19.10.25    Avyakt Bapdada      Sinhala Murli     31.03.2007    Om Shanti    Madhuban


වටිනා කෙනෙක් වී, ඔබගේ මුහුණින් පරම පියාගේ මුහුණ පෙන්වන්න.
සේවය කරන විට නිර්මාණශීලී වනවාත් සමගම
නිර්මල වචන කතා කිරීමේ සහ මානයෙන් තොර (නිර්මාන) ස්ථිතියක සමබරතාවය පවත්වා ගන්න.


අද සෑම තැනකම සිටින දරුවන්ගේ භාග්‍යයේ රේඛා දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. බැබලෙන ආලෝක රේඛා සියලුම දරුවන්ගේ නළල් මත දිදුලනවා. ඔවුන්ගේ දෑස් තුළ ආධ්‍යාත්මිකත්වයේ භාග්‍යයේ රේඛා දිස් වනවා. ඔවුන්ගේ මුවින් ශ්‍රේෂ්ඨ වදන් වල භාග්‍යයේ රේඛා පිට වීම, දැකිය හැක. ඔවුන්ගේ දෙතොල් වල ආධ්‍යාත්මික මද සිනහවක් බාබා දකිනවා. ඔවුන්ගේ දෑත් වල සියලුම දේවමය සම්පත්වල රේඛා දිස් වනවා. ඔවුන්ගේ ස්මරණයේ සෑම පියවරකම, බාබා කෝටි ගුණයක රේඛා දකිනවා. සෑම කෙනෙකුගේම හදවත තුළ, පරම පියාගේ සෙනෙහස තුළ ගිලී සිටීමේ රේඛාවක් බාබා දකිනවා. ඔය සෑම දරුවෙක්ම එවන් ශ්‍රේෂ්ඨ භාග්‍යයක් අත්විඳිනවා නේද? සෑම කෙනෙකුගේම ශ්‍රේෂ්ඨ ක්‍රියාවන්ගේ පෑනෙන් පරම පියාම මෙම භාග්‍ය රේඛා ඇඳ තිබෙනවා. එය කෙතරම් ශ්‍රේෂ්ඨ භාග්‍යයක්ද යත් එය අවිනාශීය; එය මෙම උපතට පමණක් නොව, නමුත් මේවා බොහෝ උපත් ගණනාවකට අවිනාශී භාග්‍යයේ රේඛාය. පියා අවිනාශී වන අතර භාග්‍යයේ රේඛාද අවිනාශීය. මෙකල, සියලුම රේඛා හිමි කරගන්නේ ඔබගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවල පදනමට අනුවයි. මෙකල සිදු කරන උත්සාහය බොහෝ උපත් ගණනාවකට ප්‍රතිලාභය නිර්මාණය කරයි.

මෙකල වුවද, ඔය සියලුම දරුවන්ට බොහෝ උපත් ගණනාවකට ලැබීමට ඇති ප්‍රතිලාභය, මෙකල ඔබ දැරූ උත්සාහයේ ප්‍රතිලාභයේ ලැබීම, දැන් මෙකල දැකීමට බාප්දාදා ප්‍රිය කරයි. අනාගතයේ පමණක් නොවෙයි, නමුත් මේ සියලුම රේඛා නිරන්තරයෙන් දැන් පවා අත්විඳිය යුතුයි, මන්ද, මෙම වර්ථමාන දිව්‍යමය සංස්කාර ඔබගේ නව ලෝකය නිර්මාණය කරයි. පරීක්ෂා කර බලන්න! පරීක්ෂා කරන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? ඔබ තමන්ගේම පරීක්ෂකයන් විය යුතුයි. ඔබ දැන් පවා සියලුම භාග්‍යයේ රේඛා අත්විඳිනවාද? මෙම ප්‍රතිලාභය අවසානයේ දිස් වෙයි කියා ඔබ සිතන්නේ නැහැ නේද? ලැබීම මෙකලයි, එමෙන්ම ප්‍රතිලාභයද අත්විඳිය යුත්තේ මෙකලයි. අනාගත ලෝකය (සංසාර්) වෙනුවෙන් සංස්කාර, දැන් ඔබගේ ජීවිතයේ ප්‍රායෝගිකව අත්විඳිය යුතුයි. ඔබ පරීක්ෂා කළ යුත්තේ කුමක්ද? ඔබ අනාගත ලෝකයේ සංස්කාර ප්‍රශංසා කරයි, අනාගත ලෝකයේ එක රාජධානියක් තිබීම ගැන. ඔබට එම ලෝකය මතකයි නේද? එම ලෝකයේ ඔබ කොපමණ වාර ගණනාවක් පාලනය කර තිබේද කියා ඔබට මතකද? එසේ නැත්නම් ඔබට එය සිහි වෙන්නේ බාබා ඔබට එය මතක් කර දුන් විට පමණයිද? එය කුමක්ද කියා ඔබට මතකද? එය ඔබගේ අවධානයේ තිබෙනවා නේද? එම සංස්කාර මෙකල ඔබගේ ප්‍රායෝගික ජීවිතයේ තිබෙනවාද? පරීක්ෂා කරන්න: ඔබගේ මනසේ, ඔබගේ බුද්ධියේ, ඔබගේ නෑ සම්බන්ධතා තුළ, ඔබගේ ජීවිතයේ, ඔබට තිබෙන්නේ එක රාජධානියක්ද? නැත්නම් විටෙක ජීවාත්මයේ පාලනයත් සමගම, මායාගේ පාලනයත් තිබෙනවාද? ඔබගේ අනාගත ප්‍රතිලාභයේ, දෙකක් නොමැත, තිබෙන්නේ එක රාජධානියක් පමණයි. ඒ අන්දමින්ම, දැනුත් රාජධානි දෙකක් නැහැ නේද? අනාගත රාජධානියේ, එක් රාජධානිය සමගම එක් ධර්මය තිබේ. එම ධර්මය කුමක්ද? එය සම්පූර්ණ පාරිශුද්ධත්වය ධාරණය කිරීමේ ධර්මයයි. එබැවින් දැන් පරීක්ෂා කර බලන්න: සම්පූර්ණ පාරිශුද්ධත්වය තිබෙනවාද? ඔබගේ සිහිනෙන් වත් අපවිත්‍රතාවයේ නමක් හෝ සලකුණක් වත් නොතිබිය යුතුයි. පාරිශුද්ධත්වය යනු, ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා සහ නෑ සම්බන්ධතා තුළ පාරිශුද්ධත්වයේ එක් ධාරණාව තිබීමයි. ඔබ බ්‍රහ්මචාරී විය යුතුයි. ඔබ තමන්ව පරීක්ෂා කරන්නේ කෙසේද කියා දන්නවාද? තමන්ව පරීක්ෂා කරන්නේ කෙසේද කියා දන්නා අය අත් ඔසවන්න! ඔබ තමන්ව පරීක්ෂා කරන අන්දම දන්නවා. එබැවින් ඔබ තමන්ව පරීක්ෂා කරනවාද? ඔබ එසේ කරනවාද? ඔය ගුරුවරු පරීක්ෂා කරන අන්දම දන්නවාද? ඔය ද්විත්ව විදේශිකයන් දන්නවාද? ඇයි? මිනිසුන් අද පවා ඔබගේ අජීවී ප්‍රතිමා වලින් පාරිශුද්ධත්වය අයදින්නේ, වත්මන් කාලයේ පාරිශුද්ධත්වය නිසයි. පාරිශුද්ධත්වය යනු, එක් ධර්මයයි, එය මෙකල ස්ථාපිත වන අතර අනාගතයේද නොකඩවා පැවතෙයි. ඒ අන්දමින්ම අනාගතයේ ප්‍රශංසාව කුමක්ද? එක රාජධානිය, එක් ධර්මය සහ ඒ සමගම නිරන්තර සතුට, සාමය සහ ධනය. අඛණ්ඩ සතුට, අඛණ්ඩ සාමය, සහ අඛණ්ඩ ධනය. ඉතිං ඔබගේ ස්ව-ආධිපත්‍ය ජීවිතයේ - අනෙක, ලෝකයේ ආධිපත්‍යයි - නමුත් මෙකල, ඔබට ස්ව-ආධිපත්‍යය තිබේ. තමන්ව පරීක්ෂා කරන්න! අවිනාශී සතුට, දේවමය සතුට: එය අවිනාශී බව ඔබ අත්දකිනවාද? ඔබ ඕනෑම ක්‍රමයක් හෝ පහසුකමක පදනමට අනුව සතුට අත්විදීම සිදු නොවිය යුතුයි. කිසිම වෙලාවක, කිසිම හේතුවකට දුක් රැල්ලක් අත්නොවිඳිය යුතුයි. නම, ප්‍රසිද්ධිය හෝ ගෞරවයේ පදනමට අනුව ඔබ සතුට අත්විඳින්නේ නැහැ නේද? ඇයි? මන්ද, නම, ප්‍රසිද්ධිය, ගෞරවය, පහසුකම් ආදිය විනාශ වන සුළු මෙන්ම තාවකාලිකයි. තාවකාලික ආධාරක වල පදනමින් ඔබට අවිනාශී සතුට ලබා ගත නොහැක. නොකඩවා තමන්ව පරීක්ෂා කර බලන්න. දැන් වුවද, නොකඩවා සවන් දී, එමෙන්ම තමන්ව පරීක්ෂා කර බලන්න, එවිට වත්මන් කාලයේ සංස්කාර සහ අනාගත ලෝකයේ ප්‍රතිලාභය අතර කෙතරම් වෙනසක් තිබේද කියා ඔබට දැන ගන්නට ලැබෙයි. ඔබ සියලු දෙනාම උපත ලද සැනින් බාප්දාදාට පොරොන්දුවක් විය. ඔබගේ පොරොන්දුව ඔබට මතකද? මතකද? එසේ නැත්නම් ඔබට එය අමතකද? ඔබ සියලු දෙනාම පරම පියාගේ සහකරුවන්, ලොවට සෙත සළසන්නන් සහ සාමයේ සහ සතුටේ නව ලෝකය නිර්මාණය කරන අය වන බවට ඔබ පොරොන්දු විය. ඔබට එය මතකද? ඔබගේ පොරොන්දුව ඔබට මතකද? අත් ඔසවන්න! එය ස්ථිර පොරොන්දුවක්ද? නැත්නම් විටෙක වෙනත් දෙයක් එයට මිශ්‍ර වෙනවාද? දේවමය සංස්කාර වල පදනමට අනුව නව ලෝකය නිර්මාණය කරන අය ඔබලාය. එය මෙකල උත්සාහ දැරීම පමණක් පිළිබද ප්‍රශ්නයක් නොවෙයි, මන්ද, ඔබ මෙකල උත්සාහයේ ප්‍රතිලාභයත් අත්විඳිය යුතුයි. සතුට සමගම සාමයත් පරීක්ෂා කරන්න. අසාමයේ සිදුවීම්, අසාමයේ වාතාවරණයක් එමෙන්ම, ඔබ සාම සාගරයේ දරුවන්. ඔබ නිරන්තරයෙන් නෙළුම් මල් වැනිය. එබැවින්, ඔබට අසාමය, සාමකාමී වාතාවරණයකට පරිවර්ථනය කළ හැකිද? වාතාවරණය සාමකාමී නම්, එවිට ඔබ සාමය අත්විඳින්නේ නම් එය ලොකු දෙයක් නොවෙයි. කෙසේවෙතත්, ඔබගේ පොරොන්දුව වන්නේ, අසාමය, සාමය බවට පරිවර්ථනය කරන අය, ඔබලා බවයි. එබැවින් පරීක්ෂා කර බලන්න. ඔබ තමන්ව පරීක්ෂා කරනවා නේද? පරිවර්ථකයන් ඔබද? ඔබ කිසිදේක බලපෑමට හසු වන්නේ නැහැ නේද? ඔබ පරිවර්ථකයන්. පරිවර්ථකයන් වන අයට කිසිම දේක බලපෑමට කිසි විටෙක හසුවිය නොහැක. මේ අන්දමින්, ධනය, අසීමිත ධනය, තමන්ගේ පාලකයෙක් වන කෙනෙකුගේ ධනය කුමක්ද? දැනුම, ගුණධර්ම සහ බල, තමන්ගේ පාලකයෙක්, ස්ව-අධිරාජයෙක් වන කෙනෙකුගේ ධන වර්ග මේවාය. එබැවින් පරීක්ෂා කරන්න! ඔබ දැන් මෙම දැනුමේ මුළු ව්‍යාප්තියේ සාරය පිළිබදව පැහැදිලිව දන්නවා නේද? මෙම දැනුම යනු ඔබ පාඨමාලාව සහ දේශන ලබා දීම නොවෙයි, නමුත් දැනුම යනු වැටහීම තිබීමයි. එබැවින් සෑම සිතිවිල්ලක්, සෑම වචනයක් සහ සෑම ක්‍රියාවක්ම. දැනුම යනු නුවණ තිබීමයි. ඔබ සෑම දෙයක්ම සිදු කරන්නේ දැනුමින් පිරිපුන්ව හිදිමින්ද? සියලුම ගුණධර්ම ඔබගේ ප්‍රායෝගික ජීවිතයේ ඉස්මතුව තිබෙනවාද? ඔබට සියලුම ගුණදම් තිබෙනවාද? නැත්නම් ඒවා තිබෙන්නේ ඔබගේ ධාරිතාවයට අනුව පමණයිද? මේ අන්දමින් සියලුම බල තිබේද, ඔබගේ නම්බුනාමය වන්නේ සියලු බල ඇති මාස්ටර්ය, ඇතැම් බල පමණක් ඇති කෙනෙක් නොවෙයි. එබැවින් ඔබට සම්පූර්ණ ප්‍රමාණයට සියලු බල තිබෙනවාද? දෙවනුව, සියලුම බල නිවැරදි වෙලාවට ක්‍රියාත්මක වෙනවාද? ඒවා නිසි වෙලාවට පෙනී සිටිනවාද? එසේ නැත්නම් ඒවා භාවිතා කරන වෙලාව ගෙවී ගිය පසු, ඔබට ඒවා සිහි වෙනවාද? එබැවින් මේ කාරණා තුනම පරීක්ෂා කර බලන්න. එක රාජධානියක්, එක ධර්මයක් සහ අවිනාශී සතුට, සාමය සහ සමෘද්ධිය. ඔබ දැන්, ස්ව-ආධිපත්‍යය කාලයේ, අත්විඳින මේ සියලු දේවල්, නව ලෝකයේ අත්විඳින්නේ නැත. මේ සියලු දේවල් අත්විඳිමට හැකි වන්නේ මෙකලයි. ඒවා ප්‍රතිලාභය ස්වරූපයෙන් නොකඩවා පැවතෙන්නේ, මෙම සංස්කාර දැන් සිටම ඉස්මතු වූ විට පමණයි. ඔබ තවමත් ඒවා ධාරණය කරගනිමින් සිටින බව, එය සිදු වෙයි කියා, එය අවසානයේ අනිවාර්යෙන් සිදුවෙයි කියා ඔබ සිතන්නේ නැහැ නේද? වත්මන් කාලයේ දීර්ඝ කාලයක් පුරා ඇති කරන ඔබගේ පුහුණුවයි, දීර්ඝ කාලයක ලැබීම් වල පදනම වන්නේ කියා, බාප්දාදා ඔබට දැනටමත් කල් තියා සංඥාවක් ලබා දී තිබේ. එය අවසානයේ සිදුවෙයි කියා, එය එවිට වෙයි කියා, නොසිතන්න. නැහැ; එය දැන් සිදුවිය යුතුයි. ඇයි? තමන්ගේ පාලකයෙක් වීමේ අයිතිය තිබීමට නම්, ඔබ එය දීර්ඝ කාලයක් පුරාවට දැන් පුහුණු කළ යුතුයි. ඔබට එක උපතකදි අයිතීන් තිබීමට නොහැකි වී, ඔබ යැපෙන්නෙක් වන්නේ නම්, එවිට බොහෝ උපත් ගණනාවක් ඔබට අයිතීයක් තිබෙන්නේ කෙසේද?

මේ නිසයි කාලයේ වේගය දැන් ඉතාම වේගවත් බව, සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට බාප්දාදා නැවත නැවතත් සංඥා කරන්නේ. එබැවින් ඔය සියලුම දරුවන් නිකම්ම උත්සාහ දරන්නන් නොවෙයි, නමුත් තීව්‍ර උත්සාහ දරන්නන් වී, දීර්ඝ කාලයක් පුරා උත්සාහයේ ප්‍රතිලාභය ඔබ දැන් අත්විඳිය යුතුයි. තීව්‍ර උත්සාහයේ සලකුණු ගැන මින් පෙර බාප්දාදා ඔබට පවසා තිබේ. තීව්‍ර උත්සාහ දරන්නෙක් නිරන්තර මාස්ටර් දානපතියෙක් වෙයි. ඔහු ගන්න කෙනෙක් (ලේව්තා) නොවෙයි, නමුත් දේවතා, දෙන කෙනෙක් වෙයි. ඔබ මෙසේ නොකිව යුතුයි, “මේ දේ තිබුණොත්, මට උත්සාහ දැරිය හැක. මේ කෙනා මෙය කළොත්, එවිට මමත් එය කරන්නම්. මේ කෙනා වෙනස් වුනොත් එවිට මාද වෙනස් වෙන්නම්. මේ කෙනා වෙනස් විය යුතුයි; මේ කෙනා මෙය කළ යුතුයි.” මේවා දානපතියෙකුගේ ලක්ෂණ නොවෙයි. කෙනෙක් මෙය කළත් නැතත්, බාප්දාදා හා සමානව, බ්‍රහ්ම බාබා මෙන් මා එය නොකඩවා කළ යුතුයි. තවද ඔබ සකාර් ස්වරූපය දුටුවා; ඔහු කිසි විටෙක මෙසේ නොකීහ: දරුවන් එය කළොත් එවිට මා එය කරන්නම්. එය සෑම විටම වුනේ: මා එය සිදු කර, ඉන්පසුව දරුවන් ලවා එය කරවන්නම්. තීව්‍ර උත්සාහයේ දෙවන ලක්ෂණය වන්නේ: නිර්මාණශීලී කාර්යයක් සිදු කරන විට පවා, නිරන්තරයෙන් නිරහංකාරව රැදී සිටීමයි. දෙකෙහි සමබරතාවයක් තිබිය යුතුයි: නිර්මාණශීලී වීම සහ නිරහංකාර වීම. ඇයි? ඔබ නිරහංකාරව කාර්යයක් සිදු කරන විට, ඔබට සියලු දෙනාගේම හදවත් වලින් සෙනෙහස සහ ආශිර්වාද ලැබෙයි.

නිර්මාණශීලී වීමේදි, එනම්, සේවා කේෂත්‍රය තුළ, සියලු දෙනාම දැන් බොහෝ උනන්දුවෙන් සහ උද්යෝගයෙන් නව සැලසුම් සාදන බව බාප්දාදා දැක තිබෙනවා. මේ සඳහා සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට බාප්දාදා සුබ පතනවා. නිර්මාණශීලී සේවය වෙනුවෙන් බාප්දාදාට ඉතා හොඳ සැලසුම් බොහොමයක් ලැබී තිබේ. නිර්මාණශීලී කාර්යයන් ඉතා හොඳ බව බාප්දාදා දුටුවා, නමුත් සේවය සදහා ඔබ තුළ උනන්දුව සහ උද්යෝගය තිබෙන තරමටම, ඔබ ඒ ප්‍රමාණයටම නිරහංකාර ස්ථිතියෙන් සමබර වන්නේ නම්, එවිට, නිර්මාණයේ, එනම්, සේවා කාර්යයේදී, වඩාත් දිස්වන ස්වරූපයකින් සාර්ථකත්වය තිබෙයි. ඔබට නිරහංකාර ස්වභාවයක් තිබිය යුතු බව, ඔබගේ වචන වල සහ ඔබ අන් අය සමග නෑ සබදතා පවත්වන විට, ඔබට නිහතමානිකම තිබිය යුතු බව, බාප්දාදා ඔබට මින් පෙරත් පවසා ඇත. මෙය දේවතාවන්ගේ ප්‍රශංසාවයි, නමුත් ඇත්ත වශයෙන්, එය බ්‍රහ්මණයින්ගේ ප්‍රශංසාවයි. දේවතාවන් පිළිබදව සදහන් වන්නේ, ඔවුන්ගේ දෙතොලගින් පිට වන වදන් දියමන්ති හා මුතු මෙන් වටින බවයි - ඒවා මිල කළ නොහැකි බවයි. පිවිතුරු සහ මුදු වදන්, පිවිතුරු සහ මෘදු ස්වභාවයක්. බාප්දාදා දැන් ඔබව පරීක්ෂා කරන බැවින් එමෙන්ම මෙය ඍතුවේ අවසන් වාරය නිසා, ඔහු ඔබට ප්‍රතිඵලය ලබා දිය යුතුයි නේද? පිවිතුරු වදන් පැවසීමට සහ නිරහංකාර ස්ථිතියක් තිබීමට වැඩි අවධානයක් යොමු කිරීමට අවශ්‍ය බව බාප්දාදා දුටුවා.

ඔබගේ සම්පත් ගිණුම් තුනෙහිම රැස් කිරීමට කියා බාප්දාදා ඔබට දැනටමත් පවසා තිබේ. ප්‍රතිඵලයක් ලෙස බාබා දුටුවේ කුමක්ද? ගිණුම් තුන මොනවාද? ඔබට ඒවා මතක් වන්නට ඇති නේද? කෙසේවෙතත්, බාබා දැන් ඒවා නැවත පුනරීක්ෂණය කරනවා. 1. ඔබගේ උත්සාහය තුළින්, ඔබගේ රැස් කිරීමේ ගිණුම වැඩි කරගන්න. 2. නිරතුරුවම තමන් තෘප්තිමත්ව රැදී සිට අන් අයවත් තෘප්තිමත් කරන්න. විවිධ සංස්කාර ගැන දැනුවත්ව සිටින අතර තමන් තෘප්තිමත් වී අන් අයවත් තෘප්තිමත් කරන්න, මන්ද, මෙසේ කිරීමෙන්, ඔබගේ ආශිර්වාද ගිණුමේ ඔබට රැස් කර ගැනීමට හැකි වෙයි. යම්කිසි හේතුවක් නිසා, ඔබ අන් අයව තෘප්තිමත් කිරීමේ යම් අඩුවක් ඇත්නම්, එය ඔබගේ පුණ්‍යකර්ම ගිණුමේ රැස් වන්නේ නැත. එය කුමක් වුවද, තමන් තෘප්තිමත්ව සිටියත්, අන් අයව තෘප්තිමත් කළත්, පුණ්‍යකර්ම වලට යතුර, තෘප්තියයි. 3. සේවය කිරීමේදීද සෑම විටම පරහිතකාමී වන්න: කිසිම විටෙක “මම” යන කිසිදු අවධානයක් තබා නොගන්න : “මා මෙය කළා” හෝ “මගේ නම සදහන් කර ඇත.” සේවය කිරීමේදි, “මම” හෝ “මගේ” පිළිබද කිසියම් අවධානයක් ඇත්නම්, ඔබට පුණ්‍යකර්ම ගිණුමේ රැස්කර ගැනීමට නොහැක. “මගේ” යන අවධානය ගැන ඔබට අත්දැකීම් තිබේ. රාජකීය අන්දමකින් පවා “මගේ” යන අවධානය බොහෝ සේ තිබේ. “මගේ” යන සාමාන්‍ය ස්වරූපයේ අවධානයේ ලැයිස්තුවටත් වඩා “මගේ” යන රාජකීය ස්වරූපයේ අවධානයේ ලැයිස්තුව දිගයි. “මම” හෝ “මගේ” යන ආත්මාර්ථකාමී චේතනාවක් ඇති ඕනෑම විටෙක සහ ඔබ පරහිතකාමී නැත්නම්, ඔබගේ ගිණුමේ රැස් වන්නේ පුණ්‍යකර්ම ඉතා සුළු ප්‍රමාණයකි. “මගේ” යන ලැයිස්තුව ගැන බාබා ඔබට වෙනත් වෙලාවක පවසන්නම්. එය ඉතා දීර්ඝයි එමෙන්ම ඉතා සූක්ෂමයි. ඉතිං, ඔබගේ උත්සාහය අතින්, ඔබ සියලු දෙනාම ඔබගේ ගිණුමේ රැස් කර ගන්නේ තමන්ගේම ධාරිතාවයට අනුව බව, බාප්දාදා දුටුවා. කෙසේවෙතත්, දැන් ආශිර්වාද ගිණුම සහ පුණ්‍යකර්ම ගිණුම වැඩි කරගැනීමට අවශ්‍යතාවයක් තිබේ. මේ නිසයි දැන් ගිණුම් තුනෙහිම රැස් කිරීමට අවධානය යොමු කළ යුත්තේ. දැන් වුවද සංස්කාර වල විවිධත්වය දිස් වෙයි. කිසි කෙනෙකුගේ සංස්කාර තවමත් සම්පූර්ණ වී නැහැ. කෙසේවෙතත්, දැන්, මා අන් අයගේ දුර්වල ස්වභාවය හෝ දුර්වල සංස්කාර වල බලපෑමට හසු නොවිය යුතුයි. මම, සියලු බල ඇති මාස්ටර් පාලකයෙකි, මාස්ටර් සර්ව බලධාරියෙක්මි. දුර්වල සංස්කාර බලවත් නැහැ. සියලු බල ඇති මාස්ටර් සර්ව බලධාරියෙක් වන මා මත, දුර්වල සංස්කාර වලට බලපෑමක් ඇති කළ නොහැක. ආරක්ෂාවේ මාර්ගය වන්නේ, බාප්දාදාගේ ආරක්ෂක වියන යට සිටීමයි. බාප්දාදා සමග ඒකාබද්ධ වී සිටින්න. ආරක්ෂක වියන, ශ්‍රීමත්ය.

අද බාප්දාදා ඔබට සංඥාවක් ලබා දෙනවා: ඔය සෑම කෙනෙක්ම අනිවාර්යෙන් ඔබගේ සිතිවිලි, වචන, නෑ සම්බන්ධතා සහ ක්‍රියා තුළ නවතාවයක් ගෙන ඒමට සැලසුමක් සෑදිය යුතුයි. බාප්දාදා ප්‍රථමයෙන්ම ප්‍රතිඵලය දෙස බලනවා: ඔබ කුමන නවතාවයද සිදු කළේ? ඔබගේ අධිෂ්ඨානයෙන් ඔබ පරිවර්ථනය කළේ කුමන පැරණි සංස්කාරයද? බාප්දාදා පළමුවෙන්ම ප්‍රතිඵලය දෙස බලනවා. ඔබ සිතන්නේ කුමක්ද? අප මෙය කළ යුතුද? කළ යුතුද? මෙය අනිවාර්යෙන්ම කරන බව පවසන අය අත් ඔසවන්න! අච්චා, ඔබ එය කරනවාද? එසේ නැත්නම් ඔබ වෙන අය දෙස බලනවාද? ඔබ කුමක්ද කරන්නේ? අන් අය දෙස නොබලන්න. බාප්දාදා දෙස බලන්න. ඔබගේ ජ්‍යෙෂ්ඨ දාදී දෙස බලන්න. ඇයට බොහෝ ආදරණීය සහ නොබැදි ස්ථිතියක් තිබෙනවා. බාප්දාදා පවසන්නේ: “මම” සහ සීමිත “මගේ” යන අවධානය අවසන් කළ කෙනෙක්ව යම් කෙනෙකුට දකින්න අවශ්‍ය නම්, බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින අපගේ දාදිජී දෙස බලන්න. ඇගේ මුළු ජීවිතය පුරාම, ඈ සෑම විටම “මම” සහ “මගේ” යන සියලු සීමිත අවධානයන්ට ඔබ්බෙන් සිට ඇත, එමෙන්ම එහි ප්‍රතිඵලය වන්නේ, ඇය කෙතරම් රෝගී වුනත්, ඈ සියලු වේදනා විදීම ඉක්මවා සිටියි. එක වචනය පමණක් බොහෝ ස්ථිරයි. ඕනෑම කෙනෙක් දාදීගෙන් මෙසේ විමසන්නේ නම්: “ඔබට වේදනාවක් දැනෙනවාද? දාදී ඔබට යම් දෙයක් සිදු වෙනවාද?” ඔවුන්ට ලැබෙන ප්‍රතිචාරය කුමක්ද? “කිසිවක් නැත”. ඇය පරහිතකාමී මෙන්ම ඇයට පරිත්‍යාගශීලී හදවතක් ඇති නිසා. ඇය සියලු දෙනාටම ඉඩ දී ඇති අතර සියලු දෙනාගේ සෙනෙහස දිනා ඇත. ඔබ එහි ප්‍රායෝගික ලක්ෂණ දකිනවා. බ්‍රහ්ම පියා ගැන මිනිසුන් කතා කරන විට, පරම පියා ඔහු තුළ සිටි බව ඔවුන් කියයි. කෙසේවෙතත්, දාදී, පරමාත්ම දෙවියන්ගේ පෝෂණය සහ මෙම ඉගෙනුම යටතේ ඔබ සමග වාසය කර තිබේ; සේවය කිරීමේදි ඇය ඔබගේ සහකරු වී ඇත. එබැවින් එක්කෙනෙකුට එය විය හැකි නම් - ඇගේ ස්ථිතියෙන් පරහිතකාමී - එසේ නම් ඔබ සියලු දෙනාට එය විය නොහැකිද? ඔබට එය විය හැක, එහෙම නේද? එය බවට පත්වන අය ඔබයි, යන විශ්වාසය බාප්දාදාට තිබේ. ඔබ කොපමණ වාර ගණනාවක් එය බවට පත්ව තිබේද කියා ඔබට මතකද? ඔබ බොහෝ චක්‍ර ගණනාවක් පියා මෙන් වී ඇති අතර දැන් වුවද, එය බවට පත් වීමට යන අය ඔබයි. මෙම උනන්දුව සහ උද්යෝගයෙන් නොකඩවා පියාසර කරන්න. පියා තුළ ඔබ කෙරෙහි විශ්වාසය තිබේ. එබැවින් ඔබ නියත වශයෙන්ම එය බවට පත් වීමට යන බවට, ඔබගේ බුද්ධිය තුළත් විශ්වාසය තිබිය යුතුයි. ඔබගේ බුද්ධිය තුළ එවන් විශ්වාසයක් තිබී නොකඩවා පියාසර කරන්න. ඔබ තුළ පරම පියා කෙරෙහි සෙනෙහස තිබේ, සෙනෙහස යන විෂයෙන්, ඔබ පවසන්නේ ඔබට 100% වඩා වැඩි සෙනෙහසක් ඇති බවයි. එය නිවැරදිද? මෙහි අසුන්ගෙන සිටින සියලු දෙනා සහ තම තමන්ගේ ස්ථාන වල සිට සවන් දෙමින්, නරඹමින් සිටින සියලු දෙනා, සෙනෙහස යන විෂයෙන් ඔබ සියලු දෙනා තුළ 100% සෙනෙහස තිබෙන බව, ඔබ සලකනවාද? එසේ නම් ඔබගේ අත් ඔසවන්න! 100% (සියලු දෙනා අත් එසවූහ). අච්චා, පිටුපස අසුන්ගෙන සිටින අය, ඔබගේ අත් ඉහළට ඔසවන්න! (සහෝදර සහෝදරියන් 22000 කට වැඩි සංඛ්‍යාවක් පැමිණ සිටිනවා). මෙයට ඔබ සියලු දෙනාම අත් එසවූවා. සෙනෙහසේ ලක්ෂණය වන්නේ සමාන වීමයි. ඔබ සෙනෙහස දක්වන ඒකායන කෙනාට, ඔබගේ කතා කිරීම ඔහු හා සමාන විය යුතුයි; ඔබ ගමන් කරන ආකාරය සහ නෑ සබදතාවන්ගේ වගකීම් ඉටු කිරීම, එම ඒකායන කෙනා සිදු කරන ආකාරයෙන්ම විය යුතුයි. සෙනෙහසේ ලක්ෂණය එයයි.

අද, දැන් තත්පරයකදි සියලු දෙනාම පාලන බලයේ සහ හසුරුවා ගැනීමේ බලයේ සංස්කාර ඉස්මතු කර, ස්ව-ආධිපත්‍ය අසුනේ අසුන්ගෙන සිටීමට හැකි වීම බාප්දාදාට දැකීමට අවශ්‍යයි. තත්පරයකදි, විනාඩි දෙක තුනක්, ස්ව-අධිපතියෙකුගේ ආසනයේ අසුන් ගන්න. (බාබා අභ්‍යාසය මෙහෙයවූහ). අච්චා.

සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ගෙන් බාප්දාදාට ලිපි මගින් සහ විද්‍යාවේ සියලු පහසුකම් මගින් සෙනෙහස සහ ස්මරණය ලැබුණා. ඔබගේ සෙනෙහස සහ සිහි කිරීම බාප්දාදා වෙතට ළගා වී තිබේ. බොහෝ දරුවන් ලියන අතර ඔවුන්ගේ හදවතට සමීප කතා බස් වලදීද ඔවුන්ගේ හදවතේ පුවත් බාප්දාදාට පවසයි. ඒ සියලුම දරුවන්ට බාප්දාදා ප්‍රතිචාර දක්වනවා: ස්වාමී සෑම විටම අවංක හදවතක් සමග සතුටු වනවා. බාප්දාදාගේ හදවතේ සෙනෙහස සහ හදවතින් ආශිර්වාද ලැබෙන්නේ විශේෂයෙන් එම ජීවාත්මයන්ටයි. සෑම තැනකින්ම ඔබගේ තොරතුරු ලබා දුන් සියලු දෙනා, එමෙන්ම ඉතා හොද උනන්දුවෙන් සහ උද්යෝගයෙන් සාදා ඇති සියලුම සැලසුම් වෙනුවෙන් බාප්දාදා ඔබට සුබ පැතුම් ලබා දෙන අතර මෙම ආශිර්වාදයත් ඔබට ලබා දෙනවා: නොකඩවා ඉදිරියට ගමන් කර, අන් අයවත් ඉදිරියට ගමන් කරවන්න.

කෝටි ගණනකින් අතලොස්සක් වන බාප්දාදාගේ සියලුම දරුවන්ට සහ එම අතලොස්සෙන් වඩාත්ම ශ්‍රේෂ්ඨ, භාග්‍යවන්ත දරුවන් ස්වල්ප දෙනාට, බාප්දාදාගේ විශේෂ සෙනෙහස සහ ස්මරණය. ඔවුන්ගේ එඩිතරකමට සහ උනන්දුව සහ උද්යෝගයට බාප්දාදා සියලුම දරුවන්ට සුබ පතනවා. අනාගතය වෙනුවෙන්ද, තීව්‍ර උත්සාහ දරන්නෙක් වීම සහ සමබරතාවය පවත්වාගැනීම වෙනුවෙන් බාප්දාදා කෝටි ගුණයක ආශිර්වාද ලබා දෙනවා. තවද ඔබ සියලු දෙනාගේ භාග්‍යයේ තාරකාව නිරන්තරයෙන් බැබලෙමින් තිබීමට මෙන්ම ඔබ නොකඩවා අන් අයගේ භාග්‍යයද වැඩි කිරීම වෙනුවෙන් බාබා ඔබට ආශිර්වාද ලබා දෙනවා. සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්, තමන්ගේම ස්ථාන වල සිටත් සවන් දෙමින් නරඹමින් සිටිනවා, එමෙන්ම සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ව, දුර ඈත අසුන් ගෙන සිටින අයව පවා, බාප්දාදා දකින අතර ඔබ සමග සතුටට පත් වනවා. නොකඩවා බලමින්, නිරන්තරයෙන් මධුබන් වල සුන්දරත්වය වැඩි කරන්න. ඔය සියලුම දරුවන්ට නමස්තේ සහ හදවතින් ආශිර්වාද.

වරදානය:
අවධානයේ තෛලයෙන් ඔබගේ ජීව අවධාන ස්වරූපයේ දීප්තිය වැඩි කිරීමෙන් ඔබ ආකර්ෂණීය ප්‍රතිරුවක් වේවා.

පරම පියා විසින් මෙම දැනුම තුළින්, ජීව අවධාන ස්වරූපයේ තාරකාව බැබලවීමෙන් පසුව, එය නිවිය නොහැක. කෙසේවෙතත්, දීප්තියේ ප්‍රතිශතය අඩු වැඩි විය හැක. ඔබ දිනපතා අම්රිත් වේලාවේ පහනට අවධානයේ තෙල් නොකඩවා වත් කිරීමෙන් බැබලෙන තාරකාව සියලු දෙනාව ආකර්ෂණය කරයි. පහනකට තෙල් වත්කරන විට, එය නිරන්තරයෙන් දැල්වී පවති. මේ ආකාරයට සම්පූර්ණ අවධානය යොමු කිරීම යනු, පරම පියාගේ සියලු ගුණධර්ම සහ බල, ඔබ තුළට ධාරණය කරගැනීමයි. එවන් අවධානයක් යොමු කිරීමෙන් ඔබ ආකර්ෂණීය ප්‍රතිමූර්තියක් වෙයි.

පාඨය:
අසීමිත වෛරාගයේ ආකල්පයක් ඇති කර ආධ්‍යාත්මික උත්සාහයේ බීජය හෙළිදරව් කරන්න.

අව්‍යක්ත සංඥාව: යෝගාවේ බලයන්ගෙන් ඔබගේ මනසින් තමන් මත සහ අන් අය මත පර්යේෂණ සිදු කරන්න.

නිවේදනය: අද මාසයේ තුන්වන ඉරු දිනයයි, ලෝක භාවනාව වෙනුවෙන් ඇති දිනයයි, මෙදින සියලුම රාජ යෝගී තපස්වි සහෝදර සහෝදරියන්, ප:ව: 6.30 සිට 7.30 දක්වා සාමූහික යෝගාවේ සිටියි. මෙම විශේෂ යෝගවේ සිටින වෙලාවේ මාස්ටර් සර්ව බලධාරියෙක් වීමේ බලවත් ස්වරූපයේ ස්ථාවර වී, සියලු පදාර්ථ මෙන්ම ජීවාත්මයන්ට පාරිශුද්ධත්වයේ කිරණ ලබා දී, සියලු දෙනා සහ සෑම දෙයක්ම සතෝප්‍රධාන් බවට පත්කිරීමේ සේවය සිදු කරන්න.