18.07.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙම පැරණි ලෝකයේ මිනිසුන් තුළ ඇති ආකාරයේ කිසිම ආශාවක් ඔබ තුළ නොතිබිය
යුතුයි. මන්ද, මෙම ලෝකය විනාශ වීමට නියමිතව ඇත්තකි.
ප්‍රශ්නය:
සදාකාලිකව
ඔබගේ සෑම ආශාවක්ම සන්සිඳුවාලිය හැකි වන්නේ මෙම සංගම යුගයේදි කුමන ආශාවක් ඔබ තුළ තබා
ගැනිමෙන්ද?
පිළිතුර:
මම පාරශුද්ධත්වයට පත්විය යුතුයි. පියාව සිහිපත් කර මම මාගේ සම්පූර්ණ උරුමයම ඔහුගෙන්
දිනා ගනිමි. ඔබ තුළ තිබිය යුත්තේ මෙම එකම වූ ආශාව පමණයි. අනෙකුත් ආශාවන් සෑම
එකක්මත් සන්සිඳී යන්නේ මෙම ආශාව මගිනි. ’ඔබට දීර්ඝායු වේවා! ඔබට බොහෝ පිරිමි දරුවන්
ලැබේවා! ඔබ ධනවත් වේවා!’ මෙම ආශිර්වාද සෑම එකක්ම ඔබ ලැබුවා. සත් යුගයේදි ඔබගේ
ආශාවන් සෑම එකක්ම සන්සිඳෙනවා.
ගීතය:
මවත් ඔබමයි
පියාත් ඔබමයි!
ඕම් ශාන්ති.
උත්තරීතර පියා
වන උත්තරීතර ජීවාත්මය සුමිහිරි ආධ්‍යාත්මික දරුවන්ට, එනම්, ජීවාත්මයන්ට කරුණු
පැහැදිලි කර කියා දේ. අසීමිත පියා අපට ආශීර්වාද කරනා බව ඔබ දන්නවා. ඒ මිනිසුනුත්
ඔබට ආශීර්වාද කරනවා ඔබට පිරිමි දරුවෙක් ලැබේවා! ඔබට දීර්ඝායු චේවා! ඔබ ධනවත් වේවා!
පියා දැන් ඔබට මෙන්න මෙහෙම ආශීර්වාද කරනවා ඔබට දීර්ඝායුෂ ලැබේවා! ඔබගේ ආයුෂ ඉතාමත්
දීර්ඝ වනු ඇත. ඔබට ලැබෙනා පිරිමි දරුවා පවා සතුටම ගෙන දෙන්නෙක් වනු ඇත. දැන් මෙහි
සිටිනා දරුවන් නම් සෑම විටම කරදර ඇති කරවයි. සත් යුගයේදි සෑම දරුවෙක්ම සතුට ගෙන
දෙනවා. අසීමිත පියා ඔබට අසීමිත සතුටක් ගෙන දෙන බව දරුවන් වන ඔබ දන්නවා. අපි ඇත්තටම
දීර්ඝ ආයුෂ ඇති, මහත් ධනයක් ඇති අය බවට පත්වනු නොඅනුමානය. දැන් ඔබගේ හදවත තුළ කිසිම
ආශාවක් නොතිබිය යුතුයි. ඔබගේ ආශාවන් සෑම එකක්ම සත් යුගයේදි සන්සිඳවිය යුතුයි. මෙම
අපාය සම්බන්ධව කිසිම ආශාවක් නොතිබිය යුතුයි. ධනය ගැන කිසිම ආශාවක් තබා ගන්න එපා.
ලොකු මුදලක්, නැත්නම් ලොකු නිළයක් සමඟ රස්සාවක් ලබා ගැනිමට ඔබට ආශාවක් නොතිබිය
යුතුයි. කුසට අවශ්‍ය චපාති කිහිපයක් පමණි. කෑදර වන්න එපා. ලොකු ධනයක් තිබෙනවා නම්,
ඒවා විනාශය සඳහාය. බාබා තමන්ව ස්වර්ගයේ පාලකයින් බවට පත්කරවනා බව දරුවන් වන ඔබ
දන්නවා. පියා කියනවා දානයක් දෙන්න එවිට සියලු අපල දුරුවී යනු ඇත. ඔබ විසින් දිය
යුතු දානය කුමක්ද? පංච මහා පාපයන් දානය කරන්න. මේවා දානය කිරීමෙන් අපල දුරු වී යන
අතර ඔබ කලා දහසයෙන් සම්පූර්ණ වනු ඇත. තමන් සෑම ගුණධර්මයකින්ම සම්පූර්ණ වී, කලා
දහසයෙන් පිරිය යුතු බව ඔබ දන්නවා. පාප පහ දන්දිය යුතුයි. පියා දරුවන් අමතා කතාකර
කියනවා සුමිහිරි දරුවනි, අසීමිත පියාගෙන් තමාට අයත් අසීමිත උරුමය දිනාගන්නවා
හැරෙන්න වෙන කිසිම ආශාවක් හිතේ තබා නොගන්න. ඉතිරි වී ඇත්තේ ඉතාමත් කෙටි කාලයකි.
ගෙවි ගොස් ඇති කාලය අතිමහත්ය. දැන් ඉතිරිව ඇත්තේ ඉතාමත් කෙටි කාලයකි. විනාශයට පෙර
ඉතාමත් කෙටි කාලයක් ඉතිරිව ඇත. ඉතින් එමනිසා, මෙම පැරණි ලෝකය ගැන කිසිම ආශාවක් තබා
නොගන්න. හුදෙක් පියාව පමණක් සිහිපත් කරන්න. දරුවන් වන ඔබ ස්මරණය මාර්ගයෙන්
සතෝප්‍රධාන් විය යුතුයි. පිටත ලෝකය තුළ සිටිනා මිනිසුන් තුළ ඇති ආකාරයේ කිසිම
ආශාවක් දරුවන් වන ඔබ තුළ නොතිබිය යුතුයි. ශිව බාබාගෙන් තමාගේ උරුමය දිනා ගැනිම සඳහා
පමණක් ආශාව තබා ගන්න. කිසිම කෙනෙක්ට දුකක් දෙන්න එපා. එකිනෙකා මත රාගයේ අසිපත
මෙහෙයවීම ලොකුම පාපයයි. සන්යාසීන් කාන්තාවන්ගෙන් ඈත් වී සිටින්නේ අන්න ඒ නිසයි. ඔහු
සෑම දෙයක්ම අත්හල කෙනෙක් වශයෙන් මිනිසුන් ඔහුව හඳුන්වනවා. රාවණ්ගේ රාජ්‍යය තුළ සෑම
කෙනෙක්ම අපිරිසිඳු හා පාපාකාරි ජීවයන්ය. දැන් ඉතිරිව ඇත්තේ ඉතාමත් කෙටි කාලයකි.
පරමාත්ම පියාගේ ශ්‍රීමත් අනුගමනය කළේ නැත්නම් ඔබ උසස් වන එකක් නැහැ. දරුවන් වන ඔබ
ඉහළම ඉහළ තත්ත්වයට පත්විය යුතුයි. පස් පව් දානය කර අපල දුරු කර ගත යුත්තේ එම
නිසායි. සෑම කෙනෙක්ටම කිසියම් ආකාරයක නරක අපලයක් බලපා ඇති අතර, එමඟින් සෑම කෙනෙක්ම
අවලස්සන වෙලා. පියා කියනවා මගෙන් උරුමය දිනා ගැනිමට ඔබට අවශ්‍ය නම් පාරිශුද්ධත්වයට
පත්වන්න. තඹ යුගයේ සිට ඔබ අපිරිසිඳු වෙමින් පැමිණ සතෝප්‍රධාන් තත්ත්වයෙන් දැන්
තමෝප්‍රධාන් බවට පත් වෙලා. අන්න ඒ නසා තමයි ඔබ මෙසේ ගායනා කරන්නේ අහෝ පාරිශුද්ධ
කරුවාණනි, පැමිණෙන්න! පැමිණ අපව පාරිශුද්ධත්වයට පත්කරවන්න! පියාගේ අණ නම් දරුවනි,
තවදුරටත් අපිරිසිඳු වන්න එපා. රාගය නම් වූ ප්‍රධාන පෙළේ සතුරා පරාජය කරන්න. මෙම
පාපය නිසා ඔබ ආරම්භයේ සිට අවසානය දක්වාම වින්දේ දුකයි. පියා කියනවා සත් යුගයේදි ඔබ
සම්පූර්ණයෙන්ම පාරිශුද්ධව සිටියා. රාවණ්ගේ උපදෙස් අනුගමනය කිරිම නිසා ඔබ දැන්
අපිරිසිඳු වෙලා. දේවතාවන් ඉදිරියට ගොස් ඔබ ඔවුන්ගේ ගුණ ගායනා කරන්නේ අන්න ඒ නිසායි
ඔබ සෑම ගුණධර්මයකින්ම සම්පූර්ණයි, කලා දහසයෙන්ම පිරි සිටියි, පාපයෙන් තොරයි, නමුත්
අප පාපකාරියි. පාපයෙන් තොර බවට පත්වීමෙන් ඇති වන්නේ වෙන කිසිවක් නොව සතුටයි.
පරමාත්ම පියා කියනවා දරුවන් වන ඔබ පාපයෙන් තොර අය බවට පත් කිරිම සඳහා මම දැන් පැමිණ
සිටිමි. දරුවන් වන ඔබ දැන් සියලුම ආශාවන් දුරු කර දැමිය යුතුයි. තමාගේ ව්‍යාපාර
කටයුතුවල ආදියෙහි නියැලි සිටීම ඔබට කළ හැකියි. නමුත් ඒත් සමඟම ඥානය නැමැති අමෘතයත්
සැමට ලබා දෙන්න. අමෘතය විසිකර වස පානය කරන්නේ ඇයි? පියා කියනවා කිසිම ආශාවක් තබා
නොගන්න. ස්මරණ වන්දනාව තුළින් අප සම්පූර්ණයෙන්ම සතෝප්‍රධාන් බවට පත් වනු ඇත. උපත්
63ක් තිස්සේ කරන ලද පාප නැති වී යන්නේ ස්මරණය තුළින් පමණයි. දැන් පාපයෙන් තොර වන්න!
මායාගේ කුණාටු ආවත් අපිරිසිඳු නොවන්න. මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවතා තත්ත්වයට
පත්වන්න. ඔබ සතෝප්‍රධාන්ව සිටියා, වන්දනාවට සුදුසු දේවතාවන් වශයෙන් සිටියා, පසුව
වන්දනාවට සුදුසු තත්ත්වයේ අය වූ ඔබ වන්දනා කරුවන් බවට පත් වුණා. අපි ලෙඩ දුක් වලින්
නිදහස්ව සිට පසුව රෝගීන් බවට පත් වුණා. දැන් අප එම රෝග වලින් නිදහස් විය යුතුයි.
අපි දැන් නැවත වතාවක් එම නිදහස් බව ලබා ගනිමු. පාපයෙන් තොරොව සිටි කල ඔබට දීර්ඝ
ආයුෂ තිබුණා. නමුත් දැන් වර්තමානයේ මිනිස්සු කිසිම හේතුවක් සොයා ගැනිමටවත් නොහැකිව
හදිස්සියේම මිය යනවා. කිසිම ආශාවක් තබා නොගන්න! ඒ ආශාවන් සියල්ලම අපිරිසිඳුයි. ඔබ
තුළ ඇත්තේ ප්‍රමුඛ පෙළේ, එකම එක ආශාවක් පමණයි. එය නම්, කටුවලින් මල් බවට පත්වීමේ
ආශාවයි. පරම පියා කියනවා මා සිහිපත් කරන්න, එවිට ඔබ පින්වත් ජීව බවට පත්වනු ඇත.
දැන් මේ මොහොතේ සෑම කෙනෙක් මතම අපල බලපා ඇත. මුළු භාරතය පුරාම එම අපල ව්‍යාප්ත වී
ඇත. පසුව, බ්‍රහස්පති (ශුභ පල) ලැබිය යුතුයි. දැන් ඔබ වෙත මෙම බ්‍රහස්පති ග්‍රහයා
බලපා ඇති බව ඔබ දන්නවා. භාරතය සත් යුගය වශයෙන් තිබුණා. සත් යුගයේදි භාරතයට
බ්‍රහස්පති ග්‍රහයාගේ බලපෑම තිබුණු අතර දැන් ලබා ඇත්තේ රාහු කාලයයි. ඔබ දැන් අසීමිත
පියාගෙන් බ්‍රහස්පති ලබා ගන්නවා. බ්‍රහස්පති ලැබූ විට ඔබ උපත් 21ක් පුරාවටම සතුට
ලබනවා. රිදි යුගයේදි පවතින්නේ සෙනසුරු අපලයයි. පියාව සිහිපත් කළ තරමට ඔබට
බ්‍රහස්පති බැල්ම වැටෙනු ඇත. දැන් සෑම කෙනෙක්ම නිවස බලා යා යුතුයි යන්න පැහැදිලි කර
කියා දි තිබෙනවා. එමනිසා, දිගින් දිගටම පියාව සිහිපත් කරන්න. එවිට ඔබගේ පාප සියල්ල
දුරු වී පියාසර කිරිම සඳහා සුදුස්සෙක් බවට ඔබ පත්වනු ඇත. මායා ඔබගේ පියාපත් කපා දමා
ඇත. අඛණ්ඩ සතුටක් අත්විඳිය හැකි වන විදියේ බාබාගේ උපදෙස් දැන් ඔබට ලැබෙනවා. බාබාගේ
උපදෙස් අනුගමනය කර ඔබ සත් යුගයේ පාලකයින් බවට පත්වෙනවා. ඔබ ලෝකයේ ස්වාධිපත්‍යය දිනා
ගන්නවා. බාබාගෙන් ඔබට ලැබෙන උපදෙස් මොනවාද? පියාව සිහිපත් කරන්න. එවිට ඔබගේ අවසන්
සිතිවිලි ඔබගේ ඉරණම කරා තීරණය කරනු ඇත! ස්මරණය මඟින් ඔබගේ පාප දුරු වී යන අතර ඔබ
පාරිශුද්ධත්වයට පත්වනු ඇත. ස්වර්ගයට සුදුසු අය බවට පත්වන්නේ පාරිශුද්ධ ජීව පමණයි.
එහිදි ඔබ දීර්ඝ ආයුෂ ලබා ලෙඩ රෝග වලින් තොර වූ ශරිරයක් ලබනු ඇත. ඔබට ලොකු ධනයක්
හිමි වනු ඇත. එහිදි ඔවුන් කාගේවත් යටතට යන්නේ නැහැ. පියා කියනවා ඔබට දීර්ඝායුෂ ලැබී
ඔබට බොහෝ ධනය හිමි වේවා! එමෙන්ම ඔබට අනිවාර්යෙන්ම එක් පිරිමි දැරවෙක්ද ලැබෙනු ඇත.
මේ මොහොතේදි පියා ඔබව හදා ගැනිමට ගෙන ඇත. පසුව සත් යුගයේදි කිසිම කෙනෙක් එලෙස හදා
ගැනිමට ගන්නේ නැහැ. එහිදි ඔබ ලබන්නේ යෝගා බලයෙන් ලබනා එක පිරිමි දරුවෙක් හා එක්
ගැහැණු දරුවෙක් පමණයි. ඇතැම් අය අසනවා දරුවන් බිහි වන්නේ කොහොමද? එහිදි සිදුවන සෑම
දෙයක්ම සිදුවන්නේ යෝගා බලයෙන් පමණයි. එය නාටකයේ තීරණ වී හමාරයි. සත් යුගයේදි සිටිනා
සෑම කෙනෙක්ම යෝගී කෙනෙකි. ක්‍රිෂ්ණා යෝගේෂ්වර කියා හඳුන්වනවා. ක්‍රිෂ්ණා යෝගා
කරමින් සිටිනවා කියන එකක් ඉන් අදහස් වන්නේ නැහැ. ඔහු සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ වූ
යෝගීවරයෙකි. බාබා සෑම කෙනෙක්වම යෝගේෂ්වරයින් බවට පත් කරවන නිසා පසුව ඔවුන්
අනාගතයේදි යෝගීන් වශයෙන්ම සිටිනවා. පියා ඔබව යෝගීන් බවට පත්කරවා තිබෙනවා. යෝගීන්ට
හොඳ ආයු කාලයක් හිමි වන අතර, බෝගීන්ට (ඉන්ද්‍රිය සුඛ විහරණයේ ගැලෙන්නන්) හිමි වන්නේ
කෙටි ආයු කාලයකි. පරමාත්ම දෙවියන් දරුවන් වන ඔබව පාරිශුද්ධත්වයට පත්කරවා ඔබට යෝගා
උගන්වා ඔබව දේවතාවන් බවට පත්කෙරෙව්වා. යෝගින් යනුවෙන් හඳුන්වනුයේ ඔවුන්ය. යෝගීන් හා
සෘෂිවරුන් පාරිශුද්ධ අයයි. ඔබ රාජ රිෂීන් වන බව ඔබට උගන්වා තිබෙනවා. රාජකීය
තත්ත්වයක් හිමි කර ගැනිම සඳහා ඔබ රාජයෝගා ඉගෙන ගන්නවා. දැන් මේ මොහොතේදි ඔබ පරමාත්ම
පියාව සිහිපත් කළ යුතුයි. දරුවන් ලැබීම වැනි වැරදි අශාවන් ඔබ තුළ නොතිබිය යුතුයි.
එවන් ආශාවන් තිබුණොත් ඔබට පාපයේ ගැලි රාගය නම් අසිපත පාවිච්චි කිරිමට සිදුවෙනවා.
රාගයේ අසිපත දෑතට ගන්නේ ශරිර අවධානයේ සිටින්නනුයි. ජීවාත්ම අවධානයේ සිටින්නන් රාගයේ
අසිපත අතට ගන්නේ නැහැ. පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙනවා පාරිශුද්ධත්වයට
පත්වන්න! ඔහු කතාකරන්නේ ජීවාත්ම වන ඔබටයි. දැන් මෙම රාග අසිපත අතට ගන්න එපා.
පාරිශුද්ධත්වයට පත්වන්න, එවිට ඔබගේ දුක් කරදර සියල්ල දුරු වී යනු ඇත. ඔහු ඔබව
දෙව්ලොව පාලකයින් බවට පත්කරවයි. පියා ඔබට ඉතා ලොකු සතුටක් ලබා දෙනවා! ඔබ පියාගෙන්
තම මුළු උරුමයම දිනා ගත යුතුයි. දුප්පතුන්ගේ පියා ඔහුයි. සුදාමා හාල් මිටක් දි
මාළිගාවක් ලද කතාව ඔබට මතක ඇති. බාබා ඔබට උපත් 21කටම උරුමය ලබා දෙනවා. සෑම කෙනෙක්ම
නිවස බලා යා යුතුයි යන්න ඔබත් දන්නවා. තමාට අවශ්‍ය ඕනෑම ආකාරයකින් ඕනෑම කෙනෙක්ට ශිව
බාබාගේ ස්ථාපනය කිරිමේ කාර්යයට සහය දැක්විය හැකියි. නිවස තුළ රෝහලක් හෝ විශ්ව
විද්‍යාලයක් විවෘත කරන්න. සහෝදර සහෝදරියනි, උපත් 21කටම නීරෝගි සුවය හා ධන වස්තුව
ලබා ගැනිමට ඔබට අවශ්‍ය නම්, ඇතුලට පැමිණ එය කෙසේද යන්න තේරුම් ගන්න කියා ආරාධනා
පුවරුවක ලියන්න. තත්පරයකින් උපත් 21කට නීරෝගි සුවය හා ධන ලාභ ලබා ගන්නේ කෙසේද යන්න
අපි ඔබට පෙන්වා දෙන්නම්. ඔබ ශල්‍යවෛද්‍යවරුන්ය. ශල්‍යවෛද්‍යවරුන් අනිවාර්යෙන්ම
පුවරුවක් එල්ලනවා. වෙන කොහොමද මිනිස්සු ඔවුන් ගැන දැන ගන්නේ? ඔබගේ ගෙදර එලියේත් ඔබට
පුවරුවක් එල්ලිය හැකියි. පැමිණෙන ඕනෑම කෙනෙක්ට පියවරුන් දෙදෙනා පිළිබඳව රහස්
පැහැදිලි කර කියා දෙන්න. සීමිත පියාගෙන් ඔබ සීමිත උරුමයක් ලබමින් සිටියා. අසීමිත
පියා කියනවා නිරන්තරයෙන්ම මා පමණක් සිහිපත් කරන්න, එවිට ඔබට ඔබගේ අසීමිත වූ උරුමය
ලැබෙනු ඇත. පළමුවෙන්ම ප්‍රදර්ශන වලදි ප්‍රොජෙක්ටර් යන්ත්‍ර භාවිතයට ගෙන මේවා
පැහැදිලි කර කියා දෙන්න. මෙම උත්සාහය දැරීමෙන් ඔබ පත්වන්නේ මෙන්න මේ තත්ත්වයටයි.
දැන් මේ ඇත්තේ සංගම යුගයයි. කලි යුගය සත් යුගය බවට පත්විය යුතුයි. භාරතයේ මිනිසුන්
වන ඔබ සතෝප්‍රධාන්ව සිටියා. දැන් ඔබ තමෝප්‍රධාන් වෙලා. පරම පියා කියනවා මා සිහිපත්
කරන්න, එවිට ඔබ ස්වර්ගයේ පාලකයින් බවට පත්වනු ඇත. ඔබට සතුටින් සිටිය හැකි වන්නේ මෙම
ස්මරණය මාර්ගයෙනි. මෙම අපිරිසිඳු ලෝකය ගැන කිසිම ආකාරයක ආශාවක් තබා ගන්න එපා.
මෙහිදි ඔබ උත්සාහ ගන්නේ ජීව මරණයටයි. අහවල් අහවල් පුද්ගලයා ඔහුගේ මරණයෙන් පසු
ස්වර්ගයේ වැසියන් බවට පත් වුණා කියා මිනිස්සු කියනවා. ස්වර්ගයේ වැසියන් බවට පත්වීම
සඳහා, තමන් දැන් පරමාත්ම පියා සිහිපත් කරනා බව සෑම කෙනෙක්ටම ඔබ දැන් කියනවා. ඔබ
ඔහුගෙන් අසීමිත සතුටක් ලබා ගන්නවා. පියා සිහිපත් කරිමෙන් ඔබට කවදාවත් මැලවීමට හෝ
අඬාවැටීමට සිදු වන්නේ නැහැ. මායාගේ කුණාටු ඒවි, නමුත් ඒ ගැන බිය වන්න එපා. මායාගේ
කුණාටු ඒවි. මෙය සටනක්. නරක හෝ පව්කාර සිතිවිලි සිතේ තිබුණොත් එමඟින් ඔබ කර ගන්නේ
තමාගේ කාලය නිරපරාදේ නාස්ති කර ගැනිමකි. කුණාටු පාවී යනවා, ඒවා සෑම විටම එක තැනක
තිබෙන්නේ නැහැ. ’මම සෑම දිනකම උදේ පාන්දර අවදි වී පියාව සිහිපත් කර මගේ උරුමය
පියාගෙන් දිනා ගත යුතුයි’ යන මෙම සැලකිල්ල ඔබ තුළ තිබිය යුතුයි. පියා ඔබට වෙන කිසිම
කරදරයක් කරන්නේ නැහැ. පියාව පමණක් සිහිපත් කර අන් සෑම කෙනෙක්ම අමතක කර දමන්න. සෑම
කෙනෙක්ම දැනටමත් මිය ගොසින්ය. මෙවැනි දේවල් ගැන ඔබ එකිනෙකා සමඟ කතාබහ කරන්න. ’බාබා,
මම දැන් සිහිපත් කරන්නේ ඔබව පමණයි. මම දැන් ඔබගෙන් මට අයත් උරුමය ලබා ගනිමි.’ කාලය
සොයා ගන්න- ’මම අනිවාර්යෙන්ම උදේ පාන්දර තුනට හෝ හතරට අවදි වී පියාව සිහිපත් කරමි.
මම චක්‍රයත් සිහිපත් කරමි.’ නිර්මාණකරු හා නිර්මාණය ගැන වූ ඥානය පියා අපට ලබා දි
ඇත. මානව ලෝක ගස ගැන අප දන්නවා. අපි උපත් 84ක් ගන්නේ කෙසේද යන්න තිබෙන්නේ අප
සිහියේය. අප දැන් ආපසු නිවස වෙත ගොස් අපට අයත් චරිත කොටස් රඟපෑම සඳහා නැවතත් වතාවක්
දෙව්ලොව වෙත යන්නෙමු. අප ජීවාත්මයන්ය. ජීවාත්මය අධිරාජ්‍යයක් ලබනවා. පියාව සිහිපත්
කිරිමෙන් ඔබ උරුමයට අයිතියක් හිමි කර ගන්නවා. මෙය රාජයෝගයයි. ඔබ පියාව සිහිපත්
කරනවා. අසීමිත පියා මඟින් ඔබ ලෝක පාලකයින් බවට අසංඛ්‍ය වාර ගණනාවකදි පත් වෙනවා.
පසුව ඔබ අපායේ වැසියන් බවට පත් වී දැන් නැවත වතාවක් එකම බාබා සිහිපත් කරමින්
දෙව්ලොව වැසියන් බවට පත්වෙනවා. ඔබගේ පාප පිළිස්සි යන්නේ පියාව සිහිපත් කිරිමෙන්
පමණයි. යෝගා ගින්න යනුවෙන් එය හඳුන්වන්නේ අන්න ඒ නිසයි. බ්‍රහමිණ්වරුන් වන ඔබ රාජ
රිෂින්ය. රිෂිවරු සෑම විටම පාරිශුද්ධය. පියා සිහිපත් කිරිමෙන් ඔබ අධිරාජ්‍යයේ උරුමය
දිනා ගන්නවා. පාපයේ ගැලිමට ඔබට කිසිම ආශාවක් නොතිබිය යුතුයි. එය අපිරිසිඳු ආශාවකි.
ඔබ දැන් මෙම ලෝකයෙන් එපිට සිටිනා පියාගෙන් තමාට අයත් උරුමය දිනා ගන්නවා. ඔබ අසනීප
වු විටෙක පවා ඔබට ඔහුව සිහිපත් කළ හැකියි. පියා තමාගේ දරුවන්ට ආදරෙයි. දරුවන්
ගණනාවකට ලියුම් ලියන්න බාබාට තිබෙනවා. ශිව බාබා ඔහු ලවා ඒවා ලියවනවා. ඔබත් ලියුම්
ලියනවා. බ්‍රහ්මා බාරේ ශිව බාබාට. ශිව බාබාගේ දරුවන් වන අප සෑම කෙනෙක්ම සහෝදරයින්ය.
ආධ්‍යාත්මික පියා පැමිණ අපව පාරිශුද්ධත්වයට පත් කරවන නිසා ඔහු පාරිශුද්ධකරු යන
නමින් හඳුන්වයි. ඔහු සියලු ජීවයන්ව පාරිශුද්ධත්වයට පත්කරවනවා. පදාර්ථයන් පවා
පාරිශුද්ධත්වයට පත් වෙනවා. සත් යුගයේදි පදාර්ථය පවා පාරිශුද්ධ බව ඔබ දන්නවා. දැන්
ශරිර පවා අපිරිසිඳුයි. මිනිස්සු ගංඟා නදියේ ස්නානය සඳහා යන්නේ අන්න ඒ නිසායි.
කොහොමනමුත්, ඒ ජීව පාරිශුද්ධත්වයට පත් වන්නේ නැහැ. ඔවුන්ට පිරිසිඳු විය හැක්කේ යෝගා
ගින්නෙන් පමණමයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙම කලියුග
ලෝකයේ දී සාවද්‍ය ආශාවන් නොතබාගන්න. සම්පූර්ණ සතෝප්‍රධාන් වීම සඳහා පරමාත්ම
දෙවියන්ගේ උපදෙස් පිළිපදින්න.
2. පිරිසිඳු බවට පත්
වී ආපසු ගෙදර යාම පමණක් අභිලාශයක් සේ තබා ගන්න. ඔබේ අවසන් සිතිවිලි ඉලක්කය කරා ගෙන
යාවි. එමනිසා, මායාගේ කුණාටු සහිතව සිටිමින් කාලය අපතේ නොහරින්න.
වරදානය:
ඔබ සීමිත දේ
වලින් නිදහස් වී ඔබගේ බලවත් ආකල්පයෙන් අසීමිත සේවයක් කරමින් නිරන්තරයෙන් කාර්යබහුල
වේවා.
සකාර් බාබාට සේවය හැර
අන් කිසිවක් දැකිය නොහැකි වූවාක් මෙන්, ඔය දරුවන් ද ඔබගේ බලවත් ආකල්පයෙන් අසීමිත
සේවයක් කරමින් කාර්යබහුල විය යුතුය, එවිට සියලු සීමිත දේවල් ඉබේම අවසන් වේ. සීමිත
දේවල් සඳහා කාලය දීම යනු කාලය හා ශක්තිය නාස්ති කරන බෝනික්කන් සෙල්ලම් කිරීමක්
වැනිය. එබැවින්, ඔබේ කාලය හෝ සුළු කාරණා මත ඔබ රැස් කරගත් බල නාස්ති නොකරන්න.
පාඨය:
සේවයේ
සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා, ඔබ ඔබේ වචන, හැසිරීම සහ ක්‍රියාකාරකම් බලපෑම් සහගත
වීමට ඉඩ දෙන්න.
අව්‍යක්ත සංඥාව:
ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.
කාලයට අනුව, ඔබ
බ්‍රහ්මණයන් ජීවාත්මයන් සමීප කරන අතරතුර, ඔබ අවට පරිසරය ගින්නක් මෙන් බලවත් කිරීමට
සේවය කළ යුතුය. මේ සඳහා, ඔබට ඔබ අතර භති සහ ගැඹුරු සාකච්ඡා පැවැත්විය හැකිය, නමුත්
ඔබ සෙනහසේ දැඩි ස්වරූපය අත්විඳිය යුතු අතර අන් අයටද මෙම අත්දැකීම ලබා දිය යුතුය.
මෙම සේවය කිරීමේ කාර්යබහුල වන්න, එවිට සියලු සුළු කාරණා පරිවර්තනය වනු ඇත.