20.06.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියාගෙන් සෙනෙහස ලබා ගැනීම පිණිස, ජීවාත්ම අවධානයෙන් අසුන් ගන්න. ඔබට පියාගෙන් ඔබගේ දිව්‍යලෝකයේ උරුමය ලැබෙනවා, යන ප්‍රීතියෙන් රැඳී සිටින්න.

ප්‍රශ්නය:
සුරංගනාවන් බවට පරිවර්ථනය වීම සඳහා, සංගම යුගයෙදී ඔය බ්‍රහ්මණයින් දරන අදෘෂ්‍යමාන උත්සාහය කුමක්ද?

පිළිතුර:
පාරිශුද්ධව රැඳී සිටීමේ අප්‍රසිද්ධ උත්සාහය ඔය බ්‍රහ්මණයින් දැරිය යුතුයි. සංගම යුගයෙදී බ්‍රහ්මාගේ ඔය දරුවන්, සහෝදර සහෝදරියන්ය. සහෝදර සහෝදරියන්හට එකිනෙකා කෙරෙහි අපවිත්‍ර ද්‍රිෂ්ඨියක් තිබිය නොහැක. සැමියා සහ භාර්යාව, එකට ජීවත් වන අතර, තමන් බ්‍රහ්ම කුමරියක් සහ බ්‍රහ්ම කුමරෙක් බව සළකන්න. මෙම අවධානය තිබීමෙන්, ඔබ සම්පූර්ණයෙන්ම පිවිතුරු වී, ඉන්පසුව සුරඟනාවන් බවට පත් වෙයි.

ඕම් ශාන්ති.
සුමිහිරිතම දරුවනි, මෙතැන අසුන්ගෙන සිටියදී, තමන් ජීවාත්ම බව සළකන්න. ඔය දරුවන් මෙම රහස අන් අයටත් විස්තර කර දිය යුතුයි. ඔය දරුවන් මෙතැන ජීව අවධානයෙන් අසුන් ගෙන සිටින විට, ඔබට පියා කෙරෙහි සෙනෙහස ඇති වෙයි. බාබා අපට රාජයෝගාව උගන්වනවා. අප බාබාගෙන් අපගේ දෙව්ලොව උරුමය හිමි කරගන්නවා. දවස පුරාම මෙම සිහිපත් කිරීම තබාගැනීමට, උත්සාහයක් අවශ්‍යයි. ඔබට මෙය නැවත නැවතත් අමතක වන නිසා ඔබගේ සතුටේ රසදිය කඳ බාලවෙයි. බාබා ඔබට අනතුරු අඟවයි දරුවනි, ජීවාත්ම අවධානයෙන් මෙතැන අසුන්ගන්න. තමන් ජීවාත්ම බව සලකන්න. දැන් මෙම හමුවීම, ජීවාත්ම සහ උත්තරීතර ජීවාත්මය අතරයි. මෙම හමුවීම මින් පෙරද සිදු විය. එය සිදුවූයේ කවදාද? එය කලි යුගයේ අවසානයේ සහ ස්වර්ණමය යුගයේ ආරම්භය අතර සංගමයෙදී අනිවාර්යෙන්ම සිදු වන්නට ඇති. අද බාබා ඔය දරුවන්ට මාතෘකාවක් විස්තර කරදීමට යනවා. ඔබ අනිවාර්යෙන්ම මාතෘකාවක් ගත යුතුයි. උසස්ම උසස් කෙනා දෙවියන්ය. එවිට ඔබ පහළට පැමිණෙන විට, බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් සිටියි පියා සහ දේවතාවන්. ශිවා සමඟ, බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ගේ සම්බන්ධතාවය කුමක්ද කියා මනුෂ්‍යයින් නොදනී. කිසිම කෙනෙක් ඔවුන්ගේ ජීවිත කතා නොදනී. ත්‍රිමූර්තියේ පිංතූරය ඉතා සුප්‍රසිද්ධයි. මේ තුන්දෙනා දේවතාවන්ය. කෙසේවෙතත්, තිදෙනෙකුගේ පමණක් ආගමක් තිබිය නොහැක. ආගමක් විශාල සංඛ්‍යාවකගේය - දේවතා ධර්මය. ඔවුන් සූක‍්ෂම දේශයේ වැසියන්ය. ඔවුන්ට ඉහළින් සිටින්නේ ශිව බාබායි. ප්‍රධාන අය වන්නේ බ්‍රහ්ම සහ විෂ්ණුයි. පියා විස්තර කර දෙයි බ්‍රහ්මා, විෂ්ණු වූ අන්දම සහ විෂ්ණු, බ්‍රහ්මා වූ අන්දම, යන මාතෘකාව ගැන ඔබ දැනගත යුතුයි. ඔබ ශුද්‍රයන්ගෙන් බ්‍රහ්මණයන් බවට පරිවර්ථනය වී, බ්‍රහ්මණයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වන බව පවසන අන්දමින්ම, ඔවුන්ටත් එසේමය. පළමුවෙන්ම බ්‍රහ්මා, විෂ්ණු බවට පත් වන අතර, ඉන්පසුව, විෂ්ණු, බ්‍රහ්මා බවට පත් වෙයි. ඔවුන් කියන්නේ ජීවය, උත්තරීතර ජීවය බවත්, උත්තරීතර ජීවය, ජීවය බවත් කියාය. එය වැරදියි. එය එසේ විය නොහැක. එබැවින් මෙම මාතෘකාව ඉතා පැහැදිලිව විස්තර කරන්න. ඇතැම් අය පවසන්නේ, දෙවියන්, ක්‍රිෂ්ණාගේ සිරුරට ඇතුළු වූ බව කියාය. ඔහු, ක්‍රිෂ්ණාගේ ශරීරයේ පැමිණියේ නම්, බ්‍රහ්මාට රඟපෑමට චරිත කොටසක් නොතිබෙනු ඇත. ක්‍රිෂ්ණා, ස්වර්ණමය යුගයේ පළමුවන රජකුමරාය. ඔහු, පැමිණ පිවිතුරු කිරීමට, එහි අපවිත්‍ර අය සිටින්නේ කෙසේද? එය සම්පූර්ණයෙන්ම වැරදියි. සේවයට ලැදි මහාරතී දරුවන්ට පමණයි මෙම දේවල් වැටහෙන්නේ. වෙනත් කිසිම කෙනෙකුගේ බුද්ධියේ මෙය තැන්පත් වන්නේ නැත. ’බ්‍රහ්මා, විෂ්ණු වන අන්දම සහ විෂ්ණු, බ්‍රහ්මා වන අන්දම‘ යන මාතෘකාව නොම්මර එකේ එකක්ය. ඔවුන්ට සම්බන්ධතාවයක් තිබෙන නිසා, ඔහුගේ ජීවිත කතාව කිව යුතුයි. ඔබ ආරම්භ කළ යුත්තේ එසේය. බ්‍රහ්ම, තත්පරයකදී විෂ්ණු බවට පත් වෙයි. විෂ්ණුට, බ්‍රහ්ම වීම සඳහා, උපත් 84ක් ගත වෙයි. මෙය ඉතා හොඳින් වටහා ගත යුතු දෙයක්. ඔබ දැන් අයත් වන්නේ බ්‍රහ්මණ වංශයටයි. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ බ්‍රහ්මණ වංශය ගියේ කොහාටද? ප්‍රජාපිතා බ්‍රහ්මාගේ නව ලෝකය අවශ්‍යයි. නව ලෝකය, ස්වර්ණමය යුගයයි. ප්‍රජාපිතා බ්‍රහ්මා එහි නොසිටියි. ප්‍රජාපිතා බ්‍රහ්මාට, කලි යුගයේද සිටිය නොහැක. ඔහු සිටින්නේ සංගම යුගයේය. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේය. ඔබ ශුද්‍රයන්ගෙන් බ්‍රහ්මණයන් බවට පත් වී ඇත. පියා, බ්‍රහ්මාව දරුකමට හදාගෙන ඇත. ශිව බාබා මෙම කෙනාව නිර්මාණය කළ අන්දම ගැන කිසිවෙක් නොදනී. ත්‍රිමූර්තියේ, නිර්මාණකරු වන ශිවාගේ පිංතූරය, නොමැති බැවින්, උසස්ම උසස් කෙනා වන්නේ දෙවියන් බවත්, අන් සියල්ලම ඔහුගේ නිර්මාණය බවත් ඔබ දැන ගන්නේ කෙසේද? බ්‍රහ්මණ සමාජය සිටින්නේ මෙහිය. එබැවින් නිසැකයෙන්ම ප්‍රජාපිතා අවශ්‍ය වන්නේ මෙහිය ඔහුට කලි යුගයේ සිටිය නොහැක. ඔහුට ස්වර්ණමය යුගයේද සිටිය නොහැක. මෙසේ සිහි කර ඇත ’බ්‍රහ්මණයින් සහ දේවතාවන්ට නමස්කාර වේවා.‘ එම බ්‍රහ්මණයින් අයත් වන්නේ කොහාටද? ප්‍රජාපිතා බ්‍රහ්මා අයත් වන්නේ කොහාටද? ඔහු අයත් වන්නේ සංගම යුගයට බව, නිසැකයෙන්ම කියනු ඇත. මෙය වඩාත්ම ශුභදායක වූ සංගම යුගයයි. කිසිම ග්‍රන්ථයක මෙම සංගම යුගය ගැන සඳහන් කර නැත. මහා භාරත යුද්ධයද සිදු වූයේ, ස්වර්ණමය යුගයේදිවත් කලි යුගයේදිවත් නොවෙයි, සංගම යුගයෙදීය. පාණ්ඩවයන් සහ කෞරවයන් සිටින්නේ සංගම යුගයේය. පාණ්ඩවයන් වන ඔබ අයත් වන්නේ සංගම යුගයට වන අතර කෞරවයන් අයත් වන්නේ කලි යුගයටයි. දෙවියන්ගේ වදන් ගීතාවේ ලියා ඇත. පාණ්ඩවයන්, දේවතා සමාජය, ඔබයි. ඔබ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන් වී තිබේ. ඔබගේ වන්දනා ගමන ආධ්‍යාත්මිකයි. ඔබ සංචාරය කරන්නේ ඔබගේ බුද්ධියෙනුයි. පියා පවසන්නේ තමන් ජීවාත්ම බව සලකන්න. සිහිපත් කිරීමේ වන්දනා ගමනේ සිටින්න. මිනිසුන් භෞතික වන්දනා ගමන් වල ගොස් ඉන්පසුව ආපසු නිවෙස් වලට පැමිණෙයි. එම වන්දනා ගමන් චක්‍රයෙන් භාගයක්ම සිදු විය. මෙම සංගම් යුග වන්දනා ගමනේ ඔබ යන්නේ එක් වරක් පමණයි. ඔබ ආපසු එම උඩ ඉහළ නිවසට ගිය පසු, ඔබ නැවතත් මෙම මරණයේ දේශයට නොපැමිණෙයි. පිවිතුරු වීමෙන් අනතුරුව, ඔබ පාරිශුද්ධ ලෝකයට ඇතුළු වෙයි. මේ නිසයි ඔබ දැන් පිවිතුරු වන්නේ. ඔබ දැන් අයත් වන්නේ බ්‍රහ්මණ සමාජයට බව ඔබ දන්නවා. ඉන්පසුව ඔබ දේවතා සමාජය, විෂ්ණුගේ සමාජය බවට පත් වෙයි. ස්වර්ණමය යුගයේ දේවතාවන් අයත් වන්නේ විෂ්ණුගේ සමාජයටයි. එහි අත් සතරක් ඇති විෂ්ණුගේ පිළිරුව තිබේ, එය විෂ්ණුගේ සමාජය බව එයින් හඳුනාගත හැක. මෙහි, රාවනගේ පිළිරුව ඇති අතර, මෙය රාවනගේ සමාජය බව එම සංඛේතයෙන් පෙන්වයි. ඔබ මෙම මාතෘකාව ගැන කතා කරන විට, මිනිසුන් විශ්මයට පත් වෙයි. ඔබ දැන් දේවතාවන් වීම සඳහා, රාජයෝගාව ඉගෙන ගන්නවා. ඔය බ්‍රහ්මිණ්වරුන්, බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් දරුවන්ය. ඔබ ශුද්‍රයන්ගෙන් බ්‍රහ්මණයන් බවට පත් වී ඇත ඔබව දරුකමට හදාගෙන ඇත. ඔබ මෙහි බ්‍රහ්මණයන් වන අතර, ඉන්පසුව ඔබ මෙහි දේවතාවන් වෙයි. රජ පෙළපතක් පවතින්නේ මෙහි පමණයි. රාජධානියකට, රජ පෙළපතක් යැයිද කියයි. විෂ්ණුගේ රජ පෙළපත තිබේ. බ්‍රහ්මණයින්ගේ රජ පෙළපතක් තිබේ යැයි කිව නොහැක. රාජධානි කිහිපයක්, එකකට පසු තව එකක් දිගින් දිගටම පැවතෙන විට, එයට රජ පෙළපතක් යැයි කියයි. ඔය දරුවන් දැන් බ්‍රහ්මිණ් වංශයේ සැරසිල්ල බව ඔබ දන්නවා. ඉන්පසුව ඔබ දේවතාවන් බවට පත් වෙයි. ඔය බ්‍රහ්මණයින් විෂ්ණු වංශයට ඇතුළු වෙයි. විෂ්ණුගේ වංශයෙන් ඔබ සටන්කාමී, චන්ද්‍ර රජ පෙළපත් වංශයටත් ඉන්පසුව වෛශ්‍ය වංශයටත්, අවසානයේදී ශුද්‍ර වංශයටත් යනු ඇත. ඉන්පසුව ඔබ නැවතත් බ්‍රහ්මණයන් වී පසුව දේවතාවන් වෙයි. අරුත බොහෝ සේ පැහැදිලියි! ඔවුන්ගේ පිංතූරයේ පෙන්වා ඇති දේ බලන්න. බ්‍රහ්මණයින් වන අප, විෂ්ණු දේශයේ අධිපතියන් වීමටයි යන්නේ. ඔබ මේ ගැන අවුලට පත් නොවිය යුතුයි. බාබා ඔබට ලබා දෙන මාතෘකාවෙන් රචනාවක් ලිවීම සඳහා, ඔබ දැනුම ආවර්ජනය කර, අන් අය විශ්මයට පත් වී ඔබගේ පහදා දීම හොඳ බව ඔවුන්ට වැටහෙන අන්දමට, ඔබ අන් අයට විස්තර කරන්නේ කෙසේද කියා ඔබ ආවර්ජනය කළ යුතුයි. දැනුමේ සාගරය හැර වෙනත් කිසිවෙකුට මෙය විස්තර කළ නොහැක. දැනුමේ සාගරය මතගා, ඉන්පසුව ඒ ගැන ලියන්න. ඉන්පසුව එය නැවත කියවා, ඔබ තව එකතු කළ යුත්තේ කුමන වදන්ද කියා සිතන්න. මුල් දවස්වල, බාබා මුරලිය ලියා, එය ඔබගේ අතේ තබයි. ඔබ ඉන්පසුව එය අන් අයට කියා දෙයි. ඔබ දැන් මෙහි බාබා සමඟ ජීවත් වන නමුත්, ඔබ දැන් පිටතට ගොස් එහි සිටින මිනිසුන්ට මේවා කිව යුතුයි. මෙම මාතෘකාව බොහෝ සේ ආශ්චර්යමත්ය. බ්‍රහ්මා, විෂ්ණු වන්නේ කෙසේද කියා කිසිවෙකු නොදනී. විෂ්ණුගේ පෙකනි වැල කෙළවර ඔවුන් බ්‍රහ්මාව පෙන්වා ඇති අන්දමින්ම, ගාන්ධිගේ පෙකනි වැල කෙලවර ඔවුන් නේරුව පෙන්වා ඇත. කෙසේවෙතත්, රජ පෙළපතක් තිබිය යුතුයි. බ්‍රහ්මිණ් වංශයේ රජ පෙළපතක් තිබිය නොහැක. බ්‍රහ්මණ වංශය, පසුව දේවතා රජපෙළපත බවට පත් වෙයි. ඉන්පසුව චන්ද්‍ර රජ පෙළපතට ඇතුළු වන අතර, ඉන් අනතුරුව වෛශ්‍ය රජ පෙළපතට ඇතුළු වෙයි. එක් එක් රජ පෙළපත් මේ අන්දමින් දිගටම පැවතෙයි. ස්වර්ණමය යුගය, අවගුණ වලින් තොර ලෝකය වන අතර, කලි යුගය දූෂිත ලෝකයයි. මෙම වචන දෙකවත් කිසිවෙකුගේ බුද්ධිය තුළ නොමැත. එසේ නොමැති නම්, අප දූෂිත බවින්, අවගුණ නොමැති අය බවට පරිවර්ථනය වන්නේ කෙසේද කියා ඔවුන්ගේ බුද්ධියට නිසැකයෙන්ම ඇතුළු වනු ඇත. මනූෂ්‍යයන්, දූෂිත බවින් තොර අය සහ දූෂිත අය, යන දෙයාකාරයම ගැන නොදනී. දේවතාවන්, අවගුණ වලින් තොර බව, ඔබට දැන් විස්තර කරනු ලබයි. බ්‍රහ්මණයින්ට අවගුණ වලින් තොර අය කියා කියනවා ඔබ කිසිම විටෙක අසා නැත. නව ලෝකය, අවගුණ වලින් තොර වන අතර, පැරණි ලෝකය දූෂිතයි. එබැවින් අනිවාර්යෙන්ම සංගම යුගය පෙන්විය යුතුයි. මෙම යුගය ගැන කිසිවෙකු නොදනී. මිනිසුන් ශුභදායක වූ පුණ්‍යවන්ත මාසය සමරයි සෑම වසර තුනකට වරක් ඔවුන් එක් මසක මෙය සමරයි. ඔබ, සෑම වසර 5000 කට වරක් මෙම එක් සංගම යුගය සමරයි. ජීවාත්මයක් යනු කුමක්ද, උත්තරීතර ජීවාත්මය යනු කවරෙක්ද කියා, මනුෂ්‍යයින්ට හරිහැටි වැටහෙන්නේ නැත. ආශ්චර්යමත් තාරකාවක් නළල මධ්‍යයේ බැබළෙන බව පමණක් ඔවුන් කියයි. එපමණයි! රාමක්‍රිෂ්ණා පරමහංසගේ ගෝලයා වූ විවේකානන්ද, ඔහුගේ ගුරු ඉදිරියේ අසුන් ගන්නවා කියා පවසන බව, පෙන්වා තිබේ. මිනිසුන්, ඔවුන්ගේ ගුරුන් මත, සිත එක්තැන් කරයි. පියා පවසන්නේ දැන් නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න! එය ධ්‍යානයකට සමවැදීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔහුට කොහොමත් ඔහුගේ ගුරුව සිහි වෙයි. ඔහු විශේෂයෙන් ඔහුව සිහි කිරීමට අසුන් ගත් විට, සිහිකරන්නේ ඔහුව පමණක්මද? ඔහුගේ ශ්‍රද්ධාව නිසා, ඔහුගේ ගුරු, දෙවියන් බව ඔහු විශ්වාස කළා. එබැවින් එම ජීවාත්මය, එම සිරුර (ඔහුගේ ගුරුගේ) අතහැර, තම සිරුරට ඇතුළු වන අන්දම ඔහු දුටුවා. ඉන්පසුව තමන්ගේම ජීවාත්මය ගියේ කොහාටද හෝ ඉන්පසුව සිදු වූ දේ ගැන සඳහනක් නැත. එපමණයි! ඔහුට දෙවියන්ගේ දර්ශනයක් ලැබුණා කියා ඔහු සතුටට පත් විය. දෙවියන් යනු කවරෙක්ද කියා ඔහු දැන සිටියේ නැත. පියා පවසන්නේ ඉනිමගේ පිංතූරය විස්තර කරන්න. එය, භක්ති මාර්ගයයි. එක් ඔරුවක් භක්තියේ බවත්, අනෙක, දැනුමේ ඔරුව බවත් ඔබ දන්නවා. දැනුම, භක්තියෙන් වෙනස්ය. බාබා පවසන්නේ මම පෙර චක්‍රයේද ඔබට මෙම දැනුම ලබා දී, ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කළා. ඔබ දැන් සිටින්නේ කොහිද? අනෙත් රජපෙළපත් මතු වන්නේ කෙසේද සහ වෘක‍්ෂය වැඩෙන්නේ කෙසේද, යන මුළු දැනුමම දැන් ඔබගේ බුද්ධිය තුළ ඇත. ඔබට මල් පොකුරක් තිබෙන සේම, මෙම ලෝක වෘක‍්ෂයද මල් පොකුරක් මෙනි. ඔබගේ ධර්මය ඇත්තේ මැදය. ආගම් තුනක් මතු වන අතර, ඒවාගෙන් සියලුම ව්‍යාප්තිය සිදුවෙයි. එබැවින් ඔබ මෙම වෘක‍්ෂයද සිහිපත් කළ යුතුයි. බොහෝ අතු සහ රිකිලි අඛණ්ඩව මතුවනවා. පසුව එන අයට ගරුත්වයක් තිබේ. නුග ගස ඇත. එහි කඳ නොමැති නමුත් ගසේ ඉතිරි කොටස් තවමත් ඍජුව තිබේ. දේවතා ධර්මය අවසන් වී ඇත එය සම්පූර්ණයෙන්ම පරිහාණියට පත්ව ඇත. භාරතයේ මිනිසුන් ඔවුන්ගේම ධර්මය ගැන දන්නේම නැහැ. අනෙක් සෑම ආගමකම අය, තමන්ගේම ආගම් ගැන දන්නවා. එසේ නැත්නම් ඔවුන් කොහොමත් ආගමක් ගැන විශ්වාස නොකරන බව පවසනවා! ප්‍රධාන ආගම් සතරක් සහ කුඩා ආගම් නොගිණිය හැකි ගණනක් ඇත. වෘක‍්ෂය සහ ලෝක චක්‍රය ගැන ඔබට දැනගන්නට ලැබෙන්නේ මෙකලයි. දේවතා ධර්මයේ නම පවා අතුරුදහන් වෙලා. පියා දැන් එම ධර්මය ස්ථාපිත කර, අන් සියලුම ආගම් විනාශ කර දමනවා. ඔබ චක්‍රයේ පිංතූරයද මිනිසුන්ට පෙන්විය යුතුයි ස්වර්ණමය යුගය තිබෙන්නේ කොහිද, කලි යුගය තිබෙන්නේ කොහිද කියා. කලි යුගයේ බොහෝ ආගම් තිබෙන නමුත් ස්වර්ණමය යුගයේ තිබෙන්නේ එක් ධර්මයක් පමණයි. එක් ධර්මයක් ස්ථාපිත කර, අන් සියලුම ආගම් විනාශ කර දමන්නේ කවුරුන්ද? දෙවියන් මෙම කාර්යය, යම් කෙනෙකුගේ මාර්ගයෙන් සිදුකළ යුතු වනවා නේද? පියා පවසනවා මම බ්‍රහ්මාගේ මාර්ගයෙන් ආදි සනාතන දෙවි දේවතා ධර්මය නිර්මාණය කරනවා. බ්‍රහ්මණයින් ඉන්පසුව විෂ්ණුගේ දේශයේ දේවතාවන් බවට පත්වනවා. පාරිශුද්ධත්වයට පත්වීමේ අදෘෂ්‍යමාන උත්සාහය ඔය බ්‍රහමනයින් දැරිය යුත්තේ, මෙම සංගම යුගයෙදීය. සංගම යුගයෙදී ඔබ බ්‍රහ්මාගේ දරුවන්ය. එබැවින් ඔබ සහෝදර සහෝදරියන්ය. සහෝදර සහෝදරියන්ට එකිනෙකා කෙරෙහි අපවිත්‍ර ද්‍රිෂ්ඨියක් තිබිය නොහැක. සැමියා සහ බිරිඳ යන දෙදෙනාම ඔවුන් බීකේවරුන් බව සලකයි. මේ සඳහා විශාල උත්සාහයක් අවශ්‍ය වනවා. සැමියා සහ භාර්යාව අතර බොහෝ ආකර්ෂණයක් ඇති බැවින්, ඔවුන්ට එකිනෙකාව ස්පර්ෂ කිරීම නතර කළ නොහැක. මෙහි, ඔය සහෝදර සහෝදරියන් එකිනෙකාව ස්පර්ෂ නොකළ යුතුයි. එසේ නැත්නම් පාප සිදුකිරීමේ හැඟීමක් ඇති වෙයි. ඔබ බීකේවරුන් බව අමතක වූ විට, සියල්ල අවසන් වෙයි. මෙහි අදෘෂ්‍යමාන උත්සාහයක් අවශ්‍ය වන්නේ මෙහිදීය. ඔබගෙන් ඇතමෙක් ජෝඩුවක් වශයෙන් ජීවත් වෙයි, නමුත් මේ ගැන අන් අයට වැටහෙන්නේ මොනවාද? තමන් බීකේවරුන්, සුරඟනාවන් බවත්, එබැවින් ඔවුන් එකිනෙකාව ස්පර්ෂ නොකළ යුතු බව ඔවුන් දන්නවා. මෙය අනුගමනය කිරීමෙන් ඔවුන් සූක‍්ෂම දේශයේ සුරංගනාවන් බවට පත්වෙයි. එසේ නැත්නම් ඔවුන්ට සුරංගනාවන් විය නොහැක. ඔබට සුරංගනාවක් වීමට අවශ්‍ය නම් ඔබ පිවිතුරු විය යුතුයි. එවන් ජෝඩුවක් මතු වන්නේ නම්, ඔවුන් අංක එකට එයි. දාදා ඒ සියල්ල අවසානයේදී අත්හැරීමට පෙර, සෑම දෙයක්ම අත්වින්ද බව, ඇතැම් අය පැමිණිලි කරයි. කෙසේවෙතත්, වැඩියෙන්ම උත්සාහ දැරිය යුත්තේ ජෝඩුය. දැනුම සහ යෝගාවද තිබිය යුතුයි. ඔබ බොහෝ දෙනෙක්ව, තමන්ට සමාන කළ විට පමණයි, ඔබට ශ්‍රේෂ්ඨ රජෙක් විය හැකි වන්නේ. එය එක් දෙයක් පමණක් නොවෙයි. පියා පවසන්නේ ශිව බාබාව සිහිපත් කරන්න! මේ ප්‍රජාපිතාය. මෙසේ කියන බොහෝ දෙනෙක්ද සිටියි අපගේ සම්බන්ධතාවය, ශිව බාබා සමඟ පමණයි. අප බ්‍රහ්මාව සිහි කරන්නේවත් කුමකටද? අප ඔහුට ලිපියක් ලියන්නේ ඇයි? එවන් දරුවන් සිටියි! ඔබ ශිව බාබාව සිහිපත් කළ යුතුයි. මේ නිසයි මෙම බාබා කිසිකෙනෙකුට ඔහුගේ ඡායාරූපයක් නොදෙන්නේ. ශිව බාබා ඔහු තුළට ඇතුළු වෙයි. මෙම කෙනා ශාරීරික ජීවියෙක්. ඔය දරුවන් දැන් පියාගෙන් ඔබගේ උරුමය ලබනවා. එම ගුරූන් තමන්ට දෙවියන් යැයි කියාගනී. ඔබට ඔවුන්ගෙන් ලැබෙන්නේ මොනවාද? භාරතයේ ජනතාවට බොහෝ දේ අහිමි වී ඇත. භාරතයේ ජනයා සම්පූර්ණයෙන්ම බංකොලොත් වී සිටියි. රජය අඛණ්ඩව මිනිසුන්ගෙන් සිඟයි ඔවුන් වසර 20 කට 30 කට වැඩි ණය ලබා ගනී. ඔවුන්ට එය ආපසු දීමට නොහැකි වනු ඇත, මන්ද ණය දුන් අය සහ ණය ලබා ගත් අය යන දෙපිරිසම විනාශ වීමටයි යන්නේ මෙම නාටකය අවසන් වනු ඇත. ඔවුන්ගේ හිස මත බොහෝ අපහසුකම් තිබේ. බොහෝ වස්තුබංග, රෝග ආදිය තිබේ. ඇතැම් අය ඔවුන්ගේ ධනය, ධනවත් අය ලඟ තබයි. එවිට, ඔවුන් (ධනවත් අය) බංකොලොත් වූ විට, දුප්පතුන් බොහෝ සේ දුක් විඳියි. සෑම පියවරකම තිබෙන්නේ දුක සහ දුකම පමණයි. කෙනෙක් යම් තැනක අසුන් ගෙන සිටින විට, හදිසියේම මරණය ඔහු වෙතට පැමිණෙයි. මෙය මරණයේ දේශයයි. ඔබ දැන් අමරණීය දේශයට යනවා. ඔබ අමරණීය දේශයේ අධිරාජයන් වීමටයි යන්නේ. අමරණීයත්වයේ ස්වාමියා, ඔය පාර්වතීන්ට, අමරණීයත්වයේ සත්‍ය කතා පුවත පවසනවා. ඔහු අපගේ අමරණීය බාබා බවත්, ඔබ ඔහුගෙන් අමරණීයත්වයේ කතා පුවතට සවන් දෙන බවත් ඔබ දන්නවා. ඔබ දැන් අමරණීය දේශයට යෑමටයි සිටින්නේ. වර්තමාන කාලයේ ඔබ සිටින්නේ සංගම යුගයේය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දැනුමේ සාගරය කලතා, බ්‍රහ්මා, විෂ්ණු වන අන්දම, යන මාතෘකාව යටතේ කතා පවත්වන්න. ඔබගේ බුද්ධිය, දැනුම කැලතීමේ, කාර්යබහුලව තබා ගන්න.

2. රාජකීය තත්ත්වයක් හිමි කරගැනීමට, දැනුම සහ යෝගාවට අමතරව අන් අයව, තමන්ට සමාන කිරීමේ සේවයේද යෙදෙන්න. ඔබගේ ද්‍රිෂ්ඨිය බොහෝ සේ පිවිතුරු කරන්න.

වරදානය:
එකම එක පරමාත්ම පියා සමඟ සියලු සබඳතා අත්විඳින ඔබ වෙහෙස නොබලා බාධක විනාශ කරන්නෙකු වේවා.

එකම එක පරමාත්ම පියා සමඟ සියලු සබඳතා ඇති දරුවන් අනෙක් සියලුම සබඳතා නාමයෙන් පමණක් අත්විඳිති. ඔවුන් නිරන්තරයෙන් සතුටින් නටන අතර කිසි විටෙකත් වෙහෙස අත්විඳින්නේ නැත; ඔවුන් වෙහෙස නොබලා සිටිති. ඔවුන් පරමාත්ම පියා කෙරෙහි ඇති ආදරයෙන් සහ සේවය කිරීමේම ගිලී සිටිති. බාධක වලින් නතර කරනු වෙනුවට, ඔවුන් බාධක විනාශ කරන්නන් වේ. ඔවුන් එකම එක පරමාත්ම පියා සමඟ සියලු සබඳතා අත්විඳින බැවින්, ද්විත්ව ආලෝකයෙන් සිටින අතර කිසිදු බරක් නොමැත. ඔවුන්ගේ සියලු පැමිණිලි අවසන් වී ඇති අතර ඔවුන් සම්පූර්ණ අවධිය අත්විඳිති. ඔවුන් පහසු යෝගීන් බවට පත්ව ඇත.

පාඨය:
කිසියම් හෝ ශාරීරික ජීවියෙකුට, ඔබේ සිතුවිලි වලින් හෝ ආකර්ෂණය වීම යනු අවිශ්වාසවන්ත වීමයි.

අව්‍යක්ත සංඥාව: ජීව අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.

අභ්‍යවකාශ ෂටලයක සිටින ගගනගාමීන්ට මුළු ලෝකයේම පින්තූරයක් ගැනීමට හැකි වන්නේ ඔවුන් ඉතා ඉහළින් සිටින බැවිනි. එලෙසම, නිශ්ශබ්දතාවයේ බලයෙන්, අභ්‍යන්තරිකත්වයේ අභ්‍යවකාශ ෂටලය සමඟ, මනසේ බලයෙන්, ඔබට ඕනෑම ජීවාත්මයක් උසස් කර වීමට සහ චරිතයක් ඇති අයට කරවීමට පෙළඹවිය හැකිය.