19.03.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ මෙම වියපත් ලෝකයෙන් සහ වියපත් සිරුරින් ඉවත්ව ජීව මරණයට පත් විය යුතුව ඇත. ඒ නිසා, ශරීර අවධානයෙන් මිදී ජීවාත්ම අවධානයට පත් වන්න.

ප්‍රශ්නය:
ඉතා හොඳ උත්සාහවන්තයින් වන දරුවන්ගේ ලක‍්ෂණ මොනවාද?

පිළිතුර:
ඉතා හොඳ උත්සාහවන්තයින් උදේ පාන්දරින්ම අවදි වී ජීවාත්ම අවධානය පුරුදු පුහුණු කරන අයයි. ඔවුන් පිය ස්මෘතියට උත්සාහවන්ත වෙයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ශාරීරික අය මතකයට නොගෙන නිරතුරුවම පරමාත්ම පියා සහ උපත් 84 හි චක්‍රය සිහිපත් කිරීමයි. මෙය එතරම්ම විශ්මිත වාසනාවකි!

ඕම් ශාන්ති.
ඔබ දැන් ජීව මරණයෙන් මිය ගොස් ඇත. කොහොමද ඔබ මිය යන්නේ? ඔබ ශරීර අවධානය ඉවත් කර ජීවාත්ම සත්ථාව පමණක් ලෙස සිටී. ශරීරය විනාශ වන සුළු වන අතර ජීවාත්ම සත්ථා කවදාවත් විනාශ නොවේ. පියා මෙසේ කියයි : ජීවත්ව සිටියදීම ඔබ ජීවාත්ම සත්ථාවක් බව සලකමින් පරම පියා පරමාත්මා සහ ඔබ ජීවාත්ම සත්ථාව යෝග වූ කල ඔබ පිරිසිඳු බවට පත් වේ. ජීවාත්ම සත්ථාවක් සම්පූර්ණයෙන්ම පාරිශුද්ධියට පත් වන තෙක් පිරිසිඳු ශරීරයක් ලැබිය නොහැක. ජීවාත්ම සත්ථාවක් පාරිශුද්ධියට පත් වූ කළ වියපත් ශරීරය නිරායාසයෙන් හලා දමන්නේ, සර්පයෙක් නිරායාසයෙන් හැව අරිනවා මෙනි. ඊට ඇති බැඳීම කැඩී යයි. ඌ දන්නවා අළුත් හමක් ලැබුණු විට පරණ හම හැලී යන බව. ඔබ දරුවන් හැම කෙනෙකුටත් ඔබේම වූ බුද්ධිය ඇත. ඔබ දරුවන් දැන් තේරුම් ගෙන සිටිනවා ඔබ මේ වියපත් ලෝකයෙන් සහ වියපත් ශරීරයෙන් බැහැර වී ජීව මරණයට පත් වී මරණය ජයගෙන ඇති බව. එවිට, ඔබ හරියටම ශරීරය අතහැරිය හොත් ඔබ ජීවාත්ම සත්ථාවන් ආපසු යා යුත්තේ කොහාටද? ඔබේ ගෙදරටයි. සියල්ලට පළමුව මෙය ස්ථීරවම සිහි කරන්න : මා ශරීරයක් නොව ජීවාත්ම සත්ථාවකි. ජීවාත්ම සත්ථාව මෙසේ කියයි : බාබා, දැන් මා ඔබ සතුයි. මා ජීව මරණයට පත් වීමි. ඔබ ජීවාත්ම සත්ථාවන් දැන් මෙම අණ ලබා ඇත : පියා වන මා සිහි කර තමෝ ප්‍රධාන් බවින් සතෝ ප්‍රධාන් බවට පත් වන්න. මෙම ස්මෘති පුරුදු පුහුණුව තදින් ස්ථාවර විය යුතුය. ඔබ ජීවාත්ම සත්ථාවන් මෙසේ කියයි: බාබා, ඔබ පැමිණ ඇති අතර අප ඔබට පමණක් ම භාර වෙමු. ජීවාත්ම සත්ථාවන් ස්ත්‍රී නොව පුරුෂ ලිංගිකය. සැම විටම පැවසෙන්නේ: අපි සොයුරන්ය. ඔබ කිසිවෙක් සහෝදරියන් යැයි නොකියැවේ. ඔබ සැම පුතණුවරුය. ඔබ පුතණුවන් වූ සැවොම උරුමය ලබයි. ඔබ දියණියක් යැයි කියා ගතහොත් උරුමය ලබා ගන්නේ කෙසේද? එසේ ම ජීවාත්ම සත්ථාවන් පිරිමි සහෝදරයන්ය. හැම කෙනෙකුටම පියා මෙසේ කියයි : ආධ්‍යාත්මික දරුවනි, මාව සිහි කරන්න! ජීවාත්ම සත්ථාවන් ඉතා කුඩාය. මේවා ඉතා ගැඹුරු සූක‍්ෂම කාරණා වන අතර කළ යුතුව ඇත්තේ තේරුම් ගැනීමයි. ඔබ දරුවන්ට නොසැලෙන ස්මෘතියේ සිටිය නොහැකිය. සන්‍යාසීන් උදාහරණයක් දෙයි. කෙනෙකුට කිව්වා මෙසේ කියාගන්න කියා: මා මී හරකෙකි, මා මී හරකෙකි, කියා. මෙසේ සිතීමෙන් ඒ අය සිතුවා මී හරකෙක්ම බව. ඇත්තෙන්ම නම් කිසිවෙක් මී හරකෙක් නොවේ. පියා මෙසේ කියයි : ඔබ ජීවාත්ම සත්ථාවක් බව සළකන්න. කිසිවෙකුට ජීවාත්ම සත්ථාව ගැන හෝ පරමාත්මය ගැන මෙම ඥානය නැත. එම නිසයි ඔවුන් එවැනි දේ කියන්නේ. ඔබ දැන් ජීවාත්ම සත්ථා අවධානයට පත් විය යුතුව ඇත. මම ජීවාත්ම සත්ථාවක්මි. මා මේ වියපත් ශරීරය හලා දමා අළුත් එකක් ගත යුතුව ඇත. මිනිසුන් කියන්නේ ජීවාත්ම සත්ථාවක් නළල මධ්‍යයේ තරුවක් සේ සිටින බවයි. කොහොමනමුත්, නැවත, ජීවාත්ම සත්ථාවන් මාපටැඟිල්ලේ හැඩය යැයි කියයි. ඒ දෙක අතර වෙනස විශාලය! ඔවුන් මැටි වලින් සැලිග්‍රෑම් ද හදයි. ජීවාත්ම සත්ථාවන් විශාල විය නොහැක. මිනිසුන් ශරීර අවධානයෙන් සිටින නිසා ඔවුන් එවැනි ගොරෝසු විශාල ඇඹීම් කරයි. මේවා මහත් සූක‍්ෂම වූ කාරණාය. මිනිසුන් පුංචි කොණකට වී තනිව සිට භක්ති කරයි. ඔබ ගෙදර සිටිමින්ම වැඩපල කරමින්ම ඔබේ බුද්ධිය තුළ තදින් තබා ගත යුත්තේ ඔබ ජීවාත්ම සත්ථාවක් බවයි. පියා මෙසේ කියයි : ඔබේ පියා වන මා ද ඉතා කුඩා තිතකි. නැතිව මා ලොකු කමක් නැත. මට සියලුම ඥානය තිබේ. ජීවාත්ම සත්ථාවත් පරමාත්මයත් අනන්‍ය සේ සමානය. ඔහුට උත්තරීතර බව කියනවා පමණි. මෙය නාටකයේ ස්ථීර ව නියමිතව ඇත. පියා මෙසේ කියයි : මා අමරණීයයි. මා අමරණීය නොවී නම් ඔබව පාරිශුද්ධියට පත් කරන්නේ කෙසේද? මා ඔබට ‘සුමිහිරි දරුවනි‘ යැයි අමතන්නේ කෙසේද? සියල්ල කරන්නේ ජීවාත්ම සත්ථාවය. පියා පැමිණ ඔබව ජීවාත්ම සත්ථා අවධානයට පත් කරවයි. මේ සඳහා විශාල උත්සාහයක් අවශ්‍යය. පියා මෙසේ කියයි : මාව සිහි කරන්න! වෙන කිසිවෙක් සිහි නොකරන්න! මේ ලොව විවිධාකාරයේ යෝගීන් ඇත. ගැහැණු ළමයෙක් විවාහ ගිවිස ගත් කළ ඇගේ යෝගය ඇගේ ආදරවන්තයා සමඟය. කලින් එවැනි සම්බන්ධයක් නොතිබුණි. ඇය ඇගේ ආදරවන්තයා දුටු කළ ඔහු පිළිබඳ ස්මෘතියෙන් සිටී. පියා දැන් මෙසේ කියයි : නිරතුරුවම මාවම සිහි කරන්න! ඔබ මෙය ඉතා හොඳින් පුරුදු පුහුණු කිරීම අවශ්‍යය. ඉතා හොඳ උත්සාහ දරණ දරුවන් උදේ පාන්දරින්ම නැගිට ජීවාත්ම සත්ථා අවධානය පුරුදු පුහුණු කරයි. මිනිසුන් භක්ති කරන්නේ ද උදෑසනය. ඔවුන් ඔවුන්ගේ විශේෂ දේවි දේවතාවිය සිහි කරයි. ඔවුන් හණුමන් බොහෝ සිහිකළත් ඒ ගැන කිසිවක් නොදනී. පියා පැමිණ මෙසේ විස්තර කරයි : ඔබේ බුද්ධිය වඳුරකුගේ සේ වී ඇත. ඔබ නැවතත් දෙවි දේවතාවන් බවට පත් වෙමින් සිටී. මෙය වූ කලී අපිරිසිඳු තමෝප්‍රධාන් ලෝකයයි. ඔබ දැන් අසීමිත පියා වෙත පැමිණ ඇත. මා නැවත උපත අභිබවා සිටිමි. මේ ශරීරය අයිති දාදාටයි. මට ශාරීරික නමක් නොමැත. මගේ නම යහපත සලසන්නා අරුතින්; ශිවාය. ඔබ දරුවන් දැන් දන්නවා යහපත ම සලසන ශිව බාබා පැමිණ අපාය දෙව් ලොව බවට හරවන බව. ඔහු එතරම්ම යහපතක් ගෙනෙයි. අපාය සම්පූර්ණයෙන්ම විනාශ කරයි. ප්‍රජාපිතා බ්‍රහ්මා මඟින් දැන් දෙව්ලොව නිම වෙයි. ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මුවින් උපන් දරුවන්ය. සැම විට එකිනෙකාට මෙය ප්‍රවේශමින් සිහි ගන්වන්න: මන්මනභාව්! පියා මෙසේ කියයි : මා සිහි කළ විට ඔබේ පාප දුරු වී යයි. පියා පාරිශුද්ධ කරුවාණන්ම නේද? ඔවුන්, වැරදීමකින් ශිව දෙවියන් කතා කරයි වෙනුවට ක්‍රිෂ්ණා කතා කරයි යනුවෙන් ලියා ඇත. දෙවියන් අශරීරිකය. ඔහුට කියන්නේ පරම පිතා, පරමාත්මා කියාය. ඔහුගේ නම ශිවාය. ශිවා මහත් සේ වන්දනාවට ලක්වේ. මිනිසුන් ගයන්නේ කාෂී හි ශිවා කියාය. ඔවුන් ඔහුට භක්ති මාර්ගයේ දී විවිධ නම් දී ඇත. ඔවුන් ඔහු වෙනුවෙන් සිද්ධස්ථාන ඉදි කර ඇත්තේ ඔවුන්ගේ ආදායම් වෙනුවෙනි. ඔහුගේ මුල් නම ශිවාය. එසේ වුවත්, ඔවුන් ඔහුට බීමට පැණි දෙන්නා යන අරුතින් සෝමනාථ (පැණි ස්වාමි) යන නම දී ඇත. ඔහු ඔබට ඥාන ධනය ලබා දෙයි. ඔබ වන්දනා කරුවන් වීමට, ඔහු වෙනුවෙන් සිද්ධස්ථාන තැනීමට බොහෝ වියපැහැදම් කරයි. ඒ ඔහු ඔබට එතරම් මිහිරි පැණි දී ඇති නිසාය. පැණි ස්වාමියා සමඟ පැණි ස්වාමි දුවක් (සෝමනාථදි) ද සිටිය යුතුයි. රජත් රැජිණත් හැටියට යටත් වැසියන් ද සැකසේ. ඒ නිසා, ඔබ සැම පැණියේ ස්වාමීන් හා ස්වාමි දූවරුන් වෙයි. ඔබ සත්යුගයට යයි. එහි ඇත්තේ රන්මය ගඩොල් ය. නැත්නම්, බිත්ති සාදන්නේ කෙසේද? එහි එතරම්ම රත්රන් තිබෙන නිසා එම ලෝකය ස්වර්ණමය ලෝකයයි. මෙම ලෝකය යකඩ හා ගල් වෙයි. ‘දෙව් ලොව‘ යන නම ඇසූ පමණින් ඔබේ කටට කෙළ උනයි. විෂ්ණුගේ ස්වරූප දෙකද මෙසේය. ලක‍්ෂ්මි සහ නාරායන. ඔවුන් වෙනම සිටී. ඔබ දැන් විෂ්ණු දේශයේ හිමිකරුවන් බවට පත් වෙමින් සිටී. වර්තමානයේ දී ඔබ සිටින්නේ රාවණ් දේශයේය. පියා දැන් මෙසේ කියයි : ඔබ ජීවාත්ම සත්ථාවක් බව සලකමින් ඔබේ පියා වන මා සිහි කරන්න. පියා පරම්දාම් හි වෙසෙන අතර ඔබ ජීවාත්ම සත්ථාවන්ගේ නිවහනද පරම්දාම්ය. පියා මෙසේ කියයි : මම ඔබට කිසි අපහසුවක් නොදෙමි. මේ සියල්ල පහසු නමුත්, ඔව් ඔබ ඉදිරියේ ඔබේ සතුරා වූ රාවණ් සිටී. ඔහු බාධක ඇති කරයි. ඥානය ගැන කිසිඳු බාධකයක් නැත. බාධක ඇත්තේ ස්මෘතිය සම්බන්ධයෙන්ය. මායා නැවත නැවතත් ඔබේ ස්මෘතිය අමතක කරවයි. ඇය ඔබව ශාරීරික අවධානී කරවමින් පියා සිහිකිරීම නවතයි. පියා මෙසේ කියයි : ඔබ කර්ම යෝගීවරුන්ය. සටනක් ඇත. අච්චා, ඔබට දවස පුරා ස්මෘතියේ සිටිය නොහැකි නම්, මාව රාත්‍රියේ දී සිහි කරන්න. එසේ රාත්‍රියේ දී මෙය කිරීමෙන් දවල්ටද ප්‍රයෝජනයක් වේ. සැම විට ඔබට මුළු ලොව හිමි කර දෙන පියා සිහිකරමින් නිරන්තර සිහියෙන් සිටින්න. ඔබේ පියා සහ උපත් 84 චක්‍රය සිහි කරන විට එයද මහා වාසනාවකි. අන් අයටත් මෙසේ කියන්න: සහෝදරියනි, සහෝදරවරුනි, කළි යුගය දැන් අවසන් වෙමින් සත් යුගය එමින් තිබේ. පියා පැමිණ සත් යුගය සඳහා අපට රාජයෝගා උගන්වයි. කළි යුගයෙන් පසු, සත් යුගය පැමිණිය යුතුව ඇත. එකම පියා මිස වෙන කිසිවෙකු සිහි නොකරන්න. විශ්‍රාම අවධියේ සිටින අය සන්‍යාසීන් ඇසුරු කරයි. විශ්‍රාම තත්ත්වයේ සිටීම යන්නෙහි තේරුම වචන අනවශ්‍යයි යන්නය. ජීවාත්ම සත්ථාවන් නිහඬව සිටී. ඔවුන් ගිලී යන්නේ නැත. කිසිඳු නළුවෙකුට මෙම නාටකය අත්හැර යා නොහැක. පියා ද ඔබට කියා ඇත්තේ කිසිවෙකු නොව පියා පමණක් සිහි කරන්න කියාය. අන් අය දැක්කත් ඔබ ඔවුන්ව සිහි නොකළ යුතුය. මේ වියපත් ලෝකය විනාශ වී යයි. එය සොහොන් බිමක් නේද? මළ මිනී ගැන සිහි කරන්නේ නෑ නේද? පියා මෙසේ කියයි : ඔවුන් සැවොම දැනටමත් මැරී ඇති සේය. අපිරිසිඳු අය පිරිසිඳු කර ආපසු ගෙදර ගෙන යාමට මා පැමිණ ඇත. සියලු ශරීර මෙහිදීම විනාශ වී යයි. මෙකල, බොහෝ බලැති බෝම්බ සාදමින් තිබේ. ඔවුන් මෙසේ කියයි : මෙහි සිටම, අප ඉලක්ක කරන තැනටම බෝම්බ හෙලිය හැකිය. නැවතත් විනාශය සිදු වීම නියමිතය. පරමාත්ම දෙවියන් පැමිණ රාජයෝග උගන්වන්නේ නව ලෝකයටයි. ආගමික පොත් වල ලියා ඇති එම මහා භාරත යුද්ධය මෙයම වෙයි. පියා පැමිණ ඇත්තේ නියතයෙන්ම විනාශය සහ ස්ථාපනය සිදු කිරීමටයි. මේ පිංතූරය ඉතා පැහැදිලිය. ඔබට මෙසේ දසුනක් පහළ වේ. මේ අපි පත්වන විලාසයයි. ලෝකයේ සියලු ඉගෙනුම් මෙහිදී අවසන් වේ. මෙහිදී දොස්තර වරුන් හා බැරිස්ටර් වරුන් අනවශ්‍යය. ඔබට මෙහි දීම එහි දී අවශ්‍ය උරුමය ලැබේ. මෙහිදී මෙහි ඇති කුසලතා සහ දස්කම් එහි යනු ඇත. එහි ගොඩ නැගීම සඳහා පළමු පංතියේ හොඳම ඉදි කරන්නන් සිටිනු ඇත. වෙළෙඳ බසාර් වීදි ආදිය ද ඇත. හැම දෙයක්ම දිගටම ක්‍රියාත්මක වේ. මෙහිදී ඉගෙන ගත් සියලු ප්‍රඥාවන් එහි යනු ඇත. ඔවුන් විද්‍යාව තුළින් බොහෝ දස්කම් උගනී. මේ සියල්ල එහිදී ප්‍රයෝජනවත් වේ. ඔවුන් යටත් වැසියන් ගේ කොටසක් සේ සිටී. ඔබ දරුවන් එසේ නොවේ. ඔබ පැමිණ ඇත්තේ බාබාගේ මමා ගේ සිහසුන ලබා ගැනිම සඳහාය. එමනිසා, පියා ඔබට දෙන ශ්‍රීමත් පිළිපදින්න. ඔහු ඔබට දෙන පළමු පංතියේ ශ්‍රීමත් නම්, මාවම පමණක් සිහිකරන්න! සමහර විට, කෙනෙකුගේ වාසනාව හදිසියේම පෑදේ. කවුරු හෝ ඒ සඳහා උපකරණය වෙයි. බාබා ඔබ කුමාරීන්ට මෙසේ කියයි : දැන් විවාහ වීමෙන් ඔබ සම්පූර්ණයෙන්ම විනාශ වෙයි. එම දං ගෙඩියට නොවැටෙන්න. ඔබ පියාට සවන් දෙනවා නේද? ඔබට දෙව් ලොව අධිරාජිණියක් වීමට ඕන නැත්ද? පොරොන්දු වෙන්න ඔබ නැවත එම ලෝකයට කෙසේවත් නොයන බව සහ එය සිහි නොකරන බව. කවුරු හෝ සෙහොන් බිමක් කිසි විටෙක සිහි කරයිද? ඔබ මෙහිදී මෙසේ කියයි: මා, මෙම ශරීරය අත් හළ විගස දෙව් ලොව යා හැකියි. අපේ උපත් 84 දැන් අවසානයකට පැමිණ ඇත. අපි දැන් ගෙදර යමින් සිටිමු. මෙය අන් අයටද කියන්න. ඔබ තේරුම් ගෙන සිටිනවා බාබා මිස වෙන කිසිවෙකුට ස්වර්ග රාජ්‍යය ලබා දිය නොහැකි බව. මේ රථයටත් කර්ම ඵලදීම් ඇත. බාප් සහ දාදා ඇතැම් විට ආධ්‍යාත්මික කතාබහේ යෙදේ. මේ බාබා (බ්‍රහ්මා) මෙසේ කියයි: බාබා, මට වරම් දෙන්න! මගේ මේ කැස්සට එක්කෝ බෙහෙතක් දෙන්න නැත්නම් මැජික් එකකින් නැති කර දමන්න. ශිව බාබා මෙසේ පිළිතුරු දෙයි : නැහැ, බැහැ! ඔබ එම කර්ම ඵල විඳිය යුතුව ඇත. මම ඔබේ රථය පාවිච්චි කරන නිසා ඒ වෙනුවෙන් යමක් දෙන නමුත් ඒ ඔබේ කර්ම ගිණුම්ය. අවසානය තෙක් කුමක් හෝ දෙයක් දිගටම සිදුවෙයි. මම ඔබට වරම් දුන්නොත් හෑම කෙනෙකුටම දෙන්න වෙනවා. දැන් මෙතන සිටින දුව දුම්රිය අනතුරකින් මළා නම්, බාබා කියන්නේ ඒ නාටකය අනුව කියාය. ඔබ මෙසේ නොඅසනු ඇත: ‘බාබා ඇයට ඒ ගැන කලින් අනතුරු ඇඟවූයේ නැත්තේ ඇයි?’ එය නීතිය නොවේ. මා ආවේ අපිරිසිඳු අය පිරිසිඳු කරන්නටයි. අනෙක් හැම දේම කියන්නට නොවේ. ඔබ ඔබලාම ඔබේ කර්ම ගිණුම් පියවා ගත යුතුයි. වරම් පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඒවා ඕන නම් සන්‍යාසීන් වෙත යන්න! බාබා ඔබට කියන්නේ එක දෙයයි. ඔබ මට කතා කළේ අපායෙන් ඔබ දෙව් ලොව ගෙන යාමටයි. මිනිසුන් ගයන්නේ සීතාගේ රාමා පාරිශුද්ධකරුවාණන් කියාය. කෙසේ වුවත්, ඔවුන් හැම දෙයක් ම වැරදියට තේරුම් ගෙන ඇත. ඔවුන් රාමා පසසමින් ගීත ගයයි. බාබා මෙසේ කියයි : ඔබ භක්ති මාර්ගයේ බොහෝ මුදල් වියදම් කළා. ‘බලන්න, මේ ලෝකයට සිදු වී ඇති දෙය!’ යනුවෙන් ගීතයක් ඇත. ඔවුන් දේව ප්‍රතිමා අඹා, වන්දනා කර ඉන්පසු මුහුදේ ගිල්වා දමයි. ඔබ දැන් තේරුම් ගන්නවා ඔවුන් කොතරම් මුදල් නාස්ති කරනවාද කියා. ඒ සියල්ල නැවතත් සිදු වේවි. ස්වර්ණමය යුගයේ දී එවැනි දේ නොසිදු වේ. හැම දෙයක්ම තත්පරයෙන් තත්පරයට නියම ලෙස සිදුවේ. මේ එකම දෙය හෑම චක්‍රයකම නැවත නැවත සිදු වේ. නාටකය ගැන ඉතා හොඳින් තේරුම් ගත යුතුයි. අච්චා. ඔබට හොඳ ස්මෘතියකින් සිටිය නොහැකි නම් පියා මෙසේ කියයි : ඇල්ෆා (බාබා), බීටා (ඔබේ උරුමය) සිහි කරන්න. ඔබට ඇතුළතින් කුල්මත්භාවයක් තිබෙනවා, චක්‍රය පුරා ඔබ ජීවාත්ම සත්ථාවන් උපත් 84 ක් ගෙන ඇති බව ගැන. පිංතූර මඟින් අන් අයට මෙය විස්තර කර දෙන්න. මෙය ඉතා පහසුයි. මේ ආධ්‍යාත්මික දරුවන් සමඟ කරනා දේ හදේ දෙබසයි. ඔබ දරුවන් සමඟ පමණයි පියා ආධ්‍යාත්මික දෙබසක යෙදෙන්නේ. වෙන කිසිවෙකු සමඟ ඔහුට එසේ කළ නොහැක. පියා මෙසේ කියයි : ඔබ ජීවාත්ම සත්ථාවක් බව සළකන්න. හැම දෙයක්ම කරන්නේ ජීවාත්ම සත්ථාවයි. පියා ඔබට මෙසේ සිහි ගන්වයි : ඔබ උපත් 84 ක් ගෙන ඇත. ඔබ හැම විට උපදින්නේ මිනිසුන් ලෙස පමණි. බාබා පාපයේ නොයෙදෙන ලෙස අනඥාව නිකුත් කරනා ලෙසම ඔහු කිසිවෙකු හඬා වැලපිය නොයුතු යැයිද අනඥාවක් කරයි. ස්වර්ණමය යුගයේ දී හා රිදී යුගයේ දී කිසිවෙකු හඬන්නේ නැත. කිසිවෙකුට හෝ හැඬීම තහනම්ය. එය හැම කෙනෙකුම සතුටින් ඉපිලෙන ලෝකයකි. ඔබ එය මෙහිදී පුහුණු විය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියාගෙන් වරම් ඉල්ලනවා වෙනුවට ස්මෘති වන්දනා ගමන තුළින් ඔබේ කර්ම ගිණුම් පියවා ගන්න. පාරිශුද්ධ බවට පත් වීමට උත්සාහ කරන්න. නිවැරදිවම නාටකය තේරුම් ගන්න.

2. වියපත් වූ ලෝකය දකින අතරෙදි කිසිවක් සිහිපත් නොකරන්න. කර්ම යෝගි කෙනෙකු වන්න. නිරතුරුවම සතුටින් සිටීම පුරුදු පුහුණු කරන්න. කවදාවත් අඬන්න එපා.

වරදානය:
ඔබේ පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතරතුර "මම" යන සියලු අවධානයන් අත්හැරීමෙන් ඔබ සැබෑ භාරකරුවෙකු වී මායාව ජය ගන්නෙකු බවට පත් වේවා.

කසළ වල විෂබීජ උපදින්නාක් මෙන්, මායාද “මගේ” යන අවධානය ඇති තැන උපත ලබයි. මායා ව ජය ගන්නෙකු වීමට පහසුම ක්‍රමය නම් ඔබ භාරකරුවෙකු ලෙස සැලකීමයි. බ්‍රහ්ම කුමාරයෙකු යනු භාරකරුවෙකු වීම වන අතර භාරකරුවෙකුට “මගේ” යන අවධානය නොමැති නිසා කිසිවෙකු කෙරෙහි කිසිදු බැඳීමක් නොමැත. ඔබ ගෘහපතියෙකු ලෙස සලකන විට මායා පැමිණෙන අතර ඔබ භාරකරුවෙකු ලෙස සලකන විට මායා පලා යයි. එමනිසා, ඔබේ පවුල සමඟ ක්‍රියා කිරීමට පෙර නොබැඳි වන්න, එවිට ඔබ මායා නොවදින්නෙක් වනු ඇත.

පාඨය:
මමත්වය ඇති තැන, නිග්‍රහයට ලක්වීමේ යම් හැඟීමක් අනිවාර්යෙන්ම ඇති වේ.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.

ඔබ නැගිටින විට, ඉද ගන්න විට, කතා කරන විට සහ සේවය කරන විට, මිනිසුන් ඔබගේ අභ්‍යන්තර පිරිසිදුකම සහ සත්‍යය අත්විදිය යුතුයි, මන්ද, ඔබට පරමාත්ම දෙවියන්ගේ හෙළිදරව්වට උපකරණ විය හැක්කේ එවිට පමණයි. මේ සදහා පාරිශුද්ධත්වයේ ආලෝකය නිරන්තරයෙන් දල්වා තබන්න. සුළු කැලඹීමක් වත් නොතිබිය යුතුයි. පාරිශුද්ධත්වයේ ආලෝකය නොසැලී තිබෙන තරමට, මිනිසුන්ට වඩාත් පහසුවෙක් පරම පියාව හදුනාතැනීමට හැකි වෙයි.