19.12.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සියලු දේ පරිවර්තනය කිරීම උදෙසා ඇති කාලවකවානුව ඉතා මංගල්‍ය වූ සංගම
යුගයයි. ඔබ දැන් ඉතාමත් පිරිහුණු මනුෂ්‍ය තත්ත්වයේ සිට ඉතා දිව්‍යමය මනුෂ්‍ය
තත්ත්වයට පත් විය යුතුයි.
ප්‍රශ්නය:
පියා සමඟ
ප්‍රශංසාවට ලක් වන්නේ මොන දරුවන්ද?
පිළිතුර:
ගුරුවරුන් සහ බොහෝ දෙනෙකුට යහපත සැලසීමට උපකාරකයින් වන්නන් වෙනුවෙන් පියාගේ
ප්‍රශංසා සමඟින් ප්‍රශංසා ගී ගැයෙනවා. බාබා, කරන්කරවන්හා ඔබ මඟින් බොහෝ දෙනෙකුට
යහපත සලසනවා. එමනිසා, දරුවන් වන ඔබේ ප්‍රශංසාවන් පියාගේ ප්‍රශංසාවන් සමඟ ගැයෙනවා.
මිනිස්සු කියනවා: බාබා, මේ මේ කෙනා මා කෙරෙහි අනුකම්පා කළා ඉතින් බලන්න, ඉන් මේ වන
විට මා එළඹ ඇති තත්ත්වය. ගුරුවරයෙක් නොවී ඔබට ආශිර්වාද ලබන්න බැහැ.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා ආධ්‍යාත්මික දරුවන් වන ඔබෙන් අහනවා. පළමුව ඔහු පියා කවුද යන වග පැහැදිලි
කරනවා. පසුව ඔහු අහනවා : දරුවන් වන ඔබ දැන් පියාව හඳුනාගෙනද සිටින්නේ? සමහර
මිනිසුන් කියනවා ඔහු හැමතැනම සිටින බව. එමනිසා, ඔවුන් ප්‍රථමයෙන්ම පියාව හඳුනාගත
යුතුයි. පියා යනු කවුද? ඔහුව හඳුනා ගැනීමෙන් පසුව පමණයි ඕනෑම කෙනෙකුට පියාගේ
වාසස්ථානය කිවහැකි වන්නේ. කවුරුහරි පියාව නොදන්නේ නම් ඒ තැනැත්තා ඔහුගේ වාසස්ථානය
ගැන හිතන්නේ කොහොමද? මිනිස්සු කියනවා : ඔහු නම සහ ස්වරූපය අභිබවා ගිය කෙනෙක් එනම්,
ඔහු පවතින්නේ නැහැ. ඉතින් නොපවතින කෙනෙක්ගේ වාසස්ථානයක් ගැන ඔවුන් හිතන්නේ කොහොමද?
දරුවන් වන ඔබ දැන් දන්නවා බාබා ප්‍රථමයෙන්ම තමන්ගේ හැඳින්විම ලබා දෙනවා. පසුව, තම
වාසස්ථානය ගැන පැහැදිලි කරනවා. බාබා දැන් කියනවා : මේ වාහනය මඟින් ඔබට අවබෝධය
ලබාදීමට මා පැමිණීයා. මම උත්තරිතර පියා යැයි කියැවෙන ඒකායන කෙනාය, ඔබ සැමගේම පියාය.
පරමාත්ම පියා පිළිබදව කිසිවක් කිසිවෙකු දන්නේ නැහැ. පියාට නමක්, ස්වරූපයක්, කාලයක්
හෝ ප්‍රදේශයක් නැත්නම් මේ කිසිවක් ඔහුගේ දරුවන්ට තිබිය හැක්කේ කෙසේද? පියා නම සහ
ස්වරූපය අභිබවා ගිය කෙනෙකු නම් ඔහුගේ දරුවන් පැමිණිය හැක්කේ කොහෙන්ද? එහි දරුවන්
සිටින තාක් පියාත් අනිවාර්යෙන්ම සිටිය යුතුයි. මින් ඔප්පු වෙන්නේ ඔහු නම සහ
ස්වරූපයෙන් ඔබ්බට නොගිය කෙනෙකු ලෙසයි. ඔහුගේ දරුවන් ද කොපමණ සූක්ෂම වුවත් නමක් සහ
ස්වරූපයකින් යුක්තයි. අහස සූක්ෂමයි නමුත් තවමත් " අහස " යනුවෙන් ඊට නමක් තිබෙනවා.
හිස් අවකාශයන් සූක්ෂමයි, ඉතින් බාබාත් සූක්ෂමයි. මොහුට ඇතුළු වූ අරුම පුදුම තාරකාව
ගැන දරුවන් කතාකරනවා. එයත් ජීවාත්මයක් ලෙස නම් කෙරෙනවා. බාබා උත්තරිතර දනව්වේ
(පරම්දාම්හි) වාසය කරනවා. එය වාසය සඳහා වූ ප්‍රදේශයයි. තම ඇඟිලි ඉහළට ඔසවා ඔවුන්ගේ
දර්ශන උඩ ඉහළට යොමු කරමින් ඔවුන් ඔහුව සිහි කරනවා. එමනිසා, ඔවුන් සිහිකරනු ලබන්නා
අනිවාර්යෙන්ම පවතිනවා. ඔවුන් උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය ගැන කතාකරනවා. ඔහු
නම සහ ස්වරූපය අභිබවා ගිය කෙනෙකැයි කීම අන්ධකාරයක්. පියාව දැනගැනීම යනු මෙම ඥානය
තිබෙන බවයි. ඔබ දන්නවා ඉස්සර ඔබ සිටියේ අන්ධකාරයේ; ඔබ ඒ පියාව නොදන්නා අතර තමාවත්
දන්නේ නැහැ. දැන් ඔබ තේරුම්ගන්නවා තමන් ශරීරය නොව ජීවාත්මයක් බව. ජීවාත්මයන්
අවිනාශීයි. ඉතින් ඔවුන් අනිවාර්යෙන්ම යම්කිසි දෙයක් විය යුතුයි. "අවිනාශි" යන වචනය
ජීවාත්මයට යෙදෙන නමක් නොවෙයි. අවිනාශී යනු විනාශ කළ නොහැකි දෙයක් යන්නයි. එමනිසා,
අනිවාර්යෙන්ම එය යම් දෙයක් විය යුතුයි. දරුවන් වන ඔබට මෙය ඉතා හොඳින් පහැදිලි කළා.
සුමිහිරිතම දරුවන් වන ඔබට තමයි ඔහු තම දරුවන් හෙවත් අවිනාශී ජීවාත්මයන් ලෙස
හැඳින්වෙනුයේ. මෙහි සිට ඔබට කතා කරන්නා උත්තරීතර ජිවාත්මයයි සෑම ජීවාත්මයකගේම
උත්තරීතර පියාය. මේ ක්‍රිඩාව එළි දැක්වෙන්නේ පියා පැමිණ ඔහුගේ හැඳින්විම තම දරුවන්ට
ලබා දෙන මේ එකම එක යුගයේදී පමණයි. මාත් නළුවෙක්. මම මගේ චරිතය රඟපාන්නේ කොහොමද
කියලා ඔබේ බුද්ධිය දන්නවා. ඔහු පැරණී අපිරිසිදු ජීවාත්මයන් අලුත් කරනවා. එමනිසා,
එහි ගිය විට තමන් ලබන ශරීරයත් ලස්සනයි. මෙය දැන් ඔබේ බුද්ධියෙහි තියෙනවා. ඔබ කියනවා
: “බාබා! බාබා!”. මේ කොටස දැන් නිරූපනය වෙනවා. ජීවාත්මයන් වන ඔබ කියනවා: අපව
නිහැඬියාවේ දේශය වෙත ආපසු ගෙන යාම උදෙසා බාබා පැමිණෙනවා. නිහඬ දේශයේ සිටීමෙන් පසුව
පමණයි අපට සතුටු දේශයට යා හැකි වන්නේ. අප නිහඬ දේශයෙන් පැමිණි විගසම දුක් ලෝකය
කෙළින්ම ඇති වෙන්නේ නැහැ. නව ලෝකයේ තිබිය හැක්කේ සතුට පමණයි. දේවී දේවතාවන් දැන්
ජීවත්ව සිටියා නම්, කවුරුහරි ඔවුන්ගෙන් ඇසුවොත් කොහෙද ඔවුන් ඉන්නේ කියලා, අප
සිටින්නේ දිව්‍යලෝකයේ යනුවෙන් ඔවුන් පිළිතුරු දේවි. කෙසේවෙතත්, මේ අජීවී පිළිරූ වලට
ඔබට කිසිවක්ම කිව නොහැකියි. නමුත් ඔබට කියන්න පුළුවන් අප මූලික වශයෙන් වාසය කරන්නේ
දිව්‍යලෝකයේ බව. ඔබලා දේවී දේවතාවන්ව සිටියා, පසුව උපත් 84 චක්‍රය වටා යාමෙන් දැන්
ඉන්නේ සංගම යුගයේ. මේ ඉතා මංගල්‍ය වූ සංගම යුගය තමයි ඔබ පරිවර්තනය වන කාලය. දරුවන්
වන ඔබ දන්නවා තමන් ඉතා දිව්‍යමය මනුෂ්‍ය භාවයකට පත්වන බව. සෑම වසර 5000කදීම ඔබ
සතෝප්‍රධාන් වෙනවා. සෑම කෙනෙක්ම අනුපිළිවෙලට සතෝප්‍රධාන් වෙනවා. ජීවාත්මයන් වන ඔබ
මුළු නාටකය පුරාම චරිත කොටසක් රඟපානවා. මනුෂ්‍යයෝ නෙමෙයි චරිතයක් ලබනනේ. ඒ මම වන
ජිවාත්මය තමයි චරිතයක් ලබන්නේ. මා වන ජීවාත්මය උපත් 84ක් ගන්නවා. මා වන ජීවාත්මය
උරුමකරුවෙක්. උරුමකරුවන් නිරන්තරයෙන්ම පුරුෂයින්, ස්ත්‍රීන් නොවෙයි. එමනිසා, දරුවන්
වන ඔබ දැඩිව අවබෝධ කර ගන්න ජීවාත්මයන් වන ඔබ පුරුෂයින් වන බව. අප සියල්ලන්ම අසීමිත
පියාගෙන් උරුමය ලබනවා. භෞතික පියාගෙන් උරුමය ලබන්නේ පුතුන් පමණයි දූවරු නොවෙයි.
ඇතැම් ජීවාත්මයන් නිරන්තරයෙන්ම කාන්තාවන් වන බවක් ඉන් කියැවෙන්නේ නැහැ. බාබා
පැහැදිලි කරනවා : සියලුම ජීවාත්මයන් ඇතැම් විට පුරුෂ ශරීරයකුත් ඇතැම් විට ස්ත්‍රී
ශරීරයකුත් ලබනවා. ජීවාත්මයන් වන ඔබ සැවොම පුරුෂයින්. සියලුම ජීවාත්මයන් පියාගෙන්
උරුමය ලබනවා. ඔබ සියලු දෙනා පුතුන්. හැම කෙනෙකුගේම පියා ඒකායන තැනැත්තායි. බාබා
කියනවා : ජීවාත්මයන් වන ඔබ සියලුම දෙනා පුරුෂයින්. ඔබ මගේ ආධ්‍යාත්මික දරුවන්.
පුරුෂයින් සහ කාන්තාවන් දෙපක්ෂයම තම චරිතයන් රඟපෑමට අවශ්‍ය වෙනවා. ලෝක මානව ජනගහණය
වර්ධනය විය හැක්කේ ඊට පසුව පමණයි. වෙන කිසිවකු නොව ඔබයි මේ කරුණු දන්නේ. තම තමන්
සහෝදරයින් බව මිනිසුන් ප්‍රකාශ කළද ඒ කොහොමද කියා ඔවුන් වටහා ගෙන නැහැ. ඔබ දැන්
කියනවා: බාබා, අසංඛ්‍ය කාලයක් අප ඔබෙන් උරුමය දිනා ගත්තා. ජීවාත්මයන් වන ඔබ මෙය
දැඩිව ස්ථාවර කර ගත යුතුයි. ජීවාත්මයන් අනිවාර්යෙන්ම පියා සිහිකරනවා: "ඕ බාබා, අප
වෙත අනුකම්පාව දක්වන්න! බාබා, දැන් පැමිණෙන්න, අප සියලුම දෙනා ඔබේ දරුවන් බවට පත්
වන්නම්! ජීවාත්මයන් වන අප අපේ ශරීරය සහ ශරීර නෑ සබඳකම් සියල්ල අමතක කර ඔබව පමණක්ම
සිහි කරන්නම්". බාබා ඔබට කිව්වා : තමන් ජීවාත්මයක් බව අවධාරණය කරගෙන මා, ඔබේ පියා
සිහිකරන්න. පියාගෙන් උරුමය දිනාගන්නේ කොහොමද? සෑම වසර 5000කදීම දේවතාවන් බවට ඔබ
පත්වන්නේ කොහොමද? මේ සේරම දේවල් දැන ගත යුතුයි. දිව්‍යලෝකය නමැති උරුමය දෙන්නා ඔබ
දැන් දන්නවා. බාබා දිව්‍යලෝකයේ වාසය කරන්නේ නැහැ නමුත් ඔහු දරුවන් වන අපව ඒ සඳහා
යොමු කරවනවා. ඔහුටත් අපායට එන්න සිදුවෙනවා. ඔබ තමෝප්‍රධාන් වූ විට බාබාට පැමිණෙන
ලෙස ආරාධනා කරනවා. මෙය තමයි තමෝප්‍රධාන් ලෝකය. පැවති ලෝකය සතෝප්‍රධාන්. වසර 5000කට
පෙරාතුව ඔවුන් තම රාජ්‍යයය දිනා ගත්තා. මේ ඉගෙනීමෙහි මෙවන් කරුණු ඔබ දැන්
වටහාගන්නවා. මෙය සාමාන්‍ය මනුෂ්‍යයින් දේවත්වයට පත්වීම උදෙසා වූ ඉගෙනීමක්. දෙවියන්ට
සාමාන්‍ය මනුෂ්‍යයින් දේවත්වයට පත් කරවීමට එතරම් කාලයක් නොගන්නා බවට කතාවක්
තිබෙනවා. ඔබ දරුවෙකු වූ විට උරුමක්කරුවෙක්ද වෙනවා. බාබා කියනවා : සියලුම දෙනා මගේ
දරුවෝ, මා සියලුම දෙනාට උරුමය ලබා දෙනවා. ඔබ සියල්ලන්ම සහෝදරයින්. උත්තරීතර දනව්ව,
ශබ්දය අභිබැවූ දේශය(නිර්වාණය), අශරීරික ලෝකය යැයි කියැවෙන ප්‍රදේශය ඔබගේ
වාසස්ථානයයි. සියලුම ජීවාත්මයන් වාසය කරන්නේ එතැනයි. ඔබේ සුමිහිරි නිහඬ නිවහන
තියෙන්තේ සඳ සහ හිරුටත් එහායින් නමුත් බොහෝ කලක් රැඳී සිටීමට ඔබට එහි යා නොහැකියි.
එහෙ ඉඳගෙන ඔබ මොනවද කරන්නේ? එය අජීවී තත්ත්වයයි. ජීවාත්මයන් චරිතයක් රඟපාන විට තමයි
සජීවී යැයි කියනුයේ. ජීවාත්මයන් ජිවී වන නමුත් චරිතයක් රඟනොපාන අවස්ථාවට ඔවුන්
අජීවීයි. ඔබ මෙතැන කිසිම අතපය සෙළවීමක් නොමැතිව සිටියොත් එය හරියට පණ නැති කෙනෙක්
වගෙයි. එහෙ තියෙන්නේ ස්වාභාවික නිහැඬියාවක්. ජීවාත්මයන් අජීවී වුවාක් සේයි; එහෙදී
රඟපෑමට ඔවුන්ට චරිත කොටසක් නැහැ. අලංකාරය තියෙන්නේ ඔබ රඟපාන චරිතය තුළයි. නිහඬ
දේශයේ තිබිය හැකි අලංකාරය කුමක්ද? එහෙ ජීවාත්මයන් සතුට හෝ දුක අත්විඳීම අභිබවා
ගිහින්. කිසිම චරිතයක් රඟපාන්නේ නැහැ ඉතින්, එහෙට වී සිටීමේ ඇති යහපත කුමක්ද?
ප්‍රථමයෙන්ම ඔබ සතුටු චරිතයන් රඟපානවා. ඔබ සෑම කෙනෙක්ම නාටකය ආරම්භයේදීම චරිත
කොටසක් රඟපානවා. සමහරු කියනවා තමන්ට මෝක්ෂයට(සදාකාලික විමුක්තියට) පත්වෙන්න ඕනෙ
කියලා. ජලයෙහි බුබුළු එහි ගිලී යා නම්, එය හරියට ජීවාත්මය දීර්ඝ කාලයක් නොපවතින්නා
වගෙයි. ජීවාත්මයකට රඟපෑමට චරිතයක් නොමැති විට එය අජීවී යැයි කියනවා. ඔහු සජීවී
වුවත් අජීවී ලෙස එහාට වී සිටීමෙන් ඇති යහපත කුමක්ද? හැමකෙනාටම රඟපෑමට චරිත කොටසක්
තිබෙනවා. ප්‍රධාන චරිත කොටස් රඟපාන්නේ වීරයින් සහ වීරවරියන් විසිනුයි. දරුවන් වන ඔබ
වීරවරයින් සහ වීරවරියන්ගේ ගෞරව නාම ලබනවා. ජීවාත්මයන් වන ඔබ මෙහෙ තම චරිත කොටස
රඟපානවා. පළමුව ඔබ සතුට නමැති රාජ්‍යයය පාලනය කරනවා පසුව රාවන්ගේ දුක් රාජ්‍යයට
යනවා. බාබා කියනවා: දරුවන් වන ඔබ දැන් හැමදෙනාට මේ පණිවුඩය ලබාදිය යුතුයි. ඔබ
ගුරුවරුන් වී මේ කරුණු අන්‍යයන්ට පහදා දිය යුතුයි. ගුරුවරුන් නොවන අය ලබන්නේ පහත්
තත්ත්වයක්. ගුරුවරයෙකු වන තෙක් ඔබ කිසිම කෙනෙක් ආශීර්වාද ලබන්නේ කෙසේද? කාටහරි ධනය
දුන්නොත් ඔහු සතුටට පත් වෙනවා. එහෙම වෙන්නේ නැත්ද? බ්‍රහ්ම කුමාරීවරුන් තමන් කෙරෙහි
විශාල අනුකම්පාවක් දැක්වූ අතර ඉන් තමන් තුළ සම්පූර්ණ පරිවර්තනයක් සිදු වූ බව
ඇතුළාන්තයෙන්ම ඔවුන්ට හැඟෙනවා. ඔවුන් ගායනා කරන්නේ බාබාගේ ගුණ පමණයි: අපූරුයි බාබා!
මේ දරුවන් මාර්ගයෙන් ඔබ අපට විශාල සතුටක් ගෙන දුන්නා. කවුරුන් හෝ මාර්ගයෙන් එය සිදු
විය යුතුයි. බාබා තමයි අන්‍යයන්ව ක්‍රියා කිරීම සඳහා යොදවන්නා සහ අන්‍යයන්
මාර්ගයෙන් හැමදේම ඉෂ්ට කරගන්නා. හැමදේම ඔබ ලවා කරවාගැනීමේ හැකියාව ඔහු සතුයි. ඉතින්
එහි යහපත සැළසෙන්නේ ඔබටයි. ඉතින් ඔබ විසින් මේ පැළය රෝපණය කර අන්‍යයන්ට යහපත
උදාකරලිය යුතුයි. සේවය කරන්නේ කුමන සීමාවන් මත ද, ඊට අනුකූලව තත්ත්වයක් දිනා
ගන්නවා. රජ කෙනෙකු වීම උදෙසා යටත් වැසියන් නිර්මාණය කළ යුතුයි. මල් දාමයේ ඉහළින්
සිටින අය රජවරු වෙනවා. මල් දාමය නිර්මාණය විය යුතුයි. තමන්ගෙන්ම අහන්න: මල් දාමයේ
මා දිනාගත යුතු නොම්බරය කුමක්ද? ප්‍රධානම අය ආභරණවන් නව දෙනයි. අන්‍යයන්ව දියමන්ති
බවට පත්කරවන ඒකායන තැනැත්තා ඉන්නේ මැද. මල් දාමයක ඉහළ තිබෙන සේද පටිය සේ මැණික් වලට
මධ්‍යයේ දියමන්තියක් තිබෙනවා. අවසානයේදී ඔබට දැනගත හැකියි රාජ වංශයට යන ප්‍රධානතම
පොහොට්ටු කවුද කියලා. අවසානයේදී අනිවාර්යෙන්ම ඔබට දර්ශණ පෙනෙනවා. හැමකෙනාම දඬුවම්
අත්දකින්නේ කොහොමද කියා ඔබට පෙනෙනවා. යගියාව ආරම්භයේදී දිව්‍යමය දර්ශණ වලින් ඔබ
සූක්ෂම ලෝකය දැක්කා. මෙය අදෘෂ්‍යමානයි. ජීවාත්මය දඩුවම් ලබන්නේ කොහේදීද? මෙයත්
නාටකයේ කොටසක් ගරභාෂයක් තුළ පීඩාවට ලක්වන විට ජීවයන් දඬුවම් ලබනවා. සිර මැදිරියක
සිටින විට ඔවුන් ධර්මරාජ්ව දැක එළියට පැන ගැනීමට හඬනවා. සියලුම රෝගාබාධයන්ද කර්ම
ගිණුම්. මේ සියලුම දේවලුත් අවබෝධ කරගත යුතුයි. මොකක්ද නිවැරදි කියලා බාබා
අනිවාර්යෙන්ම ඔබට පවසනවා. ඔබ දැන් ධාර්මිකයින් වෙමින් පවතිනවා. ධාර්මිකයින්
පියාගෙන් බලය ලබන්නන්. ඔබ ලෝක පාලකයින් වී බොහෝ බලයකින් අනූන වෙනවා. මේ ගැන කිසිම
පීඩාකාරී බවක ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. කාටහරි සෑහෙන පරිදි ශක්තියක් නොතිබේ නම්
එතැන බොහෝ පීඩාවන් සිදු වෙනවා. දරුවන් වන ඔබ කල්ප භාගයක්ම ඇති තරම් බලයක් ලබනවා.
කෙසේවෙතත්, එයත් තමන් දරණ උත්සාහයට අනුව අනුපිළිවෙලකින් යුක්තයි. ඔබ සැමටම එකම
ආකාරයකට බලය ලබන්න බැහැ. හැමෝටම එකම තත්ත්වයක් ලබන්න බැහැ. මේ සේරම නිෂ්චිත නාටකය
තුළ සදාකාලිකව තීරණය වූවක්. සමහරු අවසානයටම එනවා. ඔවුන් උපත් එකක් හෝ දෙකක් ලැබ
පසුව මරණයට පත් වෙනවා. ඔවුන් දීපාවලී කාලයට සිටින, රාත්‍රියට උපත ලැබ උදෑසන මරණයට
පත්වෙන මදුරුවන් වගෙයි. ඔවුන්ව ගණනය කළ නොහැකියි. මනුෂ්‍යයින්ව නම් අඩු ගණතේ ඔබට
ගණන් කරන්න පුළුවන්. ආරම්භයේදී එන ජීවාත්මයන්ට දීර්ඝ ආයු කාලයක් තිබෙනවා. දීර්ඝ ආයු
කාලයක් ඇති අය ලෙස දරුවන් වන ඔබට විශාල සතුටක් තිබෙනවා. ඔබ සම්පුර්ණතම කොටස
රඟපානවා. බාබා පැහැදිලි කරනවා ඔබ සම්පූර්ණ කොටසම රඟපාන්නේ කොහොමද කියලා. දැන්
ඉගෙනගන්නා ප්‍රමාණයට අනුකූලව ඔබ තම චරිත කොටස රඟපෑමට පහළට පැමිණෙනවා. නව ලෝකය උදෙසා
දැන් ඔබ ඉගෙනුම ලබනවා. බාබා කියනවා : මීට පෙර බොහෝ වතාවක් මා ඔබට ඉගැන්වූවා. මේ
ඉගෙනුම නිශ්චිත වූ දෙයක්. කල්ප භාගයකට ඔබ ප්‍රතිලාභ ලබනවා. සාමාන්‍ය ඉගෙනීමකින් ඔබ
ලබන්නේ තාවකාලික සතුටක්. දැන් නීතිඥයෙක් වෙන කෙනෙක් නැවත අනෙක් කල්පයේදීත් ඒ
තත්ත්වයට පත් වෙනවා. ඔබ දන්නවා කවුරු හෝ රඟපාන්නේ කුමනාකාරයක චරිතයක්ද, සෑම චක්‍රයක
දීම ඔහු එයම රඟපානවා. කවුරුහරි දේවතාවක් හෝ ශුද්‍රයෙක් වුවත් සෑම කෙනෙක්ම
හැමකල්පයකදීම රඟපාන්නේ එකම කොටසයි. මේ තුළ සුළු හෝ වෙනසක් තිබිය නොහැකියි. හැම
කෙනෙක්ම තමන්ගේම කොටසක් රඟපානවා. මේ ක්‍රීඩාව නිෂ්චිත වූවක්. ඔබ අහනවා : මොකක්ද
වඩාත් උසස්: උත්සාහයද ප්‍රතිලාභයද? උත්සාහ නොදරා එතැන ප්‍රතිලාභයක් තිබිය නොහැකියි.
නාටකයට අනුකූලව උත්සාහ දැරීමෙන් තම ප්‍රතිලාභය ලබාගන්නවා. හැමදේම රඳා පවතින්නේ
නාටකයට අනුවයි. සමහරු උත්සාහ දරණවා එහෙත් අනෙක් අය නැහැ. ඔවුන් මෙහෙ එනවා ඒත් තවම
කිසිම උත්සාහයක් දරා නැහැ. එමනිසා, ඔවුන් කිසිම ප්‍රතිලාභයක් ලබන්නේ නැහැ. ලෝක
නාටකයේ සිදු වූ දෙයක් නිෂ්චිතයි. සෑම ජීවාත්මයක් තුළම ආරම්භයේ සිට අවසානය දක්වාම
ඔහුගේ චරිතය තීරණය වී තිබෙනවා. ජීවාත්මයන් වන ඔබ තම උපත් 84 කොටස රඟපෑ යුතුයි.
දියමන්ති බවට පත්වී පසුව ඔබ බෙලිකටු වන් තත්ත්වයකට පත් වෙනවා. මේ දේවල් ගැන ඔබ
ඇහුම්කන් දෙන්නේ දැන්. පාසලක කවුරුහරි අසමත් වුවහොත් ඊට කියන්නේ, ඔහුට මොළයක් නැහැ,
ඒ නිසා ඔහුට කිසිවක් ඉගෙනගන්න බැහැ කියලයි. මෙය විවිධත්වයේ ගස සහ විවිධ ලක්ෂණ ලෙස
හඳුන්වනවා. බාබා පමණයි ඔබට විවිධත්වයේ ගසෙහි දැනුම ලබා දෙන්නේ. ඔහු කල්ප වෘක්ෂයත්
පැහැදිලි කරනවා. නුග ගසෙහි උදාහරණය යෙදෙන්නේ මේ සඳහායි; එහි අතු විශාල ලෙස සෑම තැනම
පැතිරී යනවා. දරුවන් වටහාගන්නවා ඒ ජීවාත්මයන් අවිනාශී බව. ඔබේ ශරීරයත් විනාශයට
ලක්වෙනවා. ජීවාත්මයන් වන ඔබයි මේ දැනුම ග්‍රහණය කරගන්නේ. ජීවාත්මයන් වන ඔබ උපත් 84
ලබාගන්නවා. ඔබේ ශරීර වෙනස් වෙමින් යනවා. ජීවාත්මය එක හා සමානවම සිටිනවා. තම චරිත
කොටස රඟපෑමට ජීවාත්මය විවිධාකාර ශරීරයන් ගන්නවා. මෙය අලුත් කාරණාවක්. දරුවන් වන ඔබට
දැන් මේ අවබෝධය ලබා දුන්නා. කල්පයකට පෙරාතුවත් ඔබ මෙය අවබෝධ කර ගත්තා. බාබා භාරතයට
එනවා. හැම කෙනෙකුටම ඔබ මේ පණිවුඩය ලබාදිය යුතුයි. මේ පණිවුඩය නොලැබූ කිසිම කෙනෙකු
ඉතිරි වෙන්න බැහැ. හැමදෙනාටම මේ පණිවුඩය ඇසීමට අයිතියක් තිබෙන අතර හැමදෙනාම
පියාගෙන් උරුමය ද ලබනවා. ඔවුන් පියාගේ දරුවන් වූ නිසාවෙන් අඩුම ගණනේ ඔවුන් මොනවහරි
ඇහුම්කන් දිය යුතුයි. බාබා පැහැදිලි කරනවා : මම ජීවාත්මයන් වන ඔබ සැමගේ පියා. මගෙන්
නිර්මාණයේ මුල, මැද සහ අග පිළිබඳව ඉගෙනීමෙන් ජීවාත්මයන් වන ඔබ එම තත්ත්වයන් ලබනවා.
අනෙක් සියලුම ජීවාත්මයන් මුක්ති දේශයේ විවේක ගන්නවා. බාබා හැමටම ගැළවීම ලබා දෙනවා.
ඔවුන් කියනවා: බාබා, ඔබේ ක්‍රීඩාව ඉතාමත් පුදුම සහගතයි. මොන ක්‍රීඩාවද? පැරණි ලොව
පරිවර්තනය කිරීමේ ක්‍රීඩාව. ඔබ සියලුම දෙනා මේ ගැන දන්නවා. මනුෂ්‍යයෝ පමණයි මේ ගැන
දන්නේ. බාබා පැමිණ දරුවන් වන ඔබට පමණයි මෙය පවසන්නේ. බාබා දැනුමෙන් පිරිපුන් කෙනාය,
ඔහු ඔබවත් දැනුමෙන් පුරවනවා. මේ තත්ත්වයට ඔබ අනුපිළිවෙලින් පත්වෙනවා. ශිෂ්‍යත්වයක්
ලබන අය තමයි දැනුමෙන් පිරි අය ලෙස හැඳින්වෙනුයේ. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සියලුම
ජීවාත්මයන් පුරුෂයින්ය යන අවධානයේ සිටින්න සහ බාබාගෙන් තම සම්පූර්ණ උරුමයම
දිනාගන්න. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවත්වයට පත් වීමේ මේ ඉගෙනීම ඉගෙනගෙන
අන්‍යයන්ටත් උගන්වන්න.
2. ලෝකයේ කුමන චරිතය
ක්‍රියාත්මක වූවත්, එය නාටකය තුළ තීරණය වූවකි. උත්සාහය සහ ප්‍රතිලාභය යන දෙකම එහි
අන්තර්ගත වෙනවා. ඔබ ඉතා පැහැදිලිව අවබෝධ කර ගත යුතුයි උත්සාහයක් නොදරන්නේ නම්, එතැන
ප්‍රතිලාභයක් ද නැති බව.
වරදානය:
ඔබ සත්‍ය
හදවතකින්, සෙනෙහසින් යුතුව සියලු ආකාරයේ සේවයන් සිදු කරන සැබෑ ආධ්‍යාත්මික
සේවාධාරියෙකු වේවා.
කුමන ආකාරයක සේවාවක්
වුනත් එය සත්‍ය හදවතකින්, සෙනෙහසින් කරන විට, ඔබට ඒ සඳහා ලකුණු 100ක් ලැබේ. ඔබ කරන
කිසිම සේවාවක කෝපයක් ඇති නොවේවා, සේවය නමට පමණක් නොවේවා. ඔබගේ සේවය වන්නේ වැරදි වූ
දේ නිවැරදි කිරීමය, සෑම කෙනෙකුටම සතුට ලබා දීමය, ජීවාත්ම යෝග්‍ය (දක්‍ෂ, සුදුසු) සහ
යෝගී බවට පත් කිරීමය, ඔබව අපකීර්තියට පත් කරන අය නගා සිටුවීම සහ අවශ්‍ය අවස්ථාවක
ඔබේ ඇසුර සහ සහයෝගය ලබා දීමයි. එවැනි සේවයක් සිදුකරන අය සැබෑ ආධ්‍යාත්මික
සේවාධාරීන්ය.
පාඨය:
පාරිශුද්ධත්වය
යනු බ්‍රහ්මින් ජීවිතයේ නවතාවයයි; එය මෙම ඥානයේ පදනම වේ.