19.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ද්විත්ව ඔටුනු ඇති රජවරු බවට පත් විය යුතුයි. එමනිසා, බොහෝ සේවය කර පුරවැසියන් නිර්මාණය කරන්න.

ප්‍රශ්නය:
පැරැණි ලොව විනාශ වීමට පෙර ඔබ සෑම කෙනෙක්ම මොනවායින් තමාව සරසාගත යුතුද?

පිළිතුර:
ඔබ දරුවන් තමන්ව යෝග බලයෙන් සරසාගත යුතුයි. යෝග බලයෙන් තමයි මුළු ලොවම පාරිශුද්ධ වන්නේ. ඔබ දැන් විශ්‍රාමික තත්ත්වයට යාමට ඇත; එබැවින් එම ශරීර අලංකාර කිරීමට අවශ්‍ය නැත. ඒවා සතයකට නොවටී. එබැවින්, ඒවායෙන් ඔබේ ඇල්ම ඉවත් කරන්න. විනාශය සිදුවීමට පෙර කරුණාබරිත පියා මෙන් වී තමනුත් සැරසී එලෙසම අන් අයවත් සරසවන්න. අන්ධයින්හට සැරයටි බවට පත්වන්න.

ඕම් ශාන්ති.
පරම පියා ඔබට පාරිශුද්ධ විම සඳහා මඟ පෙන්වීමට පැමිණ සිටින බව ඔය දරුවන් හට ඉතා හොඳින් වැටහී ඇත. මිනිස්සු ඔහුට කන්නලව් කරන්නේ මේ එක් දෙයක් වෙනුවෙනි – ඔවුන්ව අපිරිසිඳු බවෙන් පිරිසිඳු කරන්නට පැමිණෙන්න කියායි. මන්ද, දැන් ලොව අපිරිසිඳුයි. පිරිසිඳු ලොව තිබුණේ අතීතයේය. අතීතයේ පිවිතුරු ලොවක් බවට පත්වුණේ කොයි කාලයේ ද කෙතෙරම් කාලයකට පෙර එය සිදුවූයේද යන්න කිසිවකු නොදනී. පරම පියා මේ ශරිරය තුළට ඇතුල් වී සිටින බව ඔය දරුවන් දන්නවා. ඔබ ඔහුට කතා කළේ: බාබා. අපවිත්‍ර වූ අපට පිවිතුරු වීමට මඟපෙන්වන්න කියායි. ඔබ පිවිතුරු ලොවේ සිටි බවත්, දැන් අපවිත්‍ර ලොවේ සිටින බවත් ඔබ දන්නවා. දැන් මේ ලෝකය වෙනස් වෙමින් තිබේ. නව ලොවේ කාල පරාසය සහ පරණ ලොවේ කාල පරාසය කොපමණද කියා කිසිම මේ කෙනෙකු නොවෙයි දන්නේ. ඔබ ශක්තිමත් ගොඩනැගිල්ලක් තැනුවොත් ඔබට කිව හැකියි එය කොපමණ කාලයක් පවතීද කියා. තැනුවේ දුර්වල ගොඩනැගිල්ලක් නම් එහි ආයු කාලය මෙපමණයි කියාත් ඔබට කිව හැකියි: එය කොපමණ කල් පවතීද කියා වටහාගත හැකියි. මුළු ලොවේම කාලපරාසය කොපමණද කියා මිනිස්සු නොදනී. එමනිසා, ඔවුන්ට එය කීමට සැබැවින්ම පරම පියා ආ යුතු වේ පරම පියා කියයි: දරුවනී. නව ලෝකය ස්ථාපනය වීම සඳහා මේ පරණ අපවිත්‍ර ලෝකය දැන් අවසන් විය යුතුයි. නව ලෝකයේ සිටින්නේ ඉතාමත් සුළු ජනතාවයි. නව ලෝකය යනු ස්වර්ණම යුගයයි. එය සතුටු ලෝකය කියා හැඳින්වේ. මෙය දුක් දේශයයි. එය නියතවශයෙන් අහවර විය යුතුයි. ඉන්පසු සතුටු දේශයේ ඉතිහාසය නැවත සිදුවීමට ඇත. ඔබ මෙය සෑම දෙනාටම පහදා දෙන්න ඕත. පරම පියා ඔබට දෙන උපදේශයයි: තමාව ජීවාත්ම යැයි සලකා පරම පියා සිහිපත් කරන්න ඉන්පසු අන් අයට ද මෙම මාර්ගය පෙන්වන්න. කවුරුත් තමන්ගේ ලෞකීක පියාව දන්නා මුත් පාරලෞකීක පියාව කිසිවකු නොදනී. ඔවුන් ඔහු සර්වව්‍යාප්තයි කියති. ඔහුව මත්ස්‍යයා කිඹුලා සහ සත්වයින් 84 ලක්‍ෂයක් තුළ විවිධ අවතරණයන් අරන් ඇති බව කියති. පරම පියා ගැන කිසිම කෙනෙකු නොව දන්නේ, ඔවුන් පරම පියා ගැන දැනගත් විටයි ඔවුන්ට වැටහෙන්නේ. ඔහු ගල් මුල් වල සිටියි නම්, උරුමයේ සංකල්පය යොදා ගැනීම කළ නොහැකියි. මිනිස්සු දේවතාවරුන්ට වඳිනවා. නමුත් ඒ අයගේ වෘත්තිය කුමක්ද කියා ඔවුන් නොදනී. මේ විෂයන් සම්බන්ධයෙන් ඔවුන් හාත්පසින්ම අන්ධයින්ය. එමනිසා, මුලින්ම ප්‍රධාන දෙය පැහැදිලි කරන්න. හුදෙක් පින්තූර වලින් කිසිවකුට කිසිවක් නොවැටහේ. මේ අසරණ මිනිස්සු පරම පියාවත්, නිර්මාණය හෝ නිර්මාණය ආරම්භයේ නිර්මිත වූ ආකාරයවත් නොදැන සිටී. ඔවුන් වඳිමින් සිටින දෙවි දේවතාවරුන්ගේ රාජධානිය පැවැති කාලය ආදීය කිසිසේත් ඔවුන් නොදනී. ඔවුන් සූර්ය වංශ රාජධානිය වසර සියදහසක් පවතී යැයි ද, චන්ද්‍ර වංශ රාජධානිය වසර සියදහසක් පමණ පවතී යැයි ද විශ්වාස කරති. එයට කියන්නේ අඥානය කියායි. පරම පියා දැන් ඔය දරුවන්ට පැහැදිලි කළ පසු ඔබත් එයම කියනවා. පරම පියාත් එය නැවතත් කියයි. මේ අයුරින් පැහැදිලි කර පණිවුඩය දෙන්න. රාජධානිය වෙත කෙසේ ස්ථාපිත වෙන්නද? ඔබ නිකම් ඉඳගෙන සිටීමෙන් එය සිදුවන්නේ නැහැ. ඔව්. නිවසේ ඉඳිනා අයත් අවශ්‍ය කරනවා. ඔවුන් නාටකය අනුව එහි ඉඳී. යභ්යාව රැකබලාගන්නා අයත් අවශ්‍ය කරනවා. බොහෝ දරුවන් පැමිණ ශිව බාබා හමුවෙයි. මන්ද, ඔවුන්ට උරුමය ලැබෙන්නේ ශිව බාබාගෙත් පමණයි. භෞතීක පියෙකුට පුතෙක් සිටි ද, තමාට උරුමය තම පියාගෙන් ලැබෙන බව වටහාගනී. දියණිය ගොස් අර්ධ-හවුල්කාරියක් (half-partner) වනු ඇත. ස්වර්ණම යුගයේ දේපල වස්තු මත ආරවුල් නොතිබේ. මෙහි ආරවුල් තිබෙන්නේ කාමරාගයේ පාපය තිබෙන නිසාවෙනී. මේ පස්පව් ස්වර්ණම යුගයෙහි නොතිබෙන නිසා දුක අල්ප මාත්‍රයක් වත් එහි නොතිබේ: සියල්ලන්ම ඇල්ම ජයගත්තන් වේ. එම දිව්‍ය ලෝකය තිබුණා යන්නත් එය දැන් අතීතය බවට පත්වූවා යන්නත් ඔබට වැටහේ. ඒවායේ ප්‍රතිරූපත් තිබෙනවා. නමුත් ඔය දරුවන්ට මේ සිතිවිලි පමණක් තිබෙයි. මේ චක්‍රය සෑම වසර 5000කින් යළි කැරකෙන බව ඔබ දන්නවා. පොත් පත් වල සූර්ය සහ චන්ද්‍ර වංශයත් වසර 2500ක් පවතින බවක් සඳහන් නොවේ. බරෝඩාවෙහි ආණ්ඩුකාර මන්දිරයේ අය රාමායනයට සවත් දෙන බව බාබා පුවත්පත් වලින් කියවා ඇත. මිනිස්සු යම් ආපදාවක් ඇති වූ විට දෙවියන් සතුටු කිරීම සඳහා තමත්ව වූ භක්තියෙහි මුළුමනින්ම යොමු කරනවා. දෙවියන් එලෙසින් සතුටු වන්නේ නැහැ. එය නාටකයෙහි නියම වී ඇත. දෙවියන් භක්තියෙන් කිසිසේත් සතුටු වන්නේ නැහැ. ඔය දරුවන් දන්නවා භක්තිය අඩ චක්‍රයක්ම පවතිනවා. මිනිසුන් තමන්ම දුක අරගනී. භක්ති කීරීමෙහි ඔවුන් සිය ධනය සම්පූර්ණයෙන් නැති කරගනී. මේ දේවල් යාන්තමින් තේරුම් ගන්නේත් ඉතා සුළු පිරිසකි. සේවය කරනා දරුවන් ද එම පුවත නොකඩවා දෙමිනුයි සිටින්නේ. දෙවියන්ගේ පවුල (God's family) යැයි පහදා දී තිබෙනවා. දෙවියන් පිරිනමන්නා වේ; ඔහු කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් නොගනී. ඔහුට කිසිම කෙනෙක් කිසිම දෙයක් දෙන්නේත් නැත. ඒ වෙනුවට ඔවුන් නාස්ති කරති. පරම පියා ඔය දරුවන්ගෙන් අසන්නේ: මා ඔබට බොහො සේ ධනය දුන්නා. මා ඔබව දිව්‍ය ලෝකයේ අධිපතීන් කළා. ඉතින් ඒ සියල්ල දැන් කොහි ගිහින්ද? ඔබ මේ තරම් දරිද්‍රයින් වුණේ කොහොමද? මා දැන් නැවතත් වතාවක් ඇවිත් සිටිනවා. එමනිසා, ඔබ කෝටි වාරයක් වාසනාවන්තයින් බවට පත් වෙනවා. මේ දේවල් මිනිසුන් තේරුම් ගන්නේ නැහැ. මේ පරණ ලොවේ ඔබ වැඩි කල් නොසිටින බව ඔබ දන්නවා; එය විනාශ වී යාමට ඇත. මිනිසුන් ගේ මුදල් ආදිය කිසිවකු ලඟත් නොරැඳෙයි. විනාශය සිදුවන විට, සියල්ලක්ම නැති වී යයි. ලොකු ලොකු ගොඩනැඟිලි සැතපුම් ගණනාවක් මත ගොඩ නැඟී තිබෙනවා. එහි බොහෝ සේ ධනය තිබූ නමුත් ඒ සියල්ලක්ම විනාශ වී ලෙඩ වී යයි. ඒ කිසිවක් ඔබේ රාජධානිය තිබෙද්දී නොතිබූ බව ඔබ දන්නවා. එහි බොහෝ සේ ධනසම්පත් තිබුණි. තවත් ඔබ වර්ධනය වන ගමන් කුමක් සිදුවේද යන්න ඔබ දැකගනී. ඒ මිනිසුන් සතුව කොපමණ රන්, රිදී සහ මුදල් තිබේ ද යන අයවැය ලේඛණයක් තිබේ. ඔවුන් ද අයවැය ලේඛණයේ මෙපමණ ඇතැයි කියාත් ඔවුන්ගේ විය හියදම් මෙපමණ තිබේය කියාත් නිවේදනය කරති. යුද්ධෝපකරණ වලටම ඔවුන් බොහෝ වියදම් කරති. ඒ සඳහා බොහෝ වැය කළත් එයින් ඔවුන්ට ආදායමක් නැත. ඒවා තබාගන්නා දේවල් ද නොවෙයි. ඔබ තබා ගන්නේ රන් සහ රිදීය. ලෝකය ස්වර්ණම යුගය වන විට, ඔවුන්ට රන් කාසී තිබෙයි. රිදී යුගයේ ඔවුන්ට රිදී කාසි තිබෙයි. එහි අසීමිත වූ ධනය තිබුණි. එහෙත් එය අඩු වෙද්දී, බලන්න. ඉන්පසු ඔවුන් සොයාගත් දේ කුමක්ද කියා. 'නෝට්ටු මුදල්' විදේශ වලත් කඩදාසි මුදල් තමයි තිබෙන්නේ. කඩදාසි වලින් ඵලක් නොවෙයි. ඉතින් ඉතිරි වන්නේ කුමක්ද? ඒ සියලු ගොඩනැගිලිත් විනාශ වේවි. මේ නිසායි පරම පියා කියන්නේ: සුමිහිරි දරුවනි, ඔබ දකිනා ඕනෑම දෙයක්, පවතින්නේ නැතැයි සිතන්න. ඒ සියල්ලක්ම විනශයට පත් වේවි. ශරීර පවා පරණයි. ඒවා කොපමණ සුන්දර වුණත් සතයක් නොවටී. දැන් මේ ලෝකය ඉතාමත් කෙටි කාලයයි පවතින්නේ. එයට සහතිකයක් නොමැත. බලන්න මිනිස්සු දිහා ඔවුන් කොතැනක හෝ ඉඳිමින් සිටිද්දී සිදුවන දෙය! ඔවුන්ගේ හද ගැස්ම නවතී. මනුෂ්‍යයන්ටත් සහතික නොමැත. එලෙස ස්වර්ණම යුගයේ දී සිදු නොවේ. යෝග බලය තුළින් සදා පවතින කප්රුක මෙන් ඔබේ ශරීරයන් තිබේවි. ඔය දරුවන්ට දී දැන් හමුවී සිටින පියා කියන්නේ: තව දුරටත් මේ ලොවේ ඔබ සිටින්නේ නැත. මෙය කිළිටි ලොවක්. ඔබ දැන් තමන්ව යෝග බලයෙන් සරසාගත යුතුයි. එහි දරුවන් උපදින්නේ යෝග බලයෙනී. එහි පාපයේ ගැටළු නොමැත. ඔබ යෝග බලයෙන් මුළු ලොවම පාරිශුද්ධ කරන නිසා එය ලොකු දෙයක් නොවෙයි. මේ දේවල් ඔබේ කුලයට අයත් අය පමණක් තේරුම් ගනීවි. අනෙකුත් අයට ඔවුන්ගේ නිවස වූ මේ සාම දේශයට යාමට සිදු වේ. කෙසේවෙතත්, මිනිසුන් එය තමන්ගේ නිවස යැයි නොසලකති. ඔවුන් කියන්නේ එක් ජීවාත්මයක් උඩට යද්දී අනෙක් ජීවාත්මය පහළ බසියි කියායි. ලෝක ජනගහණය දිගටම වැඩිවෙයි. ඔබ නිර්මාපක සහ නිර්මාණය ගැන දන්නා නිසා ඔබ අන් අයට පැහැදිලි කිරීමට උත්සාහ කරයි. එවිට ඔවුන් බාබාගේ ශිෂ්‍යයන් බවට පත්ව සතුටු වෙති. අප දැන් අමරණීය දේශයට යනවා. අඩ චක්‍රයක් පුරා ඔබ ව්‍යාජ කතාන්දර වලට සවන් දෙමින් සිටියේ. අමරණීය දේශයට යන සතුට දැන් බොහෝ සේ ඔබට තිබිය යුතුයි. දැන් මේ මරණ දේශයේ අවසානයයි. අපව සතුටේ සම්පතින් මෙහිදී පුරවා ගත් පසු අපි ආපසු යමු. එමනිසා, ඔබ මේ ආදායම ඉපයීමෙහි නියැළී, ඔබේ ඒප්‍රනය පුරවා ගැනීම ඉතා හොඳින් කළ යුතුයි. ඔබේ කාලය අපතේ නොහරින්න. අප දැන් අත් අයට සේවය කරමින් අපගේ ඒප්‍රනය පුරවාගන්න ඕන. ඔබට කරුණාබරිත විය හැක්කේ කෙසේදැයි පරම පියා ඔබට උගන්වයි. අන්ධයින්ට හැරමිටියක් වන්ත සන්යාසීන් හෝ විද්වතුන් හට ඔබට කරුණාබරිත අය විය හැකි අන්දම පෙන්වාදිය නොහැක. දිව්‍ය ලෝකය ඇති තැන හෝ අපාය ඇති තැන ගැන ඔවුන් කුමක් දනී ද? කෙනෙකුට මොන තත්ත්වයක් තිබුණත් ඔහු ගුවන් යුධ හෝ නාවික හමුදාවේ ප්‍රධානියෙක් වුවත් ඔබ හා සසඳා බැලුවොත් ඒවා කුමක් ද? ඔබ දන්නවා. ඇත්තේ තව ස්වල්ප වේලාවයි කියා. දිව්‍ය ලෝකය ගැන දන්නා කෙනෙකු නැත. මෙකල් හී සෑම තැන්වලම ආරවුල් ඇත. පසුවට, ඔවුන්ට ගුවන් යානා හෝ හමුදා අවශ්‍ය නොවේ. ඒ සියල්ල විනාශ වී යනු ඇත. ඉතාමත් සුළු මිනිසුන් පිරිසක් ඉතිරි වේවි. මේ ආලෝක, අහස් යානා ආදිය ඉතිරි වේවි. නමුත් කුඩා ලොවක් පමණයි ඉතිරි වන්නේ. මිනිස්සු සාදන කුඩා ආකෘතීන් මෙන් භාරතය පමණක් ඉතිරි වේවි. අවසානයේ දී පැමිණෙන මරණය කෙසේ ද යන්න කිසිවකුගේත් බුද්ධියෙහි නොතිබෙනු දී ඇත. ඔබ දන්නවා මරණය ඇත්තේ මදක් ඉදිරියෙන්ය කියා. ඒ අය කියනවා ඔවුන් සිටිනා තැන්වල ඉඳන් බෝම්බ යවනවා. ඒවා වැටෙන්නේ කොතැනද එතැන ඇති සියල්ල විනාශ වී යනවා කියා. හමුදාවන් ආදියේ අවශ්‍යතාවය නොතිබේවි. අහස් යානාවක මිල පවා කෝටි ගණනක් වේ. සෑම කෙනෙක් ලඟම බොහෝ රත්රන් තිබේවි. ඔවුන් ලඟ ටොන් ගණන් රත්රන් තිබෙයි ඒවා සියල්ලක්ම සාගරය තුළට යයි. මේ රාවණගේ රාජධානිය දූපතකී. එහි ගිණිය නොහැකි තරම් මිනිස්සු සිටී. ඔබ සැම ඔබට අයිති රාජධානිය ස්ථාපනය ඔ ඔ කරමින් සිටිනවා. එමනිසා, ඔබ සේවයෙහි කාර්ය බහුල විය යුතුයි. බලන්න යම් තැනක ජලගැල්මක් සිදුවුණාම සෑම දෙනාම මොනතරම් කාර්ය බහුල වෙනවාද කියා. ඔවුන් සෑම දෙනාටම ආහාර ලැබෙනවාද කියා සොයා බලන සේවයෙහි යෙදෙනවා. ජලය ඇතුලට එන්න පටන් ගන්නවාත් සමඟම ඔවුන් මුලින්ම දුවන්න පටන් ගනී. ඉතින්, සැවොම විනාශ වී යන ආකාරය ගැන මදක් සිතා බලන්න. ලෝකය වටා සාගරය තිබෙයි. විනාශය සිදුවන විට සෑම තැන්වලම ජලය තිබේවි. එය ඔබේ රාජ්‍යය වූ බව ඔබේ බුද්ධියෙහි රැඳී තිබෙයි, එම බොම්බාය කරාච්චිය ආදිය එවෙලෙහි නොතිබුණි. එවන් කුඩා භාරතයයි ඉතිරි වන්නේ. එසේම එහි සුමිහිරි ජලයෙන් යුත් ගඟුළුත් තිබේවි. ලිං වල අවශ්‍යතාවය නොතිබේ. ඔවුන්ට එහි ඉතා පිරිසිඳු පානීය ජලය තිබේ. ඔවුන් ගං ඉවුරේ ක්‍රීඩා කරති. කිසිම අපිරිසිඳු දෙයක් නොතිබෙයි. එයටයි අමරණීය දේශය නම් වූ දිව්‍ය ලෝකය කියන්නේ. මිනිසුන් එම නාමය ඇසූ කල. ඉක්මණින් පියා සමඟ ඉගෙන ගැනීමටත් සම්පූර්ණ උරුමය ලබා ගැනීමටත් ආශා කරති: ඉගෙන ගැනීමට ඉන්පසු අන් අයට ඉගැන්වීමට සහ සෑම දෙනාටම පණිවිඩය දීමට. පෙර චක්‍රයේ තම උරුමය ලබාගත්තන් නැවතත් එය ලබා ගනීවි. ඔවුන් නොකඩවා උත්සාහ කරන්නේ පරම පියාව එම අසරණ මිනිස්සු නොදත් නිසාවෙනී. පරම පියා කියයි: පාරිශුද්ධ වන්න. තම අත්ලටම දිව්‍ය ලෝකය ලබනා අය පාරිශුද්ධ නොවන්නේ මන්ද? කියන්න: අපට ලෝක ස්වාධිපත්‍යය එක් උපතක පාරිශුද්ධියෙන් ලැබීමේදී අප පාරිශුද්ධ නොවන්නේ ඇයි? දෙවියන් පවසයි: මේ අවසාන උපතේ දී ඔබ පාරිශුද්ධ වූවොත් ඔබ උපත් 21කට පාරිශුද්ධ ලොවේ හිමිකරුවන් වනවා ඇත. සරලව මේ එක් උපතෙහි මගේ ශ්‍රීමත් අනුගමනය කරන්න. රක්‍ෂා බන්ධන් මෙහි සංකේතයකි. එමනිසා, අපට පාරිශුද්ධ වී සිටිය නොහැක්කේ ඇයි? අසීමිත පියා මෙය සහතික කරනවා. දිව්‍ය ලෝක උරුමය වූ භාරතය පරම පියා අපට දෙනවා එයයි සතුටු දේශය යැයි හැඳින්වෙන්නේ. එහි අසීමිත සතුට ඇත එහෙත් මෙය දුක් දේශයයි. මෙය ඔබ එක් විශිෂ්ට පුද්ගලයෙකුට පැහැදිලි කර දෙන්නේ නම්, අන් සියලු දෙනාමත් නොකඩවා සවන් දෙනවා ඇත. යෝග යුක්තව ඉඳිමින් ඔවුන් හා කතාකරන්න. එවිට සෑමදෙනාම කාලය පවා අමතක කර සවන් දෙනවා ඇත. කිසිම කෙනෙකුට කිසිවක් කිව නොහැකි වනවා ඇත. ඔවුන් මිනිත්තු 15ක් 20ක් වෙනුවට පැයක් පමණ ඉඳගෙන ඔබට සවන් දෙමින් සිටීවි. කෙසේවෙතත්, ඔබට එම බලය අවැසියි. මොනම ශරීර අවධානයක් වත් නොතිබිය යුතුයි. මෙහිදී, ඔබ විසින් කළ යුත්තේ සේවයම පමණයි, එහි යහපතක් ඇතිවන්නේ එවිට පමණයි. ඔබ රජවරු වෙන්න ඕන නමුත් ඔබ තවමත් රටවැසියන් නිර්මාණය කර නැත. පරම පියා එම තනතුර ඔබට නිකම් ආවට ගියාට දෙන්නේ නැහැ. රටවැසියන් ද්විත්ව කිරුළ පළඳින අය වේද? ඔබේ අරමුණ සහ පරමාර්ථය ද්විත්ව කිරුළ පැළැඳි අය වීමයි. පරම පියා ඔබව උද්යෝගිමත් කරයි. ඔබේ හිස මත උපත් ගණනාවක පව් තිබෙනවා. ඒවා කපා හැරිය ඔ හැක්කේ යෝග බලයෙන් පමණයි. කෙසේවෙතත්, ඔබට මේ උපතෙහි ඔබ කළ දේ ඔබට වටහාගත හැකියි. ඔබේ පව් කපා හැරිමට ඔබට යෝගාව උගන්වා තිබෙනවා. එය හුදෙක් මේ උපතට ඇති දෙයක් නොවේ. පරම පියා මෙහි ඉඳිමින් ඔබට තමෝප්‍රධාන් බවෙන් සතෝප්‍රධාන් වීමට ඇති මාර්ගය කියා දෙනවා. කෙසේවෙතත්, ආශීර්වාද සහ අනුකම්පාව සඳහා, යන්න. සාන්තුවරු සහ සන්යාසීන් වෙත ගොස් ඉල්ලා සිටින්න! අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාදා සෙනෙහසින් සිහිපත් කර සුබ ණ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ අමරණීය දේශයට යාම සඳහා, මෙම සංගම යුගයේ දීම තමන්ව සතුටේ ධනයෙන් පුරවා ගන්න. ඔබගේ කාලය අපතේ නොහරින්න. ඔබගේ ඒප්‍රන පුරවාගෙන, දයාවන්ත වී, අන්ධ වුවනට සැරයටි වන්න.

2. දිව්‍ය ලෝකය ඔබේ අත්ල මත ලබාගැනීම සඳහා ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ විය යුතුයි. ඔබ තමාව සතෝප්‍රධාන් කිරීමට ක්‍රමවේද නිර්මාණය කරන්න, එසේම, තමාටම කරුණාව දක්වන්න. යෝග බලය එක්රැස්කර ගන්න.

වරදානය:
ඔබ විශේෂ නළුවෙක් ලෙසින්, නිරතුරුවම ස්වාමීගේ ඇසුරේ සිටීමෙන්, ඒකාබද්ධ ස්වරූපය අත්විදිත්වා.

ඔය දරුවන් ඔබගේ හදවතින් ‘බාබා’ කියන විට, හදවත සනසන දිලාරාම්, එවිට පැමිණ සිටියි, ස්වාමී පැමිණ සිටින බව පැවසෙන්නේ මේ නිසයි. විශේෂ ජීවාත්ම කොහොමත් ඒකාබද්ධ වී සිටියි. මිනිසුන් පවසන්නේ: මා කොහේ බැලුවත් මට පෙනෙන්නේ ඔබ පමණයි. නමුත් ඔය දරුවන් පවසන්නේ: අපි කුමක් කළත්, අපි කොහේ ගියත්, පියා සිටින්නේ අප සමගයි. ඔහු හැදින්වෙන්නේ කරවන්හාර් (ක්‍රියා සිදු කරන සහ අන් අය ලවා ක්‍රියා සිදු කරන ඒකායන කෙනා) ලෙසයි, එබැවින් කරන්හාර් (ක්‍රියා කරන කෙනා) සහ කරවන්හාර් (දිරි ගන්වන කෙනා) සිටින්නේ ඒකාබද්ධවයි. මෙම අවධානය ඇතිව චරිත කොටස් රගපාන අය විශේෂ නළුවන් වෙයි.

පාඨය:
ඔබ අමුත්තෙක් බව සලකා මෙම පැරණි ලෝකයේ සිටින විට, ඔබගේ පැරණි සංස්කාර සහ සිතිවිලි වලට ඔබට “පිටව යන්න!” කියා කීමට හැකි වෙයි.