20.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ මායා රාවණගේ ආශ්‍රයට යෑමෙන්, මංමුළාව සැරිසරමින් හිඳ ඇත. ඔය පිවිතුරු අංකුර, අපවිත්‍ර විය. ඔබ දැන් නැවතත් පිවිතුරු විය යුතුයි.

ප්‍රශ්නය:
ඔය සෑම දරුවෙක්ම තමන් ගැන විශ්මයට පත්වන්නේ කුමක් ගැනද, එමෙන්ම පියා විශ්මයට පත්වන්නේ, ඔය දරුවන්ගේ කුමන කාරණාව ගැනද?

පිළිතුර:
ඔවුන් කවුරුන්ව සිටියේද, ඔවුන් කාගේ දරුවන්ව සිටියාද, එවන් පියෙකුගෙන් තම උරුමය ලබාගෙන, එම පියාව අමතක කිරීම ගැන, දරුවන් විශ්මයට පත් වෙයි. රාවණ පැමිණ බොහෝ ඝණ මීදුමක් ගෙන ආ බැවින්, ඔබට නිර්මාණකරු සහ ඔහුගේ නිර්මාණය අමතක විය. පියා විශ්මයට පත්වන්නේ, ඔහු බොහෝ ශ්‍රේෂ්ඨත්වයට පත්කළ, එමෙන්ම ඔවුන්ගේ රාජධානියේ භාග්‍යය ලබා දුන් එම දරුවන්ම, ඔහුට අපහාස කිරීම ඇරඹීම ගැනයි. රාවණගේ ආශ්‍රයට යෑමෙන් ඔවුන්ට සෑම දෙයක්ම අහිමි විය.

ඕම් ශාන්ති.
ඔබ කුමක් ගැනද සිතන්නේ? අංක පිළිවෙලට, ඔබගේ උත්සාහයට අනුව, ඔය සෑම මනුෂ්‍යයෙක්ම තමන් ගැන විශ්මයට පත්වනවා, ඔබ කවුරු වී සිටියාද, එමෙන්ම කාගේ දරුවන් වූයේද, පියාගෙන් ඔබ අනිවාර්යෙන්ම ඔබගේ උරුමය හිමිකර ගත් අන්දම සහ ඔබට එය අමතක වූ අන්දම ගැනයි. ඔබ සතෝප්‍රධාන් විය, මුළු ලෝකයේම අධිපතියන් විය. ඔබ බොහෝ සතුටින් සිටි අතර ඉන්පසුව ඉනිමග දිගේ පහළට පැමිණියා. රාවණ පැමිණි විට, ඔහු කෙතරම් ඝණ මීදුමක් ගෙන ආවේද යත්, ඔබට නිර්මාණකරුව සහ ඔහුගේ නිර්මාණය අමතක විය. ඝන මීදුමක, මිනිසුන් මංමුළා වෙයි. ඔබටද ඔබගේ නිවස තිබුණේ කොතැනද සහ ඔබ නිවැසියන්ව සිටියේ කොහේද කියා අමතක විය. වසර 5000කට පෙරාතුව, ඔහු විසින් ඔවුන්ගේ රාජධානියේ භාග්‍යය ලබා දුන් දරුවන්ව, බාබා දැන් දකිනවා. ඔවුන් විශාල සතුටකින් සහ ප්‍රීතියකින් වාසය කළා. එම දේශයට දැන් කුමක්ද වී තිබෙන්නේ? බලන්න, ඔබ රාවණගේ රාජධානියට ගිය අන්දම! විදේශ රාජධානියකදී ඔබට නිසැකවම දුක ලැබෙනු ඇත. ඔබ බොහෝ සේ සැරි සැරුවා. අන්ධ විශ්වාසයෙන් ඔබ නොකඩවා පියාව සෙවූ නමුත් ඔබට ඔහු හමු නොවීය. ඔබ ගල් සහ වැලි කැට තුළට දැමූ කෙනෙක්ව සොයාගන්නේ කෙසේද? කල්ප භාගයක් සැරිසැරීමෙන් ඔබගේ බලාපොරොත්තු සුන් විය. නොදැනුවත්කම නිසා, ඔබ රාවණගේ රාජධානියේ බොහෝ දුක් විඳ තිබේ. භක්ති මාර්ගයේ භාරත, බොහෝ දුප්පත් විය. පියා දරුවන් දෙස බලා මෙසේ සිතයි ඔබ භක්ති මාර්ගයේ බොහෝ සැරිසැරුවා. ඔබ කල්ප භාගයක් භක්තියේ යෙදුනා. කුමක් සඳහාද? දෙවියන් මුණගැසීමට. ඔබ භක්තිය සිදුකළ පසුවයි, දෙවියන් ඔබට ඵලය ලබා දෙන්නේ. ඔහු ලබා දෙන්නේ කුමක්ද? කිසි කෙනෙක් මෙය නොදනී ඔවුන් සම්පූර්ණ මෝඩයින් වෙලා. මේ සියලුම කාරණා ඔබගේ බුද්ධි තුළට ඇතුළු විය යුතුයි අප සිටියේ කෙසේද, එමෙන්ම අප රාජධානිය පාලනය කළ අන්දම සහ ඉනිමග දිගේ පහළට පැමිණෙන විට අප රාවණගේ යදම්වල නොකඩවා පැටලුණා. අසීමිත දුක තිබුණි. ආරම්භයේ ඔබට අසීමිත සතුට තිබුණි. ඔබගේ රාජධානියේ බොහෝ සේ සතුට තිබුණු බව, ඔබගේ හදවත් වලට ඇතුළු විය යුතුයි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඔවුන් බොහෝ දුක් වින්ද බව ඒ මිනිසුන් විශ්වාස කරන ආකාරයට, ඉන්පසුව ඔබ විදේශ රාජධානිය තුළ බොහෝ දුක් වින්දා. ඔබ දැන් මෙහි අසුන්ගෙන සිටිනවා. ඔබ කවුරු වී සිටියාද, කාගේ දරුවන් වී සිටියාද, පියා ඔබට මුළු ලෝකයේම රාජධානිය ලබා දුන් ආකාරය සහ ඔබ රාවණගේ රාජධානියේ සිරගත වූ අන්දම ගැන ඔබගේ ඇතුලාන්තයේ සිතිවිලි ඇති විය යුතුයි. ඔබ බොහෝ දුක් වින්ද අතර බොහෝ අපිරිසිදු ක්‍රියා සිදුකළා. දිනෙන් දින, ලෝකය අඛණ්ඩව පහත් විය. දිනෙන් දින, මනුෂ්‍යයන්ගේ සංස්කාර වඩාත් සාපරාදී විය. එබැවින් ඔය දරුවන්ගේ අවධානය තුළ මෙය තිබිය යුතුයි. ඔබ ඉතා පිවිතුරු අංකුරව සිටියා, තම රාජධානියේ භාග්‍යය ලබා දුන් අය ඔබයි, ඉන්පසුව ඔබට ඔහුගේ කාර්යභාරය අමතක වූ බව, පියා දකිනවා. දැන් ඔබට තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වීමට අවශ්‍ය නම්, ඔබගේ පියා වන මා සිහි කරන්න, එවිට ඔබගේ සියලු පාපයන් කැපී යයි. කෙසේවෙතත්, ඔබ මා සිහි නොකරයි. ඔබ නැවත නැවතත් පවසන්නේ බාබා, මට ඔබව අමතක වෙනවා. අහා! නමුත් ඔබට සිහි කිරීම නොමැති නම්, ඔබගේ පාපයන් කැපෙන්නේ කෙසේද? පළමුව පාපයන් තුළට වැටීමෙන් ඔබ අපවිත්‍ර වූ අතර දෙවනුව ඔබ පියාට අපහාස කිරීම ආරම්භ කළා. ඔබ මායාගේ ආශ්‍රයෙන් කෙතරම් වැටුනේද යත්, ඔබව අහසට එසවූ කෙනාව, ඔබ ගල් සහ වැලි කැට තුළට දැමුවා. ඔබ මායාගේ ආශ්‍රයේ එවන් ක්‍රියා සිදුකළා. මෙය ඔබගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. ඔබ තව දුරටත් සම්පූර්ණ ගල් බුද්ධි ඇති අය ලෙසින් නොසිටිය යුතුයි. දිනපතාම පියා ඔබට පවසන්නේ මා ඔබට අංක එකේ කරුණු පවසනවා. බොම්බායේ රැස්වීමක් තිබෙන විට පියා මෙසේ පවසන බව, ඔවුන්ට කිව හැක අහෝ භාරත ජනතාවනි, මා ඔබට රාජධානියේ භාග්‍යය ලබා දුන්නා. ඔබ දෙව්ලොව දේවතාවන්ව සිටියා, එසේ නම් ඔබ ඉන්පසුව රාවණගේ රාජධානියට ගියේ කෙසේද? මෙයත් නාටකයේ කොටසකි. නිර්මාණකරු සහ ඔහුගේ නිර්මාණයේ මුල, මැද සහ අවසානය වටහාගන්න, එවිට ඔබට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට හැකි වෙයි. මා සිහිකරන්න, එවිට ඔබගේ පාපයන් අහෝසි වෙයි. ඔබ සියලු දෙනාම මෙහි අසුන්ගෙන සිටින නමුත් ඔබගෙන් ඇතැම් අයගේ බුද්ධි කොහේ හෝ මංමුළාව සැරිසරන අතර අනෙක් අයගේ බුද්ධි තවත් තැනක තිබේ. ඔබ සිටියේ කොතැනද එමෙන්ම ඔබ දැන් රාවණගේ විදේශ රාජධානියේ වැටී ඇති බව ඔබගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. එබැවින් ඔබ බොහෝ අසතුටට පත්ව ඇත. ශිව දේවාලයේ ඔබ සතුටින් සිටියා. ඔබව මෙම ගනිකා මඩමෙන් ඉවතට ගෙන යාමට පියා පැමිණ ඇති නමුත් ඒ තිබියදි ඔබගෙන් සමහරෙක් පිටත් නොවෙයි. පියා පවසන්නේ ඔබ ශිව දේවාලයට යනවාද? එහි ඔබට එම විෂ නොලැබෙයි. එහි ඔබට කෑමට හෝ බීමට අපිරිසිදු කිසිවක් නොලැබෙයි. ඔවුන් (ලක‍්ෂ්මි සහ නාරායන්) ලෝකයේ අධිපතියන් විය. ඔවුන් අතුරුදහන් වූයේ කොහාටද? ඔවුන් නැවත වරක් රාජධානියේ භාග්‍යය හිමිකර ගනිමින් සිටිනවා. එය ඉතා පහසුයි. පියා මෙය පහදා දෙයි. සෑම කෙනෙකුටම එකම ප්‍රමාණයට සේවය කළ නොහැක. වසර 5000කට පෙර එය සිදු කළ ආකාරයෙන්ම, අංක පිළිවෙලට රාජධානිය ස්ථාපිත කළ යුතුයි. ඔබ සතෝප්‍රධාන් විය යුතුයි. පියා පවසන්නේ මෙය තමෝප්‍රධාන් පැරණි ලෝකයක්. පියා පැමිණෙන්නේ, එය මුළුමනින්ම පරණ වූ විටයි. පියා හැර වෙනත් කිසිවෙකුට මෙය විස්තර කළ නොහැක. මෙම රථය තුළින් දෙවියන් අපට උගන්වනවා. ඔබට මෙය සිහිවන විට, මේ සියලුම ඥානය ඔබගේ බුද්ධිය තුළ තිබෙන විට, ඔබට අන් අයට ඒ ගැන පවසා, ඔවුන්ව ඔබ හා සමාන බවට පත් කළ හැක. පියා විස්තර කරන්නේ පෙරකල, ඔබගේ චරිතය සාපරාදීව තිබුණු අතර එය නිවැරදි කිරීම ඉතා අපහසු විය. ඔබගේ දෑස් වලින් සාපරාදිකම ඉවත් කිරීමට ඔබට නොහැක. එකක්, ඉතා අපහසුවෙන් අත්හරින, රාගයේ සාපරාදිකම වන අතර ඉන්පසුව ඒ සමගින් අනෙක් පාපයන් පහ තිබේ. කෝපයේ විශාල සාපරාදිකමක් තිබේ. ඔබ කොහේ හෝ අසුන්ගෙන සිටින විට, නපුරු භූතයෙක් සැනෙකින් විත් ඔබ තුළට ඇතුළු වෙයි. එයත් සාපරාදිකමකි. තවමත් කිසිවෙකු ශිෂ්ඨ වී නැත, එබැවින් එහි ප්‍රතිඵලය කුමක් වෙයිද? ඔබ සිය ගුණයක පාප රැස් කරයි. ඔබ නැවත නැවතත් කෝපයට පත්වෙයි. පියා පැහැදිලි කරන්නේ ඔබ දැන් තව දුරටත් රාවණගේ රාජධානියේ නැත. ඔබ අසුන්ගෙන සිටින්නේ දෙවියන් සමගයි. එබැවින් එම පාපයන්ගෙන් නිදහස් වීමට ඔබ පොරොන්දුවක් විය යුතුයි. පියා පවසන්නේ දැන් මා සිහි කරන්න. කෝපයට පත් නොවන්න. කල්ප භාගයක් පාපයන් පහ, ඔබව නොකඩවා පහතට වැටීමට සලසා ඇත. වඩාත්ම ශ්‍රේෂ්ඨ අය වූයේ ඔබලා වන අතර වැඩියෙන්ම පහතට වැටුණු අයත් ඔබලාය. ඔබට පහතට වැටීමට මඟපෑදුවේ පාපයන් පහයි. ශිව දේවාලයට යාම සඳහා ඔබ දැන් එම පාපයන් පහ, ඉවත් කළ යුතුයි. අඛණ්ඩව මෙම ගනිකා මඩමෙන් ඔබගේ හදවත් ඉවත් කරගන්න. පියා සිහිපත් කරන්න, එවිට ඔබගේ අවසන් සිතිවිලි ඔබව ඔබගේ ගමනාන්තයට ගෙන යයි ඔබ නිවහනට පැමිණෙයි. වෙනත් කිසිවෙකුට මෙම මාර්ගය පෙන්විය නොහැක. දෙවියන් පවසයි මා සෑම තැනකම සිටින බව කිසිදා නොකීවෙමි. මා ඔබට රාජයෝගාව උගන්වා, ඔබව ලෝකයේ අධිපතියන් බවට පත්කරන බව පැවසුවෙමි. එහිදි මෙම ඥානයට අවශ්‍යතාවයක් නැත. ඔබ මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පත් වී ඔබගේ උරුමය හිමි කරගනී. මෙහි හත යෝගාව ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. තමන් ජීවාත්ම බව සලකන්න. තමන් ශරීර බව ඔබ සලකන්නේ ඇයි? තමන් ශරීරයක් බව සැලකීමෙන් ඔබට මෙම ඥානය සිතට ගැනීමට නොහැකි වෙයි. මෙයත් පෙර තීරණය වූවකි. ඔබ රාවණගේ රාජධානියේ සිටි බවත් දැන් රාමාගේ රාජධානියට යාමට උත්සාහ දරමින් සිටින බවත් ඔබට වැටහෙනවා. ඔබ දැන් වඩාත්ම ශුභදායක සංගම යුගයේ වැසියන්ය. ඔව්, ඔබගේ පවුලේ අය සමග නිවසේ ජීවත් වන්න. මෙතරම් විශාල පිරිසක් මෙහි සිටින්නේ කෙසේද? බ්‍රහ්මනයෙක් වන සෑම කෙනෙකුටම මෙහි, බ්‍රහ්මා සමග සිටිය නොහැක. ඔබ තමන්ගේම නිවෙස් වල සිටිය යුතු අතර, ඔබ ශුද්‍රයන් නොව බ්‍රහ්මනයන් බව ඔබගේ බුද්ධියෙන් වටහාගත යුතුයි. ඔය බ්‍රහ්මනයන්ගේ මුදුන් ගැටය, ඉතා කුඩාය. එබැවින් තම පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර සහ ඔබගේ ජීවිකාව වෙනුවෙන් ක්‍රියා සිදු කරන අතර ඔබට තිබෙන්නේ පියා සිහිපත් කිරීම පමණයි. ඔබ පෙර කවුරුන් වී සිටියාද? ඔබ දැන් විදේශ රාජධානියක අසුන්ගෙන සිටිනවා. ඔබ බොහෝ දුකට පත් විය. බාබා දැන් නැවත වරක් අපව පෙරලා ගෙන යනවා. එබැවින් ඔබගේ පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර ඔබ සෑම කෙනෙක්ම ස්ථීර මනෝ ස්ථීතියක් නිර්මාණය කර ගත යුතුයි. බොහෝ විශාල ගස් (පවුල්) ආරම්භයේ පැමිණි අතර පසුව ඔවුන්ගෙන් සමහරු සිටි අතර සමහරු පිටමං විය. ඔබ තම රාජධානියේ සිටි බව, ඔබගේ බුද්ධියේ ඇති නමුත් ඔබ දැන් පතිත වී ඇත්තේ කොහේද කියා බලන්න! ඔබ දැන් නැවතත් ඔබගේ රාජධානියට යනවා. සමහරු බාබාට ලියා මෙසේ පවසයි බාබා අහවල් කෙනා ඉතා හොඳින් සිටියා, ඔහු නිතිපතා පැමිණි නමුත් ඔහු දැන් නොඑයි. ඔහු නොපැමිණෙන්නේ නම්, ඉන් කියැවෙන්නේ ඔහු පාපයට වැටී ඇති බැවින් ඔහුට ඥානය ධාරණය කරගැනීමට නොහැකි බවයි. වර්ධනය වනවා වෙනුවට, ඔහු නොකඩවා පහතට වැටෙන අතර සත කිහිපයක් වටින තත්ත්වයක් හිමි කරගනී. රජ කෙනෙක් සහ පහත් තත්ත්වයක් අතර විශාල වෙනසක් තිබේ. එහි කොහොමත් සතුට තිබෙන නමුත් ඔබ දැන් උසස් තත්ත්වයක් හිමිකර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. උසස් තත්ත්වයක් හිමිකර ගැනීමට හැකි වන්නේ කාටද කියා, සෑම කෙනෙකුටම වටහාගත හැක. සියලු දෙනාම දැන් උත්සාහ දරමින් සිටියි. බෝපාල්හි මහේන්ද්‍ර රජුද උත්සාහ දරනවා. ඒ රජවරු වටින්නේ සත කිහිපයක් පමණක් වන අතර ඔබ සූර්ය-පෙලපත් රාජධානියට යනවා. ඔබගේ උත්සාහයන්, ඔබට ජයග්‍රාහි මාලාවේ කොටසක් විය හැකි වන සේ විය යුතුයි. පියා දරුවන්ට විස්තර කරයි ඔබගේ දෑස්, කිසියම් විටෙක සාපරාදි වන්නේද කියා, නොකඩවා ඔබගේ හදවත පරික‍්ෂා කර තමන්ගෙන් විමසන්න. ඒවා ශිෂ්ඨ-දෑස් වන්නේ නම්, තවත් අවශ්‍ය කුමක්ද? ඔබ තව දුරටත් පාපයේ නොගැලෙන නමුත්, එක් හෝ තව ආකාරයකින් ඔබගේ දෑස් ඔබව දිගටම මුලා කරයි. අංක එකේ පාපය වන්නේ කාමයයි. සාපරාදී ඇසක් ඉතාම නරකයි. මේ නිසයි ’සාපරාදී දෑස්‘ සහ ’ශිෂ්ඨ දෑස්‘ යන ව්‍යවහාර තිබෙන්නේ. අසීමිත පියා දරුවන් ගැන දන්නවා. ඔවුන් කරන්නේ කුමන ක්‍රියාද, කුමන සේවයක්ද කියා ඔහු දන්නවා. අහවල් කෙනාගේ සාපරාදී දෑස් තවමත් වෙනස් වී නැති බවට පුවත් ඔහුට දැනුදු ලැබෙයි. කාලය ගෙවී යත්ම, ඔවුන් තව නිවැරදිව බාබාට ලියයි. ඔවුන් බොහෝ කාලයක් බොරු කියා ඇති බවත් නොකඩවා පහතට වැටී ඇති බවත්, ඔවුන්ටම දැනෙයි. මෙම ඥානය ඔවුන්ගේ බුද්ධියේ සම්පූර්ණයෙන් සනිටුහන් වූයේ නැත, ඔවුන්ට එම මනෝ ස්ථීතිය නිර්මාණය කර ගැනීමට නොහැකි වූයේ ඒ නිසයි. ඔවුන් තම වැරදි, පියාගෙන් සැඟවීය. බොහෝ දෙනෙක් ඒ ආකාරයෙන් තම වැරදි සඟවයි. ඔබ පාපයන් පහේ රෝගය, ශල්‍ය වෛද්‍යවරයාගෙන් නොසැඟවිය යුතුයි. ඔබ සත්‍යය පැවසිය යුතුයි මගේ බුද්ධිය ශිව බාබා වෙත නොව වෙනත් දිසාවන්හි යයි. ඔබ සත්‍යය නොපවසන විට ඔබගේ රෝගය නොකඩවා වැඩි වෙයි. පියා දැන් විස්තර කරයි දරුවනේ, ජීව අවධානයට පත් වන්න! තමන් ජීවාත්ම බව සලකන්න. සියලුම ජීවාත්ම සහෝදරයන්ය. ඔබ පිදුම් ලබන්නට සුදුසුව සිටි කල්හි ඔබ බොහෝ සතුටින් සිටියා. ඔබ දැන් දුකට පත් වී පුදන්නන් බවට පත්ව ඇත. ඔබට සිදුවූයේ කුමක්ද? කාලයේ ආරම්භයේ සිට, පිවිතුරු ගෘහ මාවත පැවත ඇති බව, සියලු දෙනාම පවසයි. ඔවුන් මෙසේ විමසයි රාමා සහ සීතාට දරුවන් සිටියේ නැද්ද? කෙසේවෙතත්, එහි දරුවන් පාපය තුළින් උපත නොලබයි. අහා! නමුත් එය සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර ලෝකය විය. එහි දූෂණය තුළින් දරුවන් උපත ලබන්නේ නැත එහි පාපයන් නැත. මෙම රාවණගේ රාජධානිය එහි නොපවති. එය, රාමාගේ රාජධානියයි. රාවණ එහි පැමිණෙන්නේ කෙසේද? මනුෂ්‍යයන්ගේ බුද්ධි සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. ඒවා විනාශ කළේ කවුද? මා ඔබව සතෝප්‍රධාන් කර, ඔබගේ ඔරුව එතෙරට ගෙන ගියා. එසේ නම් ඔබව තමෝප්‍රධාන් කළේ කවුරුන්ද? එසේ කළේ රාවණයි. ඔබට මෙයත් අමතක වී ඇත. මෙය, කාලයේ ආරම්භයේ සිටම පැවතී ඇති බව, ඔවුන් කියයි. අහා ඇත්තට? එසේ නම් කාලයේ ආරම්භය කවදාද? අපට ඒ ගැන ගණනයක් ලබා දෙන්න. ඔවුන්ට කිසිවක් නොවැටහෙයි. පියා පැහැදිලි කරයි මා ඔබට බොහෝ ශ්‍රේෂ්ඨ රාජධානියේ භාග්‍යයක් ලබා දුන්නා. භාරතයේ ඔය ජනතාව බොහෝ ප්‍රීතියෙන් සිටියා, එකල්හි වෙනත් කිසිවෙකු සිටියේ නැත. පාරාදීසිය තිබුණු බව, ක්‍රිස්තියානුවරුද කියයි. දේවතාවන්ගේ පිළිම ද තිබේ. ඒවාට වඩා පැරණි කිසිවක් නැත. පැරණිතම වන්නේ ලක‍්ෂ්මි සහ නාරායන් වන අතර ඔවුන්ට අයත් කුමන දෙයක් වුවත් පැරණි වෙයි. ඔවුන් සියලු දෙනාගෙන්, පැරණිතම වන්නේ ශ්‍රී ක්‍රිෂ්ණාය. සියලු දෙනාගෙන් අළුත්ම කෙනා වූයේද ශ්‍රී ක්‍රිෂ්ණාය. ඔහු පැරණිතම කෙනා ලෙස හැඳින්වෙන්නේ ඇයි? ඔහු අතීතයේ ජීවත් වූ නිසා. ඔබ ලස්සණව සිටි අතර දැන් අවලස්සණ වී ඇත. තද නිල් පැහැති ක්‍රීෂ්ණාගේ ස්වරූපය දැකීමට මිනිසුන් බොහෝ සතුටු වෙයි. ඔවුන් ඔහුගේ ළදරු ස්වරූපයක්, තොටිල්ලක පවා නලවයි. ඔහු ලස්සණ වූයේ කවදාද කියා, ඔවුන් දන්නේ කෙසේද? ක්‍රිෂ්ණා කෙරෙහි ඔවුන් තුළ බොහෝ සෙනෙහසක් ඇති නමුත් රාධේ කළේ කුමක්ද (ඔවුන් තුළ ඇය කෙරෙහි එතරම් සෙනෙහසක් නොමැති වීමට)? පියා පවසන්නේ ඔබ මෙහි අසුන්ගෙන සිටින්නේ සත්‍යයේ ආශ්‍රයේ. ඔබ නරක ආශ්‍රයට ගිය විට ඔබට මාව අමතක වෙයි. මායා බොහෝ බලවත්ය. කිඹුලෙක් විසින් ඇතෙක් පවා ගිල දමන ලදි. පැන යාමට සූදානම් අය බොහෝ සිටියි. ඔවුන් තුළ අහංකාරකම සුළුවෙන් හෝ තිබෙයි නම්, ඔවුන් තමන් වෙනුවෙන් සියල්ල විනාශ කරගනී. අසීමිත පියා නොකඩවා ඔබට විස්තර කරයි. ඔබ මේ ගැන බලාපොරොත්තු බිඳ දමා, මෙසේ නොකිව යුතුයි බාබා මෙසේ පැවසුවේ ඇයි? මගේ ගරුත්වය නැති වුණා. අහා! නමුත් රාවණගේ රාජධානියේ ඔබ ඔබගේ සියලුම ගෞරවය දැනටමත් නැති කරගෙනයි සිටින්නේ. ඔබ ශරීර අවධානයට පත්වී ඔබගේ තත්ත්වය විනාශ කරගත් විට, ඔබ තමන්ට සිදුකරන්නේ හානියකි. සාපරාදි ඇසක, කෝපය සහ තන්හාව ද තිබේ. ඔබට තන්හාවක් ඇති වන්නේ, ඔබ ආශා කරන දෙයක් දුටු විට පමණයි. පියා පැමිණ, ඔහුගේ උයන දෙස බලා, විවිධ මල් දකියි. මෙහි පැමිණිමෙන් පසුව, ඔහු අනෙක් උයනේ මල් දෙස බලයි. මිනිසුන් ශිව බාබාට මල් ද පුදයි. ඔහු අශාරීරික ජීවමාන මලයි. ඔබත් එවන් මල් වීමට උත්සාහ දරමින් සිටිනවා. බාබා පවසන්නේ සිදුවී අවසන් සෑම දෙයක්ම නාටකය බව සලකන්න. ඒ ගැන නොසිතන්න. ඔබ බොහෝ උත්සාහ දරන නමුත් කිසිවක් සිදුවන බවක් නොපෙනෙයි ඉතිරිවන දෙයක් නැත. අහා! නමුත් පුරවැසියන්ද අවශ්‍යයි. කෙනෙක් මෙම ඥානයට සුළුවෙන් හෝ සවන් දෙන්නේ නම්, ඔහු පුරවැසියන් ගෙන් කෙනෙක් බවට පත් වෙයි. බොහෝ පුරවැසියන් නිර්මාණය වෙයි. මෙම ඥානයට වරක් සවන් දුන්නොත්, එය කිසිදා විනාශ විය නොහැක. මේ ශිව බාබා බව ඔවුන් ඇසූ සැනින්, එපමණයි! ඔවුන් පුරවැසියන්ගෙන් කොටසක් බවට පත් වෙයි. ඔබ අයත්ව සිටි රාජධානිය, නැවත වරක් ඔබට හිමි වන බවට අවධානය, ඔබගේ ඇතුලාන්තයේ තිබිය යුතුයි. ඒ සඳහා ඔබ පූර්ණ උත්සාහ දැරිය යුතුයි. සම්පූර්ණයෙන්ම නිවැරදි ලෙස, සේවය වර්ධනය වනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශිවාගේ දේවාලය වෙත යාම සඳහා, සියලු පාපයන් ඉවත් කරගන්න. මෙම ගනිකා මඩමෙන් නොකඩවා ඔබගේ හදවත ඉවත් කරගන්න. ශුද්‍රයන්ගේ ආශ්‍රයෙන් ඉවතට පියවර තබන්න.

2. සිදුවී අවසන් සෑම දෙයක්ම නාටකය බව වටහාගෙන ඒ ගැන නොසිතන්න. කිසි විටෙක අහංකාර නොවන්න. ඔබව නිවැරදි කළ විට, බලාපොරාත්තු සුන් කර නොගන්න.

වරදානය:
දුකින් සිටින ජීවාත්මයන්ට මෙම සතුට දන් දීමෙන්, ඔබ සතුටේ සම්පතින් පිරිපුන් වී, පුණ්‍යාත්මයක් වේවා.

මෙකල, සෑම මොහොතකම ලෝකයේ දුක ඇති අතර ඔබට සෑම මොහොතකම තිබෙන්නේ සතුටය. එබැවින් ශ්‍රේෂ්ඨතම පුණ්‍යකර්මය වන්නේ දුකින් සිටින ජීවාත්මයන්හට මෙම සතුට ලබා දීමය. ලෝකයේ මිනිසුන් සතුටින් සිටීමට තැත් කරමින් බොහෝ කාලය සහ මුදල් වැය කරයි, නමුත් ඔබට මෙම අවිනාශි සතුටේ සම්පත පහසුවෙන් ලැබී ඇත. දැන් ඔබට ලැබී ඇති දේ නොකඩවා අන් අය සමග බෙදා ගන්න, එපමණයි. එය බෙදා ගැනීම යනු එය වැඩි කර ගැනීමයි. ඔබට සතුට ඇති යම් ශ්‍රේෂ්ඨ ලැබීමක් හිමි වී ඇති බව, ඔබ සමග සම්බන්ධ වන සියලු දෙනාට අත්විදීමට සලස්වන්න.

පාඨය:
අත්දැකීම් ඇති ජීවාත්මයක් කිසි දේකින් මුලා කළ නොහැක. එවන් ජීවාත්මයක් සෑම විටම ජයගනි.