20.11.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබට මායා පරාජය කළ හැක්කේ ’මන්මනාභව්‘ යන මන්ත්‍රය මඟින් ඔබගේ මනස විනීතභාවයට පත්කර ගැනීමෙන් පමණයි. සෑම කෙනෙක් හටම මෙම මන්ත්‍රය ගැන සිහිපත් කරවන්න.

ප්‍රශ්නය:
මෙම අප්‍රමාණ වූ නාටකයේ උසස්තම වු කම්කරුවන් වන්නේ කවුරුන්ද? ඒ කුමන ආකාරයෙන්ද?

පිළිතුර:
මෙම පැරණි ලෝකය පිරිසිඳු කර ලීමෙහි ලා, උර දෙන්නා වු එකම උසස්තම කම්කරුවන් වන්නේ ස්වභාවික වියසනයි. මෙම ලෝකය භූමිකම්පා හා ගංවතුර ආදියෙන් පිරිසිඳු වන්නට පටන් ගන්නවා. පරමාත්ම දෙවියන් විසින් කිසිම කෙනෙකුට මේ සඳහා උපදෙස් දෙන්නේ නැහැ. පියා විසින් ඔහුගේ දරුවන් විනාශ කර දමන්නේ කෙසේද? මෙම නාටකයේ ඔවුන්ගේ චරිත කොටස වන්නේ මෙයයි. මෙය රාවන්ගේ රාජ්‍යය වන නිසා ඒවා සත්‍යය විසින් මෙහෙයවන්නා වු වියසන ලෙස හැඳින්විය නොහැක.

ඕම් ශාන්ති.
’දරුවනි, මන්මනාභව් තත්ත්වයට පත්වන්න!‘ කියා ඔබට කියන්නේ බාබා පමණයි. දරුවන් හට මෙහි හිඳගෙන පියා හට විස්තර කර දෙන්නට බැහැ. ’ශිව බාබා, මන්මනාභව් තත්ත්වයට පත්වන්න!‘ කියා කීමට දරුවන් හට බැහැ. නැහැ, ඇත්තෙන්ම දරුවන් එකට හිඳගෙන කතාබස් කරමින් සිටින විට, ඔවුන් නොයෙකුත් ආකාරයේ අදහස් රැගෙන එනවා. නමුත් උසස්තම වන එකම මන්ත්‍රය තමයි බාබා විසින් ඔබ හට දෙනු ලබන මන්ත්‍රය. ගුරූන් නොයෙකුත් ආකාරයේ මන්ත්‍ර ලබා දෙනවා. නමුත් එම ක්‍රමය ආරම්භ වුයේ කවදා සිටද? බාබා, ඒ නව ලෝකය නිර්මාණය කරන තැනැත්තා විසින් ප්‍රථමයෙන්ම මේ ’මන්මනාභව්‘ යන මන්ත්‍රය ඔබට ලබා දෙනවා. මෙය හඳුන්වන්නේ මනස විනීත කර ගැනීම සඳහා වු මන්ත්‍රය ලෙසයි. මායා පරාජය කිරිමේ මන්ත්‍රය මෙයයි. මෙය ඇතුලාන්තයෙන් මැතිරීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඔබ විසින් මෙය හොඳින් තේරුම් ගත යුතුයි. බාබා ඔබට මෙහි අර්ථය පැහැදිලි කර දෙනවා. ගීතාවේ මෙම මන්ත්‍රය ලියා තිබෙනවා. නමුත් කිසිම කෙනෙක් මෙහි අදහස දන්නේ නැහැ. මෙම කාලය තමයි ඒ ගීතාවේ කථා වස්තුව සිදුවන අවස්ථාව වන්නේ. නමුත් එය ලියා ඇති තැනැත්තාගේ නම ඔවුන් විසින් වෙනස් කර තිබෙනවා. භක්ති මාර්ගයේදි ඔවුන් නොයෙකුත් ආකාරයේ විශාල පොත් නිර්මාණය කරනවා . කොහොමනමුත්, බාබා මෙහි හිඳගෙන දරුවන් හට මෙය විස්තර කර දෙනවා. දරුවනි, බාබාගේ ජීවාත්මය තුළ තිබෙන දැනුම දැන් ඔබගේ ජීවාත්මය තුළට ද ඇතුළු වනවා. මෙම පින්තූරය නිර්මාණය වී ඇති ආකාරය නිසා ඔබට මෙම දැනුම විස්තර කර දීම බොහෝ පහසු වනවා. දරුවනි, ඔබ මේ සෑම ඥාන කරුණක්ම ඔබගේ බුද්ධිය තුළ තබා ගත යුතුයි. එකල එහි වුයේ එකම ආදී සනාතන දේවී දේවතා ධර්මය පමණක් බව ඔබට තේරෙනවා. ඒ ආදී සනාතන දේවී දේවතා ධර්මය මෙහි තිබෙන කළ මෙහි වෙන කිසිම දේශයක් තිබුණේ නැහැ. මේ අනෙකුත් දේශයන් සියල්ලම බිහි වූයේ ඉන් පසුවයි. භාරතයේ ඔවුන්ගේ රාජ්‍යය මෙහි තිබෙන කළ වෙන කිසිම දේශයක් මෙහි නොතිබුණු බව පෙන්වීමට ඔබ විසින් කොතැනැක හෝ මෙම පින්තූරය තැබීය යුතුයි. මේ වන විට නොයෙකුත් ආකාරයේ ආගම් නිර්මාණය වී තිබෙනවා. නැවතත් ඒ සියලුම ආගම් නැති වී යනවා. මෙය තමයි බාබාගේ සැලැස්ම. මිනිසුන් නොයෙකුත් ආකාරයෙන් සන්තාපයට පත් වෙනවා. දරුවනි, ඔබ දන්නවා මෙය සම්පුර්ණයෙන්ම නිවැරදි දෙයක් බව. බාබා මෙහි පැමිණ බ්‍රහ්මා මාර්ගයෙන් මෙම නිර්මාණය ගෙන එන බවත් එහි ලියැවී තිබෙනවා. කුමන නිර්මාණයද? ඒ නව ලෝකයේ නිර්මාණය. මෙහි අග නගරය තිබෙන්නේ ජමුනා ගංගා අසබඩයි. එහි ඇත්තේ එකම ආගමක් පමණයි එවිට මෙම වෘක්ෂය ඉතා කුඩා වෘක්ෂයකි. බාබා විසින් ඔබ හට මෙම වෘක්ෂයෙහි දැනුම ලබා දී තිබෙනවා. ඔහු විසින් මෙම චක්‍රයෙහි දැනුම ද ඔබට ලබා දෙනවා. සත් යුගයේ ඇත්තේ එකම භාෂාවක් පමණයි ඒ කාලයේදී වෙන කිසිම භාෂාවක් මෙහි නැහැ. එහි තිබුණේ භාරතය පමණයි එහි තිබුණේ එකම රාජ්‍යයයි, එකම භාෂාවයි කියා ඔප්පු කිරිමට ඔබට පුළුවන්. ඒ පාරාදීසයේ තිබුණේ සතුට හා සාමය පමණයි. කිසිම ආකාරයක දුකක් එහි දක්නට ලැබුණේ නැහැ. එහි සෞඛ්‍යය, ධනය, සතුට ආදී සියලු දේ තිබුණා. නවතම භාරතය තිබුණු කළ එහි සිටි මිනිසුන් තුළ තිබුණු පාරිශුද්ධත්වය නිසා ඔවුන්ගේ ආයු කාලය බොහෝ දීර්ඝ වුවා. පාරිශුද්ධත්වය තිබෙන කළ මිනිසුන් බොහෝ සෞඛ්‍යමත් වනවා. දැන් මිනිසුන්ගේ තත්ත්වය දෙස බලන්න! එහි ඇත්තේ අපිරිසිඳුතාවය පමණයි. අකල් මරණ සිදු වීමට පටන් ගන්නේ එක් ක්ෂණයකින්. තරුණ මිනිසුන් පවා මරණයට පත් වෙනවා මෙය දුකින් පිරී තිබෙන්නා වූ ස්ථානයක්. නමුත් සත් යුගයේදි නම් මිනිසුන් අකාලයේ මිය යන්නේ නැහැ. එහිදී, මිනිසුන් ඔවුන්ගේ උපරිම ආයු කාලය වළඳනවා. කිසිම කෙනෙක් ඔවුන්ගේ ජීවිත කාලයම අවසන් වන තුරු මිය යන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන් මහළු වියට පත්වන තුරු මිය යන්නේ නැහැ. ඔබ විසින් මිනිසුන් හට මෙය විස්තර කර දෙන විට, ඔවුන් විසින් ඒ අසීමිත වු පියා සිහිපත් කිරිමට අනුබල දිය යුතුයි. මන්ද, ඔහු තමයි ඔබට ගැලවීම ලබා දෙන පාරිශුද්ධකරුවා වන්නේ. එමනිසා, ඔබ ළඟ සෑම විටම මෙම පින්තූරය අතේ තිබිය යුතුයි. එවිට මේ තමයි අද ලෝකය, මේ තමයි අනාගත ලෝකය කියා ඔවුන් හට ඔප්පු කිරීමට ඔබට හැකි වෙනවා. සමහරු ඉතා සැළකිල්ලෙන් මෙයට සවන් දෙනවා. ඔබ විසින් නිවැරදිවම මෙය විස්තර කර දිය යුතුයි. මෙම භාරතය තමයි සදාකාලික වු දේශය වන්නේ. මෙම දිව්‍ය ආගම මෙහි ස්ථාපිත වන කළ වෙන කිසිම ආගමක් මෙහි තිබුණේ නැහැ. ඒ ආදී සනාතන දේවී දේවතා ධර්මය දැන් නැති වී ගොස් තිබෙනවා. ලක්ෂ්මී හා නාරායන දැන් සිටින්නේ කොතැනකද? කිසිම කෙනෙක් හට මෙය පැවසීමට බැහැ. දරුවනි, ඔබ විසින් ඉතා පැහැදිලිව හා නිවැරදිව අර්ථාන්විත ලෙස අන් අයට මෙය විස්තර කර දිය යුතුයි. කිසිම දෙයකට කළබල විය යුතු නැහැ. ඔබ දැන් මේ සියලු දේ හොඳින් තේරුම්ගෙන තිබෙන නිසා අන් අය හටද එය පැවසීමට හැකියි. ඕනෑම අයෙකුගෙන් මෙසේ අසන්න: මේ දේවී දේවතාවන් දැන් සිටින්නේ කොහේද? ඔබගේ මෙම ප්‍රශ්නය අසා ඔවුන් පුදුමයට පත් වෙනවා. නියම විශ්වාසය ඇතිව ඔවුන් විසින් උපත් 84 ලබා ගන්නේ කෙසේද කියා ඔවුන් හට විස්තර කිරිමට ඔබට හැකියි. ඔබගේ බුද්ධියෙහි මෙය අන්තර්ගත වෙනවා. ඒ සත් යුගය නම් වු නව ලෝකය ඔබගේ රාජධානිය බව ඔබ ඉතා ඉක්මණින් කියනවා. එහි තිබෙන්නේ ආදී සනාතන දේවී දේවතා ධර්මය පමණයි. ඒ කාලයේදී වෙන කිසිම ආගමක් එහි දක්නට ලැබෙන්නේ නැහැ. සියලුම දේ අළුත්, සියලුම දේ සතෝප්‍රධාන්. එහි අසීමිත සේ ඔබට රත්රන් දැක ගත හැකියි. එහි රත්රන් කැණීම ඉතා පහසු දෙයක්. ඉතින්, උළු හා ගොඩනැඟිලි තනන්නේ එමඟිනි. එහි සියලුම දේ තනනු ලබන්නේ රත්රන් මඟිනි. එහි ඇත්තේ නව පතල්ය. ඒ නියම රත්රන් බොහොමයක් තිබෙන කළ ඉමිටේෂන් (කෘත්‍රිම) කිසීම දෙයක් එහි දැකිය නොහැකියි. නමුත් මෙහි, ඒ නියම දේවල් දැක ගත නොහැකියි. මෙහි තිබෙන්නේ ඉමිටේෂන් බලය පමණයි. මේ නිසා තමයි, ශරීරය බොරුවක්, මායා බොරුවක් හා දේපළ බොරුවක් කියා හඳුන්වන්නේ. නොයෙකුත් ආකාරයේ දියමන්ති හා මිණිමුතු මතු වී තිබෙනවා. සමහර අවස්ථාවලදී ඒවා නියම ඒවාද කියාවත් කියන්නට බැහැ. ඔවුන්ගේ ඔපය කෙතරම් ද කියතොත් ඒවා නියම ඒවාද කෘත්‍රිම ඒවාද කියාවත් කිව නොහැකියි. මේ බොරුවෙන් පිරි කිසිවක් එහිදී ස්ථාපිත වන්නේ නැහැ. විනාශය සිදුවන විට මේ සියලුම දේ පොළොවට යට වෙනවා. එකළ ගොඩනැඟිලි තැනීමට ඔවුන් විශාල දියමන්ති ගල් පාවිච්චි කළා. ඒ සියලු දේ පැමිණියේ කොහි සිටද? ඒවා කපා ඇත්තේ කවුරුන් විසින්ද? මේ පිළිබඳව වු විශේෂඥයින් බොහොමයක් ඉන්දියාවේ සිටිනවා. ඔවුන් තව තවත් ඒ කුසලතා වඩවාගෙන ඒවා එහි රැගෙන යනවා. ඔටුණු ආදිය නිර්මාණය වන්නේ නිකම් දියමන්ති වලින් නොවේ. ඒවා නිපදවන්නේ නියම රත්තරනින් හා දියමන්ති වලිනි. විදුලිය, දුරකථන හා මෝටර් රථ කිසිවක් එකළ තිබුණේ නැහැ. බාබාගේ මේ ජීවිත කාලයේදී තමයි මේ සියලු දේ හට ගන්නා ලද්දේ, මේ සියලු දේ බිහිවන්නට පටන් ගෙන දැන් අවුරුදු සියයක් පමණ වෙනවා. එහිදී ඔවුන් මේ පිළිබඳව වු විශේෂඥයින්. දැන් පවා, මිනිසුන් තවමත් ඉගෙන ගන්නවා; ඔවුන් තව තවත් දක්ෂ වෙනවා. සමහර දරුවන් හට මේ පිළිබඳව නොයෙකුත් දර්ශන පෙනී තිබෙනවා. එහිදී හෙලිකොප්ටර් ආදිය වඩා පරිස්සමක් නැතිව පාවිච්චි කළා වුවත් කිසිම හානියක් නොවන යානාය. දරුවන් සතෝප්‍රධාන් තත්ත්වයට පත් වී තියුණු බුද්ධියකින් යුතු වූ අය බවට පත් වනවා. ඔබ තවත් කෙටි දුරක් දියුණුවට පත්වන විට ඔබට නොයෙකුත් ආකාරයේ දර්ශන දැක ගත හැකි වෙනවා. සෑම දෙයක් ගැනම නොයෙකුත් දර්ශන පෙනෙනවා. එය හරියට ඔබ විදේශයකට ගොස් සිට නැවත නිවස කරා එන විට ඒ අවට ගස් දකින්නාක් වැනිය. ඔබ දැන් නැවතත් ඔබගේ නිවස කරා යනවා යන සතුට ඔබ තුළ තිබෙනවා. අවසානයේදී ඔබත් එවැනි දර්ශන දකිනවා. දරුවනි, ඔබ දන්නවා බාබා තමයි වඩාත් ආදරණීය වු තැනැත්තා කියා. ඔහු තමයි උත්තරිතර වු ජීවාත්මය. සෑම කෙනෙක්ම ඔහුව සිහිපත් කරනවා. භක්ති මාර්ගයේදී ඔබත් ඒ උත්තරීතර ජීවාත්මය සිහිපත් කළා. නමුත් ඔබ දැනගෙන හිටියේ නැහැ ඔහු විශාල කෙනෙක්ද පුංචි කෙනෙක්ද කියා. මනුෂ්‍යයෙකුගේ නළල මධ්‍යයෙහි අසහාය ලෙස දිදුලන්නා වු තරුවක් තිබෙනවා කියා කතාවක් තිබෙනවා. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම එවන් වු පුංචි ලක්ෂ්‍යයක් විය යුතුයි. ඒ වගේම ඔහු උත්තරිතර ජීවාත්මය, දෙවියන් යන වචන වලින් ද හඳුන්වනවා. ඔහු ළඟ සියලුම ආකාරයේ විශේෂතා තියෙනවා. ඔහු තමයි ඥාන සාගරය. ඔහු විසින් ඔබට ලබාදෙන දැනුම කුමක්ද? ඔබට එය සොයා ගැනිමට හැක්කේ ඔහු විසින් ඔබට එය දෙන විටයි. මීට ඉහතදී ඔබ මේ කිසිවක් දැනගෙන සිටියාද? ඔබ දැනගෙන සිටියේ භක්තිය ගැන පමණයි. දැන් ඔබට තේරෙනවා මෙය කෙතරම් පුදුම සහගතද කියා! ඔබගේ භෞතික දෑස් වලින් ඔබට ජීවාත්මයක් දෙස බැලිය නොහැකියි. ඒ වගේම එවිට ඔබ විසින් බාබාද අමතක කර දමනවා. කොහොමනමුත්, මෙම නාටකයට අනුව ගීතාවෙහි මෙම ලෝකය පාලනය කරන තත්ත්වයට පත්වුණු ඔහුගේ නම ඔහුව එම තත්ත්වයට පත්කර වූ තැනැත්තාගේ නාමයට වෙනස් කර තිබෙනවා. ක්‍රිෂ්ණා, ත්‍රිලෝකිනාත් (මේ ලෝක තුනෙහිම නායකයා) ඒ වගේම පාරාදීසයේ නායකයා කියාත් කියනවා. නමුත් ඔවුන් එහි නියම තේරුම දන්නේ නැහැ. ඔවුන් ශිව බාබාටත් වඩා උසස් ආකාරයෙන් ඔහුව පෙන්වා තිබෙනවා. භක්ති මාර්ගයේ ඔවුන් මෙවැනි නොයෙකුත් කතා නිර්මාණය කර තිබෙනවා. දෙවියන් යනු සුර්යයන් දහසකටත් වඩා බලවත් වු සෑම කෙනෙක් තුළම සිටිය හැකි බලවත් අයෙක් ලෙස ඔවුන් පෙන්වා දී තිබෙනවා. ඒ ආකාරයේ බොරු කතා බොහොමයක් ඔවුන් විසින් නිර්මාණය කර තිබෙනවා. බාබා කියනවා : මා කොහොමද මාගේ දරුවන් පුළුස්සා දමන්නේ? මෙය විය නොහැකි දෙයක්. පියෙකු දරුවන් විනාශයට පත් කරයිද? නැහැ. මෙය මෙම නාටකයේ කොටසක්. මෙම පැරණි ලෝකය අනිවාර්යෙන්ම විනාශ වී යා යුතුයි. මේ ස්වභාවික වියසන තමයි මෙම පැරණි ලෝකය විනාශකරලන කම්කරුවන් වන්නේ. ඔවුන් තමයි උසස්තම කම්කරුවන් වන්නේ. බාබා මෙම විනාශය සඳහා ඔවුන් හට උපදෙස් දෙනවා කියා දෙයක් නැහැ. කුණාටු හා ගිනි ගැනීම් ආදිය පවා සිදුවනවා. මේ මේ ආකාරයෙන් කරන්න කියා බාබා විසින් කිසිම විටෙක ඔබට කියා තිබෙනවාද? කිසිම විටෙක නැහැ. මෙය මෙම නාටකයේ කොටසක්. බාබා කිසි විටෙක බෝම්බ තනන්න කියා කියන්නේ නැහැ. ඒ සියලු දේ සිදුවන්නේ රාවන්ගේ උපදෙස් මතයි. මෙම නාටකය නැවත නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවන දෙයකි. මෙය රාවන්ගේ රාජ්‍යය නිසා එහි වෙසෙන මිනිසුන් හට තිබෙන්නේ යක්ෂ බුද්ධියකි. බොහෝ දෙනා මියැදෙනවා. අවසානයේදී සියලුම දෙනා පිළිස්සී යනවා. මෙය දිගින් දිගටම සිදුවන නොනවතින නාට්‍යයක් වැනිය. ශංකර් දෑස් විවෘත කළ විට විනාශය සිදු වෙනවා කියා දෙයක් නැහැ. මේවා සත්‍යය විසින් සිදු කරන ස්වභාවික වියසන ලෙස හැඳින් විය නොහැකියි; ඒවා ස්වභාවිකයි. දරුවනි, බාබා විසින් දැන් ඔබට ශ්‍රීමත් ලබා දෙනවා. මෙහිදී කිසිම කෙනෙක් හට දුක් දීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබට සතුටේ මාර්ගය පෙන්වා දෙන්නේ බාබා විසිනුයි. මෙම නාටක සැලැස්ම අනුව සියලු ගොඩනැගිලි පරණ වෙනවා. බාබා කියනවා : මේ මුළු ලෝකයමත් දැන් පැරණි වී තිබෙන්නේ එය අනිවාර්යෙන්ම විනාශ වී යා යුතුයි. මිනිසුන් එකිනෙකා හා රණ්ඩු කර ගන්නා ආකාරය දෙස බලන්න! ඔවුන් හට තිබෙන්නේ යක්ෂ බුද්ධියක්. මිනිසුන් හට දිව්‍යමය බුද්ධියක් තිබෙන විට මරා ගැනීම් ආදිය කිසිවක් ගැන ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. බාබා කියනවා : සෑම කෙනෙකුගේම පියා වන්නේ මමයි; සෑම කෙනෙක් හටම මාගේ සෙනෙහස තිබෙනවා. බාබා මෙදෙස බලන විට ඉතා ආදරයෙන් බාබා සිහිපත් කරන විශේෂ වු දරුවන් කරා ඔහුගේ දර්ශන යොමු වෙනවා. ඔවුනුත් සේවයක් කරනවා. මෙහිදී බාබාගේ දර්ශනය යොමු වන්නේ සේවයෙහි යෙදෙන දරුවන් දෙසටයි. සමහර විට දේරාදුන් දෙසටත් සමහර විට මේරාත් වලටත් තවත් සමහර අවස්ථාවලදී දිල්ලිය වෙතත් ඔහුගේ ඇස යොමු වනවා. ඒ වගේම මා සිහිපත් කරන සියලුම දරුවනුත් මා විසින් සිහිපත් කෙරෙනවා. කොහොමනමුත්, මා විසින් සියලුම දරුවන් නිවස කරා ගෙන යා යුතු නිසා මා සියලුම දරුවන් සිහිපත් කරනවා. මෙම නාටක චක්‍රය ගැන මා හඳුනා ගැනීම මඟින් තේරුම් ගන්නා දරුවන් පමණක් අනුපිළිවෙලින් උසස් ස්ථානයක් හිමිකර ගන්නවා. මේ සියලුම දේ අසීමිත වු කරුණු. සාමාන්‍ය ගුරුවරුන් සීමිතයි. නමුත් මේ ගුරුවරයා අසීමිත වු ගුරුවරයෙක්. එමනිසා, දරුවන් මේ අවස්ථාවේදි අසීමිත වු සතුටක් අත්දැකිය යුතුයි. සෑම දරුවකුගේම චරිත කොටස එකම විය හැකියැයි කියා බාබා කියන්නේ නැහැ. මොහු හට ඇත්තේ ඔහුගේ චරිත කොටසයි. මිලියන ගණනාවකින් අතමිටක් බඳු වු කොටසක් පමණයි මෙය අනුගමනය කරන්නේ. ඔවුන් කියනවා මා ඔබගේ දවස් හතක් වයසැති දරුවෙක්, මා ඔබගේ දවසක් වයසැති දරුවෙක් ආදී වශයෙන්. ඉතින්, ඔබ තමයි ඒ පුංචි දරුවන් වන්නේ. බාබා විසින් සෑම කරුණක්ම ඔබට කියා දෙනවා. ඔබ අනිවාර්යෙන්ම එම නදිය හරහා පැන මෙහි පැමිණෙනවාත් සමඟම මෙම දැනුමද ආරම්භ වූවා. ඔහු බොහෝ සෙයින් ප්‍රශංසනීයත්වයට ලක් වනවා! ඔබ බොහෝ උපත් ගණනාවක සිට ඒ ගීතාවේ කතා ප්‍රවෘත්තිය කියවා ඇති. ඉතින්, ක්‍රිෂ්ණා විසින් හා ශිවා විසින් කියා ඇති ගීතාවන් දෙකෙහි වෙනස බලන්න! එහි වෙනස දිවා රෑ මෙනි. ඔබ ඒ සත්‍යයේ දේශය තුළ සිටින විට විශාල සතුටක් අත්දකින ලද බව දැන් ඔබගේ බුද්ධියෙහි තිබෙනවා. කොහොමනමුත්, ඔබ සතුට අත්දකින්නේ මෙම කල්පයේ කාලයකදී පමණයි. බාබා මෙම නාටකය තනා ඇත්තේ සතුට සඳහායි, දුක සඳහා නොවේ. ඉන්පසු ඔබ දුකද අත් දකින්න පටන් ගත්තා. ඒ අවසාන යුද්ධය එතරම් ඉක්මණින් සිදුවිය නොහැකියි. ඔබ මෙහිදී විශාල සතුටක් ලබනවා. එය පනහට පනහ වුවා නම් ඔබ එතරම් සතුටක් භුක්ති විඳින්නේ නැහැ. අවුරුදු තුන් දහස් පන්සියයක් යන තුරු භාරතයේ කිසිම යුද්ධයක් හට ගන්නේ නැහැ. එහිදී ඔබට කිසිම ආකාරයක අසනීපයක් ඇති වන්නේ නැහැ. නමුත් දැන් අසනීප පිට අසනීප හට ගන්නා ආකාරය දෙස බලන්න. සත් යුගයේදී ඔබගේ ධාන්‍ය කෑමට කිසිම කෘමියෙක් නැහැ. මේ නිසා තමයි එය දිව්‍යලෝකය ලෙස හඳුන්වන්නේ. මෙම ලෝකයේ සිතියමක්ද ඔබ විසින් තැනිය යුතුයි. එවිට මෙය මිනිසුන් හොඳින් තේරුම් ගන්නවා. මුලදී, මෙහි තිබුණේ භාරතය පමණයි. ඒ කාලයේදී මෙහි වෙන කිසිම ආගමක් තිබුණේ නැහැ. ඒ ආගමික නායකයින් මෙහි පැමිණියේ, පසුව අනුපිළිවෙලක් ඇතිවයි. දරුවනි, ඔබ දැන් මෙම ලෝකයේ ඉතිහාසය හා භූගෝලය ගැන හොඳින් දන්නවා. ඔබ හැරුණුකොට, සෑම කෙනෙක්ම කියනවා ’නේති නේති‘ ඔවුන් පියාව දන්නේ නැති බව. ඔවුන් කියනවා ඔහු හට නමක්, ස්වරූපයක්, දේශයක් හෝ කාලයක් නැතැයි කියා. ඔහු හට නමක් හෝ ස්වරූපයක් නැත්නම්, ඔහු හට දේශයක්ද තිබිය නොහැකියි. කොහොමනමුත්, ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. බාබා දැන් ඔහුගේ නියම හැඳින්වීම දරුවන් හට ලබා දෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නිරන්තරයෙන් අසීමිත වූ සතුටකින් සිටීමට නම්, ඒ අසීමිත වූ පියා විසින් කියන අසීමිත වු සියලු දේ නැවත නැවතත් ආවර්ජනය කරමින් පියා අනුගමනය කරන්න.

2. පාරිශුද්ධත්වයට පත්වන්න. එවිට ඔබට නිරන්තරයෙන්ම සෞඛ්‍යමත්ව සිටිය හැකි වනවා. ඔබගේ පාරිශුද්ධත්වය මත බාබාගෙන් ඔබගේ උරුමය වු සෞඛ්‍යය, ධනය හා සතුට ලබා ගන්නවා.

වරදානය:
ඔබගේ සියලුම ලැබීම් අවධානයේ ඉස්මතු කර තබා ගැනීමෙන් ඔබ තෘප්තිමත් ජීවාත්මයක් වී, නිරන්තරයෙන් පිරිපුන්ව රැදී සිටිත්වා.

සංගම යුගයේ ඔබට බාප්දාදාගෙන් හිමි වී ඇති සියලු ලැබීම් ඔබගේ අවධානයේ ඉස්මතු කර තබා ගන්න. එවිට එම ලැබීම් වල සතුට, ඔබව ඕනෑම කැලඹීමකට ඇද වැටීම වලක්වාලයි; ඔබ නිරන්තරයෙන් නොසැලී සිටියි. පිරිපුන් බව, ඔබව අචල කර, සියලු කැලඹීම් වලින් නිදහස් කරයි. සියලු ලැබීම් වලින් පිරිපුන් අය, නිරන්තරයෙන් සතුටින් සහ තෘප්තිමත්ව සිටියි. ශ්‍රේෂ්ඨතම සම්පත තෘප්තියයි. තෘප්තිය ඇති අයට සියල්ල තිබේ. ඔවුන් නොකඩවා මෙම ගීතය ගයයි: මට ලබා ගැනීමට අවශ්‍ය වූ දේ මට ලැබී තිබේ.

පාඨය:
සෙනෙහස් ඔංචිල්ලාවේ අසුන් ගන්න, එවිට සියලු වෙහෙසකාරී වැඩ ඉබේටම අවසන් වෙයි.