18.12.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ සම්බන්ධය බාබා සමඟ, ඒ සර්ව බලධාරී තැනැත්තා සමඟ සම්බන්ධ කර ගැනීමෙන්
ඔබ ශක්තිය ලබනවා. මෙම ස්මරණය තබාගතහොත් පමණයි ඔබේ බැටරිය හොඳින් චාර්ජ්කොට
සතෝප්‍රධාන් තත්ත්වයට පත්විය හැක්කේ.
ප්රශ්නය:
ඔබට දිව්‍ය
තත්ත්වයක් තිළිණ කරන, සංගම් යුගයෙහිදී ඔබ විසින් කරනු ලබන මෙම උත්සාහය කුමක්ද?
පිළිතුර:
මෙම සංගම් යුගයෙහිදී ඔබ සැහැල්ලු සිසිල් තත්ත්වයකට (ශාන්තභාවයට) පත්වීමට උත්සාහ
දරණවා. එසේ ශාන්තභාවයට පත්වීමෙන්, එසේ පිරිසිඳු වීමෙන් ඔබට දිව්‍යමය තත්ත්වයට
පත්විය හැක. ඔබ එසේ ශාන්තභාවයට පත් නොවීමෙන් ඔබට දිව්‍යමය තත්ත්වයට පත් විය නොහැක.
මෙම සංගම් යුගයෙහිදී, ඔබ එවන් වූ සිසිලසේ දෙවඟනන් බවට පත් වෙනවා (ශීතලදේවී). ඔබ මෙම
දැනුම නම් වූ සිසිල් දියෙන් සෑම කෙනෙක්ම නහවා ඔවුන්ව ශාන්තභාවයට පත්කළ යුතුයි.
ප්‍රථමයෙන්ම ඔබ එම ශාන්තභාවයට පත් වී අන් අය තුළ ඇති සියලු ගින්දර ඉවත් කර ඔවුන්ව
සිසිල් කළ යුතුයි.
ඕම් ශාන්ති.
ප්‍රථමයෙන්ම
දරුවන් විසින් එක් දෙයක් හොඳින් තේරුම් ගත යුතුයි : අප සියලුම දෙනා සහෝදරයන් වන අතර
ශිව බාබා අප සියලුම දෙනාගේ පියායි. ඔහුව හඳුන්වන්නේ සර්ව බලධාරී තැනැත්තා ලෙසයි. ඔබ
විසින් මුළු ලෝකයම පාලනය කරන කාලයෙහිදී ඔබ තුළ සියලුම බල ගැබ් වූවා. භාරතයේ එකළ,
දේවී දේවතාවන්ගේ රාජ්‍යය තිබුණා. දරුවන් වන ඔබ සියලුම දෙනා එකළ පිරිසිඳු දේවී
දේවතාවන්. ඔබගේ සම්පූර්ණ වංශයම පාපයෙන් තොර වූවා. එසේ පාපයෙන් තොර වූයේ කවුරුන්ද?
ජීවාත්මයන් වන ඔබමයි. දැන් ඔබ නැවතත් එම පාපයෙන් තොර තත්ත්වයට පත් වනවා. ඒ සර්ව
බලධාරී තැනැත්තා ස්මරණය කිරීම මඟින්, ඔබ ඔහුගෙන් ශක්තියක් ලබනවා. බාබා ඔබට විස්තර
කර දී තිබෙනවා ඔබ ජීවාත්මයන් මෙම උපත් 84 ගෙන ඔබගේ චරිත කොටස රඟපානා බව. ඔබට
සතෝප්‍රධාන් වූ බලයක් තිබුණා. පසුව දිනෙන් දින, කෙමෙන් කෙමෙන් එය අඩු වී ගියා. එසේ
සතෝප්‍රධාන් තත්ත්වයේ සිටි ඔබට තමෝප්‍රධාන් තත්ත්වයට පත්වීමට සිදු වූවා. බැටරියක
ශක්තිය නැති වී ගිය පසු මෝටර් රථය නවතිනවා. මන්ද, එම අවස්ථාවේදී බැටරිය චාර්ජ් වී
නැහැ. ජීවාත්මයක බැටරිය සම්පූර්ණයෙන්ම නැති වී යන්නේ නැහැ; දැන් එහි ඉතිරි වී ඇත්තේ
මඳ ශක්තියක් පමණයි. කෙනෙක් මරණයට පත් වු විට, එතැන පහනක් දල්වා තබා එයට නිරන්තරයෙන්
තෙල් වත් කරනවා. එවිට එම පහන නොනිවී තිබෙනවා. දරුවන් දැන් තේරුම් ගෙන තිබෙනවා ඔබට
සම්පූර්ණ ශක්තියක් තිබුණා කියා. නමුත් දැන්, ඔබ තුළ එම ශක්තිය නැහැ. දැන් ඔබ ඔබගේ
බුද්ධිය ඒ සර්ව බලධාරී තැනැත්තා වන බාබා සමඟ සම්බන්ධ කරගත යුතුයි. එවිට ඔබට ශක්තිය
ලබාගත හැකි වනවා. මන්ද, දැන් ඔබ තුළ ඉතිරි වී ඇත්තේ බොහොම පුංචි ශක්ති ප්‍රමාණයක්
පමණයි. ඔබගේ ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වී ගියහොත් ඔබ මිය යා යුතුයි. පියාව සිහිපත්
කිරීමෙන් ඔබ සම්පූර්ණයෙන් පාරිශුද්ධත්වයට පත්වනවා. සත් යුගයෙහිදී ඔබගේ බැටරිය
සම්පූර්ණයෙන්ම පිරී පවතිනවා. පසුව එම බැටරියෙහි ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වී යනවා.
මෙලෙස ඔබ කලි යුගයට එන විට එහි ඉතිරි වී ඇත්තේ බොහොම සුළු ශක්ති ප්‍රමාණයක් පමණයි.
ඒ කියන්නේ ඔබ එම ශක්තියෙන් හිඟ තත්ත්වයකට පත්වෙනවා. නමුත් ඒ පරමාත්ම පියා සිහිකිරීම
මඟින් ඔබ සම්පූර්ණ ශක්තිය ලබා ගන්නවා. එමනිසා, බාබා කියනවා : ඔබ ඒ ඒකායන තැනැත්තා
පමණක් සිහිපත් කළ යුතුයි. ඒ පරමාත්ම දෙවියන් තමයි උසස්තම තැනැත්තා වන්නේ; අන්
සියලුම දෙනා මෙම නිර්මාණයෙහි කොටස්කරුවන් පමණයි. මෙම භෞතික ලෝකයේ දරුවකු හට ඔහුගේ
පියාගෙන් හිමිවන්නේ සීමිත උරුමයක් පමණයි. ඒ එකම නිර්මාණකරුවා තමයි ඔබගේ අසීමිත වූ
පියා වන්නේ; අනෙක් සියලුම පියවරුන් සීමිත පියවරුන් පමණයි. ඒ අසීමිත වූ පියා සිහිපත්
කිරීමෙන් ඔබ අසීමිත වූ උරුමයක් ලබනවා. එමනිසා, දරුවන් ඔබගේ හදවතින්ම තේරුම් ගත
යුතුයි බාබා අප වෙනුවෙන්ම එම පාරාදීසය, එම නව ලෝකය බිහිකරලනවා කියා. එම පාරාදීසය
බිහිවන්නේ මෙම නාටකයේ සැළැස්ම අනුවයි. දරුවන් වන ඔබ තමයි එහි ගොස් එය පාලනය කරනු
ලබන්නේ. මා සදා පාරිශුද්ධයි. මා කිසිම විටෙක මව් ගර්භාෂයකින් උපත ලබන්නේ නැහැ. දේවී
දේවතාවන් උපත ලබා ගන්නා ආකාරයට මා විසින් උපත් ලබන්නේ නැහැ. දරුවන් හට ඒ දිව්‍ය
රාජ්‍යය ලබාදීම උදෙසා මොහු ඔහුගේ විශ්‍රාමික කාල පරිච්ඡේදය වන අවුරුදු 60හිදී මා
ඔහුගේ ශරීරයට ඇතුළු වනවා. එබැවින් ප්‍රථමයෙන්ම තමෝප්‍රධාන් තත්ත්වයට පත්වන ඔහු
ප්‍රථමයෙන්ම සතෝප්‍රධාන් තත්ත්වයට ද පත්වනවා. ප්‍රථමයෙන්ම ඒ උසස්තම වූ තැනැත්තා වූ
පරමාත්ම දෙවියනුත් පසුව සූක්ෂම ලෝකයේ බ්රහ්මා, විශ්ණු හා ශංකර් ද ඔබට දැකගත
හැකියි. මේ බ්රහ්මා, විශ්ණු හා ශංකර් පැමිණියේ කොහි සිටද? ඒවා ඔබ විසින් දකින
දර්ශන පමණයි. සූක්ෂම ලෝකය තිබෙන්නේ මැදයි. එහි කිසිම භෞතික ශරීරයක් නැහැ. මෙම
සූක්ෂම ශරීර දැකගත හැකි වන්නේ දිව්‍යමය දර්ශනයකින් පමණයි. බ්රහ්මා සුදු ඇඳුමින්
සැරසී ඇති අතර විශ්ණු දියමන්ති හා මිණිමුතු වලින් සැරසී සිටිනවා. ඔවුන් නයකු බෙල්ල
වටා දමා ගත් ශංකර් පෙන්වනවා. නමුත් ශංකර් එසේ විය නොහැකියි. අමරනාථ හී ශංකර් ඔහුගේ
භාර්යාව හට අමරණීයත්වයේ කථාන්දරය කියාදෙන ආකාරය පෙන්වා දී තිබෙනවා. ඒ සූක්ෂම
දනව්වෙහි මනුෂ්‍ය ලෝකයක් නැහැ. එසේනම්, එහිදි ඔහු විසින් එසේ කථාවක් කියන්නේ කෙසේද?
සූක්ෂම ලෝකය තිබෙන්නේ දර්ශන දැකීම සඳහා පමණයි. සම්පූර්ණයෙන්ම පිරිසිඳු වූ අයගේ
නොයෙකුත් දර්ශන ඔබ දකිනවා. ඔවුන් තමයි පසුව සත් යුගයේ පාලකයන් බවට පත් වන්නේ.
එමනිසා, ඔවුන් එම රාජ්‍යය ලබා ගැනීමට වාසනාවත් වූයේ කෙසේද යන්න ඔබගේ බුද්ධිය තුළට
ඇතුල් විය යුතුයි. එහි කිසිම ආකාරයක සටනක් සිදුවන්නේ නැහැ. දේවී දේවතාවන් පාපකාරී
වන්නේ කෙසේද? කෙනෙක් මෙය විශ්වාස කළා වුවත් නැති වුවත් පියා සිහිපත් කිරීම මඟින් ඔබ
එම රාජ්‍යය ලබා ගන්නවා. ගීතාවේ සඳහන් වනවා: ඔබගේ ශරීරයද ඇතුළුව සියලු සබඳතා අමතකකොට
දමා මා පමණක් සිහිපත් කරන්න. පියා හට සම්බන්ධ වීමට කියා ශරීරයක් නැහැ. බාබා කියනවා
: මා ඉතා කෙටි කාලයක් සඳහා මේ ශරීරය ණයට ගන්නවා. එසේ නැතිනම්, මා ඔබට මෙම දැනුම
ලබාදෙන්නේ කෙසේද? මෙම වෘක්ෂයේ ජීවමය බීජය වන්නේ මමයි. මෙම වෘක්ෂය පිළිබඳ දැනුම
තිබෙන්නේ මා හට පමණයි. මිනිසුන් මෙම ලෝකය නිර්මාණය වූයේ කෙසේද, එය පවතින කාලය
කොපමණද, එය විනාශ වන්නේ කෙසේද ආදී කිසිම දෙයක් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මිනිසුන්
ලබන්නේ සීමිත අධ්‍යාපනයක් පමණයි. බාබා ඔබට මෙම අසීමිත වූ අධයාපනය ලබා දී ඔබව ලෝක
පාලකයන් බවට පත් කරවනවා. කිසිම මනුෂ්‍යයෙක් හට දෙවියන් කියා කතා කළ නොහැකියි. ඔවුන්
(බ්රහ්මා, විශ්ණු හා ශංකර්) හට ඔවුන්ගේම සූක්ෂම වූ ශරීර තිබෙනවා. ඔවුන්ව දෙවියන්
ලෙසත් හැඳින්විය නොහැකියි. මෙම ශරීරය තමයි දාදාගේ ජීවාත්මයට අවශ්‍ය වන සිහසුන
වන්නේ. මෙම සිහසුන අමරණීය වූ සිහසුනක්. එය තමයි බාබාගේ සිහසුන, ඒ අමරණීය වූ මූර්තිය
වන්නේ. අම්රිත්සාහී තිබෙන සිහසුන අමරණීය වූ සිහසුනක් බව කියැවෙනවා. වැදගත් මිනිසුන්
මෙම අමරණීය වූ සිහසුනෙහි අසුන් ගැනීම සඳහා ආරාධනා ලබනවා. බාබා විස්තර කරනවා මෙය
තමයි සියලුම ජීවාත්මයන්ගේ අමරණීය වූ සිහසුන වන්නේ කියා. ජීවාත්මය තුළ හොඳ සංස්කාර
මෙන්ම නරක සංස්කාර ද තිබෙනවා. මේ නිසා තමයි මෙවැනි කියමනක් තිබෙන්නේ: මෙය ඔබගේ
ක්‍රියා වල ප්රතිඵලයයි. සෑම ජීවාත්මයකගේම පියා එකම තැනැත්තායි. බාබා කිසිම
ග්රන්ථයක් පාවිච්චි කරමින් ඔබට උගන්වන්නේ නැහැ. මේ කිසිම දෙයක් කිසිම ග්‍රන්ථයක
සඳහන් වන්නේ නැහැ. මේ නිසා තමයි මිනිසුන් අපෙන් අසන්නේ අප ග්රන්ථයන් විශ්වාස
නොකරන්නේ මන්ද කියා. ඒ සන්යාසීන් ගංගාවල නෑම මඟින් ඔවුන් පිරිසිඳු වනවාද? කිසිම
කෙනෙක් හට තවම නිවහන කරා යා නොහැකියි. අවසානයේදී සියලුම දෙනා මී මැසි රංචුවක් හෝ
කෘමීන් රංචුවක් මෙන් නිවහන කරා යනවා. එහි මී මැසි රැජිනක් සිටින අතර අනෙක් සියලුම
දෙනා ඇය අනුගමනය කරනවා. එමෙන්ම පියා නිවහන කරා යන විට අනෙක් සියලුම ජීවාත්මයන් ඔහු
අනුගමනය කරනවා. එය හරියට ඒ අශාරීරික ලෝකයේ ජීවාත්මයන් රාශියක් සිටිනවා වැනියි.
නමුත් මෙහි සිටින්නේ මනුෂ්‍යන් රාශියකි. ඒ මනුෂ්‍ය රාශියද යම් දිනෙක නිවහන කරා යා
යුතු වනවා. බාබා මෙහි පැමිණ ජීවාත්මයන් වන ඔබ සියලුම දෙනා ඔහුත් සමඟ ගෙන යනවා.
ශිවාගේ මඟුල් පෙරහැර ප්‍රශංසනීයයි. ඔබ දුවෙකු වුවත් පුතෙකු වුවත් බාබා ඔබ සියලුම
දෙනා හට මෙම ස්මරණය නම් වූ වන්දනා ගමන ගැන කියා දෙනවා. ප්‍රථමයෙන් පාරිශුද්ධත්වයට
පත් නොවී ඔබ කිසිම කෙනෙක් හට නිවහන කරා යා නොහැකියි. ඔබ පාරිශුද්ධත්වයට පත්
වූවායින් පසුව ප්‍රථමයෙන් ඒ නිහඬතාවයේ දේශය වෙත ගොස් පසුව අනුපිළිවෙලින් මෙහි
පැමිණෙනවා. මෙම ලෝක ජනගහනය නිරන්තරයෙන්ම වැඩෙනවා. ඒ රාජ්‍යය අනිවාර්යෙන්ම නිර්මාණය
විය යුතුයි. එමනිසා, සෑම කෙනෙක්ම එකම අවස්ථාවකදී මෙහි පැමිණෙන්නේ නැහැ. මෙම වෘක්ෂය
සෙමෙන් සෙමෙන් වැඩෙනවා. බාබා ප්‍රථමයෙන්ම ඒ ආදී සනාතන දේවී දේවතා ධර්මය නිර්මාණය
කරනවා. ප්‍රථමයෙන්ම බ්‍රහමිණ් දරුවන් වන අය තමයි දිව්‍ය තත්ත්වයට පත් වන්නේ.
ප්‍රජාපිතා බ්රහ්මා (ජනතාවගේ පියා) සිටිනවා. එමනිසා, මිනිසුන් අතර සහෝදර සහෝදරයින්
සිටිනවා. බොහෝ දෙනා බ්‍රහ්ම කුමාරීන් හා බ්‍රහ්ම කුමරුන් බවට පත් වනවා. ඔවුන්ගේ
බුද්ධිය පිළිබඳව ඔවුන්ට විශ්වාසය තිබෙන නිසා ඔවුන් හට ලකුණු බොහොමයක් හිමි වනවා. ඔබ
අතරින් ශක්තිමත් වූ හා ස්ථිර වූ අය ප්‍රථමයෙන්ම යන අතර දුර්වල අය යන්නේ පසුවයි.
ප්‍රථමයෙන්ම සියලුම දෙනා ඒ අශාරීරික ලෝකයේ සිටින අතර පසුව කෙමෙන් කෙමෙන් ජනගහනය
විශාල වනවා. ජීවාත්මයක් එයට අයත් ශරීරය නැතිව එහි චරිත කොටස රඟපාන්නේ කෙසේද? මෙය
තමයි ඒ නළුවන්ගේ ලෝකය. පසුව එය නිරන්තරයෙන් එක් එක් යුග වලට පෙරලෙනවා. සත් යුගයේදී
අප දිව්‍ය තත්ත්වයේ සිටි අතර පසුව වෛශ්‍ය, ක්ෂත්රිය හා ක්ෂුද්‍ර තත්ත්වයන්ට
පත්වනවා. මෙය තමයි ඒ බොහෝ ප්‍රයෝජනවත් වූ සංගම් යුගය වන්නේ. මෙම යුගය බිහිවන්නේ ඒ
පියාණන් පැමිණි පසුවයි. මේ අසීමිත දැනුම ඔබහට ලබාදෙන්නේ ඒ අසීමිත පියා විසිනුයි.
ශිව බාබා හට නමක් දීමට කියා ශරීරයක් නැහැ. මෙම ශරීරය අයත්වන්නේ මෙම දාදා හටයි.
නමුත් ණයට මෙන් කෙටි කාලයක් සඳහා බාබා විසින් එය රැගෙන තිබෙනවා. බාබා කියනවා : මා
හට මුඛයක් අවශ්‍ය වනවා. එවිට මට ඔබ හට කතා කළ හැකියි. පියා හට මුඛයක් නැතිනම් ඔහු
දරුවන් හට කතා කරන්නේ කෙසේද? මෙම මුඛය මඟින් මා ඔබ හට අසීමිත වූ දැනුමක් ලබා දෙනවා.
මේ නිසා තමයි ඔහුගේ මුඛය ’ගව්මුඛ්‘ (ගවයකුගේ මුඛය) කියා හඳුන්වන්නේ. කඳු මත ඕනෑම
තැනකින් ජලය කාන්දු විය හැකියි. ඉතින් ජලය කාන්දු වන්නේ කොතැනද එතැන ඔවුන් ’ගව
මුඛයක්‘ නිර්මාණය කරනවා. එය ගංගා වලින් එන ජලය කියා සිතා ඔවුන් එය පානය කරනවා. ජලය
සඳහා ඔවුන් විශාල වැදගත්කමක් දෙනවා. මෙම ලෝකයේ තිබෙන සියලු දේ බොරුවෙන් පිරී ඇත. ඒ
එකම පියා පමණයි ඔබට සත්‍යය පවසන්නේ. කොහොමනමුත්, බොරුවෙන් පිරි මිනිසුන් බාබාගේ
දැනුමද බොරු යැයි සිතනවා. භාරතය සත් යුගයෙහි තිබුණු කළ, එය සත්‍යයේ දේශය ලෙස
හැඳින්වූවා. දැන් එම භාරතය පැරණි වී තිබෙනවා. සෑම දෙයක්ම බොරුවක් වී තිබෙනවා. මෙහි
විශාල වෙනසක් තිබෙනවා! බාබා කියනවා : ඔබ විසින් මා බොහෝ සේ අපහාසයට ලක් කර තිබෙනවා!
මා සෑම තැනකම සිටිනවා කියා ඔබ මා බොහෝ සෙයින් අපහාසයට ලක් කොට තිබෙනවා. ඔබ ශිව බාබා
හට කතා කළා මෙම පැරණි ලෝකයෙන් අපව ඉවතට ගෙන යන්න. බාබා කියනවා : මගේ සෑම දරුවෙක්ම
රාගය නම් වූ ගින්න මත සිටීම නිසා දැන් සියලු දේ බංකොලොත් වී තිබෙනවා. බාබා දරුවන්
හට කතා කරමින් මෙසේ කියනවා : ඔබ එක් කළෙක සත් යුගයේ පාලකයන් වූවා. ඔබට මෙය මතකද?
ඔහු මෙය විස්තර කර දෙන්නේ දරුවන් වන ඔබහට පමණයි. ඔහු මුළු ලෝකයටම මෙය කීමට යන්නේ
නැහැ. මන්ද, මෙය තේරුම් ගන්නේ ඔබ පමණයි. ලෝකයේ සිටින ජනගහනය මේ ගැන දන්නේ මොනවාද?
මෙහි විෂ අධිකම කටුව වන්නේ රාගයයි. මෙම ලෝකයේ නාමය ම අපිරිසිඳු ලෝකය යන්නයි. ඒ වගේම
සත් යුගය 100%ක්ම පිරිසිඳු වූ ලෝකයයි. මනුෂ්‍යයන් ඒ පිරිසිඳු වූ දේවී දේවතාවන්
ඉදිරිපිටට ගොස් වැඳ වැටෙනවා. බොහෝ භක්තිවන්තයින් නිර්මාංශාහාරී වුවත්, ඔවුන්
පාපයෙහි ගැලෙන්නේ නැත්තේ නැහැ. බොහෝ දෙනා ළදරු කළ සිට බ්‍රහ්මචාරීන් වනවා. ඒ වගේම
ළදරු කළ සිටම ඔවුන් අපිරිසිඳු ආහාර ගන්නේද නැහැ. සන්යාසීන් ද මෙසේ කියනවා : පාපයෙන්
තොර තත්ත්වයට පත්වන්න. සන්යාසීන් ඔවුන්ගේ නිවසත් පවුලත් අත්හැර යනවා පසුව ඔවුන්ගේ
ඊළඟ උපතත් ගෘහ ජීවිතයක ඉපදී නැවතත් ඔවුන්ගේ නිවස හා පවුල අත්හැර කැලෑවට යනවා.
කොහොමනමුත්, ඒ අපිරිසිඳුභාවයෙන් මිදී ඔවුන්ට පිරිසිඳු විය හැකිද? නැහැ කිසිම කෙනෙක්
හට බාබාගෙන් ශ්‍රීමත් ලබා ගන්නේ නැතිව, ඒ පාරිශුද්ධකරුවාගේ ශ්‍රීමත් ලබා ගන්නේ
නැතිව පාරිශුද්ධත්වයට පත්විය නොහැකියි. කොහොමනමුත්, ඔවුන්ට ඒ අපිරිසිඳු බවින් මිදී
පිරිසිඳු විය හැකිද? භක්ති මාර්ගය යනු බැස්මේ යුගයකි. එසේනම්, ඔවුන් පිරිසිඳු වන්නේ
කෙසේද? ඔවුන් පාරිශුද්ධත්වයට පත්වුවහොත් ඔවුන් නිවහන කරා ගොස් පසුව සත් යුගය වෙත යා
යුතුයි. සත් යුග දේවී දේවතාවන් කිසිම විටෙක ඔවුන්ගේ නිවස හා පවුල අත්හැර යනවාද?
සන්යාසීන් විසින් කරන අත්හැරීම සීමිත වන අතර ඔබ විසින් කරන්නේ අසීමිත වූ
අත්හැරීමකි. ඔබ ඔබගේ මිතුරන් හා නෑදෑයින් ඇතුළු මුළු ලෝකයම අත්හරිනවා. දැන් ඔබ
වෙනුවෙන් මෙම සත් යුගය නිර්මාණය වනවා. ඔබගේ බුද්ධිය දැන් සත් යුගය වෙත හැරී
තිබෙනවා. මිනිසුන් තවමත් මෙම නිරයෙහි එල්ලී සිටින අතර ඔබ බාබාගේ ස්මරණයෙහි එල්ලී
සිටිනවා. ඔබ දැන් සිසිලසේ දෙවඟනන් වීම උදෙසා මෙම දැනුම නමැති ගින්න මත හිඳගෙන
සිටිනවා. සිසිල් යන වචනයෙහි විරුද්ධ වචනය උණුසුම් යන්නයි. ඔබව හඳුන්වන්නේ ඒ සිසිලසේ
දෙවඟනන් ලෙසයි. මෙම තත්ත්වයට පත්වන්නේ එක් අයෙක් පමණක් නොවේ. භාරතය සිසිලසට ලක් කළ
බොහෝ දෙනා සිටිනවා. අද වන විට සෑම කෙනෙක්ම රාගය නම් ගින්නෙහි දැවෙනවා. ඔබට ’සිසිලසේ
දෙවඟනන්‘ යනුවෙන් ඔබව නම් කරන්නේ මෙහිදීයි. සෑම කෙනෙක්ම සිසිලසට ලක් කරවන
දේවතාවියන් ඔබයි. දැනුම නම් වූ සිසිල් දිය බිඳු සෑම කෙනෙක් වෙතම ඉසින්නේ ඔබයි.
ඔවුන් දියබිඳු ඉසිනවා වුවත් ඔබ විසින් මෙහිදී ඉසිනු ලබන්නේ දැනුම නම් වූ සිසිල්
දියයි. ජීවාත්මය පිරිසිඳු වන විට එය සිසිල් වනවා. දැන් ලෝකයේ සිටින සියලුම
ජීවාත්මයන් රාගය නම් වූ ගින්නෙහි හිඳ ගැනීම නිසා ඔවුන් සියලුම දෙනා අවලස්සන වී
තිබෙනවා. දරුවන් වන ඔබ හට දැන් මී පැණි නම් වූ පුණ් කළස ලබා දී තිබෙනවා. මෙම පුණ්
කළස මඟින් ඔබ ඔබව සිසිලසට පත්කරනවා මෙන්ම අන් අයවත් සිසිලසට පත්කරවනවා. මොහුත් දැන්
සිසිලසට පත් වී තිබෙනවා. ස්වාමිපුරුෂයාත් භාර්යාවත් දෙදෙනාම එකට ජීවත් විය යුතුයි.
ඔබ කිසිම විටෙක ඔබගේ නිවස හා පවුල අත්හැර යා යුතු වන්නේ නැහැ. කොහොමනමුත්, මුලදී
මෙම ගව මඩුව නිර්මාණය කරන විට ඔබ සමහරුන් ඔබගේ නිවස අත්හැර යා යුතු වූවා. ඒ කුමක්
සඳහාද? දැනුම නම් වූ ගින්නෙහි හිඳ සිසිලසට පත්වීම උදෙසායි. මෙහිදී ඔබ සිසිලසට
පත්වුවහොත් පමණයි එහිදී දිව්‍ය තත්ත්වයට පත්විය හැකි වන්නේ. දරුවනි, ඔබගේ බුද්ධිය
තවදුරටත් ඒ පැරණි නිවහන වෙත යොමු නොවිය යුතුයි. ඔබගේ බුද්ධිය යොමු විය යුත්තේ පියා
දෙසටයි. මන්ද, දැන් ඔබ සියලුම දෙනා පියා සමඟ නිවහන කරා යාමටයි සිටින්නේ. බාබා
කියනවා : සුමිහිරි දරුවනි, මා ඔබ සියලුම දෙනා නිවහන කරා ගෙන යාම උදෙසා ඔබගේ
මාර්ගෝපදේශකයා ලෙස මෙහි පැමිණ සිටිනවා. ඔබ තමයි ශිව ශක්ති පාණ්ඩව යුධ සේනාව. ඔබ
තමයි ඒ සර්වබලධාරී තැනැත්තා වන ශිවාගෙන් ශක්තිය ලබන්නන් වන්නේ. මිනිසුන් සිතනවා ඒ
උත්තරීතර ජීවාත්මය හට මරණයට පත්වුණු අය හට පණ දිය හැකියි කියා. කොහොමනමුත්, බාබා
කියනවා : අහෝ මාගේ ආදරණීය දරුවනි, සෑම කෙනෙක්ම ඔවුන් හට අයත් වූ සදාකාලික චරිත
කොටසක් මෙම නාටකය තුළ ලබාගෙන තිබෙනවා. මා එහි නිර්මාණකරුවා ද, අධ්‍යක්ෂකවරයා ද,
ප්‍රධාන චරිතය ද වනවා. මෙම නාටකයේ කිසිම කෙනෙකුගේ චරිත කොටසක් මා විසින් වෙනසකට
ලක්කළ නොහැකියි. මිනිසුන් විශ්වාස කරනවා මෙම වෘක්ෂයේ සෑම කොළයක්ම ඒ උත්තරීතර
ජීවාත්මය අනුව යනවා කියා. කොහොමනමුත්, ඒ උත්තරීතර ජීවාත්මය, ඔහු විසින්ම මෙසේ
කියනවා : මමත් මෙම නාටකයට යටත් වූ තැනැත්තෙක්, මමත් මෙම බන්ධනයට ලක් වූ අයෙක්.
කිසිම කොළයක් මාගේ නීතියට වැඩෙනවා කියා දෙයක් නැහැ. දෙවියන් සෑම තැනකම සිටිනවා යන
අදහස භාරතයේ සියලු වැසියන් හිඟ තත්ත්වයට ඇදදමා තිබෙනවා. දැන් බාබා විසින් ලබාදෙන
දැනුම නිසා එය නැවතත් ඔටුණු පළඳිනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ආරම්භයේදීම
සූර්ය වංශයට ඇතුලත් වීමට නම්, ඔබගේ බුද්ධිය තුළ විශ්වාසය තිබිය යුතුයි. එවිට ඔබට
සම්පූර්ණ ලකුණු ලබාගත හැකි වනවා. ඔබ ශක්තිමත් බ්‍රහමිණ් දරුවකු බවට පත්විය යුතුයි.
මෙම අසීමිත වූ දැනුම ඔබගේ අවධානයෙහි තබා ගන්න.
2. දැනුම නම් වූ
ගින්නෙහි හිඳ සිසිලසට පත් වන්න. එනම්, පාරිශුද්ධත්වයට පත් වන්න. දැනුම හා යෝගා
මඟින් රාගය නම් වූ ගින්න නිවා දමන්න. ඔබගේ බුද්ධිය නිරන්තරයෙන්ම ඒ එකම පියා හා
පමණක් සම්බන්ධ වී තිබිය යුතුයි.
වරදානය:
ඔබේ
බ්‍රහ්මින් ජීවිතයේ උසස් අවධියක ස්වරූපයෙන් ඔබට පදක්කමක් ලැබී එයින් ඔබ සැහැල්ලු
දේශයේ අධිරාජ්යවරයෙකු වේවා.
ඔබ සෑම කෙනෙක්ම
බ්රහ්මින්වරෙයකු වී ඇත්තේ ඔබේ පෞද්ගලික අවධිය සියල්ලටම වඩා හොඳම කර ගැනීම සඳහා ය.
බ්‍රහ්මින් ජීවිතයේදී ඔබේ උසස් වූ අවධිය ඔබේ පෞද්ගලික දේපළයි; එය බ්‍රහ්මින්
ජීවිතයේ පදක්කමයි. මෙම පදක්කම ලබා ගන්නා අය නොසැලෙන, නිශ්චල සහ නිරන්තරවම ස්ථාවරව
සිටින අතර නිරන්තරයෙන් සැහැල්ලුයි; ඔවුන් සැහැල්ලු දේශයේ අධිරාජ්‍යයන් බවට පත්වේ.
ඔවුන් සියලු ආශාවන්ගෙන් නිදහස් වන අතර ආශාව පිළිබදව දැනුම නොදත් ප්‍රතිමූර්තීන් වේ.
පාඨය:
නොබිඳුණු
ශ්‍රද්ධා විශ්වාසයෙන් සහ කුලමත්භාවයෙන් යුතුව "මගේ බබා" යැයි පවසන්න, එවිට මායාට ඔබ
සමීපට පැමිණිය නොහැක.