20.07.25    Avyakt Bapdada      Sinhala Murli     25.02.2006    Om Shanti    Madhuban


අද, මෙම උත්සව දිනයේ, මායාගෙන් නිදහස් වීමට, දයාවෙන් පිරිපුන් වීමට සහ මාස්ටර් විමුක්තිය දායකයෙක් විමට, උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඔබගේ මනසින් භාරයක් සිදු කරන්න. පරමාත්ම පියා සමග ආපසු නිවහනට යාම සදහා ඔහුට සමාන වන්න.


අද දින, සෑම තැනකම සිටින උපරිම ලෙස ආදරණීය දරුවන්ගෙන්, මිහිරිතම සෙනෙහස සහ උනන්දුවෙන් සහ උදයෝගයෙන් පිරි ස්මරණය සහ සුබ පැතුම් බාප්දාදා වෙතට ලගා වෙනවා. බාප්දාදාගේ උපන් දිනය වෙනුවෙන් සෑම කෙනෙකුගේම මනස තුල උද්යෝගයෙන් පිරි සුබ පැතුම් මුසු වී තිබේ. ඔබ සියළු දෙනාම විශේෂයෙන් මේ කාලයේ පැමිණ සිටින්නේ සුබ පැතුම් දෙන්නද, සුබ පැතුම් ලබා ගන්නද? බාප්දාදා ද සියළුම බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ ආදරණීය දරුවන්ගේ උපන් දිනය වෙනුවෙන් කෝටි කෝටි කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙනවා. මුළු කල්පය පුරාම නොපවතින, අද දවසේ විශේෂත්වය, දැන් පවතියි, එනම්, පියාගේ සහ දරුවන්ගේ උපන් දිනය එකවර සිදුවී ඇත. මෙය අද්විතීය ජයන්තිය (උපන් දිනය) ලෙස හැදින්වෙයි. ඔබ එවන් ජයන්තියක් සමරා තිබේද කියා මුළු චක්‍රය වටේම ගොස් බලන්න. කෙසේවෙතත් අද බාප්දාදා දරුවන්ගේ ජයන්තිය සමරන අතර දරුවන් බාප්දාදාගේ ජයන්තිය සමරනවා. එය හැදින්වෙන්නේ ශිව ජයන්තිය ලෙසයි, නමුත්, මෙය කෙබදු ජයන්තියක්ද යත්, වෙනත් බොහෝ ජයන්ති: මෙම එක ජයන්තිය තුල මුසු වී තිබේ. ඔබ පරම පියාට සුබ පැතුම් ලබා දීමට පැමිණිම සහ පියා ඔබට සුබ පැතුම් ලබා දීමට පැමිණීම ගැන ඔබ සියළු දෙනාද බොහෝ සතුටු වනවා, මන්ද, පියාට සහ දරුවන්ට එකම දිනයේ උපන් දිනයක් තිබීම, ගැඹුරු සෙනෙහසේ ලක්ෂණයකි. පියාට දරුවන් නොමැතිව කිසි දෙයක් කළ නොහැකි අතර දරුවන්ට පියා නොමැතිව කිසි දෙයක් කළ නොහැක. උපන් දිනය එකම දිනයේ තිබෙන අතර අප සංගම යුගයේ එකට සිටිය යුතුයි, මන්ද පියා සහ දරුවන් ඒකාද්ධ වී සිටියි. ලෝක පරිවර්ථන කාර්යය එකට එකතුවී තිබේ; පියාට එය තනිව කළ නොහැකි අතර දරුවන්ටද එය තනිව කළ නොහැක. අප එකට සිටින අතර පියාගේ පොරොන්දුව වන්නේ: අප එකට ජීවත් වී එකට ආපසු නිවහනට යනවා. අප ආපසු යන්නේ එකට නේද? ඔබ මෙය පොරොන්දු වී තිබෙනවා නේද? පියෙක් සහ දරුවන් අතර ඔබ මින් පෙර කිසිදා මෙවන් සෙනෙහසක් දැක තිබෙනවාද? ඔබ එය දැක තිබෙනවාද, නැත්නම් ඔබ එය අත්විදිනවාද? මෙම සංගම යුගය වැදගත් වන්නේ සහ මෙම උත්සවයේ සිහිවටනය බොහෝ මේලාවන්හි නිර්මාණය කර තිබෙන්නේ මේ නිසයි. මෙම ශිව ජයන්ති දිනයේ , බැතිමතුන් කන්නලව් කරමින් සිටියි: “එන්න!” ඔවුන් මෙසේ සිතමින් සිටිනවා: “ඔහු කවදා පැමිණෙයිද? ඔහු කෙසේ පැමිණෙයිද?” නමුත් ඔබ සමරනවා.

බාප්දාදා තුල බැතිමතුන් කෙරෙහි සෙනෙහස තිබෙන අතර ඔවුන් කෙරෙහි අනුකම්පාවක්ද ඇත. ඔවුන් බොහෝ උත්සාහ දරන අතර නොකඩවා බොහෝ සේ ඔහුව සොයමින් සිටියි. ඔබ ඔහුව සෙව්වාද? නැත්නම් පරම පියා ඔබව සොයා ගත්තාද? කවුරු, කාවද සොයන්නේ? ඔබ ඔහුව සෙව්වද? ඔබ නිකම්ම වටේ සැරිසැරුවා. කෙසේවෙතත්, පියා දෙස බලන්න, ඔබ කුමන කොණක නැති වී සිටියත්, ඔහු ඔය දරුවන්ව සොයාගත්තා. බොහෝ දෙනෙක් භාරතයේ බොහෝ ප්‍රාන්ත වලින් පැමිණියා; එමෙන්ම විදෙස් රටවල්ද අඩු නැත. ඔය දරුවන් රටවල් 100කින් ඇවිත් සිටින අතර ඔබ දැරූ උත්සාහය කුමක්ද? පරම පියාට අයිති වීමට ඔබ දැරූ උත්සාහය කුමක්ද? ඔබ යම් උත්සාහයක් දැරුවාද? ඔබ එසේ කළාද? පියාට අයත් වීමට උත්සාහ දැරූ අය අත් ඔසවන්න! භක්තියේදි පියාව සොයා ගැනීමට ඔබ උත්සාහ දැරුවා, නමුත් පියා ඔබව සොයා ගත් පසුව, ඔබ කිසිදු උත්සාහයක් දැරුවාද? ඔබ තත්පරයකදි ගනුදෙනුවක් සිදු කළා. ගනුදෙනුව සිදුකළේ එක වචනයකින් පමණයි. එම එක වචනය කුමක්ද? “මගේ”. දරුවන් “මගේ බාබා” කියූ අතර පරම පියා “මගේ දරුවන්” යයි පැවසීය. ගනුදෙනුව නිම කළා. මෙම ගනුදෙනුව පහසුද, අපහසුද? එය පහසුයි නේද? එය ටිකක් අපහසු බව දැනෙන අය, අත් ඔසවන්න! ඇතැම් විටෙක ඔබට එය අපහසු බව දැනෙයි, එහෙම නේද? එසේ නැත්නම් එය අපහසු නැති බව ඔබට දැනෙනවාද? එය පහසුයි, නමුත් එය අපහසු බවට අත්දැකීම ඔබට ගෙන දෙන්නේ ඔබගේ දුර්වලතාය.

සැබෑ බැතිමතුන් වන අය - ආත්මාර්ථකාමී බැතිමතුන් නොව, සැබෑ බැතිමතුන් - මෙම දිනයේ බොහෝ සෙනෙහසින් යුතුව උපවාසයක යෙදෙයි. උපවාසයක යෙදීමට ඔබ සියළු දෙනාද භාරයක් සිදු කර ඇත. ඔවුන් දින කිහිපයක් පමණක් උපවාසයේ යෙදෙන අතර ඔබ සියළු දෙනා උපවාසයක යෙදීමට, කෙබදු භාරයක් සිදු කර තිබේද යත්, මෙම වත්මන් කාලයේ භාරය, උපත් 21කට සදාතනිකව පවතියි. ඒ මිනිසුන් සෑම වසරකදීම සමරා, උපවාසයක යෙදෙයි, නමුත් ඔබ කල්පයකට එක වරක් උපවාසයේ යෙදීමට මෙය භාරයක් බවට පත් කළා, මන්ද, එවිට උපත් 21කට උපවාසයක යෙදීමට, ඔබට මනසින් භාරයක් වීමට අවශ්‍ය නොවන අතර, ඔබට භෞතිකව උපවාසයක යෙදීමටද අවශ්‍ය නොවෙයි. ඔබ ද උපවාසයක යෙදෙයි. ඔබ රකින්නේ කුමන උපවාසයද? පිවිතුරු ආකල්පයක්, පිවිතුරු දැක්මක් සහ ක්‍රියා: පිවිතුරු ජීවිතයක් ගත කිරීමට ඔබ භාරයක් වී ඇත. ඔබගේ ජීවිතයම පිවිතුරු වී ඇත. එය බඹසර රැකීමේ පිවිතුරු බව පමණක් නොව, නමුත් ඔබගේ ජීවිතයම තුල, ඔබගේ ආහාර, සහ-සම්බන්දතා, ලෝකය සහ සංස්කාර යන සියල්ල පිවිතුරුයි. උපවාසයක යෙදීමට ඔබ එවන් භාරයක් සිදුකර තිබෙනවා නේද? එසේ කර තිබෙනවාද? අඩු තරමින් එකගතාවයෙන් හිස වනන්න. ඔබ එවන් භාරයක් සිදුකර තිබෙනවාද? ඔබ එය ස්ථිර කරගෙන තිබේද? එය ස්ථිරද, ටිකක් දුර්වලද? අච්චා, ඔබ මෙම භාරය සිදු කළේ, එක මහා නරක භූතාත්මය වන රාගයෙන් තොර වීමට උපවාසයක යෙදීමටද, නැත්නම් අනෙක් සතරෙන් තොර වීමේ උපවාසයක යෙදීමටත් ඔබ මෙම භාරය සිදු කර තිබේද? ඔබ බ්‍රහ්මචාරී වී ඇත, නමුත් පසුපසින් පැමිණෙන අනෙක් සතරෙන් තොර වීමේ උපවාසයේ යෙදීමේ භාරයත් ඔබ සිදුකර තිබේද? කෝපයෙන් නිදහස් වීමේ උපවාසයේ භාරය ඔබ සිදු කළාද? නැත්නම් ඔබට එයට අවසර තිබෙනවාද? කෝප වීමට ඔබට අවසර දී තිබේද? එය දෙවන අංකය නිසා එයට කමක් නැද්ද? එය එසේ නොවෙයි නේද? මහා නරක භූතාත්මය, ඉතාම විශාල නරක භූතාත්මයක් කියා ඔබ සලකන බැවින්, ඉන් උපවාසයක යෙදීමට ඔබ මනසින්, වචන වලින් සහ ක්‍රියාවෙන් ස්ථිර භාරයක් සිදුකර ඇති සේම, කෝපයේ උපවාසයක යෙදීමටත් ඔබ භාරයක් සිදු කර තිබෙනවාද? කෝපයෙන් නිදහස් වීමේ ස්ථිර උපවාසයක භාරයක් තමන් සිදු කර ඇති බව සිතන අය සිටිනවාද? දරුවන් හෝ දරු පරම්පරාව - තන්හාව, බැදීම් සහ අහංකාරකම - පැමිණෙන්නේ පසුවයි, නමුත් අද, බාප්දාදා විමසන්නේ කෝපය ගැනයි. ඔබගේ සිතිවිලි වල කෝපය නොතිබීමට මෙන්ම ඔබගේ මනසේ කෝපයේ හැගීම් නොතිබීමට, කෝපයේ උපවාසයේ සම්පූර්ණ භාරය සිදුකළ කවුරුන් හෝ සිටිනවාද? අද එය ශිව ජයන්තියයි. බැතිමතුන් උපවාසයේ යෙදෙනවා, එබැවින් බාප්දාදාද ඔබගේ උපවාසය ගැන ඔබගෙන් විමසනු ඇති නේද? ඔවුන්ගේ සිහින වල පවා සුළු කෝපයක සලකුණක් වත් තිබිය නොහැකි බව හැගෙන අය අත් ඔසවන්න! එයට කිසිසේත්ම පැමිණිය නොහැක. කවුරුන් හෝ සිටිනවාද? එය කිසිදා එන්නේ නැද්ද? එය විටෙක එනවාද? (සමහරු ඔවුන්ගේ අත් එසවූවා). අච්චා, අත් එසවූ අයගේ ඡායාරූපයක් ගන්න, මන්ද, ඔබ අත් එසවීමෙන් පමණක් බාප්දාදා එය පිලිගන්නේ නැහැ; ඔබගේ සහකරුවන්ගෙන්ද ඔහු සහතිකයක් ඉල්ලනවා. ඉන්පසුව ඔහු තෑග්ගක් ලබා දෙනවා. එය හොදයි, මන්ද කෝපයේ සලකුණක් වන්නේ ඊර්ෂ්‍යාව බවද බාප්දාදා දැක තිබෙනවා. ඊර්ෂ්‍යාව යනු කෝපයේ දරුවෙකි. ඔවුන් එඩිතරව සිටීම හොදයි, එබැවින් බාප්දාදා ඔවුන්ට සුබ පැතුම් ලබා දෙනවා. කෙසේවෙතත්, ඔබට තෑග්ගක් ලබා දෙන්නේ ඔහුට සහතිකයක් ලැබීමෙන් පසුවයි, මන්ද, බාප්දාදා ඔබට ලබා දුන් ගෙදරවැඩ වල ප්‍රතිඵලත් ඔහු බලනවා.

අද, ඔබ මෙම උපන් දිනය සමරනවා. ඉතිං, උපන් දිනයක සිදු කරන්නේ කුමක්ද? පලමුව කේක් එකක් කපනවා. ඉතිං දැන් මාස දෙකක් වී ඇති අතර තව මාසයක් ඉතිරිව තිබේ. මේ මාස දෙකේදි ඔබගේ නිෂ්ඵල සිතිවිලි වල කේක් එක ඔබ කැපුවාද? ඔබ එම කේක් එක ඉතා පහසුවෙන් කපනවා නේද? ඔබ අදත් එය කපයි, නමුත් ඔබ නිෂ්ඵල සිතිවිලි වල කේක් කැපුවාද? ඔබට එය කැපීමට සිදුවෙයි නේද? මන්ද පරම පියා සමග ආපසු නිවහනට යාමට ඔබ ස්ථිර පොරොන්දුවක් වී තිබෙනවා නේද? ඔබ එකට සිටින බවත් එකට ආපසු යන බවටත් පොරොන්දු වී තිබේ. එකට ආපසු යාමට අවශ්‍ය නම් ඔබට සමාන වීමට සිදුවෙයි නේද? ටිකක් ඉතිරිව ඇත්නම්, එවිට මාස දෙකක් සම්පූර්ණ වී තිබේ. අද මෙම උපන් දිනය සැමරීමට ඔබ බොහෝ ස්ථාන වල සිට පැමිණ සිටිනවා. ඔබ ගුවන්යානා, දුම්රිය සහ මෝටර් රථ වලින් ඇවිත්. ඔබ මෙහි දුවගෙන පැමිණීම ගැන බාප්දාදා සතුටු වනවා. කෙසේවෙතත් උපන් දිනයකදි ප්‍රථමයෙන් තෑග්ගක් ලබා දෙනවා, එබැවින් මාසයක් ඉතිරිව තිබෙන අතර ඉන්පසුව හෝලිද පැමිණෙයි. හෝලි වලට ඔබ යමක් පුළුස්සා දමයි. එබැවින් ඉතිරිව ඇති කුමන හෝ සුළු නිෂ්ඵල සිතිවිලි බීජ, ඒවා කද මතු කරයි, හෝ ඇතැම් විට අතු පවා මතු වීම සිදු කරවයි. එබැවින් අද, මෙම උත්සවය දිනයේ, ඔබගේ මනසේ උනන්දුව සහ උද්යෝගයෙන් - වචන වල පමණක් උනන්දුව සහ උද්යෝගය නොවෙයි, නමුත් ඔබගේ මනසේ උනන්දුව සහ උද්යෝගයෙන් - ඉතිරිව ඇති සුළු ප්‍රමාණය වුනත්, එය ඔබගේ සිතිවිලි, වචන හෝ ඔබගේ නෑ සබදතා වල වුවද, පරම පියාගේ උපන්දිනය දවසේ, ඔබට මෙම තෑග්ග පියාට ලබා දිය හැකිද? මනසේ උනන්දුව සහ උද්යෝගයෙන් ඔබට එය ලබා දිය හැකිද? එය ඔබගේ යහපත වෙනුවෙන් බව, පියා දැකිය යුතුයි. මෙය අනිවාර්යෙන් සිදුකර පෙන්වන බවට උනන්දුවෙන් සහ උද්යෝගයෙන් එඩිතරව රැදී සිටි අය, ඔවුන් නියත වශයෙන්ම හොදම අය බවට පත්වන බව, අත් ඔසවන්න! ඔබට යමක් අත් හරින්නට සිදුවෙයි; එබැවින් ප්‍රවේසමින් සිතා බලන්න. ඔබගේ වචන වලින් වත් නොව, ඔබගේ නෑ සබදතා වලින් වත් නොව. ඔබට මෙපමණ එඩිතරකමක් තිබෙනවාද? ඔබට එඩිතරකම තිබෙනවාද? මධුබන් වල අයට සහ විදෙස් රටවල අයට එය තිබේ; භාරතයේ ජනයාටද එඩිතරකම තිබෙනවා, මන්ද, බාප්දාදා තුල ඔබ කෙරෙහි සෙනෙහස තිබෙන නිසා, අප සියළු දෙනාම එකට ආපසු යා යුතු බව, එමෙන්ම කිසිවෙක් දමා නොයා යුතු බව ඔහුට හැගෙයි. ඔබ පියා සමග ආපසු යන බවට පොරොන්දු වී ඇති බැවින්, ඔබ සමාන විය යුතුයි. ඔබ තුල පියා කෙරෙහි සෙනෙහස තිබෙනවා නේද? ඔබ අපහසුවෙන් අත් එසවූයේ නැහැ නේද?

මෙම සමූහය තුල, මෙම බ්‍රහ්මින් පවුලේ සියළු දෙනාට පියා හා සමාන මුහුණු තිබෙනවා දැකීම බාප්දාදාගේ පැතුමයි. අධිෂ්ඨානගත සිතිවිලි ඇති කිරීමේ එඩිතරකම සරලව ඇති කරගන්න. එය මහ ලොකු දෙයක් නොවෙයි, නමුත් දරා ගැනීමේ බලය සහ ඉඩ දීමේ බලය අවශ්‍යයි. දරා ගැනීමේ බලය සහ ඉඩ දීමේ බලය යන බල දෙක තිබෙන අයට පහසුවෙන් කෝපයෙන් නිදහස් විය හැක. ආශිර්වාදයක් ලෙසින් බාප්දාදා ඔය සියළුම බ්‍රහ්මින් දරුවන්ට සියළු බල ලබා දී තිබේ; ඔබගේ නම්බු නාමය වන්නේද මාස්ටර් සර්ව බලධාරීන්ය. එක පාඨයක් සරලව මතකයේ තබා ගන්න, එපමණයි. ඔබට එක මාසයකදි පමණක් සමාන වීමට අවශ්‍ය නම්, එක් පාඨයක් මතකයේ තබා ගන්න. එය පොරොන්දුවක්: දුක දෙන්න එපා, දුක ගන්න එපා. දවස පුරා ඔබ කිසිවෙකුට දුක් නොදුන් බවට ඔබගෙන් බොහෝ දෙනෙක් පරීක්ෂා කර බලයි, නමුත් ඔබ ඉතා පහසුවෙන් දුක් ගන්නවා. දුක ගැනීම සදහා, එය දෙන කෙනෙක් සිටිය යුතු අතර එබැවින් ඔබ මෙසේ කියමින් තමන්ව සාධාරණීය කරගන්නවා, “මා කිසිවක් කළේ නැහැ, අනෙක් පුද්ගලයා එය දුන්නා.” කෙසේවෙතත් ඔබ එය ගත්තේ ඇයි? ඔබ එය ගන්න කෙනාද, එය සිදු කරන කෙනාද? ඔබට දුක දුන්න කෙනා වරදක් සිදු කළා, එබැවින් එම කර්මික ගිනුම ගැන සහ නාටකය ගැන පරම පියා දන්නවා, නමුත් ඔබ එය ගත්තේ ඇයි? දුක් දීමේදී, ඔබ ඒ ගැන සිතන බව, බාප්දාදා ප්‍රතිඵලයේ දකිනවා, නමුත් ඒ තිබියදී, ඔබ ඉතා විගසින් දුක් ගන්නවා. ඔබට සමාන වීමට නොහැකි වන්නේ මේ නිසයි. කෙනෙක් ඔබට එය කෙතරම් සිදු කළත්, ඔබ එය නොගත යුතුයි. එසේ නැත්නම් “හැගීම්” යන රෝගය වැඩි වෙයි. එබැවින් සුළු කාරණා නිසා ඔබගේ හැගීම් වැඩි වන්නේ නම්, එවිට නිෂ්ඵල සිතිවිලි වලට අවසන් විය නොහැක. එසේ නම් ඔබ පරම පියා සමග ආපසු නිවහනට යන්නේ කෙසේද? පියා තුල ඔබ කෙරෙහි සෙනෙහස තිබෙන නිසා පියාට ඔබව තනි කර දමා යා නොහැක, ඔහු අනිවාර්යෙන්ම ඔබව ඔහු සමග රැගෙන යා යුතුයි. මෙයට එකගද? ඔබ එයට කැමතිද? ඔබ එයට කැමති නම් අත් ඔසවන්න! ඔබ පසුපසින් පැමිණෙන්නේ නැහැ නේද? ඔබට එකට ආපසු නිවහනට යාමට අවශ්‍ය නම්, ඔබට අනිවාර්යෙන්ම තෑග්ගක් දීමට සිදුවෙයි. එක මාසයක්, ඔබ සියළු දෙනාම මෙය අභ්‍යාස කරන්න: දුක නොදෙන්න සහ දුක නොගන්න. මෙසේ නොකියන්න, “මා ඔහුට දුක් නොදුන්න නමුත්, ඒ කෙනා එය ගත්තා.” සිදුවීම් සිදුවෙයි. අන් අය දෙස නොබලන්න, තමන් දෙස බලන්න. මා “ඔ් අර්ජුනා” විය යුතුයි.

බලන්න, බාප්දාදා වාර්ථාව දැක ඇති අතර, තවමත් වැඩි දෙනෙකුට, එය තෘප්තිමත් වාර්ථාවක් නොවීය. මේ නිසයි බාප්දාදා එක මාසයකට එය වැදගත් බව පවසන්නේ. ඔබ මෙය එක මාසයක් පුහුණු කරන්නේ නම්, ඔබ මෙම පුරුද්ද හදා ගිනිවි. ඔබ මෙම පුරුද්ද ධාරණය කරගත යුතුයි. එය සැහැල්ලුවෙන් නොගන්න, මෙසේ, “මෙය කොහොමත් සිදුවෙනවා. මේ තරම සෑහෙයි.” නැහැ. ඔබ තුල බාප්දාදා කෙරෙහි සෙනෙහස ඇත්නම්, සෙනෙහස නිසා ඔබට කෝපයේ මෙම එක අවගුණය කැප කළ නොහැකිද? කැප කිරීමේ ලක්ෂණය වන්නේ නියෝග පිලිපදින කෙනෙක් වීමයි. අවසන් නිමේශයන්හිදි, නිෂ්ඵල සිතිවිලි ඔබව බොහෝ මුලා කළ හැක, මන්ද, සෑම තැනකම ඔබව ආකර්ෂණය කරන දුක් වාතාවරණයක්, ස්වභාවයේ වාතාවරණයක් සහ ජීවාත්මයන්ගේ වාතාවරණයක් තිබෙයි. ඔබට නිෂ්ඵල සිතිවිලි වල පුරුද්ද ඇත්නම්, ඔබ නිෂ්ඵල සිතිවිලි වල ගැටළුව තුල සිර වී සිටියි. එබැවින් අද, බාප්දාදාට විශේෂයෙන් එඩිතරකමේ සිතිවිල්ල ඇති විය: ඔබ විදේශයක වාසය කළත් භාරතයේ වාසය කළත්, ඔබ සියළු දෙනාම එක බාප්දාදාගේ දරුවන්ය. එබැවින් සෑම තැනකම සිටින ඔය සියළුම දරුවන්ට සාර්ථකත්වයේ ප්‍රතිමූර්ති වී, ලෝකයට මෙය නිවේදනය කිරීමට එඩිතරකම සහ අධිෂ්ඨානය තිබිය යුතුයි: “රාගය හෝ කෝපය නොමැත. අපි පරමාත්ම දෙවියන්ගේ දරුවන්.” දුම්වැටි සහ මත්පැන් අත්හැරීමට ඔබ අන් අයට මගපාදයි, නමුත් අද බාප්දාදා ඔබව දිරිමත් කරන්නේ කෝපය සහ රාගය යන පාපයන්ගෙන් නිදහස් වීමට සහ ලෝක වේදිකාව මත මෙය හුවා දැක්වීමටයි. ඔබ එයට කැමතිද? දාදීන් එයට කැමතිද? පලමු පේළියේ අය එයට කැමතිද? මධුබන් වල අය එයට කැමතිද? මධුබන් වල අය පවා එයට කැමති. විදෙස් රටවල අය එයට කැමතිද? එසේ නම් ඔබ කැමති දෙයක් කිරීම මහ ලොකු දෙයක්ද? බාප්දාදා ද අතිරික්ත කිරණ ලබා දෙයි. කාලය අඩ ගසමින් සිටින නිසා, ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගන්නා බ්‍රහ්මින් පවුල මෙය බවට පිංතූරයක් දිස් විය යුතුයි. පෙර ගමන් ගිය අයගේ (advance party) හදවතේ හඩත් බාප්දාදාට ඇසෙනවා. මායා පවා දැන් විඩාවට පත්වී සිටිනවා. ඇයටත් දැන් අවශ්‍ය වී ඇත්තේ අප ඇයව නිදහස් කළ යුතු බවයි. ඔබ ඇයට නිදහස ලබා දෙනවා, නමුත් විටින් විට ඔබ ඇය සමග සුළු කුළුපගකමක් ඇතිකර ගනීයි, මන්ද, ඔබ උපත් 63ක් ඇය සමග මිතුරුව හිද ඇත. එබැවින් බාප්දාදා පවසන්නේ: ඔ මාස්ටර් විමුක්ති දායකයනි, දැන් සියළු දෙනාටම විමුක්තිය පිරිනමන්න, මන්ද ඔබ මුළු ලෝකයටම යමක් ලබා ගැනීමට මග පෑදිය යුතු නිසා; ඔබ බොහෝ දේ කළ යුතුයි, මන්ද වත්මන් සමයේ, කාලය ඔබගේ සහකරු බැවින්. සියළුම ජීවාත්ම විමුක්තිය ලබා ගත යුතුයි. මෙය, එයට කාලයයි. වෙනත් කාලයකදී, ඔබ උත්සාහ දැරුවත්, එය කාලය නොවෙයි නම්, ඔබට එය පිරිනැමිය නොහැක. එය දැන් කාලයයි, ඒ නිසයි බාප්දාදා පවසන්නේ: පලමුව තමන්ට විමුක්තිය පිරිනමන්න, ඉන්පසුව ලෝකයේ සියළුම ජීවාත්මයන්ට විමුක්තියේ බිදක් ලබා දෙන්න. ඔවුන් කන්නලව් කරමින් සිටිනවා: දුකින් සිටින අයගේ කන්නලව්වේ හඩ ඔබට ඇසෙන්නේ නැද්ද? ඔබ තමන් සමග කාර්යබහුලව සිටින්නේ නම්, ඔබට හඩ ඇසීමට නොහැකි වෙයි. ඔවුන් නැවත නැවතත් මෙම ගීතය ගායනා කරයි: “දුකින් සිටින අපට අනුකම්පා කරන්න!” දීර්ග කාලයක් පුරා ඔබ තමන්ව දයාවේ සහ කාරුණික වීමේ සංස්කාර වලින් පුරවන්නේ නැත්නම්, ඔබගේ අජීවී ප්‍රතිමා, දයාව, කරුණාව සහ සානුකම්පිත වීමේ චිත්ත තරංග වලින් ඔබ පුරවන්නේ කෙසේද?

තඹ යුගයෙදි, ඔබත් ඔබගේ අජීවී ප්‍රතිමා තුලින් දයාවන්ත වී, සියළු දෙනාටම දයාවන්ත වෙයි කියා, ඔය ද්විත්ව විදේශිකයන්ට වැටහෙනවාද? ඒවා ඔබගේ ප්‍රතිමා නේද? නැත්නම් ඒවා ඉන්දියාවේ අයගේ ප්‍රතිමාද? ඒවා ඔබගේ ප්‍රතිමා බව, ඔය ද්විත්ව විදේශිකයන් විශ්වාස කරනවාද? ඉතිං, එම ප්‍රතිමා ලබා දෙන්නේ මොනවාද? එම ප්‍රතිමා ඉදිරියට මිනිසුන් ගිය විට ඔවුන් ඉල්ලන්නේ මොනවාද? ඔවුන් නොකඩවා “අනුකම්පාව, අනුකම්පාව” කියා මතුරයි. ඉතිං, දැන් සංගම යුගයෙදි, තඹ සහ කලි යුග කාල වකවානු වෙනුවෙන්, මෙම චිත්ත තරංග වලින් ඔබගේ ජීවමාන පිලිරූ ඔබ පිරවූ විට පමණයි, ඔබගේ අජීවී ප්‍රතිමා වලින් මිනිසුන්ට අත්දැකීමක් ලැබෙන්නේ. බැතිමතුන්ට නියත වශයෙන්ම සෙතක් සිදුවෙයි, එහෙම නේද? බැතිමතුන්ද ඔබගේ පෙළපතේ අයයි, එහෙම නේද? ඔබ සියළු දෙනාම මී මුත්තාගේ දරුවන්, එබැවින් ඔවුන් බැතිමතුන් වුනත්, දුකෙන් සිටින අය වුනත්, ඔවුන් ඔබගේ පෙළපතේ අයයි. එබැවින් ඔබට අනුකම්පාවක් දැනෙන්නේ නැද්ද? ඔබට එය දැනෙයි, නමුත් ඔබ වෙනත් තැනක ටිකක් කාර්යබහුල වෙයි. දැන් තමන් වෙනුවෙන් උත්සාහ දැරීම වෙනුවෙන් ඔබ බොහෝ කාලයක් ලබා නොදිය යුතුයි. අන් අයට ලබා දීමට කාලය ගන්න, එවිට මෙම දීම, ලැබීමේ ස්වරූපයක් වෙයි. සුළු කාරණා වල සිර නොවන්න. විමුක්ති දිනය සමරන්න. අද දිනය, විමුක්ති දිනය ලෙස සමරන්න. මෙය හොදයිද? ඔව්, පලමු පේළිය, මෙය හොදද? මධුබන් වාසීන්, මෙය හොදද? අද, මධුබන් නිවාසීන් බොහෝ සුන්දර ආකාරයට දිස්වනවා, මන්ද සියළු දෙනාම ඉතා විගසින් මධුබන් අයව අනුගමනය කරයි. මධුබන් අයව, මිනිසුන් සෑම ආකාරයකින්ම ඉතා විගසින් අනුගමනය කරනවා. එබැවින් මධුබන් වල අය විමුක්තියේ දිනය සමරන්නේ නම්, අන් අය එය අනුගමනය කරයි. ඔය සියළුම මධුබන් වාසීන්, මාස්ටර් විමුක්තිය පිරිනමන්නන් විය යුතුයි. ඔබට එසේ විමට අවශ්‍යද? (සියළු දෙනාම අත් එසවීය.) බොහෝ දෙනෙක් සිටිනවා. අච්චා.

ඔබ පෞද්ගලිකව මෙහි අසුන් ගෙන සිටියත්, ඔබ මේ දේශයේ හෝ දුර ඈත විදෙස් රටක අසුන්ගෙන සවන් දෙමින් නරඹමින් සිටියත්, බාප්දාදා ඔය සියළුම දරුවන් ලවා අභ්‍යාසයක් සිදු කරවනවා. ඔබ සියළු දෙනාම සූදානම්ද? සියළු සිතිවිලි මුසුකර ගන්න. දැන් එක් තත්පරයකදී, ඔබගේ මනසින් සහ බුද්ධියෙන් ඔබගේ මිහිරි නිවහනට යන්න. දැන් පරම දනව්වේ සිට, සූක්ෂ්ම දේශයට යන්න. දැන් සූක්ෂ්ම දේශයේ සිට, එම භෞතික ලෝකයේ ඔබගේ දෙව්ලොව රාජධානියට යන්න. දැන් ඔබගේ වඩාත්ම සුබදායක සංගම යුගයට එන්න. දැන් මධුබන් වලට එන්න. මේ ආකාරයට නැවත නැවතත් නොකඩවා ස්ව-දර්ශන චක්‍රධාරීන් වී, අඛණ්ඩව චක්‍රය වටා යන්න. අච්චා.

සෑම තැනකම සිටින ඔය ආදරණීය සහ භාග්‍යවන්ත දරුවන්ට, ස්ව-ආධිපත්‍යය තුලින් නිරන්තරයෙන් ස්ව-පරිවර්ථනය ගෙන එන සියළුම රජ දරුවන්ට, අධිෂ්ඨානයෙන් නිරතුරු ජය ලබන සාර්ථකත්වයේ තාරකාවන්ට, නිරන්තරයෙන් සතුටින් රැදී සිටින සියළුම දරුවන්ට, අද බාප්දාදාගේ සහ දරුවන්ගේ උපන් දිනය වෙනුවෙන් බොහෝ බොහෝ ශුභ පැතුම්, ආශිර්වාද, සෙනෙහස සහ ස්මරණය. එවන් ශ්‍රේෂ්ඨ දරුවන්ට නමස්තේ.

වරදානය:
ලෝකයට යහපත සැලසීමේ ඔබගේ වගකීම වටහාගැනීමෙන්, ඔබ මාස්ටර් නිර්මාණකරුවෙක් ලෙස, ඔබගේ කාලය සහ බල, අරපිරිමැස්මෙන් භාවිතා කරත්වා.

ලොකයේ සියළුම ජීවාත්ම, ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ගේ පවුලට අයිතියි, එමෙන්ම, පවුලක් විශාල වන තරමට ඔබ අරපිරිමැසීම ගැන වැඩියෙන් සැලකිලිමත් විය යුතුයි. ඔබගේ මුළු කාලය සහ බල, අරපිරිමැස්මෙන් භාවිතා කර, සියළු ජීවාත්ම ඔබ ඉදිරියේ තබා ගනිමින්, අසීමිත සේවය සදහා තමන් උපකරණයක් බව සළකන්න. තමන් වෙනුවෙන් පමණක් උපයා ගැනීම, එය කා දමා අවසන් කිරීම - ඒ අන්දමින් නොසැලකිලිමත් නොවන්න. ඔබගේ සියළු සම්පත් අය වැය ගත කරන්න. මාස්ටර් නිර්මාණකරුවෙක් වීමේ ආශිර්වාදය ඔබගේ අවධානයේ තබාගෙන, සේවය කිරීම සදහා කාලය සහ බල තොගයක් රැස් කරගෙන තබාගන්න.

පාඨය:
මහා දානපතියෙක් යනු, තම සිතිවිලි සහ වදන් තුලින්, ජීවාත්මයන්ට අඛණ්ඩව ආශිර්වාද ලබා ගැනීමට මගපාදන කෙනෙකි.

අව්‍යක්ත සංඥාව: සිතිවිලි බලය රැස් කර, ශ්‍රේෂ්ඨ සේවය සදහා උපකරණයක් වන්න.

ඔබට කුමන සූක්ෂ්ම බල තිබුනත්, ඒවා ඇමතිවරු හෝ මහා ඇමතිවරු වුනත්, ඔබගේ නියෝග යටතේ ඒවාගෙන් වැඩ ගන්න. ඔබගේ රාජකීය අධිකරණය දැන් හොදින් ක්‍රියාත්මක වන්නේ නම්, ඔබට ධර්මරාජ්ගේ අධිකරණයට යාමට සිදු නොවෙයි. ධර්මරාජ් පවා ඔබව සාදරයෙන් පිලිගනිවි. කෙසේවෙතත්, ඔබට දැන් පාලන බලයක් නොමැති නම්, අවසන් ප්‍රතිඵලයෙදි, දඩ ගෙවීම සදහා ඔබට ධර්මරාජ්ගේ දේශයට යාමට සිදුවෙයි. දඩුවම වන්නේ දඩ ගෙවීමය. සම්පූර්ණයෙන් පිරිසිදු වන්න, එවිට ඔබට කිසිදු දඩයක් ගෙවීමට සිදු නොවෙයි.

දැන්වීම: අද මාසයේ තුන්වන ඉරු දිනයයි, සියළු සහෝදර සහෝදරියන් ප:ව 6.30 සිට 7.30 දක්වා සාමූහිකව යෝගාවේ අසුන් ගෙන මෙය අත්විදියි: බැතිමතුන්ගේ කන්නලව්වට සවන් දී, ඔබගේ දයාවන්ත සහ දේවතා ස්වරූපයේ දානපතියෙක් වී, සියළු දෙනාගේ ආශා ඉටු කිරීමට සේවය කරන්න.