20.03.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම පැරණි ලෝකයේ සතුට, වහා නැසෙන සුලු වන අතර, එය ඔබත් සමඟ නොයයි. ඔබත් සමඟ යන්නේ අවිනාශී දැනුමේ මිණි මුතු පමණයි. එබැවින් ඔබගේ අවිනාශී ආදායම රැස් කරගන්න.

ප්‍රශ්නය:
පියා ඔබට උගන්වන අධ්‍යාපනයේ, ඔබට උගන්වනු නොලබන්නේ කුමක්ද?

පිළිතුර:
ඔබට ගුප්ත බලයන් උගන්වන්නේ නැත. කෙනෙකුගේ සිතිවිලි කියවීම, ගුප්ත බලයකි. ඔබට එම දැනුම උගන්වනු නොලබයි. පියා, සිතිවිලි කියවන්නෙක් නොවෙයි. ඔහුට ජනීජනන්හාර් (සියලු රහස් දන්නා) යැයි කියයි, එනම්, ඔහු දැනුමින් පිරී සිටියි. පියා ඔබට මෙම ආධ්‍යාත්මික දැනුම කියා දීමට පැමිණෙයි, ඔබ එය මගින් උපත් 21කට ලෝක රාජධානිය හිමි කරගනී.

ඕම් ශාන්ති.
භාරතයේ, පරමාත්මය සහ ජීවාත්ම දීර්ඝ කාලයක් වෙන්වී සිටි බව, භාරත ජනයා ගායනා කරති. සියලුම ජීවාත්මයන්ගේ පියා වන, පරම පියා, පරමාත්ම ජීවය, අපට දැන් රාජයෝගාව උගන්වන බව ඔය දරුවන් දන්නවා. ඔහු අපට ඔහුගේ හැඳින්වීම මෙන්ම ලෝක චක්‍රයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුමද ලබා දෙයි. ඇතමෙකුගේ බුද්ධියේ ස්ථීර විශ්වාසයක් තිබෙන නමුත් තවත් ඇතමෙක් වටහා ගන්නේ ඉතාමත්ම අල්පයකි, එය අංකානුරූපිතයි. ඔබ සජීවී ජීවාත්ම බවත්, ඔබ පරම පියා, පරමාත්ම ජීවය ඉදිරියේ පෞද්ගලිකවම අසුන් ගෙන සිටින බවත් ඔය දරුවන් දන්නවා. ජීවාත්ම සහ පරමාත්ම ජීවය බොහෝ කාලයක් වෙන්ව සිටි බව ලියා තිබේ. ඔවුන් අශාරීරික ලෝකයේ සිටින කල්හි, ජීවාත්ම, පියාගෙන් වෙන්ව සිටීම ගැන ප්‍රශ්නයක් නැත. ඔවුන් මෙහි පැමිණ, සජීවී ජීවාත්ම (සිරුරු ගත්) බවට පත් වූ විටයි, ඔවුන් සැවොම, පියා වන පරමාත්ම ජීවයෙන් වෙන් වන්නේ. ඔවුන් පරම පියා, පරමාත්ම ජීවයෙන් වෙන් වී, ඔවුන්ගේ චරිත කොටස් රඟපෑම සඳහා මෙහි පැමිණෙයි. පෙර කල ඔබ මෙහි අරුත නොදැන එය ගායනා කළා. පරමාත්ම පියා දැන් මෙහි අසුන් ගෙන ඒ සෑම දෙයක්ම විස්තර කර දෙයි. ඔබ පරම පියා, පරමාත්ම ජීවයෙන් වෙන් වී ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා මෙහි පැමිණි බව ඔය දරුවන් දන්නවා. පළමුවෙන්ම වෙන් වූයේ ඔබයි. එබැවින් ශිව බාබා පළමුවෙන්ම හමුවන්නේ ඔබවයි. පරම පියා පැමිණෙන්නේ ඔබ වෙනුවෙනි. පෙර චක්‍රයේද ඔහු ඔබට ඉගැන්වූ අතර, ඔබ ඉන්පසුව ලෝකයේ පාලකයන් බවට පත් විය. එකල වෙනත් භූමි නොතිබිණි. ඔබ ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත් වූ බව ඔය දරුවන් දන්නවා. එයට දේවතා ධර්මය, දේවතා පෙළපත යැයිද කියයි. සෑම කෙනෙකුටම තමන්ගේම ආගම තිබේ. ‘ආගම ශක්තියයි‘ කියා කියමනක් තිබේ. ධර්මය තුළ ශක්තිය තිබේ. ලක‍්ෂ්මි සහ නාරායනට කෙතරම් බලය තිබුණේද කියා ඔය දරුවන් දන්නවා. භාරතයේ ජනතාව ඔවුන්ගේම ආගම ගැන නොදනී. භාරතයේ සත්‍ය වශයෙන්ම ඔවුන්ගේම ධර්මය තිබුණු බව ඔවුන් කිසිවෙකුගේ බුද්ධියට ඇතුලු වන්නේ නැත. ඔවුන් තමන්ගේම ධර්මය නොදන්නා බැවින්, ඔවුන් අධර්මිෂ්ඨ වී තිබේ. ඔබ තමන්ගේම ධර්මයට පැමිණීමෙන් ඔබ තුළ කෙතරම් ශක්තිය තිබෙන්නේද යත්, ඔබ කලි-යුග කන්ද ඔසවා, එය ස්වර්ණමය-යුග කන්දක් බවට පරිවර්ථනය කරයි. ඔබ භාරතය, රත්තරං කන්දක් බවට පරිවර්ථනය කරයි. එහි ආකර, රත්තරන් වලින් පිරී පවති. එහි රන් කඳු තිබෙන අතර, ඒවා පසුව විවෘත වෙයි. රත්තරන් දිය කර, ගඩොල් සාදනු ලබයි. ගොඩනැගිලි ඉදිවන්නේ, විශාල ගඩොල් වලිනි. මායා යන බළලා පිළිබඳ නාටකය පෙන්වන්නේ මෙහිය. ඒ සෑම එකක්ම කතාන්දර පමණයි. පියා පවසන්නේ මම ඒ සෑම එකකම සාරය ඔබට කියන්නෙමි. කෙනෙක් දැහැන් ගත වී, ඔහු ආපසු පැමිණෙන විට ඔහුගේ පැස පුරවා රත්තරන් ගෙන එන අන්දම සිතන සැටි, ඔවුන් පෙන්වයි. කෙසේවෙතත්, ඔහු දැහැනින් මිදී ආපසු පැමිණෙන විට, එහි කිසිවක් නොමැත. ඔබටත් සිදුවන්නේ එයමයි. එයට දිව්‍යමය දර්ශනයක් යැයි කියයි. එය තුළින් කිසිවක් ලැබෙන්නේ නැත. බොහෝ දෙනා දැඩි භක්තියේ යෙදෙයි. එම භක්තියේ මාලාව, මෙම දැනුමේ මාලාවට වඩා වෙනස්ය. රුද්‍රා සහ විෂ්ණුගේ මාලා ද තිබේ. ඒවා ඉන්පසු භක්තියේ මාලාව බවට පත් වෙයි. ඔබ දැන් ඉගෙන ගන්නේ රාජධානියක් සඳහාය. ඔබගේ බුද්ධියේ යෝගාව තිබෙන්නේ ගුරුවරයා මෙන්ම රාජධානිය සමඟයි. ඔබ කොලිජීයක ඉගෙන ගන්නා විට, ඔබගේ බුද්ධියේ යෝගාව තිබෙන්නේ ගුරුවරයා සමඟයි. නීතිඥයෙක් ඔබට උගන්වා, ඔබව, ඔහු හා සමාන බවට පත් කරවයි. කෙසේවෙතත්, මෙහි ආශ්චර්යය වන්නේ, අපව පත් කරන තත්ත්වයට බාබා පත් නොවීමය. මෙය ඔබගේ ආධ්‍යාත්මික ඉගෙනුමයි. ඔබගේ බුද්ධියේ යෝගාව තිබෙන්නේ ශිව බාබා සමඟයි. දැනුමේ සාගරය, දැනුමින් පිරුණු කෙනා යැයි කියන්නේ ඔහුට පමණයි. ජනීජනන්හාර් වීම යනු, ඔහු අසුන් ගෙන, එක් එක්කෙනාගේ හදවත තුළ ඇති දේ, සෑම කෙනා තුළම සිදුවන දේ, දැනගැනීම නොවෙයි. ඒ සියල්ල ගැන ඔබට කියන්නේ, සිත් කියවන්නන්ය. එයට කියන්නේ ගුප්ත බලවේග පිළිබඳ දැනුමය. මෙහිදී පියා ඔබට උගන්වන්නේ ඔබව සාමාන්‍ය මිනිසෙකුගෙන් දේවතාවන් බවට පත් කිරීමටයි. මෙවන් ගීතයක් ඇත මනුෂ්‍යයින්ව දේවතාවන් බවට පරිවර්ථනය කිරීමට දෙවියන්ට වැඩි කල් ගත වුනේ නැත. ඔබ දැන් බ්‍රහ්මණයින් බවත් ඔබගේ මතු උපතෙදී ඔබ දේවතාවන් වන බවත් ඔබට දැන් වැටහෙයි. ආදි සනාතන දෙවි දේවතාවන්ව සිහිකර තිබේ. ඔවුන් පිළිබඳ බොහෝ කතා ග්‍රන්ථ වල ලියා තිබේ. පියා මෙතැන අසුන් ගෙන ඔබට ඍජුවම උගන්වයි. පරමාත්මය පවසයි : දැනුමේ සාගරය, සතුටේ සාගරය, සාමයේ සාගරය වන්නේ පරමාත්ම දෙවියන්ම පමණයි. ඔහු ඔය දරුවන්ට ඔබගේ දායාදය ලබා දෙයි. මෙම ඉගෙනුම ඔබගේ අනාගත උපත් 21 වෙනුවෙනි, එබැවින් ඔබ ඉතා හොඳින් ඉගෙන ගත යුතුයි. නව ලෝකය ස්ථාපනය කිරීමට, ඔබට මෙම ආධ්‍යාත්මික දැනුම කියා දීම සඳහා, පරමාත්ම පියා පැමිණෙන්නේ කල්පයකට එක් වතාවක් පමණයි. නව ලෝකයේදී එය දේවතාවන්ගේ රාජධානියයි. පියා පවසන්නේ : මම බ්‍රහ්මාගේ මාර්ගයෙන්, ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපනය කරන්නෙමි. මෙම ධර්මය පැවතුණු කල, වෙනත් ආගම් නොතිබිණි. දැන් අන් සෑම ආගමක්ම තිබේ. මේ නිසයි ඔබ ත්‍රිමූර්තියේ පිංතූරය විස්තර කරන විට, බ්‍රහ්මාගේ මාර්ගයෙන් එක් ධර්මය ස්ථාපනය කරන බව, ඔබ විස්තර කළ යුත්තේ. එම ධර්ම දැන් නොපවති. ඔවුන් මෙසේද ගයති: මට ගුණධර්ම නැත! මා තුළ ගුණධර්මයන් නොතිබේ! එබැවින් කාරුණික වී මට අනුකම්පා කරන්න! මට ගුණයන් නැත! ඔවුන් මෙය ගයන විට, ඔවුන්ගේ බුද්ධිය, දෙවියන්, පියා වෙතට යයි. ඔහුට ‘කරුණාවෙන් පිරි කෙනා‘ යැයි කියයි. පියා පැමිණෙන්නේ දරුවන්ගේ සියලු දුක නැතිකර ඔවුන්ට 100% ක් සතුට ලබා දීමටයි. ඔහු තුළ එතරම් කරුණාවක් තිබේ! ඔබ පරමාත්ම පියා වෙතට පැමිණ ඇති නිසා, ඔබ ඔහුගෙන් සම්පූර්ණ සතුට ලබා ගත යුතු බව ඔබට වැටහෙයි. එය සතුටේ දේශයයි. මෙය දුක් දේශයයි. ඔබ මෙම චක්‍රය ඉතා හොඳින් වටහා ගත යුතුයි. නිහඬ දේශය සහ සතුටේ දේශය සිහිපත් කරන්න, එවිට ඔබගේ අවසාන සිතිවිලි ඔබව ඔබගේ අරමුණ කරා ගෙන යයි. ඔබ නිහැඬියාවේ දේශය සිහිපත් කරන්නේ නම්, ඔබ අනිවාර්යෙන්ම ඔබගේ සිරුර අත්හල යුතු වෙයි. ජීවාත්ම, නිහඬ දේශයට ආපසු යයි. ඒකායන පියා හැර, අන් කිසිවෙකු සිහි නොවිය යුතුයි. ඔබගේ බුද්ධියේ සම්බන්ධතා රේඛාව, පූර්ණ වශයෙන් පැහැදිලිව තිබිය යුතුයි. පියා සිහිපත් කිරීමෙන් ඔබගේ අභ්‍යන්තර සතුටේ අංශක ඉහළ නඟීවි. මෙම පැරණි ලොවේ සතුට, වහා නැසෙන සුලුයි, එයට ඔබත් සමඟ යාමට නොහැක. ඔබත් සමඟ යන්නේ අවිනාශී දැනුමේ මිණි මුතු පමණයි, එනම්, අවිනාශී දැනුමේ මිණි මුතු වල ආදායමයි ඔබත් සමඟ ඔබ රැගෙන යන්නේ. ඔබ මෙහි ඵලය උපත් 21 කට අත්විඳියි. ඔව්, පියාට උදව් කරන අය සමඟ විනාශ වන ධනයත් යයි. ‘බාබා, අපගෙන් මෙම සිප්පි කටු ගෙන, ඒ වෙනුවට එහිදී අපට මාළිගා ලබා දෙන්න’. සිප්පි කටු වෙනුවට බොහෝ මැණික් පියා ආපසු ලබා දෙයි. අමරිකානුවන් පෞරාණික භාණ්ඩ වෙනුවෙන් බොහෝ ධනය වියදම් කරති. මනුෂ්‍යයින්, පෞරාණික භාණ්ඩ සඳහා බොහෝ මුදල් අය කරති. පැන්සයක් වටින දේකට ඔවුන් ඇමරිකානුවන්ගෙන් රුපියල් දහස් ගණනක් අය කරති. බාබා ද ඉතා හොඳ පාරිභෝගිකයෙකි; අවිහිංසක ස්වාමියාව සිහි කෙරෙයි. මිනිසුන් මෙය නොදනී. තවද ඔවුන් ශිවාව, ශංකර් සමඟ එකතු කර, මෙසේ කියයි: අපගේ ඒප්‍රන පුරවන්න! ඔබට දැන් ඔබගේ ඒප්‍රන පුරවා ගැනීමට, දැනුමේ මිණි මුතු ලැබෙන බව ඔය දරුවන්ට වැටහෙනවා. ඒ අසීමිත පියායි. ඔහු තිත්ත මල් කා, මත් වන පානයක් පානය කළ බව කියන විට, මිනිසුන් එසේ කියන්නේ ශංකර් ගැනයි. ඔවුන් අසුන් ගෙන බොහෝ විවිධ කතාන්දර ගොතා තිබේ. ඔය දරුවන් දැන් ඉගෙන ගන්නේ විමුක්තිය උදෙසාය. මෙම ඉගෙනුම ඇත්තේ සම්පූර්ණ නිශ්ශබ්දතාවයෙන් සිටීම සඳහාය. ඔබ මේ සියලු පහන් දල්වා ප්‍රදර්ශනය කරන්නේ, ඔබ මෙතරම් උත්කර්ශ අන්දමින් ශිව ජයන්තිය සමරන්නේ මන්ද කියා, එවිට මිනිසුන් ඔබගෙන් විමසන නිසාය. භාරතය ධනවත් කරන්නේ ශිවා පමණයි. ලක‍්ෂ්මි සහ නාරායනව දිව්‍යලෝකයේ අධිපතියන් බවට පත් කළේ කවුද? ඔබ මෙය දන්නවා. ලක‍්ෂ්මි සහ නාරායන ඔවුන්ගේ පෙර භවයේ කවුරුන් වී සිටියාද? ඇගේ පෙර උපතෙදී ලක‍්ෂ්මි, ජගදම්බා, ලෝක මාතාව, දැනුමේ ප්‍රතිමූර්තිය වූවාය. ඇය ඉන්පසුව එම රාජකුමාරිකාව විය. එබැවින්, කාගේ තත්ත්වයද වඩා ශ්‍රේෂ්ඨ? පෙනුමට, එම කෙනා දිව්‍යලෝකයේ අධිපතියෙක්ය. ජගදම්බා අධිපතියෙක් වන්නේ කොහේදිද? මිනිසුන් ඇය වෙතට යන්නේ ඇයි? බ්‍රහ්මාව පෙන්වා ඇත්තේ අත්, සියයක්, දෙසීයක් හෝ දහසක් සහිතවයි. දරුවන් සංඛ්‍යාව වැඩි වත්ම අත් සංඛ්‍යාව වැඩි වෙයි. ලක‍්ෂ්මිට වඩා, වැඩි අත් සංඛ්‍යාවක්, ජගදම්බා දේවතාවියට ලබා දී තිබේ. ඔවුන් ඇය වෙතට ගොස් සෑම දෙයක්ම ඇගෙන් ඉල්ලති. ඔවුන් බොහෝ ආශාවන් සමඟ ඇය වෙතට යයි, ඔවුන්ට දරුවෙක් අවශ්‍යයි, තව දේවල් ආදිය ඉල්ලයි. ලක‍්ෂ්මිගේ ප්‍රතිමාවක් ඉදිරියට ගිය විට ඔවුන්ට එවන් ආශාවන් කිසිවක් නැත. ඇයට බොහෝ ධනය පමණක් තිබේ. ඔබට ඔබගේ දිව්‍යලෝකයේ ආධිපත්‍යය ජගදම්බා හරහා ලැබෙයි. කෙසේවෙතත්, ඔවුන් ජගදම්බාගෙන් ඉල්ලිය යුත්තේ කුමක්ද කියා, කිසිවෙකු නොදනී. මෙය අධ්‍යයනයකි. ජගදම්බා ඔබට උගන්වන්නේ මොනවාද? රාජ යෝගාව. මෙයට බුද්ධියේ යෝගාව යැයි කියයි. ඔබගේ බුද්ධියේ යෝගාව, අන් සෑම දෙසකින්ම ඉවත් වී, ඒකායන පියාට සම්බන්ධ වෙයි. සාමාන්‍යයෙන් බුද්ධිය බොහෝ දිශාවන් ඔස්සේ දිව යයි. පියා දැන් පවසන්නේ : ඔබගේ බුද්ධිය මාත් සමඟ යෝගාවේ සම්බන්ධ කරගන්න. එසේ නැත්නම් ඔබගේ පාපයන් දුරු වන්නේ නැත. මේ නිසයි බාබා ඔබට ඡායාරූප ගැනීම තහනම් කර තිබෙන්නේ. මෙම සිරුර අයත් වන්නේ මේ කෙනාටයි. පියාම නියෝජිතයා වී මෙසේ පවසයි : ඔබගේ එම කොන්තරාත්තුව දැන් අවලංගු කර තිබේ. රාගයේ කොතෙන් බැස, දැනුමේ කොත මතට නගින්න. රාගයේ කොතෙන් බසින්න. තමන් ජීවාත්මයක් යැයි සළකා, ඔබගේ පියා වන මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී යාවී. කිසිම මනුෂ්‍යයෙකුට මෙසේ කිව නොහැක. මනුෂ්‍යයින්ට, දෙවියන් යැයි කිව නොහැක. පියා, පාරිශුද්ධකරුවා බව ඔය දරුවන් දන්නවා. ඔහු අපව රාගයේ කොතෙන් ඉවත් කරගෙන, අපව දැනුමේ කොතේ අසුන් ගන්වයි. ඔහු ආධ්‍යාත්මික පියාය. ඔහු මෙම කෙනා තුළ අසුන් ගෙන මෙසේ පවසයි : ඔබ ජීවාත්මයකි. මෙය අඛණ්ඩව අන් අයටද විස්තර කර දෙන්න. පියා පවසන්නේ : මන්මනභව! ‘මන්මනභව‘ යැයි කියන විට, ඔබගේ අවධානය අවදි වෙයි. මෙම පැරණි ලෝකයේ විනාශය ඔබ ඉදිරියේ සිටගෙන සිටියි. පියා විස්තර කරන්නේ : එය මහාභාරත යුද්ධයයි. එවිට මිනිසුන් කියන්නේ විදේශ රටවලත් යුද්ධ තිබේ. මෙයට මහා භාරත යුද්ධය යැයි කියන්නේ ඇයි? මෙම යාග ගින්න නිර්මාණය කරන්නේ භාරතයේ පමණයි. විනාශයේ ගිණිදැල් මතු වන්නේ මෙය තුළින් පමණයි. ඔබ වෙනුවෙන් නව ලෝකයක් අවශ්‍යයි. එබැවින් සුමිහිරි දරුවනි, පැරණි ලෝකය අනිවාර්යෙන්ම විනාශ විය යුතුයි. මෙහි මුල් වලින් එම යුද්ධය මතුවෙයි. මහාභාරත යුද්ධයේ විනාශයේ ගිණි දැල් මතු වූයේ මෙම දැනුමේ යාග ගින්නෙනි. මේ සෑම දෙයක්ම ආගමික ග්‍රන්ථ වල ලියා ඇති මුත් එසේ කීවේ කවුරුන්ද කියා කිසි කෙනෙක් නොදනී. පියා දැන් නව ලෝකය වෙනුවෙන් ඔබට පහදා දෙනවා. ඔබ දැන් රාජධානියක් හිමි කරගන්නවා, ඔබ දේවතාවන් බවට පත් වනවා. ඔබගේ රාජධානියේ වෙනත් කිසිවෙකු නොසිටිය යුතුයි. රාක්ෂක ලෝකය විනාශ වෙනවා. ඔබ ඊයේ ලෝකය පාලනය කළ බව, ඔබගේ බුද්ධියෙන් සිහි කරගන්න. පියා ඔබට රාජධානිය ලබා දුන් අතර, ඔබ ඉන්පසුව ඔබගේ උපත් 84 ගත්තා. බාබා දැන් නැවත වතාවක් පැමිණ සිටියි. ඔය දරුවන්ට මෙම දැනුම තිබේ. පියා ඔබට මෙම දැනුම ලබා දී තිබේ. දේවතා ධර්මය ස්ථාපනය වූ විට, මුලු රාක්ෂක ලෝකයම විනාශ වී යයි. පියා මෙතැන අසුන් ගෙන, මේ සෑම දෙයක්ම බ්‍රහ්මාගේ මාර්ගයෙන් විස්තර කර දෙයි. බ්‍රහ්මාද ශිවාගේ දරුවෙකි. විෂ්ණුගේ වැදගත්කම ද විස්තර කර දී තිබේ. බ්‍රහ්ම, විෂ්ණු බවට පත් වන අතර, විෂ්ණු, බ්‍රහ්ම බවට පත් වෙයි. ඔබ දැන් බ්‍රහ්මණයින් බවත්, ඉන්පසුව ඔබ දේවතාවන් වී උපත් 84ක් ගන්නා බවත් ඔබට දැන් වැටහෙයි. ඔබට මෙම දැනුම ලබා දෙන්නේ පරමාත්ම පියා පමණයි. එබැවින් මනුෂ්‍යයෙකුගෙන් ඔබට මෙම දැනුම ලැබෙන්නේ කෙසේද? මේ සෑම දෙයක්ම බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයකි. පියා පවසන්නේ : ඔබගේ බුද්ධිය අන් සෑම දෙසකින්ම ඉවත් කර ගන්න. විනාශ වෙන්නේ බුද්ධියයි. පියා පවසන්නේ : මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී යයි. ඔබගේ පවුලේ අය සමඟ ඔබට දිගටම වාසය කළ හැක. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ තිබේ. ඉගෙනගැනීම තුළින් ඔබ පත් වන්නේ එය බවට බව ඔබ දන්නවා. ඔබගේ ඉගෙනුම තිබෙන්නේ සංගම යුගයේය. වර්තමානයේ, ඔබ මේ පැත්තේ නොවන අතර, ඒ පැත්තේද නොවෙයි, ඔබ සිටින්නේ පිටස්තරයි. පියාට ඔරුකරුවා යැයිද කියයි. මිනිසුන් මෙසේ ගයති : අපගේ ඔරුව එතෙර කරන්න. මේ ගැන කතාවකුත් තිබේ. සමහරු දිගටම ගමන් කරන අතර, තවත් අය එතැන නවති. පියා දැන් පවසන්නේ : මා මෙතැන අසුන්ගෙන, බ්‍රහ්මාගේ මුඛයෙන් ඔබට කතා කරනවා. බ්‍රහ්මා පැමිණියේ කොහේ සිටද? ප්‍රජාවගේ පියා, (ප්‍රජාපිතා) නිසැකයෙන්ම අවශ්‍ය වන්නේ මෙහිය. මා ඔහුව දරුකමට හදා, ඔහුට නමක් දෙනවා. ඔබ බ්‍රහ්මණයින්, බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් දරුවන්. ඔබ දැන් කලි යුගයේ අවසානයේ සිටින අතර ස්වර්ණමය යුගයේ ආරම්භයට යෑමට ඉතා ආසන්නයි. ඔබයි, පියාගෙන් පළමුවෙන්ම වෙන් වී, ඉන්පසුව ඔබගේ චරිත කොටස් රඟ පෑමට මෙහි පැමිණියේ. ඔබ අතරේ සිටින සෑම කෙනෙක්ම මෙසේ නොකියයි. සම්පූර්ණ උපත් 84 ගන්නේ කවුද කියා ඔබටත් දැන ගන්නට ලැබෙයි. ලක‍්ෂ්මි සහ නාරායනට මෙය සහතිකයි. අවලස්සන වූ ලස්සන කෙනාගේ ප්‍රශංසාවෙන් කියැවෙන්නේ ඔවුන් ගැනයි. දේවතාවන් ලස්සන වීය. අවලස්සන බවින් ඔවුන් ලස්සන විය. ඔහු ගැමි කොල්ලෙකුගෙන් ලස්සන රාජකුමාරයෙක් බවට පරිවර්ථනය වෙයි. වර්තමානයේ සැවොම ගැමි කොල්ලන්ය. මෙය අසීමිත බව පිළිබඳ කාරණාවකි. කිසිකෙනෙක් මෙය දන්නේ නැත. ඔබට ඉතාමත්ම හොඳ විස්තර කිරීම් ලැබෙනවා. සෑම කෙනෙකුටම සිටින්නේ එක් ශල්‍ය වෛද්‍යවරයෙක් පමණයි. සදාතනික ශල්‍ය වෛද්‍යවරයා ඔහුයි. යෝගාවට ගින්නක් කියා කියන්නේ, ජීවාත්ම තුළ ඇති අපද්‍රව්‍ය ඉවත් කළ හැක්කේ මෙම යෝගාව තුළින් පමණක් නිසයි. තමෝප්‍රධාන් ජීවාත්ම, සතෝප්‍රධාන් වන්නේ යෝගා ගින්නෙනි. ගින්න, සිසිල් වන්නේ නම්, අපද්‍රව්‍ය ඉවත් කළ නොහැක. සිහිපත් කිරීමට, ඔබගේ පාපයන් දුරු කරන යෝගාවේ ගින්න යැයි කියයි. එබැවින් පියා පවසන්නේ : මම දිගින් දිගටම ඔබට බොහෝ සේ විස්තර කර දෙන්නෙමි. ඔබ එය ධාරණය කිරීමද කළ යුතුයි. අච්චා. මන්මනභව! මෙයින් වෙහෙසට පත් නොවන්න. ඔබට පියාව සිහි කිරීමටත් අමතක වෙනවා. සියලුම සැමියන්ගේ සැමියා, ඔබව දැනුමින් ඉතා අලංකාර ලෙස සරසනවා. අශාරීරික පියා පවසන්නේ : ඔබගේ බුද්ධියේ යෝගාව අන් සෑම කෙනෙකුගෙන්ම බිඳ දමා, ඔබගේ පියා වන මා සිහි කරන්න. සියල්ලන්ගේම පියා එක්කෙනෙක්ය. දැන් මෙය ඔබගේ ඉහළ නැගීමේ අවස්ථාවයි. මෙවැනි කියමනකි: ඔබ නිසා සෑම කෙනෙකුටම සෙතක් සිදුවෙයි. පරමාත්ම පියා පැමිණ ඇත්තේ සෑම කෙනෙකුටම යහපත උදා කිරීමටයි. රාවණ, සෑම කෙනෙක්වම පරිහාණියට රැගෙන යන අතර, රාමා සෑම කෙනෙක්වම විමුක්තියට රැගෙන යයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියාගේ ආදරණීය සිහිපත් කිරීම තිබීම තුළින්, අසීමිත සතුට අත්විඳීම සඳහා, ඔබගේ බුද්ධියේ සම්බන්ධතාවයේ රේඛාව, පැහැදිලිව තබා ගත යුතුයි. සිහිපත් කිරීම, ගින්නක ස්වරූපයක් ගන්නා විට, ජීවාත්ම සතෝප්‍රධාන් වෙයි.

2. ඔබගේ සිප්පි කටු වෙනුවෙන්, පියා ඔබට ආපසු මැණික් ලබා දෙයි. එවන් අවිහිංසක ස්වාමියෙකුගෙන් ඔබගේ ඒප්‍රන පුරවා ගන්න. නිශ්ශබ්දව සිටීමේ ඉගෙනුම, අධ්‍යයනය කිරීමෙන්, විමුක්තිය ලබා ගන්න.

වරදානය:
ඔබ යෝග්යුක්ත් වී බන්ධනයෙන් නිදහස් වී වගකීම් සහ මායා බන්ධනයන්ගෙන් නිරන්තරයෙන් නිදහස්ව සිටීවා.

බන්ධනයෙන් මිදීමේ සංඥාව නම් නිරතුරුවම යෝගයෙන් සිටීමයි. යෝග්යුත් දරුවන් වගකීම් බන්ධනයන්ගෙන් සහ මායාගෙන් නිදහස් වේ. සිතේ බන්ධනයක් වත් ඇති නොවේවා. ලෞකික වගකීම් ක්‍රීඩාවක් වන අතර එබැවින් ඔබට මෙම ක්‍රීඩාව සතුටින්, උපදෙස් අනුව ක්‍රීඩා කළ යුතු අතර, එවිට ඔබ කිසි විටෙකත් සුළු කාරණා නිසා වෙහෙසට පත් නොවනු ඇත. ඔබ එය බන්ධනයක් ලෙස සලකන්නේ නම්, ඔබ පීඩාවට පත් වන අතර "කුමක්ද?" සහ "ඇයි?" යන පශ්න මතු වනු ඇත. කෙසේ වෙතත්, පරමාත්ම පියා වගකිව යුතු අතර ඔබ උපකරණයක් පමණි. මෙම අවබෝධයෙන් බැඳීමෙන් නිදහස් වන්න, එවිට ඔබ යෝගයුක්ත වනු ඇත.

පාඨය:
කරන්කරවන්හර් පිළිබඳ අවබෝධය ඇති කර ගෙන මමත්වය සහ අහංකාරය පිළිබඳ අවධානය අවසන් කරන්න.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.

අපවිත්‍රතාවය යනු කෙනෙකුට දුක් දීම හෝ පාපයන් සිදු කිරීම පමණක්ම නොවෙයි, නමුත් අපවිත්‍රතාවය යනු විනයානුකූලව තමන් තුළ සත්‍යය සහ පිරිසිදුකම අත්විදීමයි. මෙවන් කියමනක් තිබෙන සේම: සත්‍යයේ ඔරුව සැලෙන නමුත් එය ගිලෙන්නේ නැත, එබැවින්, විශ්වාසයේ ඔරුව, සත්‍යය සහ අවංකකමයි, මෙය සැලෙන නමුත් ගිලෙන්නේ නැත. එබැවින් සත්‍යයේ එඩිතරකමින් පරමාත්ම දෙවියන්ගේ හෙළිදරව්වට උපකරණයක් වන්න.