19.02.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මේ මොහොත වන තෙක් ඔබ ඉගෙන ගන්නා ලද දේ අමතක කර දමන්න. ජීව මරණයට පත්වීම යනු
සියලු දේ අමතක කර දැමීමයි. අතීතයේ කිසිම දෙයක් සිහි නොකරන්න.
ප්‍රශ්නය:
සම්පුර්ණයෙන්ම
ජීව මරණයක් අත්නොදැකපු අයගේ ලක්ෂණ මොනවාද?
පිළිතුර:
ඔවුන් පියා සමඟ පවා වාදයට යනවා. ඔවුන් නිරන්තරයෙන්ම ආගමික ග්‍රන්ථයන්ගෙන් උදාහරණ
ගෙනහැර පානවා. සම්පුර්ණයෙන්ම මියැදුණු අය මෙසේ කියනවා: බාබා කියන දේ පමණයි සත්‍ය
වෙන්නේ. කල්ප භාගයක් තිස්සේ අපට ඇසුණු සියල්ල බොරු පමණයි. මේ නිසා තමයි අපේ කටින්
හෝ එම වචන පිට වීමට ඉඩ නොදිය යුත්තේ. පියා කියනවා : නරක දෙයට සවන් නොදෙන්න.
ගීතය:
ශිවාට ආචාර.
ඕම් ශාන්ති.
‘නෙශ්තා’
(විශේෂයෙන් මෙහෙයවනු ලබන භාවනාවක්) යන නම ලබා දී මිනිසුන්ව නිශ්ශබ්දතාවයෙන් තබා කරන
භාවනාවේදී ඔබ එම පුහුණුවට නායකත්වය සැපයිය යුතුයි. ජීව මරණයට පත් වූ අය ‘අප ජීව
මරණයකට පත්ව තිබෙනවා’ යනුවෙන් කියන බව බාබා ඔබට පැහැදිලි කරනවා. උදාහරණයක් ලෙස
මනුෂ්‍යයෙක් මිය ගිය කළ ඔහු සියල්ල අමතක කර දමනවා; එහි ඉතිරි වන්නේ සංස්කාර පමණයි.
දැන් ඔබත් පියා හට අයිති වී ඇති හෙයින් ඔබ මුළු ලෝකයෙන්ම මියැදී තිබෙනවා. පියා
කියනවා : ඔබ තුළ භක්ති සංස්කාර තිබුණා, දැන් එම සංස්කාර වෙනස් වෙනවා. ඉතින් ඔබ ජීව
මරණයකට පත්වනවා, එහෙම නේද? මිනිසුන් මිය ගිය කළ තමන් ඉගෙන ගත් සියල්ල ඔවුන් අමතක කර
දමනවා. ඉන්පසු ඊළඟ උපතේ දී ඔවුන් නැවතත් ඉගෙනීම ලැබිය යුතුයි. පියා කියනවා : ඔබ
ඉගෙන ගන්නා ලද දේ කුමක් වුවත් එය අමතක කර දමන්න. ඔබ පියාට අයත් වනවා, එහෙම නේද? මම
ඔබට අළුත් දේ කියනවා. ඉතින් දැන් වේද ග්‍රන්ථ, ආගමික ග්‍රන්ථ, ග්‍රන්ථ, සජ්ඣායනා,
දුෂ්කර තපස්යා ආදිය අමතක කර දමන්න. ඒ සියලු දේ අමතක කර දමන්න. මේ නිසයි නරක දේට
සවන් නොදෙන්න, නරක දේ දෙස නොබලන්න! කියලා කියන්නේ. වරක් මරණයට පත් වූ විට ඔබට වාද
කළ නොහැකියි. ඔබ කියනවා: පියා කියන්නේ කුමක්ද, නිවැරදි වන්නේ එයයි. වෙන මොනවත් ඔබේ
මුවින් පිට කරන්නේ මොකටද? පියා කියනවා : මේවා කිසිසේත්ම ඔබේ දෙතොලට ගේන්න එපා. නරක
දෙයට සවන් නොදෙන්න! බාබා උපදෙස් දෙනවා : කිසිවකට සවන් නොදෙන්න. ඔවුන්ට කියන්න අපි
දැන් ඥාන සාගරයේ දරුවෝ. එහෙනම් අපි භක්තිය සිහි කළ යුත්තේ ඇයි? අප සිහි කරන්නේ එකම
එක පියා පමණයි. පියා පවසා තිබෙනවා : භක්ති මාර්ගය අමතක කරන්න. මම ඔබට පහසු කාරණාවක්
පැහැදිලි කර දෙනවා. එනම්, ඔබ මා වන බීජය සිහි කරනවානම්, අනිවාර්යෙන්ම මුළු වෘක්ෂයම
ඔබේ බුද්ධියට එනවා. ඔබට තිබෙන ප්‍රධානතම දෙය ගීතාවයි. දෙවියන් පිළිබඳ හැඳින්වීම්
තිබෙන්නේ ගීතාවෙහි පමණයි. දැන් මේවා අළුත් දේවල්. කෙනෙක් නිතරම වැඩි අවධානය යොමු
කරන්නේ අළුත් දේවල් වලටයි. මෙය ඉතා පහසු දෙයක්. ඉතාම වැදගත් දෙය සිහි කිරීම තබා
ගැනීමයි. ඔබ නැවත නැවතත් මෙසේ කිව යුතුයි: මන්මනභව්! බාබා සිහි කරන්න! මෙය ඉතා
ගැඹුරු කරුණක්. බාධක පැන නඟිනුයේ මේ තුළ පමණයි. මිනිත්තු දෙකක්වත් බාබා සිහි නොකරන
බොහෝ දරුවො ඉන්නවා. පියාට අයත් වීමෙන් පසුව පවා ඔවුන් හොඳ ක්‍රියා කරන්නේ නැහැ සහ
සිහි කිරීම තබා ගන්නේවත් නැහැ. ඔවුන් නිතරම පාපකාරී ක්‍රියා කරනවා. එය ඔවුන්ගේ
බුද්ධියෙහි රැඳෙන්නේ නැහැ. එමනිසා, ඊට කිව හැකියි මෙය පියාගේ උපදේශයන් අපහාසයට ලක්
කිරීමක්. ඔවුන්ට ඉගෙන ගන්න බැහැ. ඉතින් ඔවුන් ඒ ශක්තිය ලබන්නේත් නැහැ. භෞතික
ඉගෙනීමකින් ඔබ ශක්තියක් ලබනවා, එහෙම නේද? ඉගෙනීම ආදායම් මාර්ගයක්. එය ශරීරයේ
පැවැත්ම උදෙසා වන අතර එය පවතිනුයේ සුළු කාලයකට පමණයි. සමහරු ඉගෙන ගන්නා අතරතුර
මරණයට පත්වෙනවා. ඉතින්, තමා උගත් දෙය ගෙන යාමේ හැකියාවක් ඔවුන්ට නැහැ, එහෙම නේද?
ඔවුන් ඊළඟ උපත ලබා නැවත මුල සිට අධ්‍යාපනය ලැබීමට පටන් ගත යුතුයි. මෙහෙ කොහොමනමුත්,
ඔබ මොන දේ ඉගෙන ගත්තත් එය තමන් සමඟම ගෙන යනවා. මන්ද, ඊළඟ උපතෙහි දී ඔබ එහි ඵල
ලබනවා. ඉතිරි සියල්ලම අනිවාර්යෙන්ම භක්ති මාර්ගයයි. මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා
කිසි කෙනෙක් දන්නේ නැහැ. ආධ්‍යාත්මික පියා මෙහි හිඳ ජීවාත්මයන් වන ඔබට දැනුම දෙනවා.
පියා, උත්තරීතර ජීවාත්මය පැමිණ ජීවාත්මයන් වන ඔබට, එතුළින් ඔබව ලෝක පාලකයින් බවට
පත්වන දැනුම ඔබට ලබා දෙනවා. භක්ති මාර්ගයේ දිව්‍යලෝකය පවතින්නේ නැහැ. දැන් ඔබ
ස්වාමීන් බවට පත්වෙලා තියෙනවා. මායාත් බොහෝ දරුවන්ව දෙමාපියන් නැති අනාථයින් බවට
පත් කරවනවා; සුළු දේකට පවා ඔවුන් එකිනෙකා හා අඬදබර කර ගන්නවා. ඔවුන් බාබා පිළිබඳ
සිහියෙන් නොසිටින්නේ නම්, අනාථයින් බවට පත්වෙනවා, එහෙම නේද? පියා කියනවා : මට අයිති
වී පසුව මගේ නම අපහාසයට ලක් කරන්න එපා! දැඩි සෙනෙහසකින් ඉදිරියට යන්න. වැරදි දේවල්
කතා කරන්න එපා. බාබාට අහාලියා (ගල් බුද්ධියක්), කුබ්ජාස් (අංග විකල) සහ ස්වදේශක
කාන්තාවන්වත් දියුණුවට පත් කරන්න තියෙනවා. රාමා(දෙවියන්) ස්වදේශික කාන්තාවකගෙන්
බෙරි(දම් වැනි ගෙඩි වර්ගයක්) අනුභව කළ බව ලියැ වී තිබෙනවා. දැන්, ඇත්තටම ඔහු ඒ
විදියට ඇයගේ එම අහර අනුභව කළාද? රටවැසි තත්ත්වයෙන් බ්‍රහ්මිණ් කෙනෙකු වූ විට ඔහු
එලෙස අනුභව නොකරන්නේ ඇයි? බ්‍රහ්ම භෝජන ප්‍රශංසාවට ලක් වන්නේ මේ නිසයි. කොහොමනමුත්,
ශිව බාබා ආහාර ගන්නේ නැහැ. ඔහු අභෝග්තා (අත්දැකීම් වලින් ඔබ්බට ගිය තැනැත්තා) ලෙස
හඳුන්වනවා. කෙසේවෙතත්, මේ වාහනය කෑම ගන්නවා, එහෙම නේද? දරුවන් වන ඔබ කිසිවෙකු සමඟ
වාද කිරීමට අවශ්‍ය නැහැ. ඔබ නිතරම ආරක්ෂිත ලෙස සිටිය යුතුයි. වචනයක් දෙකක් පමණක්
කතා කරන්න; ශිව බාබා කියනවා. රුද්‍රා කියන්නේ ශිව බාබාට පමණයි. විනාශයේ දැල්ල දැනුම
නමැති රුද්‍රාගේ ගිනි යාගයෙන් මතු වෙනවා. ඉතින් රුද්‍රා දෙවියන් ඔහුයි. එහෙම නේද?
ක්‍රිෂ්ණාට රුද්‍රා කියන්නේ නැහැ. ක්‍රිෂ්ණා විනාශය සිදුවෙන්න සලස්වන්නේ නැහැ.
නිර්මාණය, පැවැත්ම සහ විනාශය ගෙන යන්නේ පියා පමණයි. ඔහු විසින්ම ඔහු කිසිවක් කරන්නේ
නැහැ. එහෙම නැත්නම්, ඔහු අවමානයට ලක්විය හැකියි. ඔහු කරන්කරවන්හාර්ය. පියා කියනවා :
හැම දේම විනාශ කර දමන්නැයි කියා මා කිසිවෙකුට කියන්නේ නැහැ; මේ සේරම නාටකයේ තීරණය
වුවක්. ශංකර් විසින් මොනවා හරි කරනවාද? කිසිම දෙයක් නැහැ! ‘ශංකර් මාර්ගයෙන් විනාශය
සිදුවෙනවා’ යන්න සිහිවටනයක් පමණයි. ඔවුන් ඔවුන් විසින්ම විනාශය ගෙන එනවා. මේ පෙර
නියම කරන ලද නාටකය පැහැදිලි කර ඇත. හැම දෙනාම පියා, නිර්මාපකව අමතක කරනවා. පරමාත්ම
පියා වන පරමාත්ම දෙවියන් තමයි නිර්මාපක කියා ඔවුන් කියනවා; නමුත් ඔවුන්
කිසිමාකාරයකින් ඔහුව දන්නේ නැහැ. ඔහු ලෝකය නිර්මාණය කරන බවට ඔවුන් විශ්වාස කරනවා.
පියා කියනවා : මා එය නිර්මාණය කරන්නේ නැහැ; මා එය වෙනසකට ලක් කරනවා. මා යකඩ යුගය
ස්වර්ණමය යුගය බවට පරිවර්ථනය කරනවා. ‘උත්තරීතර ශුභ මංගල්‍ය යුගය’ ලෙස සිහිකෙරෙන
සංගමයේදී මා පැමිණෙනවා. පරමාත්ම දෙවියන් යහපත සලසන්නායි. ඔහු සියල්ලන්ටම යහපත
සලසනවා; නමුත් ඔහු යහපත සලසන්නේ කොහොමද සහ සලසන යහපත කුමක්දැයි කියා දන්නේ නැහැ.
ඉංග්‍රීසියෙන් ඔවුන් ඔහුට කතාකරනවා: ‘Liberator and Guide’ (ගැළවුම්කරු සහ
මාර්ගෝපදේශකයා) කියලා. නමුත් ඔවුන් එහි අර්ථය දන්නේ නැහැ. ඔවුන් කියනවා: භක්තියට
පසුව ඔබ දෙවියන් සොයා ගනු ඇත; ඔබ ගැළවීම ලබනවා. සියල්ලන්ටම ගැළවීම දීමේ හැකියාවක්
මනුෂ්‍යයින්ට නැහැ. එහෙමනම්, උත්තරීතර ජීවාත්මය වන ඔහුව පාරිශුද්ධත්වයට පත්කරන්නා,
හැමටම ලැළවීම ලබා දෙන්නා ලෙස වර්ණනා කෙරෙනුයේ ඇයි? ඔවුන් කිසි කෙනෙක් බාබාව දන්නේ
නැහැ; ඔවුන් අනාථයින්. පියාට ඇති සෙනෙහසින් ඔවුන්ගේ බුද්ධිය ඈත්වෙලා. දැන් බාබාට කළ
හැක්කේ කුමක්ද? බාබා තමයි ස්වාමියා. ඔහුගේ උපන් දිනය, ශිව ජයන්තිය භාරතයේ සැමරෙනවා.
පරමාත්ම පියා කියනවා : භක්තියේ ඵල ලබාදීම උදෙසා මා පැමිණෙනවා. මා පැමිණෙන්නේ භාරතයට
පමණයි. පැමිණීම සඳහා අනිවාර්යෙන්ම මට ශරීරයක් අවශ්‍යයි, එහෙම නේද? අණ මඟින් හැම දේම
සිදුවන්නේ නැහැ. මා මොහුට ඇතුළු වී ඔහුගේ මුඛයෙන් දැනුම දෙනවා. එය ගවයකුගේ මුඛය
පිළිබඳ කාරණයක් නොවෙයි. මෙහෙ, එය මෙම මුඛය සම්බන්ධ කරුණක්. සිවුපාවෙක්ගේ මුඛයක් නොව
අවශ්‍යවෙන්නේ; මනුෂ්‍යයෙකුගේ මුඛයකුයි. ඔවුන්ගේ බුද්ධිය ඒ තරම්වත් වැඩකරන්නේ නැහැ.
අනෙක් පැත්තෙන් ඔවුන් භගීරථ (වාසනාවන්ත රථය) පෙන්වනවා. ඔහු එන්නේ කවදාද සහ කොහොමද
කියා කිසිවෙක් කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින්, පියා මෙහි ඉඳගෙන දරුවන්ට පැහැදිලි
කරනවා : ඔබ මියගොස් ඇත. ඉතින් භක්ති මාර්ගය සම්පුර්ණයෙන්ම අමතක කර දමන්න. ශිව බාබා
කතා කරනවා : මා සිහි කරන්න! එවිට ඔබේ පාපයන් නැති වී යනවා. පාරිශුද්ධත්වයට පත්
කරන්නා මා පමණයි. ඔබ පාරිශුද්ධත්වයට පත් වු විට මා සියලු දෙනාම ආපසු ගෙන යනවා. සෑම
නිවසකටම පණිවුඩය දෙන්න. පියා කියනවා : මා සිහිකරන්න එවිට ඔබේ පාපයන් නැති වී යනවා;
ඔබ පාරිශුද්ධත්වයට පත් වෙනවා. විනාශය ඉහළටම ඇවිත්. ඔබ අඬගසනවා: අහෝ පාරිශුද්ධත්වයට
පත්කරන්නාණෙනි එන්න! අපවිත්‍රතාවය පවිත්‍ර කරන්න! රාම රාජ්‍යය ගොඩනංවන්න අපව රාවන්
රාජ්‍යයෙන් මුදවා ගන්න! ඔබ සෑම කෙනෙක්ම තමන් වෙනුවෙන් උත්සාහ දරණවා. පියා කියනවා :
මා පැමිණ සියලු දෙනාවම ගළවා ගන්නවා. හැමදෙනාම ඉන්නේ පාපයන් පහ නමැති රාවන්ගේ සිර
කුටියේයි. මා සියලු දෙනාටම ගැළවීම ගෙන එනවා. දුකින් මුදවන්නා සහ සතුට පිරිනමන්නා
ලෙස මා හඳුන්වනු ලබනවා. රාම රාජ්‍යය අනිවාර්යෙන්ම තියෙන්නේ නව ලෝකයේයි. පාණ්ඩවයින්
වන ඔබේ බුද්ධිය දැන් සෙනෙහසින් යුක්තයි. සමහරුන්ගේ බුද්ධිය කෙළින්ම සෙනෙහෙවන්ත
වෙනවා. සමහරුන්ගේ සෙනෙහස එක් වෙන්නේ හෙමිහිටයි. සමහරු නිකමට කියනවා: අපි හැමදේම
බාබාට කැප කළා. ඒකායනය හැර අන් කිසිවෙක් නොමැත. සියලු දෙනාගේම ආධාරකය අනිවාර්යෙන්ම
එකම පරමාත්ම දෙවියන්ය. මේ, සියලුම සරළ දේ අතරින් සරළම දෙයයි. පියා සහ චක්‍රය
සිහිකරන්න, එවිට ඔබ විශ්වය පාලනය කරන (චක්‍රවර්ති) රජවරු සහ රැජිනන් වෙනවා. මේ තමයි
දිව්‍යලෝකයේ පාලකයින් වීම උදෙසා වු පාසල. පසුව චක්‍රවර්ති රජ යන නම දෙනවා. චක්‍රය
දැන ගැනීමෙන් ඔබ චක්‍රවර්ති වෙනවා. මෙය පැහැදිලි කරන්නේ පරමාත්ම පියා පමණයි. එහෙම
නැත්නම්, ඔබ කිසිවක් ගැන වාද කරන්නේ නැහැ. කියන්න: භක්ති මාර්ගයේ සියලුම දේවල් අමතක
කරන්න. පියා කියනවා : මා පමණක් සිහි කරන්න. ප්‍රධානතම දෙය මෙයයි. වේගවත්
උත්සාහවන්තයින් ඉගෙනීම කෙරෙහි වඩාත් නැඹුරු වෙනවා. ඉගෙනීමට ආශාවක් ඇති අය උදේ
පාන්දරින් අවදි වී ඉගෙන ගන්නවා. භක්ති කරන අය පවා උදේ පාන්දරින් අවදි වෙනවා. ඔවුන්
ඉතා දීර්ඝ වශයෙන් භක්ති කරනවා. තම හිස ගසා දැමීමට ලක්වන විට ඔවුන්ට දර්ශන පෙනෙනවා.
මෙහෙ, බාබා කියනවා : මේ දර්ශන පීඩාකාරියි. දර්ශන වලට අල්ලා ගැනීම තුළින් දැනුම සහ
යෝගා නවතිනවා; කාලය අපතේ යනවා. මේ නිසා තමයි ධ්‍යානගත වීමට ආශාවක් තබා නොගත යුත්තේ.
මායා ඇතුළුවන දරුණුතම රෝගය මෙයයි. ඒක හරියට යුද්ධ කාලයක ප්‍රවෘර්ති පතුරුවා හරින
විට, අනෙක් පිළ ඊට බාධා පැමිණවීමෙන් කිසිවකුට පුවත් වලට සවන් දිය නොහැකි වනවා වගේ.
මායාත් ඒ වගේම බොහෝ දෙනා ඉදිරියට බාධක පමුණුවනවා. බාබා සිහිකිරීමට ඇය ඔබට ඉඩතබන්නේ
නැහැ. යමෙකුගේ වාසනාව තුළ බාධක තිබෙන බව තේරුම් ගන්න. මායා ඇතුළු වුණාද නැත්දැයි
පරීක්ෂා කර බලන්න. නීතියට පටහැනිව ඔවුන් කිසිම දෙයක් කතාකරන්නේ නැහැ. එහෙම නේද?
එහෙම නැත්නම් බාබා, ඔවුන්ව ඔවුන්ගේ තත්ත්වයෙන් පහ කර හරිනවා. බොහෝ මනුෂ්‍යයින්
කියනවා: මා හට දර්ශනයක් දුනහොත් මේ සියලු ධනය, දේපළ සියල්ලක්ම ඔබට දෙනවා. බාබා
කියනවා : ඒ සියල්ලක්ම ඔබ ළඟ තබා ගන්න. ඔබේ ධනයෙන් බාබාට ඇති ප්‍රයෝජනය කුමක්ද? මේ
ලෝකයේ කුමක් තිබුණත් ඒවා අළු බවට පත් වී යන බව බාබා දන්නවා. බාබාට කළ හැක්කේ
කුමක්ද? බාබා ඔස්සේ බින්දුවෙන් බින්දුව එකතු වී විලක් බිහි වෙනවා. පියාගේ උපදෙස්
අනුගමනය කරන්න. මිනිසුන් හට මෙලොව පාලකයින් බවට පත්විය හැකි සේ එකම තැනක ආරෝග්‍ය
ශාලාවක් මෙන්ම විශ්ව විද්‍යාලයක් ද විවෘත කරන්න. වර්ග අඩි තුනක පමණ වු තැනක සිට
වුවත් ඔබ සාමාන්‍ය මිනිසුන් නාරායන බවට පත් කළ යුතුයි. නමුත් එලෙස වර්ග අඩි තුනක්
පවා සොයා ගැනීම බොහොම අපහසුයි. පියා කියනවා : මා ඔබට සියලු වේද සහ ආගමික
ග්‍රනථයන්හී සාරය පැහැදිලි කර දෙනවා. මේ සියලු ආගමික ග්‍රන්ථ අයත් වන්නේ භක්ති
මාර්ගයටයි. බාබා කිසිවෙකු අපහාසයට ලක් කරන්නේ නැහැ. මේ නාටකය දැනටමත් නිර්මාණය වී
හමාරයි. මෙය ඔබට කියන්නේ පැහැදිලි කරවීම සඳහා පමණයි. අවසානයේ දී මෙය නාට්‍යයක්
පමණයි. නාටකයට අවමන් කරන්න කිසිවෙකුට බැහැ. මේ දැනුම නම් වු සුර්යයා හා චන්ද්‍රයා
ගැනත් කතා කරනවා. ඉතින්, ඔවුන් හඳට ගොස් නොයෙකුත් දේ පරීක්ෂා කරනවා. එහි රාජ්‍යයක්
තිබෙනවාද? ජපන් මිනිසුන් සුර්යයා විශ්වාස කරනවා. මම කතා කරන්නේ සුර්ය වංශය
පිළිබඳවයි. පසුව ඔවුන් සුර්ය වන්දනාව කරනවා. සුර්යයා හට ජලය පුජා කරනවා. ඉතින්,
බාබා ඔබට විස්තර කරනවා : කිසිම දෙයක් ගැන වැඩිපුර වාදයට යන්න එපා. එක් දෙයක් ගැන
පමණක් ඔවුන්ට පවසන්න. පියා කියනවා : මා පමණක් සිහිකරන්න එවිට ඔබට පාරිශුද්ධත්වයට
පත්විය හැකියි. දැන් මෙම රාවන්ගේ රාජ්‍යයේ සියලුම දෙනා අපිරිසිඳුයි. නමුත් තමන්
අපිරිසිඳු යැයි ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. දරුවනි, එක් ඇසක සාමයේ දේශයත් අනෙක් ඇසේ
සතුටේ දේශයත් තබා ගන්න. මේ දුක් දේශයේ ඇති සියලු දේ අමතක කර දමන්න. ඔබ සජීවී
ප්‍රදීපාගාරයන්ය. මේ දුක් දේශයෙහි සියල්ල අමතක කර දමන්න. ප්‍රදර්ශන වලදී පවා
’භාරතය, ප්‍රදීපාගාරය‘ යන නම තබා තිබෙනවා. නමුත් ඔවුන්ට අවබෝධ කර ගන්න අවශ්‍ය නැහැ.
ඔබ දැන් ප්‍රදීපාගාරයන්ය. වරායකදී ප්‍රදීපාගාරයකින් නැවට මාර්ගය පෙන්වනවා. ඔබද
මුක්තිය සහ ජීවන මුක්තිය සඳහා වු මාර්ගය සියල්ලන්ටම පෙන්වා දෙනවා. කවුරු හරි
ප්‍රදර්ශනයකට පැමිණි විට පරමාත්ම දෙවියන්, සියල්ලන්ගේම පියා, ඒකායන කෙනා බව
සෙනෙහසින් පහදා දෙන්න. පරමාත්ම දෙවියන් වන පරමාත්ම පියා, උත්තරීතර ජීවාත්මය කියනවා
: මා සිහිකරන්න! ඔහු අනිවාර්යෙන්ම මුඛයකින් එය කියනවා. බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය
සිදුවෙනවා. එමනිසා, අප සියලු දෙනා බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් වන බ්‍රහ්මාගේ කටින්
උපන් අයයි. එම බ්‍රාහ්මණයින් පවා බ්‍රහමිණ් දරුවන් වන ඔබගේ ප්‍රශංසනීයත්වය ගායනා
කරනවා. දේවී දේවතාවන්, බ්‍රහමින්වරුන් හට ආචාර. උසස්ම කෙනා වන්නේ එකම එක පියායි.
ඔහු කියනවා : මා ඔබව මේ ලෝකයේ පාලකයින් බවට පත් කරවන උසස්ම රාජයෝගා ඥානය ඔබට
උගන්වනවා. කිසිම කෙනෙකුට ඔබගෙන් එම රාජ්‍යය උදුරාගත නොහැකියි. ලෝකය පුරාම එය භාරත
රාජධානිය වීය. භාරතය පිළිබඳ බොහෝ වර්ණනා තිබෙනවා. අපි ශ්‍රීමත් වලට අනුව දැන් එම
රාජධානිය ස්ථාපනය කරන බව ඔබ දන්නවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. වේගවත්
උත්සාහවන්තයින් බවට පත්වීම සඳහා මෙම ඉගෙනීම රසවිඳින්න. උදෑසනම අවදි වී මෙම ඉගෙනීම
අධ්‍යයනය කරන්න. දර්ශන දැකීමට ආශාවක් තබා නොගන්න. මෙයින් පවා කාලය අපතේ යනවා.
2. සාම දේශය සහ සතුටු
දේශය සිහිකරන්න. මේ දුක් ලෝකය අමතක කරන්න. කිසිම කෙනෙකු සමඟ වාද නොකරන්න. මුක්තිය
සහ ජීවන මුක්තිය සඳහා වූ මාර්ගය සෙනෙහසින් පෙන්වා දෙන්න.
වරදානය:
ඔබ
අභ්‍යන්තරගතව සිට, නිරතුරුවම සෙනෙහසින් යුතුව සතුටු සාගරයක මුසු වී සිටිත්වා.
මෙවන් කියමනකි:
අභ්‍යන්තරගතව සිටින අය නිරන්තරයෙන් සතුටින් සිටියි. නිරන්තරයෙන් අභ්‍යන්තරගත වීමේ
ආශිර්වාදය ලබන දරුවන්, පියා මෙන් සෙනෙහසින් යුතුව සතුටු සාගරයක මුසුවී සිටියි. සතුට
පිරිනමන පියාගේ දරුවන්ද සතුට පිරිනමන්නන් වෙයි. ඔවුන් සතුටේ සම්පත, සියලු
ජීවාත්මයන්ට බෙදා දෙයි. එබැවින් දැන් අභ්‍යන්තරගත වී, මිනිසුන් කුමන හැගීම් ඇතිව ඔබ
වෙතට පැමිණියත්, ඔවුන් පිටව යන විට, ඔවුන්ගේ ආශා ඉටුවන අන්දමට එවන් අංග සම්පූර්ණ
ප්‍රතිමා වන්න. පියාගේ සම්පත් ගබඩාවේ කිසිම අඩුවක් නොමැති සේම, ඔබත් පියා හා සමානව
පිටාර ගැලිය යුතුයි.
පාඨය:
ඔබගේ
ආධ්‍යාත්මික අභිමානය පවත්වාගන්න, එවිට ඔබට කිසිම විටෙක අපහාසාත්මක හැගීමක් ඇති
නොවෙයි.
හුදකලාවට ප්‍රිය කර,
එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.
සෑම විටම තමන්ව පොළව
යට තබා ගැනීමට උත්සාහ දරන්න, එනම්, අභ්‍යන්තරගතව සිටීමට තැත් කරන්න. සියලුම
ක්‍රියාකාරකම් පොළව යට සිට සිදු කළ හැක, එනම්, ඔබ අභ්‍යන්තරගතව සිටීමින් සියලු දේ
කළ හැක. අභ්‍යන්තරගත වී ඔබගේ ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් ඔබ සියලු බාධක වලින්
ආරක්ෂිත වෙයි; ඔබට කාලය මෙන්ම සිතිවිලිද ඉතිරි කිරීමට හැකි වෙයි. හුදකලාවේ සිටින්න,
එමෙන්ම එය සමගම ඒ තරමටම විනෝදජනක ස්වභාවයක්ද පවත්වා ගන්න.