19.06.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ දැන් දෙවියන්ගේ දරුවන් වී තිබේ. එබැවින් ඔබ තුළ කිසිම රකුසු ගති නොතිබිය
යුතුයි. වැරදීම් සිදු නොකර, ප්‍රගතිය කරා යන්න.
ප්‍රශ්නය:
සංගම යුගයේ ඔය
බ්‍රහ්මණ දරුවන් තුළ තිබෙන විශ්වාසය සහ කුල්මත්භාවය කුමක්ද?
පිළිතුර:
අප දෙවියන්ගේ සමාජයට අයත්ය, යන විශ්වාසය සහ කුල්මත්භාවය, දරුවන් වන අපට තිබේ. අප,
ලෝකයේ පාලකයන්, දිව්‍යලෝකයේ වැසියන් බවට පත් වනවා. සංගම යුගයෙදී අපට මාරුවක්
ලබාදෙනවා. රකුසු දරුවන්ගෙන් අප දේවමය දරුවන් වී තිබේ, එමෙන්ම අප උපත් 21 කට
දිව්‍යලෝකයේ වැසියන් වීමටයි යන්නේ. මෙයට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් නොමැත.
ඕම් ශාන්ති.
පියා මෙතැන
අසුන් ගෙන විස්තර කරන්නේ දරුවන්ටයි. මනුෂ්‍යයින් සාමාන්‍යයෙන් සාමයට ප්‍රිය කරයි.
පවුලක දරුවන් අතර මතභේද ඇති විට, අසාමය ඇති වෙයි. අසාමය ඇති විට, දුක ඇතිවෙයි. සාමය
තිබෙන විට, සතුට දැනෙයි. මෙතැන අසුන් ගෙන සිටින ඔය දරුවන්ට සැබෑ සාමය තිබේ. ඔබට
මෙසේ පවසා ඇත පියාව සිහි කරන්න. තමන් ජීවාත්ම යැයි සලකන්න. සාමයේ සාගරය වන පියාව
සිහිපත් කිරීමෙන්, චක්‍රයෙන් භාගයක්ම ඔය ජීවාත්මයන් තුළ තිබුණු අසාමය ඉවත් වෙයි.
ඔබට ඔබගේ සාමයේ උරුමය ලැබෙනවා. සාම ලෝකය, සාමය නොමැති ලෝකයෙන් සම්පූර්ණයෙන් වෙනස්
බව ඔබ දන්නවා. රකුසාගේ ලෝකය කුමක්ද, දෙවියන්ගේ ලෝකය කුමක්ද, ස්වර්ණමය යුගය කුමක්ද
හෝ කලි යුගය කුමක්ද කියා මනුෂ්‍යයින්ට වැටහෙන්නේ නැත. කුමන උසස් තරාතිරමක් ඔබට
තිබුණත්, ඔබත් කියන්නේ ඔබ මෙය දැන නොසිටි බවයි. ධනය ඇති අයට තත්ත්වයක් තිබේ යැයි
කියයි. දුප්පතුන් කවුරුන්ද, ධනවත් අය කවුරුන්ද කියා ඔබට වටහා ගත හැක. ඒ අන්දමින්ම
දෙවියන්ගේ දරුවන් සිටින අතර රකුසාගේ දරුවන් සිටින බවද ඔබට වටහා ගත හැක. ඔබ
දෙවියන්ගේ දරුවන් බව ඔය සුමිහිරි දරුවන්ට දැන් වැටහෙනවා. ඔබට මෙම ස්ථීර විශ්වාසය
තිබෙනවා නේද? දෙවියන්ගේ සමාජයට අයත් වන ඔය බ්‍රහ්මණයින්ට වැටහෙනවා ඔබ දිව්‍යලෝකයේ
වැසියන්, ලෝක පාලකයන් වන බව. මෙම සතුට සෑම විටෙකම තිබිය යුතුයි. මෙය නිවැරදිව
වැටහෙන්නේ ඔබගෙන් ඉතා සුළු පිරිසකට පමණයි. ස්වර්ණමය යුගයේ, දෙවියන්ගේ සමාජය සිටින
අතර, කලි යුගයේ, රකුසාගේ සමාජය සිටියි. වඩාත්ම ශුභදායක වූ සංගම යුගයෙදී රකුසාගේ
සමාජය පරිවර්ථනය වෙයි. අපි දැන් ශිව බාබාගේ දරුවන් වී ඇත. මැද වකවානුවේදී අපට මෙය
අමතක විය. අපි ශිව බාබාගේ දරුවන් වී ඇති බව අපට මේ කාලයේදී වැටහෙනවා. ඉන්පසුව
ස්වර්ණමය යුගයේදී කිසි කෙනෙක් තමන් දෙවියන්ගේ දරුවෙක් බව, තමන් ගැන නොකියයි. එහිදී
ඔවුන් දේවතාවන්ගේ දරුවන්ය. දැනට පෙර, අප රකුසු දරුවන් විය. අප දැන් දෙවියන්ගේ
දරුවන් වී සිටියි. බ්‍රහ්මණයින් වන අප බ්‍රහ්ම කුමර කුමරියන්ය. අප එක් පියාගේ
නිර්මාණයයි. ඔබ සියලු දෙනාම සහෝදර සහෝදරියන් වන අතර, ඔබ දෙවියන්ගේ දරුවන්ය. ඔබ
බාබාගෙන් ඔබගේ රාජධානිය ලබා ගන්නා බව ඔබ දන්නවා. අනාගතයේදී අප අපගේ දිව්‍යමය
ස්වාධිපත්‍යය හිමිකරගෙන, සතුටින් සිටින්නෙමු. ස්වර්ණමය යුගය සැබවින්ම සතුටු දේශය වන
අතර, කලි යුගය සැබවින්ම දුක් දේශයයි. සංගම යුගයේ බ්‍රහ්මණයින් වන ඔබ පමණයි මෙය
දන්නේ. ජීවාත්ම, දෙවියන්ගේ දරුවන්ය. බාබා දිව්‍ය ලෝකය ස්ථාපිත කරන බව අප දන්නවා.
නිර්මාපකයා ඔහුයි. ඔහු අපායේ නිර්මාණකරු නොවෙයි - ඔහුව සිහි කරන්නේ කවුද? පියා,
දිව්‍ය ලෝකය ස්ථාපිත කරන බව, ඔය සුමිහිරි දරුවන් දන්නවා. ඔහු අපගේ ඉතාමත්ම මිහිරි
පියාය. ඔහු උපත් 21 කට අපව දිව්‍යලෝකයේ වැසියන් බවට පත් කරවනවා. මීට වඩා ශ්‍රේෂ්ඨ
දෙයක් නැත. ඔබ දෙවියන්ගේ දරුවන්ය, යන වැටහීම ඔබට තිබිය යුතුයි, එබැවින් ඔබ තුළ
කිසිම රකුසු ගුණාංගයක් නොතිබිය යුතුයි. ඔබ ප්‍රගතිය ලැබිය යුතුයි. ඉතිරිව තිබෙන්නේ
ඉතාමත්ම කෙටි කාලයකි. එබැවින් වැරදි සිදු නොකරන්න. මෙය අමතක නොකරන්න. ඔහුගේ දරුවන්
වන ඔබ ඉදිරියේ මුහුණට මුහුණ ලා අසුන් ගෙන සිටින්නේ, පියාය. අප දේවතාවන්ගේ දරුවන්
වීම සඳහා දෙවියන් සමඟ ඉගෙනගන්නවා. එබැවින් බොහෝ සේ සතුට තිබිය යුතුයි. බාබා සරලව
පවසන්නේ මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි, එපමණයි. පියා පැමිණ ඇත්තේ
සියල්ලන්ව ආපසු නිවසට රැගෙන යාමටයි. ඔබ ඔහුව වැඩියෙන් සිහි කරන තරමට ඔබගේ පාපයන්
වැඩියෙන් දුරු වී යයි. අවිද්‍යා මාවතේ, ගැහුණු ළමයෙක් විවාහ ගිවිස ගත් විට, එම සිහි
කිරීම ඇය තුළ ස්ථීරව සනිටුහන් වෙයි. දරුවෙක් ඉපදුනු සැනින්, එම සිහි කිරීම සනිටුහන්
වෙයි. එම සිහි කිරීම දිව්‍යලෝකයේ මෙන්ම අපායේද සනිටුහන් වෙයි. දරුවෙක් මෙසේ කියයි,
‘මේ මගේ පියායි‘. කෙසේවෙතත්, ඔබට දිව්‍යලෝකයේ උරුමය හිමි කර දෙන අසීමීත පියා, එම
කෙනාය. එබැවින් දැන් ඔබ තුළ සනිටුහන් විය යුත්තේ ඔහුගේ සිහිපත් කිරීමය. අපගේ අනාගත
උපත් 21 කට නැවත වරක් පියාගෙන් අපගේ උරුමය අපට හිමි වනවා. ඔබගේ බුද්ධියේ තිබිය
යුත්තේ, එම උරුමය පමණයි. සෑම කෙනෙක්ම මිය යා යුතු බව ඔබ දන්නවා. එකඳු කෙනෙක්වත්
මෙහි ඉතිරි වන්නේ නැත. ඔබගේ ආදරණීයම ආදරණීය අය වුවද ආපසු යා යුතුයි. මෙම පැරණි ලෝකය
දැන් අවසන් වීමට ආසන්න බව දන්නේ ඔය බ්‍රහ්මණයින් පමණයි. එය අවසන් වීමට පෙර,
සම්පූර්ණ උත්සාහය දරන්න. ඔබ දෙවියන්ගේ දරුවන් බැවින්, ඔබට අසීමිත සතුට තිබිය
යුතුයි. පියා දිගින් දිගටම පවසන්නේ දරුවනි, ඔබගේ ජීවිත, දියමන්ති මෙන් කරන්න. එය
දේවතා ලෝකය වන අතර, මෙය රකුසු ලොවයි. ස්වර්ණමය යුගයේ අසීමිත සතුට තිබේ. එම සතුට ලබා
දිය හැක්කේ පියාට පමණයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ පියා වෙතටයි. ඔබට මෙහි නිකරුණේ සිටිය
නොහැක. ඔබ සියල්ලන්ටම මෙහි එකට සිටිය නොහැක, මන්ද ඔය දරුවන් අසීමිත බැවින්. ඔබ
අසීමිත පියා වෙතට පැමිණ ඇත, කියා සිතමින්, ඔබ බොහෝ උද්යෝගයකින් යුතුව මෙහි
පැමිණෙනවා. අප දෙවි, පියාණන්ගේ දරුවන්ය. එසේ නම් අප දිව්‍යලෝකයේ නැත්තේ ඇයි? දෙවි,
පියාණන් දිව්‍ය ලෝකය නිර්මාණය කරනවා නේද? මුළු ලෝකයේම ඉතිහාසය සහ භූගෝලය, ඔබගේ
බුද්ධිය තුළ තිබේ. දිව්‍යමය දෙවි පියාණන්, ඔබව දිව්‍ය ලෝකයට සුදුස්සන් බවට පත්කරවන
බව ඔබ දන්නවා. ඔහු සෑම චක්‍රයකදීම ඔබව එය බවට පත් කරවනවා. ඔහු නළුවෙක් බව එකදු
මනුෂ්‍යයෙක්වත් නොදනී. අප දෙවි, පියාණන්ගේ දරුවන්ය, එබැවින් අප අසතුටින් සිටිය
යුත්තේ ඇයි? අප එකිනෙකා සමඟ කලහ ඇති කරගන්නේ ඇයි? අප සියලුම ජීවාත්ම, සහෝදරයන්ය.
බලන්න, සහෝදරයන් එකිනෙකා සමඟ කලහ ඇති කරගන්නා අන්දම දෙස. ඔවුන් සටන් කර, එකිනෙකා
විනාශ කර දමයි. මෙහි අප, පියාගෙන් අපගේ උරුමය හිමි කරගන්නවා. සහෝදරයන් එකිනෙකා සමඟ
කිසි විටෙක ලුණු වතුර මෙන් නොවිය යුතුයි. මෙහි වුවද ඇතැම් අය, පියා සමඟ ලුණු වතුර
මෙන් වෙයි. ඉතාමත්ම හොඳ දරුවන් පවා ලුණු වතුර මෙන් වෙයි. මායා ඒ තරමට බලවත්! පියා
අනිවාර්යෙන්ම ඉතා හොඳ දරුවන්ව සිහි කරනවා. පියා තුළ දරුවන් කෙරෙහි බොහෝ සේ සෙනෙහස
තිබේ. පියාට සිහි කිරීමට දරුවන් හැර වෙන කිසිවෙක් නැත. ඔබට සිහි කිරීමට බොහෝ දෙනෙක්
සිටියි. ඔබගේ බුද්ධි එහෙ මෙහෙ යයි. ඔබගේ බුද්ධිය ඔබගේ ව්‍යාපාරය වෙතටද යයි. මට
ව්‍යාපාර ආදිය නැත. ඔය සෑම දරුවෙකුටම බොහෝ ව්‍යාපාර තිබේ. මට තිබෙන්නේ එක්
ව්‍යාපාරය පමණයි. මා පැමිණ සිටින්නේ ඔය දරුවන්ව දිව්‍ය ලෝකයට උරුමකරුවන් කරවීමටයි.
අසීමිත පියාට ඇති එකම දේපළ වන්නේ ඔය දරුවන්ය. ඔහු දෙවියන්, පියායි. සියලුම ජීවාත්ම
ඔහුගේ දේපළයි. මායා ඔබව කිලිටි කර තිබේ. පියා දැන් ඔබව ලස්සන කරවනවා. පියා පවසන්නේ
මට ඉන්නේ ඔබ පමණයි. මට ඔබ කෙරෙහි බැඳීමක් තිබේ. ඔබ ලිපියක් නොලියන විට, පියා
සැලකිලිමත් වනවා. සමහර ඉතාම හොඳ දරුවන් පවා ලිපි එවන්නේ නැහැ. මායා හොඳ දරුවන්ව
සම්පූර්ණයෙන්ම අවසන් කර දමනවා. ශරීර අවධානය නිසැකයෙන්ම ඇති. ඔබගේ සුබසාධනය ගැන ඔහුට
ලියන්නට කියා පියා සෑම විටෙකම ඔබට කියනවා. බාබා විමසනවා දරුවනි, මායා ඔබට කරදර
කරන්නේ නැහැ නේද? ඔබ එඩිතරව රැඳී සිට, මායා පරාජය කරනවා නේද? ඔබ සිටින්නේ සටන් බිමක
නේද? ඔබගේ භෞතික ඉන්ද්‍රියන් දඟකාරකම් නොකරන අයුරින්, ඔබ ඒවා පාලනය කරගත යුතුයි.
ස්වර්ණමය යුගයෙදී ඔබගේ සියලුම භෞතික ඉන්ද්‍රියන් පාලනය වී තිබේ. එහිදී ඔබගේ භෞතික
ඉන්ද්‍රියන් දඟකාරකම් කරන්නේ නැහැ. ඔබගේ කට, අත් හෝ කන් කිසියම් දඟකාරකමක් කිරීම
පිළිබඳ ප්‍රශ්නයක් නැත. එහි දඟකාරකම් නොමැත. එහි කිසිම අපිරිසිඳු දෙයක් නැත. මෙහිදී
ඔබ යෝගා බලයෙන් ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ජය ගනී. පියා පවසන්නේ එහි කිසිම අපිරිසිඳු
දෙයක් නැත. ඔබ ඔබගේ භෞතික ඉන්ද්‍රියන් පාලනය කළ යුතුයි. ඉතා හොඳින් උත්සාහ දරන්න,
ඉතිරිව ඇත්තේ ඉතාමත්ම ටික කාලයක් පමණයි. බොහෝ කාලයක් ගත වී ගොස් ටික කලක් පමණක්
ඉතිරිව ඇති බව සිහි කර තිබේ. දැන් ඊටත් වඩා අඩු කාලයක් ඉතිරිව ඇත. අළුත් නිවසක්
ගොඩනැගෙන විට, එය ඉතා ඉක්මනින් නිම වන බවත් ඉතිරිව ඇත්තේ කුඩා වැඩ කොටසක් බවත්,
කෙනෙකුගේ බුද්ධියේ රැඳී තිබේ. එම කාරණාව සීමිත අතර මෙම කරුණ අසීමිතයි. ඔවුන්ට
තිබෙන්නේ විද්‍යාවේ බලය වන අතර ඔබගේ බලය වන්නේ නිහැඬියාවේ බලය බවත් ඔය දරුවන්ට පහදා
දී තිබේ. ඔවුන්ගේ එය, බුද්ධියේ බලය වන අතර, ඔබගේ බලයද බුද්ධියේ බලයයි. විද්‍යාව
තුළින් බොහෝ නව නිපැයුම් නිර්මාණය වී තිබේ. ඔවුන් කොහේ සිටියත් එම බෝම්බ හෙළා මුළු
නගරයක්ම අතුගා දැමිය හැකි අන්දමේ එවන් බෝම්බ ඔවුන් දැන් නිපදවා ඇති බව ඔවුන් පවසයි.
එවිට කිසිම හමුදාවක් හෝ ගුවන් යානා ආදිය ප්‍රයෝජනවත් නොවෙයි. එබැවින් එම බුද්ධි
විද්‍යාවේය. ඔබගේ බුද්ධි, නිහැඬියාවේය. ඒවා විනාශය සඳහා උපකරණයි. ඔබ අවිනාශී
තත්ත්වයක් හිමි කරගැනීමට උපකරණ වී ඇත. මෙය වටහා ගැනීමට වුවද ඔබට බුද්ධියක්
අවශ්‍යයි. පියා ඔබට පෙන්වන මාවත කෙතරම් පහසුද කියා ඔය දරුවන්ට වටහා ගත හැක. ඔබට
කොතරම් ගල් ඔළුවක් හෝ කුදු වූ කොන්දක් තිබුණද, වචන දෙකක් පමණක් සිහියේ තබා ගන්න
පියා සහ උරුමය. ඉන්පසුව සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබ කෙතරම් ප්‍රමාණයකට සිහිපත්
කිරීමේ සිටිනවාද මතයි. අන් සෑම කෙනෙකුගෙන්ම තමන්ව ඉවත් කරගෙන, ඒකායන පියාව සිහි
කරන්න. පියා පවසන්නේ භක්ති මාර්ගයේදී, මා උත්තරීතර දේශය වන මගේ නිවහනේ සිටිය විට,
ඔබ මට අඬ ගැසුවේය බාබා, ඔබ පැමිණි විට, මා සෑම දෙයක්ම ඔබ වෙනුවෙන් කැප කරන්නම්. එය,
කෙනෙක් මිය ගිය විට, ඔහුගේ සියලුම පැරණි දේවල් ගන්නා විශේෂ බ්‍රහ්මණ පූජකයා මෙනි.
ඔබ පියාට දෙන්නේ මොනවාද? ඔබ මෙම කෙනාට (බ්‍රහ්මාට) කිසි දෙයක් දෙන්නේ නැහැ නේද? මෙම
කෙනාද ඔහුට තිබුණු සෑම දෙයක්ම දුන්නේය. මෙම කෙනා මෙතැන අසුන් ගෙන, ඔහුට මාලිගාවක්
තනන්නේ නැත. මේ සෑම දෙයක්ම ශිව බාබාටයි. අප සෑම දෙයක්ම කරන්නේ ඔහුගේ උපදෙස් වලට
අනුවයි. ඔහු කරන්කරවන්හාර්ය. ඔහු අඛණ්ඩව උපදෙස් ලබා දෙනවා. දරුවන් කියන්නේ බාබා, මට
ඇති එකම කෙනා ඔබයි, නමුත් ඔබට දරුවන් බොහොමයක් සිටිනවා. එවිට බාබා පවසන්නේ මට ඇත්තේ
ඔය දරුවන් පමණයි, නමුත් ඔබට තව බොහෝ දෙනෙක් සිටිනවා. ඔබ ශාරීරික නෑදෑයින් බොහෝ
දෙනෙක් සිහි කරයි. පියා, ඔහුගේ සුමිහිරිතම දරුවන්ට පවසන්නේ හැකිතාක් පමණින් පියාව
සිහිපත් කර, අන් සෑම කෙනෙක්ව අමතක කරන්න. ඔබට දෙව්ලොව ආධිපත්‍යයේ වෙඬරුව ලැබනවා.
මෙම නාටකය නිර්මාණය වී ඇති අන්දම දෙස ටිකක් සිතා බලන්න. පියාව සිහි කිරීමෙන් සහ
ස්ව-දර්ශන චක්‍රය බ්‍රමණය කිරීමෙන් පමණක් ඔබ ලෝකයේ පාලකයන් බවට පත් වනවා. ඔය දරුවන්
දැන් මෙය ප්‍රායෝගිකව අත්විඳිනවා. භක්තිය, මතකයේ නොමැති කාලයක සිට පැවතෙන බව මෙන්ම,
අවගුණද මතකයේ නොමැති කාලයක පටන් පැවතෙන බව මනුෂ්‍යයින් විශ්වාස කරයි. රාධේ සහ
ක්‍රිෂ්ණාව සිටි, ලක‍්ෂ්මි සහ නාරායන්ටද දරුවන් සිටියා නොවේද? ඔව්, ඔවුන්ට දරුවන්
නොසිටින්නේ මන්ද? ඔවුන්ට සමුපූර්ණයෙන්ම අවගුණ වලින් තොර වූවන් යැයි කියයි. මෙහි සෑම
කෙනෙක්ම සම්පූර්ණයෙන්ම දූෂිතයි. ඔවුන් දිගින් දිගටම එකිනෙකාට අපහාස කරති. ඔය
දරුවන්ට දැන් ශ්‍රී ශ්‍රී (දෙගුණයක් උසස්) පියාගෙන් ශ්‍රීමත් ලැබෙනවා. ඔහු ඔබව උසස්
කරවනවා. ඔබ පියාට කීකරු නොවන්නේ නම් ඔබට මෙය, විය නොහැක. ඔබ කීකරු වනවාද නැද්ද යන
තීරණය තිබෙන්නේ ඔබගේ අතේය. කීකරු දරුවන් සැනෙකින් ඔහුට කීකරු වෙයි. ඔබ
සම්පූර්ණයෙන්ම උපකාර නොකරන විට, ඔබ තමන්ට පාඩුවක් සිදුකර ගනී. පියා පවසන්නේ මා සෑම
චක්‍රයකදීම පැමිණෙනවා. මා බොහෝ සෙයින් ඔබව, උත්සාහ දැරීමට දිරිගන්වනවා. මා ඔබට බොහෝ
සතුට ගෙන දෙනවා. ඔබ පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමය හිමි කර ගන්නා අතරතුර, මායා ඔබට
වැරදි කිරීමට දිරිමත් කරයි. කෙසේවෙතත්, ඔබ එම උගුලට හසු නොවිය යුතුයි. ඔබගේ එකම
යුද්ධය තිබෙන්නේ මායා සමඟයි. විශාල කුණාටු බොහොමයක් පැමිණෙයි. එහිදීද, මායා
වැඩියෙන්ම පහර දෙන්නේ උරුමකරුවන්ටයි. ඇය බලවත් වී බලවත් අය සමඟ සටන් කරයි. ශාඛ
ඖෂධවේදියෙක් කෙනෙකුට ඖෂධ ලබා දෙන විට, ඔහුගේ අභ්‍යන්තර රෝග සියල්ලම ඉස්මතු වෙයි.
මෙහිදීද ඔබ මට අයත් වන විට, ඔබ සෑම කෙනෙක්වම සිහි කිරීමට පටන් ගනීවි. කුණාටු
පැමිණෙයි, නමුත් ඔබ ඔබගේ සම්බන්ධතාවය නිරවුල්ව තබා ගත යුතුයි. චක්‍රයේ පළමු භාගයේදී
අපි පිවිතුරුව සිටියෙමු. ඉන්පසුව දෙවෙනි භාගයේදී අප අපවිත්‍ර විය. අප දැන් ආපසු
නිවසට යා යුතුයි. පියා පවසන්නේ මා සිහිපත් කරන්න, එවිට මෙම යෝගා ගින්නෙන් ඔබගේ
පාපයන් දුරු වී යයි ! ඔබ මා වැඩියෙන් සිහිපත් කරන තරමට, ඔබ හිමි කරගන්නා තත්ත්වය
වඩා උසස් වනු ඇත. මා සිහිපත් කරන අතරම ඔබ ආපසු නිවසට යනු ඇත. මෙහිදී ඔබ
සම්පූර්ණයෙන්ම අභ්‍යන්තරගතව සිටිය යුතු වනවා. දැනුම ධාරණය කරගන්නේ ජීවාත්මයයි. ඉගෙන
ගන්නේ ජීවාත්මයයි. පැමිණ, ජීවාත්මය පිළිබඳ දැනුම ලබා දෙන්නේ පියා, උත්තරීතර
ජීවාත්මයයි. ලෝකයේ පාලකයන් වීම සඳහා ඔබට බොහෝ සෙයින් වැදගත් දැනුම ලැබෙනවා. ඔබ මට
පාරිශුද්ධකරු, දැනුමේ සාගරය මෙන්ම සාමයේ සාගරය කියා ද අමතයි. මා සතු සෑම දෙයක්ම මා
ඔබට දෙනවා. මා ඔබට ලබා නොදෙන එකම දෙය වන්නේ දිව්‍යමය දර්ශන වල යතුර පමණයි. ඒ වෙනුවට
මා ඔබව ලෝකයේ පාලකයන් බවට පත් කරවනවා. දර්ශන ලැබීමෙන් කිසිදු ඵලයක් නොමැත.
ප්‍රධානතම දෙය මෙම ඉගෙනුමයි. මෙම ඉගෙනුම තුළින් ඔබට උපත් 21 කට සතුට ලැබෙනවා. මීරාට
තිබුණු සතුට සමඟ ඔබට තිබෙන සතුට සසඳන්න. ඇය සිටියේ කලි යුගයේ, ඇයට දර්ශන ලැබුණා,
නමුත් ඉන්පසු සිදු වූයේ කුමක්ද? භක්තියේ මාලාව, දැනුම මාවතේ මාලාවෙන් වෙනස්ය.
රාවණගේ රාජධානිය, ඔබගේ රාජධානියෙන් වෙන් වී ඇත. එය රාත්‍රිය වශයෙන් හඳුන්වන අතර මෙය
හැඳින්වෙන්නේ දහවල කියාය. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. දඟකාරකම්
ඉතිරි නොවන අන්දමින්, යෝගා බලයෙන් ඔබගේ භෞතික ඉන්ද්‍රියන් පාලනය කරගන්න. ඉතිරිව ඇති
කාලය ඉතාමත්ම කෙටිය. එබැවින් ඉතා හොඳින් උත්සාහ දරා, මායා පරාජය කරන්නෙක් වන්න.
2. අභ්‍යන්තරගත වී,
පියා ඔබට ලබා දෙන දැනුම ධාරණය කරගන්න. කිසිම විටෙක එකිනෙකා සමඟ ලුණු වතුර මෙන්
නොවන්න. ඔබගේ සුබසාධනය ගැන අනිවාර්යෙන්ම පියාට තොරතුරු යවන්න.
වරදානය:
කරුණාවන්ත
ආකල්පයකින් සේවය කිරීමෙන් ඔබට සියලු ජීවාත්මයන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ අයිතිය
ලැබේවා.
කරුණාවන්ත ආකල්පයකින්
සේවය කිරීම සියලු ජීවාත්මයන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ මාර්ගයයි. ලෝක දානපතියෙකු
වීමේ අරමුණ ඔබ සතුව ඇති විට, ඔබට දානපති නොවන කිසිදු කාර්යයක් කළ නොහැක. ඔබේ කාර්යය
මෙන්ම, ඔබේ ධාරනා (ඉගැන්වීම) එසේම වන අතර, ඔබ ඔබේ කාර්යය සිහිපත් කරන්නේ නම්, ඔබ
නිරන්තරයෙන් දයානුකම්පිත සහ මහා පරිත්‍යාගශීලියෙකු වනු ඇත. ඔබ සෑම පියවරකදීම
කරුණාවන්ත ආකල්පයකින් ඉදිරියට යනු ඇත; ඔබට "මම" පිළිබඳ කිසිදු හැගීමක් නොමැති අතර
ඔබ උපකරණයක් බව ද මතක තබා ගනු ඇත. එවැනි සේවා සපයන්නන්, ඔවුන්ගේ සේවයට ප්‍රතිචාර
වශයෙන්, සියලු ජීවාත්මයන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ අයිතියක් ලබා ගනී.
පාඨය:
භෞතික පහසුකම්
කෙරෙහි ඇති ආකර්ෂණය ඔබේ අධ්‍යාත්මික උත්සාහයට හානි කරයි.
අව්‍යක්ත සංඥාව: ජීව
අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.
අභ්‍යන්තරික
ජීවාත්මයන් භාෂා වර්ග තුනක් අත්විඳිනු ලැබේ. 1) ඇස්වල භාෂාව. 2) හැඟීම්වල භාෂාව. 3)
සිතුවිලිවල භාෂාව. මෙම භාෂා තුන අධ්‍යාත්මික යෝගී ජීවිතයක භාෂා වේ. ඔබ මිහිරි
නිශ්ශබ්දතාවයේ ස්වරූපයෙන් අභ්‍යන්තරිකව රැඳී සිටින තරමට, මෙම භාෂා තුන හරහා ඔබට
ජීවාත්මයන්ට එහි අත්දැකීම් ලබාදීමට හැකිවෙ. දැන්, මෙම අධ්‍යාත්මික භාෂාවන්හි ඔබේ
පුහුණුව වර්ධනය කරගන්න.