19.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ විසින් කළ යුතු ප්‍රධානම සේවය වන්නේ බාබා සිහිපත් කිරිමත් අන් අයටත් එය මතක් කර දීමත් වේ. ඔබට පුළුවන් සියලුම දෙනාට බාබාගේ හැඳින්වීම ලබා දී ඔවුන්ටත් ප්‍රයෝජනයක් ගෙන එන්න.

ප්‍රශ්නය:
ඔබ අකීකරු කමට පත් කරවන පුංචි ක්‍රියාව කුමක්ද ? එය නැති කිරීමට ඇති ක්‍රමය කුමක්ද?

පිළිතුර:
ඔබට යමක් හැංගීමේ හෝ සොරකම් කිරීමේ පුරුද්ද තිබෙනවා නම්, ඒ කියන්නේ ඔබ අකීකරුයි කියන එකයි. කුඩා බීම බටයක් සොරකම් කරන අයෙක් සියදහස් ගණන් පවා සොරකම් කළ හැකි අයෙක් බවට කතාවක් තිබෙනවා. ඔබ ඇසීමෙන් තොරව ආසාව නිසා හෝ කුස ගින්න නිසා හෝ යමක් ගත හොත් එය සොරකමක්. එය බොහොම නරක ක්‍රියාවක්. මෙම ක්‍රියා වලින් මිදීමට නම් බ්‍රහ්ම බාබා මෙන් භාරකරුවකු බවට පත්වන්න.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික දරුවනි, ඔබගේ ආධ්‍යාත්මික පියා ඔබට මෙහිදී විස්තර කරනවා. දරුවනි, ඔබ දන්නවා ඔබ හිඳගෙන සිටින්නේ ඒ අසීමිත පියා ඉදිරියෙහි බව. ඔබ අයත් වන්නේ සත්‍යයේ පවුලටයි. ඔබ දන්නවා දෙවියන් අශාරිරිකයි කියාලා. ඔබ මෙහිදී හිඳගෙන ඉන්නේ ආත්ම අවධානයෙන්. විද්‍යාවේ හෝ හතා යෝගා හී හෝ කිසිම උඩඟු බවක් මෙහිදී කිසිම කෙනෙක් තුළ පැන නොනැඟිය යුතුයි. මෙය ඔබගේ බුද්ධියෙහි ක්‍රියාවක්. ඔබගේ ශරිරයත් සමඟ කිසිම දෙයක් මෙහිදී කිරීමට අවශ්‍ය නැහැ. හතා යෝගා වලදී තමයි ඔබ ඔබගේ ශරීරය පාවිච්චි කළ යුත්තේ. මෙහිදී ඔබ ඔබගේ පියා ඉදිරියෙහි තමයි හිඳගෙන ඉන්නේ. ඔබ දන්නවා ඔබ ඔහුගේ දරුවන් කියලා. බාබා ඔබට උගන්වන බවත් ඔබ දන්නවා. පළමුවෙන්ම බාබා කියනවා සුමිහිරි දරුවනි, ඔබ ජීවයක් ලෙස සලකා බාබා සිහි කරන්න. එවිට ඔබගේ සියලුම පාපයන් නැති වී යනවා. ඒ වගේම මෙම ස්වදර්ශන චක්‍රයත් ඔබ විසින් කරකැවිය යුතුයි. අන් අයට සේවය කොට ඔවුන්වත් ඔබගේම තත්ත්වයට පත්කරවන්න. බාබා ඔබ සියලුම දෙනාව හොඳින් අධ්‍යයනය කොට බලනවා. සෑම කෙනෙක්ම මොන ආකාරයේ සේවාවන්ද ඉටු කරන්නේ කියලා. මොහු භෞතික වශයෙන් සේවය කරනවාද, සුක්ෂම ලෙස සේවය කරනවාද, එසේ නැති නම් අශාරිරික තත්ත්වයේ සිට සේවය කරනවාද කියා ඔහු සෑම කෙනෙක් දෙසම බලනවා. මොහු සෑම කෙනෙක්ටම සේවය කරනවාද ? මෙය තමයි ප්‍රධානම කරුණ. ඔබ සෑම දරුවෙකුටම බාබාගේ හැඳින්වීම ලබා දෙනවාද ? ’මා සිහිකරන්න, එවිට ඔබගේ උපත් ගණනාවක පාපයන් නැති වී යනවා‘ යන වැකිය බාබා විසින් කියන බව ඔබ අන් අයට විස්තර කර දෙනවාද? ඔබ මෙම සේවයෙහි කෙතරම් කාලයක් නිරත වෙනවාද ? ඔබ එකිනෙකා සංසන්දනය කොට බලන්න කවුද විශාලම සේවය කරන්නේ කියලා. ඇයි මම මොහුට වඩා විශාල සේවයක් නොකොට මෙම ස්මරණය නැමැති වන්දනා ගමනෙහි ඉදිරියෙන්ම යන්නේ නැත්තේ ? ඔබට අන් සියලු දෙනාටම වඩා වේගයෙන් ගොස් මෙම තරඟය දිනන්න පුළුවන්ද, බැරිද ? බාබා සියලු දෙනා දෙස බලනවා. බාබා සියලු දෙනාගේ ප්‍රවෘති මොනවාද කියා සොයා බලනවා. ඔබ මොනවගේ සේවයක්ද කරන්නේ ? ඔබ අන් අයට බාබාගේ හැඳින්වීම ලබා දි ඔවුන්ට ප්‍රයෝජනවත් අයෙක් වනවාද ? එසේ නැති නම් කාලය අපතේ හරිමින් සිටිනවාද ? මෙය තමයි ප්‍රධානතම කාරණය. මේ කාලය වන විට සියලුම දෙනා අනාථයන් බවට පත්වෙලා කිසිම කෙනෙක් ඔවුන්ගේ අසිමිත වු පියා ගැන දන්නේ නැහැ. ඔබ අනිවාර්යෙන්ම පියාගෙන් ඔබගේ උරුමය ලබනවා. දරුවනි, ඔබට දැන් තේරෙනවා විමුක්තියේ දේශය යනු කුමක්ද ? ජීවන මුක්තියේ දේශය යනු කුමක්ද? කියා. දරුවනි, ඒ වගේම ඔබ තේරුම් ගත යුතුයි ඔබ මේ කාලයේ දී තමයි මේ සියලුම දේ ඉගෙන ගන්නේ. ඉන් පසුව ඔබ සත් යුගයට ගොස් ජීවන මුක්තියේ වාසනාව ලැබ ගන්නවා. අනෙක් ආගම් වල සිටින ගණන් කිරිමට නොහැකි ජීවයන් එහි පැමිණෙන්නේ නැහැ. ඔබ පමණයි භාරතයේ ඉතිරි වන්නේ. දරුවනි, බාබා ඔබට විස්තර කර දෙන සියලුම දේ ඔබගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. ඔබ දැන් සංගම යුගයේ සිටින නිසා ඔබගේ කෑම ඉතාමත් පිරිසිඳු විය යුතුයි. ඔබට තේරෙනවා ඔබ අනාගතයේ දී සෑම ගුණාංගයකින්ම සම්පුර්ණ වෙනවා කියලා. ඒ කියන්නේ සොළොස් කලා ගුණයෙන්ම පිරුණු සම්පුර්ණයෙන්ම පාපයෙන් මිදුණු අයෙක් බවට ඔබ පත් වෙනවා. මෙම ප්‍රශංසනීයත්වය අදාල වන්නේ ශරිරයක් ලබා ගන්නා ජීවයන්ට පමණි. මෙම ජීවයේම ප්‍රශංසනීයත්වය නොවේ. සෑම ජීවයකටම අදාල චරිත කොටසක් රඟපෑමට තිබෙනවා. ඒ වගේම එය ආත්ම ලෝකයේ සිට එහි කොටස රඟ පෑම සඳහා මෙහි භෞතික ලෝකයට පැමිණිය යුතුයි. ඔහු හා සමාන වීම යන ඔබගේ ඉලක්කය හා අරමුණ දැන් ඔබගේ බුද්ධියේ තිබෙනවා. බාබාගේ උපදෙස් තමයි දරුවනි, පාරිශුද්ධත්වයට පත්වන්න. සමහරු අසනවා මම කොහොමද පාරිශුද්ධත්වයෙන් සිටින්නේ මෙතරම් මායාගේ කුණාටු තිබියදී ? ඔබගේ බුද්ධිය සෑම තැනක් වෙතම ඇදී යන විට මා එය නවත්වන්නේ කෙසේද ? දරුවනි, මේ ගැන ඔබගේ බුද්ධියෙන් කල්පනා කර බැලිය යුතුයි වෙන කිසිම කෙනෙක් මේ ආකාරයෙන් සිතන්නේ නැහැ. ඔබ දැන් ඔබගේ පියා, ගුරුවරයා ඒ වගේම ගුරු පවා හමු වී තිබෙනවා. දරුවනි, ඔබ තේරුම් ගන්නවා බාබා වු කලි සියලු දෙනාගෙන්ම උසස්ම තැනැත්තා කියලා. ඔහු තමයි ඥාන සාගරය වන පියා. ඒ වගේම ගුරුවරයා. බාබා දැන් පැමිණ සිටින්නේ සියලුම ජීවයන් ඔහු සමඟ නිවහන කරා ගෙන යාමටයි. දිව්‍ය තත්ත්වයට පත් වු බොහෝම ස්වල්ප දෙනයි සත් යුගයෙහි සිටින්නේ. ඔබ හැර වෙන කිසිම මුනුෂ්‍යයෙක් මෙම දේවල් ගැන සිතන්නේ නැහැ. විනාශයෙන් පසු ඔබ කිහිප දෙනෙක් ඉතිරි වන බවත් මේ ආගම් සියල්ලක්මත් භූමි සියල්ලක්මත් ඉතිරි වන්නේ නැති බවත් ඔබගේ බුද්ධියේ දැන් හොඳින් තැන්පත් වී තිබෙනවා. ඔබ එවිට ලෝක පාලකයන් බවට පත් වෙනවා. ඒ කාලයේ දී ඔබගේ රාජ්‍යය පමණයි තිබෙන්නේ. සේවකයන් ආදී වශයෙන් නොයෙකුත් තත්ත්වයන් තිබුණා වුවත් මුළු දේශයම එකම සතුටක් තමයි අත් දකින්නේ. ඔබ එහිදී ලබන තත්ත්වය කුමක්ද? එය තීරණය වන්නේ ඔබ විසින් කරන ආධ්‍යාත්මික සේවය මතයි. බාබා පවා මෙය අසනවා. බාබා සියල්ලන්ගේම හදවත් තුළ තිබෙන රහස් දන්නේ නැහැ. ඔබ සෑම දරුවෙක්ටම තේරෙනවා තමන් මොනවාද කරන්නේ කියලා. ඔබට තේරෙනවා දාදා තමයි ශ්‍රීමත් අනුගමනය කිරිමෙන් විශාළම සේවයක් ඉටු කළේ කියලා. බාබා නැවත නැවතත් කියනවා සුමිහිරි දරුවනි, ඔබ ජීවයක් බව සලකන්න. ශරිර අවධානයෙන් ඉවත් වන්න. දවස පුරා කොපමණ කාලයක් ඔබ ජීවයක් ලෙස ඔබ විසින් සළකනවාද? මෙය තරයේ සිතා ගන්න මම ජීවයක්. මා විසින් අනිවාර්යෙන්ම බාබා සිහිපත් කළ යුතුයි. මෙසේ කළ හොත් පමණයි ඔබගේ ඔරුව එගොඩ කර ගත හැක්කේ. බාබා සිහි කිරිම මඟින් ඔබ පැරණි ලෝකයේ සිට නව ලෝකය කරා යනවා. අප අපගේ සතුටු දේශය කරා යාමට අපට තවත් බොහෝ සුළු කාලයයි ඉතිරි වී තිබෙන්නේ. ආධ්‍යාත්මික සේවය තමයි ප්‍රධානම දෙය. බාබාගේ හැඳින්වීම සියල්ලන්ටම ලබා දීම බොහොම පහසු දෙයක්. භෞතික සේවය කිරිමට එනම්, කෑම ඉවීමටත් එය කෑමටත් ඔබ යම් උත්සාහයක් දැරිය යුතුයි. මෙහිදි උත්සාහය ගැන කිසිදු ප්‍රශ්නයක් පැන නඟින්නේ නැහැ ඔබ ජීවයක් බව සිතීමට පමණයි ඔබට තිබෙන්නේ. ජීවය සදාකාලිකයි. ශරිරය විනාශ වන සුළුයි. ඔබ ඔබගේ සම්පුර්ණ කොටස රඟපෑ යුතුයි. බාබා මෙම විනාශවන කාලය තුළ පමණක් මෙහි පැමිණ ඔබට මෙම ඉගැන්වීම ලබා දෙනවා. ඒ නව ලෝකය අයිති වන්නේ දිව්‍ය තත්ත්වයේ සිටින දේවී දේවතාවන් හට පමණයි. ඔබ අනිවාර්යෙන්ම එහි යන අතර අනෙක් සියලු ජීවයන් සාම දේශය වෙත යා යුතුයි. මෙම පැරණි ලෝකය තවත් තිබෙන්නේ නැහැ. ඔබ නව ලෝකයේ සිටින විට පැරණි ලෝකය සිහි කරනවාද ? කිසිසේත් නැහැ. ඔබ සත් යුගයේ රාජ්‍යය පාලනය කරමින් සිටිනවා. ඔබ මෙය ඔබගේ බුද්ධියෙහි තබා ගත හොත් ඔබට සතුටෙන් සිටිය හැකියි. සත් යුගය නොයෙකුත් වචන වලින් හඳුන්වනවා. ඒ වගේම මෙම නිරය සඳහාත් නොයෙකුත් වචන දී තිබෙනවා. පාපයෙන් පිරි ජීවයන්ගේ ලෝකය, අපාය, දුකෙන් පිරි ගෘහය ආදී ඒවායි. දරුවනි, ඔබ දැන් තේරුම් ගන්නවා ඔබට ඉන්නේ අසීමිත වු පියෙක් පමණක් බව. ඔබ සියල්ලන්ම ඔහුගේ ආදරණීය දරුවන්. ඉතින් ඔබ එවැනි පියෙක් හට සෑහෙන සෙනෙහසක් දැක්විය යුතුයි. බාබා අන් අයව කටු බවින් මල් බවට පත් කරවීමේ සේවයෙහි යෙදෙන දරුවන් හට සෑහෙන සෙනෙහසක් තිබෙනවා. ඔබත් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් අනිවාර්යෙන් දිව්‍ය තත්ත්වයට පත් විය යුතුයි. බාබා අපට මෙම තත්ත්වයට පත් කිරීම සඳහා පැමිණ සිටිනවා. එමනිසා, ඔබගේ ඇතුලාන්තයෙන් ඔබ විශාල සතුටක් අත්දැකිය යුතුයි. ඔබ සත් යුගයේ දි මොන වගේ තත්ත්වයක්ද ලබන්නේ ? එය තීරණය වන්නේ ඔබ කරන සේවය අනුවයි. ඔබ ඔබගේ නිවසේ සිටින සේවිකාවන් හට පවා බාබාගේ හැඳින්වීම ලබාදිය යුතුයි. ඔබ ඔබත් සමඟ පෞද්ගලික සම්බන්ධතාවයට එන සෑම කෙනෙකුටම බාබාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. සෑම කෙනෙක්ටම ඔබ සේවය කළ යුතුයි අහිංසක, දුප්පත්, පීඩිත අයට ඔබ මෙම ඥානය ලබාදිය යුතුයි. බොහෝ දිළිඳු අය නිවැරදි වී පාපයෙන් මිදෙනවා. එසේ නැති වුවහොත් ඔවුන් දිගින් දිගටම පාප ක්‍රියා කරමින් සිටිනවා. ඔබට දකින්නට පුළුවන් කොපමණ බොරු කිරිම් හා වංචනික ක්‍රියා සිදු වෙනවාද කියා. සේවකයින් පවා දැන් සොරකම් කරනවා. එය එසේ නැතහොත් මිනිසුන් සෑම දෙයක්ම අගුලකුත් සහිතව තනන්නේ ඇයි ? කොහොමනමුත්, අද දරුවන් පවා සොරුන් බවට පත් වී තිබෙනවා. ඔවුන් රහසේ නොයෙකුත් දේ රැගෙන යනවා. කුස ගින්නෙන් පෙලෙන ළමයෙක් කෑමක් ගන්නවා. කෑමට අසාවෙන් සිටින ළමයෙකු අනිවාර්යෙන්ම සොරකම් කරනවා. මෙය ශිව බාබාගේ ධන ගබඩාවයි. ඔබ මෙයින් සතයක් හෝ සොරකම් නොකළ යුතුයි. මේ බ්‍රහ්මා භාර කරුවෙක් පමණයි. ඒ අසීමිත පියා බාබා දැන් පැමිණ සිටිනවා. දෙවියන්ගේ නිවසින් සොරකම් කිරිමට සිතෙන්නේ කා හටද ? කිසිම කෙනෙක් එවැනි දෙයක් ගැන සිහිනෙන්වත් සිතන්නේ නැහැ. ඔබ දන්නවා ශිව බාබා තමයි උසස්ම තැනැත්තා කියලා. ඔබ ඔහුගේ දරුවන් වන නිසා ඔබගේ ක්‍රියා වුවත් දිව්‍යමය ක්‍රියා විය යුතුයි. ඔබට පුළුවන් සිර කුටි වල සිටින සිරකරුවන්ට පවා මෙම ඥානය ලබා දෙන්න. සොරකම් කිරීමට මෙහි තිබෙන්නේ මොනවාද ? අඹ ගෙඩියක් ගෙන කෑම පවා සොරකමක්. ඇසීමකින් තොරව ඔබ කිසිම දෙයක් නොගත යුතුයි. ඔබ එයට අතවත් නොතැබිය යුතුයි. ශිව බාබා තමයි ඔබගේ පියා. ඔහු කොතරම් දේවල් ඇසුවා වුවත් දැක්කා වුවත් ඔහු තවමත් අසනවා ඔබ තුළ යම් යම් දුර්වලතා තිබෙනවාද කියලා. ඔබ තුළ තවමත් දුර්වලතා තිබෙනවා නම් එය බාබා හට පැවසිය යුතුයි. එය ඔහුට දානය කරන්න. එය ඔහුට දීමෙන් පසුව නැවතත් එය රැගෙන ඔබ අකීකරු වුවහොත් ඔබ බොහෝ සෙයින් දඬුවම් ලැබිය යුතුයි. සොරකම් කිරීමේ පුරුද්ද ඉතා නරක දෙයක්. උදාහරණයක් හැටියට කෙනෙක් බයිසිකලයක් සොරකම් කළ හොත් ඔහුව අල්ලා ගන්නවා. සමහර මිනිසුන් ඔවුන් පොළට යන විට පුංචි බිස්කට් පැකට් ආදිය සොරකම් කර ගන්නවා. එමනිසා, එම වෙළඳුන් බොහෝ සෙයින් මේ ගැන ප්‍රවේසම් වෙනවා. මෙය විශාල ආණ්ඩුවක්. මෙම පාණ්ඩව ආණ්ඩුව ඔවුන්ගේ දිව්‍ය රාජ්‍යය නිර්මාණය කරනවා. බාබා කියනවා මා මෙම රාජ්‍යය පාලනය කරන්නේ නැහැ. ඔබ වැනි පාණ්ඩවයින් තමයි මෙම රාජ්‍යය පාලනය කරන්නේ. මිනිසුන් හිතනවා මෙම ක්‍රිෂ්ණා තමයි මෙම පාණ්ඩවයින්ගේ පියා කියලා. එසේ නම් පාණ්ඩවයින්ගේ පියාගේත් පියා කවුරුන්ද ? ඔබ දන්නවා ඔහු ඔබ ඉදිරියෙහි තමයි ඉඳගෙන ඉන්නේ කියලා. ඔබ සියලුම දෙනාම දන්නවා ඔබ කෙතරම් දුරට සේවය කරනවාද කියලා. බාබා ඔබට ඔබගේම රාජ්‍යය ලබා දී ඔහු විසින්ම විශ්‍රාමික තත්ත්වයට පත් වෙනවා. ඔහු සියලු දෙනාටම පරහිතකාමී සේවයක් කරමින් ඔවුන් සතුටටත් සාමයටත් පත් කරවනවා. මිනිසුන් කියනවා ලෝකය පුරා සාමය තිබිය යුතුයි කියලා. ප්‍රවෘත්ති පත්‍රවල ඔවුන් සාම තිළිණයක් ගැන පවසනවා. දරුවනි, ඔබ තේරුම් ගත යුතුයි හොඳින් සේවය කරන අය අනිවාර්යෙන්ම විශාල සාම තිළිණයක් ලබා ගන්නවා කියලා. සේවය කිරීමේ උසස්ම ආකාරය තමයි බාබාගේ හැඳින්වීම ලබා දීම. ඕනෑම කෙනෙකුට මෙය කළ හැකියි. දරුවනි, ඔබට එම දිව්‍ය තත්ත්වයට පත් වීමට අවශ්‍ය නම් ඔබ විසින් සේවය කළ යුතුයි. ඔබ දැක්කා කොහොමද මොහුගේ භෞතික පවුල තිබුණේ කියලා. බාබා ඔහු විසින්ම කළ යුතු දේ කුමක්ද කියා ඔහු කියා දුන්නා. ඔහු මෙම ශරීරයට ඇතුල් වී ඔහු විසින් කළ යුතු සේවයත් ඔබ විසින් කළ යුතු සේවයත් කියා දුන්නා. ඔහු මට එය කියන්නේ කෙසේද ? ඔහු මා තුළට ඇතුළු වී මා විසින්ම කළ යුතු දෙය කිරීමට මා පොළඹවනවා. බාබා තමයි කරන්කරවන්හාර්. ඔහු කියනවා මේ සියලු දේ අත්හරින්න. මේ සම්පුර්ණ ලෝකයම දැන් අපිරිසිඳුයි. දැන් එම සත් යුගයට ඔබ පැමිණිය යුතුයි යන සිතිවිල්ල ඔබට තිබෙනවා. එමනිසා තමයි ඔබ මෙම පැරණි ලෝකය කෙරෙහි නිරාශා වන්නේ. සෑම කෙනෙක්ම සිතනවා මොහුට කුමක් වූවාද ? කියා. ඔහු බොහෝ සෙයින් ලාභ ලබන ව්‍යාපාරිකයෙක්ව සිටියා. ඔහු කළේ කුමක්ද? මා දැනගෙන සිටියේ නැහැ මා විසින් කුමක් කළ යුතුද කියා. මේ සියලුම දේ අත්හැරීම එතරම් පහසු දෙයක් නොවෙයි. මා සියලු දේ අත්හැර මගේ දරුවන් හටත් එලෙස කිරීම සඳහා පෙළඹ වුවා. මා ඔවුන්ට කිව්වා ඔබ දැන් මෙම ආධ්‍යාත්මික සේවය සිදු කළ යුතුයි. සෑම දෙනාම දැන් පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. ඔබ සියලු දෙනා කිව්වා ඔබ ඥානය නැමැති අමෘතය බීමට යනවා කියලා. ඔවුන් මමාගේ නම යොදාගෙන තියෙනවා. අපි ඕම් රාධේගෙන් ඥානය නැමැති අමෘතය ලබා ගැනීමට යනවා කියලා. මෙම උපාය මාර්ගය නිර්මාණ කළේ කවුරුන්ද? ශිව බාබා මොහුගේ ශරීරයට ඇතුල් වී මෙම උපාය මාර්ගය ගැන ඔහුට කියා දුන්නා. මෙහි පැමිණෙන ඕනෑම කෙනෙක් මෙම ඥානය නැමැති අමෘතය බොනවා. ’ඇයි ඔබ මෙම අමෘතය නොබී විෂ පානය කරන්නේ ?‘ යනුවෙන් කියමනක් පවා තිබෙනවා. පිරිසිඳු දිව්‍ය තත්ත්වය ලැබීමට නම් ඔබ දැන් මේ විෂ පානය අත් හැර අමෘතය පානය කළ යුතුයි. එය මුලදී ඒ වාගේ වූවා. ඔබට අමෘතය බීමට අවශ්‍ය නම් විෂ පානය දැන් නවතාලිය යුතුයි. ඔබට එම පාරිශුද්ධත්වයෙන් පිරි ලෝකයෙහි විසිමට අවශ්‍ය නම් ඒ එකම පියා පමණක් සිහි කළ යුතුයි. ඒ සඳහා නොයෙකුත් දබර කර ගැනීම් මෙහිදී සිදු වෙනවා. නොයෙකුත් අවහිරතා මුල සිටම පැමිණියා මෙන්ම නිරන්තරයෙන්ම මෙම අවහිරතා පැමිණෙනවා. අහිංසක අය තමයි බොහෝ සෙයින් බැට කන්නේ. ඔබ ශක්තිමත් වන තරමට තමයි අන් අය පාරිශුද්ධත්වය ඉතා වටිනා දෙයක් බව තේරුම් ගන්නේ. මිනිසුන් ඒ සඳහා කෑ ගසනවා. ඔවුන් කියනවා බාබා, පැමිණ අප පිරිසිඳු කරන්න කියලා. මුලදී ඔබට මොන වගේ චරිතයක්ද තිබුණේ ? ඔබ මොනවගේ තත්ත්වයකද සිටියේ ? දැන් දැන් මොනවගේ තත්ත්වයකටද පත්වීමට යන්නේ? මුලදි ඔබ නොයෙකුත් දේවතාවන්ගේ පිළිම ඉදිරියේ ගොස් කිව්වා ඔබ පව්කාරයින් කියලා. දැන් ඔබ තවත් මෙසේ කියන්නේ නැහැ. මන්ද, ඔබ දැන් ඒ දිව්‍ය තත්ත්වයට පත් වීමටයි යන්නේ. දරුවනි, ඔබ සෑම දෙනාම ඔබගෙන් ඇසිය යුතුයි මම කෙතරම් දුරට සේවය කරනවාද ? උදාහරණයක් ලෙස කෑම පිළියෙල කරන ස්ථානයෙහි සියලුම දේ බලන බෝලි දාදී ඔබට සෑහෙන සේවයක් කරනවා. ඇය කරන සේවයෙහි ඈ බොහෝ දේ ලබනවා. ඇය බොහෝ දෙනෙකුට සේවය කරන නිසා සියලු දෙනාගෙන් ඇය ආශීර්වාද ලබනවා. බොහෝ දෙනා ඇයව ප්‍රශංසනීයත්වයට ලක් කරනවා. ඔවුන් කියනවා මෙසේ කෑම පිළියෙල කරන එම ස්ථානය සියලු දේම සුදානම් කිරීම පුදුමාකාරයෙන් සිද්ධ වෙන්නේ. එය භෞතික සේවයක්. ඒ වගේම සුක්ෂම සේවයත් සිදු කළ යුතුයි. සමහරු කියනවා බාබා මෙම පාපයන් පහ ඉතා බලවත් වු අමනුෂ්‍යයන් වගෙයි ඔවුන් අපට ස්මරණය වෙන්න ඉඩ දෙන්නේම නැහැ. බාබා කියනවා ඔබ කෑම පිළියෙල කරන අවස්ථාවේ දී බාබා පමණක් සිහි කරන්න. ශිව බාබා හැර වෙන කිසිම සහකරුවෙක් ඔබට නැහැ. මෙසේ ගීතයක් තිබෙනවා ’මා ඔබගේ රැකවරණය පතා ආවා‘. ඔබ සත් යුගයේ නම් මෙවැනි ගීත ගයන්නේ නැහැ. ඔබ දැන් මෙහි පැමිණ සිටින්නේ රැකවරණය ලබා ගන්නයි. සමහරු අපිරිසිඳු ජීවයක් ඔවුන් තුළට ඇතුළු වුවහොත් එයින් වියරු වැටෙනවා. මෙවැනි පාපයන් බොහොමයක් ඔබට තිබෙනවා. රාගය, කෝපය, ආශාව හා බැඳීම් යන පාපයන් ඔබට බොහෝ සෙයින් වේදනා ගෙන එනවා. අපිරිසිඳු ජීවයක් ඔබ තුළට ඇතුළු වුවහොත් ඔබ සුළු කාලයකට පමණයි වියරු වැටී සිටින්නේ. කොහොමනමුත්, ඔබ දන්නවා මෙම පාපයන් පහ ඔබ තුළ අවුරුදු 2500ක් තිස්සේ සිටියා කියලා. ඒවා ඔබට බොහෝ සෙයින් වද වේදනා ගෙන දුන්නා. මෙම පාපයන් ඔබගේ ශක්තිය සම්පුර්ණයෙන්ම නැති කර දැම්මා. භයානකම පාපය තමයි මෙම ශරීරයට ඔබ තුළ තිබෙන ඇලීම. රාගයත් ඒ ආකාරයේම පාපයක්. ඒවා ඔබ බොහෝ සෙයින් පීඩාවට පත් කළා. බාබා ඔබට විස්තර කර තිබෙනවා. චක්‍රයක් චක්‍රයක් පාසා ඔබ මෙම පාපයන්ගෙන් පීඩාවට පත් වෙනවා. ඒ නිසා මෙය හඳුන්වන්නේ පාපයන්ගෙන් පිරි ලෝකය හැටියටයි. රාවන්ගේ රාජ්‍යය තමයි නිරය ලෙස හඳුන්වන්නේ. ස්වර්ණම යුගයේ හා රිදී යුගයේ මේ කිසිදු පාපයක් දකින්නට ලැබෙන්නේ නැහැ. එක් පාපයකට බොහෝ සෙයින් පීඩා කිරීමේ හැකියාව තිබෙනවා. කිසිම කෙනෙක් මේවා ගැන දන්නේ නැහැ. මෙවැනි බලවත් වු පාපයන් පහක් තිබෙනවා. බාබා මෙහි පැමිණ ඔබ ඒවායින් මුදවා ගන්නවා. සිහිබුද්ධියෙන් සිටින දරුවන් මේ සෑම දෙයක්ම හොඳින් අවබොධ කර ගන්නවා. මෙම උපත තුළ ඔබ කිසිදු පාප ක්‍රියාවක් නොකළ යුතුයි. ඔබ ශරීර අවධානයට පත් වී සොරකම් කිරීමට පටන් ගත හොත් එහි ප්‍රතිඵලය වන්නේ කුමක්ද ? ඔබගේ තත්ත්වය විනාශ වී යයි. සමහරු කිසිදු අවසරයකින් තොරව නොයෙකුත් දේ ගන්නවා. කියමනක් තිබෙනවා බීම බටයක් හෝ සොරකම් කරන අයෙකුට සියදහස් ගණනක් වුවත් සොරකම් කළ හැකියි කියා. ඔබ එවැනි ක්‍රියා මෙම පවුල තුළ සිදු නොකළ යුතුයි. ඔබ මෙම ක්‍රියාවට පුරුදු වුවහොත් ඉන් පසු ඔබ කෙතරම් උත්සාහ කළත් ඉන් මිදිය නොහැකියි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. භෞතික සේවය කරනවා මෙන්ම ඔබගේ අශාරිරික හා සුක්ෂම ආකාර වලිනුත් ඔබ සේවයෙහි යෙදිය යුතුයි. බාබාගේ හැඳින්වීම ලබා දීම, බොහෝ ජීවයන් හට ප්‍රයෝජනවත් අයෙක් වීම හා මෙම ස්මරණය නැමැති වන්දනා ගමනෙහි යෙදීම තමයි නියම සේවය ලෙස හැඳින් විය හැක්කේ. මෙම සේවයෙහි නිරත වන්න. කිසිම අවස්ථාවක ඔබගේ කාලය අපතේ හරින්න එපා.

2. සිහිබුද්ධියෙන් ඔබ තුළ තිබෙන පාපයන් පහ තුරන් කර දමන්න. සොරකම් කිරීමේ හා බොරු කීමේ පුරුදු අත් හරින්න. ඔබ විසින් දුන් දෙයක් නැවත ගන්න එපා.

වරදානය:
ශාරීරික ලෙඩ රෝග පිළිබඳ වු කිසිඳු සිතිවිල්ලකින් තොර වී ඔබ තමා කෙරෙහි පිවිතුරු හා සාධනීය සිතිවිලිත් අන් අය කෙරෙහි ඥානයේ පවිත්‍රත්වයේ හා සාධනීයත්වයේ සිතිවිලිත් ඇති අයෙක් වේවා.

ශාරීරික රෝගයකට ලක් විම එක් දෙයක් වන අතර එයින් කැළබිමකට පත් විම තවත් දෙයකි. රෝගය, පැමිණීමට නියමිතව තිබුවකි. නමුත් ඔබගේ උසස් මනෝභාවය කැලබිමකට ලක් වෙනවා නම්, එය එම බන්ධනයට හසු විම පිළිබඳ සලකුණකි. ශාරීරික ලෙඩරෝග පිළිබඳ සිතිවිලි වලින් මිදී තමා කෙරෙහි පවිත්‍ර හා සාධනීය සිතිවිලි වලින් සිටීමත් ඥානයේ සිතිවිලි වලින් සිටීමත් අන් අය කෙරෙහි පිවිතුරු හා සාධනීය සිතිවිලි ඇති අයෙක් යන්න වේ. පවතින ස්වභාවය පිළිබඳව ඕනෑවට වඩා සිතීම ඔබව කණස්සල්ලකට ලක් කරවයි. මෙම බන්ධනයෙන් මිදීම කර්මතීත් විම ලෙසින් හැඳින්වේ.

පාඨය:
සෙනෙහසේ බලය, කන්දක් තරම් වු ගැටළුවක් පැන් බිඳක් සේ සැහැල්ලු කරවයි.