19.11.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ සිහිපත් කිරීම බොහෝ ආශ්චර්යමත්ය, මන්ද ඔබ පියා, ගුරුවරයා සහ සත්ගුරු
යන තිදෙනාම එකට සිහි කරයි.
ප්රශ්නය:
මායා, සමහර
දරුවන්ව අහංකාර බවට පත් කරන විට, ඔවුන් ගණන් නොගෙන සිටින්නේ කුමක්ද?
පිළිතුර:
අහංකාර දරුවන් ශරීර අවධානයට පත් වී, මුරලිය පිළිබඳව ’ගණන් නොගෙන සිටීමේ‘ ආකල්පයක්
ඇති කරගනී. මීයෙකුට අමු කහ කැබැල්ලක් හමු වූ විට, තමන් කඩේ මුදලාලි යැයි ඔහු සිතූ
බවට කියමනක් තිබේ. කිසිසේත්ම මුරලිය නොකියවන සහ ශිව බාබා සමග ඍජු සම්බන්ධකමක්
ඔවුන්ට තිබෙන බව කියන බොහෝ දෙනෙක් සිටියි. බාබා පවසන්නේ : දරුවනි, සෑම විටම මුරලියේ
නව කරුණු තිබෙනවා, එබැවින් කිසිම විටෙක මුරලියක් අතපසු නොකරන්න. මෙයට විශාල
අවධානයක් යොමු කරන්න.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා, ඔය මිහිරිතම, බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ගෙන් මෙසේ විමසයි : ඔබ
මෙහි අසුන්ගෙන සිටින්නේ කවුරුන් සිහි කරමින්ද? (පියා, ගුරුවරයා සහ සත්ගුරූ). ඔබ
සියලු දෙනාම තිදෙනාවම සිහි කරමින්ද අසුන්ගෙන සිටින්නේ? ඔබ සෑම කෙනෙක්ම තමන්ගෙන්
විමසිය යුතුයි ’මා සිහි කරන්නේ, මෙහි අසුන්ගෙන සිටින විට පමණක්ද, නැත්නම් එහෙ මෙහෙ
යන එන ගමනේද සිහි කිරීමේ සිටිනවාද?‘ මෙය වෙනත් ජීවාත්මයන්ට නොකියන ආශ්චර්යමත්
කරුණකි. ලක්ෂ්මි සහ නාරායන ලෝකයේ පාලකයන් වන නමුත්, එම ජීවාත්ම, පියා, ගුරුවරයා සහ
සත්ගුරු ලෙස හැඳින්විය නොහැක. ඇත්ත වශයෙන්ම මුළු ලෝකයේ කිසිම මනුෂ්‍යයෙක් ගැන මෙය
කිව නොහැක. මේ ආකාරයෙන් ඔහුව සිහි කරන්නේ ඔය දරුවන් පමණයි. එම බාබා, ඔබගේ පියා,
ගුරුවරයා සහ සත්ගුරූ බවත් ඔහු උත්තරීතර බවත් ඔබට ඇතුලාන්තයෙන් හැඟෙයි. ඔබ සිහි
කරන්නේ තිදෙනාවමද නැත්නම් එක්කෙනෙක් පමණක්ද? ඔහු එක්කෙනෙක් වුවත් ඔබ ඔහුව සිහි
කරන්නේ ස්වරූප තුනේම ගුණ සහිතවයි. ශිව බාබා අපගේ පියා, ගුරුවරයා මෙන්ම සත්ගුරුය.
මෙය යම් සුවිශේෂි කරුණකි. ඔබ අසුන්ගෙන සිටින විට මෙය සිහිකළ යුතු අතර ඇවිදින විට සහ
එහෙ මෙහෙ යන විටද මෙය සිහිකළ යුතුයි. බාබා විමසන්නේ ඔහුව සිහි කරන විට, ඔහු ඔබගේ
පියා, ගුරුවරයා සහ සත්ගුරු බවට සිතිවිල්ල ඔබට ඇති වනවාද? එවන් ශාරීරික ජීවයක් සිටිය
නොහැක. අංක එකේ ශාරීරික ජීවය වන්නේ ක්‍රිෂ්ණාය, නමුත් ඔහු පියා, ගුරුවරයා සහ
සත්ගුරු ලෙස හැඳින්විය නොහැක. මෙය අතිශයින්ම ආශ්චර්යමත් කරුණකි. එබැවින් ඔබ බාබාව
තුන් ආකාරයෙන්ම සිහි කරන්නේද කියා අවංකව කිව යුතුයි. ආහාර ගන්නා විට, ඔබ සිහි
කරන්නේ ශිව බාබාව පමණක්ද නැත්නම් ස්වරූප තුනම ඔබගේ බුද්ධියේ ඉස්මතු වනවාද? ඔබට මේ
ආකාරයෙන් වෙනත් කිසිදු ජීවාත්මයක්ව හැඳින්විය නොහැක. මෙය ආශ්චර්යමත් දෙයක්. පියාගේ
වර්ණනාව අසහායයි, එබැවින් ඔබ පියාව සිහි කළ යුත්තේද මේ ආකාරයටයි. එවිට ඔබගේ බුද්ධිය
මුළුමනින්ම ආශ්චර්යමත් ඒකායන කෙනා වෙතට ඇදී යයි. පියා මෙහි අසුන්ගෙන තමන්ව හඳුන්වා
දෙන අතර ඔබට මුළු චක්‍රය ගැන සහ මෙම විවිධ යුග ගැන මෙන්ම කෙතරම් වසර ගණනාවක් ඒ යුග
පවතින්නේද සහ එය භ්‍රමණය වන්නේ කෙසේද, පිළිබඳ දැනුම ඔබට ලබා දෙයි. ඔබට මෙම දැනුම
ලබා දිය හැක්කේ, නිර්මාණකරු වන එම පියාට පමණයි. ඔහුව සිහි කිරීමෙන් ඔබට බොහෝ උපකාර
ලැබෙයි. පියා, ගුරුවරයා සහ සත්ගුරූ වන්නේ ඔහුම පමණයි. වෙනත් කිසිම ජීවාත්මයකට ඔහු
තරම් ශ්‍රේෂ්ඨ විය නොහැක. කෙසේවෙතත්, එවන් පියෙක්ව සිහි කිරීම, මායා ඔබට අමතක කරවන
අතර, එවිට ඔබ ගුරුවරයා සහ ගුරූද අමතක කරයි. පියා ඔබව එවන් ලෝකයක අධිපතියෙක් කරවන
බව, ඔබ සෑම කෙනෙකුගේ හදවතට හැඟී යා යුතුයි. අසීමිත පියාගේ උරුමය අනිවාර්යෙන්
අසීමිතයි. ඔහුගේ ප්‍රශංසාවද ඔබගේ බුද්ධියේ ඉස්මතු විය යුතුයි. ඔබ ඇවිදින සහ එහෙ
මෙහෙ යන එන විට, තිදෙනාම සිහි විය යුතුයි. එක්වර තුන් ආකාරයේම සේවය සිදු කරන්නේ එම
ජීවාත්මය පමණයි. ඔහු උත්තරීතර ලෙස හැඳින්වෙන්නේ මේ නිසයි. ලෝකයේ සාමය ස්ථාපිත
කිරීමට මාර්ගයක් සොයා ගැනීම සඳහා මිනිසුන් සම්මන්ත්රණ ආදිය පවත්වයි. එය දැන්
සිදුවන බවත් එබැවින් එය සිදුවන්නේ කෙසේද කියා වටහාගැනීමට, ඔවුන් මෙහි පැමිණිය යුතු
බව, ඔවුන්ට කියන්න. මෙය සිදු කරන්නේ කවුද? ඔබ පියාගේ කාර්යභාරය අන් අයට ඔප්පු කළ
යුතුයි. පියාගේ කාර්යභාරය සහ ක්‍රිෂ්ණාගේ කාර්යභාරය අතර විශාල වෙනසක් තිබේ. අන්
සියලු දෙනාවම අමතන්නේ ඔවුන්ගේ ශාරීරික නමින් වන අතර, එම එක් ජීවාත්මයේ නම පමණක්
වර්ණනා කරයි. එම ජීවාත්මය, පියා, ගුරුවරයා සහ සත්ගුරූය. එම ජීවාත්මය තුළ දැනුම
තිබේ, නමුත් ඔහු එය ලබා දෙන්නේ කෙසේද? ඔහුට මෙම දැනුම ලබා දිය හැකි වන්නේ සිරුරක්
මගින් පමණයි. ඔහුව ප්‍රශංසා කරන්නේ, ඔහු මෙම ඥානය ලබා දෙන විට පමණයි. ඔය දරුවන් ශිව
ජයන්ති දිනයේ සම්මන්ත්රණ ආදිය පවත්වයි. ඔබ සියලුම විවිධ ආගම් නායකයින්ට ආරාධනා
කරයි. දෙවියන් සර්ව ව්‍යාප්ත නැති බව ඔබ පහදා දිය යුතුයි. දෙවියන් සෑම කෙනෙක් තුළම
සිටින්නේ නම්, සෑම ජීවාත්මයක්ම දෙවි පියාණන්, ගුරුවරයා සහ සත් ගුරූද? මට කියන්න ඔබට
ලෝක චක්‍රයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම තිබෙනවාද? කිසිවෙකුට ඔබට මෙය කීමට
නොහැකි වෙයි. උසස්ම-උසස් පියාගේ බොහෝ ප්‍රශංසාවක් තිබෙන අතර එය ඔය දරුවන්ගේ
ඇතුලාන්තයෙන් ඉස්මතු විය යුතුයි. මුළු ලෝකයම පිවිතුරු කරන ඒකායන කෙනා ඔහුයි.
පදාර්ථද පිවිතුරු වෙයි. සම්මන්ත්රණයකදි ඔබ ප්‍රථමයෙන් මෙසේ විමසිය යුතුයි ගීතාවේ
දෙවියන් කවුද? ස්වර්ණමය-යුගී දේවතා ධර්මය ස්ථාපිත කළේ කවුද? එය සිදුකළේ ක්‍රිෂ්ණා
බව ඔවුන් පවසන්නේ නම්, පියාගේ නම අතුරුදහන් වෙයි. නැත්නම්, ඔහු නමක් සහ රුවක්
ඉක්මවා සිටින බව ඔවුන් කියන්නේ නම්, ඔහු නොසිටිනවා වැනිය. එබැවින් පියා නොමැතිව,
ඉන් කියැවෙන්නේ ඔවුන් අනාථයින් බවයි. ඔවුන් අසීමිත පියාව නොදනී. ඔවුන් රාගයේ අසිපත
භාවිත කර, එකිනෙකාට බොහෝ දුක් කරදර ඇති කරයි. එබැවින් ඔබගේ බුද්ධියෙන් මේ සියලු
දේවල් ආවර්ජනය කළ යුතුයි. ඔබ ඔවුන්ට වෙනස පෙන්විය යුතුයි ලක්ෂ්මි සහ නාරායන්
දේවතාවියක් සහ දේවතාවක්. ඔවුන්ට තිබෙන්නේ රජ පෙලපතක් බැවින්, ඔවුන් සියලු දෙනාම
දේවතාවන් සහ දේවතාවියන් විය යුතුයි. ඉතිං, ඔබ සියලුම ආගම්වල අයට ආරාධනා කළ යුතුයි.
ඔබ ආරාධනා කළ යුත්තේ බොහෝ උගත් අයට සහ පියාගේ හැඳින්වීම පැහැදිලිව ලබා දිය හැකි අයට
පමණයි. නිර්මාණයේ මුල, මැද සහ අවසානය මෙන්ම නිර්මාණකරුගේ හැඳින්වීම ලබා දිය හැකි
අයගේ ගමන් පහසුකම් සහ ඉඳුම් හිටුම් අපි සූදානම් කර දෙන බව, ඔබ ඔවුන්ට ලිපියකින්
දැන්විය යුතුයි. වෙනත් කිසිවෙකුට මෙම දැනුම ලබා දිය නොහැකි බව ඔබ දන්නවා. කෙනෙක්
විදේශයක සිට පැමිණ, නිර්මාණකරු සහ නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ හැඳින්වීම
ලබා දිය හැකි නම් වුවද, අප ඔහුගේ සියලුම වියදම් දරන්නම්. වෙනත් කිසිවෙකුට මෙසේ
ප්‍රචාරය කළ නොහැක. ඔබ එඩිතරයි ඔබ මහාවීරයන්. ඔවුන් (ලක්ෂ්මි සහ නාරායන්) ලෝක
රාජධානිය හිමි කරගත්තේ කෙසේද කියා ඔබ දන්නවාද? ඔවුන්ට කුමන ආකාරයේ එඩිතරකමක්
තිබුණාද? මේ සියලුම දේවල් ඔබගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. ඔබ බොහෝ ශ්‍රේෂ්ඨ
කාර්යයක් ඉටු කරමින් සිටිනවා! ඔබ මුළු ලෝකයම පිවිතුරු කරනවා. එබැවින් ඔබ පියාව සහ
උරුමය සිහි කළ යුතුයි. ඔබ ශිව බාබාව සිහි කිරීම පමණක් නොව, ඔබ ඔහුගේ වර්ණනාව ගැනද
කතා කළ යුතුයි. මෙම වර්ණනාව අයත් වන්නේ අශාරීරික කෙනාට පමණයි, නමුත් අශාරීරික කෙනා
තමන්ගේ හැඳින්වීම ලබා දෙන්නේ කෙසේද? නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම ලබා
දීම සඳහා ඔහුට අනිවාර්යෙන් මුඛයක් අවශ්‍යයි. මෙම මුඛය බොහෝ වර්ණනා කර තිබේ.
මිනිසුන් ගවුමුඛ් (ගවයාගේ මුඛය) කරා යාම සඳහා බොහෝ වෙහෙස වී ගමන් කරයි. ඔවුන් බොහෝ
විවිධාකාරයේ කතාපුවත් ගොතා තිබේ. ඊතලයක් විද, ඉන්පසුව ගංගා නදිය මතු වූ බව ඔවුන්
කියයි. ගංගා නදිය පාරිශුද්ධකරු බව, ඔවුන් සිතයි. කෙනෙක් ජලය මගින් පාරිශුද්ධත්වයට
පත් වන්නේ කෙසේද? පාරිශුද්ධකරු වන්නේ පියා පමණයි. පියා ඔය දරුවන්ට නොකඩවා බොහෝ
උගන්වයි! ඔබ කළ යුත්තේ කුමක්ද කියා පියා ඔබට පවසයි. ඉතිං, පැමිණ, නිර්මාණකරු වන
පියාගේ හැඳින්වීම සහ නිර්මාණයේ හැඳින්වීම ලබා දීමට යන්නේ කවුද? ඍෂිවරු සහ මුනිවරු
පවා මෙසේ කියූ බව, පූජකයන් සහ තාපසයන් දන්නවා නෙති, නෙති (මෙයත් නොවෙයි, එයත්
නොවෙයි). අපි කිසිවක් නොදන්නෙමු. ඉන් අදහස් වන්නේ ඔවුන් අදේවවාදීන් වූ බවයි. දැන්
බලන්න, දේවවාදියෙක් වන කෙනෙක් සිටිනවාද කියා! ඔය දරුවන් දැන් අදේවවාදීන්ගෙන්
දේවවාදීන් බවට පත් වනවා. ඔබව බොහෝ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන ඒකායන අසීමිත පියාව ඔබ
දන්නවා. මිනිසුන් කන්නලව් කරන්නේ අහෝ දෙවි පියාණෙනි, අපට විමුක්තිය ලබා දෙන්න! පියා
පහදා දෙන්නේ මෙකල, මුළු ලෝකය මතම තිබෙන්නේ රාවනගේ රාජධානියයි. සියලු දෙනාම දූෂිත
මුත් ඔවුන් නැවතත් ශ්‍රේෂ්ඨ වෙයි. ආරම්භයේදි ලෝකය පිවිතුරුව තිබුණු බව, ඔය දරුවන්ගේ
බුද්ධිය තුළ තිබේ. පියා අපවිත්‍ර ලෝකයක් නිර්මාණය කරන්නේ නැහැ. ඔහු පැමිණ ශිව
දේවාලය ලෙස හැඳින්වෙන, පිවිතුරු ලෝකය නිර්මාණය කරයි. ශිව බාබා, ශිවාලය (ශිව දේවාලය)
නිර්මාණය කරයි. ඔහු මෙය කරන්නේ කෙසේද කියා ඔබ දන්නවා. සම්පූර්ණ සමූල ඝාතනයක්
සිදුවන්නේ නැති අතර සම්පූර්ණ ජල ගැලීමක්ද සිදුවන්නේ නැත. ඔවුන් ආගමික ග්‍රන්ථවල
මෙවන් විවිධ දේවල් ලියා තිබේ ඉතිරි වුනේ පාණ්ඩවයන් පස් දෙනෙක් පමණක් වන අතර ඉන්පසුව
ඔවුන් හිමාල කඳුවැටියේ දිය වී ගියා. කෙසේවෙතත්, ඉන්පසුව සිදුවූයේ කුමක්ද කියා
කිසිවෙක් නොදනී. පියා මෙහි අසුන්ගෙන මේ සියලුම දේවල් විස්තර කරයි. පියා, පියාණන්,
ගුරුවරයා සහ සත්ගුරු බව දන්නේ ඔබ පමණයි. මෙම දේවාල එහි නොපවති. දේවතාවන් පැවතුණා
ඔවුන්ගේ සිහිවටන දේවාල මෙහි තිබේ. මේ සියල්ල නාටකයේ නියමිත වී ඇත. චක්‍රය නොකඩවා
භ්‍රමණය වන අතර තත්පරෙන් තත්පරයට කිසියම් අළුත් දෙයක් සිදුවෙයි. පියා ඔය දරුවන්ට
ඉතා හොඳ උපදෙස් ලබා දෙයි. බොහෝ ශරීර අවධානය ඇති ඇතැම් දරුවන් සිතන්නේ ඔවුන් සියල්ල
දන්නා බවයි. ඔවුන් මුරලියවත් කියවන්නේ නැහැ ඔවුන් එය කිසිසේත් අගය නොකරයි. බාබා ඔබට
උනන්දු කරවන්නේ ඇතැම් විට මුරලියක් ඉතා හොඳයි. එබැවින් ඔබ එය ඇසීම අතපසු නොකළ
යුතුයි! ඔබට දින දහයක් හෝ පහලවක් මුරලිය අතපසු වූයේ නම්, ඔබ අසුන්ගෙන ඒවා කියවිය
යුතුයි. පියා පවසන්නේ ඔවුන්ට අභියෝග කර මෙසේ කියන්න, යම් කෙනෙක් පැමිණ නිර්මාණකරු
සහ නිර්මාණයේ මුල, මැද සහ අවසානයේ දැනුම ලබා දෙන්නේ නම්, අපි ඔහුගේ සියලු වියදම්
ගෙවන්නම්. මෙම අභියෝගය, මේ ආකාරයෙන් ලබා දිය හැක්කේ, මෙය දන්නා අයට පමණයි.
ගුරුවරයාට ප්‍රශ්නයක් ඇසිය හැක්කේ ඔහු පිළිතුර දන්නා විට පමණයි. පිළිතුරු නොදැන,
ගුරුවරයෙක් ප්‍රශ්නයක් අසන්නේ කෙසේද? සමහර දරුවන්ට මුරලිය පිළිබඳව ’ගණන් නොගෙන
සිටීමේ‘ ආකල්පයක් තිබේ. ඔවුන් පවසන්නේ අපට තිබෙන්නේ ශිව බාබා සමග සම්බන්ධයක් පමණයි.
කෙසේවෙතත්, ඔහුව සිහි කිරීම පමණක් නොව, ඔහු පවසන දේටද ඔබ සවන් දිය යුතුයි. බාබා ඔබට
බොහෝ හොඳ, මිහිරි දේවල් පවසන නමුත් මායා ඔබව මුළුමනින්ම අහංකාර කරවයි. මීයෙකුට අමු
කහ කැබැල්ලක් හමුවී, තමන් කඩ හිමියෙක් වූ බව ඌ සිතූ, කියමනක් තිබේ. මුරලිය කොහොමත්
නොකියවන බොහෝ දෙනෙක් සිටිනවා. මුරලියේ නව කරුණු දිගටම මතු වනවා. එබැවින් ඔබ මේ
සියලුම දේවල් වටහා ගත යුතුයි. ඔබ පියාගේ සිහි කිරීමේ අසුන්ගෙන සිටින විට, මෙම පියා,
ගුරුවරයා මෙන්ම සත්ගුරු බවත් ඔබ සිහි කළ යුතුයි. එසේ නැත්නම් ඔබ ඉගෙන ගන්නේ කෙසේද?
පියා සෑම දෙයක්ම ඔය දරුවන්ට විස්තර කර දී ඇත. පියාව හෙළිදරව් කරන්නේ ඔය දරුවන්ය.
පුත්‍රයා, පියාව පෙන්වන අතර පියා, පුත්‍රයාව පෙන්වයි. පෙන්වනු ලබන්නේ
ජීවාත්මයන්වයි. ඉන්පසුව, පියාව පෙන්වීම (හෙළිදරව් කිරීම), දරුවාගේ කාර්යයි. එවිට
පියා ඔබව අත්නොහරියි. ඔහු මෙසේ පවසයි අද දින, මෙහි යන්න, එමෙන්ම හෙට දින වෙනත්
තැනකට යන්න. එම ඒකායන කෙනාට අණ කළ හැකි කෙනෙක් නැත. මිනිසුන් මෙම ආරාධනාව පුවත්පත්
වල කියවයි. මෙකල ලෝකයේ සියලුම මිනිසුන් අදේවවාදීන්ය. පැමිණ, ඔබව දේවවාදීන් බවට පත්
කරවන්නේ පියා පමණයි. මෙකල්හි, මුළු ලෝකයම පැංසයක් තරම්වත් නොවටියි. ඇමරිකාවට කෙතරම්
ධනය හා දේපළ තිබුණත්, එය පැංසයක් තරම් නොවටියි ඒ සියල්ල අවසන් වීමට යනවා. මුළු
ලෝකයෙන්ම පවුමක් තරම් වටින අය බවට පත් වන්නේ ඔබ පමණයි. එහි කිසිම කෙනෙක් දුප්පත්
නොවෙයි. ඔය දරුවන් මෙම දැනුම නිරතුරුවම ආවර්ජනය කර, ප්‍රබෝදමත් විය යුතුයි. මෙසේ
සිහිකර තිබේ ඔබට අතීන්ද්‍රිය සුඛය ගැන දැනගැනීමට අවශ්‍ය නම්, ගෝප් සහ ගෝපීන්ගෙන් ඒ
ගැන විමසන්න. මේ දේවල් බලපාන්නේ සංගම යුගයෙදි පමණයි. වෙනත් කිසිවෙක් සංගම යුගය ගැන
නොදනී. සීඝ්‍ර වේගයකින් සේවය කිරීමෙන්, සංගම යුගයේ ප්‍රශංසාව ඉස්මතු වෙයි. මෙසේ
කියා තිබේ අහෝ දෙවියනේ, ඔබගේ නාටකය ආශ්චර්යමත්ය. දෙවියන්, පියා, ගුරුවරයා සහ
සත්ගුරු බව, කිසිවෙකු නොදනී. පියා නොකඩවා ඔය දරුවන්ට උගන්වයි. මෙම කුල්මත් බව ඔය
දරුවන් තුළ සදාතනිකව රැඳී තිබිය යුතුයි. අවසන් නිමාව දක්වාම ඔබ තුළ මෙම කුල්මත් බව
තිබිය යුතුයි. කුල්මත් බව දැන් විගසින් සෝඩා වතුර මෙන් වෙයි සෝඩා පැතලි වෙයි. එය
සුළු වෙලාවක් තබන්නේ නම්, එය නිකම්ම ලුණු වතුර බවට පත්වෙයි. මෙය සිදු නොවිය යුතුයි.
ඔවුන් විශ්මයට පත්වන ආකාරයට, ඔබ මිනිසුන්ට විස්තර කළ යුතුයි. එය හොඳ බව ඔවුන් පවසන
නමුත්, වටහාගෙන, තම ජීවිත මේ ආකාරයට පත්කර ගැනීමට, කාලය සොයා ගැනීම ඔවුන්ට ඉතා
අපහසු වී ඇත. බාබා ඔබට ව්‍යාපාර ආදිය කිරීම තහනම් නොකරයි. පිවිතුරු වී බාබා ඔබට
උගන්වන සෑම දෙයක්ම සිහි කරන්න, එපමණයි. එම ඒකායන කෙනා ඔබගේ ගුරුවරයා වන අතර මෙය
අසාමාන්‍ය අධ්‍යයනයකි. කිසිම මනුෂ්‍යයෙකුට මෙම ඉගෙනුම ඔබට ඉගැන්විය නොහැක. පියා මෙම
භාග්‍යවන්ත රථයට ඇතුළු වී, ඔබට උගන්වයි. පියා විස්තර කර තිබෙන්නේ අමරණීය පිළිරුව වන
ජීවාත්මය, පැමිණ අසුන් ගන්නා, ඔබගේ සිහසුන මෙයයි. ඔබට එම සම්පූර්ණ චරිත කොටස ලබා දී
ඇත. මෙය යම් සැබෑ දෙයක් බව ඔබට දැන් වැටහෙයි. අන් සෑම දෙයක්ම කෘත්‍රිමයි. ඔබ මෙය
ඉතා හොඳින් ධාරණය කරගෙන ගැටයක් ගැසිය යුතුයි, එවිට ඔබ එය ස්පර්ෂ කරන සෑම විටෙකම
ඔබගේ සිහියට නැඟෙයි. කෙසේවෙතත්, එම ගැටය ගැසුවේ මන්ද කියා, ඔබට විටෙක අමතක වෙයි. ඔබ
මෙය ඉතා ස්ථීරව මතකයේ තබා ගත යුතුයි. දැනුම මෙන්ම පියාගේ සිහි කිරීමද තිබිය යුතුයි.
මුක්තිය මෙන්ම ජීවන-මුක්තියද තිබේ. බොහෝ මිහිරි දරුවන් වන්න! ඔය දරුවන් සෑම
චක්‍රයකදීම, ඔබ දරණ උත්සාහයට අනුව, අංක පිළිවෙලට ඉගෙනගෙන, ඔබගේ උරුමය හිමිකර ගන්නා
බව, බාබාට වැටහෙන නමුත්, ඔබට උගන්වන ගුරුවරයා ඒ තිබියදි, උත්සාහ දරණ ලෙස ඔබට
දිරිගන්වයි. ඔබට නැවත නැවතත් අමතක වෙයි, ඔබට ශිව බාබා සිහි කිරීමට මතක් කර දෙන්නේ ඒ
නිසයි. ඔහු ඔබගේ පියා, ගුරුවරයා සහ සත්ගුරූය. කුඩා දරුවන් මේ ආකාරයට සිහිපත්
නොකරයි. පියා, ගුරුවරයා සහ සත්ගුරු, ක්‍රිෂ්ණා බව, ඔබ මේ ආකාරයට නොකියනු ඇත. සත්
යුගයේ රජකුමරා වන ශ්‍රී ක්‍රිෂ්ණා, ගුරූ කෙනෙක් වන්නේ කෙසේද? ඔබට ගුරූ කෙනෙක්
අවශ්‍ය වන්නේ පහත් තත්ත්වයක සිටින විටයි. පියා පැමිණ, සියලු දෙනාටම විමුක්තිය ලබා
දෙන බව, සිහි කර ඇත. ඔවුන් ක්‍රිෂ්ණාව, අඟුරු මෙන් කළු පැහැයෙන් පෙන්වයි. පියා
පවසන්නේ රාග චිතකයේ අසුන්ගැනීමෙන් මෙකල සෑම කෙනෙක්ම අඟුරු මෙන් වී ඇත. ඔහු අවලස්සන
බව පවසන්නේ ඒ නිසයි. මේවා වටහාගැනීමට ඇති බොහෝ ගැඹුරු කරුණුය. සෑම කෙනෙක්ම ගීතාව
හදාරයි. සියලුම ග්රන්ථ ශාස්ත්‍ර විශ්වාස කරන්නේ භාරත ජනයා පමණයි. ඔවුන් සියලු
දෙනාගේම ප්‍රතිමා තබයි. එසේ නම් ඔබට ඒ ගැන කිව හැක්කේ කුමක්ද? ඉන් කියැවෙන්නේ
ඔවුන්ගේ භක්තිය මිශ්‍ර බවය. අමිශ්‍ර භක්තිය, ඒකායන ශිවාට පමණයි. ඔබට දැනුම ලැබෙන්නේ
ශිව බාබාගෙන් පමණයි. මෙම දැනුම වෙනස්ය. මෙය ආධ්‍යාත්මික ඥානය ලෙස හැඳින්වෙයි.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. විනාශ වන
දේහි කුල්මත් බව අත්හැර, පැන්සයක්වත් නොවටින කෙනෙකුගෙන්, පවුමක් වටින කෙනෙක් බවට
දැන් පරිවර්ථනය වීමේ, කුල්මත් බව තබාගන්න. පරමාත්ම දෙවියන්ම ඔබට උගන්වන අතර ඔබගේ
ඉගෙනුම අසාමාන්‍යයි.
2. දේවවාදීන් වී,
පියා හෙළිදරව් කිරීමට සේවය කරන්න. ඔබ අහංකාර වී, මුරලියක් අතපසු නොකළ යුතුයි.
වරදානය:
ඔබට
පාරිශුද්ධත්වයේ අත්තිවාරම තිබීමෙන්, ඔබ නිරන්තරයෙන් ශ්‍රේෂ්ඨ ක්‍රියා සිදුකරන
වන්දනීය ජීවාත්මයක් වේවා.
පාරිශුද්ධත්වය ඔබව
වන්දනාවට සුදුස්සන් කරවයි. නිරන්තරයෙන් ශ්‍රේෂ්ඨ ක්‍රියා සිදු කරන අය වන්දනීයත්වයට
පත් වෙයි. කෙසේවෙතත්, පාරිශුද්ධත්වය යනු, බඹසර රැකීම පමණක් නොවෙයි; ඔබගේ මනස තුළ
කිසිම කෙනෙක් වෙනුවෙන් ඍණාත්මක සිතිවිලි නොතිබිය යුතුයි; කිසිම අනිසි වචනයක් නොකිව
යුතුයි; ඔබගේ නෑ සබදතා තුළ කිසිම වෙනසක් නොතිබිය යුතුයි; සියලු දෙනා සමග සමාන යහපත්
සම්බන්ධතා තිබිය යුතුයි. ඔබගේ සිතිවිලි, වචන හෝ ක්‍රියා තුළ අපවිත්‍රතාවයක් නොමැති
විට, ඔබ වන්දනීයත්වයට සුදුසු ජීවාත්මයක් බව කියැවේ. “මම උත්තරීතර ලෙස වන්දනීයත්වයට
සුදුසු ජීවාත්මයක්මි.” මෙම අවධානය තිබීමෙන් ඔබගේ පාරිශුද්ධත්වයේ අත්තිවාරම ඔබට
ශක්තිමත් කරගත හැක.
පාඨය:
නිරන්තරයෙන්
මෙම ආධ්‍යාත්මික කුල්මත් බව පවත්වාගන්න, “වා රේ මේ (මාගේ ආශ්චර්යය)”, එවිට ඔබගේ
මනසින් සහ ශාරීරිකව ඔබ ස්වභාවිකවම නොකඩවා සතුටින් නර්ථනය කරනු ඇත.