19.04.25 Avyakt Bapdada
Sinhala
Murli 15.12.2009 Om Shanti Madhuban
පවුල වෙනුවෙන්
සෙනෙහසේ වගකීම් ඉටු කිරීම සඳහා දැනුමින් පිරිපුන් මෙන්ම
පරම පියාට සමාන වී, නොබැඳි නරඹන්නෙකුගේ මනෝ ස්ථිතියේ ස්ථාවරව රැඳී සිටින්න.
පරම පියා, තමන්, නාටකය සහ පවුලේ අය කෙරෙහි ඔබගේ බුද්ධියේ විශ්වාසය ඇති කර, ජය ගන්න.
අද දින බලවත් පියා,
ඔහුගේ බලවත් දරුවන්ව දකිනවා, මන්ද සෑම දරුවෙක්ම සෙනෙහසින් යුතුව පරම පියාට සමාන වීම
සදහා (බාප්සමාන්) ගැඹුරු සෙනෙහසකින් යුතුව උත්සාහ දරනවා. ඔය දරුවන් දැකීමට බාප්දාදා
සතුටු වන අතර ඔහුගේ හදවතේ ඔය දරුවන්ගේ ආශ්චර්යය ගැන ගීත ගායනා කරයි: අපූරුයි
දරුවනි, අපූරුයි! ඔය දරුවන් පියාගේ හිසේ කිරුළයි. ඔය දරුවන් දෙයාකාරයකින් පිදුම්
ලබන අතර පියා පිදුම් ලබන්නේ එක් ස්වරූපයකින් පමණයි. ඉතිං, ඔය දරුවන් පරම පියාගේ
මාර්ගයෙන් පියාට ඉදිරියෙන් යන අතර මේ නිසයි ඔය දරුවන්ගේ උත්සාහය දැක පියා සතුටු
වන්නේ. ඔව් සැබවින්ම ඔබ අංක පිළිවෙලයි, නමුත් ඔබගේ උත්සාහයට අරමුණක් තිබීම ඔබව
ඉදිරියට ගමන් කරවයි.
අද අම්රිත් වේලාවේ,
සෑම තැනකම සිටින ඔය දරුවන්ගේ මෙම දැනුමේ පදනම වන එක කාරණාවක් බාබා දුටුවා. පදනම
විශ්වාසයයි. මෙවන් කියමනකි: බුද්ධියේ විශ්වාසය ඇති අය ජය ගනී. ඉතිං ඔය සියලු දෙනාගේ
විශ්වාසය බාබා දුටුවා. ඔව් සැබැවින්ම අංක පිළිවෙලට, සියලු දෙනා තුළ පරම පියා කෙරෙහි
විශ්වාසය තිබේ, එමෙන්ම එහි සලකුණ වන්නේ ඔබ සියලු දෙනාම ඔහුව හදුනාගෙන ඔහුට අයත් වී
තිබීම මෙන්ම ඔහුව මුණගැසීමට මෙහි පැමිණ සිටීමයි. සෑම දරුවෙක් තුළම පියා කෙරෙහි
නොබිඳි විශ්වාසයක් තිබෙන නමුත් පියා කෙරෙහි විශ්වාසයට අමතරව වෙනත් දේ කෙරෙහි ඔබගේ
විශ්වාසයත් ශක්තිමත්ව තිබිය යුතුයි. තමන් පිළිබඳ විශ්වාසයක් තිබිය යුතුයි. එයට
අමතරව නාටකය කෙරෙහි විශ්වාසය සහ පවුල කෙරෙහි විශ්වාසය තිබිය යුතුයි. මෙම විශ්වාස
ආකාර සතරින්ම ශක්තිමත් වීම යනු ඔබගේ බුද්ධියේ විශ්වාසය තිබෙන බව සහ එම පදනමින්
ජයගැනීමයි. එබැවින් පරීක්ෂා කර බලන්න: මා මෙම විශ්වාසයේ ආකාර සතරෙන්ම ශක්තිමත්ද?
පියා කෙරෙහි විශ්වාසය තිබීමේදි ඔබ සියලු දෙනාම පවසන්නේ: ‘මගේ බාබා’ සහ ‘මා පරම
පියාට අයිතියි’ කියා. ඔබ පියා පිළිබදව ‘මගේ’ කියා පවසන අතර පියා මත සම්පූර්ණ
අයිතියක් හිමි කරගෙන තිබෙනවා. ඔබ පියාගෙන් නිරන්තර අයිතියක් හිමිකරගෙන ඇති අතර
සියලු සම්පත් වලට අයිතියක් හිමි කරගෙන තිබෙනවා. ඒ සමගම තමන් පිළිබඳ විශ්වාසය
තිබීමත් අවශ්‍යයි. ඇයි? ඔබට තමන් පිළිබද විශ්වාසයක් නොමැති නම්, ඔබ අධෛර්යයට පත්
වෙයි. තමන් පිළිබඳ විශ්වාසය යනු: මම, පරම පියා විසින් මා හට ලබා දී ඇති
ස්ව-අභිමානයේ ප්‍රතිමූර්තියක්මි; මට ස්ව-ආධිපත්‍යයට අයිතියක් තිබේ. පරම පියාම මට
බොහෝ ස්ව-අභිමාන ලබා දී තිබේ. මට ස්ව-ආධිපත්‍යයට අයිතියක් තිබේ. පියාම මට බොහෝ
ස්ව-අභිමාන ලබා දී තිබේ. සෑම ස්ව-අභිමන් කරුණක්ම ඔබගේ අවධානය තුළට දමන්න, එවිට ඔබ
බොහෝ සේ කුල්මත් වෙයි. මෙකල මිනිසුන්ට ඕනෑම නම්බු නාමයක් ලැබුණු විට, එය ඔවුන්ගේ
භාග්‍යයක් බව ඔවුන් සලකයි, නමුත් ඔය දරුවන්ට සෑම සියලු ආත්ම-අභිමන් කරුණක්ම ලබා දී
ඇත්තේ කවුරුන්ද? බාප්දාදා විසින්ම ඔය සෑම දරුවෙක්ව ස්ව-අභිමානයේ ප්‍රතිරුවක් බවට
පත් කර ඇත. සෑම ස්ව-අභිමන් කරුණක්ම සිහිපත් කිරීමෙන් ඔබට සතුටින් පියාසර කළ හැක.
එබැවින් නිරන්තරයෙන් තමන් පිළිබඳ විශ්වාසයේ මෙතරම් කුල්මත් බවක් පවත්වා ගන්න:
කෝටි-ගණනක ජීවාත්ම අතරින්, පරම පියාගේ මාර්ගයෙන් ස්ව-අභිමානය ඇති එක්කෙනෙක් වන මම,
තවද ස්ව-අභිමානයේ ප්‍රතිමූර්තියක්මි. පියා කෙරෙහි ඔබ තුළ විශ්වාසය තිබෙන සේම, තමන්
පිළිබඳව විශ්වාසය තිබීමත් අත්‍යාවශ්‍යයි, මන්ද, ඔබට තමන් පිළිබඳව විශ්වාසයක් තිබෙන
විට, එවිට ඔබගේ සෑම ක්‍රියාවක් පිළිබඳවත් ඔබගේ බුද්ධියේ විශ්වාසය තිබෙයි, එනම්, ඔබට
ස්ව-අභිමානය තිබෙන අතර ඔබ ජයග්‍රාහීය. විශ්වාසයේ අරුත වන්නේ සාර්ථකත්වයයි. එය මෙසේ
නොවෙයි: මා තුළ පරම පියා කෙරෙහි විශ්වාසය තිබේ. පියා කෙරෙහි ඔබ තුළ විශ්වාසය තිබීම
ඉතාම හොඳයි, නමුත්, පියා කෙරෙහි විශ්වාසය තිබීම සමගම මෙම කුල්මත් බව තිබීමටත්
අවශ්‍යයි: මම කවුද! ස්ව-අභිමානයේ සෑම සියලු කරුණක්ම සිහි කරන්න, එවිට විශ්වාසය සහ
කුල්මත් බව ඔබගේ ක්‍රියාකාරකම් සහ මුහුණේ දිස්වනු ඇත. එය දිස්වන අතර එය නොකඩවා
දිස්වෙයි. මෙයට අමතරව තුන්වන දේ වන්නේ නාටකය පිළිබඳව විශ්වාසය තිබීමයි. මෙයත්
අවශ්‍යයි, මන්ද, නාටකය ඇතුලත ගැටළු තිබෙන අතර සාර්ථකත්වයද තිබේ. ඔබ තුළ නාටකය ගැන
පූර්ණ විශ්වාසයක් ඇත්නම් එවිට තම බුද්ධියේ විශ්වාසය ඇති අයට, ඔවුන්ගේ විශ්වාසයේ
පදනමින් ගැටළු යම් විසඳුමක් බවට පරිවර්ථනය කිරීමට හැකි වෙයි, මන්ද විශ්වාසය යනු
ජයග්‍රහණයයි. ඉතිං ඔබ ජය ගන්නේ කවුරුන් මතද? එය පරිවර්ථනය කිරීමෙන් ඕනෑම ගැටළුවක්
තත්පරයකදි විසඳුමක ස්වරූපයක් බවට පත් වෙයි; එවිට ඔබ තුළ කිසිදු කැලඹීමක් ඇති
නොවෙයි. ඔබ නොසැලී රැදී සිටියි, මන්ද, නාටකය පිලිබඳ දැනුම තිබීමෙන් ඔබ නොසැලී, අචල
වෙයි. පෙර කල්පයේදීද ඔබ විසඳුම් වල ප්‍රතිමූර්තියක් වූ බවට විශ්වාසය ඔබට තිබේ,
එනම්, ඔබ සාර්ථක ජීවාත්මයක් විය, ඔබ දැන්ද එය වන අතර කල්පයකට පසුවත් ඔබ එය බවට පත්
වීමට යනවා. ඉතිං මෙම කුල්මත් බව නාටකය පිළිබඳ ඔබ තුළ ඇති විශ්වාසය බොහෝ ස්ථිර
කිරීමට මඟ පාදයි. එවිට ඔබට මෙම ආධ්‍යාත්මික කුල්මත් බව (ෆකූර්) සහ කුල්මත් බව
(නශාර්) තිබේ: මම එසේ සිටියා, මම එයයි එමෙන්ම මා එය බවට පත් වෙනවා. එබැවින් මෙම
උත්සාහ දරන ජීවිතයෙදි නාටකය පිළිබඳ විශ්වාසය තිබීමට අවශ්‍යයි. මෙයට අමතරව, සතරවැන්න
වන්නේ පවුල පිළිබඳ විශ්වාසය තිබීමයි, මන්ද ඔහු පැමිණි සැනින්ම පරම පියා පවුල
නිර්මාණය කළා. පියා කෙරෙහි ඔබ තුළ විශ්වාසය තිබෙන සේම, පවුල පිළිබඳ විශ්වාසය
තිබීමත් අවශ්‍යයි, මන්ද, එය සැබැවින්ම කාගේ පවුලද? මෙතරම් විශාල පවුලක් වෙන කාටද
තිබිය හැකි වන්නේ? පවුල පිළිබඳ විශ්වාසය තිබීම උපරිම ලෙස අත්‍යාවශ්‍යයි, මන්ද
මෙතරම් විශාල පවුලක් වෙන කාටද තිබෙන්නේ? ඔබට ලෝකයේ අවශ්‍ය තරම් පවුල් සංඛ්‍යාවක්
පරීක්ෂා කර බැලිය හැක: මෙවන් පවුලක් වෙන කිසිවෙකුට තිබෙනවාද? දිව්‍යමය පියෙකුටවත්
මෙතරම් විශාල පවුලක් නොමැත, මන්ද ඔවුන්ට සිටින්නේ අනුගාමිකයන් වන අතර මෙහි තිබෙන්නේ
පවුලකි. ඔබ නොකඩවා සේවය සිදු කරන්නේ එමෙන්ම සම්බන්ධතා පවත්වන්නේ මෙම පවුලේ අය
සමගයි. ඔබට සම්බන්ධතාවයක් තිබෙන්නේ පරම පියා සමග පමණක් සහ එබැවින් පවුලේ අය සමග එසේ
නොතිබුණාට කම් නැහැ නොවෙයි. පවුල සමග ඔබගේ විශ්වාසය උපත් 21ක් පැවතිය යුතුයි. ඔබ එය
දන්නවා නේද? මෙම විශාල පවුල තුළ ඔබ සියලු දෙනා සමග හොඳින් සිටින බව ඔබ දැන ගන්නේ,
බුද්ධියේ ඇති විශ්වාසයෙන් පවුලේ අය සමග සම්බන්ධතාවයකට පැමිණීමෙන්ය. පවුලේ අය සමග
හොඳින් සිටීම සඳහා ඔබ මෙයට අවධානය යොමු කළ යුතුයි. පවුලේ සෑම සියලු දෙනාටම වෙනස්
සංස්කාර තිබෙන අතර එසේ තිබෙයි. ඔබගේ සිහිවටනය මාලාව වන අතර ඔබ මාලාව දෙස බලන්නේ
නම්, ඔබට පළමුවන අංකය සහ 108 වන අංකය දැකිය හැක, මන්ද ඔවුන් සියලු දෙනා පවුලේ විවිධ
සංස්කාර ඇති අයයි. ඉතිං ඔබ මෙවන් විශාල පවුලක කටයුතු කළ යුත්තේ, එකිනෙකාගේ සංස්කාර
වටහාගැනීමෙනි. එය එක පවුලක්, එක පියෙක්, එක රාජධානියක් වන බැවින් අප ගමන් කළ යුත්තේ
එකමුතු වීමෙනි. මෙය විශාල පවුලක් වන සේම, ඔබට සියලු දෙනා කෙරෙහි පරිත්‍යාගශීලී
හදවතක් තිබිය යුතු අතර සියලු දෙනා සමග හොදින් සිටිය යුත්තේ සියලු දෙනා වෙනුවෙන් සුබ
පැතුම් සහ පිවිතුරු හැගීම් ඇති ස්ථිතියක ස්ථාවරව රැදී සිටිමිනි, මන්ද, මෙම පවුල
ඇතුලත සංස්කාර සහ ස්වභාවයන් තිබෙන බැවින්. සමහරු මෙසේ සිතයි: පවුලෙන් ඇති ඵලය
කුමක්ද? මට බාබා පිළිබඳ විශ්වාසයක් තිබෙනවා. කෙසේවෙතත්, මෙහිදි ධර්මයක් සහ
රාජධානියක් යන දෙකම ස්ථාපිත කෙරෙනවා; එය ධර්මයක් පමණක් නොවෙයි. පැමිණි අනෙක් සියලුම
ආගම් නිර්මාතෘවරු රාජධානියක් නොවෙයි, ආගමක් පමණක් ස්ථාපිත කළා. මෙහි, ඔබ සියලු
දෙනාද පාලනය කිරීමට යනවා. රාජධානියකට පවුලක් අවශ්‍ය වන අතර ඔබ විවිධ ස්වරූප වලින්
පවුලේ අය සමග උපත් 21ක් ජීවත් විය යුතුයි. ඔබට පවුල හැර දමා කොහේවත් යා නොහැක.
එබැවින් මෙය පරීක්ෂා කර බලන්න. මෙසේ නොසිතන්න: පරම පියා දන්නා අතර මමත් දන්නවා. සෑම
දෙයක්ම අදාල වන්නේ පියා සමගයි, නමුත් මෙම ආකාර සතරේ විශ්වාස අතරින් එක වර්ගයක
විශ්වාසය වුවද අඩු නම්, චංචලත්වය ඇති වෙයි. ඔව් සැබවින්ම සකාශ් ලබා දීමට ඔබගේ සේවා
සහකරු ලෙස පරම පියා ඔබ සමග සිටියි, නමුත් ඔබගේ සහකරුවන් කවුරුන්ද? ඔබට සිටින භෞතික
සහකරුවන්, පවුලේ අයයි. ඉතිං ආකාර තුනක විශ්වාසය තිබීම අතින් ඔබගෙන් බහුතරයක් හොදින්
ගමනේ යන බව පියා දුටුවා, නමුත් ඔබ පවුලේ අයටත් ඔබගේ වගකීම ඉටු කළ යුතුයි; ඔබගේ
සංස්කාර ඔබ සුසංයෝග කළ යුතුයි; ඔබ හිතකාමී හැගීම් ඇතිව බලමින්, එකිනෙකා සමග කටයුතු
කළ යුතුයි. මෙය අතින් බොහෝ දරුවන් ඔවුන්ගේ ධාරිතාවයට අනුව ගමන් කරයි. කෙසේවෙතත්,
පවුලේ අය කෙරෙහි විශ්වාසය තිබීම ගැන දැනුමින් පිරුණු සහ නිරන්තරයෙන් පරම පියා මෙන්
නොබැදි නරඹන්නෙකුගේ ස්ථිතියෙන් ගමන් කරන සහ ජීවත් වන අයයි, අංක එක වන්නේ හෝ අංක එකේ
කොට්ඨාශයට පැමිණෙන්නේ. එබැවින් පරීක්ෂා කරන්න: ස්වභාවයන් සහ චේතනා තිබෙන්නේ පවුලක්
තුළයි, පවුලක් තුළ සුළු වැරදීම් සිදුවෙයි; පවුලක් තුළ බාධක පැමිණෙයි. එබැවින් මෙම
පවුල කෙරෙහි විශ්වාසය තිබීම අතින් සමත් වීම බොහෝ අත්‍යාවශ්‍යයි.
පවුලේ අය සමග කටයුතු
කිරීමේදී සහ ඔබගේ වගකීම් ඉටු කිරීමේ යම් අඩුවක් ඇත්නම්, එවිට එය කුඩා හෝ විශාල
බාධකයක් වුනත්, එය කරදර ගෙන දෙයි. මෙවන් ප්‍රශ්න පැන නඟින්නේ පවුල සම්බන්ධයෙන්
පමණයි: ‘මෙය මෙසේ වෙන්නේ ඇයි? මෙය මෙහෙම වෙන්නේ කොහොමද?’ එබැවින්, “ඇයි?” කියා
විමසනවා වෙනුවට, ඔබ එකිනෙකා සමග එකමුතුව සිටිය යුතු බවත් පවුලක වගකීම ඉටු කළ යුතු
බවත් අවබෝධ කරගන්න, මන්ද මෙය පරම පියාගේ පවුල නිසා. එය පරමාත්ම දෙවියන්ගේ පවුලයි;
එය සාමාන්‍ය පවුලක් නොවෙයි. මෙම විශ්වාසය ඇති කරගන්න: “අපූරුයි බාබා! අපූරුයි
නාටකය! අපූරුයි, මා වන ජීවාත්මය සහ අපූරුයි පවුල!” මෙය හොඳද? ඔබ මෙය පරීක්ෂා කර
බලනවාද? ඔබ සතරෙන්ම සමත් වෙලාද? සතරින්ම? එකකවත් අඩුවක් නැතුව? මෙය පරීක්ෂා කරන්න!
මේ දැන්ම පරීක්ෂා කරන්න, මන්ද ජයගැනීමට ඇති එකම මාර්ගය මෙයයි. සංස්කාර මතු වන්නේ
පවුල තුළයි, එමෙන්ම එම සංස්කාර සුසංයෝග කරගැනීම සදහා, ඔබ ඒවා පරිවර්ථනය කළ යුතුයි
(එම සංස්කාර), එමෙන්ම තවද බොහෝ උසස් දැක්මකින් පවුල දෙස බැලිය යුතුයි. බාප්දාදා ඔබට
මින් පෙරද පැවසුවේ, බාප්දාදා අවසන් දරුවා දෙස පවා බලන්නේ බොහෝ වාසනාවන්ත අයෙක්
ලෙසයි. ඇයි? ඔහු පරමාත්ම දෙවියන්ව හඳුනාගෙන තිබේ. සාමාන්‍ය ස්වරූපයකින් සිටින පියාව
ඔහු හඳුනාගෙන ඇත. බොහෝ ශ්‍රේෂ්ඨ මහාත්මයන්ට පවා පරමාත්ම දෙවියන්ව හඳුනාගැනීමට
නොහැකි වී ඇති නමුත්, බාප්දාදාගේ අවසන් දරුවා පවා පවසන්නේ: “මගේ බාබා”. ඔහුගේ
හදවතින් ඔහු පවසන්නේ, “මගේ බාබා”. බාප්දාදා දරුවන්ට සෙනෙහස මෙන්ම සෙනෙහස සහ ස්මරණය
ලබා දෙන සේම, අවසන් දරුවාගේ පවා විශේෂත්වය දැක, ඔහු අවසන් අයටත් සමානව එයම ලබා
දෙයි. එබැවින් ඔබ තුනකින්ද, නැත්නම් සතරෙන්ම හෝ දෙකක් හෝ එකකින් පමණක් හොඳින්ද කියා
පරීක්ෂා කර බලන්න. ඔබ පරීක්ෂා කළාද? පරීක්ෂා කළාද? සතරම පිළිබඳව විශ්වාසය තිබීම
අතින් ඔබ හොඳින් බව සිතන අය: පරම පියා, තමා, නාටකය සහ පවුල - සතරම පිළිබඳ විශ්වාසය
ඇති අය අත් ඔසවන්න! ඔබ හොඳින්ද? ඔබ හොඳින්? බාබා ඔබව පිරික්සිය යුතුද? ඔව් අත්
ඔසවන්න! හොඳින්ද? පවුල යන විෂයෙන් ඔබ සමත් වුනාද? ඔබ පවුලේ අය සමග සබැදියාවක් ඇති
කර ගත යුතුයි, මන්ද ඔබ පවුල දමා යන්නේ නැහැ; ඔබ පවුල තුළ ජීවත් වෙමින් ඔබගේ වගකීම
ඉටු කළ යුතුයි. ඉතිං ඔබ මින් සමත් වුනාද? ඔබ කිසිදාක මෙසේ සිතනවාද: “මේ කෙනා මෙහි
නොසිටියා නම් වඩාත් හොදයි?” “මේ කෙනා මෙහෙම කරන්නේ ඇයි?” “මෙය සිදු වන්නේ ඇයි?” ඔබට
එවන් සිතිවිලි ඇති වනවාද? පවුල පිළිබදව ඔබට එවන් සම්පූර්ණ කුල්මත් බවක් තිබෙනවාද?
සතරම පිළිබදව විශ්වාසය ඇති කෙනෙක් තුළ මෙවන් සිතිවිලි ඇති නොවෙයි, “මේ අන්දමට හෝ අර
අන්දමට”. ඔබගේ සිතිවිලි තුළට මෙය ඇතුළු විය හැක: “එය මේ අන්දමට සිදු වන්නේ ඇයි?”,
නමුත් “ඇයි?” හෝ “මොකක්ද?” යන ප්‍රශ්න ඔබව චංචල නොකළ යුතුයි; එය ඔබගේ හැගීම් වෙනස්
නොකළ යුතුයි. මෙය හැදින්වෙන්නේ සතරින්ම සමත් වීම, ලෙසයි. ඔබ අත් ඔසවා බාප්දාදාව
සතුටට පත් කළා, නමුත් පවුල පිළිබද මෙම කාරණාවේදී, විටෙක බාප්දාදාට බොහෝ දේවල් ගැන
අසන්නට සහ දැකීමට සිදුවෙයි. ඔබට මුළුමනින්ම පරිත්‍යාගශීලී හදවතක් තිබිය යුතුයි. සෑම
කෙනෙක්වම නිවැරදි බවට පත් කළ යුත්තේ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් වලින්, මන්ද එය
එක පවුලක් පමණයි. ඔබ සියලු දෙනා හොදින්, එකමුතුව, එකට එකතුවී, එකිනෙකා සමග කටයුතු
කර අන් අයවත් ගමන් කරවිය යුතුයි. ඔබ තමන්ව පමණක් මේ අන්දමට ඉදිරියට ගමන් කරවන්නේ
නැහැ, නමුත් අන් අයවත් මේ අන්දමට ගමන් කරවිය යුතුයි, බාප්දාදා ඔබගේ අවධානය මෙයට
යොමු කරවන්නේ මේ නිසයි: පවුල තුළ සිටින, සියලු කැලඹිලි වලින් සමත් වී, කිසිදු
නිෂ්ඵලත්වයක් නොමැති අය, අන් අයවත් ඒ අන්දමට පත් කළ යුතුයි. වර්ථමානයේ ඔබගෙන් කී
දෙනෙක් ඔබගේ මධ්‍යස්ථාන වල වාසය කරනවාද? වැඩිම වුනොත්, උපරිම 25 හෝ 50ක් ඇති; එතරම්
සංඛ්‍යාවක් නොමැත, නමුත් එය විශාල ස්ථානයක් නම්, 50ක් හෝ 60ක් හිදීවි, හෝ වැඩිම
වුනොත් 100ක් සිටිවි. එතරම් නොමැති නමුත් බොහෝ දෙනෙක් සිටින බව සිතන්න. සියලු
මධ්‍යස්ථාන වල සිටින ඔය දරුවන්ට, අවසන් දරුවාට පවා, ඔබ ආදරණීය දරුවෙක් බව කියමින්
බාප්දාදා ඔබව ඉදිරියට ගමන් කරවා තිබේ. සෙනෙහසේ ලක්ෂණය වන්නේ? බාප්දාදා ඔබට දිනපතා
ලබා දෙන සෙනෙහස සහ ස්මරණය කුමක්ද? සුමිහිරි, සුමිහිරි දරුව (මිහිරිතම දරුවනේ).
අමිහිරි දරුවන්ද සිටින බව දැනගෙනත්, බාබා කිසිදාක මෙසේ කියමින් සෙනෙහස සහ ස්මරණය
ලබා දී තිබෙනවාද: සුමිහිරි සහ අමිහිරි දරුවනේ? ඔහු ඔවුන්ව අමතන්නේද ආදරණීය අය
ලෙසයි, එමෙන්ම ඔහු මෙය පවසනවා පමණක් නොවෙයි, නමුත් ඔහු විශ්වාස කරන්නේ එම දරුවා:
මගේ දරුවෙක්. ඔහුට අයත්ය, යන හැගීම ඇතිව ඔහු එම දරුවාව ඉදිරියට ගෙන යයි, මන්ද මෙම
නාටකයේ සහ මාලාවේ, සෑම කෙනෙක්ම අංක එක නොවන බව, ප්‍රතිඵලය එය බව, ඔහු දන්නා නිසා.
විවිධ සංස්කාර තිබෙන අතර එසේ තිබිය යුතුයි - එසේ නැත්නම් සෑම කෙනෙක්ම රජ කෙනෙක්
වෙයි; එවිට පුරවැසියන් වන්නේ කවුද? ඔබ පාලනය කරන්නේ කාවද? හොද ජනතාවත් අවශ්‍යයි.
රාජකීය මිනිසුන්; මෙය රජදහනක්. මේ ආකාරයට ඔය සෑම කෙනෙක්ම තමන්ව පරීක්ෂා කර බැලිය
යුතුයි. පවුලක, ඇතැමෙකුට යම් අන්දමකින් නරක සංස්කාර තිබිය හැක, නමුත් ඔබගේ සංස්කාර
කුමක්ද? යමෙකුගේ අයහපත් සංස්කාර දැකීමෙන්, ඔබගේ හොද සංස්කාරත් අයහපත් වන්නේ නම්,
එවිට ඔබත් අයහපත් වී ඇත. අයහපත, යහපතද නරක් කරයි.
ස්ථාපන කාලයේදී,
බාප්දාදා මුළුමනින් 350 හෝ 400 දෙනෙක්ව රැක බලාගත්තා. වර්ථමානයේ ඒ අන්දමට එකට වාසය
කරන පවුලක් කිසිවෙකුට නොමැත. හොදයි, ඔබට විවිධ වගකීම් ඇති, නමුත් එය වගකීමක් වන අතර
පවුලක් තුළ වගකීම් තිබේ. සාමාන්‍ය පවුලක්, සාමාන්‍ය වගකීමක්, ඔබ සාමාන්‍ය අන්දමකට
දවස ගෙවයි. එය එසේ නොවෙයි. මෙය අද්විතීය සහ ආදරණීය පවුලකි. ඔබට මේ දෙයින් බාධා ඇති
වී, ඉන්පසුව ඒ කෙනා ඒ දේ කළ නිසා එය සිදු වූ බව, එසේ සිදුවුනේ ඒ කෙනා එය කළ නිසයි,
යන නිදහසට කරුණු ඉදිරිපත් කිරීම - කෙසේවෙතත්, පියාට එදිරිවාදිකම් වලට මුහුණ පෑමට
සිදුවුනේ නැද්ද? පිටව ගිය අය සිටියා. එය එදිරිවාදිකමක් නොවෙයිද? එවිට පවා සමහරු
පිටව ගිය නමුත්, පියා පැවසූවේ: ‘ඔවුන්ට තෝලි යවා ඔවුන්ට ආපසු අඩගැසීමට තැත් කරන්න.
ඔවුන්ට සේවය කර, ඔවුන්ට මතක් කර දෙන්න.’ ඉතිං ඔබ සමත් විය යුත්තේ විශ්වාස වර්ග හතරම
තිබීමෙන්ද, නැත්නම් දෙකක් හෝ තුනක් පමණක් තිබීමෙන්ද? ඔබ අංක එක හිමි කරගත යුතුයි.
මේ සදහා විනාශය වෙනුවෙන් සියල්ල සූදානම් වී ඇති නමුත්, විනාශය තවමත් සිදුවීමට බලා
සිටියි. සොබාදහම පරම පියා වෙතට පැමිණෙයි. ස්වභාව ධර්මය - පදාර්ථ - පවසන්නේ: දැන් බර
බොහෝ අධිකයි. පදාර්ථ වලට පවා බරින් නිදහස් වීමට අවශ්‍යයි. මායාද පවසන්නේ: මගේ කොටස
දැන් අවසන් වීමට ඉතා ආසන්න බව මා දන්නවා, නමුත් සුළු කාරණා වලදි මගේ සහකරුවන් වන
බ්‍රහ්මින් පවුලේ එවන් දරුවන් සිටිනවා. ඔවුන් සමග අසුන් ගැනීමට ඔවුන් මට සලස්වනවා.
ඔබගේම රාජධානිය ගෙන ඒමේදී මේ කාරණා සතරෙහිම විශ්වාසය තවමත් තිබෙන්නේ ප්‍රතිශතයකටයි,
කාලය තවමත් බලා සිටින්නේ මේ නිසයි. කෙසේවෙතත් මායා සහ සොබා දහම යන දෙකම සූදානම්ය.
දැන් කතා කරන්න: බාබා ඒවාට නියෝගයක් ලබා දිය යුතුද? ඔය දරුවන් නිති සූදානම්
නැත්නම්, බාබා, මායාට සහ සොබාදහමට මෙම නියෝගය ලබා දිය යුතුද? ඔහු එය කළ යුතුද? අත්
ඔසවන්න! ඔබ සූදානම්ද? නිකම්ම අත් ඔසවන්න එපා! ප්‍රශ්න පත්‍රයක් පැමිණෙයි; විභායක්
පැමිණෙයි. ඔබ නිති සූදානම්ද?
දැන් බාප්දාදා තුළ
සෑම දරුවෙක් ගැනම මෙම බලාපොරොත්තුව තිබේ, එනම් ඔබ: ‘කෙයිසේ?’ (කෙසේද?) අවසන් කර ඒ
වෙනුවට ‘එයිසේ!’ (මෙහෙමයි!) පවසයි කියා. ‘මා එය කළ යුත්තේ කෙසේද?’: නොවෙයි. නමුත්:
‘එය මෙහෙම කරන්න.’ ඔබ මෙම බලාපොරොත්තුව ඉටු කරන්නේ කවදා වන විටද? ඔබට කොපමණ කාලය
අවශ්‍යද? සියලු දෙනාම සූදානම් විය යුතුයි. ඔබ සූදානම් මෙන්ම ඔබ අත ඔසවා ඇත්නම් එවිට
ඔබගේ වගකීම කුමක්ද? එකිනෙකාව තමා හා සමාන බවට පත් කිරීම.
සියලු පුවත්,
පැවැත්වූ සියලු වැඩසටහන් පිළිබද ප්‍රතිඵල ගැන බාප්දාදාට අසන්නට ලැබුණා. ඒවා හොදින්
සිදු වූ අතර ප්‍රතිඵලයද හොදයි, බොහෝ උනන්දුව සහ උද්යෝගයෙන් පිරි තිබුණි. එබැවින් එය
සිදුවිය යුතු බව, ඔබ මෙය කළ යුතු බවට අරමුණ ඇති කරගන්න. සමාප්තිය සමීපයට ගෙන එන්න.
ඔබ ටිකක් චංචල වන විට, සමාප්තිය තව ටිකක් ඈතට යයි. සමාප්තිය සමීපයට ගෙන ආ යුතු අය
ඔබලාය, මන්ද පාලනය කිරීමට යන අය සූදානම් නැත්නම්, කාලය කුමක් කරන්නද? එබැවින් දැන්
නිදහසට කරුණු ඉදිරිපත් කිරීම හෝ හේතු දැක්වීම නතර කරන්න. විසදුම ඉදිරියේ තබන්න. ඔබ
සියලු දෙනාගේම අරමුණ වන්නේ දුකින් වේදනා විදින අයට පණිවිඩය ලබා දී ඔවුන්ට මුක්තිය
ලබා දීමයි. ඔවුන්ට මුක්තිය ලබා නොදී ඔබට විමුක්තිය ලබා ගත නොහැක. එබැවින් ඔවුන්ට
මුක්තිය ලබා දෙන්න! පරම පියා පැමිණ සිටියි, එබැවින් ඔහු මුළු ලෝකයේම දරුවන්ට උරුමය
ලබා දෙයි, එහෙම නේද? ඔහු ඔබට ඔබගේ ජීවන-මුක්තියේ උරුමය ලබා දෙයි, නමුත් සියලු දෙනාම
ඔහුගේ දරුවන්. ඔහු ඔවුන්ටත් ඔවුන්ගේ උරුමය ලබා දිය යුතුයි නේද? ඉතිං, ඔවුන්ගේ උරුමය
මුක්තිය වන අතර ඔබගේ උරුමය ජීවන-මුක්තියයි. ඔබ ඔවුන්ට මුක්තිය ලබා දෙන තුරු ඔබටත්
ආපසු යා නොහැක. ඒ සදහා මෙම අභ්‍යාසය සිදු කරන්න: දිනපතාම 12 වරක් සුරදූතයෙක් වන්න
එමෙන්ම, අශාරීරික ස්ථිතියේ 12 වතාවක් රැදී සිටින්න. දිවා කල සහ රාත්‍රිය, පැය 24ක්
වන අතර ඔබ මෙම අභ්‍යාසය 24 වතාවක් සිදු කළ යුතුයි. නිදා ගන්න වෙලාවේදි ඔබට නිදා ගත
හැක. ඔබ නොනිදා සිටිය යුතු බව බාප්දාදා කියන්නේ නැහැ. නිදා ගන්න, නමුත් දිවා කාලයේ
මෙය වැඩි කරන්න. ඔබට උත්සව තිබෙන විට, ඔබ මුළු දවස පුරාම වැඩ කරයි. ඔබ අවදිව රැදී
සිටිනවා නේද? එබැවින් මෙම අභ්‍යාසය සිදු කිරීමටත් කාලය සාදා ගන්න. අච්චා.
සෑම තැනකම සිටින පරම
පියාට ආදරණීය ඔය සියලුම දරුවන්ට - මන්ද, ආදරණීය අය අනිවාර්යෙන්ම සහයෝගශීලීය, එමෙන්ම
සෙනෙහසේ ප්‍රතිඋපකාරය වන්නේ, ප්‍රායෝගිකව, සෑම කාර්යයකින්ම ඔවුන්ගේ සිරුරු, මනස,
ධනය සහ නෑ සබදතා තුළින් ඔවුන් අනිවාර්යෙන්ම එකිනෙකාට සහයෝගය ලබා දෙනු ඇත, පරම පියා
කෙරෙහි නිරන්තරයෙන් සෙනෙහසේ ගැලී සිටින එවන් ආදරණීය සහ සහයෝගී දරුවන්ට - සෙනෙහස
තිබීම පමණක් නොව නමුත් සෙනෙහසේ ගිලී රැදී සිටින අයට, එමෙන්ම තම කාලය සහ සිතිවිලි
පියාගේ සියලුම කාර්යයන් සදහා සෑම විටම භාවිතා කරන අයට, මන්ද, සංගම යුගයෙදි ඔබගේ
කාලය සහ සිතිවිලි වලට විශාල වටිනාකමක් තිබෙනවා, බොහෝ උපත් ගණනාවකට මෙම එක් උපතෙදි
ප්‍රතිලාභයක් නිර්මාණය කරගන්නා අයට, කාලයට අනුව සෑම ගුණධර්මයක් සහ සෑම බලයක්ම
භාවිතා කරන එවන් තීව්‍ර උත්සාහ දරන අයට, ගුණදම් සහ බලයන්ගෙන් පිරිපුන් ඔය දරුවන්ට
බොහෝ, බොහෝ කෝටි ගුණයක සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.
වරදානය:
ඔබ නීති
සම්පාදකයෙක් මෙන්ම ආශිර්වාද දානපතියෙක් බවට පත් වීමෙන්, දයාවෙන් පිරිපුන් වී, සියලු
ජීවාත්ම බලයෙන් පුරවත්වා.
ජීවාත්මයකට යම්
ආශාවක් තිබෙන නමුත් එඩිතරකම නොමැති නිසා ඔහුට එම ආශාව තිබුණත් අවශ්‍ය දේ ලබා ගැනීමට
නොහැකි නම්, එවිට නීති සම්පාදකයෙක් වනවාත් සමගම, එනම්, එවන් ජීවාත්මයකට මෙම දැනුම
දානය කරන්නෙක් වී, තවද දයාවෙන් පිරිපුන් වී ආශිර්වාද දන් දෙන්නෙක් වන්න. ඔබගේ සුබ
පැතුම් වල අතිරික්ත බලය එම ජීවාත්මයට ලබා දෙන්න. කෙසේවෙතත්, ඔබට එවන් ආශිර්වාද දන්
දෙන්නෙකුගේ ප්‍රතිමූර්තියක් විය හැක්කේ, ඔබගේ සෑම සිතිවිල්ලක්ම පියාට කැප කළ විටයි.
ඔබගේ සෑම මොහොතක්, සෑම සිතිවිල්ලක් සහ සෑම ක්‍රියාවක්ම කැප කරන බවට ඔබ දුන්
පොරොන්දුව ඉටු කරන්න.
පාඨය:
ඔබගේ සැබෑ
ස්වරූපය අවධානයේ තබා ගන්න, එවිට ඔබට සත්‍යයේ බලය තිබෙයි.
අව්‍යක්ත සංඥාව:
ශ්‍රේෂ්ඨ වීම සදහා මිහිරි බව සහ නිහතමානිකමේ ගුණධර්ම ධාරණය කරගන්න.
බාප්දාදාට දැන්
දැකීමට අවශ්‍ය වන්නේ ඔය සෑම දරුවෙකුගේම නළල මත සම්පූර්ණ පාරිශුද්ධත්වයේ දිදුලන
මැණිකයි. ඔහුට ඔබගේ දෑස් නිරන්තරයෙන් ආධ්‍යාත්මිකත්වයෙන් බැබලීම දැකීමට, මධුර සහ
අමිල වදන් වලට සවන් දීමට සහ ඔබගේ ක්‍රියා තුළ තෘප්තිය සහ නිරහංකාරකම දැකීමට
අවශ්‍යයි.