20.01.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙම දැනුම ධාරණය කර ගන්නවාත් සමඟම ඔබ ස්මරණය හා පාරිශුද්ධත්වය නම් වූ බලයන්
ලැබ ඔබගේ ඒ රන්යුග රාජ්‍යය හිමිකර ගත යුතුය.
ප්රශ්නය:
දරුවන් විසින්
දැන් උත්සාහයෙහි යෙදෙන්නේ කුමන ඉලක්කයක් සඳහාද?
පිළිතුර:
ඔබගේ ඒ ඉලක්කය වන්නේ නිරන්තරයෙන් සතුටින් සිටිමින් මිහිරිභාවයට පත්වී සෑම කෙනෙක්ම
සමඟ සෙනෙහසින් පිරි සබඳතා පැවැත්වීමයි. ඔබගේ උත්සාහයෙහි ඉලක්කය වන්නේ මෙයයි. මෙසේ
කිරීමෙන් ඔබ සෑම ගුණාංගයකින්ම සම්පූර්ණ වන අතර කලා 16ම ලැබ පරිපූර්ණත්වයට පත්වීමට
හැකි වෙනවා.
ප්රශ්නය:
උසස්
ක්‍රියාවන්ගෙන් යුතු අයගේ සලකුණු මොනවාද?
පිළිතුර:
කිසිවෙකු ඔවුන්ගෙන් දුක අත්නොවිඳියි. දුක ඉවත් කර සතුට පිරිනමන්නා, පරම පියා වන්නා
සේම, උසස් ක්‍රියාවන් සිදු කරන්නන්, දුක ඉවත් කරන්නන් හා සතුට පිරිනමන්නන් වේ.
ගීතය:
ඔබගේ සිහසුන
අඹරෙහි තබා මිහිතළයට පැමිණෙන්න.
ඕම් ශාන්ති.
සුමිහිරි
ආධ්‍යාත්මික දරුවන් වන ඔබ මෙම ගීතයට සවන් දුන්නා. ’සුමිහිරි ආධ්‍යාත්මික දරුවනි‘
කියා කියන ලද්දේ කවුරුන් විසින්ද? පියවරුන් දෙදෙනාම විසින් මෙහෙම කිව්වා. ඒ
අශාරීරික තැනැත්තා විසින් එය කියන ලද නිසා ඒ ශාරීරික තැනැත්තා විසින් ද එසේ කියනවා.
අප හඳුන්වන්නේ බාබා හා දාදා වශයෙනි. දාදා යනු භෞතික අයෙකි. මේ සෑම ගීතයක්ම අයත්
වන්නේ භක්ති මාර්ගයටයි. දරුවන් දන්නවා බාබා මෙහි පැමිණ සිටින්නේ මේ මුළු ලෝක නාටක
චක්‍රය පිළිබඳවම දැනුම ඔබේ බුද්ධියට ඇතුළු කරවීමට බව. ඔබ දැන් උපත් 84 සම්පූර්ණ කරන
බවත් මේ නාටකය දැන් අවසන් වීමට යන බවත් ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබෙනවා. ඔබ දැන්
යෝගා මඟින් පාරිශුද්ධත්වයට පත්විය යුතුයි, එනම්, ස්මරණය තබා ගැනීම මඟින්. ස්මරණය හා
දැනුම සෑම කරුණකදීම යොදා ගන්නවා. ශිෂ්‍යයෙකු විසින් නීතීඥයෙකු සිහි කරමින් සිට
ඔහුගෙන් දැනුම ද ගත හැකිය. එයද යෝගා හා දැනුම යන බලයන් ලෙස හැඳින්විය හැකියි.
නමුත්, මෙහි තිබෙන්නේ අළුත්ම කරුණකි. ඔවුන්ගේ එම යෝගා හා දැනුම යන බල දෙකෙන් ඔවුන්
ලබන්නේ සීමිත බලයක් පමණි. නමුත් මෙහිදී, මෙම යෝගා හා දැනුම යන බල දෙකෙන් ඔබ
බාබාගෙන් ලබා ගන්නේ අසීමිත බලයකි. මන්ද, ඔහු තමයි සර්ව බලධාරී තැනැත්තා වන්නේ. බාබා
කියනවා : මම : ඥාන සාගරයයි. දරුවන් දැන් මේ ලෝක චක්‍රය ගැන හොඳින් දන්නවා. ඔබ
සියලුම දේ සිහිපත් කරනවා: උත්තරීතර දේශය, සූක්ෂම වූ දනව්ව. බාබා ඔහු ළඟ තිබෙන
සියලුම දැනුම ඔබ හට ලබා දී තිබෙනවා. එමනිසා, ඔබ අනිවාර්යෙන්ම මෙම දැනුම හොඳින්
උකහාගත යුතුයි. ඒ වගේම බාබා ඔබට යෝගා හා පාරිශුද්ධත්වය යන කරුණු දෙක ගැන ද කියා
දෙන්නේ ඔබට එම රාජ්‍යය හිමි කර දීම උදෙසායි. ඔබ පාරිශුද්ධත්වයට පත්වනවා සේම
පියාගෙන් එම රාජ්‍යය ලබා ගන්නවා. බාබා ඔබට ඔහුගේ තත්ත්වයට වඩා උසස් වූ තත්ත්වයක්
ලබා දෙනවා. නමුත් ඔබ විසින් උපත් 84ක් ගන්නා විට කෙමෙන් කෙමෙන් ඔබගේ තත්ත්වය නැති
කර ගන්නවා. චක්‍රයෙහි මෙම කාලය තුළදී තමයි දරුවන් විසින් මෙම දැනුම ලබා ගන්නේ. ඔබ ඒ
උසස්ම පියා විසින් සියලුම දෙනාටම වඩා උසස් වන ආකාරයෙහි දැනුමක් ලබා ගන්නවා. දරුවන්
තේරුම් ගන්නවා, ඔබ දැන් මේ අසුන්ගෙන සිටින්නේ හරියට බාප්දාදාගේ නිවහන තුළ වාගේ
කියා. මේ දාදා ඔබගේ මව ද වනවා. ඔබගේ මව ද වන ඒ පියා මේ දාදාට වඩා වෙනස් වූ අයෙකි.
කොහොමනමුත්, මෙය පුරුෂ ශරීරයක් වන නිසා මෙහිදී මවක් ද අවශ්‍ය වනවා. ඇයද ඔහු විසින්
පිටින් යොදාගත් අයෙක්. නිර්මාණය සිදුවන්නේද මවක් මඟිනි. නිර්මාණය ද එසේ යොදාගත්තකි;
ඔබට ඔබගේ උරුමය ලබාදීම උදෙසා බාබා ඔබව යොදා ගන්නවා. බ්රහ්මා ද එසේ යොදාගත් කෙනෙක්.
ඔහු තුළට ඇතුල් වීමත් ඔහුව යොදා ගැනීමත් යන දෙකම එකම දෙයකි. ඔය දරුවන් විසින් මෙය
තේරුම් ගන්නවා, නමුත්, ඔබ දරණ උත්සාහයට අනුව අනුපිළිවෙලක් ඇතිව තමයි ඔබ මෙය අන් අයට
විස්තර කර දෙන්නේ. අප අපගේ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය විසින් දෙනු ලබන
ශ්‍රීමත් අනුගමනය කරන බව ඔබ අන් අය හට විස්තර කර දිය යුතුයි. ඒ වගේම මේ භාරතය
නැවතත් උසස්තම වූ දේශය බවට පත්කරවන බවත් ඔබ විසින් විස්තර කර දිය යුතුයි. අප අපවද
එම තත්ත්වයට පත් කළ යුතුයි. ඔබ දෙසම බලා ඔබගෙන්ම මෙසේ අසන්න මා උසස් තත්ත්වයට පත්වී
තිබෙනවාද? මා විසින් යම් නරක ක්‍රියාවන් කර අන් අයගේ සිත රිදවනවාද? බාබා කියනවා :
මා මෙහි පැමිණ සිටින්නේ දරුවන් සතුටට පත් කරවීමටයි. එමනිසා, ඔබත් අන් සියලුම දෙනාව
සතුටට පත් කරවිය යුතුයි. බාබා හට කිසිම විටෙක අන් අයෙක් අසතුටට පත්කළ නොහැකියි.
ඔහුගේ නාමය වන්නේ, ’දුක ඉවත් කරන්නා හා සතුට ලබා දෙන්නා‘ යන්නයි. දරුවන් ඔබවම
පරීක්ෂා කොට බලා මෙසේ ඇසිය යුතුයි මාගේ සිතිවිලි, වචන හෝ ක්‍රියා මඟින් මා කෙනෙකුගේ
සිත රිදවනවාද? ශිව බාබා කිසිම විටෙක කිසිම කෙනෙකුගේ සිත රිදවන්නේ නැහැ. බාබා කියනවා
: සෑම චක්‍රයකදීම මා දරුවන් හට මෙම දැනුම ලබා දෙනවා. ඔබ දැන් ඔබගේ නිවහනට ගොස් ඒ නව
ලෝකයට යාමට සිටින බව දැන් ඔබගේ බුද්ධිය තුළ තිබෙනවා. ඔබ විසින් දැන් ඉගෙන ගත් තරමට
අනුව අවසානයේදී ඔබව නියමිත ස්ථානයට මාරු කර හරිනවා. ඔබ ඔබගේ නිවහනට ගොස් පසුව ඔබගේ
චරිත කොටස රඟපෑම උදෙසා අනුපිළිවෙලක් ඇතිව මෙහි පැමිණෙනවා. මෙහිදී ස්ථාපිත වීමට
තිබෙන්නේ රාජ්‍යයකි. දරුවන් දන්නවා ඔබ විසින් දැන් යොදනු ලබන උත්සාහය තමයි සෑම
චක්රයකදීමත් ඔබ විසින් යොදන්නේ කියා. ප්‍රථමයෙන්ම ඔබ, සියලු දෙනා හට විස්තර කර දිය
යුතුයි මෙම නිර්මාණයේ මුලත්, මැදත්, අගත් පිළිබඳව දන්නේ බාබා පමණක් බව. ඔවුන්
බාබාගේ නාමය, සියලු දෙනාටම වඩා උසස් වූ ඒ තැනැත්තාගේ නාමය නැතිකර තිබෙනවා.
ත්‍රිමූර්ති යනුවෙන් වචනයක් තිබෙනවා; ත්‍රිමූර්ති මාවත, ත්‍රිමූර්ති නිවස කියා ද
නම් තිබෙනවා. බ්රහ්මා, විශ්ණු හා ශංකර්ගේ පින්තූරය ත්‍රිමූර්ති ලෙස හඳුන්වනවා.
කොහොමනමුත්, ඔවුන් විසින් ශිව බාබා, මේ තුනෙහිම නිර්මාණකරුවා, ඒ ප්‍රධානම තැනැත්තා
ගේ නාමය ඉවත් කර තිබෙනවා. දරුවන් දැන් තේරුම් ගන්නවා ශිව බාබා තමයි උසස්ම තැනැත්තා
කියා. පසුව ත්‍රිමූර්තිය ද තිබෙනවා. දරුවන් බාබා වෙතින් ඔබගේ උරුමය ලබා ගන්නවා.
බාබාගේ දැනුම සහ ඔබගේ උරුමය සිහිපත් කිරීමෙන් ඔබ නිරන්තරයෙන් උද්යෝගිමත්ව සිටිනවා.
බාබාගේ සිහියේ සිට ඔබ දැනුම නමැති ඊතල විදින කළ ඔවුන් විසින් එයට හොඳ ප්‍රතිචාරයක්
දක්වනවා. මෙම ස්මරණය මඟින් ඔබ බලය ලබනවා. මෙම වන්දනා ගමන තුළින් පමණයි ඔබ විසින්
බලය ලබන්නේ. ඔබ විසින් සම්පූර්ණයෙන් තමෝප්‍රධාන් වීමෙන් හා අපිරිසිඳුතාවයට පත්
වීමෙන් ඔය ජීවාත්මයන් සියලු බලයන් නැති කර ගත්තා. දැන් ඔබගේ ප්‍රධානම අවධානය යොමු
විය යුත්තේ සම්පූර්ණ පැරණිභාවය හා අපිරිසිඳුතාවයෙන් (තමෝප්‍රධාන්) ඉවත් වී සම්පූර්ණ
පාරිශුද්ධ (සතෝප්‍රධාන්) තත්ත්වයට පත්වීමයි. ’මන්මනභව්‘ යන්නෙන් අදහස් වන්නේ ද
මෙයයි. ගීතාව අධ්‍යයනය කරන අයගෙන් මෙසේ අසන්න: ’මන්මනභව්‘ යන්නෙහි අර්ථය කුමක්ද?
’මා පමණක් සිහිකර ඔබගේ උරුමය ලබාගන්න‘ කියා කියන ලද්දේ කවුරුන් විසින්ද? ඒ නව ලෝකය
නිර්මාණය කරන ලද්දේ ක්‍රිෂ්ණා විසින් නොවේ. ඔහු ඒ නව ලෝකයේ කුමාරයෙකි. බ්රහ්මා
විසින් නිර්මාණය සිදුවෙනවා යන්න මෙහිදී සිහිපත් වෙනවා. කරන්කරවන්හාර් යනු කවරෙක්ද?
ඔවුන් හට මෙය අමතක වී ගොස් තිබේ. ඔවුන් මෙසේ කියනවා: දෙවියන් සෑම තැනකම සිටිනවා.
ඔහු බ්‍රහ්ම, විශ්ණු හා ශංකර්ගේත් සිටිනවා. එය තමයි අවිද්‍යාව ලෙස හඳුන්වන්නේ. බාබා
කියනවා : රාවන් නම් වූ ඒ පාපයන් පහේ ස්වරූපය විසින් ඔබව බොහෝ සෙයින් සිහි
බුද්ධියෙන් තොර බවට පත් කර තිබෙනවා! ඔබ දැන් තේරුම් ගන්නවා මීට පළමුවත්
අනිවාර්යෙන්ම මෙසේ වූ බව. ඔව්, ඔබ තමයි ඒ උසස්ම තැනැත්තන් ලෙස සිටියේ. පසුව, ඔබ
පහතට බැස බොහෝ අපිරිසිඳුතාවයට පත් වූවා. ඒ ග්රන්ථ වල කියනවා රාමා දෙවියන් විසින්
වඳුරන්ගේ භට පිරිසක් ගෙනෙනු ලැබුවා කියා. මෙය නිවැරදියි! ඔබ තේරුම් ගන්නවා මුලදී ඔබ
ඇත්තෙන්ම වඳුරන් මෙන් සිටියා කියා. ඔබ දැන් තේරුම් ගන්නවා මේ ලෝකය කෙතරම් දුරට
අපිරිසිඳු වී තිබෙනවාද කියා. සෑම කෙනෙක්ම අපහාස මඟින් එක් එක් තැනැත්තාව තුවාල කළා.
මෙය කටු සහිත කැළයක් වන අතර එය මල් වත්තකි. කැළයක් සාමාන්‍යයෙන් විශාල වන අතර මල්
වත්තක් පුංචිය. මල් වත්තක් එතරම් විශාල නැත. දරුවන් තේරුම් ගන්නවා මේ කාලයේදී මේ
කැළය ඉතා විශාල වනවා කියා. සත් යුගයේදී ඒ මල් වත්ත ඉතාම කුඩායි. දරුවන් ඔබ විසින්
දරණු ලබන උත්සාහය අනුව මේ සෑම කරුණක්ම තේරුම් ගන්නවා. යෝගා හා දැනුම නොමැති අය හටත්
සේවයේ යෙදෙන්නේ නැති අය හටත් තම ඇතුලාන්තයේ සතුට අත්දැකීමට නොහැකි වෙනවා. දාන
දීමෙන් මනුෂ්‍යයෙක් සතුටට පත්වෙනවා. ඔහු විසින් දානමානාදිය කොට මීට ඉහත කල්පයේදීත්
හොඳ සමාජ සේවයක් කර තිබිය හැක. මේ නිසා තමයි ඔහුගේ මෙම උපත ඉතා හොඳ වන්නේ. සමහර
භක්තිවන්තයින් හිතනවා ලබන උපතේදී ඔහු හොඳ භක්තිවන්තයෙකුගේ නිවසක උපත ලබනවා කියා.
හොඳ ක්‍රියාවක ඵලය ඉතාමත් හොඳයි. බාබා මෙහි අසුන්ගෙන ඔබට, උසස් ක්‍රියා, සාමාන්‍ය
ක්‍රියා සහ පාප ක්‍රියා ගැන කියා දෙනවා. මේ කිසිම කරුණක් ගැන ලෝකයේ සිටින වෙන කිසිම
මිනිසෙකු දන්නේ නැහැ. ඔබ දන්නවා මෙය රාවන්ගේ රාජ්‍යය නිසා තමයි මිනිසුන්ගේ ක්‍රියා
සියල්ලක්ම පාපයට බර වී තිබෙන්නේ කියා. සෑම කෙනෙක්ම අපිරිසිඳුතාවයට පත්විය යුතුයි.
සෑම කෙනෙක් තුළටම මෙම පාපයන් පහ ඇතුල් වී තිබෙනවා. ඔවුන් විසින් නොයෙක් දානමානාදිය
කළා වුවත් ඔවුන් විසින් ලබන ඵලය තාවකාලිකයි. ඔවුන් දිගින් දිගටම පාපයේ ගැලෙමින්
සිටිනවා. රාවන්ගේ ලෝකයේ සිදුවන සියලු හුවමාරු වීම් පාපකාරීයි. මිනිසුන් දේවී
දේවතාවන්ගේ පිළිම වලට ඉතාමත් පිරිසිඳු ලෙස සැකසී වන්දනාමාන කරනවා. ඔවුන් ඉදිරිපිටට
යන විට ඒ අය බොහෝ පිරිසිඳුයි. නමුත් ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන් විසින් ඒ
අසීමිත වූ පියාව බොහෝ සෙයින් අපහාසයට ලක්කර තිබෙනවා. ඔවුන් සිතනවා ඒ සර්ව බලධාරී
තැනැත්තා සෑම තැනකම සිටිනවා කියා කීමෙන් ඔවුන් දෙවියන් ප්‍රශංසනීයත්වයට ලක් කරනවා
කියා. කොහොමනමුත්, බාබා කියනවා : ඔවුන්ගේ අදහස් සියල්ල වැරදියි. ප්‍රථමයෙන්ම ඔවුන්
හට බාබාගේ ප්‍රශංසනීයත්වය ගැන කියා දෙන්න: පරමාත්ම දෙවියන් උසස්ම වූ තැනැත්තා වන
අතර අප විසින් ඔහුව සිහිපත් කරනවා. රාජයෝගාහී ඉලක්කය සහ අරමුණ ඔබ ඉදිරියෙහි
තිබෙනවා. බාබා පමණයි මේ රාජයෝගා දැනුම ඔබ හට කියා දෙන්නේ. ක්‍රිෂ්ණා ඔබගේ පියා විය
නොහැකියි; ඔහු දරුවෙක්. ශිවා පමණයි බාබා ලෙස හැඳින්විය හැක්කේ. ඔහුට ඔහුටමැයි කියා
ශරීරයක් නැහැ. ඔහු විසින් මෙය ලබා ගන්නේ ණයටයි. මේ නිසා තමයි අප බාප්දාදා ලෙස
හඳුන්වන්නේ. ඔහු තමයි උසස්තම වූ තැනැත්තා වන්නේ. ඒ අශාරීරික වූ පියා ඔහුයි.
නිර්මාණයකට නිර්මාණයක් විසින්ම උරුමය ලද නොහැකියි. භෞතික සබඳතාවයකදී වුවද පුතණුවන්
පියාගෙන් උරුමය ලබනවා. දූවරුන් විසින් මෙය ලැබිය නොහැකියි. බාබා ඔබට විස්තර කර දී
තිබෙනවා ඔබ සියලු දෙනා පුතණුවරුන් වන අතර ප්‍රජාපිතා බ්‍රහ්මාගේ පුතණුවරුන් හා
දූවරුන් වන බව. බ්රහ්මා මඟින් ඔබ උරුමයක් ලබා ගන්නේ නැහැ. බාබාට අයත් වීමෙන් පමණයි
ඔබට මේ උරුමය ලැබිය හැකි වන්නේ. මේ පියා මෙතන ඔබ ඉදිරිපිට හිඳ පෞද්ගලිකව ඔබට
පැහැදිලි කර දෙනවා. මේ සියල්ලටම ආගමික ග්රන්ථ නිර්මාණය කළ නොහැකිය. ඒවා ලියා
තබන්න, ලිපි ලේඛණ මුද්‍රණය කරන්න, කෙසේවෙතත්, ගුරුවරයෙකුට හැර වෙන කිසිවෙකුට
පැහැදිලි කළ නොහැකියි. ගුරුවරයෙක් නොමැතිනම්, කිසිවෙකුට පොත් වලින් තේරුම් ගත
නොහැකියි. දැන් ඔබ ආධ්‍යාත්මික ගුරුවරුන්ය. ලෝක මානව වෘක්ෂයේ බීජය බාබායි ඔහුට මුළු
ගසෙහිම මුල, මැද සහ අග පිළිබඳ දැනුම තිබෙනවා. ඔහු ගුරුවරයෙකුගේ ස්වරූපයෙන් මෙහි හිඳ
ඔබට පැහැදිලි කරනවා. උත්තරීතර පියා ඔබව තම දරුවන් බවට පත්කර පසුව ඔහු ගුරුවරයා වී
තමන්ට උගන්වන බවට දරුවන් වන ඔබ තුළ නිරන්තරයෙන් සතුට තිබිය යුතුයි. ඔහු නියම
සත්ගුරු ද වනවා. ඔහු ඔබව ඔහුත් සමඟ ආපසු ගෙන යනවා. සියලු දෙනාටම ගැලවුම්කරු වෙන්නේ
ඒකායන කෙනායි. පියා උසස්ම උසස් තැනැත්තායි. ඔහු භාරතීය ජනතාවට සෑම වසර 5000ට
සැරයක්ම උරුමය ලබා දෙනවා. ශිවාගේ උපන් දිනය සමරනවා. ඇත්තටම කියනවානම්, ත්‍රිමූර්ති
යන වචනය ශිව ජයන්තිය ළඟින්ම තැබිය යුතුයි. ඔබ ත්‍රිමූර්ති ශිව ජයන්තිය සමරනවා.
නිකම්ම ශිව ජයන්තිය පමණක් සැමරීමෙන් කිසිවක් ඔප්පු වන්නේ නැහැ. පරම පියා පැමිණි විට
බ්රහ්මා උපත ලබනවා. ඔබ ඔහුගේ දරුවන් බවට පත් වී බ්‍රහමිණ්වරුන් වෙනවා. එමනිසා,
ඔබගේ අරමුණ හා ඉලක්කය ඔබ ඉදිරියේම තබා තිබෙනවා. පියාම පැමිණ නිර්මාණ කාර්යය
සිදුකරනවා. ඔබගේ අරමුණ හා ඉලක්කයත් ඉතාමත් පැහැදිලියි. ක්‍රිෂ්ණාගේ නම යෙදූ විට
ගීතාවේ වටිනාකම නැති වී යනවා. මෙයත් නාටකයේම තීරණය වී තිබෙන්නක්. මේ වැරැද්ද නැවතත්
සිදු වේවි. මුළු නාටකයම දැනුම හා භක්තිවන්දනාව ගැනයි. පියා කියනවා : ආදරණීය දරුවනි,
ඇල්ෆා හා බීටා සිහිපත් කරන්න, සාමයේ දේශය හා සතුටේ දේශය. මේක ඉතාමත් පහසුයි.
’මන්මනභව්‘ යන්නෙහි තේරුම ඕනෑම කෙනෙක්ගෙන් අහන්න. බලන්න ඔවුන් කියන්නේ මොනවාද කියා.
දෙවියන් කියා හඳුන්වන්නේ කාවද කියා අහන්න. ඔහු ඉහළම ඉහළ කෙනායි. මිනිසුන් කියනවා
වගේ ඔහුට සර්ව ව්‍යාප්ති වෙන්න බැහැ. ඔහු සෑම කෙනාගේම පියායි. ත්‍රිමූර්ති ශිව
ජයන්තිය ඉතාමත් ඉක්මණින් ළඟා වේවි. ත්‍රිමූර්ති ශිවාගේ පින්තූරයක් හදන්න. ඉහළම ඉහළ
කෙනා ශිවායි. ඊට පසුව බ්රහ්මා, විශ්ණු ශංකර් සිටී. ඉහළම ඉහළ කෙනා ශිව බාබායි. ඔහු
භාරතය දිව්‍යලෝකයක් බවට පත් කරවාලයි. ඇයි ඔබ ඔහුගේ ඉපදීම සමරන්නේ නැත්තේ ? ඔහු
අනිවාර්යෙන්ම භාරතයේ ජනතාවට ඔවුන්ගේ උරුමය ලබා දුන්නා. එය ඔවුන්ගේ අධිරාජ්‍යයයි.
ආර්ය සමාජයිනුත් ඔබට මින් උදව් කරාවි. මන්ද, ඔවුනුත් ශිව විශ්වාස කරනවා. ඔබගේ ධජය
එසවිය යුතුයි. එක් පැත්තකින් ත්‍රිමූර්තිය සමඟ ලෝක චක්රයත් අනෙක් පැත්තේ වෘක්ෂයත්
පෙන්නුම් කළ යුතුයි. මේක තමයි ඔබගේ ධජය විය යුත්තේ. එය සෑදිය යුතුයි. මේ ධජය සෑම
කෙනෙක්ටම පෙනෙන්න සෑදිය යුතුයි. එහි සම්පූර්ණ විස්තරයම ඇතුලත් වෙනවා. කල්ප වෘක්ෂය
හා ලෝක නාටක චක්‍රය මෙහි ඉතාමත් පැහැදිලිව පෙන්වා තිබෙනවා. සෑම කෙනෙක්ම තම තමන්ගේ
ආගම ආරම්භ වන්නේ කවදාද කියා දැක ගත යුතුයි. ඔවුන්ටම පුළුවන් එය ගණනය කර ගන්න. මෙම
චක්‍රය හා වෘක්ෂය සෑම කෙනෙක්ටම පැහැදිලි කරන්න. ක්‍රිස්තුස් වහන්සේ පැමිණියේ කවදාද?
එසේ පැමිණීමට පෙර ඒ සෑම ජීවාත්මයක්ම සිටියේ කොහිද? අශාරීරික ලෝකයේ විය හැකියැයි
ඔවුන් පිළිතුරු දේවි. ජීවාත්ම වන අප අපගේ ස්වරූපය වෙනස් කරනවා අප මෙහි පැමිණ භෞතික
ස්වරූපයක් ගන්නවා. මිනිස්සුත් පියාට කියනවා: ඔබගේ ස්වරූපය වෙනස් කර භෞතික ලෝකයට
පැමිණෙන්න. ඔහු මෙහි පැමිණෙනවා. ඔහු සූක්ෂම ලෝකයට පැමිණෙන්නේ නැහැ. අපගේ චරිත කොටස්
රඟපාන ගමන් අප ස්වරූපය වෙනස් කරනවා සේ නැවතත් වතාවක් පැමිණ අපට රාජයෝගා උගන්වන්න
කියා අප ඉල්ලා සිටිනවා. රාජයෝගාව භාරතය දිව්‍යලෝකයක් බවට පත්කරවනවා. මේවා තේරුම්
ගැනීමට ඉතාමත් පහසු කරුණුයි. දරුවන් වන ඔබලා මෙය කිරීමට කැමති විය යුතුයි. ඔබ
හොඳින් මෙය තේරුම් ගෙන අන් අයවත් ඒ සඳහා උනන්දු කරවිය යුතුයි. මේ ගැන ඔබ එකිනෙකා
සමඟ කතාබහ කළ යුතුයි. පියා පැමිණ භාරතය දිව්‍යලෝකයක් බවට පත් කරවනවා. ක්‍රිස්තුස්
වහන්සේ බිහිවීමට වසර 3000කට පෙර භාරතය පාරාදීසයක් වශයෙන් තිබුණු බව සඳහන් වී
තිබෙනවා. එමනිසා, ත්‍රිමූර්ති ශිවාගේ පින්තූරය සෑම කෙනෙක්ටම යැවිය යුතුයි.
ත්‍රිමූර්ති ශිවාගේ මුද්දරයක් සාදා ගන්න. මුද්දර හදන රාජ්‍ය දෙපාර්තමේන්තුවකුත්
තිබෙනවා. දිල්ලි වල හොඳ උගත් අය බොහෝ දෙනෙක් සිටිනවා. ඔවුන්ට මෙය කළ හැකියි. ඔබේ
අගනුවර වනවා ඇත්තේ ද දිල්ලියයි. මුලදී දිල්ලිය හැඳින් වූයේ සුර දේවතාවන්ගේ දේශය
(පරිස්ථාන්) ලෙසයි. දැන් එය සොහොන් බිමක් (කබ්රිස්ථාන්) වෙලා. මේ සෑම කාරණයක්ම ඔබගේ
බුද්ධියේ තිබිය යුතුයි. දැන් ඔබ නිරන්තර සතුටින් සිටිය යුතුයි. ඉතාමත් මිහිරි
කෙනෙක් වන්න. සෑම කෙනෙක්වම සෙනෙහසින් ඇසුරු කරන්න. සෑම ගුණධර්මයකින්ම පිරි කෙනෙක්
බවට හා කලා 16යෙන්ම පරිපූර්ණ කෙනෙක් බවට පත්වන්න. ඔබගේ උත්සාහයෙහි අරමුණ විය යුත්තේ
මෙයයි. කොහොමනමුත්, කිසිම කෙනෙක් මේ තත්ත්වයට පත්වී නැහැ. ඔබගේ තත්ත්වය දැන් ඉහළට
වර්ධනය වෙනවා. ඔබ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ශිව ජයන්තියේදී සේවය කළ හැකි
නොයෙකුත් මාර්ග ගැන බාබා නිතරම පෙන්වා දෙනවා. එමඟින් ඔබගේ දැනුම ශ්‍රේෂ්ඨම දැනුම බව
මිනිස්සු අවබෝධ කර ගනීවි. මිනිසුන්ට යමක් පැහැදිලි කර දීමට සෑහෙන වෙහෙසක් දැරිය
යුතුයි. කිසියම් හෝ උත්සාහයක් දැරීමකින් තොරව අධිරාජ්‍යයක් ස්ථාපනය කරගන්න බැහැ. ඔබ
ඉහළට යනවා, පහළට එනවා, නැවතත් ඉහළට යනවා. එක් එක් මාදිලියේ කුණාටු වලට දරුවන් වන ඔබ
හසුවනවා. ප්‍රධානම දෙය නම්, ස්මරණයයි. සතෝප්‍රධාන් වීමට නම්, ඔබ බාබාව සිහිපත් කළ
යුතුයි. දැනුම ඉතාමත් පහසුයි. දරුවන් වන ඔබලා ඉතාමත් මිහිරි අය බවට පත්විය යුතුයි.
ඔබගේ අරමුණ හා ඉලක්කය ඔබ ඉදිරියේම තිබෙනවා. ඔවුන් (ලක්ෂ්මී හා නාරායන) ඉතාමත්
මිහිරි අයයි. ඔවුන්ව දැකීමෙන් ඔබ මහත් සතුටක් ලබනවා. ශිෂ්‍යයින් වන ඔබලාගේ අරමුණ හා
ඉලක්කය මෙයයි. ඔබලාට උගන්වන්නේ පරමාත්ම දෙවියන් වන ඒකායන කෙනාය. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පියාගෙන්
ලබනා දැනුම හා උරුමය ඔබගේ අවධානයේ තබා ගනිමින් නිතරම සතුටින් සිටින්න. ඔබට ගියාන්
හා යෝගාව තිබෙනවා. ඉතින්, සේවයේ කාර්ය බහුල වන්න.
2. සතුටේ දේශය හා
සාමයේ දේශය සිහපත් කරන්න. ඔබත් එම දේවතාවරුන් සේ මිහිරි විය යුතුයි. අසීමිත සතුටින්
සිටින්න. ආධ්‍යාත්මික ගුරුවරයෙක් බවට පත් වී මෙම දැනුම අන් අයට දානය කරන්න.
වරදානය:
ඔබ පියා මෙන්
කර්මතීත් වී ඔබේ ශරීරයෙන්, නෑ සබඳතා වලින් සහ ද්‍රව්‍යමය සැප පහසුකම් වලින් නිදහස්
වේවා.
ඇලීමෙන් නොව, උපදෙස්
අනුව, උපකරණ ලෙස තම ගෘහය රැකබලා ගනිමින් තම ජීවාත්ම ස්වරූපය පවත්වා ගෙන යන අයට දැන්
පිටත්ව යාමට නියෝගයක් ලැබෙන්නේ නම්, ඔවුන් එසේ කරනු ඇත. හොරණෑ පිඹින විට, ඔබ ඒ ගැන
සිතමින් කාලය ගත නොකරන්නේ නම්, ඔබ බැඳීම ජය ගන්නෙකු යැයි කියනු ඇත. එමනිසා, ඔබේ
ශරීරයේ, නෑ සබඳතා වල සහ ද්‍රව්‍යමය සැප පහසුකම් වල යම් බැඳීමක් ඔබව ඇදගන්නේද කියා
ඔබවම පරීක්ෂා කර බලන්න. යම් බන්ධනයක් ඇති තැන ආකර්ෂණයක් ඇති වේ, නමුත් නිදහස් අය
පියා මෙන් කර්මතීත් අවධියට සමීප වේ.
පාඨය:
සෙනෙහස සහ
සහයෝගය ලබා දීමත් සමඟම, බලයේ ස්වරූපයක් බවටත් පත් වන්න, එවිට ඔබට රාජධානියේ ඉදිරි
අංකයක් හිමි වනවා ඇත.
ඔබගේ බලවත් මනසින්
සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.
මේ මොහොතේ ඔබගේ මනසේ
බලයෙන් සේවය කිරීමෙන්, ඔබගේ සිරුර, මනස, ධනය සහ කාලය කෙතරම් ප්‍රමාණයකට භාවිතා
කරන්නේද, එයට අනුව කෙටි කාලයකදි ඔබට වැඩි සාර්ථකත්වයක් ලැබෙයි. ඔබගේ ස්වභාවය
පරිවර්ථනය කිරීමට, සමූහය තුළ කටයුතු කිරීමට හෝ සේවයේ එතරම් සාර්ථකත්වයක් නොමැති බව
දකින විට, අධෛර්යමත් නොවී සිටීමට ඔබට තමන් වෙනුවෙන් ඇතැම් විට මෙකල උත්සාහ දැරීමට
සිදු වෙයි. එබැවින් ඒ සියල්ල අවසන් වෙයි.