කියන්නේ ශල්‍යවෛද්‍යවරයාට ඔබගේ දුර්වලතාවයන් කියන්න ශරීරයේ ලෙඩරෝග නොවෙයි, ඇතුලාන්තයේ ඇති ලෙඩ ගැන කියන්න. ඔබ ඇතුලාන්තයේ ඇති යක්ෂ සිතිවිලි මොනවාද ? එම තත්ත්වයෙන් දිගටම සිටියොත්, එනම් වැරදි ඉවත් කර ගන්නා තෙක් ඔබට උසස් තත්ත්වයක් ලබා ගත නොහැකි වේවි කියා බාබා ඔබට එවිට කියා දේවි. විශාල අපහාසයක් සිදුවන්නේ දුර්වලතා නිසායි. එවිට මිනිසුන්ටත් ගැටළු මතු වෙනවා ඇත්තටම ඔබලාට උගන්වන්නේ දෙවියන්මද? ’දෙවියන්ට නමක් රූපයක් නැහැ. ඔහු සර්ව ව්‍යාප්තියි. කොහොමද ඔහු ඔවුන්ට උගන්වන්නේ ? ඒ අයගේ හැසිරීම දිහා බලන්නකෝ !‘ පියා මේ ගැන දන්නවා. ඔබ ළඟ ඉතාමත් හොඳ ඉහළම ගණයේ ගුණධර්ම තිබිය යුතුයි. ඔබගේ දුර්වලතාවන් සඟවා ගත්තොත්, ඊ තලය එතරම් දුරට ඉලක්කය වෙතට යන එකක් නැහැ. එමනිසා, හැකි උපරිමයෙන් ඔබගේ දුර්වලතාවයන් ඉවත් කර ගන්න. තමා තුළ ඇති දුර්වලතාවයන් සටහන් කර ගන්න. එවිට ඔබගේම හෘද සාක්‍ෂිය ඔබට පිළිතුරු දේවි. අලාභයක් ඇති වුණි නම්, ඔබටම අපහසුතාවක් දැනේවි. ව්‍යාපාරිකයෙක් තමා කොපමණ තරමක ලාභයක් ලබනවාද කියා බැලීමට දිනපතාම ගිණුම් සටහන් කර ගන්නවා. ඔවුන් සෑම දිනකම මෙම ගිණුම පරීක්ෂා කරනවා. මේ පියාත් කියන්නේ සෑම දිනකම ඔබගේ හැසිරීම දෙස බලන්න. නැතිනම්, ඔබ තමාටම රිදවා ගනිමින් පියාගේ ගෞරවය නැති කර ගනීවි. ගුරුව අපහාසයට ලක් කළ කෙනෙකුට තමාගේ ඉලක්කය කරා යා නොහැකියි. ශාරීරික අවධානයෙන් සිටිනා අයට ඉරණම කරා යා නොහැකියි. ජීව අවධානයෙන් සිටිනා අය හොඳ ඉලක්කයක් වෙත යනවා. ඔබ සෑම කෙනෙක්ම ජීව අවධානය ඇති කර ගැනීම සඳහා උත්සාහ දරනවා. දවසින් දවස ඔබලා අළුත් වෙමින් යනවා. ශාරීරික අවධානයෙන් කළ ක්‍රියා වලට දැන් නැවතීමේ තිත තබන්න. පාපකාරී ක්‍රියා සිදුවන්නේ අනිවාර්යෙන්ම ශාරීරික අවධානය නිසයි. එමනිසා, සෑම විටම ජීව අවධානයෙන් සිටින්න. කිසිම කෙනෙක් උපතින්ම රජ කෙනෙක් වෙන්නේ නැහැයි කියා ඔබ දන්නවා. ජීව අවධානයට පත් වීමට ටික කාලයක් ගත වෙනවා. තමන් දැන් නිවස බලා යා යුතුයි කියාත් ඔබට තේරෙනවා. දරුවන් බාබා ළඟට පැමිණෙනවා ඇතැම් අය මාස හයකට පසුව එනවා. ඇතැම් අය මාස අටකට පසුව එනවා. එම කාලය තුළ තමන් කොපමණ තරමක වර්ධනයක් ලබා සිටිනවාද කියාත් බාබා බලනවා. ඔවුන් දවසින් දවස අළුත් වෙනවාද, නැතිනම් තවමත් කුමන හෝ වැරැද්දක් ඉතිරිව තිබෙනවාද? ඉදිරියට යන අතර ඇතැම් අය ඉගෙනීම නතර කරනවා. බාබා කියනවා දෙවි දේවතාවරුන් බවට ඔබව පත් කරවීම සඳහා පියා ඔබට උගන්වනවා. ඒත් ඔබ එය නතර කර දමනවා! ඔහෝ ! ලෝකයේ සත්‍යය පියා ඔබට උගන්වනවා. ඔබ නොපැමිණ සිටිනවා! මායා ඉතාමත් බලවත්. ඇය ඔබව මෙම ඉහළම ගණයේ අධ්‍යාපනයෙන් ඉවතට ඇද ගන්නවා. ඉතාමත් හොඳින් ඉදිරියට ගොස් පසුව මෙම අධ්‍යාපනයට පයින් ගසා යන අය රාශියක් සිටිනවා. තමාගේ මුහුණ දැන් යොමු වී ඇත්තේ දිව්‍යලෝකය දෙසටයි. පාද යොමු වී ඇත්තේ අපාය වෙතටයි කියා ඔබ දැන් දන්නවා. ඔබලා සංගම යුගයේ බ්‍රහමින්වරුනුයි. මෙම පැරණි ලෝකය අයිති රාවන්ටයි. සාමයේ දේශය හරහා ඔබ සතුටේ දේශය වෙත යනු ඇත. දරුවන් වන ඔබලා මෙය හොඳින් මතක තබා ගත යුතුයි. කාලය ඉතාමත් කෙටියි හෙටම වුණත් ශරීරය අතහැර යා හැකියි. අවසන් මොහොතේ දී පියා පිළිබඳ සිහියක් තිබුණේ නැති නම්, ඔබගේ ඉරණම කුමක් විය හැකිද? පියා ඉතාමත් හොඳින් ඔබට මේවා පැහැදිලි කර කියා දෙනවා. මේ දේවල් අදෘෂ්‍යමානයි. දැනුමත් අදෘෂ්‍යමානයි. ඔබ මීට පෙර කල්පයේ දී කොපමණ උත්සාහයක් දැරුවාද, දැනුත් එවැනිම වූ උත්සාහයක් දරන බව ඔබ දන්නවා. නාටකයට අනුව පියාත් මීට පෙර කල්පයේ දී ඔබට ඉගැන් වූ ආකාරයෙන්ම දිගටම සියල්ල පැහැදිලි කර කියා දෙනවා. මෙහි කිසිම වෙනසක් ඇති වන්නේ නැහැ. දිගින් දිගටම පියාව සිහිපත් කරන්න ඔබගේ පාප සියල්ල දුරු වී යනු ඇත. කිසිම දඬුවමක් ඔබ නොවිඳිය යුතුයි. තමා ඉදිරියේ ඔබට දඬුවම් විඳීමට සිදු වුණොත්, බාබාට මොනවා හිතේවිද? ඔබටත් දර්ශන ලැබී තිබෙනවා. ඒ වෙලාවට ඔහුට බැරි වේවි ඔබට සමාව දෙන්න. පියා මොහු මඟින් ඔබට උගන්වනවා. ඒ නිසා ඔබට මොහුගේ දර්ශනයක් ලැබේවි. එහිදී මොහු මඟින් ඔහු ඔබ කළ කියූ දේ ගැනත් කියාවි. එවිට ඒ වෙලාවේ දී ඔබ අඬන්න දොඩන්න, පසුතැවිලි වෙන්න පටන් ගනීවි. ඔබ කළ දේ පෙන්වන්නේ නැතිව ඔබට දඬුවම් දෙන්න බැහැ. මෙපමණ දෙයක් ඔබට කියා දීලත් ඔබ මෙවන් වැරදි දේ කළා කියා ඔබට එවිට කියා දේවි. රාවන්ගේ අණට ඇහුම් කන් දීම නිසා තමන් කොපමණ පාපකාරී ක්‍රියා කර තිබෙනවාද කියා ඔබටමත් තේරුම් ගැනීමට හැකි වේවි. වන්දනාවට සුදුසුව සිටි ඔබ වන්දනාකරුවෙක් බවට පත් වෙනවා. පියා සර්ව ව්‍යාප්තියි කියා ඔබ කිව්වා. මේක තමයි ඉහළම අපහාසය. මෙහි විශාල ගිණුමක් තිබෙනවා. තමන්ම තමන්ට පහර දී ගත් ආකාරය ගැන පියා චෝදනා එල්ල කරනවා. එතරම් දුරකට පහළට ඇද වැටී සිටින්නේ භාරතයේ මිනිසුන්ය. පියා පැමිණ පැහැදිලි කර කියා දෙනවා. ඔබට දැන් ඉතාමත් හොඳ අවබෝධයක් තිබෙනවා. කොහොමනමුත්, නාටකයට අනුව සියල්ල ඔබ අවබෝධ කර ගන්නවා. මීට පෙරත් අද වන තුරුත් පන්තියේ ප්‍රතිඵලය එකමයි. පියා අනිවාර්යෙන්ම ඔබට සියල්ල පැහැදිලි කර කියා දෙනවා. එවිට, ඉතාමත් හොඳ වර්ධනයක් ඇති කර ගැනීමට ඔබට පුළුවන්. ජීව අවධානයෙන් සිටීමට මායා ඔබට ඉඩක් දෙන්නේම නැහැ. මෙය ශ්‍රේෂ්ඨ විෂයක්. එමනිසා, තමන් ජීවයක් බව සලකා පියාව සිහිපත් කරන්න. එවිට ඔබගේ පාප දුරු වී යාවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශාරීරික අවධානයට පත් වීම නිසා අනිවාර්යෙන්ම පාපකාරී ක්‍රියා සිදු වෙනවා. ශාරීරික අවධානයෙන් සිටිනා අයට තම ඉලක්කය කරා යා නොහැකියි. එමනිසා, ජීවාත්ම අවධානයට පත් වීම සඳහා සම්පූර්ණ උත්සාහය දරන්න. පියාගේ නමට අපහාසයක් සිදුවන ආකාරයේ කිසිම ක්‍රියාවක් සිදු නොවිය යුතුයි.

2. ඔබගේ අභ්‍යන්තරික ලෙඩ රෝග ගැන අවංකව පියාට කියන්න. තමාගේ වැරදි සඟවන්න එපා. තමා ළඟ ඇති වැරදි සොයා ගන්න. මෙම ඥානය මඟින් ඔබව ගුණධර්ම වලින් පිරි කෙනෙක් බවට පත් කරවා ගන්න.

වරදානය:
සේවය කරන විට කිසිඳු සීමිත රාජකීය ආශාවකින් තොරව සිටිනා පුර්ණ පරාර්ථකාමී සේවාදායකයෙක් බවට ඔබ පත් වේවා.

සෑම කර්ම බන්ධනයකින්ම මිදී නොබැඳිව සිටිමේ ආදර්ෂය බ්‍රහ්ම බාබා ඔබට දී තිබෙනවා. සේවය කරමින් සෙනෙහස දැක්විම හැර එහි වෙන කිසිදු බැඳීමක් තිබුණේ නැහැ. සේවය තුළ පවා ඇති, සීමිත රාජකීය ආශාවන් පවා ඔබව කර්ම ගිණුම් බන්ධන වල බන්දනු ඇත. සැබෑ සේවාකරුවන් මෙම කර්ම ගිණුම් වලින් පවා මිදී සිටින්නන් වේ. ඔබගේ ශරීරය හා ගත් විට ශාරීරික බන්ධනය ද බන්ධනයක් වන්නා සේ, සේවය තුළදී මතු වන ආත්මාර්ථකාමී අදහසක් පවා බන්ධනයක් වනු ඇත. මෙම බන්ධනයෙන්, රාජකීය කර්ම ගිණුම් වලින් මිදී පරාර්ථකාමී සේවාකරුවෙක් වන්න,

පාඨය:
ඔබගේ පෙරොන්දු ෆයිල් කවර තුළ බහා නොතබා පුර්ණත්වයට පත් වි ඒවා හෙළිදරව් කරන්න.