18.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සේවා කටයුතු පිළිබඳ තොරතුරු අසා දැනගැනීමේ හා කියැවීමේ ආසාවක් ඔබලාට තිබීය යුතුයි. එමඟින් ඔබගේ උනන්දුව හා උද්යෝගය වැඩි වන අතර සේවය කළ හැක්කේ කෙසේද යන්න ගැන සිතිවිලිත් ඔබට පහළ වේවි.

ප්‍රශ්නය:
සංගම යුගයේදී පරමාත්ම පියා ඔබට සතුට දෙන්නේ නැහැ. නමුත් සතුටට මඟ පෙන්වා දෙනවා. ඒ කෙසේද?

පිළිතුර:
සෑම කෙනෙක්ම පරමාත්ම පියාගේ දරුවනුයි. ඉතින් ඔහු එක් දරුවෙක්ට පමණක් සතුට දුන්නොත් ඒක නිවැරදි දෙයක් වන්නේ නැහැ. දරුවන්ට තමන්ගේ භෞතික පියවරුන්ගෙන් ලැබිය යුතු දේ හරියටම ලැබෙනවා. අසීමිත පියා එසේ කොටස් බෙදන්නේ නැහැ. ඔහු කරන්නේ සතුටට මඟ පෙන්වා දීමයි. ඒ මඟ හරිහැටි ගොස් උත්සාහ දරන්නන් උසස් තත්ත්වයක් දිනා ගන්නවා. ඔය දරුවන් උත්සාහ දැරිය යුතුයි; සියල්ල රඳා පවතින්නේ ඔබගේ උත්සාහය මතයි.

ඕම් ශාන්ති.
පරමාත්ම පියා මුරලිය (බටනලාව) වාදනය කරනා බව ඔය දරුවන්ට වැටහෙනවා. මුරලිය සෑම තැනකටම යවනවා. මුරලි හොඳින් හදාරා සේවා කරන අයගේ තොරතුරු පුවත්පත්, සඟරා වල පළ වෙනවා. එවිට ඒ සඟරා කියවන දරුවන්ට සෑම මධ්‍යස්ථානයකම සේවා තොරතුරු; අහවල් අහවල් තැන මේ මේ විදියේ සේවවාන් සිදු වෙනවා කියා දැන ගත හැකියි. ඒවා කියවන්නේ නැතිනම් ඒ අය කිසිම දෙයක් දන්නේ නැහැ, ඔවුන් කිසිඳු උත්සාහයක් දරන්නේත් නැහැ. සේවා තොරතුරු ඇසූ විට තමනුත් එවන් ආකාරයේ සේවාවක් කළ යුතුයි කියා ඔබගේ හිතට එය ඇතුලු වෙනවා. තම සහෝදර සහෝදරියන් කෙතරම් සේවයක් කරනවා දැයි කියා සඟරා කියැවීමෙන් ඔබට දැන ගත හැකියි. වැඩි වැඩියෙන් සේවය කළ තරමට වඩාත් උසස් තත්ත්වයක් ලද හැකි බව ඔය දරුවන්ට වැටහෙනවා. එමනිසා, සේවය සඳහා ඔබව උද්යෝගිමත් කරවීමට සඟරා වලට පුළුවනි: ඒවා කිසිම අරමුණකින් තොරව සෑදු ඒවා නොවෙයි. ඒවා නොකියවනා අය ඒවා කිසිඳු වැඩකට නැති දේවල් කියා සලකනවා. තමන්ට කියවන්න, ලියන්න බැහැයි කියාත් ඇතැම් අය කියනවා. අහා.. මිනිස්සු රාමායනය අහන්න යනවා, භගවතය, ගීතාව වැනි දේ අහන්න යනවා... එමනිසා ඔබත් මේ දේ ඇසිය යුතුයි. නැතිනම් සේවය සඳහා ඇති උද්යෝගය ඉහළ යන්නේ නැහැ. මේ මේ තැන මේ මේ සේවය සිදු වුණා. ආසාවක් තිබෙනවා නම් කාට හෝ කියා කියවා ගත හැකියි. මේ සඟරා නොකියවන අය රාශියක් මධ්‍යස්ථාන ගණනාවක ඇති. කිසිඳු සේවයක් නොකරනා අයත් රාශියක් සිටිනවා. ඔවුන් ලබන තත්ත්වයත් ඒ වගේම වේ. රාජධානියක් නිර්මාණය වෙමින් පවතින බවත් තම තමන් දරණා උත්සාහයේ තරමට, ඒ තම තමන් එහි තත්ත්ව ලබන බවත් ඔබට තේරෙනවා. අධ්‍යයනය සඳහා අවධානය යොමු නොකළහොත් ඔබ අසමත් වේවි. සියල්ල රඳා පවතින්නේ ඔබ දැන් කරන අධ්‍යයනයේ ප්‍රමාණය මතයි. වැඩි වැඩියෙන් ඉගෙන ගෙන අන් අයටත් උගන්වපු තරමට යහපත සැලසෙන්නේත් ඔබටමයි. සඟරා කියැවීම ගැන හිතන්නේවත් නැති දරුවන් විශාල පිරිසක් සිටිනවා. ඔවුන් ලබන්නේ පැන්ස කිහිපයක් වටිනා තත්ත්වයකි. එහිදී, මේ පුද්ගලයා හොඳින් උත්සාහ නොදැරූ නිසා තමයි මේ වගේ පහත් තත්ත්වයක් ලබා තිබෙන්නේ කියා ඔබලාට හිතෙන්නේ නැහැ. කර්ම හා පාප කර්ම ගැන බුද්ධියේ කරුණු රැඳෙන්නේ මෙහිදීයි. පරමාත්ම පියා සෑම කල්පයකම සංගම යුගයේ දී ඔබලාට සියල්ල පැහැදිලි කර කියා දෙනවා. තේරුම් නොගන්නා අය ගල් බුද්ධීන් ඇති අය වගේයි. තමන්ට තිබුණේ අපිරිසිඳු වූ බුද්ධියක් කියාත් එහිත් යම් යම් මට්ටම් තිබෙනවා කියාත් ඔබලාට අවබෝධ වේවි. බාබා දිගටම ඔය දරුවන්ට පහදා දෙනවා: දැන් මේ ඇත්තේ කලි යුගයයි; එහි ඇත්තේ අසීමිත දුකක්. අර දුක මේ දුක, දුක් රාශියක්. ඥානවන්ත අය ඔහු කී දේ නිවැරදි බව ඉක්මනින්ම තේරුම් ගනීවි. ඊයේ ඉතාමත් දුකින්, මහා දුක් කන්දරාවක් මැද සිටි තමන් දැන් නැවතත් වතාවක් අසීමිත සතුටට යන බව ඔබලා තේරුම් ගනීවි. මේ කලි යුගයයි, රාවණ රාජ්‍යයයි කියාත් ඔබලා දන්නවා. තේරුණත් අන් අයට පැහැදිලි කිරීමට ඔබට බැරි නම්, බාබා කියන්නේ ඔබත් කිසිවක් තේරුම් ගෙන නොමැති බවයි. ඔබ සේවය කළ විට යමක් තේරුම් ගෙන ඇතැයි කියා කිව හැකියි. එමෙන්ම එම සේවා තොරතුරු සඟරා වලත් පළ කෙරේවි. දවසින් දවස බාබා පහසු කරුණු රැසක් කියා දෙනවා. කලි යුගය තවමත් තිබෙන්නේ ළදරු අවදියේ කියලයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. සංගම යුගය හරිහැටි අවබෝධ කර ගැනීමෙන් පසුව පමණයි ඔවුන්ට මෙම කලි යුගය සත් යුගය හා සංසන්දනය කළ හැකි වන්නේ. කලි යුගයේ ඇත්තේ සීමා රහිත දුකක් බවත් සත් යුගයේ ඇත්තේ සීමා රහිත සතුටක් බවත් ඔවුන් තේරුම් ගනීවි. ඔවුන්ට කියන්න: පරමාත්ම පියා අපට අසීමිත සතුටක් දෙනවා. අපි මේ දැන් ඔබලාට කියා දෙන්නේ ඒ ගැනයි. වෙන කිසිම කෙනෙක්ට මේ දෙය කියා දිය නොහැකියි. ඔබලා අලුත් දේ පවසනවා. ඔබ දෙව්ලොව වැසියෙක් ද හෝ අපායේ වැසියෙක් ද කියා වෙන කිසිම කෙනෙක් ඔබගෙන් අසනා එකක් නැහැ. ඔය දරුවනුත් අංකානුපිළිවෙලින් සිටිනවා. සෑම කරුණක්ම මතක තබා ගැනීමට ඔබලාට බැහැ. අන් අයට පැහැදිලි කරනා විට ඔබ ශාරිරික අවධානයට පත් වෙනවා. මෙයට ඇහුම් කන් දී ධාරණය කර ගන්නේ ජීවාත්මයනුයි. කෙසේවෙතත්, ඇතැම් හොඳ මහාරාතීනුත් මෙය අමතක කර ශාරීරික අවධානයෙන් කතා කිරීමට පටන් ගන්නවා. මෙය සෑම කෙනෙක්ටම සිදු වෙනවා. පරමාත්ම පියා කියනවා : සෑම කෙනෙක්ම උත්සාහවන්තයෙක්. ඔබ සෑම කෙනෙක්ම තමන් ජීවාත්මයක් කියා සලකාම කතා කරනවා කියා කිව නොහැකියි. නැහැ. පරමාත්ම පියා ඔබ ජීවාත්මයක් බව සලකා ඥානය දෙනවා. ඒ වුණත්, සහෝදරයින් තවමත් එම තත්ත්වය රැක ගැනීමට උත්සාහ දරමින් සිටිනවා. එමනිසා, කලි යුගයේ අසීමිත දුකක් ඇති බවත් සත් යුගයේ අසීමිත සතුටක් ඇති බවත් ඔය දරුවන් පැහැදිලි කර කියා දිය යුතුයි. දැන් මේ ඇත්තේ සංගම යුගයයි. පරමාත්ම පියා මඟ පෙන්වනවා; පරමාත්ම පියා ඔබට සතුට දෙනවා නොවෙයි. ඔහු ඔබට සතුටට මඟ පෙන්වනවා. රාවණ ඔබට දුක දෙන්නේත් නැහැ. ඔහු කරන්නේ ඔබට වැරදි මාවත පෙන්වා දීමයි; දුකට මඟ. පරමාත්ම පියා ඔබට දුක් දෙන්නේත් නැහැ, සතුට දෙන්නේත් නැහැ. ඔහු කරන්නේ සතුටට මඟ පෙන්වා දීමයි. පසුව ඔබ එකිනෙකා තම තමන් දරණා උත්සාහයේ තරමට සතුට ලබනවා. ඔහු සතුට දෙන්නේ නැහැ. පරමාත්ම පියාගේ ශ්‍රීමත් පිළිපැදීමෙන් ඔබලා සතුට ලබනවා. පරමාත්ම පියා පාර කියා දීම පමණයි කරන්නේ. රාවණ නිසා ඔබලා දුක් මාවතට හැරිලා. පරමාත්ම පියා ඔබට යමක් දුන්නා නම් ඔහු සැමටම දෙන්නේ සම උරුමයක්. භෞතික පියෙක් තම උරුමය බෙදා දෙනවා. මෙහිදී, එය රඳා පවතින්නේ එකිනෙකා දරණ උත්සාහය මතයි. පරමාත්ම පියා ඔබට ඉතාමත් පහසු මඟක් පෙන්වා දෙනවා: ඔබ මේ මේ දේ කළහොත් උසස් තත්ත්වයක් දිනා ගනීවි. ඔය දරුවන් උත්සාහ දැරිය යුතුයි; අප උත්සාහ කර උසස් තත්ත්වයක් දිනා ගත යුතුයි. අපි ඉගෙන ගත යුතුයි. හොඳින් ඉගෙන ගෙන උසස් තත්ත්වයක් දිනා ගැනීමට අන් අයට ඉඩ හැර තමන් සුව පහසුව වාඩි වී සිටීමේ ආකල්පයක් නොතිබීය යුතුයි. නැහැ; පළමුව උත්සාහයයි. නාටකයට අනුව ඔබ අනිවාර්යෙන්ම උත්සාහ දැරිය යුතුයි. පිරිසක් වේගවත් උත්සාහයක් දරණා අතර තවත් පිරිසක් මද උත්සාහයක් දරනවා. සියල්ල රඳා පවතින්නේ ඔබගේ උත්සාහය මතයි. පරමාත්ම පියා ඔබට මඟ පෙන්වා දී ඇත. ඔහු කියනවා : මා සිහි කරන්න! වැඩි වැඩියෙන් මා සිහි කළ තරමට ඔබගේ පාප වලින් ඔබ නිදහස් වේවි. එය නාටකයට දැමීම නොකළ යුතුයි. මෙයත් ඔබ විසින් අවබෝධ කර ගත යුතු කරුණක්. ලෝක ඉතිහාසය හා භූගෝලය නැවතත් සිදුවෙයි. ඉතින් අනිවාර්යෙන්ම, මීට පෙර ඔබ රඟදැක්වූ චරිත කොටසම නැවතත් රඟ දැක්විය යුතුයි. සෑම ආගමක්ම නැවතත් තම තමන්ගේ කාලයේදී පැමිණේවි. උදාහරණයක් ලෙස කිවහොත්, ක්‍රිස්තියානුවන් බිලියනයක් සිටිනවා නම් එතරම්ම ප්‍රමාණයක් නැවතත් ඔවුන්ගේ චරිත කොටස රඟදැක්වීමට පැමිණේවි. ජීවාත්මයක් කෙදිනකවත් විනාශ නොවන අතර ඔහුගේ චරිත කොටස ද කෙදිනකවත් විනාශ නොවේ. මෙය ඔබ අවබෝධ කර ගත යුතු කරුණකි. තේරුම් ගන්නා අය අනිවාර්යෙන්ම අන් අයටත් පැහැදිලි කරාවි. "ධනය දානය කරන්න, එය කවදාවත් අඩු නොවේ." ඔබ දිගින් දිගටම ඥානය ධාරණය කර ගනිමින් අන් අයව ධනවත් කරවාවි. කෙසේවෙතත්, එය ඔබගේ වාසනාවේ නොමැති නම්, ඔබ තමන් අසරණයි කියා සලකාවි. මෙම ඥානය අන් අයට පැවසීමේ හැකියාව ඔබට නොමැති නම්, අනාගතයේ ඔබ ලබන තත්ත්වය ද පැන්ස කිහිපයක එකක් පමණක් වන බව ඔබගේ ගුරුවරයාට කිව හැකියි. වාසනාවේ නැතිනම් මොන උත්සාහය දරන්න ද? මෙය අසීමිත පාසලක්. සෑම ගුරුවරයෙක්ම තම තමන්ගේ විෂය උගන්වනවා. පරමාත්ම පියාගේ ඉගැන්වීමේ ක්‍රම විධි ගැන දන්නේ පියා හා ඔය දරුවන් පමණයි. වෙන කිසිම කෙනෙකුට මෙය දැන ගත නොහැකියි. ඔය දරුවන් පැහැදිලි කිරීමට මහත් වෙහෙසක් ගත්ත ද, ඉතාමත් ටික දෙනයි තේරුම් ගන්නේ; එය ඔවුන්ගේ බුද්ධියේ රැඳෙන්නේ නැහැ. වඩ වඩාත් සමීපයට පැමිණෙත්ම ඔබ තව තවත් දක්ෂ වේගෙන එන බවත් හොඳින් පැහැදිලි වේවි. කලාගාර හා ආධ්‍යාත්මික පාසල් ආදිය දැන් විවෘත වෙමින් පවතිනවා. "ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලය" යන ඔබගේ නම අසහායයි. ආණ්ඩුවත් මෙය දකීවි. ඔවුන්ට කියන්න: ඔබගේ විශ්ව විද්‍යාල භෞතික වන අතර මෙය ආධ්‍යාත්මිකයි: මෙහි ඉගෙන ගන්නේ ආත්මයනුයි. උපත් 84හි මුළු කල්පයටම තම ආධ්‍යාත්මික දරුවන්ට ඉගැන්වීමට ආධ්‍යාත්මික පියා පැමිණෙන්නේ එකම එක වතාවයි. චිත්‍රපටයක් නැරඹූ විට සෑම පැය තුනකට වරක්ම එය ඒ ආකාරයෙන්ම repeat වෙනවා. වසර 5000ක මෙම කල්පයත් ඒ ආකාරයෙන්ම නැවත සිදුවෙනවා. ඔය දරුවන් පමණයි මේ ගැන දන්නේ. ඒ මිනිස්සු භක්ති මාර්ගයේ ආගමික ග්‍රන්ථ පමණයි නිවැරදියි කියා සිතාගෙන ඉන්නේ. ඔබට කිසිම ග්‍රන්ථයක් නැහැ. පරමාත්ම පියා මෙහි සිට ඔබට පැහැදිලි කරනවා. ඔහු කිසිම පොතක් හදාරා නැහැ. ඒ අය ගීතාව කියවමින් ඒ ගැන කතා කරනවා. මවකගේ කුසින් බිහිවෙන දරුවෙක් උගත් වෙලාම ඉපදෙන්නේ නැහැ. ඔබට ඉගැන්වීමේ චරිත කොටස තිබෙන්නේ අසීමිත පරමාත්ම පියාගේ චරිතයේයි. ඔහු ඔහුගේම හැඳින්වීම ලබා දෙනවා. ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. පරමාත්ම පියා ඥාන සාගරයයි කියා ඔබත් ගායනා කරනවා. ක්‍රිෂ්ණා ඥාන සාගරයයි කියා ඔවුන් කියන්නේ නැහැ. ලක්ෂ්මි හා නාරායන ඥාන සාගර ද? නැහැ. ශ්‍රීමත් මත පදනම්ව මෙම ඥානය දෙන්නේ අප පමණක්මයි යන්න මහා පුදුමයක්. එමනිසා, ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වන්නේ ඔය බ්‍රහමිණ්වරුන් පමණක් යැයි කියා ඔබට පහදා දිය හැකියි. බොහෝ වාර ගණනක් ඔබලා ඔහුගේ දරුවන් වී තිබෙන අතර දැන් නැවතත් ඒ බවට පත් වෙනවා. මිනිසුන්ට මෙය අවබෝධ වුණු විට පමණයි ඔවුන් මෙය විශ්වාස කරන්නේ. තමත් කල්පයක් කල්පයක් පාසා ප්‍රජාපිතා බ්‍රහ්මාගේ හදාගැනීමට ගත් දරුවන් වන බව ඔබලාට වැටහෙනවා. වැටහෙන අයගේ බුද්ධිය ඒ පිළිබඳ ශ්‍රද්ධාවත් වර්ධනය කර ගන්නවා. පළමුව බ්‍රහමිණ්වරයෙක් වීමෙන් තොරව දේවතාවරයෙක් විය හැක්කේ කෙසේද? සියල්ල රඳා පවතින්නේ කෙනෙකුගේ බුද්ධිය මතයි. මෙය පාසල් වලත් සිදුවෙනවා: ඇතැම් අය ශිෂ්‍යත්වයක් දිනා ගන්නා අතර ඇතැම් අය අසමත් වෙනවා. ඔවුන්ට නැවතත් මුල පටන්ම ඉගෙන ගැනීමට සිදු වෙනවා. පරමාත්ම පියා කියනවා : පාපයට ඇද වැටුණහොත් ඔබ උපයා ගත් සියල්ල විනාශ වී ගොස් ඥානය පවා ඔබගේ බුද්ධියේ රැඳෙන්නේ නැහැ. තමත් මේ උපතේ දී කළ පාප ක්‍රියා ගැන ඔබ සෑම කෙනෙක්ම දන්නවා. පෙර උපත් වලදී කළ පාප ඔබලාට දැන් මතක නැහැ. අනිවාර්යෙන්ම ඔබ පව් කළා. ඉතාමත් පිරිසිඳු පින්වත් ජීවාත්ම පාපකාරී ජීවාත්ම වෙලා. පරමාත්ම පියා මෙහි සිට මුලු ගිණුමම කියා දෙනවා. මෙය අමතක කර, ඉගෙන ගන්නේ නැති දරුවන් රැසක් සිටිනවා. ඉගෙන ගත්තා නම්, ඔවුන් අනිවාර්යෙන්ම අන් අයටත් උගන්වාවි. දුබල බුද්ධි ඇති ඇතැම් අය දක්ෂ අය වෙනවා. මෙම ඉගෙනුම ඉතාමත් ශ්‍රේෂ්ඨයි. සූර්ය වංශය හා චන්ද්‍ර වංශය නිර්මාණය වීමට යන්නේ පරමාත්ම පියාගේ මෙම අධ්‍යාපනයෙනුයි. අනිත් අය මෙම එක උපතකදී ඉගෙන ගෙන එම උපතේ දීම තම නිලතල ලබා ගන්නවා. ඔබ මෙම ඉගෙනුමේ ඵලය ලබන්නේ නව ලෝකයේදී බව ඔබලා දන්නවා. ඒකත් වැඩි ඈතක නොවෙයි. ඇඳුම් මාරු කරන්නාක් සේ ඔබ පැරණී ලෝකය අතහැර නව ලෝකයට යනවා. විනාශය අනිවාර්යෙන්ම සිදු වෙනවා. ඔබලා දැන් නව ලෝකයට අයිති වෙමින් සිටිනා නිසා පැරණී ඇඳුම් අතහැර දැමීමට සිදු වෙනවා. අංකානුපිළිවෙලට රාජධානියක් බීහි වෙමින් පවතිනවා. හොඳින් ඉගෙන ගන්නා අය පළමුව දෙව්ලොවට යාවි. අනිත් අය පසුව පැමිණේවි. ඔවුන්ට දෙව්ලොවට යා හැකි වන්නේ නැහැ. දෙව්ලොව දැසි දස්සන් බාබාගේ හද සිහසුන ගත් අය වෙති. සෑම කෙනෙක්ම එහි යන්නේ නැහැ. දැන් ආධ්‍යාත්මික පාසල් ආදිය විවෘත වෙනවා. සෑම කෙනෙක්ම පැමිණ උත්සාහ දරාවි. ඉගෙන ගැනීමට දක්ෂ අය ඉහළ තත්ත්වයක් දිනා ගනීවි. දුර්වල බුද්ධි ඇති අය ලබන්නේ අඩු තත්ත්වයකි. දුර්වල බුද්ධියක් ඇති අයෙක් පවා පසුව හොඳ උත්සාහයක් දැරීමට ඉඩ තිබෙනවා. ඥානවන්ත බුද්ධි ඇති අයත් අසමත් වෙනවා. ඔවුන් දරණා උත්සාහයෙන් මෙය තේරුම් ගත හැකියි. මේ මුළු නාටකයම ඉදිරියට යනවා. ජීවාත්ම ශරීර අරගෙන පැමිණ මෙහි තම තමන්ගේ චරිත රඟදක්වනවා. ඔවුන් අලුත් ශරීර ගෙන අලුත් චරිත කොටස් රඟදක්වනවා; කවුරු කවුරු හෝ වෙනවා. සංස්කාර සියල්ල ඇත්තේ ජීවාත්මය තුළයි. පිට සිටිනා අයට ඥාන බීඳක්වත් නැහැ. පරමාත්ම පියා පැමිණ ඉගැන්වූ විට පමණයි ඔබලාට ඥානය ලැබෙන්නේ. ගුරුවරයා සිටියේ නැතිනම් ඔබට ඥානය දිය හැක්කේ කෙසේද? ඒ බැතිමතුනුයි. භක්ති මාර්ගයේ ඇත්තේ අසීමිත දුකකි. මීරා දර්ශන දැක්කත් සතුටක් ලැබුවේ නැහැ. ඇය අසනීප වෙලා නැතුවද? එහි කිසිඳු ආකාරයක දුකක් නැහැ. මෙහි ඇත්තේ සීමා රහිත දුකක්, නමුත් එහි ඇත්තේ සීමා රහිත සතුටක්. මෙහි සෑම කෙනෙක්ම සිටින්නේ අසතුටින්. රජවරුනුත් දුක් විඳිනවා: මෙහි නමම දුක් දේශය යන්නයි. එය සතුටේ දේශයයි. පූර්ණ දුක හා පූර්ණ සතුට යන දෙකෙහි සංගම කාලය මෙයයි. ස්වර්ණමය යුගයේ පූර්ණ සතුට තිබෙන අතර කලි යුගයේ ඇත්තේ පූර්ණ දුකයි. සෑම ආකාරයකම දුක් දැන් එන්න එන්නම වැඩි වර්ධනය වෙනවා. කාලය ගෙවෙනවාත් සමඟම තව තවත් දුක වර්ධනය වේවි. දුක්, කඳු ගණන් වැටීමටයි තිබෙන්නේ. ඒ මිනිස්සු ඔබලාට කතා කිරීමට ඉතාමත් කෙටි කාලයයි දෙන්නේ. විනාඩි දෙකක් ලැබුණත් පරමාත්ම පියා දෙන ස්වර්ණමය යුගයේ, අසීමිත සතුටක් තිබුණු බව පහදා දෙන්න. රාවණගෙන් ඔබ ලබන්නේ අසීමිත දුකකි. පරමාත්ම පියා දැන් කියන්නේ : කාම රාගය දමනය කළ විට ඔබ ලෝකය ජය ගන්නන් වේවි. මෙම ඥානය කෙදිනකවත් විනශ වන්නේ නැහැ. ජීවාත්මයක් ටිකකට ඇහුම් කන් දුන්නත් ඔහු දෙව් ලොවට යාවි. බොහෝ අය පුරවැසියන් වෙනවා. රජෙක් හා දුප්පතෙක් අතර ලොකු වෙනසක් තිබෙනවා. සෑම කෙනෙකුගේම බුද්ධිය එකිනෙකට වෙනස්. මෙම ඥානය තේරුම් ගෙන අන් අයට පැහැදිලි කර දෙන්නන් වඩාත් යහපත් තත්ත්වයක් දිනා ගනීවි. මෙම පාසලත් අසාමාන්‍යයි! පරමාත්ම දෙවියන් මෙහි පැමිණ ඔබට උගන්වනවා! ශ්‍රී ක්‍රිෂ්ණා දිව්‍යමය ගතිගුණ ඇති මිනිසෙක්. පරමාත්ම පියා කියනවා : මා දිව්‍යමය ගති හා යක්ෂ ගති අභිබවා සිටින්නෙක්. ඔබගේ පියා වන මා පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමටයි. පරමාත්ම ජීවයට පමණයි ආධ්‍යාත්මික ඥානය දිය හැක්කේ. ගීතාවේ මෙම ඥානය වෙන කිසිම ශාරීරික කෙනෙක්ට හෝ දේවතාවරයෙක්ට දිය නොහැකියි. විෂ්ණු නමස්කාරය කියා කියනවා. ඉතින් ක්‍රිෂ්ණා කවුද? දේව ක්‍රිෂ්ණා තමයි විෂ්ණු. වෙන කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. ඔබ අතරත් මෙය අමතක කරන අය සිටිනවා. ඔබම මෙය හොඳින් අවබෝධ කරගෙන සිටිනවා නම් අන් අයට පැහැදිලි කර දිය හැකියි. සේවයේ ඵලය මෙහි ගෙන ආ විට ඔබ සේවය කර ඇති බව දැන ගත හැකියි. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ : මේ මේ කෙනා පැමිණීමට තිබෙනවා. ඔහු මෙසේ කීවා කියා වැනි දේ දේ සඳහන් කරමින් දිගට ඇදුණු ලියුම් ලියන්න එපා. කෙටියෙන් ලියන්න. ඔහු ආවොත් ඉඳීවිද කියා බලමු! ඥානය අවබෝධ කරගෙන සේවය කිරීමට පටන් ගතහොත්, ඒ ගැන ඔබට බාබාට ලිවිය හැකියි. ඇතැම් අය නිකම් ප්‍රදර්ශනය කරන්නත් ලියනවා. බොහෝ අය බාබා ලඟට පැමිණියත් පසුව අතහැර යනවා. එහි ඇති ඵලය කුමක්ද? ඔවුන් සමඟ බාබා මොනවා කරන්න ද? ඔවුන්ටත් ඵලක් නැහැ, ඔබටත් ඵලක් නැහැ. එවැනි දෙයින් ඔබගේ මෙහෙය වර්ධනය වන්නේ නැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කිසිම විටෙක කිසිම සිදුවීමක දී තමාව අසරණ කරවා ගන්න එපා. තමුන්ම ඥානය හොඳින් ධාරණය කර ගෙන අන් අයටත් එය දානය කරන්න. ඔබ අන් අයගේ වාසනාවත් අවදි කරවිය යුතුයි.

2. කවුරු හෝ කෙනෙක් සමඟ කතා බහ කිරීමේ දී පළමුව තමන් ජීවාත්මයක් කියා සලකා ඒ ජීවාත්මයට කතා කරන්න. කිසිඳු ආකාරයක ශාරීරික අවධානයක් නොතිබිය යුතුයි. පරමාත්ම පියාගෙන් ලැබෙනා අසීමිත සතුට අන් අයටත් බෙදා දෙන්න.

වරදානය:
හිස සහ හදවත යන දෙකේ සමබරතාවයක් පවත්වාගෙන සේවය කිරීමෙන්, ඔබ නිරන්තර සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වේවා.

ඔය දරුවන් සේවයේදී බොහෝ විට භාවිතා කරන්නේ ඔබගේ හිස පමණයි, නමුත් ඔබගේ හිස සහ හදවත යන දෙකම භාවිතා කරමින් ඔබ සේවය කරන විට, ඔබ සිදු කරන සේවයේ ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරූ වෙයි. හිසින් සේවය කරන අයට, කෙටි කාලයකට තම හිස් වල පියාගේ ස්මරණය තිබෙයි. ඔවුන් සිතන්නේ: ඔව්, බාබා මා ලවා සෑම දෙයක්ම සිදු කරනවා, නමුත් ටික කාලයකට පසුව, “මම” යන එම අවධානයම පැමිණෙයි. තම හදවතින් සේවය කරන අයගේ හදවත්වල නිරන්තරයෙන් බාබාගේ ස්මරණය මුසු වී ඇති අතර හදවතින් සේවය කිරීමේ ඵලය ඔවුන්ට අනිවාර්යෙන් ලැබෙයි. ඒ දෙකෙහි සමබරතාවයක් තිබෙන විට, ඔබට නිරන්තරයෙන් සාර්ථකත්වය අත්වෙයි.

පාඨය:
අසීමිත බවේ රැදී සිටින්න, එවිට සියලු සීමිත සිදුවීම් ඉබේටම අවසන් වෙයි.