20.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, කුරු මෑ අත මිටක්(සුළු වටිනාකමක් ඇති දේ) ඔස්සේ හඹා යමින් ඔබගේ වටිනා කාලය අපතේ නොහරින්න. බාබා දැන් විශේෂයෙන් කුමාරීන් හට කියනවා, ඔහුගේ සහකරුවන් වී බාබාගේ නාමය පතුරුවාලන්න.

ප්‍රශ්නය:
ඔබ මෙම දැනුම මාර්ගයේ ඉදිරියටම යනවා යන්න දැනගත හැකි සංඥා මොනවා ද?

පිළිතුර:
එවැනි දරුවන් නිරන්තරයෙන් සාම දේශයත් සතුටු දේශයත් සිහිකරනවා. ස්මරණ අවස්ථාවේ දී ඔවුන්ගේ බුද්ධිය වෙන කිසිඳු ස්ථානයක් කරා යොමු වෙන්නේ නැහැ. එවැනි ජීවාත්මයන් හට කිසිම අනවශ්‍ය සිතිවිල්ලක් සිතට එන්නේ නැහැ. ඔවුන් දිගින් දිගටම අවධානයෙන්ම සිටින අතර කිසිම අවස්ථාවක නිදි කිරන තත්ත්වයට පත් වන්නේත් නැහැ. ඔවුන්ගේ සන්තෝශයෙහි නැග්ම ඉතා උසස් ස්ථානයකයි තිබෙන්නේ. මේ සෑම දෙයකින්ම පෙනීයන්නේ ඔවුන් සෑම පියවරකදීම දියුණුවට පත් වන බවයි.

ඕම් ශාන්ති.
දරුවනි, ඔබ බොහෝ වේලාවක් තිස්සේ මෙහි අසුන්ගෙන සිටියා. දැන් ඔබ හදවතට දැනෙනවා ඇත්තේ අපි ශිවාගේ කෝවිලට ගොස් ඇති ආකාරයට විය හැකියි. ඉතින් එහිදී ඔබට ශිව බාබාගේ ස්මරණයත් ඒ නව ලෝකයත් දෙකම සිහිපත් වෙනවා. ඔබ සතුට ලබන්නේ මෙම ස්මරණයෙනුයි. ඔබගේ බුද්ධියෙහි ශිවාගේ කෝවිල තුළ සිටිනවා යන හැඟීමක් එනවා නම් ඔබ විශාල සතුටක් අත් දකිනවා. කෙසේවෙතත්, අවසානයේදී ඔබ ශිවාගේ කෝවිල වෙත යනවා. ඔබ කිසිම කෙනෙක් සාම දේශයට වී නිකම් සිටින්නේ නැහැ. කොහොමනමුත්, ඒ සාම දේශය ශිවාගේ කෝවිල ලෙස හැඳින්වුවත් සතුටු දේශයත් ශිවාගේ කෝවිල ලෙස හඳුන්වනවා. බාබා මෙම ස්ථාන දෙකම නිර්මාණය කරනවා: මෙම ස්ථාන දෙකම ශිව බාබාගේම ස්ථානයන් තමයි. දරුවනි, ඔබ මෙම ස්ථාන දෙකම සිහිපත් කළ යුතුයි. ශිවාගේ එක් කෝවිලක් සාමය සඳහා වන අතර අනෙක සතුට සඳහායි. මෙය ඇත්තෙන්ම ශෝක දේශයක්. නමුත් ඔබ දැන් ඉන්නේ සංගම් යුගයේයි. ඔබ ඒ සාම දේශය හා සතුටු දේශය හැර වෙන කිසිම දෙයක් සිහි කළ යුතු වන්නේ නැහැ. ඔබ ව්‍යාපාරයේ යෙදී සිටියත් යම්කිසි හෝ කාර්යයක් කරමින් සිටියත් ඒ සෑම අවස්ථාවකදීම මෙම ශිවාගේ කෝවිල් සිහිපත් කළ යුතුයි. (සාමයේ දේශය හා සතුටේ දේශය) මෙම ශෝක ලෝකය ඔබ සම්පුර්ණයෙන්ම අමතක කොට දැමිය යුතුයි. දරුවනි, ඔබ දන්නවා මේ දුක් ලෝකය, මෙම ගණිකා මඩම දැන් විනාශ වීමටයි යන්නේ කියලා. දරුවනි, ඔබ මෙහි අසුන්ගෙන සිටින විට කිසිම විටෙක නිදිබර ගතියෙන් නොසිටිය යුතුයි. ඔබ බොහෝ දෙනාගේ බුද්ධිය නොයෙකුත් දේ කරා යොමු වෙනවා. මායා ඔබට නොයෙකුත් බාධක ගෙන එනවා. බාබා නැවත නැවතත් කියනවා : දරුවනි, මන්මනාභව්. ඔහු ඔබට මෙය කිරීම සඳහා නොයෙකුත් උපාය මාර්ග පෙන්වා දෙනවා. ඔබ මෙහි අසුන් ගෙන සිටින විට සිතන්න: මා දැන් ඒ සාම දේශයට ශිවාගේ කෝවිලටත් සතුටු දේශයටත් යාමටයි සූදානම් වෙන්නේ. මෙසේ ස්මරණ ශක්තියක් ඔබ තුළ ඇති කර ගත් විට ඔබගේ සෑම පාපයක්ම විනාශ කර දැමිය හැකියි. ඔබ ස්මරණයෙහි යෙදී සිටින තරමටම ඔබගේ දියුණුව ළඟා වෙනවා. ඔබ වෙනයම් දේ සිතමින් මෙහි අසුන් ගෙන සිටින්න එපා. එසේ නැතහොත් ඔබ අන් අයටත් කරදරයක් වනවා. අන් අයට ප්‍රයෝජනවත් අයෙක් වනවා වෙනුවට ඔබ අන් අයට කරදරයක් බවට පත් වෙනවා. මුලදි ඔබ භාවනා කිරිම සඳහා අසුන් ගත් විට ඔබ ඉදිරියෙන් කෙනෙක් සිටිනවා කවුද නිදි කිරන්නේ කවුද ඇස් පියාගෙන ඉන්නේ කියා පරික්ෂා කිරීමට මෙය සෑම කෙනෙක්ම අවධානයට ලක් කිරීමට සමත් වුණා. බාබා පවා පරීක්ෂාවෙන් සිටිනවා කවුද නිදි කිරන්නේ, කාගේ බුද්ධියද සෑම තැනකම දිවෙන්නේ කියා බැලීම සඳහා. කිසිම වැරැද්දක් නොකරන ඉතා හොඳ දරුවන් හට පමණයි ශිව බාබා ඉදිරියට පැමිණිය හැක්කේ. මන්ද, මොහු සාමාන්‍ය ගුරුවරයෙක් නොවන නිසයි. බාබා මෙහිදී ඔබට උගන්වනවා. ඔබ මෙහි අසුන්ගෙන සිටින විට බොහෝ සැළකිල්ලෙන් සිටිය යුතුයි. බාබා විනාඩි පහළොවක් යනතුරු ඔබ නිශ්ශබ්දතාවයේ තබනවා. නමුත් ඔබ නම් පැයක් හෝ පැය දෙකක් හෝ නිශ්ශබ්දතාවයෙන් සිටිය යුතුයි. ඔබ සියලුම දෙනා මහා රාතීන් නොවන නිසා දුර්වල අය මේ ගැන සැළකිලිමත් විය යුතුයි. ඔවුන් එසේ සැළකිලිමත් වූ විට නැවතත් අවදි වෙනවා. මඳ වේලාවකට ස්මරණයේ යෙදී සිටිනවා වෙනුවට ඔවුන් නොයෙකුත් අනවශ්‍ය සිතිවිලි ගනිමින් සිටිනවා. ඔවුන්ගේ බුද්ධිය නොයෙකුත් ස්ථාන කරා ඇදී යනවා කියන්නේ ඔවුන් විසින්ම නොයෙකුත් බාධා ඇති කර ගැනීමයි. මහරාතීනුත් අශ්ව සේනාවනුත් පාබල සේනාවනුත් සියලුම දෙනා මෙහි අසුන් ගෙන සිටිනවා. බාබා අද මෙහි පැමිණ සිටින්නේ මෙම දැනුම් සාගරය හොඳින් ආවර්ජනය කිරීමෙන් පසුවයි: කෞතුකාගාරයෙහිත් ප්‍රදර්ශන වලදීත් ඔබ මේ තුනම පෙන්වනවා ශිවාගේ කෝවිල, මෙම ශෝක ලෝකය නම් වූ ගණිකා මඩම‚ ඒ වගේම සංගම් යුගය. මේ සියලුම දේ විස්තර කිරීම ඉතා හොඳයි. මෙම අනුරූප සියල්ලක්ම විශාල ලෙස තැනිය යුතුයි. මේ අනුරූ සඳහා විශාල ශාලාවකුත් ඔබට තිබිය යුතුයි. එවිට මිනිසුන්ගේ බුද්ධියට මෙය ඉතා ඉක්මනින් හොඳින් වදිනවා. දරුවනි, ඔබ විසින් තවත් දියුණු කළ හැකි ක්‍රියා මාර්ග සිතිය යුතුයි. මෙම සංගම් යුගයේ අනුරුව ඔබ ඉතා අලංකාර ලෙස තැනිය යුතුයි. එවිට මිනිසුන්ට ඒ ගැන හොඳ විස්තරයක් දිය හැකියි. මිනිසුන් පස් දෙනෙකු හෝ හය දෙනෙකු භාවනා කරමින් සිටින ආකාරය ඔබ එහි පෙන්වනවා. නමුත් එහි දහයක් හෝ පහළවක් පෙන්විය යුතුයි. විශාල රූප මේ සඳහා යොදා ගත යුතු අතර එහි පැහැදිලිව විස්තර ද ලියා තැබිය යුතුයි. ඔබ ඔවුන්ට විස්තර කර දීම සඳහා බොහෝ උත්සාහ දරනවා. නමුත් බොහොම ස්වල්ප දෙනෙක් තමයි එය තේරුම් ගන්නේ. ඔබ කොපමණ උත්සාහ කළත් ඔවුන් තුළ දැන් ඇත්තේ ගල් බුද්ධියක් නිසා හැකි පමණ පැහැදිලිව ඒවා විස්තර කර දිය යුතුයි. සේවයෙහි නිරත වී සිටින අය සිතතවා කොහොමද මෙම සේවය තවත් දියුණු කරන්නේ කියලා. මෙම කෞතුකාගාරයේ තිබෙන ආකාරයට විස්තර වෙන තරමක් ප්‍රොජෙක්ටරයෙන් පෙන්වන දෙයින් සිදු වන්නේ නැහැ. කුඩා එකක් වුවත් කෞතුකාගාරය තමයි නියම ස්ථානය. එක් කාමරයක ශිවාගේ කෝවිලත් මෙම දුක් ලෝකයත් සංගම් යුගයත් පෙන්විය හැකියි. මේවා හොඳින් පැහැදිලි කිරීමට ඔබට හොඳ පරිණත බුද්ධියක් තිබිය යුතුයි. ඒ අසීමිත පියා. අසීමිත ගුරුවරයා පැමිණ සිටිනවා. නමුත් දරුවන් එම්. ඒ. විභායවත් බී.ඒ. විභාගයවත් සමත් වන තුරු ඔහු බලා සිටින්නේ නැහැ. ඉතා කෙටි කාලයකින් ඔහු නිවස කරා යනවා. දැන් ඉතා කෙටි කාලයක් ඉතිරිව තිබුණත් මිනිසුත් තවමත් අවදි වී නැහැ. හොඳ දූවරුන් කියනවා: ඇයි මම රුපියල් හාර පන්සියයක් වෙනුවෙන් මගේ කාලය අපතේ හරින්නේ. ඒ මගින් මම ශිවාගේ කෝවිලෙහි ලබන තත්ත්වය කුමක්ද? (සත් යුගයේදී) බාබා දකිනවා කුමාරින් නිදහසේ සිටිනවා කියලා. ඔබගේ පඩිය කෙතරම් විශාල වුවත් එහි කුරු මෑ අත මිටකවත් වටිනාකමක් නැහැ. මෙහි තිබෙන සියලුම දේ විනාශ වීමටයි යන්නේ: කිසිම දෙයක් ඉතිරි වන්නේ නැහැ. බාබා ඔබව මෙම කුරු මෑ අත මිටින් මුදවා ගැනීමට පැමිණ සිටිනවා. නමුත් ඔබ එය අත් හරින්නේම නැහැ. එක් අතක ඔබ ළඟ කුරු මෑ අත මිටකුත් අනෙක් අතේ නව ලෝකයත් තිබෙනවා. මිනිසුන් ඒ කුරු මෑ අත මිටක් වත් නොවටිනා මුදල් පසුපස හඹා යමින් බොහෝ පීඩාවට පත් වෙනවා. ඔබ වැනි කුමාරින් මෙයින් නිදහස්: එම අධ්‍යාපනයෙහි කිසිම වටිනාකමක් නැහැ. ඔබ එම අධ්‍යාපනය නවතා මෙම අධ්‍යාපනය දිගින් දිගටම කර ගෙන ගියහොත් ඔබගේ බුද්ධිය විවෘත වේවි. එවැනි තරුණ කුමාරින් දැන් බාබා පැමිණ ශිවාගේ කෝවිලෙහි දොරටුව විවෘත කරන බවත් මහළු අයට කියා දිය යුතුයි. ඔබ දන්නවා මෙහි තිබෙන සියලුම දේ දැන් දූවිලි බවට පත් වීමට යනවා කියා. අනාගතයේදී නම් ඔබට මේ කුරු මෑ ස්වල්පයවත් ඉතිරි වන්නේ නැහැ. සමහරුන්ගේ අත් මිට තුළ කුරු මෑ ඇට පහක් පමණ තිබිය හැකියි. ඒ කියන්නේ පන්දහසක් පමණ තිබිය හැකියි නමුත් අවසානයේ එයත් විනාශයට ලක් වෙනවා. දැන් ඔබට බොහොම කෙටි කාලයයි ඉතිරි වී තිබෙන්නේ. දවසින් දවස ලෝකයේ තත්ත්වය නරක අතට හැරෙනවා. එක් ක්ෂණයකින් නොයෙකුත් ව්‍යසන පැමිණ මිනිසුන් නැති කරන තත්ත්වයක් උදා වෙනවා. ඔබ කුරු මෑ අත මිට අතෙහි රඳවා ගෙනම ශරීරය අත් හැරීමට සිදු වෙනවා. එමනිසා, ඔබ එවැනි වඳුරු ගතිගුණ තවමත් ඇති මිනිසුන් හට ගැලවීම ලබා දිය යුතුයි. මෙම කෞතුකාගාරය දෙස බලාම ඔබ තෘප්තිමත් නොවිය යුතුයි. ඔබ පුදුම සහගත වැඩ කරමින් මිනිසුන් නිවැරදි කළ යුතුයි. දරුවනි, බාබා ඔබට මෙම ලෝක අධිරාජ්‍යය ලබා දෙනවා. කිසිම කෙනෙකුගේ වාසනාව තුළ මෙම මෑ ඇට ඉතිරි වන්නේ නැහැ. සියලුම දේ දැන් විනාශ වීමටයි යන්නේ. ඉතින් ඒ වෙනුවට ඔබ බාබාගෙන් ඔබගේ රාජ්‍යය ලබා නොගන්නේ ඇයි? මෙහි කිසිම අපහසුතාවයක් නැහැ. බාබා පමණක් සිහි කර ඔබගේ ස්වදර්ශන චක්‍රය කරකවන්න. ඔබගේ අත් කුරු මෑ වලින් නිදහස් කර රත්රන් හා මුතු මැණික් වලින් පුරවාගෙන යන්න. ඔබත් සමග සසඳන විට අගාඛාන් කිසිම දෙයකින් තොර කෙනෙක්. ඔවුන් තාවකාලික කාලයක් සඳහා පමණයි සතුටින් ජීවත් වෙන්නේ. බාබා අහනවා : සුමිහිරි දරුවනි, ඇයි ඔබ මේ පුංචි කාරනා වෙනුවෙන් ඔබගේ කාලය අපතේ හරින්නේ? ඔව්, දරුවන් සිටින වැඩිහිටි අය ඔවුන් රැකබලා ගත යුතුයි. කොහොමනමුත්, කුමාරින් හට නම් එන ඕනෑම අයෙකුට විස්තර කර දෙන්න පුළුවන්. බාබා අපට මෙම රාජ්‍යය ලබා දෙනවා එය ලබා ගන්න කියා. ඔබගේ දෑත් දැන් රන් මුතු වලින් පිරී යනවා. අන් සියලුම දේ විනාශ වීමටයි යන්නේ. බාබා ඔබට විස්තර කර තිබෙනවා උපත් හැට තුනක් තිස්සේ ඔබ පාප ක්‍රියා කරමින් සිටියා කියලා. එසේ කළ එක් පාපයක් තමයි බාබාත් දේවී දේවතාවනුත් අප්‍රසිද්ධියට ලක් කිරීම. ඔබ එසේ පාපකාරී වී ඔවුන් අප්‍රසිද්ධියට ලක් කළා. ඔබ බොහෝ සෙයින් බාබා අප්‍රසිද්ධියට ලක් කළා. බාබා මෙහි අසුන් ගෙන ඔබට කියනවා : දරුවනි, ඔබ කාලය අපතේ නොහැරිය යුතුයි. ඔබ කිසිම විටෙක කියන්න හොඳ නැහැ: බාබා, මට ඔබ සිහි කරන්න බැහැයි කියලා. ඔබ කිව යුත්තේ: බාබා, මට මා ජීවාත්මයක්ය යන සිතිවිල්ලෙන් නිරන්තරයෙන් සිටීමට බැහැ; මට මා අමතක වෙනවා. ඔබ ගැන අමතක කර දමනවා කියන්නේ ශරීර අවධානයට පත් වීමයි. ඔබ ජිවාත්මයක් ලෙස ඔබට සිතිය නොහැකි නම් ඔබ බාබා සිහි කරන්නේ කෙසේද? මෙම ඉලක්කය ඉතා උසස් ඉලක්කයක් වුවත් එය ඉතා පහසු දෙයක්. කොහොමනමුත්, මායා ඔබට විරුද්ධකම් කිරීම සැබෑවක්. මිනිසුන් ගීතාව අධ්‍යයනය කරනවා, නමුත් ඔවුන් ඒ කිසිම දෙයක වැදගත්කමක් තේරුම් ගන්නේ නැහැ. භාරතයේ ප්‍රධානම ග්‍රන්ථය තමයි ගීතාව. සෑම ආගමකටම එයට විශේෂ වූ ග්‍රන්ථයක් තිබෙනවා. ආගමක් ප්‍රචාරය කරන කෙනෙක් සත් ගුරු කෙනෙක් ලෙස හැඳින්විය නොහැකියි. සත් ගුරුවරුන් එක් අයෙක් පමණයි සිටිය හැක්කේ. නමුත් බොහෝ දෙනා ඔවුන් ගුරුන් ලෙස හඳුන්වනවා. සමහරු වඩු වැඩ උගන්වනවා. ඉංජිනේරු විෂය උගන්වනවා. ඔවුන් ගුරුන් ලෙස හැඳින් විය හැකියි. යමක් උගන්වන ඕනෑම කෙනෙක් ගුරු කෙනෙක් ලෙස හැඳින්විය හැකියි. කොහොමනමුත්, සත් ගුරුවරුන් සිටිය හැක්කේ එක් අයෙක් පමණයි. ඔබ දැන් ඒ සත් ගුරු හමු වී තිබෙනවා; ඔහු සත්‍ය පියා වන අතර සත්‍ය ගුරුවරයාත් වනවා. මේ නිසා තමයි දරුවන් වැරදි නොකළ යුත්තේ. ඔබ මෙතැනින් යන විට හොඳ ප්‍රාණවත් අයෙක් ලෙස යා යුතුයි. කොහොමනමුත්, සමහරු ගෙදර යනවිට මේ සියලුම දේ අමතක කර දමනවා. ජිවාත්මයන් ගර්භාශයේ සිටින විට බොහෝ සෙයින් දඬුවම් ලබනවා. සත් යුගයේදී නම් ගර්භාෂය මාළිගාවක් වගෙයි. ඔබ කිසිම පාපයක් නොකරන නිසා මෙම දඩුවම් ලැබිය යුතු වෙන්නේ නැහැ. මෙහිදී දරුවන් සියලුම දෙනා දන්නවා බාබා සමඟ ඔබ පෞද්ගලිකවම ඉගෙන ගන්නවා කියලා. ඔබ කිසිම කෙනෙක් මෙය පිටදී හෝ නිවසෙහි දී හෝ කියන්නේ නැහැ. ඔබ මෙහිදී කෙලින්ම බාබා වෙත පැමිණ සිටිනවා. බාබා සෑම දෙයක්ම ඉතා පැහැදිලිව දරුවන් හට කියා දෙනවා. බාබා විස්තර කරන ආකාරයේත් දරුවන් විස්තර කරන ආකාරයේත් වෙනසක් තිබෙනවා. දරුවනි, බාබා ඔබට අනතුරු අඟවනවා. ඔහු ඔබට "දරුව" කියා ආමන්ත්‍රණය කරනවා. ඔබ ශිවාගේ කෝවිල කියන්නේ කුමක්ද, මෙම ශෝක ලෝකය කියන්නේ කුමක්ද කියා දන්නවා. මෙය අසීමිත වූ දෙයක්; මිනිසුන්ට මෙය පැහැදිලිව පෙන්වන්න, ඔවුන් එය ආස්වාදය කරයි. කොහොමනමුත්, විහිළුවක් ලෙස මෙය විස්තර කර දෙන්න එපා. පැහැදිලිව කියා දෙන්න. එවිට ඔවුන් එය හොඳින් තේරුම් ගනීවි. ඔවුන්ට කියන්න: ඔබ ඔබටම අනුකම්පා කරන්න. ඔබට මෙම දුක් ලෝකය නම් වූ ගණිකා මඩමටම වී සිටින්ට කැමතිද? බාබා නැවත නැවතත් මේ ගැන සිහිපත් කරනවා. ඔහු කල්පනා කරන්නේ වෙන කුමන ආකාරයක්ද මෙය විස්තර කිරීමට ඇත්තේ කියලයි. ඔබ කෙතරම් උත්සාහ කළත් බොහොම පුංචි ගල් කැට ස්වල්පයක් පමණයි ඔබගේ පෙට්ටියෙහි (බුද්ධියෙහි) තිබෙන්නේ. ඔවුන් නැවත නැවතත් කියනවා, "ඔව්, ඔව් එය බොහොම හොඳයි. ඔබ ගම්මාන වලට ගොස් මෙය විස්තර කර දිය යුතුයි". නමුත්, ඔවුන්ටත් මෙය හරි හැටි තේරෙන්නේ නැහැ. ධනවත් මිනිසුන් මෙය තේරුම් ගන්නේ නැහැ. ඔවුන් මේ කරුණු පිළිබඳව කිසිදු අවධානයක් යොමු කරන්නේත් නැහැ. අවසානයේ ඔවුන් මෙහි පැමිණෙන විට කාලය ගත වී හමාරයි. ඔවුන් උපයන ලද මුදල් වලිනුත් එවිට කිසිම ප්‍රයෝජනයක් අත් වන්නේත් නැහැ. ඔවුන්ට මෙම ස්මරණයෙහි පවා යෙදීමට අපහසුයි. කොහොමනමුත්, ඔව්, ඔවුන් මෙයට ඇහුම්කත් දුන්නොත් සේවකයෙක් බවට පත් විය හැකියි. දුප්පත් අයට ඉතා උසස් තත්ත්වයන් හිමි කර ගත හැකියි. කන්‍යාවන් හට තිබෙන්නේ මොනවාද? කන්‍යාවන් තමයි දිළිඳු අය ලෙස හඳුන්වන්නේ මන්ද, පුතුන් හට පියාගෙන් උරුමය ලැබුණ ද ඔවුන් එසේ නොලබන නිසයි. එවැනි කන්‍යාවන් අන් අයට භාර කරනවා. ඉන්පසු ඇය පාපයෙහි ගැලෙනවා. ඔවුන් කියනවා, ඔබ එසේ විවාහ වුවහොත් ඔබට මුදල් ලැබෙනවා කියලා. කොහොමනමුත්, ඔබට පාරිශුද්ධත්වයෙන් සිටීමට අවශ්‍ය වුවහොත් ඔවුන් ඔබට කිසිම මුදලක් දෙන්නේ නැහැ. මිනිසුන්ගේ ආකල්ප කොහොමද කියලා බලන්න. ඔබ කිසිම කෙනෙකුට බිය විය යුතු නැහැ. ඔබ විවෘතවත් ක්‍රියාශීලීවත් සත්‍යය හෙළිදරව් කළ යුතුයි. ඔබ තමයි සම්පුර්ණ සත්‍යය හෙළි කරන එකම අය. මෙය තමයි සංගම් යුගය. එක් අතකින් මෑ ඇටත් අනෙක් අතින් දියමන්තිත් ඔබ විසින් රැගෙන සිටිනවා. ඔබ දැන් වඳුරු ගති ඇත්තෙකුගෙන් කෝවිලක වාසය කරන්නෙක් ආකාරයට වෙනස් වෙනවා. දියමන්තියක් ලෙසින් වටිනා වූ ජීවිතයක් ලැබීමට ඔබ දැන් උත්සාහ කළ යුතුයි. ඔබගේ මුහුණ සිංහ රැජිණකගේ මෙන් නිර්භීත විය යුතුයි. සමහරුන්ගේ මුහුණු හොල්මන් වගෙයි. ඔවුන් පුංචි ශබ්දයකින් පවා බිය වෙනවා. එමනිසා තමයි බාබා දැන් ඔබට සැළකිලිමත් වෙන්න කියන්නේ. කන්‍යාවන් කිසිම දෙයකට ගොදුරු නොවිය යුතුයි. ඔබ යම් දෙයකට ගොදුරු වුවහොත් එම පාපය නිසා ඔබ බැට කෑ යුතුයි. මෙම දැනුම හොඳින් ධාරණය කර ගැනීමෙන් ඔබට මෙම ලෝකයේ උසස් රැජිණක් බවට පත් විය හැකියි. කොහොමනමුත්, සමහරුන්ට මෙම වාසනාව නැහැ. බාබා තමයි සියලුම දෙනාගෙන්ම දිළිඳුම තැනැත්තා: කන්‍යාවනුත් එලෙසමයි. දෙමව්පියන්ට ඔවුන්ගේ දරුවා විවාහ කර දීමට නොහැකි වූ විට ඔවුන් ඇය අත් හැර දමනවා. එමනිසා, ඔබගේ කුල්මත් බව දැන් හොඳින් වැඩිය යුතුයි. ඔබ හොඳින් ඉගෙන ගෙන හොඳ ස්ථානයක් අත් කර ගත යුතුයි. හොඳ දරුවන් ඉතා හොඳින් පාඩම් කර විභාග සමත් වන්නේ ගෞරවයෙන් සමත් වීමටයි. එවැනි දරුවන් හට තමයි ශිෂ්‍යත්වයක් හිමි වන්නේ. ඔබ දැන් කරන උත්සාහය අනුව උපත් 21ක් සඳහා උසස් තත්ත්වයක් ලබනවා. මෙහිදී ඔබට තිබෙන්නේ තාවකාලික සතුටක් පමණයි. අද ඔබ හොඳ තත්ත්වයක් ලබනවා; නමුත් හෙට ඔබට සියලුම දේ නැති වී යනවා. යෝගී කෙනෙකුගේත් භෝගී කෙනෙකුගේත් (ඉන්ද්‍රිය වින්දනය ලබන කෙනෙක්) විශාල වෙනසක් තිබෙනවා. එමනිසා, බාබා කියනවා: දිළිඳු අයට හොඳින් අවධානය යොමු කරන්න. ධනවත් අය බොහෝ විට කිසිම දෙයක් ලබා ගන්නේ නැහැ. ඔවුන් කියන්නේ: ඔව් මෙය හොඳයි; මෙම සංවිධානය හොඳයි, සෑම දෙනෙක්ම මෙයින් ප්‍රයෝජන ලබයි යනාදී වශයෙනුයි. ඔවුන් ඔවුන්ටම ප්‍රයෝජනයක් ගෙන එන්නේ නැහැ. මෙහිදී ඔවුන් සෑම දෙයටම හොඳයි කියනවා. නමුත්, ඔවුන් පිටට ගිය කළ සියලුම දේ අමතක වී යනවා. මායා ඔවුන් එනතුරු පොල්ලකුත් සමඟ බලා සිටිනවා, ඇය ඔවුන් තුළ තිබෙන සම්පූර්ණ උද්යෝගය නැති කර දමනවා. ඇය විසින් එක් පහරක් පමණයි දිය යුත්තේ, එවිට ඔවුන් තුළ ඇති සියලුම ඥාණය අවසානයට පත් වෙනවා. බාබා විස්තර කරනවා : දැන් භාරතයේ තත්ත්වය බලන්න, එයට සිදු වී ඇති දෙය බලන්න! දරුවනි, ඔබ මෙම නාටකය හොඳින් තේරුම් ගෙන තිබෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අත් මිටක් තුළ ඇති කුරු මෑ (මෙම දුක් ලෝකය) තුළින් නිදහස් වී නිවැරදි උත්සාහය සිදු කොට ඔබගේ රාජ්‍යය බාබාගෙන් ලබාගන්න. ඔබ කිසිම දෙයකට බිය විය යුතු නැහැ. නිර්භයව සියලුම බැඳීම් වලින් නිදහස්ව සිටින්න. සත්‍ය ආදායමක් උපයාගැනීම සදහා ඔබගේ කාලය වටිනා අන්දමින් භාවිත කරන්න.

2. මෙම දුක් ලෝකය අමතක කර දමා ශිවාගේ කෝවිල(සාම දේශය) සිහි කරන්න. එයින් අදහස් කරන්නේ සාම දේශයත් සතුටු දේශයත් සිහි කරන්න යන්නයි. මායා මඟින් එන සියලුම බාධක හඳුනාගෙන ඒවාට පියවර ලබාගන්න.

වරදානය:
ගීතාවේ පාඩම් ඉගෙන ගනිමින් අන් අයටත් උගන්වා ඔබ සියලු බන්ධන දමනය කර ස්මරණයේ ප්‍රතිමුර්තියක් වේවා.

ගීතාවේ පළමු පාඩම නම්: අශාරීරික ජීවාත්මයක් වන්න. අවසන් පාඩම නම්: සියලු බන්ධන දමනය කර ස්මරණයේ ප්‍රතිමුර්තියක් වන්න. පළමු පාඩම ක්‍රමවේදය වන අතර අවසන් පාඩම එම ක්‍රමවේදයේ ප්‍රතිඵලය වේ. ඉතින් එමනිසා, පළමුවෙන්ම සෑම මොහොතකදීම මෙම පාඩම් හොඳින් තමා අධ්‍යයනය කර අන් අයටත් උගන්වන්න. ඔබ කරන උසස් ක්‍රියා දැක, අන් සෑම ජීවාත්මයක්ම උසස් ක්‍රියා කර තම වාසනාව උසස් කර ගැනීමක් සිදු වන ආකාරයේ උසස් ක්‍රියා සිදුකරන්න.

පාඨය:
පරමාත්ම දේව සෙනෙහසේ කිමිදී සිටීන්න. එවිට ඔබට වෙහෙස වී වැඩ කිරීමට සිදු නොවනු ඇත.