19.08.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, හැම දෙයටම වඩා කළ ලොකුම වැරැද්ද ඔබගේ මූලිකම ආගම අමතක කිරීමයි. ඔබ දැන් වැරදීම් සිදු කිරීමෙන් නිදහස් විය යුතුයි. ඔබගේ නිවහන සහ ඔබගේ රාජධානිය සිහි කරන්න.

ප්‍රශ්නය:
කාලය අවසානයක් කරා පැමිණෙන බව අවධාරණය කරන්නේ ඔය දරුවන්ගේ කුමන තත්ත්වයන් තුළින්ද?

පිළිතුර:
ඔබ දරුවන් සිහිකිරීමේ වන්දනාවේ නිරන්තර කුල්මත්භාවයේ රැඳී සිටින විට, ඔබේ බුද්ධිය ඉබාගාතේ සැරිසැරීම අවසානයකට පැමිණි විට, ඔබේ වචනවල සිහි කිරීමේ බලය ඇතිව ඔබ අනන්ත සතුටක සිටින විට, ඔබගේ ස්වර්ණම යුග ලෝකයේ දසුන් ඔබ ඉදිරියේ නැවත නැවත දර්ශනය වීමට පටන් ගත් විට, ඔබට එමඟින් වටහා ගත හැකියි කාලය සමීප බව. විනාශය ඔබ ඉදිරියේ නැවත නැවත දර්ශනය වනු ඇත. කාලය සමීප බව ඔබට එමඟින් වටහා ගත හැකියි. විනාශය තවත් දිගු නැත. එමනිසා, ඔබගේ සිහිපත් කිරීමේ වාර්තාව වර්ධනය කර ගන්න.

ගීතය:
ඔබව හමුවීමෙන් අපට මුළු ලෝකයම හමු වුණා; අහස පොළොව සියල්ල අපට අයිතියි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික දරුවන් වන ඔබට මෙම ගීතය වැටහෙයි. ඔබ දැන් අසීමිත පියා ලබාගෙන ඇත. එම අසීමිත පියාගෙන් ඔබලා දිව්‍ය ලෝකය නම් උරුමය ලබා ගන්නවා. ඔබගේ මෙම උරුමය කිසිම කෙනෙකුට ඔබගෙන් පැහැර ගැනීමට නොහැකියි. රාවණ්ගේ රාජ්‍යයේ ආරම්භයත් සමඟම ඔබගේ උරුමයේ කුල්මත් බව අතුරුදහන්ව යනවා. මෙයත් නාටකයේ තීරණය වී ඇති දෙයක්. ලෝක නාටකයේ දැනුම දරුවන් වන ඔබ ලඟ තිබෙනවා. ලෝක චක්‍රය කැරකෙන්නේ කෙසේද යන්න, ක්‍රීඩාවක් හා නාටකයක් ලෙස හැඳින්විය හැකියි. පියා සත්‍ය වශයෙන්ම පැමිණ ලෝක නාටක චක්‍රය ඔබලාට පැහැදිලි කර දෙන බව දරුවන් වන ඔබට අවබෝධ කර ගත හැකියි. ඔහු මෙය පැහැදිලි කර දෙන්නේ බ්‍රහමිණ් වංශයට අයිති අයට පමණයි. දරුවනි, ඔබලා ඔබලාගේම උපත් ගැන නොදනී. එනිසා මම එය ඔබට පැහැදිලි කරමි. පෙරදී ඔබ දැන සිටියේ එක් අයකු උපත් මිලියන 8.4 ක් ලබා ගන්නා බවයි. එය එසේ නොවේ. ජීවයන් පහළට එන්නේ අංක අනුපිළිවෙලටයි. ආදී සනාතන දෙවි දේවතා කාලයේදී ජීවයන් වැඳීමට සුදුසු තත්ත්වයේ සිටි අතර පසුව වන්දනාකරුවන් බවට පත් වූ බව ඔබගේ බුද්ධීන් වල ඇත. ඉන් සිහිපත් වන්නේ ඔබලා වැඳීමට සුදුසුව සිට පසුව වඳින්නන් බවට පත් වූ බවයි. මිනිසුන් විශ්වාස කරන්නේ එය දෙවියන්ට අදාලයැයි කියාය වන්දනීය වන්නේද, වන්දනාකරුවකු වන්නේද ඔහුය. ඒ සියල්ලම ඔහුගේ ස්වරූප කියාය. ගණනය කළ නොහැකි තරම් අදහස්, මතවාද ඇත. ඔබ දැන් ශ්‍රීමත් අනුගමනය කරනවා. තමා දැන් ශිෂ්‍යයෙක් බවත්, පෙරදී මෙම කිසිවක් නොදැන සිටි බවත් දැන් ඉගෙන ගෙන මේ වැදගත් විභාගයෙන් සමත් වනවාය යන අවබෝධය දැන් ඔබ ලඟ තිබෙනවා. එම ශිෂ්‍යයනුත් මුලදී කිසිවක් නොදනී. ඔවුන්ගේ විභාගයෙන් සමත් වූ විට තමන් දැන් බැරිස්ටර් කෙනෙක් වීමට සමත් වූ බව එවිට ඔවුන් වටහා ගනී. එලෙසම මෙහිදී ඔබද ඉගෙන ගෙන සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් දේවතාවෙක් වී ඉන් පසු ලෝකයේ පාලකයෙක් වන බව ඔබ වටහා ගනී, එහි ඇත්තේ එකම රාජ්‍යයකි. ඔබගේ රාජ්‍යය කිසිවකුට හෝ ඔබගෙන් පැහැර ගත නොහැකිය. එහිදී ඔබට පවිත්‍රත්වය, සාමය, සතුට සහ සෞභාග්‍යය යනාදී සියල්ලම තිබෙනවා. ඔබ දැන් ගීතය ඇසුවා නේද? එවැනි ගීත ඔබ සාදා නැතිද? නාටකයට අනුව මෙම විශේෂ කාලය තුළ එවැනි ගීත නිර්මාණය කිරීමට ඔවුන්ට වරමක් ලැබී තිබෙනවා. පියා මෙහි අසුන් ගෙන සාමාන්‍ය මිනිසුන් පෝෂණය කළ ගතී වල තේරුම ඔබලාට පැහැදිලි කර දෙනවා. ඔබ දැන් සාමකාමීව ඉඳගෙන ඔබගේ පියාගෙන් උරුමය ලබා ගන්නවා. කිසිවකුට ඔබගේ උරුමය පැහැරගන්න බැහැ. කල්ප බාගයක්ම ඔබ ලඟ සතුටේ උරුමය තිබුණා. පියා පැහැදිලි කරනවා සුමිහිරි දරුවනි, ඔබ කල්ප බාගයකට වඩා සතුටේ අත්දැකීම් විඳිනවා. ඉන්පසු රාවණ්ගේ රාජ්‍යය ආරම්භ වනවා. දේවතාවන් පාප මාර්ගයට වැටුණේ කෙසේද යන්න එහි කෝවිල් තුළ ඇති මූර්තීන්ගෙන් පෙන්වා දෙනවා. ඇඳුම් පැළඳුම් එසේම වුවද පසුව වෙනස් වනවා. සෑම රජ කෙනෙකුටම ඔවුන්ටම වෙන් වූ ඇඳුමක් හා ඔටුන්නක් තිබෙනවා. දරුවන් වන ඔබලා දැන් දන්නවා ඔබලාගේ උරුමය බ්‍රහ්මා මඟින් ශිව් බාබා ගෙන් ලබන බව. පියා පවසන්නේ දරුවනි, දරුවනි. දරුවනි, ඔබලා ඔබලාගේ උපත් ගැනවත් දැන සිටියේ නැත. මෙයට ඇහුම්කන් දෙන්නේ ජීවයයි. මම ජීවයක්මි, ශරීරයක් නොවෙමි. සෑම මනුෂ්‍යයෙක්ම ශරීර අවධානයෙන් සිටින නිසා ඔවුන්ගේ ශරීරය හා ශරීරයේ නම ගැන අහංකාරයක් ඇති කර ගන්නවා. ඔවුන් සියල්ලන්ම ජීවයන් බව ඔවුන් දන්නේ නැහැ. ඔවුන් පවසන්නේ ජීවය උත්තරීතර ජීවය බවත්, එම උත්තරීතර ජීවය ජීවයක් බවත්ය. ජීවයන් වන ඔබලා දැන් දේවතාවන්, ලෝක පාලකයන් වන බව පියා ඔබට පැහැදිලි කර දී තිබේ. ඔබව දේවතාවන් වන සහ පසුව රණකාමී වංශයට යන මෙම දැනුම මේ කාලයේ ඔබට ලබා දෙයි. එහිදී උපත් 84 ක ගිණුමක් තිබිය යුතුයි. හැම කෙනාම උපත් 84 ක් ලබාගන්නේ නැත ජීවයන් සියල්ලම එකම වර පහළට නොපැමිණෙයි. එකිනෙක ආගම් එන අයුරු ඔබ දනියි. පැරණි ඉතිහාසය එවිට අළුත් වෙයි. මෙය දැන් අපවිත්‍ර ලෝකයයි. එහිදි එය පවිත්‍ර ලෝකයයි. පසුව අනෙක් ආගම් පැමිණෙන්නට විය. මෙහි, මෙම කර්ම ක්‍ෂෙත්‍රයෙහි ඇත්තේ එක රැඟුමකි. මෙහිදී, ප්‍රධාන ආගම් සතරකි. පියා මෙම සංගම් යුගයේදී පැමිණ බ්‍රහ්මාගේ සමූහය ස්ථාපනය කරයි. ඔවුන්ද නොයෙක් වර්ගයේ ප්‍රතිරූප නිර්මාණය කළද, එහි අත්වැරදීමක් ඇත. පියා පැමිණ සෑම දෙයක්ම පැහැදිලි කර දී ඔබව අත්වැරැදීම් වීමෙන් නිදහස් කරනවා. ඔහුට වැරදි කිරිමට ඔහුටම කියා වෙන් වූ ශරිරයක් නැත. ඔහු මෙහි ඉතා කෙටි කාලයකට පැමිණ මොහුගේ රථයට ඇතුළු වන්නේ දරුවන් වන ඔබලාට ඔබලාගේ නිවහන වන සාමයේ දේශයට යන මාවත පෙන්වා දීමටයි. මාවත පෙන්වා දීම පමණක් නොව ඔහු ඔබගේ ජීවිතය ද හැඩගස්වනවා. ඔබ සෑම කල්පයකම ඔබගේ නිවහනට යනවා, ඊට පසු ඔබගේ චරිත කොටස රඟපෑමට සතුටේ දේශයට එනවා. ජීවයන් වන අපගේ මුල්ම ආගම සාමය බව ඔය දරුවන්ට අමතකයි. මෙම දුක් ලොවෙහි සාමය තිබිය හැක්කේ කෙසේද? මේ සෑම දේම දැන් ඔබ දනී. අන් අයට පැහැදිලි කරන්නේද ඔබලාමය. හැම කෙනෙක්ම ක්‍රම ක්‍රමයෙන් නොකඩවාම මෙහි එනු ඇත. ලෝක නාටක චක්‍රය කැරකෙන්නේ කෙසේද? එහි කාලය කොපමණද? කියා දැන ගැනීමට විදේශීයයන් ද පැමිණෙනු ඇත. විදේශීයයන් ඔබ වෙත පැමිණෙන අතර දරුවන් එහි ගොස් ලෝක චක්‍රයෙහි රහස් පහදා දෙනු ඇත. ක්‍රිස්තූස් වහන්සේ දෙවියන් වෙත ගියේය යන්න ඔවුන් විශ්වාස කරනවා. ක්‍රිස්තූස් වහන්සේ දෙවියන්ගේ පුතා විය යුතු යැයි ඔවුන් සලකනවා. ක්‍රිස්තූස් වහන්සේ නැවත උපතක් ගෙන, ඔබ යාචකයන් වාගේම දැනට යාචක ස්වරූපයේ සිටින බව සමහර අය විශ්වාස කරනවා. යාචකයෙක් යනු තමෝප්‍රධාන් වීමයි. ක්‍රිස්තූස් වහන්සේ මෙහි සිටින බව ඔවුන් විශ්වාස කළද, නැවත ඔහු එන්නේ කවදාදැයි ඔවුන් නොදනී. ආගමක් ස්ථාපනය කරන අයකු වශයෙන් ඔහුගේ ආගම ස්ථාපනය කිරීමට ඔහු ඔහුගේ වෙලාවට නැවත එනවාය යන්න ඔබට ඔවුන්ට පැහැදිලි කර දිය හැකියි. ඔහු ගුරු කෙනෙක් වශයෙන් හැඳින්විය නොහැකිය ඔහු පැමිණෙන්නේ ආගමක් ස්ථාපනය කිරීම සඳහායි. විමුක්තිය පිරිනමන්නා වන්නේ එකම එක් අයෙක් පමණයි. ආගම් ස්ථාපිත කිරීමට එන සෑම කෙනෙක්ම නැවත නැවත උපත් ගෙන පැමිණ දැන් තමෝප්‍රධාන් වී ඇත. අවසානයේදී සම්පූර්ණ ගසම මුළුමණින්ම දිරාපත් තත්ත්වය වෙත ලඟා වෙයි. මෙහි සම්පූර්ණ ගස සිටගෙන සිටින අයුරු ඔබ දැන් වටහා ගනී, දේවතා ආගමේ පදනම එහි නොමැත. (විශාල නුග ගසෙහි උදාහරණය ඇත). පියා පමණයි මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට මේවා පැහැදිලි කර දෙන්නේ. ඔය දරුවන්ට බොහෝ සතුටක් ඇති විය යුතුයි. ඔබ දේවතාවන්ව සිටි බවත් නැවත වතාවක් ඔබ ඔවුන් වන බවත් ඔබ දැන් දනී. සාමාන්‍ය මනුෂ්‍යයකුගෙන් නාරායන් කෙනෙක් වීමේ සත්‍ය නාරායන්ගේ කතාව ඇසීමට ඔබ මෙහි පැමිණෙයි. කෙනෙක් නාරායන් බවට පත් වේ නම් එහි ලක්ෂ්මි ද සිටිය යුතුමයි. එහි ලක්ෂ්මි සහ නාරායන් සිටීනම්, එහි අනිවාර්යෙන්ම ඔවුන්ගේ රාජධානිය ද විය යුතුයි. ඔවුන් ලක්ෂ්මි නාරායන් බවට ඔවුන්වම වෙන් වෙන්ව පත් වනවා නොවේ. එහිදී කෙනෙක් නාරායන් බවට පත්වනවා සේ, තවත් කෙනෙක් ලක්ෂ්මි බවටත් පත් වනවා යැයි කියා, ලක්ෂ්මි බවට පත් වීමේ වෙනමම කතාවක් නැත. සමහර විටෙක ලක්ෂ්මි, නාරායන් වන අතර තවත් විටෙක නාරායන් ලක්ෂ්මි වෙයි. සමහර ගීත ඉතාමත් හොඳය. මායා ඔබගේ බෙල්ල හිරකරගත් විට, මෙම ගීතයන්ට සවන් දෙන්න, ඔබ එවිට බොහෝ ප්‍රසන්න වනු ඇත. යමෙක් පිහිනන්න පුරුදු වන විට, පළමුව ඔහු හුස්ම හිර කරගනී. එවිට ඔවුන් ඔහුව අල්ලා නවතාගනී. මෙහදී ද බොහෝ අය මායා විසින් හිර කරයි. පිහිනන අය බොහෝ වෙති ඔවුන් තරඟ වදියි. ඔබද එගොඩට යන්නට තරඟ වදියි. නිරන්තරවම මා පමණක් සිහි කරන්න. ඔබට සිහි කිරීම නොමැති විට, ඔබ හිර වෙයි. පියා පවසන්නේ මෙම සිහිකිරීමේ වන්දනාවෙන් පමණයි ඔබලාගේ බෝට්ටු එගොඩට යනු ඇත්තේ. සමහර පිහිනුම් කරුවන් ඉතා දක්ෂ වන අතර තවත් අය ඊට වඩා අඩුය. මෙහිදීත් එය එසේමයි. සමහරු ඔවුන්ගේ වාර්තා බාබාට එවයි. එම කෙනාට සිහිකිරීමේ වාර්තාව ගැන නිවැරදි වැටහීමක් තිබේද හෝ නොතිබේ ද කියා බාබා පරීක්ෂා කරයි. දවසින් පැය පහක් මුළුල්ලේම ඔවුන් සිහිකිරීමේ සිටි බව සමහර අය පවසයි. මම එය විශ්වාස නොකරමි. එහිදී අනිවාර්යෙන්ම යම් අත්වැරදීම් වෙයි. සමහර අය සිතන්නේ ඔවුන් හැමවෙලේම මෙහි ඉගෙනගන්නවා කියාය, එම කාලය තුළදී ඔවුන්ගේ වාර්තා ද හොඳයි කියාය. නමුත් එය එසේ නොවෙයි. මෙහි ඉගෙනීමට අසුන්ගන්නා බොහෝ දෙනෙකුගේ බුද්ධීන් පිටත යම් යම් තැන්වලට හැරවෙයි. ඔවුන් සැලකිලිමත්ව සවන් නොදෙයි. එවැනි දේ භක්ති මාර්ගයේ ද සිදු වෙයි. සන්යාසීවරයෙක් කතාන්දරයක් කියා දෙන විට ඔහු එය නතරකොට, ඔහු කතා කළේ කුමක් ගැනදැයි සවන් දුන් තැනැත්තෙකුගෙන් අසයි. එතැන යම් අයෙක් සිහි විකල් අයෙකු සේ (මනසේ එකඟතාවය නොමැතිව) සිටිනු දුටු විට, ඔහු විමසන්නේ එම කෙනාගෙනි. කොහොමනමුත්, එම පුද්ගලයාගේ බුද්ධිය තැන තැන ඉබාගාතේ සැරි සැරූ නිසා සන්යාසීවරයාට පිළිතුරු දෙන්නට ඔහුට නොහැකි වෙයි. ඔවුන් අඩුම තරමේ එක වචනයකටවත් සවන් නොදෙයි. මෙහිත් එය එසේමයි. බාබා දිගින් දිගටම සෑම දේම නිරීක්ෂණය කරයි. යම් යම් අයගේ බුද්ධීන් පිටස්තරයේත් සැරිසරනා බව ඔහු වටහා ගනී. ඔවුන් දිගටම ඒ මේ අත බලමින් සිටී. මෙහි අළුතින් පැමිණෙන සමහර අය ඒ වාගෙයි. ඔවුන්ට සම්පූර්ණයෙන් පැහැදිලි නොවූ බව බාබා වටහා ගනී. මේ නිසයි බාබා පවසන්නේ මෙහි පංතියට අළුත් අයට, වඩාත් වේලාසනින් මෙහි පැමිණෙන්න අවසර දෙන්න එපා. එය එසේ නොවූ කල, ඔවුන් වාතාවරණය නරක් කරනු ඇත. ඔබ තවදුරටත් වර්ධනය වෙද්දී, හොඳ දරුවන් මෙහි සිටියදීම පාරාදීසයට යන අයුරු ඔබ දකීවි. ඔවුන්ට මහා සතුටක් ඇති වේවි. ඔවුන් නැවත නැවතත් පාරාදීසයට යාවි. කාලය දැන් ඉතා සමීපය. ඔබගේ උත්සාහයේ තරමේ අනුපිළිවෙලට ඔබ ඒ තත්ත්වයට පත්වනු ඇත. ඔබ දෙව්ලොව ඔබේ මාළිගා නැවත නැවත දකීවි. ඔබට පෙන්වා ඇති සෑම දේකම දර්ශන ඔබට නොකඩවා දර්ශනය වේවි. කාලය දැන් සමීප බව ඔබට දැක ගත හැකියි. දැන් සෑම සූදානමක්ම සිදුකරන ආකාරය දෙස මඳකට බලන්න. පියා පවසයි ලෝකයේ සෑම මිනිසෙක්ම තත්පරයෙන් දුහුවිලි බවට වෙනස්වන්නේ කෙසේදැයි මඳකට දකින්න. බෝම්බයක් අතහැරිය විගසින්, සෑම දේම විනාශ වෙයි. ඔබේ රාජධානිය දැන් ස්ථාපනය වන බව ඔය දරුවන් දනී. සිහිකිරීමේ වන්දනාවේ ඉතා කුල්මත්භාවයකින් ඔබ දැන් රැඳී සිටිය යුතුයි. ඔබගේ දෘෂ්ඨි තුළින් ඔබට ඕනෑම කෙනෙකු ඉලක්ක කර ගත හැකි, එවැනි බලයකින් දැන් ඔබව පුරවා ගත යුතුයි. අවසානයේදී බිෂම්පිතාමි වැනි අයට දැනුමේ ඊතලය විදපු අය ඔබලා වේවි. ඔබ පවසන්නේ සත්‍යය බව ඔවුන් ඉක්මණින්ම වටහා ගනීවි. එකම එක අශරීරික දෙවියන් පමණයි දැනුමෙහි සාගරය, පාරිශුද්ධකරු වන්නේ. ක්‍රිෂ්ණා මෙය විය නොහැකියි. ඔහුගේ උපත, පෙනෙන්නට තිබේ. ක්‍රිෂ්ණාට නැවත වරක් එම අංග ලක්ෂණ ඒ ආකාරයෙන්ම ලබාගත නොහැකියි. ඔහු එම අංග ලක්ෂණ එලෙසින්ම නැවත ලබන්නේ ස්වර්ණම යුගයේදීය. සෑම කෙනෙකුගේම අංග ලක්ෂණ ඔවුන්ගේ විවිධ උපත්වලදී විවිධ ආකාරයන් ගනී. නාටකයේ මෙම කොටස මේ ආකාරයෙන් නිර්මාණය වී ඇත. එහිදි සෑම කෙනාම ස්වභාවික සොඳුරු බවින් යුතු වනු ඇත. දැන් දිනෙන් දිනම ශරීරත් නොකඩවා තමෝප්‍රධාන් වෙයි. මුලදීම ඒවා සතෝප්‍රධාන් වන අතර පසුව සතෝ, රජෝ සහ තමෝ තත්ත්වයන් වෙත යනු ඇත. නොකඩවා උපත ලබන්නේ කුමන ආකාරයේ ළදරුවන් දැයි කියා මදක් බලන්න. සමහරුන්ට පාද නැහැ සමහරු කුරුමිට්ටෝ. බොහෝ විවිධ දේ සිදුවන ආකාරය මඳක් බලන්න. ස්වර්ණම යුගයේදී එවැනි දේ පවතින්නේ නැත. එහිදී දේවතාවන්ට රැවුල් ආදිය නොමැත ඒවා සියල්ලම මුඩුගෑවා මෙන් පිරිසිඳුයි. ඔබට ඔවුන් ගැහැනු ද පිරිමි ද යන්න ඔවුන්ගේ දෙඇස් වලින් සහ අංග ලක්ෂණ වලින් කිව හැකියි. ඔබ තවදුරටත් වර්ධනය වෙද්දී, බොහෝ දර්ශන ඔබට ලැබේවි. ඔය දරුවන්ට බොහෝ සෙයින් සතුට තිබිය යුතුයි! බාබා සෑම චක්‍රයකම ඔබට රාජයෝගා උගන්වන්නට පැමිණෙන අතර ඔබව සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට වෙනස් කරයි. අනෙක් ආගම් සියල්ලෙහිම අය ඔවුන්ගේම අංශයන්ට යන බවත් ඔය දරුවන් දනී. ජීවයන්ගේ වෘක්ෂය දිස්වේ. මෙහිදී පිංතූරවල බොහෝ නිවැරදි කිරීම් සිදු කළ යුතු වනු ඇත. පිංතූර නොකඩවා වෙනස් කළ යුතු වෙයි උදාහරණයක් ලෙස, බාබා සූක්‍ෂම කළාපයේ සිට විස්තර සපයයි. සැක සහිත බුද්ධීන් ඇති අය පවසන්නේ මේ මොකක්ද? ඔබ මින් පෙර පැවසූයේ මෙයයි, දැන් ඔබ කියන්නේ තවත් එකකි! ලක්‍ෂ්මි සහ නාරායන්ගේ ස්වරූප දෙක එක් වූ විට කියන්නේ විෂ්ණු කියාය. කොහොමනමුත්, අත් හතරකින් යුතු මනුෂ්‍යයින් නොමැත. ඔවුන් හිස් දහයකින් යුතු රාවණ් පෙන්වයි. එවැනි මනුෂ්‍යයින් ඇත්තේ නැත. ඔවුන් සෑම වසරකම රාවණ්ගේ පඹයෙකු පුළුස්සයි, එය නිකං බෝනික්කෝ සෙල්ලමක් වැනිය. මනුෂ්‍යයින් පවසන්නේ, ආගමික ග්‍රන්ථ නොමැතිව ඔවුන්ට ජීවත්විය නොහැකිය, එම ආගමික ග්‍රන්ථ ඔවුන්ගේ ජීවිතය වේ යැයි කියාය. බලන්න එහි මොනතරම් ගෞරවයක් ගීතාවට දෙනවාද! ඔබට මෙහි විශාල මුරලි කන්දක් තිබේ. ඒවාත් සමඟ ඔබ කරන්න යන්නේ කුමක්ද? දවසින් දවස ඔබ නොකඩවා අළුත් කරුණු වලට සවන් දෙයි. ඔව්, කරුණු සටහන් කර ගන්නා එක හොඳයි. දේශනයක් පවත්වන අවස්ථාවකදී ඔබ කතා කිරීමට යන දේ ගැන විවිධ කරුණු ඔබ නැවත මතකයට නඟයි. ඔබට මාතෘකා ලැයිස්තුවක් තිබිය යුතුයි. අද මම පැහැදිලි කරන්නේ මේ මාතෘකාව යටතේයි. කවුද රාවණ්, කවුද රාමා? සත්‍යය නම් කුමක්ද? මම ඔබට මේ සියල්ලම පැහැදිලි කරමි. මේ කාලය වන විට, රාවණ්ගේ රාජධානිය මුළු ලොවම වසාගෙන ඇත. සෑම කෙනෙක් තුළම පංච පාපයන් තිබේ. පියා පැමිණ, රාමාගේ රාජධානිය නැවත වතාවක් ස්ථාපනය කරයි. මෙය ජය හා පරාජය පිළිබඳ ක්‍රීඩාවකි. පංච පාපයන් වන රාවණ්ගෙන් ඔබ පරාජය වූ සැටි බලන්න! පෙර කල පවුල් මාර්ගය පවිත්‍ර විය, නමුත් දැන් එය අපවිත්‍ර වී ඇත. ලක්‍ෂ්මි සහ නාරායන් පසුව සරස්වතී සහ බ්‍රහ්මා වේ. පියා පවසන්නේ ඔහුගේ බොහෝ උපත්වලින් අවසාන උපතේදී මම ඔහුගේ ශරීරයට පිවිසෙමි. ඔබ පවසන්නේ මම ද බොහෝ උපත්වලින් පසුව පියාගෙන් මෙම දැනුම ලබා ගන්නෙමි. මේ සෑම දේම වටහා ගැනීම උදෙසායි. සමහරුන්ට ඇත්තේ අන්ද මන්ද බුද්ධියක් වන නිසා ඔවුන් කිසිවක් වටහා නොගනී. රාජධානියක් ස්ථාපනය වෙමින් තිබේ. බොහෝ අය පැමිණි අතර පසුව හැර ගියේය; ඔවුන් නැවත එනු ඇත. පුරවැසියන් අතරෙහි ඔවුන් ලබනා තත්ත්වය පැන්සයක් තරමේ එකකි. ඔවුනුත් උවමනා වේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම දැනුම සම්පූර්ණ ලෙස ඉගෙන සාමාන්‍ය මනුෂ්‍යයකුගෙන් දේවතාවෙක් බවට පත් වන්න. එසේ පත්වී ලෝකයේ පාලකයෙක් වනවාය යන කුල්මත් බව හැමවිටම පවත්වා ගන්න. ඔබගේ රාජ්‍යයේ සතුට, සාමය හා පවිත්‍රතාවය යන සෑම දෙයක්ම තිබෙනවා. එය කිසිවෙකුටත් ඔබගෙන් පැහැර ගෙන යාමට නොහැක.

2. මෙගොඩ සිට එගොඩට හරහා යාම සඳහා සිහිපත් කිරීමේ වන්දනාවේ යෙදෙන හොඳ පිහිනුම් කරුවෙකු වන්න. ඔබව හිර කිරීමට මායාට ඉඩ දෙන්න එපා. ඔබව නිරීක්ෂණය කරන්න, ඔබගේ සිහිපත් කිරීමේ වාර්තාව පළමුව නිවැරදිව වටහාගෙන පසුව ඔබේ වාර්තාව ලියන්න.

වරදානය:
ඔබ ඥානයෙන් පිරිපුන් වී, උත්සාහ දැරීමේ සහ එහි ඵලය ලැබීමේ ගිණුම දැනගෙන, වේගයෙන් ඉදිරියට යත්වා.

දිගු කාලයක් පුරා උත්සාහය දැරීමෙන් ඔබේ ඵලය නිර්මාණය කර ගැනීමට මෙය කාලයයි. එබැවින්, ඥානයෙන් පිරිපුන් වී, වේගයෙන් ඉදිරියට යන්න. අද නොවේ නම්, හෙට ඔබ වෙනස් වනු ඇතැයි මෙයින් නොසිතන්න. එය නොසැලකිලිමත්කම ලෙස හැඳින්වේ. මේ දක්වා, බාප්දාදා සියලු නෑ සබඳතාවන්හී සෙනෙහසේ සාගරය වී ඇත. දරුවන්ගේ නොසැලකිලිමත්කම සහ සාමාන්‍ය උත්සාහයන් ගැන දකින සහ අසන අතරතුර, ඔහු අමතර ලකුණු ලබා දී ඔබව ඉදිරියට ගෙන යාමට සලස්වා ඇත. එබැවින්, ඥානයෙන් පිරිපුන් වී එම විශේෂ ආශිර්වාදයේ ප්‍රයෝජනය ලබා ගන්න. ධෛර්යය පවත්වා ගැනීමෙන්, ඔබට ඒ මඟින් උපකාර ලැබේ.

පාඨය:
පදාර්ථයේ සේවකයන් වන අය අසතුටින් සිටිති. එබැවින්, පදාර්ථ ජයගත්තන් බවට පත් වන්න.

අව්‍යක්ත සංඥාව: සහජ යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.

යමෙකු සාගරයක ගැඹුරෙහි සිටින විට, ඔහුට සාගරය හැර අන් කිසිවක් නොපෙනේ. පරමාත්ම පියා තුළ, එනම්, සියලු ගුණධර්ම වල සාගරයේ මුසු වීම, සෙනහසේ මුසු වීමේ අවධිය ලෙස හැඳින්වේ. එබැවින්, ඔබ පරමාත්ම පියා තුළ මුසු විය යුතු නැත, නමුත්, සිහිපත් කිරීම තුළ සහ පියා කෙරෙහි වන සෙනෙහස තුළ මුසුව සිටින්න.