20.06.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, දැනුම නම් වූ අවිනාශී මිණිමුතුවල අසීමිත ධනස්කන්ධයක් ඔබ සතුව ඇත. ඒවා දානය
කරන්න. ඔබ ළඟට එන කිසිම කෙනෙක් හිස් අතින් ආපසු නොයා යුතුයි.
ප්‍රශ්නය:
සියලුම
සම්බන්ධතා වල සැකරීනය වන පියා විසින් තමාගේ දරුවන්ට ලබා දෙන ශ්‍රිමත් මොනවාද?
පිළිතුර:
සුමිහිරි දරුවනි, ඔබගේ සිහිය සෑම විටම අන් අයගෙන් ඉවතට ගෙන නිරන්තරයෙන් මා සිහිපත්
කරන්න. මෙම ලෝකයේ දේවල්, යහලුවන්, නෑදෑයින් කිසිම කෙනෙක් සිහිපත් නොකළ යුතුයි.
මන්ද, අද දවසේ ඇති සෑම දෙයකින්ම ලැබෙන්නේ දුකයි. ලෝකයේ පාලකයින් බවට පත්චීමට නම්
උපත් 63ක කර්ම බන්ධන ගෙවා දැමීමට ඔබ අනිවාර්යෙන්ම වෙහෙස විය යුතුයි. සියල්ල අමතක කර
අශාරිරික වන්න. ඔබගේ ගිණුම් අහවර වන්නේ එවිටයි. මම සියලුම සම්බන්ධතාවයන්ගේ සැකරීනය
වෙමි.
ඕම් ශාන්ති.
බාප්දාදා
දරුවන් වන ඔබගෙන් අසනවා : ඔබ දැන් සිටින්නේ කාගේ සිහියෙන්ද? (ශිව බාබාගේ). අපි ශිව
බාබා සිහිපත් කරමින් සිටිනවා යන්න ඔබ සෑම කෙනෙක්ම ශබ්ද නගා කිය යුතුයි. දරුවන් වන
ඔබට එනම්, ජීවයන්ට ශිව බාබා සමඟ සම්බන්ධයක් තිබෙනවා. ඔබ මොහු මාර්ගයෙන් ශිව බාබාට
අයිති වෙනවා. මන්ද, ඔබට ශිව බාබාව මුණ ගැසිය හැකි වන්නේ මොහු මර්ගයෙනි. මොහු මැද
සිටිනා නියෝජිතයා වශයෙන් හඳුන්වමු. එම නියෝජිතයා සමඟ ඔබට කිසිම සම්බන්ධතාවයක්
නොමැත. ශිව බාබා වෙත ලඟා වීම සඳහා අතර මැදිව සිටින්නා ඔහුයි. සෑම කෙනාගේම හුවමාරුව
සිදු විය යුත්තේ පියා සමඟයි. මොහු සමඟ නොවෙයි. මොහුගේ ගැනීම් හා දීම් පවා තිබෙන්නේ
පියා සමඟය. මොහුත් කියනවා බාබා මගේ සෑම දෙයක්ම ඔබේයි. පළමුවෙන්ම තමන් ජීවයන්ය යන
විශ්වාසය ඔබ සතුව තිබෙනවා. දෙවනුව ජිව වන තමන් තම උත්තරිතර ජීවය වන, උත්තරීතර
පියාගෙන් උරුමය දිනා ගන්නවා යන විශ්වාසයත් ඔබ සතුව තිබෙනවා. ඔබ ඔබගේ සිතිවිලි, වචන
හා ක්‍රියා වලිනුත්, ඔබගේ ශරිරය, මනස හා ධනයෙනුත් ශිව බාබාගේ උදව්කරුවා වෙනවා. ඔබ
තමා සතු සෑම දෙයක්ම ශිව බාබාට කැප කළා. පසුව ශිව බාබා ඔබට උපදෙස් දෙනවා මෙන්න මේ
දෙය මේ මේ කාල වලදි කරන්න. ශ්‍රීමත් යනු මෙයයි. පියාම කියනවා මම මෙම පැරණි මහළු
ශරිරයට ඇතුල් වෙමි. මොහුත් අපිරිසිඳු තත්ත්වයෙන් පිරිසිඳු වෙමින් සිටිනවා. මෙය
කිව්වේ කවුද? ශිව බාබා. මොහුත් පාරිශුද්ධත්වයට පත් වෙනවා. ඔහුගේ ගිණුමත් තිබෙන්නේ
මා ලඟයි. කිසිම කෙනෙක් ලඟ කිසිම ගිණුමක් නහැ. ’බ්‍රහ්මා බාරේ ශිව බාබා’ කියා ඔබ
ලියුම් ලියනවා. කෙහොමනමුත්, නිරන්නරයෙන්ම ශිව බාබා සිහිපත් කිරිමට ඔබට ඉඩ නොදෙන
කෙනෙක් තමයි මායා. ඇය ඔබගේ සිහිය නැවත නැවතත් කඩා දමනවා. මෙම උත්සාහය හොඳින්
ස්ථාවරව තබා ගන්න. එවිට ඔබට සෑම දෙයක්ම අමතකව යනු ඇත. ඔබගේ ශරීරය පවා ඔබට අමතක වනු
ඇත. මෙම ශරීරය තිබේවි, නමුත් ජීවය වූ ඔබ මේ සෑම දෙයක් සම්බන්ධයෙන් නිිරාශාවක්
තබාගෙන තිබෙනවා. එම තත්ත්වය නිර්මාණය කර ගැනීම සඳහා ඔබ මෙය පුහුණු කළ යුතුයි.
අවසානයේදී ඔබගේ ශරීරය වත් මතක් නොකළ යුතුයි. පියා කියයි තමා අශාරීරික කෙනෙක් බව
සලකා ඔබගේ පියා වන මා සිහිපත් කරන්න. මම නිරන්තරයෙන්ම අශාරිරිකයි. ඔබත් සිටියේ
අශාරීරිකවයි. පසුව ඔබ තම තමන්ගේ චරිත රඟපෑවා. නැවත වතාවක් එම නාටකය රඟ පෑ යුතුයි.
මෙය උත්සාහයයි. ලෝකයේ පාලකයෙක් බවට පත්වීම ලෙහෙසි දෙයක් නොවනු ඇත. ලෝකයේ පාලකයින්
බවට පත් විය හැක්කේ මිනිසුන්ට පමණයි. මෙම දේවතාවන් පවා මිනිසුන්ය. කොහොමනමුත්,
ඔවුන්ව හඳුන්වන්නේ දිව්‍යමය ගුණධර්ම සහිත මිනිසුන් වශයෙනුයි. ලක්ෂ්මි සහ නාරායන
ලෝකයේ පාලකයින් වශයෙන් සිටි අතර ඔවුන්ට ඔවුන්ගේම දරුවන් සිටියා. ඔවුන්ට අම්මා,
තාත්තා කියා කතා කරන්නේ ඒ දරුවන් පමණයි. කොහොමනමුත්, මේ දිනවල අන්ධ විශ්වාසය නිසා
මිනිස්සු ලක්ෂ්මි සහ නාරායනටත් ’ඔබ තමයි මව හා පියා’ කියා කියනවා. ඇත්තෙන්ම කියනවා
නම් මෙම ගුණ වර්ණනාව ශිව බාබාගෙයි. මිනිස්සු දේවතාවන්ගේ ගුණ ගායනා කරනවා. ’ඔබ සෑම
ගුණ ධර්මයකින්ම සම්පූර්ණයි’. නමුත් ඇයි මෙලෙස ඔවුන්ව වන්දනා කරන්නේ යන්න කිසි
කෙනෙක් දන්නේ නැහැ. ඔබ තමයි මව සහ පියා වැනි ගුණ ගායනා ඔබ තව දුරටත් කරන්නේ නැහැ.
ඔව්, ඔබ දන්නවා අශාරීරික උත්තරිතර පියා, උත්තරිතර ජීවය වන්නේ ශිව බාබා බව. ඔබ බොහෝ
සතුටක් ලබන්නේ ඔහුගෙනි. අනෙකුත් සියලුම ඥාතීන්ගෙන් ඔබ ලබන්නේ දුක පමණයි. සියලු
සම්බන්ධතාවයන්ගෙන් මිහිරි බවක් ඔබ අත්දකින්නේ සැකරින් වන මොහුගෙනි. අන්න ඒ නිසා
පරමාත්ම පියා කියනවා ඔබගේ සිහිය ඔබගේ පියාගෙන්, මාමලාගෙන් සහ අනෙකුත් සියලු
දෙනාගෙන් ඉවතට ගෙන මා පමණක් නිරන්තරයෙන් සිහිපත් කරන්න. දුක නැති කර සතුට ලබා
දෙන්නා වන්නේ ඔබයි කියා පවා ඔබ කියනවා. සියලු දෙනාට විමුක්තිය ලබා දෙන්නා වන්නේ එකම
එක කෙනාය. ඔහු අපේ ලෝකයයි. භෞතික පියෙක්ගෙන් පවා දුක ලැබෙනවා. කොහොමනමුත්,
ගුරුවරයෙක් කවදාවත් දුකක් දෙන්නේ නැහැ. ගුරුවරයෙක් සමඟ ඉගෙන ගැනීමෙන් ඔබට ඔබගේ
ජීවිකාව සඳහා යමක් උපයාගත හැකියි. යම් යම් කුසලතාවයන් ගැන උගන්වන අයත් සිටිනවා. ඒ
සෑම කෙනෙක්ම උගන්වන්නේ තාවකාලික කාලයකටයි. භක්ති මාර්ගයේ දී පවා ඔවුන් ප්‍රශංසා කළේ
එකම එක රාමා, උත්තරීතර පියා, උත්තරීතර ජීවය පමණයි. ඔවුන් සෑම කෙනෙක්ම ඔහුව පමණක්
සිහි කරනවා. ඇත්තෙන්ම කියනවා නම් භක්තියක් කළ යුත්තේ එක්කෙනෙක්ට පමණයි. ඔබව
වන්දනාවට සුදුසු බවට පත් කරවන්නේ ඔහු පමණයි. මුලදී ඔබ වන්දනා කරන්නේ ශිව බාබා
පමණයි. එය හඳුන්වන්නේ සතෝප්‍රධාන් වන්දනාව වශයෙනුයි. පසුව සතෝප්‍රධාන් විමෙන්
අනතුරුව ඔබ සතෝ, රජෝ හා තමෝ තත්ත්වයන්ට පත් වෙනවා. තමන් වන්දනාකරුවන් වූ බව ඔබ
අවබෝධ කර ගන්නවා. පළමුවෙන්ම ඔබ වන්දනා කළේ ශිව බාබාව පමණයි. නමුත් පසුව ඒ කලාවන්
බහින්න පටන් ගත්තා. සතෝප්‍රධාන්ව තිබුණු භක්තියත් සතෝ, රජෝ හා තමෝ තත්ත්වයන්ට පත්
වුණා. මුළු නාටකයම පදනම් වී ඇත්තේ ඔබ මතයි. ඔබ වන්දනාවට සුදුසු තත්ත්වයේ සිට පසුව
වන්දනාකරුවන් බවට පත් වුණා. කතාව සෑදී ඇත්තේ උපත් 84ක් ගන්නා අය සම්බන්ධයෙනුයි.
ඔවුන් උපත් 84ක් ගන්නේ කෙසේද කියා පියා දැන් කියා දෙනවා. ගිණුම ඇත්තේ පළමුවෙන්
වන්දනාවට සුදුසු දේවතාවන් වශයෙන් සිට පසුව වන්දනාකරුවන් බවට පත් වූ අය
සම්බන්ධයෙනුයි. පියා කියනවා සෑම කල්පයකදීම ඔබට උගන්වා දේවතා ධර්මය ස්ථාපනය කිරීම
සඳහා මම පැමිණෙමි. මම ඔබට රාජයෝගා උගන්වනවා. ගීතාවේ සඳහන් කර තිබෙන්නේ ’ක්‍රිෂ්ණා
දෙවියන් කතා කරයි’ කියලයි. එය අත්වැරදීමකි. සිටිය හැක්කේ එකම එක දෙවි කෙනෙක් පමණයි.
දෙවියන් සෑම ගහක් ගලක් ගානෙම ඉන්නවා, සෑම තැනම සිටිනවා කියා මිනිස්සු කියනවා.
කොහොමනමුත්, එය එසේ විය නොහැකියි. පියාගේ ගුණ අතිමහත්ය. ඔබ කියනවා ඕ බාබා, ඔබගේ
ක්‍රම සහ විධි ඉතාමත් අසහායය! එනම්, ඔබ ඔහුගෙන් ලබා ගන්නා ශ්‍රීමත් ඉතාමත් අසහාය වන
බවයි. පියාව ගැලවීම ලබා දෙන්නා, උත්තරීතර පියා, උත්තරීතර ජීවය කියාත් හඳුන්වනවා.
බුද්ධිය ඉහළට යොමු වෙනවා. දුකක් දැනුණු විට සිහියට නැඟෙන්නේ ඔහුව පමණයි. ඔබගේ සිහිය
තුළ රාමා හා සීතා සිටියහොත් මුළු රාමායනයම ඔබගේ සිහියේ තිබේවි. ඔබ එකම එක පියාට කතා
කරනවා. කිසිම ශාරීරික මනුෂ්‍යයෙක් සමඟ හෝ සූක්‍ෂම දේවතාවෙක් සමඟ ඔබගේ සිහිය සම්බන්ධ
කරවන්න එපා. ඒ වෙනුවට එය බාබා වෙත යොමු කරවන්න. පාරිශුද්ධකරු වන්නේ එකම එක පියා
පමණයි. ඕනෑම ආධ්‍යාත්මික සමූහයක මිනිසුන් පවසන එකම දෙය නම් ’පාරිශුද්ධකරු වන්නේ
සීතාගේ රාමා ය!’ යන්නයි. කොහොමනමුත්, එහි අර්ථයක් නැහැ. ඒ සියල්ල භක්ති මාර්ගයේ
කීර්තීන්ය. සෑම කෙනෙක්ම සිටින්නේ රාවණ්ගේ සිර කුටියේයි. මිනිස්සු භක්ති මාර්ගයේ සෑම
තැනම රස්තියාදු වෙනවා. මෙතන කිසිම රස්තියාදු වීමක් නැහැ. පියා කියනවා දරුවන් වන ඔබ
මෙම කරුණු ඉතාමත් හොඳින් ඔබගේ සිහියේ රඳවා ගත යුතුයි. දිනපතාම ඉගෙන ගන්න! කිසියම්
හේතුවක් නිසා ඔබට උදෑසන පන්තියට යාමට නොහැකි වුණා නම් හවස් වරුවේ යන්න. කිසිම
කෙනෙක්ට කරදර කරන්න එපා. ඔබට මුළු දවසම තිබෙනවා. ඕනෑම වේලාවක ගොස් ඉගෙන ගන්න. උදේ
සිටන් රෑ වන තෙක්ම මේ දියණියන් සේවයේ යෙදී සිටිනවා. සේවා මධ්‍යස්ථාන දවස පුරාම
විවෘතයි. පැමිණෙන ඕනෑම කෙනෙක්ට මාවත පෙන්වන්න. පළමුවෙන්ම තමන්ට පියවරුන් දෙදෙනෙක්
සිටින්නේ කෙසේදැයි කියා සිතීමට ඔවුන්ට උගන්වන්න. දුකක් දැනුණු විට ඔවුන් මෙම ලොවින්
එහා සිටින පියාව සිහිපත් කරනවා. දැන් ශිව බාබා කියනවා නිරන්තරයෙන් මා පමණක් සිහිපත්
කරන්න! මරණය අත ලඟයි. මේ එම මහා භාරත යුද්ධයමයි. ලක්ෂපතියන්, කෝටිපතියන් කොපමණ ලොකු
ගොඩනැගිලි සෑදුවත් ඒ කිසිවක් ඉතිරි වන්නේ නැහැ. ඒ සියල්ල විනාශ වෙනවා. කලි යුගයේ
කාල පරාසය වසර සිය දහස් ගණනක් යැයි මිනිස්සු කියනවා. ඝණ අන්ධකාරය කියන්නේ එයයි.
හොඳට මුදල් තිබෙන කෙනෙක් බාබා ගෙන් ඇසුවොත් ගොඩනැගිල්ලක් හදන්න පුළුවන්ද කියා, බාබා
උත්තර දේවි ඔබට සල්ලි තිබෙනවා නම් හදන්න. නැතිනම් ඒ සල්ලිත් දූවිලි බවට පත් වී
යනවා. මේ සියල්ල තාවකාලිකයි. ඒ මුදල් සියල්ලමත් අපතේ යාවි. කිසිම දෙයක් ඉතිරි වන්නේ
නැහැ. එමනිසා, එවන් ගොඩනැගිල්ලක් සාදා ගීතා පාඨශාලාවක් දමන්න කටයුතු සූදානම් කර
ගන්න. තමාගේ නිවස ඉදිරිපිටට පැමිණෙන අයව ලෝකයේ පාලකයින් බවට පත්වන ආකාරයේ දානයක්
ඔවුන්ට දෙන්න. දැනුම නැමති ධනය ඔබ ලඟ ඇති තරම් තිබෙනවා. වෙන කිසිම කෙනෙක්ට මෙපමණ
ප්‍රමාණයක් නැහැ. ඔබ අතරේ සිටිනා මහත් ධනවත්ම අය වන්නේ මහත් දැනුමක් බුද්ධියේ
තබාගෙන සිටිනා අයයි. ඔබ වෙතට පැමිණෙන අයගේ සාක්කු පුරවන්න. ඔබ සතුව මහත් ධනයක්
තිබෙනවා! පුවරුවක් එල්ලන්න ඇතුළට පැමිණෙන්න, නිරන්තර දෙව්ලොව සතුටෙහි උරුමය දිනා
ගැනීමට මාවත අපි ඔබට පෙන්වා දෙන්නම්. කොහොමනමුත්, දරුවන් තුළ එම කුල්මත් බව නැහැ.
එම කුල්මත් බව ඔවුන් තුළ මෙහිදී තිබෙනා නමුත් පසුව මෙතනින් ඉවත් වුණු ගමන් මෙය අමතක
කරනවා. පැමිණෙන අන් අය වෙත දැනුම දීම සඳහා ඔබ තුළ කැමැත්තක් තිබිය යුතුයි. එවිට
ඔවුන්ගේ බෝට්ටු එතෙර කර විය හැකියි. ඔබට මහා ධනයක් තිබෙනවා. ඔබ ලඟට පැමිණෙන
හිඟන්නෙක්ට හෝ ලක්ෂපතියෙක් ට වුවත් ඔබට ධනය දිය හැකියි. බාබා ඔබට සතුට ලබා දුන්නත්
පසුව එය සෝඩා වතුර වගේ වෙනවා. බාබා ඔබගේ සාක්කු දැනුම නැමති මිණිමුතු වලින්
පුරවනවා. කොහොමනමුත්, එහි අඩු වැඩිතාවයක් පවතිනවා. කෙනෙක්ගේ වාසනාවේ තිබෙනවා නම්
ඔහු එය හොඳින් උකහා ගන්නවා. බාබා කියනවා නිරන්තර ස්මරණයෙහි යෙදෙන්න උත්සාහ ගන්න.
මධ්‍යස්ථානයට ගොස් නිකම් නිශ්ශබ්දව පැත්තකට වී සිටිය යුතු යැයි සිතන්න එපා. නැහැ.
ලැබෙන සෑම මොහොතකදීම, කරන සෑම ක්‍රියාවකදීම පියාව සිහියේ තබාගෙන සිටින්න. දෑත් වලට
කාර්යය පවරා ඔබගේ හදවත එනම්, බුද්ධිය පියා හා සම්බන්ධව පවත්වා ගන්න. පියාව සිහිපත්
කිරීමෙන් ඔබට මහත් ඵල ලැබෙනු ඇත. උපත් 21ක් දක්වා ඔබ ධනවත් කෙනෙක් බවට පත් වනු ඇත.
අසීමිත පියා ඔබට අසීමිත උරුමයක් ලබා දෙනවා. භාරතය දෙව්ලොව වශයෙන් තිබී දැන් අපායක්
බවට පත්ව ඇත. පියා කියනවා දැන් මා සිහිපත් කරන්න, එවිට ඔබ සතෝප්‍රධාන් වනු ඇත. ඔබ
පියාව සිහිපත් කරනා විට සතුට වැඩි වේ. අපි තරම්, ලෝකයේ සිටිනා වෙනත් කිසිම කෙනෙක්
ධනවත් නැත. පියාව සිහි කළේ නැති නම් ධනය ලැබෙන්නේ කෙසේද? දරුවන් වන ඔබ දෙව්ලොව දී
අසීමිත සතුටක් ලබනවා. ඔවුන් ග්‍රන්ථ වල නොයෙකුත් කතාන්දර ලියා තිබෙනවා. රාමා රජවන
අතර පුරවැසියන් වන්නේ රාමාට අයිති අයයි. නිරවද්‍යතාවය තුළ යහපතක් ඇත. රාමාගේ සීතාව
පැහැරගෙන ගිය අතර ඒ රාමා වඳුරු හමුදාවක් අරගෙන සීතාව බේරා ගන්න ගියා. මීට පෙර මේ
කිසිම දෙයක අර්ථයක් නොදැන ඔබ සියල්ල ඉගෙන ගත්තා. ඔබ දැන් සෑම දෙයක්ම ඉතාමත් හොඳින්
තේරුම් ගන්නවා. එවන් පුදුමාකාර දේවල් මිනිස්සු ලියා තිබෙනවා! පියා කියනවා මම
පදාර්ථයේ සහාය ලබා ගත යුතුයි. ත්‍රිමූර්ති පින්තූරය තුළ ඔවුන් බ්‍රහ්මා, විශ්ණු හා
ශන්කර් පෙන්වා තිබෙනවා. කොහොමනමුත්, විශ්නුු යනු කවුද, ඔහු පැමිණෙන්නේ කොහි සිටන්ද
යන්න කිසිම කෙනෙක් තේරුම් ගෙන නැහැ. විශ්නුු දේවාලය තිබෙන්නේ නාරායන වෙනුවෙන් යැයි
ඔවුන් කියනවා. කොහොමනමුත්, එහි අර්ථය ඔවුන් කොහෙත්ම දන්නේ නැහැ. ස්වර්ණම යුගයේ
රාජ්‍යය කළ ලක්ෂ්මි හා නාරායන විශ්නුුගේ ද්විත්ව ස්වරූපයයි. ඔබ දැන් සාමාන්‍ය
මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවතාවන් බවට පත් වෙනවා. පැමිණෙන ඕනෑම කෙනෙක්ට කියන්න අපි
බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන්ය. එමනිසා, ප්‍රජාපිතා බ්‍රහ්මා අප සියලු දෙනාගේම
පියා වේ. ඔහුට පුරවැසියන් (ප්‍රජා) රාශියක් සිටිනවා. පරමාත්ම දෙවියන් බ්‍රහ්මා
මාර්ගයෙන් බ්‍රහමිණ්වරුන් නිර්මාණය කළා. පියා අනිවාර්යෙන්ම දරුවන් වන ඔබට උරුමය ලබා
දෙනු ඇත. ඔහු දරුවන් වන ඔබව ලෝකයේ පාලකයින් බවට පත් කරවනවා. ඔබ ශිව බාබාගෙන් ඔබගේ
උරුමය දිනා ගන්නවා. එක් අයෙක් ලෞකික පියා වන අතර අනිත් කෙනා මෙලොවින් එහා සිටිනා
පියායි. ඔබ දැන් මෙම සූක්‍ෂම පියාව සොයා ගෙන තිබෙනවා. ඔහු ආභරණ වෙළෙන්දෙකි. ඔහු
කිසිම දෙයක් මීට පෙර දැනගෙන සිටියේ නැහැ. ඔහුගේ උපත් ගණනාවක අවසානයේ දී මම ඔහුට
ඇතුළු වුණා කියා සඳහන් වී තිබෙන්නේ ඔහු සම්බන්ධයෙනුයි. විශ්‍රාම ගැනීම, ශබ්දය
අභිබවා යාමේ ක්‍රමය ඇත්තේ භාරතයේයි. වයස අවුරුදු 60දී ඔවුන් ගුරු කෙනෙක් ලඟට යනවා.
පියා මොහුට අතුළු වී කියනවා ඔබ දැන් නිවස වෙත යා යුතුයි. සෑම කෙනෙක්ටම විමුක්තිය
අවශ්‍ය නමුත් විමුක්තිය යනු කුමක්දැයි කිසිම කෙනෙක් දන්නේ නැහැ. කිසිම කෙනෙක්
බ්‍රහ්ම ලෝකය හා එකතු වන්නේ නැහැ. ලෝක චක්‍රය දිගින් දිගටම කැරකෙනෙවා. සෑම කෙනෙක්ම
තම තමන්ගේ චරිත කොටස රඟ පෑ යුතුයි. ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවතත් වතාවක් කැරකෙනා
බව කියා තිබෙනවා. මෙම නාටකය සදාතනිකව තීරණය වී ඇති දෙයක්. ඔබ තමන්ගේ උපත් 84හි චරිත
කොටස් රඟ පෑ යුතුයි. මේ දැනුමේ නර්තනයයි. එම මිනිසුන් එවිට බෙර (ශන්කර්ගේ)
පෙන්වනවා. සූක්‍ෂම කලාපයේ වැසියෙක් වන ශන්කර් කොහොමද බෙර වයන්නේ? ඔබ සිටියේ වඳුරන්
මෙන් බව පියා ඔබට පැහැදිලි කර දි තිබෙනවා. එමනිසා, ඔහු වඳුරු හමුදාව වන ඔබව ගත්තා.
බාබා ඔබ ඉදිරිපිට දැනුම නැමති බෙරය වයනවා. ඔහු ඔබට දැනුම ලබා දෙනවා. ඔහු දැන් ඔබගේ
හැඩරුව හා චරිතය වෙනස් කරවනවා. රාග ගින්න මත අසුන් ගැනීමෙන් ඔබ අවලස්සන වෙලා. බාබා
දැන් ඔබව දැනුම නැමති සෑය මත හිඳුවා, ඔබගේ හැඩරුව හා චරිතය වෙනස් කරවා අවලස්සන ඔබව
ලස්සන කරවනවා. බාබා මෙහි ඔබව ඉතාමත් කුල්මත් කරවනවා. ඉතින් ඇයි මෙය නැති වී යන්නේ?
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. බාබා විසින් දෙනු
ලබන අසීමිත දැනුම හොඳින් ලබාගෙන ධනවත් වන්න. එමෙන්ම එය අන් අයටත් දානය කරන්න. ඔබ
වෙත එන සෑම කෙනෙක්ගේම සාක්කු පුරවන්න.
2. ඔබට කිසියම්
යහපතක් උදාවන්නේ පරමාත්ම පියාව සිහිපත් කිරීමෙන් පමණයි. එමනිසා, ඕනෑම ක්‍රියාවක්
කරනා අතරේ හැකි සෑම විටම පියාව සිහිපත් කරන්න. එකම එක පියාගෙන් පමණක් සියලුම
සම්බන්ධකම් වල මිහිරියාව විඳ ගන්න.
වරදානය:
නිරන්තරයෙන්
කාර්යබහුලව සිටීමෙන් ඔබේ නිෂ්ඵල සිතිවිලි පිළිබඳ පැමිණිල්ල අවසන් කර, සම්පූර්ණයෙන්ම
කර්මතීත් වේවා.
නිෂ්ඵල සිතිවිලි
කුණාටු ඔබට සම්පූර්ණයෙන්ම කර්මතීත් වීමට බාධා කරයි. මෙම නිෂ්ඵල සිතිවිලි පිළිබඳ
පැමිණිල්ල අවසන් කිරීම සඳහා, ඔබේ මනස සෑම මොහොතකම කාර්යබහුලව තබා ගන්න. ඔබේ කාලය
වෙන් කර ගැනීමේ කලාව ඉගෙන ගන්න. මුළු දවස පුරාම ඔබේ මනස කාර්යබහුලව තබා ගැනීමට
වැඩසටහනක් සාදන්න. සෑම දිනකම කරුණු හතරකින් ඔබේ මනස කාර්යබහුලව තබා ගන්න. 1. හමුවීම
(හදවතින් හදවතට සංවාදය). 2. කතා කිරීම (සේවය කිරීම). 3. සෙනහසේ ගිලී සිටීම. 4.
ගැඹුරු සෙනහසක් තිබීම. මෙය කිරීමෙන් ඔබේ කාලය වටිනා ආකාරයකින් භාවිත කරනු ඇති අතර
නිෂ්ඵල පැමිණිලි අවසන් වනු ඇත.
පාඨය:
සාර්ථකත්වය
ඔවුන්ගේ දේව ජන්ම අයිතිය ලෙස සලකන අයට නිරන්තරයෙන් සතුටින් සිටීමට හැකි වේ.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
පහසුව සහ සරළ බව ලබා
ගැනීම සඳහා, නිසැකවම එක් දෙයකට අවධානය යොමු කරන්න - ඔබේ අවධිය ප්‍රශංසාව මත රඳා
නොපවත්වා ගැනීමට. සමහර දරුවන්ට ඔවුන්ගේ ක්‍රියාවන්හි ඵලයක් සඳහා වැඩි ආශාවක් ඇති
අතර, එමනිසා, ඔවුන්ට ප්‍රශංසා නොකරන විට, ඔවුන්ගේ මනෝභාවය උච්චාවචනය වේ. අපහාසයට
ලක් වූ විට, ඔවුන් අනාථයන් මෙන් වේ. තම මනෝභාවය අතහැර දමා, ඔවුන් අයත් වන මාස්ටර්
පවා අමතක කරති. එබැවින්, ඔබේ මනෝභාවය ප්‍රශංසාව මත රඳා පැවතීමට ඉඩ නොදෙන්න.