19.01.25    Avyakt Bapdada      Sinhala Murli     30.11.2003    Om Shanti    Madhuban


විෂයයන් සතරින්ම අත්දැකීම්වල අධිකාරියෙක් වී, ගැටළු, විසඳුම් බවට පරිවර්ථනය කරන්න.


අද දින, බ්‍රහ්මින් ලෝකයේ නිර්මාණකරු, සෑම තැනකම සිටින ඔහුගේ බ්‍රහ්මින් දරුවන්ව දකිනවා. මෙම බ්‍රහ්මින් ලෝකය කුඩා එකකි, නමුත් එය උපරිම ලෙස ශ්‍රේෂ්ඨ සහ ආදරණීය ලොවකි. මෙම බ්‍රහ්මින් ලෝකය, ලෝකයේ විශේෂ ජීවාත්මයන්ගේ එකකි. සෑම, සියළු බ්‍රහ්මින් ජීවාත්මයක්ම, කෝටි ගණනකින් එක්කෙනෙක් සහ එම ජීවාත්ම අතලොස්සෙන් කෙනෙකි, මන්ද ඔබගේ පියාව ඔබ හැදිනගෙන උරුමයට අයිතියක් හිමි කරගෙන තිබේ. පරම පියා, උසස්ම උසස් වන සේම, පියාව හැදිනගෙන ඔහුට අයිති වන ජීවාත්මත් විශේෂ ජීවාත්මයි. භාග්‍යය පිරිනමන්නා වන පියා, සෑම බ්‍රහ්මින් ජීවාත්මයක් උපත ලද සැනින් ඔහුගේ නළලේ ශ්‍රේෂ්ඨ භාග්‍යයේ රේඛාවක් ඇන්දා. ඔබ එවන් ශ්‍රේෂ්ඨ භාග්‍යයක් ඇති ජීවාත්මයි. ඔබ මෙතරම් භාග්‍යවන්ත බව ඔබ සලකනවාද? ඔබ මෙතරම් ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික කුල්මත්බවක් අත්දකිනවාද? හදවත සනසන පියා, සෑම බ්‍රහ්මින් ජීවාත්මයකටම හදවතින් සෙනෙහස, ඔහුගේ හදවතින් ආදරය ලබා දෙනවා. මෙම දේවමය සෙනෙහස ලැබෙන්නේ ඒකායන කෙනාගෙන් පමණක් වන අතර මුළු කල්පයටම එය ලැබෙන්නේ එක් වරක් පමණයි. ඔබගේ සෑම ක්‍රියාවකම මෙම ආධ්‍යාත්මික කුල්මත්බව ඔබට නිරන්තරයෙන් තිබෙනවාද? කර්ම යෝගී ජීවිතයක් ගත කරන විශේෂ ජීවාත්ම ඔබ බව, ඔබ ලෝකයට අභියෝග කරයි. ඔබ යෝගවේ සිටින අය පමණක් නොවෙයි, ඔබ යෝගී දිවියක් ඇති අයයි. ජීවිතයක් යනු සෑම කලටයි. එය ස්වාභාවිකයි, නිරන්තරයි. ඔබ පැය අටක හෝ පැය හයක යෝගී දිවියක් ඇති අය නොවෙයි. යෝගාව, එනම් ස්මරණය, බ්‍රහ්මින් දිවියේ අරමුණයි. ජීවිතයේ අරමුණ ඉබේටම සිහිවන අතර ඔබගේ අරමුණ කෙබදු වන්නේද, ඔබ ඉබේටම ඒ සදහා සුදුසුකම් වර්ධනය කරගනී.

සෑම බ්‍රහ්මින් ජීවාත්මයකගේ නළලේ බාප්දාදා බැබලෙන වාසනාවේ තාරකාවක් දකිනවා. බාප්දාදා, සෑම බ්‍රහ්මින් ජීවාත්මයක්ව නිරන්තරයෙන් දකින්නේ ශ්‍රේෂ්ඨ ආත්ම-අභිමානයක් සහ ස්ව-ආධිපත්‍යයක් ඇති කෙනෙක් ලෙසයි. එබැවින් ඔබ සියළු දෙනා ආත්ම-අභිමානයක් සහ ස්ව-ආධිපත්‍යයක් ඇති ජීවාත්ම බව ඔබ අත්විදිනවාද? ඔබ එක තත්පරයකට පමණක් එය ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්, ඔබ ආත්ම අභිමානයක් ඇති ජීවාත්මයක් බව, එක් තත්පරයකදි මතුවන ලැයිස්තුව කොපමණ දීර්ග වෙයිද? මේ දැන් ආත්ම-අභිමානයේ ලැයිස්තුව ඔබගේ අවධානයට පැමිණියාද? එය දිගු ලැයිස්තුවක් නේද? ආත්ම-ගෞරවය අහංකාරකම අවසන් කරයි, මන්ද ආත්ම-ගෞරවය යනු, උසස් අභිමානයකි. එබැවින් ශ්‍රේෂ්ඨ අභිමානය, විවිධාකාරයේ අපවිත්‍ර ශරීර අවධාන අවසන් කරයි. ඔබ විදුලි ස්විචයක් දැල්වූ විට, තත්පරයකදි අන්ධකාරය අතුරුදහන් වෙයි. අන්ධකාරය යැවීමට කටයුතු නොකරයි. අන්ධකාරය ඉවත් කිරීමට ඔබට උත්සාහ දැරීමට අවශ්‍ය නොවෙයි, ඔබ ආලෝක ස්විචයක් දමන අතර අන්ධකාරය ඉබේටම අවසන් වෙයි. ඒ අන්දමින්ම ආත්ම-ගෞරවය පිලිබද අවධානයේ ඔබගේ ස්විචය දමන්න, එවිට විවිධ අන්දමේ ශරීර අවධාන අවසන් කිරීමට ඔබට උත්සාහ දැරීමට සිදු නොවෙයි. ස්ව-අභිමානයේ ප්‍රතිරුවක් වීමේ අවධානය ඔබට නොමැති විට, ඔබට උත්සාහ දැරීමට සිදුවෙයි. බාප්දාදා ඔය දරුවන්ගේ ක්‍රීඩා දකිනවා. ඔබගේ හදවතින් ස්ව-අභිමානය ගැන ඔබ කතා කරයි: “මම බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන් ගෙන සිටිනවා.” ඔබ මෙය කියයි, ඔබ මෙසේ සිතයි, නමුත් ඉන්පසුව ඔබ එහි අත්දැකීමේ ආසනය මත තැන්පත්ව (අසුන්ගෙන) සිටින්නේ නැත. ඔබ සිතන ඔනෑම දෙයක් අත්විදීමට අවශ්‍යයි, මන්ද වඩාත්ම උසස් අධිකාරිය වන්නේ අත්දැකීම්වල අධිකාරිත්වයයි. ඉතිං ඔබ සෑම දේකටම ඉතා හොදින් සවන් දෙන බව බාප්දාදා දකිනවා, තවද ඔබ ඒ ගැන හොදින් සිතයි, නමුත් ඇසීම සහ ඒ ගැන සිතීම වෙනම කාරණාවක්. බ්‍රහ්මින් ජීවිතයේ ශ්‍රේෂ්ඨ අධිකාරිත්වය වන්නේ අත්දැකීම්වල ප්‍රතිමූර්තියක් වීමයි. එය භක්තිය සහ මෙම දැනුම අතර ඇති වෙනසයි. භක්තිය තුලත් එයට සවන් දෙන විට ඔවුන් බොහෝ කුල්මත් වෙයි. තවද ඔවුන් ඒ ගැන සිතයි, නමුත් ඔවුන්ට අත්දැකීමක් ලබා ගත නොහැක. ග්‍යාන් යනු, ජීවාත්මයක් වීමයි, එනම්, සෑම ආකාරයකම ස්ව-අභිමානය අත්විදීමයි. අත්දැකීම් ඇති ස්වරූපය, ඔබට ආධ්‍යාත්මික කුල්මත්බව ලබා දෙයි. ජීවිතයේ අත්දැකීම් ඔබට කිසිදා අමතක කළ නොහැක. ඔබ අසා ඇති හෝ සිතා ඇති ඔනෑම දෙයක් අමතක විය හැක, නමුත් අත්දැකීමේ අධිකාරිය කිසිදා අඩු වන්නේ නැහැ.

එබැවින් බාප්දාදා ඔය දරුවන්ට මතක් කර දෙන්නේ: ඔබ ඇසූ සියළු දේ, දෙවි පියාණන් ගෙන් ඔබ කුමක් අසා තිබුණත්, එහි අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වන්න. ඔබ අත්විද ඇති දෙයක් පුද්ගලයන් දහසක් මකා දැමීමට තැත් කළත්, එය මකා දැමිය නොහැක. මායාට වත් ඔබගේ අත්දැකීම් මැකිය නොහැක. ඔබ ශරීරයක් හදාගත් සැනින්, ඔබ අහවල් කෙනා බව ඔබ අත්දකින අතර එය ස්ථිරව රැදී තිබෙයි. ඔබගේ සිරුරේ නම ඔබට කිසිදා අමතක වනවාද? යම් කෙනෙක් ඔබට මෙසේ කියන්නේ නම්: නැහැ, ඔබ අහවලා නොවෙයි, එවිට ඔබ එය විශ්වාස කරයිද? ඒ අන්දමින්ම සෑම ආකාරයකම ස්ව-අභිමානයේ ලැයිස්තුව අත්විදීමෙන්, ඔබට කිසිදා ඔබගේ ස්ව-අභිමානය අමතක නොවෙයි. කෙසේවෙතත්, සෑම අන්දමකම ස්ව-අභිමානයේ සහ සෑම කරුණකම අත්දැකීම් ඇත්තෙක් වීමේදී, ඔබ අංකානුරූප බව බාප්දාදා දැක තිබේ. ඔබ ජීවාත්මයක් බව ඔය සෑම කෙනෙක්ම අත්විද ඇති නිසා, ජීවාත්මයකට අමතරව ඔබ වෙන කුමක්ද? ඔබ පවසන්නේ: “මෙම ශරීරය මගෙයි, නමුත් මම ජීවාත්මයක්මි.” ඔබ ජීවාත්මයත් බැවින්, ශරීර අවධානය පැමිණියේ කොහේ සිටද? එය පැමිණියේ ඇයි? එයට හේතුව කුමක්ද? උපත් 63ක පුහුණුව, “මම ශරීරයක්” යන වැරදි පුහුණුව, ඉතා ස්ථිර වී ඇත. නිවැරදි පුහුණුවේ අත්දැකීම ඔබට අමතක වෙයි. ඔය දරුවන් වෙහෙස වන අන්දම බාප්දාදා දකින විට ඔහු තුල ඔබ කෙරෙහි සෙනෙහස ඇති වෙයි. පරමාත්ම දෙවියන්ගේ දරුවන්, සහ වෙහෙස මහන්සි වීම! මෙයට හේතුව කුමක්ද? අත්දැකීම් වල ප්‍රතිරුවක් නොවීම. කුමක් සිදු වුණත්, ඔබ ඔනෑම ක්‍රියාවක් සිදුකරන විට ඔබට ශරීර අවධානය අමතක කළ නොහැක. එසේ නම් ඔබට ඔබගේ බ්‍රහ්මින් දිවිය අමතක කළ හැක්කේ කෙසේද, එනම් ඔබගේ කර්ම යෝගී දිවිය?

එබැවින් පරීක්ෂා කරන්න: මා සෑම විෂයක්ම අත්දැක තිබෙනවාද? මෙම දැනුමට සවන් දීම සහ එය අන් අයට පැවසීම පහසුයි, නමුත් මෙම දැනුමේ පුතිමූර්තියක් වීම.... ඔබ මෙම දැනුම ප්‍රායෝගික කළ විට, ඔබගේ සෑම ක්‍රියාවක්ම ඉබේටම එම දැනුමින් පිරිපුන් වෙයි, එනම්, සෑම ක්‍රියාවක්ම මෙම දැනුමේ ආලෝකයෙන් සහ ශක්තියෙන් පිරී තිබෙයි. මෙම දැනුම, ආලෝකය සහ ශක්තිය බව කියයි. ඒ අන්දමින්ම, යෝගී ස්වරූපය, යෝග්-යුක්ත සහ යුක්ති-යුක්ත ස්වරූපයකි. ධාරණාවේ ප්‍රතිමූර්තියක් වීම යනු, ඔබගේ සෑම ක්‍රියාවක්ම, සෑම භෞතික ඉන්ද්‍රියයක් සහ සෑම ගුණධර්මයකම, ධාරණාවේ ප්‍රතිමූර්තියක් වීමය. සේවයේ අත්දැකීමේ ප්‍රතිරුවක් යනු, නිරන්තර සහ ස්වාභාවික සේවාධාරියෙක් වීමය. එය ඔබගේ සිතිවිලි, වදන්, ක්‍රියා හෝ නෑ සම්බන්දතා තුලින් වුවද, ඔබගේ සෑම ක්‍රියාවකින්ම සේවය නොකඩවා ස්වාභාවිකවම සිදුවිය යුතුයි. මෙය විෂයයන් සතරින්ම අත්දැකීම්වල ප්‍රතිමූර්තියක් වීම ලෙස හැදින්වෙයි. එබැවින් ඔබ විෂයයන් සතරින්ම කෙතරම් දුරට අත්දැකීම් ඇත්තෙක් වී ඇතිද කියා ඔබ පරීක්ෂා කර බැලිය යුතුයි - සෑම ගුණධර්මයක් සහ සෑම බලයකින්ම අත්දැකීම් ඇත්තෙක්. කොහොමත් මෙවන් කියමනක් තිබේ: නිවැරදි වෙලාවට අත්දැකීම් බොහෝ සේ ප්‍රයෝජනවත්ය. එබැවින් කුමන ආකාරයේ ගැටළුවක් තිබුණත්, ඔබ අත්දැකීම්වල ප්‍රතිරුවක් වීම අත්විදිය යුතුයි. අත්දැකීම්වල ප්‍රතිමූර්තියක් වන කෙනෙක්, ඔහුගේ අත්දැකීමේ අධිකාරිත්වයෙන් තත්පරයකදි ගැටළුවක් විසදුමක් බවට පරිවර්ථනය කරයි. එවිට ගැටළුව, ගැටළුවක් ලෙස නොතිබෙයි; එය විසදුමක ස්වරූපය ගනී. ඔබට වැටහෙනවාද?

දැන් කාලයේ සමීපත්වය සහ පරම පියාට සමාන වීමේ සමීපත්වය, විසදුම් වල ප්‍රතිරුවක් වීමේ අත්දැකීම ඔබට ලබා දිය යුතුයි. දීර්ග කාලයක් ඔබ පැමිණෙන ගැටළු සමග සහ ඉන්පසුව ඒවාට විසදුම් සෙවීමට වෙහෙස විය. දැන් බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම ස්ව-අභිමානය ඇති කෙනෙක් සහ විසදුම් වල ප්‍රතිරුවක් ලෙස දැකීමටයි. අත්දැකීම් වල ප්‍රතිරුවකට ඔනෑම දෙයක් තත්පරයකදි පරිවර්ථනය කළ හැක. අච්චා.

සෑම තැනකින්ම ජීවාත්ම මෙහි පැමිණ සිටියි. සෑම වාරයකදී ද්විත්ව විදේශිකයන්ද හොද අවස්ථාවක් හිමි කර ගන්නවා. අච්චා. මෙම කණ්ඩායමේද පාන්ඩවයන් අඩු නැත. ඔය සියළුම පාන්ඩවයන් අත් ඔසවන්න. ප්‍රථම කණ්ඩායමේ මව්වරුන් බොහෝ වැඩියෙන් සිටි නමුත් මේ කණ්ඩායමේ පාන්ඩවයන්ද හොදින් තරග කර ඇත. පාන්ඩවයන්ගේ කුල්මත්බව සහ විශ්වාසය අද දක්වා සිහිකර තිබේ. සිහිකර ඇත්තේ කුමක්ද? ඔබ දන්නවාද? සිටියේ පාන්ඩවයන් පස් දෙනෙක් පමණයි, නමුත් ඔවුන්ගේ කුල්මත්බව සහ විශ්වාසයේ පදනමින් ඔවුන්ට ජය ලැබුණි. අද පවා මෙම ප්‍රශංසාව තිබේ. එබැවින් ඔබ එවන් පාන්ඩවයන්ද? අච්චා, ඔබට කුල්මත්භාවය තිබෙනවාද? එබැවින්, ඔය පාන්ඩවයන්, ඔබලා පාන්ඩවයන් බව ඇසුනු විට, ඔබට පාන්ඩවයන්ගේ පියාව (පාන්ඩවපති) අමතක වන්නේ නැහැ නේද? ඔබට විටෙක ඔහුව අමතක වෙනවාද? පාන්ඩවයන් සහ පාන්ඩවපති. පාන්ඩවයන්ට කිසිම විටෙක පාන්ඩවපති අමතක විය නොහැක. පාන්ඩවයන්ට කුල්මත්බව තිබිය යුතුයි. සෑම කල්පයකදීම පාන්ඩවපතිගේ සෙනෙහස ලබන පාන්ඩවයන් අපයි. සිහිවටන වල පවා පාන්ඩවයන්ගේ නම අඩු නැත. පාන්ඩවයන්ගේ නම්බු නාමය වන්නේ: ජයග්‍රාහී පාන්ඩවයන්. එබැවින් ඔබ එවන් පාන්ඩවයන්ද? එපමණයි. අපි, නිකම් පාන්ඩවයන් නොවෙයි, ජයග්‍රාහී පාන්ඩවයන්ය. ඔබගේ නළල් මත අවිනාශී ජයග්‍රහණයේ තිලකය දැනටමත් තබා තිබේ.

මව්වරුන්ට තිබෙන කුල්මත්බව කුමක්ද? ඔබට බොහෝ කුල්මත්බවක් තිබේ. ඔය මව්වරු කුල්මත්බවින් පවසන්නේ: බාබා අප වෙනුවෙන් ඇවිත්! එය එහෙමයි නේද? මෙයට හේතුව, කල්ප භාගයක්ම මව්වරුන්ට කිසිම තත්ත්වයක් ලබා දී නැහැ. දැන්, සංගම යුගයේදි, දේශපාලනයේ පවා, මව්වරුන්ට අයිතීන් ලබා දී ඇත. සෑම දෙපාර්තමෙන්තුවකම පියා ඔය ශක්තීන්ව ඉදිරියෙන් තබා තිබේ, එබැවින් ලෝකයේ පවා, සෑම වෘත්තියකම, මව්වරුන්ට දැන් අයිතීන් තිබේ. කාන්තාවන් නොමැති කිසිම වෘත්තියක් නොමැත. සංගම යුගයේ තත්ත්වය මෙයයි. එබැවින් ඔය මව්වරුන්ට හැගෙන්නේ: අපේ බාබා! එය “මගේ බාබා!” කියා ඔබට දැනෙනවා නේද? ඔබට මෙම කුල්මත්බව තිබෙනවාද? මව්වරුන් ඔවුන්ගේ අත් වනනවා. එය හොදයි. ඔබ පරමාත්ම දෙවියන්ව ඔබට අයිති කරගෙන තිබේ, එබැවින් මැජික්කරුවන් වන්නේ මව්වරුන්ය. මව්වරු සහ පාන්ඩවයන් සෑම සම්බන්දතාවයකින්ම බාප්දාදාට සෙනෙහස දක්වන බව බාප්දාදා දකිනවා, නමුත් කවුරුන්, විශේෂයෙන් සෙනෙහස දක්වන්නේ කුමන සම්බන්දතාවයටද කියාත් ඔහු දකියි. සමහර දරුවන් දෙවියන්ව තමන්ගේ මිතුරා කිරීමට බොහෝ ප්‍රිය කරයි. මේ නිසයි කුදා-දෝස්ත්ගේ (මිතුරා වන දෙවියන්) කතා පුවත තිබෙන්නේ. බාබා පවසන්නේ: ඔනෑම වෙලාවක, ඔබට අවශ්‍ය කුමන නෑ සබදතාවයද, ඔබට එම සම්බන්දතාවයෙන් පරමාත්ම දෙවියන්ව, ඔබට අයත් කරගත හැක. ඔබට ඔහු සමග සියළු සම්බන්දතා ඉටුකළ හැක. දරුවන් පැවසුවේ: “බාබා මගේය.” එවිට පියා පැවසුවේ කුමක්ද? මා ඔබගෙයි.

මධුබන් වල ඉතා හොද සුන්දරත්වයක් තිබෙනවා නේද? ඔබ කෙතරම් දුරක අසුන්ගෙන හිදිමින්, සවන් දෙමින්, බලමින් සිටියත්, මධුබන්වල සුන්දරත්වය, එයටම අයත් එකකි. ඔබට මධුබන් වලදි බාප්දාදාව කොහොමත් මුණගැසෙයි, නමුත් ඔබට තව කොපමණ ලැබීම් වර්ග ප්‍රමාණයක් තිබෙනවාද? ඔබ ඒවාගේ ලැයිස්තුවක් සාදන්නේ නම්, කොපමණ ලැබීම් වර්ග තිබෙයිද? සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම ලැබීම වන්නේ, ඔබට පහසු සහ ස්වාභාවික යෝගාව තිබීමයි. ඔබට වෙහෙස වීමට අවශ්‍ය නොවෙයි. මධුබන් වල වාතාවරණයට යමෙක් එම වැදගත්කම ලබා දුන් විට, එවිට මධුබන් වල වාතාවරණය සහ මධුබන්වල කාලසටහන එම කෙනාව පහසු සහ ස්වාභාවික යෝගීවරයෙක් බවට පත් කරයි. මන්ද? මධුබන් වලදි ඔබගේ බුද්ධියේ තිබෙන්නේ එක් කාර්යයක් පමණයි. සේවාධාරී කණ්ඩායමක් පැමිණි විට එය වෙනම කාරණාවකි, නමුත් නැවුම් වීමට මෙහි පැමිණෙන අයට මධුබන් වලදි කිරීමට ඇති කාර්යය කුමක්ද? ඔවුන්ට කිසිදු වගකීමක් තිබෙනවාද? කන්න, බොන්න, විනෝද වන්න සහ ඉගෙන ගන්න. එබැවින් මධුබන් යනු මධුබන්ය. විදෙස් රටවල සිටත් මිනිසුන් බාබාට සවන් දෙමින් සිටිනවා. නමුත් එහි සිට මුරලියට සවන් දීම සහ මධුබන් වලට පැමිණීම අතර දිවා රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. පහසුකම් තුලින් සවන් දෙන සහ බලන අයට බාප්දාදා කොහොමත් සෙනෙහස සහ ස්මරණය ලබා දෙනවා. සමහර දරුවන් රාත්‍රියේ අවදිව සිටිමින් පවා මුරලියට සවන් දෙයි. එයට කිසිසේත් සවන් නොදෙනවාට වඩා එය අනිවාර්යෙන් හොදයි, නමුත් හොදම වන්නේ ආදරණීය මධුබන්ය. ඔබ මධුබන් වලට පැමිණීමෙන් විනෝදයක් ලබනවාද, නැත්නම් ඔබට එහි සිට මුරලියට සවන් දිය හැකි බව ඔබ සිතනවාද? ඔබ ප්‍රිය කරන්නේ කුමටද? ඔබට එහිදීද මුරලිය ඇසෙනවා නේද? මෙහිදී පවා, පිටුපස අසුන්ගෙන සිටින විට ඔබ කොහොමත් සෑම දෙයක්ම දකින්නේ රූපවාහිනියෙනි. එබැවින් මධුබන් වලට පැමිණීම හොද බව සිතන අය අත් ඔසවන්න! (සියළු දෙනාම අත් එසවීය). අච්චා. කෙසේවෙතත් භක්තියේ යොදා ඇති වර්ණනාව කුමක්ද? මුරලිය වාදනය කරන්නේ මධුබන් වලයි. මුරලිය ලන්ඩන් නුවර වාදනය කරන්නේ නැහැ. ඔබ කොහේ සිටියත්, මධුබන් වල ප්‍රශංසාවේ වැදගත්කම දැන සිටීම යනු තමන්ව ශ්‍රේෂ්ඨ කරගැනීමයි.

අච්චා, පැමිණ ඇති ඔබ සියළු දෙනා, යෝගී දිවි පෙවෙත, ග්‍යානී ජීවාත්මයක් වීම සහ ධාරණාවේ ප්‍රතිමූර්තියක් වීම අත්විදිනවා. මේ වාරයේ ප්‍රථම හමුවෙදි, බාබා විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කළ කාරණය වුනේ, මුළු වාරය පුරාම ඔබ තෘප්තිමත් මාණික්‍යයක් වී, අන් අයව තෘප්තිමත් කළ යුතු බවයි. ඔබ පමණක් එය වීම නොවෙයි, නමුත් ඔබ අන් අයවත් තෘප්තිමත් කළ යුතුයි. එයත් සමගම දැන් කාලයට අනුව, ඔනෑම වෙලාවක ඔනෑම දෙයක් සිදුවිය හැක. මෙවන් ප්‍රශ්න නොඅසන්න: “එය සිදු වන්නේ කවදාද? එය එක වසරකදි සිදුවෙයිද, මාස හයකින් සිදුවෙයිද?” හදිසියේම ඔනෑම වෙලාවක ඔනෑම දෙයක් සිදුවිය හැක. එබැවින් ඔබගේ අවධානයේ ස්විචය බොහෝ බලවත් කරගන්න. තත්පරයකදි ස්විචය දමා අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වන්න. ස්විචයක් බුරුල් වූ විට, ඔබට නැවත නැවතත් එය දැමීමට සහ නිවා දැමීමට සිදුවන අතර එය නිවැරදි කිරීමට කාලයක් ගත වෙයි. කෙසේවෙතත්, ඔබ තත්පරයකදි ස්ව-අභිමානයේ සහ ස්ව-ආධිපත්‍යයේ ස්විචය දමා, අභ්‍යන්තරගත වී, නොකඩවා අත්දැකීම් ලබාගත යුතුයි. අත්දැකීම් සාගරයක මුසු වන්න. අත්දැකීම් අධිකාරිත්වයකට එරෙහිව වෙනත් කිසිම අධිකාරියකට ජයගත නොහැක. ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? බාප්දාදා ඔබට සංඥාවක් ලබා දෙනවා, නමුත් එතෙක් බලා නොසිටින්න. මෙසේ නොකියන්න: කවදද? කවදද? කවදද? දැන්! නිති-සූදානම් වන්න. ඔබට තත්පරයකදි ඔබගේ අවධානයේ ස්විචය දැමිය හැකිද? ඔබට මෙය කළ හැකිද? සිදුවීම්, ගැටළු, කුමක් වුණත් කමක් නැහැ, අවධානයේ ස්විචය දමන්න. මෙය පුහුණු කරන්න, මන්ද අවසන් ප්‍රශ්න පත්‍රය, විනාඩියක් වත් නොවෙයි, එක තත්පරයක එකක් පමණක් වෙයි. ඒ ගැන සිතමින් සිටින අයට සමත් වීමට නොහැකි වෙයි. අත්දැකීම් ඇති අය සමත් වෙයි. එබැවින් දැන්, ඔබ සියළු දෙනාම, තත්පරයකදි, මෙම අවධානයේ ස්විචය දමන්න: මා පරම දනව්වේ නිවැසියෙක් වන ශ්‍රේෂ්ඨ ජීවාත්මයක්මි. මෙම අවධානයේ ඔබගේ ස්විචය දමන්න, වෙනත් කිසිම දේක අවධානය නොතිබිය යුතුයි. ඔබගේ බුද්ධිය තුල කිසිම කැලඹිමක් නොතිබිය යුතුයි. නොසැලී සිටින්න. (බාප්දාදා අභ්‍යාසය මෙහෙයවීය.) අච්චා.

ශ්‍රේෂ්ඨ ආත්ම-අභිමානය ඇති සෑම තැනකම සිටින අත්දැකීම් ඇති ජීවාත්මයන්ට, නිරන්තරයෙන් සෑම විෂයයක්ම අත්දකින අයට, යෝගී දිවි පෙවෙතක ගමන් කරන නිරන්තර යෝගී ජීවාත්මයන්ට, කෝටි ගණනකින් අතලොස්සක් වන විශේෂ ජීවාත්මයන්ට සහ ඔවුන් සිදුකරන සෑම ක්‍රියාවකදී ඔවුන්ගේ විශේෂ භාග්‍යය මතුකර තබා ගන්නා එම අතලොස්සෙන් ස්වල්ප දෙනාට, බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

දාදිජීට:
සියලු දෙනා තුළට උනන්දුව සහ උද්යෝගය දමන හොද කාර්යයක් ඔබ සිදු කරනවා. (මිලියන ගණනකට පණිවිඩය ලබා දීමට සැලසුම් සෑදෙමින් තිබෙනවා.) මිලියනයක් නොවෙයි, මුළු ලෝකයේම ජීවාත්මයන්ට පණිවිඩය ලැබීමට තිබේ. ඔවුන් මෙසේ කියයි. “ඔහෝ ප්‍රභූ”, එහෙම නේද? මෙසේ පැවසීමට පවා ඔබ ඔවුන්ව සූදානම් කළ යුතුයි, “ඔහෝ ප්‍රභූ” එහෙම නේද? ඔවුන්ද (ඉතිරි දාදීන්ලා) ඔවුන්ගේ සහයෝගය ලබා දෙනවා. එය හොදයි. ඔබ මධුබන් රැක බලා ගන්නවා. ඔබට හොද සහයෝගී කණ්ඩායමක් හමු වී තිබෙනවා නේද? සෑම කෙනෙකුටම තමන්ගේම විශේෂත්වය තිබෙනවා. කෙසේවෙතත්, ආදිතම මැණික් වල බලපෑමක් තිබේ. ඔබ කෙතරම් මහළු වුණත්, එමෙන්ම අළුත් අයද ඉදිරියට ගමන් කරන නමුත්, ආදි මැණික්වල පෝෂණය ඔවුන්ටම වෙන් වූ එකකි. මෙම කණ්ඩායම හොද වන්නේ මේ නිසයි.

වරදානය:
ඔබගේ බාධක වලට ඔරොත්තු දෙන දිලිසෙන සුරදූත ඇදුම නිරන්තරයෙන් පැලද සිටීමෙන් ඔබ නිරන්තර බාධක විනාශ කරන්නෙක් වේවා.

තමන්ට සහ අන් අයට නිරන්තර බාධක විනාශ කරන්නෙක් වීම සදහා, ප්‍රශ්නාර්ථ ලකුණු වලට සමු දී, නැවතීමේ තිතක් තැබීමෙන්, ඔබගේ සියලු බලයන්ගේ තොගය පිරිපුන්ව තබා ගන්න. නිරන්තරයෙන් ඔබගේ බාධක වලට ඔරොත්තු දෙන, දිදුලන සුරදූත ඇදුම පැලද සිටින්න; මඩෙන් සැදි ඇදුමක් පැලද නොගන්න. මෙය සමගම සියලු ගුණධර්ම වල ආභරණ වලින් සැරසී සිටින්න. සෑම විටම ආයුධ අටක් ඇති ශක්ති කෙනෙක්, පරිසමාන්ප ප්‍රතිමාවක් වී, ශ්‍රේෂ්ඨ දිවියක් යන ඔබගේ දෙපය, නෙළුම් මලක් මත තබන්න.

පාඨය:
මෙම ඉගෙනුමට සම්පූර්ණ අවධානය යොමු කරන්න, එවිට ඔබ ප්‍රථම කොට්ඨාශයේ අංකයක් හිමි කර ගනීවි.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

වදන් වලින් සේවය කිරීම ස්වාභාවික වී ඇති සේම, සිතිවිලි වලින් සේවය කිරීමත් එකවර සිදුකර, එය ස්වාභාවික කරගන්න. වචන වලින් සේවය කරනවාත් සමගම ඔබගේ මනසින්ද නොකඩවා සේවය කරන්න, එවිට ඔබට අඩුවෙන් කතා කළ හැක. ඔබගේ මනසින් සේවය කිරීමෙන් ලැබෙන උපකාරය නිසා, කතා කිරීමට ඔබ භාවිතා කරන ශක්තිය එක්රැස් වී, මනසින් සිදු කරන බලවත් සේවය, ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙයි.