18.11.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පරම පියා අනාදිමත් වෙදැදුරෙකි. හුදෙක් එක් මන්ත්‍රයකින් ඔහු ඔබේ සියලු රෝග
තුරන් කරයි.
ප්රශ්නය:
මායා ඔබට
වරින් වර බාධා ඇති කරන්නේ ඇයි?
පිළිතුර:
මන්ද යත්, ඔබ තමයි මායාගේ ලොකුම ගනුදෙනු කරුවන්, ඔබේ ගනුදෙනුව අහිමි වෙමින් ඇති බව
දුටු විට ඇය ඔබේ ගමන් මාර්ගයෙහි අකුල් හෙලයි. මෙම අනාදිමත් වෙදැදුරා ඔබට බෙහෙත්
සැපයූ විට මායාගේ සියලු ලෙඩරෝග පිටදමයි. එබැවින්, බාධාවන් ගැන ඔබ බිය විය යුතු නැත;
මායා "මන්මනාභව" මන්ත්‍රයෙන් පලා යයි.
ඕම් ශාන්ති.
පරම පියා මෙහි
ඉඳිමින් ඔය දරුවන්ට පැහැදිලි කරයි. මිනිස්සු බලාපොරොත්තු සුන් වී, සිතට ශාන්තියක්
නොකඩවා ඉල්ලමින් සිටිනවා. දිනපතාම "ඕම් ශාන්ති" කීවත් ඔවුන්ට එහි අර්ථය නොතේරෙන
නිසායි නොනවත්වා සාමය ඉල්ලමින් සිටින්නේ. මෙසේද කියයි: මා ජීවාත්මයක්, ඒ කියන්නේ:
මා නිහඬයි. අපගේ ආදී ධර්මය නිහඬතාවයයි. ඔබේ ආදී ධර්මය නිහඬතාවය නම්, එය ඉල්ලා
සිටින්නේ ඇයි? මක්නිසාද යත්, ඔවුන් මෙම සාමයේ අර්ථය නොදන්නා නිසායි ඔවුන් එය ඇයැද
සිටින්නේ. ඔබට තේරෙනවා මෙය රාවණගේ රාජ්‍යයි කියා, එහෙත් ඔබට තේරෙන්නේ නැහැ රාවණ
සැමගේම මුළු ලොවටත් විශේෂයෙන් භාරතයටත් සතුරා බව. අන්න ඒ නිසායි දිගටම ඔවුන් රාවණගේ
රූකඩයක් පුළුස්සන්නේ. එසේ සෑම වසරක් පාසාම රූකඩයක් සාදා පුළුස්සා දමත එවැනි
මනුෂ්‍යයෙක් සිටී ද? ඔවුන් නොකඩවා උපතක් උපතක් පාසා, චක්‍රයක් චක්‍රයක් පාසා ඔහුව
පුළුස්සමින් සිටින්නේ, මන්ද ඔහු තමයි ඔබේ මහාම සතුරා. සෑම දෙනාම මෙම පස්පව් වල
අසුවී සිටී. සෑම දෙනාම ඉපදෙන්නේ දූෂණය තුළිනී. එබැවින්, මෙය රාවණගේ රාජධානියයි.
මෙකල, එහි අප්‍රමාණ ලෙස දුක ඇත. මෙම දුකට වගකිව යුත්තා කවුරුද? රාවණයි! දුකට හේතුව
කිසිවකු නොදනී. මෙම රාජධානිය අයිති රාවණටයි. ඔහු සැමගේ මහා සතුරා වේ. සෑම වසරකම
මිනිස්සු ඔහුගේ රූකඩයක් සාදා පුළුස්සනවා.දිනෙන් දින. ඔවුන් විශාල රූකඩ සාදනවා;
දුකත් දිගටම වැඩි වී ගෙන යනවා. මහා රිෂී මුනිවරු, ශාන්තුවරු මහාත්මාවරු සහ පාලකයන්
කිසිවෙකු නොව දන්නේ සෑම වසරක් පාසා ඔවුන් පුළුස්සන්නේ ඔවුන්ගේ සතුරා බව. ඇත්තෙන්ම
කීවොත් ඔවුන් මෙය සමරන්නේ සතුටින් උත්සවාකාරයෙනි. රාවණ මිය ගියා ඒ නිසා ඔවුන්
ලංකාවට (රාවණ රාජධානියට) හිමිකරුවන් වූවා කියායි ඔවුන් සිතන්නේ. කෙසේවෙතත් ඔවුන්
හිමිකරුවන් වන්නේ නැත. ඔවුන් එම උත්සවයට බොහෝ මුදල් වැය කරති. පරම පියා කියනවා: මා
ඔබට ගිණීය නොහැකි තරම් ධනය දුන්නා; ඒ සියල්ල ඔබ නැති කළේ කොහේද? මෙම දශේරා සමයේ
(රාවණ පුළුස්සන) ඔවුන් ලක්ෂ ගණන් වියදම් කරති. එහි රාවණ මරා ලංකාව පැහැරගෙන ඇතැයි
පෙන්වා ඇත. ඒ වුණත් රාවණව පුළුස්සන්නේ ඇයි දැයි කිසිවකුත් වටහා නොගනී. මේ කාලයේ,
සෑම දෙනාම මෙම පස්පව් නම් සිර කූඩුව තුළයි සිටින්නේ. අඩ චක්‍රයක් තිස්සේ ඔවුන් බොහෝ
සේ දුකට පත්වන නිසා රාවණගේ රූකඩය පුළුස්සති. ඔවුන් මේ රාවණ රාජ්‍යයෙහි ඉතාමත් දුකට
පත්ව සිටින්නේ කියා වැටහුණත්, ඔවුන්ට ස්වර්ණම යුගයෙහි මේ පස්පව් නොතිබෙයි කියා
නොවැටහේ. එහි රාවණ පිළිස්සීම වැනි දේවල් සිදු නොවේ. එම උත්සව සැමරීම පටන්ගත්තේ
කවදාද කියා ඔවුන්ගෙන් ඇසුවොත් කියන්නේ. එය මුල් කාලයේ සිටම පැවතෙනවා කියායි.
ඔවුන්ගෙන් රක්ෂාබන්ධන් පටන් ගත්තේ කොයි කාලයේ දැයි අසන්න. ඔවුන්ගේ පිළිතුර වන්නේ
එය මුල් කාලයේ සිටම පැවතෙන බවයි. මේ සියලු දේවල් වටහාගත යුතු කාරණා වේ.
මනුෂ්‍යයන්ගේ බුද්ධි වලට කුමක් සිදු වූයේ ද? ඔවුන් සතුන් වාගෙත් නොවෙයි. මනුෂ්‍යයන්
වාගේත් නොවෙයි; ඔවුන් කිසිත් කමකට නැති අය වී සිටී! කොහෙත්ම ඔවුන් දිව්‍ය ලෝකය
නොදනී. දෙවියන් මේ ලෝකය නිර්මාණය කළා. ඉතින් මේ දුක් සමයේ දී දෙවියන් සිහිපත් කරනවා
කියායි ඔවුන් සිතන්නේ. මෙසේ කියති: "ඕ දෙවියනී. අපව මේ දුකෙන් මුදවන්න" කොහොමවෙතත්,
යකඩ යුගයෙහි සතුට තිබිය නොහැක. නියතවම දුක අත්විඳීමට ඇත; ඔවුන් ඉතිමඟ දිගේ පහළට ඒමට
ඇත. පරම පියා නව ලොව ආරම්භයේ සිට පරණ ලොව අග දක්වා ඇති සියලු රහස් පැහැදිලි කරයි.
ඔහු ඔය දරුවන් වෙතට පැමිණී විට, ඔහු කීවා මේ සියලු දුක් සුව කිරිමට ඇත්තේ එකම
බෙහෙතයි කියා. ඔහු උපත් 21ක් පුරා දුකෙන් ඔබ සැමව මුදවයි. මෙහි වෙදමහත්වරුම ලෙඩ වී
සිටී. ඔහු සදාතනික වෙදමහතා වේ. ඔබටත් අසීමිත දුක සහ අසීමිත සතුට පිළිබඳ වැටහේ. පරම
පියා දෙන්නේ අසීමිත සතුටයි. එහි දුකේ නාමයක් හෝ සේයාවක් නොතිබෙයි. මෙය සතුටට
පත්වීමට පමණක්ම වූ බෙහෙතයි. සරලව මා සිහිපත් කරන්න එවිට ඔබ පවිත්‍ර සහ සතෝප්‍රධාන්
වේවි: ඔබේ සියලු දුක් ඉවත් වී යාවි. ඉන්පසු තිබෙන්නේ සතුටම පමණයි. දුක ඉවත් කර සතුට
ප්‍රධානය කරන්නා කියාද පියා මෙනෙහි කරති. ඔහු අඩ චක්‍රයක් පුරාවට ඔබේ සියලු දුක්
ඉවත්කරයි. ඔබ සරලව තමත් ජීවාත්මයක් යැයි සලකමින් පරම පියා සිහිපත් කිරීමයි කළ
යුත්තේ. මෙය ජීවාත්මයන් සහ ශරීර පිළිබඳ නාට්‍යයකි. අභෞතීක ජීවාත්ම අවිනාශීයි. භෞතීක
ශරීර නරක්වන සුළුයි. මුළු නාට්‍යයම මේ පිළිබඳවයි. පරම පියා කියයි: දැන් තමන්ගේ
ශරීරයත් එක්ක සියලු ශරීර නෑ සම්බන්ධතා අමතක කරන්න. ඔබේ නිවසේම ජීවත් වෙමින් තමන්
ආපසු නිවසට යන්න ඕන කියන අවබෝධයෙන් සිටින්න. අපිරිසිදු අයට නිවසට යා නොහැකියි.
එබැවින්, සදා මා පමණක් සිහිපත් කරන්න එවිට ඔබ සතෝප්‍රධාන් වනවා ඇත. පරම පියා ලඟ
බෙහෙත ඇත. මාත් කියන්නේ අනිවාර්යෙන්ම මායා ඔබේ මාර්ගයෙහි බාධක ඇති කරයි කියායි. ඔබ
රාවණගේ ගනුදෙනුකරුවන්; ඇයත් සමඟ තිබෙන ඔබේ ගනුදෙනුව අහිමි වෙන නිසා නියතවම ඇය දරුණු
වෙයි. පරම පියා පැහැදිලි කරයි: මෙම ඥානය ඔබේ අධ්‍යාපනයයි. එය බෙහෙතක් නොවෙයි. ඔබේ
බෙහෙත නම් ස්මරණ වන්දනාවයි. ඔබ අඛණ්ඩව මා ස්මරණය කිරීමට උත්සාහ දරනවා නම්, මෙම එක්
බෙහෙත ගැනීමෙන් ඔබේ සියලු දුක් ඉවත් වී යාවි. භක්ති මාර්ගයේ බොහෝ අය නොකඩවා
මන්තරයක් හෝ රාම නාමය ජප කරමින් සිටින්නේ. ඔවුන්ගේ ගුරුන් විසින් එම මන්තර දිනකට
කීප වාරයක් ජප කරන්නට කියා දී ඇත. එය රාම නාමය කියමින් ජපමාලය කරකැවීම. රාම නාමයෙන්
දානයක් දීම යන්න දන්නා දෙයකි. එවැනි සංවිධානයන් බොහෝ ඇත. ඔවුන් "රාම රාම" කියා
ගායනය කරමින් සිටිති. ඔවුන් කාර්යබහුලව නියැලී සිටින නිසා රණ්ඩු කරගන්නේ නැත. එසේ
කරන්නේ ඉතාමත් සුළු පිරිසකි. පරම පියා කියන්නේ මෙහි රාම නාමය හඬනගා කීමේ අවශ්‍යතාවය
නැත. මෙහි ඔබට නිහඬ ගායනයක් තිබෙන්නේ. සරලව පරම පියා සිහිපත් කිරීම නොකඩවා කිරිමයි.
පරම පියා කියයි: මා රාම නොවෙයි. රාමා අයිති රිදී යුගයටයි. එම රාජ්‍යය තිබුණු කෙනා
තමයි රාමා. ඔබ ඔහුගේ නාමය මතුරන්න ඕන නැහැ. පරම පියා පැහැදිලි කරයි: භක්ති මාර්ගයේ
පවසන සියලු දේවල් සහ පුදපූජා කරමින් සිටිද්දී තමයි ඔබ ඉනිමඟෙන් දිගටම පහළට බැස ආවේ.
මන්ද ඒ සියල්ලක්ම අධාර්මික නිසාවෙනි. ධාර්මික කෙනා, ඒකායන පියා පමණයි. ඔහු මෙහි
ඉඳිමින් ඔය දරුවන්ට පැහැදිලි කරදෙයි. මෙය ප්රහේළිකාවක්. ඔබට එවන් වූ අසීමිත
උරුමයක් ලබාදෙන පරම පියාව සිහිපත් කරන විට ඔබේ මුහුණු සදා බැබළී තිබෙයි. ඔබේ මුහුණු
සදා සතුටින් පිබිදී දෙතොල් සදා සිනහමුසුව පවතී. පරම පියා සිහිපත් කිරීමෙන් මෙසේ වන
බව ඔබට වැටහෙනවා. ඔබේ දුක් සියල්ල අඩ චක්‍රයකට නැති වී යාවි. බාබා ඔබට කරුණාව පානවා
හෙම නොවෙයි: නැහැ. ඔබ කොයි තරම් පරම පියා සිහිපත් කරයිද, ඔබ ඒ තරමට සතෝප්‍රධාන්
වනවා කියා ඔබ වටහාගන්න. ලක්ෂ්මි සහ නාරායන් වූ ලෝක අධිපතීන් හට එවන් ප්‍රීතිමත්
මුහුණු තිබෙනවා. ඔබ ඒ අය මෙන් වෙන්න ඕන. ඔබ අසීමිත පියා සිහිපත් කරද්දී, ඔබ නැවත
වරක් ලෝකාධිපතීන් වෙමින් සිටින බව දැනෙන විට අභ්‍යන්තරයෙන් සතුටක් ඇති වේ. අනතුරුව
එම සතුටේ සංස්කාරය ඔබත් සමඟ රැගෙන යනවා. ඉන් අනතුරුව මෙම සංස්කාර කෙමෙන් අඩු වී
යයි. මෙකල. මායා ඔබට මහත් සේ වද දෙයි. මායා ඔබට මා සිහිපත් කිරීම අමතක කරවන්නට
වෙහෙස දරයි. ඔබට නිරන්තරව ප්‍රීතිමත් මුහුණීන් සිටීමට නොහැකි වනු ඇත. ඔබට කොතැනක දී
හෝ හිරවීමක් ඇතිවනු ඇත. මිනිස්සු ලෙඩ වූ විට ඔවුන්ට ශිව බාබා ස්මරණය කරන්නැයි
කියති. නමුත් ශිව බාබා කවුද කියා කිසිවෙක් නොදනී. එබැවින් ඔවුන් මොන අවබෝධයෙන් ඔහුව
ස්මරණය කරනු ඇත් ද? ඔවුන් ඔහුව ස්මරණය කළ යුත්තේ ඇයි? ඔය දරුවන් වටහාගෙන තිබෙනවා
පරම පියා සිහිපත් කිරීම මගින් ඔබ තමෝප්‍රධාන් බවෙන් සතෝප්‍රධාන් වන බව. එයට දෙව්ලොව
කියති. මානව ලොව කියා නොකියති. "මනුෂ්‍යන්" වචනය එහි භාවිතයේ නැත. එහි "මෙනම්
දේවතා" කියති. එය දෙව්ලොව වේ; මෙයයි මනුෂ්‍ය ලොව. මේ සියලු කාරණා වටහාගත යුතුව ඇත.
මේ දේවල් පහදා දෙන්නේ පරමපියා පමණයි. ඔහු ඥාන සාගරය ලෙසින් හැඳින්වේ. පරම පියා
දිගටම විවිධ දේ පහදා දෙනවා. කෙසේවෙතත්, අවසානයේ දී, ඔහු මහා මන්ත්‍රයක් දෙයි. පරම
පියා සිහිපත් කිරීම මගින් ඔබ සතෝප්‍රධාන් වේවි. එසේම ඔබේ සියලු පාපයන් ඉවත් වී
යාවි. ඔබ චක්‍රයකට පෙරත් දේවතාවන් වූවා. ඔබේ චරිතය එවන් දේවතාවරුන්ගේ බඳු වූවා.
ස්වර්ණම යුගයේ කිසිවකුත් වැරැදි දෙයක් නොපවසති: ඔවුන් එවන් ක්‍රියා නොකරති. එය
දේවතා ලෝකයයි. එවිට මෙය මනුෂ්‍ය ලෝකයයි: එහි වෙනසක් ඇත. පරම පියා මෙහි ඉඳිමින් මෙය
පැහැදිලි කර දෙයි. මනුෂ්‍යයන් සිතන්නේ දේවතා ලොව තිබුණේ වසර සියදහසකට පෙරදී කියායි.
කිසිම කෙනෙකුට දේවතාවක් යැයි කිව නොහැක. දේවතාවන් පිවිතුරු-නිර්මල අයයි;
දේවතාවරුන්ටයි ශ්‍රේෂ්ඨ ජීවාත්ම යැයි කියන්නේ. සාමාන්‍ය මනුෂ්‍යයන් ට මෙම නම්බු
නාමය දිය නොහැක. මෙය රාවණගේ ලොවයි. රාවණ ඔබේ මහා සතුරා වේ. ඔහු මෙන් සතුරෙක් තවත්
නැත. සෑම වසරේම රාවණගේ රූකඩයක් පුළුස්සති. ඔහුව පස්පව් යැයි ඉදිරිපත් කර තිබෙනවා එම
නිසායි මෙයට රාවණ රාජ්‍යය යැයි කියා ඇත්තේ. මෙය පස්පව් වල රාජධානියයි; සෑම කෙනෙකුටම
මෙම පස්පව් ඇත. පහත වැටීම සහ මිදීම යන නාටකය කලින් නියම කරන ලද්දකී. මිදීමේ කාලය
ගැන පරම පියා ඔබට පැහැදිලි කර තිබෙනවා. ඔහු පහත වැටීම ගැනත් පැහැදිලි කර තිබෙනවා.
ඉතාමත් ඉහළට නැඟගත් අයත් ඔබයි. පහත වැටුණු අයත් ඔබයි. ශිවාගේ උපත සහ රාවණගේ උපත
සමරන්නේ භාරතයෙහි පමණයි. අඩ චක්‍රයක් පුරා මෙය දේවතාවරුන්ගේ ලෝකයයි. ලක්ෂ්මි සහ
නාරායන්ගේ, රාමා සහ සීතා ගේ රාජධානියයි. ඔය දරුවන් දැන් සැමගේම ජීවිත කතාව දන්නවා.
සියලු ප්‍රශංසා සඳහන් කර ඇත්තේ ඔබටයි. ඔබවයි තවරාත්රී උත්සවයේ වන්දනීය වුණේ.
දිව්‍ය ලෝක ස්ථාපනය ඇති කළේ ඔබලායි. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ලොව වෙනස් කරයි.
එබැවින්, ඔබ සම්පූර්ණයෙන් ශ්‍රීමත් අනුගමනය කළ යුතු වේ. ඔබ සෑම කෙනෙක්ම නොකඩවා
අනුපිළිවෙලින් උත්සාහ දරනවා. දිව්‍ය ලෝකය ස්ථාපනය වීම සිදුවෙමින් ඇත. මෙහිදී රණ්ඩු
සරුවල් වීමක් නැත. මෙම සුබම සුබ වූ සංගම යුගය සපුරා වෙනස් එකක් බව ඔබට දැන් වැටහෙයි
මෙය පරණ ලොවේ අවසානය සහ නව ලොවේ ආරම්භය වේ. පරම පියා පරණ ලොව වෙනස් කිරීමට එනවා.
ඔහු ඔබට බොහෝ සෙයින් පැහැදිලි කරනවා. එහෙත් ඔබෙත් බොහෝ දෙනෙකු අමතක කරනවා. ඔවුන්
දේශනයක් දුන් පසු ඔවුන්ට සියල්ල මතක් වන අතර සඳහන් කළ යුතුව තිබූ කරුණු ගැන සිතති.
දිව්‍ය ලෝක ස්ථාපනය හරියටම පෙර චක්‍රයේ සිදුකළ ආකාරයටම සිදු කෙරේවි. ඔබ සෑම කෙනෙක්ම
තමන් පෙර කල මුදුන්පත් කළ එම තත්ත්වයම මුදුන්පත් කරගනීවි. ඔබ සැවොම සමාන තත්ත්වයන්
නොවෙයි ලබාගන්නේ. එහි උසස් තත්ත්ව ලබනා අයත් සිටී පහත් තත්ත්ව ලබනා අයත් සිටී.
විශේෂ දරුවන් තවත් දියුණු වෙද්දී, ඔවුන්ට ඉතා හොඳින් දැනෙයි. කොයි අය දාස දාසියත්
වේවිද, කොයි අය රාජකීය පවුලේ දාස දාසියන් වේවිද . කොයි අය ඉතා ධනවත් මෙන්ම ඇතැම්
විට රාජකීය පවුලෙන් ආරාධනාව ලබන අය වේවිද කියා. ඔවුන් සෑම දෙනාටම ආරාධනා නොකරනු ඇත;
සැමටම ඔවුන්ගේ මුහුණු දැකීමට නොහැකි වේවි. පරම පියා බ්‍රහ්මාගේ මුඛයෙන් පැහැදිලි
කරයි. සෑම කෙනෙකුටම ඔහුව පුද්ගලිකව හමුවීමට නොහැකි වේවි. ඔබ පාරිශුද්ධ වී දැන්
පුද්ගලිකවම ඇවිත් බාබා හමුවෙනවා. එම අපිරිසිදු අය ඇවිත් මෙහි ඉඳගනී: මදක් පමණ සවන්
දීමෙන් ඔවුන් දේවතාවරු වෙනවා. ඔවුන් මදක් සවන් දුන්නත් පවා. එහි යම් උත්සාහයක්
තිබේවි. සවන් නොදුන්නේ නම් ඔවුන් මෙහි නොඑනු ඇත. එබැවින්, පරම පියා කියනා ප්‍රධාන
දෙය තමයි "මන්මනාභව්". පියා. ගුරු සහ සත්ගුරු ඔහු වේ. තුන්දෙනාවම සිහිපත් කරන විට
ඔබේ තත්ත්වය ඉතා ප්‍රීතිමත් බවට පත්වේ. පරම පියා ඔබට උගන්වනවා ඉන්පසු ඔහු හා ඔබව
අරන් යන්නා බවට පත් වේ. එවන් වූ පියාව ඔබ විශාල වශයෙන් සිහිපත් කළ යුතුයි. භක්ති
මාර්ගයේ පරම පියාව දත් කෙනෙක් නැත. ඔවුන් දන්නේ සරලව ඔහු දෙවියන් කියාත් අප
සියල්ලෝම සහෝදරයන් කියාත් පමණයි. පරම පියාගෙන් තමන්ට කුමක් ලැබේද කියා මිනිසුන්
දන්නේ නැත. ඔබ දැන් වටහාගත්තා එක් පියායි සිටින්නේ, ඔබ සියල්ලන්ම ඔහුගේ දරුවන්ය.
එනම්, ඔබ සියල්ලන්ම සහෝදරයන්ය. මෙය අසීමිත කාරණාවකි. ඔහු ගුරුවරයෙක් සේ ඔබ
සියල්ලන්ට උගන්වයි. ඉන්පසු ඔබ සියල්ලන්ගේ කර්ම ගිණුම ගෙවන්නට සලස්වා ඔබව ආපසු නිවසට
අරන් යයි. ඔබ මෙම කිළිටි ලොව අත්හැර නිවසට හරවා යා යුතුයි. බාබා ඔබව නව ලොවට යාමට
යෝග්‍ය කරවයි. ස්වර්ණම යුගයට යන අය යෝග්‍ය බවට පත්වූවන්ය. අච්චා.
සුමිහිරි, ආදරණීය
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ස්ථාවර සහ
ප්‍රසන්න ස්ථිතියක් පවත්වා ගැනීම සඳහා බාබාව ත්‍රිවිධ ස්වරූපයෙන් ස්මරණය කරන්න:
පියා, ගුරුවරයා සහ සත්ගුරු. මෙහිදී ඔබව සතුටේ සංස්කාර වලින් පුරවා ගන්න. ඔබේ මුහුණ
ඔබේ උරුමයේ අවධානය ඇතිව සදා බැබළේවා.
2. ශ්‍රීමත් අනුගමනය
කරමින් මුළු ලොවම වෙනස් කිරීමේ සේවයෙහි යෙදෙන්න. පස්පව් තුළ සිරවී සිටිනා
සියල්ලන්වම නිදහස් කරන්න. ස්වකීය මුල්ම ධර්මයේ හැඳින්වීම ඔබ විසින් දිය යුතු වේ.
වරදානය:
ඔබ සියලු
දෙනාගේ සෙනෙහස ලබන සහ සියලු දෙනා කෙරෙහි ආදරණීය දැක්මක් සහ හැගීම් ඇති සුරදූතයෙක්
වේවා.
මිනිසුන් සුරදූතයෙක්
සිහිනෙන් දුටු විට බොහෝ සතුටට පත්වෙයි. සුරදූතයෙක් යනු සියලු දෙනාම ආදරය කරන
කෙනෙකි. සුරදූතයෙක් යනු, තම සෙනෙහස සීමා වුණු අයෙක් නොවෙයි, නමුත් සෙනෙහසට සීමා
නොමැති කෙනෙකි; ඔවුන්ට ආදරය කරන අයට පමණක් ආදරණීය වන කෙනෙක් නොව, නමුත් සියලු දෙනාට
ආදරණීය වන කෙනෙක්. ජීවාත්මයක් කෙබදු කෙනෙක් වුණත් කම් නැහැ, ඔබගේ දැක්ම සහ හැගීම්
සෙනෙහසින් යුතු විය යුතුයි; සියලු දෙනාට ආදරණීය වීම ලෙස හැදින්වෙන්නේ මෙයයි. යම්
කෙනෙක් ඔබට අපහාස කළත්, ඔබට අකමැති වුනත්, එම කෙනා කෙරෙහි සෙනෙහසේ සහ සෙත සැලසීමේ
හැගීම් පමණක් තිබිය යුතුයි, මන්ද, එම ජීවාත්ම ඒ වෙලාවේ සිටින්නේ වෙනත් බලපෑමක්
යටතේය.
පාඨය:
සියලු ලැබීම්
වලින් පිරිපුන්ව සිටින අය නිරන්තරයෙන් සතුටින් සහ ප්‍රබෝදමත්ව සිටියි, මන්ද, ඔවුන්ට
සතුටේ භාග්‍යය තිබේ.